Showing posts with label යථාර්තය. Show all posts
Showing posts with label යථාර්තය. Show all posts

Saturday, May 18, 2013

114 අවුරුදු උත්සවයක ආතල් සිද්දි!

හැම ගමකම වගේ අපේ ගමෙත් තිබ්බනේ මේ සැරේ අවුරුද්දට සුර්ය මංගල්‍යක්!.අර කලින් පෝස්ට් එකේ කිව්ව ෆයර් බෝයිස්ලම තමයි මේකත් කරේ!

පොඩි කොල්ලෝ ටිකක් ආධාර එකතු කරලා ලොකු අවුරුදු උත්සවයක් තියලා රෑ DJ එකකුත් තිබ්බා!.පටන් ගත්ත වෙලේ ඉඳන්ම ඉතින් ෆන් තමයි මොකෝ හැමදාම නැහැනේ!.

අවුරුදු උත්සවය තියෙන දවසේ අපේ අම්මා එයාගේ යාලුවෙක්ටත් අපේ ගෙදර එන්න කිව්වා.අවුරුදු උත්සවෙත් බලලා දවල් කෑම අපේ ගෙදරින්.එයා එනවා කිව්වේ එයාගේ අවුරුදු දාහතක දුවත් එක්ක!.ඒ නංගිව පොඩි කාලේ දැක්කට පස්සේ දැක්කෙම නැහැ මම,එයත් එනවා කිව්ව නිසා මම ටිකක් අපහසුතාවයෙන් හිටියේ ටිකක් ලැජ්ජාවෙන් වගේ,මොකද මම ඉතින් ලැජ්ජ බයට හැදුන කොල්ලනේ!. නේ..ද...?

Wednesday, May 15, 2013

66 වෙසක් කූඩුව!

තව සතියකින් වෙසක් නේද? හැමෝටම වගේ මටත් තියෙනවා පොඩි කාලේ ලස්සන වෙසක් අත්දැකීම්! වෙසක් බලන්න යද්දී කරපු කුම්මැහි වැඩ තාම මතකයි.අයිස් ක්‍රීම් දන්සල් වලින් කමිස මාරු කර කර දෙපාර තුන්පාර කාපු ඒවා ඒවා කාලා මාට්ටු වෙච්ච අවස්ථා,බීගන්ඩ බැරුව බෙලිමල්,උණු කෝපි දන්සැල් වල යාලුවන්ගේ ඒවාට පුරවපු ඒවා! මතක් වෙද්දී ආයේ ඒ කාලෙට යන්න හිතෙනවා.ටිකක් ලොකු කාලේදී කොල්ලෝ එකතු වෙලා දුන්න බීම දන්සැල,කිරි කෝපි දන්සැල!

ඒවාට ආධාර එකතු කරන්න ෆයිල් උස්සන් ගෙවල් ගෙවල් ගානේ යද්දී ගත්තු ෆන්! කියලා වැඩක් නැහැ.ඔය වගේ සිද්දි ගොඩයි.මම පහ වසරේ ඉද්දි අපේ ගෙදර නැවතිලා හිටියා අපේ බාප්පාගේ පුතෙක්.මිනිහගේ නම කසුන්!

Sunday, May 05, 2013

102 වැස්ස!

පෙනහැල්ල පිරෙන්න දුම ඇදලා දුම් ගුලි ඔහේ යන්න දුන්නේ සීතලට ගැහෙන දෙතොල් අතරින්.එළියේ තාමත් චුරු චුරුව

තාප්පේ කඩමු නැත්තම් තවත් යට වෙනවා!

අපේ අල්ලපු ගෙදර ඉන්නේ සුමනා නැන්දලා අපේ ගෙවල් පිටිපස්සේ තවත් ගෙවල් පේලියක් තියෙනවා අපේ ගෙවල් පේළියයි පිටිපස්සේ ගෙවල් පේළියයි අතරේ පොඩි පාරක් තියෙනවා.ඉස්සර ඉඳන්ම වැස්සට එකතු වෙන වතුර පාර ගලාගෙන ගියේ සුමනා නැන්දලාගේ ඉඩමෙන්.එත් දැන් එයාලා තාප්පයක් බැඳලා.ඒකෙන් පොඩි වැස්සටත් වතුර පිරිලා පිටි පස්සේ පාර යට වෙනවා.ලොකු වැස්සක් ආවම පිටි පස්සේ ගෙවල් වලට වතුරත් දානවා.

Friday, April 26, 2013

104 සිහින උළෙලේ බනිස් කෑමේ සූරයා!

සිහින උළෙල ඉවර වෙලා අදට දවස් හයක් හතක් වෙනවා ඒත් තාම උණුසුම නම් ගිහින් නැහැ.මඩ ෆොටෝ හැමතැනම ඒ වගේමයි බ්ලොග් පෝස්ට් ටිකත්! ඒත් මට තාම හරියට පෝස්ට් එකක් ලියන්න බැරි වුනා ෆෙස්ටිවල් එක ගැන! මොකද මඩිස්ස ප්‍රසිද්දත් මඩ ඉසින්න කියලා දෙතුන් දෙනෙක් කියනවනේ.ඒත් වැඩේ කියන්නේ මට මඩ ටිකක් හොයාගන්න බැරි වුනා!

මේ පාරත් ෆෙස්ටිවල් එකට නොයා ඉන්න තමා හැදුවේ වැඩක් නිසා ඒත් අන්තිම මොහොත වෙනකම් උත්සාහය අත් හැරියේ නැහැ.ශම්මි,සමියා (මුදියා),සුදු මහත්තයා වගේ සමකාලින බ්ලොග් ලියන්නෝ යනවද ඇහුවම මට නොයා ඉන්න බැරි වුනා.කොහොම හරි අන්තිමට යන්න අවසරය අරගෙන මංජුල අයියාගෙන් ඇහුවා යනවද කියලා(අටම්පහුර). එදා ගම්පහ

Sunday, April 14, 2013

65 ආතල්ම අවුරුදු දවසක්! ඔයාලට කොහොමද?

කට්ටියට අවුරුදු ජය ඇති කියලා හිතනවා මට නම් ලෙසටම ජයයි!.
අපේ ගෙදර ඉතින් සිංහල අවුරුද්දට ලිප ඇවිලෙන්නේ නැහැ මම කලිනුත් කිව්වානේ සිංහල අවුරුද්දට තියෙන්නේ අහල පහලින් එන කෑම කාලා ෆන් එකේ ඉන්න තියෙන්නේ කියලා.

අද ඉරිදනේ ඉතින් උදෙන්ම අපි පල්ලි ගියා.පල්ලියේදී පූජාව ඉවර කරලා එද්දී පියතුමා හැමෝටම සුභ අලුත් අවුරුද්දක් කියලා සුභ පැතුවා.අපිත් සන් ගාලා ගෙදර ආවේ අහලින් පහලින් එන කෑම පිඟන් උණුසුම් ලෙස පිළිගන්න.

Wednesday, April 10, 2013

70 ලර්නස් කතා

මඩිස්ස කියවන ඇත්තෝ නම් දන්නවනේ මං තුමා මේ දවස් වල ලර්නස් පැත්තේ බඩ ගානවා කියලා.මුලින් මුලින් ලර්න් කරන අංකල් කාරයා බැන බැන කියලා දුන්නත් දැන් මට හෙන ආදරෙයි O:-) .

දැන් මං තුමා ඩ්‍රයිවින් කරන වැඩේ අල්ලාගෙන නිසා වෑන් එක දුන්නම එලවාගෙන යනවා ආයේ වචනයක් අහන්න තියන්නේ නැහැ.ඒත් මම ගොඩක් අපහසුතාවයකට ලක් වෙන වෙලාව තමා ඒ අංකල් කාරයාගේ තරුණ වයිෆ් තුමිය ලර්න් කරන එක.ඒ ඇත්තිත් රියදුරු පුහුනුකාරියක්.

Thursday, March 21, 2013

89 කාන්තා දවසේ ආ අමුත්තා!

එදා හරියටම මාර්තු 8 ලෝක කාන්තා දවස!.අම්මත් තව යාළුවෝ වගයක් එක්ක ගම්පහ මොකක්ද මන්දා එක්සිබිසන් එකක් බලන්න ගියා.හරියටම 2 වෙද්දී අහස කළුකරලා මහා හයියෙන් වහින්න ගත්තා.

මොර සූරන වැස්සත් එක්ක ටීවී බලන්නත් බැරි නිසා ටීවී එකත් වහලා ටිකක් නිදාගන්න කියලා හදද්දිම ගැඹුරු කටහඬකින්.

දුව දුව කියලා කව්රු හරි කතා කරනවා.වැස්සත් එක්ක පාළු ගතිය ත්‍රිව කරගෙන ඇහුන කටහඬින් ඇඟ හීතල වුනා.කව්ද ඇවිත් තියෙන්නේ කියලා බලන්න මම දොර ගාවට ගියාම දිගට වැවුන සුදු පාට කොන්ඩෙයි රැවුලයි

Sunday, March 10, 2013

134 අසික්කිත බ්ලොග්කරණය!

බ්ලොග් ලියද්දි ගොඩක් අය ව්‍යාකරණ ගැන උනන්දු වෙනවා ඒ වගේමයි වචන ගැනත්.ඒ කොහොම වෙතත් අපි මතක තියාගන්න ඕන දෙයක් තමා බ්ලොග් කියන ඒවා අපි නොදන්නවා වුනාට ගොඩක් වැදගත් මිනිස්සු,ආයතන වගේ තැන් වලත් බලනවා කියලා.ඒත් ඒ වගේ තැන්වලින් හෝ පුද්ගලයන්ගෙන් කොමන්ට් නොලැබෙන නිසා අපි දන්නේ නැහැ අපේ ලිපි බලන්නේ කව්ද කියලා.කොමන්ට් කරන අය ගැන විතරයි අපි දන්නේ.

Monday, March 04, 2013

87 දඹල වැට!

සමරසේකර ඉන්නවාද??
පොලිස් රාළ හාමි උස් හඬින් ඇසුවේ පොලිසියේ ගරාදියේ ඉඳන් හිටපු අපි ඔක්කොටම ඇහෙන්න.

ඔව් මහත්තයෝ මමයි සමරසේකර!
සමරේ මාමා නැගිටලා උත්තර දුන්නේ මගේ දිහා රවලා බලන ගමන්.

නිශාන් කියන්නේ කව්ද?
රාලහාමි ආයේ ඇහුවේ අපි හිටිය ගරාදිය දිහා බලාගෙනමයි.

මමයි නිශාන් කියන්නේ!
මම නැගිටලා කිව්වා.

හ්ම්ම් තමුන්ලා දෙන්නටම ලොකු මහත්තයා එන්න කිව්වා.

Friday, March 01, 2013

97 ඈ ඒ අක්කා අංකල්ගේ වයිෆ්ද?, අංකල් වයසයිනේ??

එක එක අය බ්ලොග් ලියන්නේ තමන් කැමති විදියට සමහර අය ටාගට් එකට ලියනවා මාසෙකට පෝස්ට් 8ක් හෝ 10ක් අනිවාර්යෙන් දානවා කියලා.තවත් සමහරු බ්ලොග් එකේ පෝස්ට් වැටෙන්න ඕන නිසාම මොනවා හරි ලියනවා.තවත් සමහරු දවස් ගානක් ප්ලෑන් කරලා ලියලා වැරදි හදලා ඒකට පින්තූරත් හදලා පළ කරනවා.මං වගේ තවත් සමහරු තමන්ට වෙන සිදුවීම් ඒ ඒ දවස් වලට ලියලා දානවා.

අන්න ඒ වගේ අදත් මම ලියන්නේ මට දවසක් අතුලත වෙච්ච සාටර් සිද්දීන් දාමයක්.

Monday, February 18, 2013

100 කපටි සිංහල කතයි මුසල්මානුවයි මගේ පාස්පෝට් එකයි!

ඊයේ පෙරේදා ස්වර්ණවාහිනියේ ප්‍රවෘත්ති වලට පෙන්නුවා ආගමන විගමන එක ගාව සල්ලි වලට අත්සන දෙන සාමවිනිසුරුන් ගැන.ඒ සිද්දියත් එක්ක මට මතක් වුනා මම පාස්පෝට් එක හදපු හැටි.මන් හිතනවා දුර පලාත්වල ඉන්න අය කොළඹට ඇවිත් පාස්පෝට් එක හදනවා නම් එයාලටත් මේක උපකාරයක් වෙයි කියලා.

පොඩි කාලේ ඉඳන්ම ගොඩක් දේවල් මට කරලා දුන්නේ අම්මා.ඒත් පහු වෙද්දී නීති ශිෂ්‍යාවගේ අත කැපුවා වගේ වැඩක් නිසා අපේ අම්මගේ පාදයේ ඇඟිල්ලක් කපන්න වුනා.ඒක නිසා ඒ හැමදෙයක්ම මමම තමයි කරගත්තේ තනියම.ලංකාවේ කරන්න දෙයක් නැහැයි කියලා සහ ලංකාව එපාම වෙලා මට හිතුනා හොඳ රැකියාවකට රට යන්න.හොඳ කිව්වට පඩිය විතරයි හොඳ සිකුරිටි ජොබ් එකක්.

Tuesday, February 05, 2013

81 වංචාව!

මම වැඩ කරන්නේ ගොඩනැගිලි උපකරණ විකිණීමේ තැනක කියලා සමහර අය නම් දන්නවා.මෙතන මම වැඩි හරියක් කරන්නේ අලෙවි අංශයේ හා ඇසුරුම් අංශයේ :).සමාජයේ විවිධ පුද්ගලයින් එනවා බඩු ගන්න.මට අලෙවි අංශය ගැන අවුරුදු 6ක පමණ අත්දැකීමක් තියෙනවා.ඉස්කෝලේ යන කාලෙත් හවසට ගෙදර ඇවිත් කරේ ඕකමනේ.

මම වැඩි හරියක් නෝට් කරපු දේවල් අතරින් විශේෂම දේවල් කිහිපය තමා

Monday, February 04, 2013

71 දෙන්නම් තොපිලට!

                                                                         
                                                                           

                                                                             බිම දාලා පෑගුවා
                                                                           ගිනි තියලා පිච්චුවා
                                                                  අපේ සමහරක් උනුත් හුරේ තිබ්බා
                                                                     කෑල්ලක් ඉල්ලලම හිටියා  
                                                                     වැඩක් වුනේ නැති හින්දා
                                                          ජාතික ගීයට දෙමළ රීමික්ස් කරලත් ඉල්ලුවා.


ඉදිරියටත් කිසිම ජාතියකින්,රටකින් බලපෑමකින් තොර නිදහස් රටක් වේවා!!



Saturday, February 02, 2013

79 කොහෙන් ගියත් මෙහෙන් එපැයි යන්න!

අපේ බ්ලොග් කරුවෙක් වාසය කරන ගමක කතා ටිකක් තමා අද කියන්න යන්නේ.මේ ගමේ මිනිස්සු ඉස්සර ටිකක් නොදියුණු නූගත් පිරිසක්.දැන් නම් එහෙම නැහැ දැන් රටේ අනිත් මිනිස්සු වගේම මෙයාලත් බොහොම උගත් දියුණු කොටසක්.

කතෝලික පල්ලි වල මංගල්ලෙට කොඩි ගහක් උස්සනවා කොඩි ගහ උස්සලා ඉඹුල් කිරිබත් එහෙමත් බෙදනවා.මේ ගමෙත් ඔන්න ඉස්සර කාලේ දවසක පල්ලියේ කොඩි ගහ උස්සනවලු.හොඳට හයිය හත්තිය තියෙන මිනිස්සු කඹ වලින් අදිනවා කොඩි ගහ.ගහත් ටික ටික කෙලින්

Wednesday, January 30, 2013

111 ගම්පහ ගෙට්ටුවේ අදෘර්ශමාන බලවේගයේ එළිදරව්ව!

27වෙනිදායින් උදා වූ ඉරු දින ඉතාමත් ප්‍රීතිජනක ඉරිදාවක් වුනේ ලංකාවාසී සියලු බ්ලොග් කරුවන් ගම්පහදී රැස්වීම නිසාවෙනි.එදින පැමිණි හෝ එදින සිදු වූ දේවල් ගැන කියවූ සෑම කෙනෙක්ටම එය සදාකාලිකව මතකයේ රැඳී දිනකි.එසේ ඉතිහාසයට එක්වෙද්දී (බ්ලොග් ලෝකයේ) එදින සෑම කෙනෙක්ටම මතකයේ රඳවන සිදුවීමක් මා නිසා සිදුවුනි හා එදින ගැන විස්තර ලිවූ සෑම බ්ලොග් එකකම මා ගැනද සඳහන් වුනි.

Monday, January 28, 2013

137 ගම්පහ ගෙට්ටුවේ ආතල්!

මුලින්ම කියන්න ඕන දුක හිතුන කතාව.ඒ තමයි මම මඩිස්සලේ නිශාන් කිව්වමත් කව්රුත් මාව දන්නේ නැති වීම :D තවත් සමහරු මඩිස්ස කියන එකක් අහලත් නැහැ.

මම පරක්කු වුන නිසා කට්ටිය අඳුනා ගැනීම මඟ හැරුනා.ගේට්ටුව ගාවට එද්දී සමියයි,මාව කලින් දැකල තියෙන කම්මලයයි ටිකට් ටිකට් කඩනවා.ටිකට් එක දෙන්න සමියා මගේ නම හොයනවා ලිස්ට් එකේ.ඒ අස්සේ ඌ අහනවා මඩිස්සලේ කියන එකට මුලට එන්නේ මයන්නද කියලා.පස්සේ මන් මගේ නම හොයලා දීල ටිකට් එකත් ගද්දි සිරා එතනට ආපු නිසා සිරා අයියගේ ඇන්ටික් ස්කූටියේ නැගලා එන්න චාන්ස් එකක් හම්බ වුනා.

Wednesday, January 23, 2013

81 වල් බල්ලෝ!

හොඳ බල්ලොයි වල් බල්ලොයි කියලා ජාති දෙකක් ඉන්නවා.හොඳ බල්ලන්ව හොඳ කරෙත් වල් බල්ලන්ව වල් කරෙත් මිනිස්සුමයි.මිනිස්සු අතීතයේදී බල්ලෝ ජාති වලට බෙදුවේ නැත්තම් අද බල්ලෝ කියන්නෙත් එකම ජාතියක් වෙන්න ඇති.හොඳ බල්ලෝ කීකරු ගෙයි කැත නොකරන නිසා හොඳයි වල් බල්ලෝ ගොඩක් වෙලාවට කරන්නේ වල් වැඩ ඔහේ තැන තැන බෙටි දානවා,නැත්තම් චූ කරනවා.

Tuesday, January 22, 2013

143 හලාල් නැති කරොත් වෙන දේ!

දන්නවනේ මම හැමෝටම එක වගේ තමා සලකන්නේ.මම කොහෙත්ම ජාති බේදයට නැහැ එත් කට්ටිය විවිධ සාධක පෙන්වලා ඇනෝ කොමන්ට්ස් වලින් මගේ චරිතය ඝාතනය කරලා ඔප්පු කරා හම්බයෝ කියන්නේ හෙන නරක,රටවල් අල්ලන්න හදන,මිනි මරණ ජන කොට්ඨාශයක් කියලා.

හරි ඒක එහෙමයි කියමුකෝ ඔන්න රිසානා ගැනත් කට්ටියට මාරම ආදරයක් ඇති වෙලා තියෙන්නේ බෙල්ල කපපු හින්දා.හැමෝම කියන්නේ මුස්ලිම් උන් කටක් ඇරියේ නැහැ ඒත් බලපල්ලකො අපි නම් නැහිගෙන රිසාන වෙනුවෙන් හඬක් නැගුවා කියලා.ඔව් හඬක් නැගුවා මැරුවට පස්සේ.ඒකත් හරියි කියමුකෝ පස්සේ දැන් කියන්නේ හලාල් නවත්වන්න ඕන.අපි සිංහලයෝ අපි මුස්ලිම් උන්ට වෙන් කරපු කෑම කන්න ඕන නැහැ.හලාල් සැටිෆිකෙට් ගත්ත කොම්පැනි වල නිෂ්පාදන භාවිත නොකර වර්ජනය කරමු කියලා.

හරි එහෙම කරමු නැත්තම් මගේ සහෘදයෝ

Monday, January 21, 2013

57 මඩියා කරළියට නැවතත්!

කාලෙකට පස්සේ ඔන්න ආපහු කුජීත කතා අරගෙන මඩියා ආවා ඈ එහෙනම්.හෆොයි කොම්පියුටරේ කැඩිලා එන්න වුනේ නැහැ මාසයක් විතර මේකට.චන්දනටයි මංජුල(අටම්පහුර) අයියටයි විතරයි මාව මතක් වුනේ.වෙන කාටවත් මාව මතක් වුනේ නැහැ මට දුකේ බැහැ ඒකට :'(

හරි අවුලක් නැහැ මන් ආයේ සුපුරුදු විදියට ලියන්න පටන්ගන්න ඕන.රැම් කාඩ් එකක් ගෙදට්ටම ගෙනල්ලා දුන්න මංජුල අයියට පින් පතනවා ඒත් ඒක වැඩ කරා නම් තවත් පින්!!!.

මතකද බෝවිටියා මල් ලියපු දම්මි අක්කව?