මම නම් ගොඩක් ආස හොල්මන් ෆිල්ම් බලන්න මේ මාසෙට මම හොල්මන් ෆිල්ම් 6ක් බාලා තියෙනවා.වැඩර් වගේ මේවා කිව්වට පොඩි කාලේ නම් ටීවී එකේ හොල්මන් ෆිල්ම් යද්දී අත් දෙකෙන් මූණ වහගෙන ඇඟිලි අස්සෙන් යන්තමට හිඩැසක් හදන් ඒකෙන් තමයි බයානක හරි බලන්නේ.ඊට පස්සේ ඉතින් චූ කරන්නවත් තනියම කුස්සිය පැත්තටවත් යන්නේ නැහැ කුස්සියෙන්නේ එලියට යන්න තියෙන්නේ.
ඒත් දැන්නම් හොල්මන් ෆිල්ම් කාමරේ ඉඳන් තනියෙන්මයි බලන්නේ දැන්නම් ඉස්සර තරම් බය නැහැ ඒත් මොනිටරේ දිහා බලන් ඉද්දි මට හිතෙනවා මගේ පිටි පස්සෙ ඉඳන් ආත්ම කීයක් මේ වෙලාවට මොනිටරේ දිහා බලන් ඉන්නවද කියලා වගේ දේවල්.ඒත් මීයෙක් දුවන සද්දයක් ආවත් මම නම් හැරිලා බලන්නේ නම් නැහැ.
මේ හොල්මන් සීන් ටික ලියන්න හිතුනේ උඩ හෙඩිමට අදාළ සීන් එක නිසා.