කුප්පියට ඔබා
කටුව
පුරවගත්තා නියමිත
මාත්‍රාවට
විද්දා හිල් වෙන්න
අත
පැන්නා ලේ බිදුවක්
රතු පාටට
හිතකින් නෙවේ
විද්දේ
පුළුන් කෑල්ල තබමින්
ලේ එන තැනට
ඔබ ඔය හෙළනා
සුසුම්
දරන්න බැහැ
මට
මොනවා කරන්නද
ලෙඩේට
ඉන්සියුලින් ගහනවා
හැරෙන්නට?
එපා වෛර කරන්න
මට
දොස්තර කිව්ව නිසයි
විදින්නේ ඔබට
දොස්තර කිව්වත්
නැතත්
මට ඕන මගේ
අම්මාව
ඒකයි විදින්නේ
ඉන්සියුලින්
අම්මේ ඉවසාගෙන
ඉන්න
තාත්තා ගෙනාපු ඒවා
ඒ කාලේ
නොකෑවනම් ඉවසා
අද මා ද සැනසීමෙන්
දවසක් හරි
තව
ජීවත් වෙනවා දකින්න
ආසයි නුඹව
පුතෙකු හැටියට
මට
වෙන කරන්න දේකුත් නැත!
මෙව්වට නෝ කමෙන්ට්ස්...
ReplyDeleteඒත් අපි සේ තෑන්ක්ස්
Deleteඇයි දැන් අම්මට දියවැඩියාවද? :0
ReplyDeleteදැන් නෙවේ බන් බර කාලයක සිට
Deleteඉන්සියුලින්....හ්ම්හ්...
ReplyDeleteඒවා කොහොම උනත් මඩිස්සෙ පළවෙනි කවියට මගෙන් උණුසුම් සුභ පෑතුම් මල්ලියේ..
ඔයාට කවි ලොව ජයගන්නට ආශිර්වාද පතමි!...ජයවේවා!..
තෑන්ක්ස් අක්කා ඒත් මං එච්චර දුර යන්න හිතන්නේ නැතෝ!...
Deleteowa ohoma thamai nishan aiya leda wenawa,wayasata yanawa,jeewithe kiyanne hari maayawak
ReplyDeleteඒකනම් හැබෑව තමා මලෝ.බෙහෙවින් අගේ කරනවා බුකියේ සිට මෙහි පැමිණ කොමන්ට් කිරීම ගැන.
Deleteකනගාටුදායක වුනත් අලුත්ම තේමාවක්....
ReplyDeletehenryblogwalker the Dude
එච්චර හිතන්න දෙයක් නැහැ සර් ලෝකේ අලුත් වෙද්දී අපිත් ඒ එක්කම යන්න එපයි හිහි
Deleteහොඳ පුතෙක්...
ReplyDeleteජයම පතමි !!!
ස්තුතියි මචන්
Deleteඔයාට ඔහොම දැනෙනවානම් .. හැමදාම ගොඩාක් අම්මල තාත්තලට ඉන්සියුලින් විදින අපිට කොහොම දැනෙනවා කියලද හිතන්නේ?
ReplyDeleteඔයා නර්ස් කෙනෙක් නේද?.ඒත් සහෝදරි මං ගහන්නේ මගේම අම්මගේ අතට.
Deleteමාත් මගෙ මල්ලිට කකුලට ඉන්සියුලින් ගහල තියෙනව. කටුව පොඩි හීනි එකක්. දැං මිනිහ තනියම ගහගන්නවා
ReplyDeleteඅපේ අම්මගේ ගහන්නේ අතට.දැන් තත්වය සුව අතට හැරෙන නිසා නවත්වන්න පුළුවන් වෙයි ලගදීම.
Deleteමොනවද යකෝ මේ ලියන බහු බූත? පිස්සෙක්ටවත් කියවල රස විඳින්න පුලුවන් මගුලක්ද?
ReplyDeleteහැමෝම කියවලා රස වින්දා උබ වගේ පිස්සෙක්ට විතරයි ඒක බැරි වුනේ @ශාන.....
Delete:P
ado ano uba ammek appek nathiwa ipadunu ekek wage(awaja...)katha karanna epa.
Deleteඅසනීපයක් උන වෙලාවට දෙම්පියන්ට සලකන එක තරම් උතුම් දෙයක් මේ ලෝකෙ තව තියෙනවද?
ReplyDeleteඒකනම් ඇත්ත සහෝ
Deleteහ්ම්... අපේ තාත්තටත් දියවැඩියාව.තාම ඉන්සියුලීන් විදින්න තරම් බයානක වෙලා නෑ.ඒත් එයාව පැණි රසෙන් බේර ගන්න හරිම අමාරුයි.අම්මට තාත්තට ලෙඩක් වුනාම දරාගන්න කොච්චර අමාරුද අපිට..
ReplyDeleteඒකනේ අක්කා එයාලා ලෙඩ වුනාම අපිට තමා දරාගන්න බැරි.අපි පොඩිකාලේ එයාලත් එහෙමනේ
Deleteමේක නිකං රැප් එකක් වගේ.
ReplyDeleteඕයේ...... ලොල්
Delete:)
ReplyDelete:D
Deleteකවි ලියන්න බෑ කියල කෑ ගැහැව්වට අපූරු කවක් ලියල තියෙන්නේ
ReplyDeleteසුභ පැතුම්!!!
මලේ ඉන්සුලින් වලට වඩා ගුණ දෙන සිංහල බෙහෙත් තියනවා...
උඩ එකෙක් කියනවා තේරුම් ගන්න බැහැලු.තව එකෙක් කියනවා රැපක් වගේලු.ඇඩෙනවා මචං :)
Deleteලස්සන අදහසක් ආදරණීය පුතෙක්..
ReplyDeleteස්තුතියි
Deleteනියමය් මචං එල කවිය...
ReplyDelete(මගේ බ්ලොග් එකේ දතේ එක එන්නේ නැහැ මචං උබේ එකේ තියෙන විදිය මට එවපන්කෝ )
screen prt ekak...ewapan balanna.
chamiblogz@gmail.com
එල මචං මං එවන්නම්
Deletedate eka...
ReplyDeleteමටත් හැමදාම පැවරෙන රාජකාරියක් තමයි.. අවුරුදු ගානක් විදලා දැන් අලුතෙන විදින්න හමේ තැනක් හොයන්නත් අමාරුයි... පව්..
ReplyDeleteහ්ම්ම් ඔව් සහෝ දැන් අඩු නැද්ද?
Deleteදියවැඩියාව කියන්නෙ හොඳ වෙන ලෙඩක් නෙමෙයිනෙ නිෂාන්, පාලනය කරගන්න දන් තාත්තට ඉන්සියුලින් නැතුව බෑ.
Deleteඅපේ අම්මට නම් දැන් අඩුයි ඩොක්ටස්ලා කිව්වේ මේ යන මට්ටමම තිබ්බොත් ඉන්සුයිලින් නවත්වන්න පුළුවන් වෙයි කියලා.ඔයාගේ තාත්තාටත් ඉක්මනට හොද වෙන්න කියලා මං ප්‍රාර්ථනා කරනවා.
DeleteThis comment has been removed by the author.
ReplyDeletesirawta :( ela machan...
ReplyDeleteතෑන්ක්ස් මචෝ.
Deleteදෙමව්පියන්ට සලකන එක ඇත්තෙන්ම හොඳ වැඩක්. ඒ අතින් ඔයා හොද පුතෙක්. ඒත් මට නම් ඔය වැඩේ කවදාවත් හරියට කරන්න බැරි වෙයි. ඔය වගේ වෙලාවට මගේ අත වෙව්ලනව. ඔයාගෙ අම්මට ඉක්මනින් සනීප වෙන්න කියල ප්‍රාර්ථනා කරනව!
ReplyDeleteබොහොම ස්තුතියි සහෝදරයා ප්‍රර්ථනාවට.
Deleteඔයාගේ කාටවත් නම් එහෙම ලෙඩක් හැදෙන්න එපා කියලා මං ප්‍රාර්ථනා කරනවා
සෑහෙන අයට දියවැඩියාවනෙ බලන් ගියාම..
ReplyDeleteඅපි දැන්ම පරිස්සම් වෙන්න ඕනෙ..
කවිය පට්ටයි සුපිරියි කියලා ලියන්න නම් හිතෙන්නෙ නෑ.. කවිය හොඳ නැති නිසා නෙමෙයි කවියේ තේමාව නිසා..
අම්මාට ඉක්මන් සුවය පතමි..
ඔය ලෙඩේ සීනි නොකෑවත් එනවද මන්දා? මම දන්න සීයා කෙනෙක් ඒ දවසවල කෑම බීම පවා නැතිව ඩුකසේ ඉඳලා තියෙන්නෙ.. දැන් සල්ලි තියෙනවා කන්න බෑ.. දියවැඩියාව..
හරි කොහෙද සහෝ ගිහින් හිටියේ? සෙන්නා,විචාරක දෙදෙනා සෑහෙන්න ඔබ ගැන උනන්දු වුනා.මං ඔබත් එක්ක මෙතරම් මිත්‍ර කමකින් ඉදලත් කිසිම කොන්ටක්ට් එකක් නැති වීම පිලිබදව කනගාටුයි.
Deleteතේමාව කුමක් වුවත් අර කිව්ව වගේ පට්ටයි සුපිරියි කියන්න බැහැ මේකට මං ඒක දන්නවා :)
දියවැඩියාව පරම්පාරවෙන් පරම්පරාවටත් එනවා සහෝ.අනික දැන් තියෙන පිටි,සීනි,තෙල් අඩංගු කෑම කෑවමත් අපිත් නිකන්ම ලෙඩ්ඩු වෙනවා.
කොහෙද හිටියෙ කියලා පෝස්ට් එකක් දාන්න වෙයි වගේ..
Deleteඅසනීප වීමත් ට්‍රිපක් යාමත් නිසා තමා අතුරුදහන් වෙන්න වුනේ..
මේ මාසෙම බේත්වලින් යන්න වෙන්නෙ..
එහෙනම් ඉදිරියට අපිට බලාගන්න පුළුවන් වෙයි නැවතත් අර කොටි ගැන වගේ ලිපියක් එල එල
Deleteමේ කාපු මස් ගැන නම් වැඩිය දාන්න එපා ඈ :)
දියවැඩියාව වගේම තමයි අනික් හැම ලෙඩක්ම. අපි කාටත් ලෙඩ හැදෙනවා. එත් ගොඩක් දෙනෙක් කරන වැරදි හින්දම තමයි පස්සේ පසුතැවෙන්න වෙන්නේ.
ReplyDeleteදියවැඩියාව සහ පිළිකාව තමා මං දැක්ක බයානකම ලෙඩ දෙක මචං
Deleteඔයාගෙ අම්මට ඉක්මනින්ම සනීප වේවි...කෑම බීම වලින් පරිස්සන් කර ගන්න....
ReplyDeleteබොහොම ස්තුතියි සහෝදරි.
Deleteකෑම පාලනය කරන එක තමා කරන්ඩ පුලුවන් හොදම දේ. පරලු පාන්, කොතල හිබුටු බීම වගේ දේවල් ආහාර පුරුදු වලට හුරු කරගන්නවා නම් වඩාත් හොදයි.
ReplyDeleteඅපේ මලයා කියනවා ඉන්සියුලින් බොන්ඩ දුන්නොත් ශරීරය තුලදි දිරවනවා ලු. ඒ නිසා ලේ වලට එකතු වෙන්නේ නෑ ලූ.ඒ නිසා ලු එන්නත් කරන්නේ.
ඔය වගේ කියන කියන කෑම ජාතියි බෙහෙත් ජාති නම් කොච්චරවත් කනවා අයියා.ඉන්සියුලින් බොන්න දෙන්නේ නැත්තේ ඒක තමා.
Deleteමම මුලින්ම හිතුවේ මේක සංකල්පනාවක් විතරයි කියල ඇත්තටම අම්මට අසනිපයිද?
ReplyDeleteදෙවිපිහිටෙන් අම්මට ඉක්මන් සුවය ප්‍රාර්ථනා කරනවා...
යා මචන් ඇත්තටම අම්මට සනීප නැහැ ඒත් ඉන්සියුලින් දෙන්න ගත්තට පස්සේ ලෙඩේ ටිකක් අඩුයි.
Deleteබොහොම ස්තුතියි ප්‍රාර්ථනාවට
ඉන්සුලින් හැදිලා තියෙන්නේ ප්‍රෝටීන් වලින්.ඒවා පෙති විදිහට දුන්නම ජීරනය වෙලා අවශෝශනය වෙනවා අපි මාලු කෑල්ලක් කෑවම වෙනවා වගේ! ඒ නිසයි ඉන්සුලින් ගිලින පෙති විදිහට දෙන්නේ නැත්තේ.ඒ නිසයි ඉන්ජෙක්සන් එකක් විදිහට දෙන්න වෙන්නේ! දිය වැඩියාව ගැන මං ලියපු ලිපියක් ඇති! වෙලා තියන වෙලාවක ගිහින් බලන්න!
ReplyDeleteඅනිවා සහෝ මං බලන්නම්
Deleteඅම්මට ඉක්මන් සුවය ප්‍රර්ථනා කරනවා. අපෙත් අප්පච්චිට දියවැඩියාවට ආවා. පරම්පරාවෙන්. මගේ පරම්පරාවේ මාරයා දියවැඩියාව. අප්පච්චිටනම් දැන් ගොඩක් හොඳයි.
ReplyDeleteප්‍රාර්තානවට බොහොම ස්තුතියි
Deleteඔව් සහෝ මේක අපිටත් හැදෙයි කියලා හිතනවට වඩා හොදයි දැන්ම ඉදන් පරිස්සම් වෙන එක.
පට්ට යකෝ සිරාවටම දුක හිතුන
ReplyDeleteඅඩෝ උබ අර උඩ ඇනෝට කමෙන්ට් කරලා තියෙන්නේ මම කියා හිතාගෙනද?
තෑන්ක්ස් මචන්
Deleteඅඩේ අපේ අම්මට වගේ අබලගේ අම්මටත් දියවැඩියාවද
ReplyDeleteහ්ම්ම් ඔව් අයියේ දුක තමා
Delete