රයිගමයයි ගම්පලයයි වගේ කිව්වට වැඩට නම් සුපර් කතා බහෙන් සහ සමහර වැඩවලින් තමා ඩබල මෝඩ. ඩබල දවල්ට කන්න ගිය කඩේ මොකක්ද මන්දා ලී කෑල්ලක් බාස්ගේ කකුලට වැටිලා.
මේ යකා ඇවිත් කෙදිරි ගානවා නහරයක් උඩට වැටුනේ හරියට රිදෙනවා කියලා.ඊගාවට මේ යකා මගෙන් කකුලට ගාන්න මොනවා හරි ඉල්ලනවා.මං ඉතින් අම්මට කතා කරා අම්මේ කියලා අම්මට සිරි අම්මා කොහෙහරි ගිහින් දැන් ඉතින් හොයපන්කෝ කකුලේ ගාන්න මොනවා හරි.ගෙට ගිහින් බැලුවා සිද්ධාලේපයක්වත් තියෙයිද කියලා.මොන?? ගෙයි හරියේ මොනවත් නැහැ ඔන්න ඒ වෙලේ ටිකිරි මොලේට ආව අයිඩියා එකක්.ඩබල කන්න ගිහින් එද්දී හැමදාම කස්ටා ෂොට් එකක් දාගෙන එන්නේ.ඒක නිසා දෙන්නම් හොද තෙලක් කියලා.
අම්මගේ කේෂා එක අරගෙන පොඩි කුප්පියක් හොයලා දැම්මා ටිකක්.දාලා ගෙනිච්චා බාසා ගාවට ආ මාමේ උණවටුනේ නාග තෛලය
මොන වටුනේ?
උණවටුනේ මාමේ
මිනිහා ගත්තා කුප්පිය අතට ම්ම්ම් හරි සුවදයිනේ කොලුවෝ මේක
ඔව් මාමේ උනවටුනෙනේ!! ඕක අපේ මාමා ගෙනාවේ.ගාපු ගමන් ඕන කැක්කුමක් නැති වෙනවා.
දැන් මිනිහා ගානවා කකුලේ මේක
කොහොම හරි ගාලා ඉවර වෙලා ආයේ වැඩෙත් පටන් ගත්තා.හවස ලැට් එකේ බිත්ති බදිද්දී පොඩි ගඩොලක් ගෝලයාගේ අතට වැටුනා උඩ ඉදලා.
මේ යකාත් අත අල්ලගෙන අත ගානවා මූණ ඇබුල් කරගෙන මෙන්න යකෝ බාසා කියනවා ගෝලයාට අන්න අර කොලුවගෙන් උණවටුනේ නාග තෛලය ටිකක් ඉල්ලං ගා ගනින් ඒකට මගේ කකුලත් අඩු වුනා නේ. කියලා
ඒ සීන් එක අමතක වුනු මට මූ ආයේ මේක මතක් කරාම ඩිම් වුනා දවල් නම් ටිකක් වැදිලානේ හිටියේ ඒත් දැන් මුන්ට වෙරි බැහැලා.බඩු මාට්ටු වෙයිද කියලා බයයි.ඒත් ඉතින් ඒක තෙලක් නෙවේ ඔලුවේ ගාන තෙල් වර්ගයක් කියලා මුන්ට කියන්න ඈ.දුන්නා ආයේ කුප්පියම ගම්පලායගේ අතට
මූ මේක අරගෙන ටිකක් අතට හලාගෙන දාගෙන අතුල්ලනවා.කේෂා තියා ඔලුවේ ගාන්න පොල්තෙල් ටිකක්වත් අතට ගන්නේ නැති මූට නම් මේක මොන මගුලක්ද කියලවත් ගානක් නැහැ.ගාලා ආයේ වැඩ කිසි වෙනසක් පේන්න නැහැ.
මට දුකත් හිතුනා ඒත් ඉතින් මං මක්ක කොරන්ඩ ඈ
දවසේ වැඩ ඉවර වෙලා ඩබල මූණ අතපය හෝදගෙන පඩිත් අරන් යන්නේ කස්ටා පොට් එකට සොටක් දාන්න.,
රෑ නමයා මාරට විතර එකෙක් ගේට්ටුවට තට්ටු කරනවා මං ගියා බලන්න.
කස්ටා කාරෙක් ඉන්නවා ගේට්ටුව ගාව.මං ගිහින්
ඇයි අංකල්?
පුතා ****** බාසුන්නහේ කිව්වා මෙහෙ කැක්කුම්,තැලීම් වලට ගාන තෛලයක් තියෙනවා කියලා.අනේ පුතා තරහා නැතුව ටිකක් දෙන්ඩකෝ මේ කොන්දට ගාන්න.පෙරේදා ඉදන් මේ කොන්දේ කැක්කුම තියෙනවා අඩු වෙන්නෙම නැහැ.
!@#$%^&*+_*&^%$#@!
හිකිස්.....හලේ....ලින්ක් වලින් ඩන්නවනම් ඔයාව උස්සන් නනව හොල බිස්නස් කලනව කීල.....:P
ReplyDeleteහිකිස් මං සල්ලි වලට වික්කේ නැහැනේ ඉතින්.:)
Deleteමෙම දැන්වීම මුදල්නොගෙවා ප්‍රචාරය කරන ලදී.
ReplyDeleteතට්ටු දෙකේ ලැට් එකක්.
ලොල් ඈ
Deleteඔය තියෙන්නේ අපේ ලැට් එක නෙවේ බන් :)
අනේ පව් ඒ මිනිස්සු.. :DD
ReplyDeleteපව් ඒත් බාසා වැඩේ කෑවනේ. :) ඒ යකා හැමෝටම තෙල ගැන කියලා.
Deleteඅඩේ බං පටන්ගමුද බිස්නස් එකක්. අවුරුදු කාගලෙ නැගල යයි. කීයක් හරි හොයාගන්න බැරිය.
ReplyDeleteහිකිස් එකෙන්ම හා.මං උබව පාට්නර් කරගන්නවා.
Deleteහීහී...මල්ලීත් කරන දේවල්.. නාග තෛලය විකුණන්න දාන්න.. අලෙවි නියෝජිතයො විදිහට රයිගමයයි, ගම්පලයයි පත් කර ගන්න.. නියමෙට ගැලපෙනවා.. (අහලා ඇතිනෙ කතාව)
ReplyDeleteටිකිරි අදහස් නම් පංකාදුයි...
සෝයි කතාවක්..
ලැට් එක කබානා එකක් වාගෙ
පිස්සුද උන් දෙන්නා දැනගත්තොත් මාව බිත්තියකට බදියි ගලක් කියලා.:P
Deleteඔය අපේ ලැට් එක නෙවේ ගූගල් ගෙන් ගත්තේ ඕක ලොල්.
යකෝ ඉතින් ඕක බිස්නස් එකක් කරගනින්කෝ... එන එන උන්ට කුප්පි හදලා විකුණපන්. ඔන්න ගොඩ යනවනම් වැඩ.
ReplyDeleteඒක තමා බන් නිකන් ඉන්න එකේ මේකවත් කොරන් යන්න කියලා තමා හිතුවේ හික්ස්.
Deleteඔය තෙලට පොල්තෙල් චුට්ටකුත් දාල පොඩ්ඩක් වෙනස් කරල දෙන්නකො..එතකොට අල්ලන්න බැහැනෙ....
ReplyDeleteඅන්න පරම පිවිතුරු බිස්නස් ට්‍රික්ස් ලොල්
Deleteඅඩෝව් පව් බොල
ReplyDeleteමමද? .eee.
Deleteතනිකරම මුලා කොරල නොවැ.. හිකිස්..
ReplyDeleteලෝකයා අපිව මුලා කරනවා අපි ලෝකයව මුලා කරනවා
Deleteකාලේ හැටිනේ බං :)
තනිකර ම ප්‍රෝඩාව නේ.. සිරා වැඩේ! එල එල..
ReplyDeleteලොල් මං වංචාවක් කරන්න හිතන් නෙවේ බං එහෙම කරේ.මං එහෙම කරේ එවෙලේ උට මොකක්හරි එකක් කකුලේ ගාගන්න දෙන්න ඕන නිසා ඒත් මූ වැඩේ දුරදිග ගෙනිච්චා :)
Deleteඔය තෙල් බෙහෙත් කාරයොත් පිච්චිච්ච ඇංජින් ඔයිල් විකුනනවා කියන එකේ බොටත් හොද බිස්නස් එකක් පටන් ගන්න තිබුනා! :)
ReplyDeleteහාහා අනිවා අනිවා අත දෙන්න එකෙක් ඉන්නවා නම් මං මේක දිගටම කරගෙන යනවා :)
Deleteමාරු තෙලක්නේ උබ දීලා තියෙන්නේ . උබට ඔය තෙලෙන් බිස්නස් එකක් කරගන්නත් තිබුනා. නියමෙට ලියල තියෙනවා මචං.
ReplyDeleteහි හි ගොඩක් අය කිව්වා බන් මේකෙන් බිස්නස් එකක් පටන්ගන්න කියලා.මාත් හිතන් ඉන්නේ වැඩේ දිගටම කොරගෙන යන්න :)
Deleteස්තුතියි මචන් මේ පැත්තේ ආවට
පවු බං
ReplyDeleteඔන්න ව්‍යාපාර. ඒ වගේම හිතන්න, මිනිස් සිත කියන්නේ මහා පුදුම දෙයක්. හිතෙන දේ හින්ද තමයි ලෙඩෙත් හොඳ උනේ. මොකද ගාපු තෙල මොකක්ද කියල අපි දන්නවනේ. ඒකනේ ගුණ කියා කියා ඇවිදින්නේ.
ReplyDeleteඔබ ඔහොම කියද්දී මට කතාවක් මතක් වුනා දවසක් දුර ගමන් යන දුම්රියක මගියෙකුට හදිසියේ පපුවේ අමාරුවක් හැදුනා එයින් ඔහු බියපත් වී කෑගැසුවා.සෙසු මගීන් මොහුව රෝහලක් වෙත රැගෙන යාම සදහා දුම්රිය නතර කිරීමට යෝජනා කල අතර එක් මගියෙක් නැහැ නවත්වන්න ඕන නැහැ මටත් තියෙනවා ඉදහිට පුවේ අමාරුවක් ඒකට මට නිර්දේශ කරලා තියෙන බෙහෙත් පෙති ළග තියෙනවා එයින් එකක් දෙන්නම් කියලා.
Deleteබෙහෙත් පෙත්ත රෝගියාට දුන් පසු ඔහු පැවසුවේ දැන් වේදනාව අඩු බවය.පසුව වෙනත් මගියෙක් අර පෙත්ත ලබාදුන් මගියාගෙන් ඇසුවේ එම පෙත්තේ නමය.එවිට ඔහු කියා සිටියේ එය බෙහෙත් පෙත්තක් නොව ලොසින්ජරයක් බවත් රෝගියාව මානසිකව සුව කරන්න එය ලබාදුන් බවත් ය
ela kollo ela.
ReplyDeleteතැන්ක්ස් ආ
Delete