සිංහයෝ මස් කන්නේ සත්තු දඩයම් කරලා මරලා එතකොට සිංහයන්ට පව් පිරෙනවද සතෙක් මැරුවට????මිනිස්සුත් සත්ව කොඨ්ටාශයක්,මිනිස්සු හිතන්නේ තමන් තමා බුද්දීමත්ම සතා කියලා.ඒත් ඔයාල දන්නවද කූබින් අපිට වඩා කොච්චර බුද්දීමත්ද කියලා?.කූබින් විසින් හදපු නගරයක් ඕස්ට්‍රේලියාවෙන් හොයාගෙන තියෙනවා ඒ වගේ මාර්ග,උමං මාර්ග සහිත සංකීර්ණ නගරයක් තවම මිනිසුන් වත් නිර්මාණය කරලා නැහැ.
ඒ අතින් අපිට වඩා බුද්ධිමත් ජීවිං මේ ලෝකේ ඉන්නවා.
එතකොට මිනිස්සු සත්ව මස් කෑවම පව් පිරෙන්නේ කොහොමද? ඇයි මිනිස්සුන්ට විතරක් මේ වගේ නීති?.එහෙම නීතියක් තුන් ලෝකෙවත් නැහැ ඕවා මිනිස්සුම හදාගත් මතවාද.
මස් නොකන පුද්ගලයින් එයාලගේ මස් කෙරෙහි වූ අප්‍රසාදය නිසා ගොඩක් දුරට මෙවැනි මතවාද ඇති කරනවා.මං නම් හිතන්නේ කන අය කාපුදෙන් නොකන අය නිකන් හිටියාවේ කියලා.පව් පින් ගැන නොයෙක් ආගම් වල එක හා සමාන අදහස් තියෙන්නේ.
බලු මස් |
මිනිහෙක් කුකුල් මස්,ගව මස්,කළුකුන් මස්,මාළු ජාති කෑවට නම් අවුලක් නැහැ.සිංහයෙක් එහෙම නම් බුද්ධිමත් මිනිසා ඒක තීරණය කරන්න ඕන මොලයෙන් හිතලා.ඒත් මනුස්ස වර්ගයාටම සාප කරවන මිනිසුත් අපේ ලෝකේ ඉන්නවා ලංකාවෙත් ඉන්නවා.අපේ ගෙවල් පැත්තේ මනුස්සෙක් තලගොයි අල්ලලා පොලොවේ ගහනවා පන පිටින්.ඔලුව බිම වැදිලා මාරු විකලෙන් දගලන සතාව තවත් කිහිප වරක්ම පොළොවේ ගහලා හම සුද්ද කරලා එළකිරි බයිට් එකක් හදන් කාලක් ගහලා කනවා.
මෙහෙ විතරක් නෙවේ හැමතැනම ඕක සිද්ද වෙනවා ඉබ්බව අනිත් පැත්ත හරවල ලිප උඩින් තියනවා. ඔය වගේ ජහ ජරා වැඩ අපි වගේ බුද්ධිමත් සත්ව කොට්ටාශයක් කරන එක හරිද?
මස් කන අය කාපුදෙන් ඒක පවක් නෙවේ ඒක මිනිසාගේ ලක්ෂණයක් ඒත් සතෙක් වත් නොකන ජාතියේ මස් කන එක සම්පූර්නෙන්ම වැරදියි හරියට නිකන් කපුටෙක් වගේ ඕන කුණක් කන ජාතියේ මනු සතෙක් වෙන්න එපා.
සිංහයා ගැරඩි මස් කන්නේ නැහැ වගේ මිනිසුන් වන අපිත් කෑ යුත්තේ ආහාරයට සුදුසු මස් ජාති විතරයි.ඒක පවක් වෙනවා නම් මේ ලෝකේ හැම දඩයක්කාර සතෙක්ම පව්කාරයෙකි.
අනේ අම්මෝ බලු මස් දැක්කම සංසාරේ එපා උණා...
ReplyDeleteකොරියන්ලගේ රස කෑමක් :D
Deletelol
ReplyDeleteසාටරේටද හිනා වුනේ? :)
Deleteඅර බල්ලො ඉන්න පිංතූරෙ අයින් කරපන් බං..ඒක දැක්කම අප්පිරියයි.. මේක බලන්න එන හැමෝම එක වගේ නෑනෙ...
ReplyDeleteඅනික මොකක්ද තෝ මගේ නමත් දාලා තියෙන්නෙ..ඒක අයින් කරපන්..තෝ ඒක විහිළුවට කිව්වට නොදන්න එඋන් ඇත්තට ගනීවි..ටිකක් හිතලා බලලා වැඩ කරපන්..
කොල්ලෝ උබට මලද?
Deleteබල්ලෝ ඉන්න එක කට්ටිය වැඩිය දැකලා නැහැ බං ඔන්න ඔහේ තියමු.
'මස් කෑවට කරේ එල්ලං කන්න එපා' කියල පුරාණ පඬිවරු කියල තියෙන්නෙ
ReplyDeleteඒක නම් අදයි ඇහුවේ ඔබා මාමේ.අපි වගේ නෙවේනේ ඉතින් ඔබා මාමාලා යමක් කමක් දන්න උදවියනේ.
Deleteඅම්මෝ බලු මස් ?? ඒක දැකලා දුවන්න හිතුනා. ඒත් සම්පූර්ණ කතාව කියෙව්වාමයි අර්ථය වැටහුනේ.
ReplyDeleteඅප්පෙ අර බලුවමස් දැක්කම මස් ඔක්කොම එපා වෙනව.මම් නම් දැන් වැඩිය කන්නෙ නෑ මස්.
Delete@දම්මි
Deleteයථාර්තය වටහා ගත්තා නම් එපමණයි.
@නදී
අපිට එපා වුනාට කොරියන්ලාට නම් රස බොජුනක්.දැන් වැඩිය කන්නේ නැහැ කිව්වේ මොන මස්ද?
ඈ..බලු මස් දැක්කම සංසාරේ එපා උනා...හයියෝ...
ReplyDeleteඅසික්කිතයි නේද මචන්
Deleteමස් /මාලු කන එක වරදක් වෙන්නේ තව කෙනෙකුට ජීවත් වෙන්න තියන අයිතිය උදුරා ගැනීමක් නිසා , ස්වාභාවධර්මයා අනුව සිංහයාට මාංශ ඇර වෙන මොකුත් කන්න පුලුවන් විදිහට සකස් වෙලා නැ , හැබැයි අපිට පුලුවන් මස් නොකා ජීවත් වෙන්න , හැබැයි මටත් මස් කන එක පුරුද්දකට ගිහින් ,ඉදිරියේදි අත්හැර ගන්න පුලුවන් වේය කියල හිතනව (ආතර් සී ක්ලාක් මහත්තය කියන කෘතිම ආහාර නිශ්පාදනය ආවොත් නම් ශුවර්ම තමා ) , මට දිරවන්නේ නැත්තේ මස් කැවම පව් මාලු පව් නැති සෝබන කථා සහා ස්ටයිල් එකට වෙජිටේරියන් වෙන කට්ටිය
ReplyDeleteමේකයි සහෝ මං මේ ලිපියෙන් අදහස් කරේත් ඒකමයි.කන අය කාපුදෙන් නොකන අය නොකාපුදෙන්.හැබැයි කන අයට වැරද්දක් කියන්න එපා.අනික ඔයා කිව්වා වගේ හැම මිනිසෙක්ටම මස් නොකා ඉන්න බැහැ.අතීතේ පටන් පරම්පරාවට පරම්පරාවට සමහා අයට ඕක ජාන මගින්ද දන්නේ නැහැ හැබැයි අනිවාර්ය කෑමට මස් ඕන.
Deleteමස් මාංශ කන එක වරදක් නැහැ කියන්න බැහැ සහෝදරයා.මස් කන සත්තු ඉපදිලා ඉන්නේ මස් කාල ජීවත් වෙන්නමයි.එහෙම ඇරෙන්න වෙන විකල්පයක් ඒ සත්තුන්ට නැහැ නේ.ඒත් බුද්ධිමත් මිනිසා තේරුම් ගන්න ඕන මස් කෑම අපිට අනිවාර්ය නෑ කියලා.කොහොම කිව්වත් අපි මස් ටිකක් කෑවත් ගොඩක් කෑවත් අහිංසක සතෙක්ගේ ජිවිතය මරණයට බිලිවුණා කියන්නේ අපිත් ඒ මරණයට සහභාගී වුණා වගෙයි.ගොඩක් දෙනෙක් මස් කන්නේ පුංචි කාලේ ඉඳන් පුරුද්දට.ඔය සත්තු මරණ තැනක හිටියනම් උගේ මස් කෑම අපිට එවෙලේම එපා වෙනවා.අපි ආස ඒ රසය විදින්න විතරයි.නොදැකම ලඟට එන කෑම එක අපි කන්නේ ඒකයි. කවුරු කොහොම කිව්වත් මස් කෑම අපි අනිත් සතුන්ගේ ජීවිතය උදුරා ගැනීමෙන් කරන අසාධාරණයක්.තීර්ණය කන කෙනාගේ අතේ....
ReplyDelete