ඉතින් ලැබෙන කොමන්ට් අනුව පාඨකයෝ 100ක් විතර ඉන්නවා.ඉතින් සතුටුයිනේ
ඒත් අද කියන්න ඕන ඒක නෙවේ මේ සදහා නොමඳ සහයක් ලබාදෙන බුකියෙන් සෙට් වුන කෙනෙක් ගැන දෙයක්.එයා ඉන්නේ බ්‍රසිලේ කාගේ හරි ස්ටේට් එහෙක එයා දාලා තිබුණ කොමන්ට් එක අනුව මං රිප්ලයි කරලා අන්තිමට එයා මා එක්ක ගොඩාක් යාලු වුනා.එයා කාන්තා පාර්ශ්වයේ කෙනෙක්.ලැබෙන මොන දේ වුනත් මගේ වෝල් එකට ශෙයා කරන්න අමතක කරන්නේ නැති මෙයා මට විශේෂයි මොකද මට වෙන රටක යාළුවො කව්රුවත් නැහැනේ.
මෙයා හරිම ෆුල් ජෝලියේ ඉන්න කෙනෙක් හැටියට තමා මං දකින්නේ.මට හරියට ඉංග්‍රීසි බැරි වුනත් මං කියන ඒවා එයා තේරුම් ගන්නවා,එයා කියන සමහර ඉංග්‍රීසිත් මට නොතේරුනාට මං ට්‍රයි කරලා තේරුම් ගන්නවා.සමහර වෙලාවට එයා අහන දේවල් වලට උත්තර දෙන්න ඉංග්‍රීසි වචන මං දන්නේ නැති වුනාම ඒවා මං සිංහලෙන්ම ටයිප් කරලා යවනවා ඒ වෙලාවට එයා හිනා මූණු දාලා එයාගේ භාෂාවෙන් මටත් එවනවා.ඒත් මගේ වෙලාවට ක්‍රෝම් එකේ ඒ භාෂාව ට්‍රාන්ස්ලේට් වෙනවා.ඔයාලගෙත් වෙනවද දන්නේ නැහැ නැත්තම් මොකක් හරි ඇඩෝන් එකක්ද දන්නෙත් නැහැ.
මෙයා හරිම ෆුල් ජෝලියේ ඉන්න කෙනෙක් හැටියට තමා මං දකින්නේ.මට හරියට ඉංග්‍රීසි බැරි වුනත් මං කියන ඒවා එයා තේරුම් ගන්නවා,එයා කියන සමහර ඉංග්‍රීසිත් මට නොතේරුනාට මං ට්‍රයි කරලා තේරුම් ගන්නවා.සමහර වෙලාවට එයා අහන දේවල් වලට උත්තර දෙන්න ඉංග්‍රීසි වචන මං දන්නේ නැති වුනාම ඒවා මං සිංහලෙන්ම ටයිප් කරලා යවනවා ඒ වෙලාවට එයා හිනා මූණු දාලා එයාගේ භාෂාවෙන් මටත් එවනවා.ඒත් මගේ වෙලාවට ක්‍රෝම් එකේ ඒ භාෂාව ට්‍රාන්ස්ලේට් වෙනවා.ඔයාලගෙත් වෙනවද දන්නේ නැහැ නැත්තම් මොකක් හරි ඇඩෝන් එකක්ද දන්නෙත් නැහැ.
එකේ පිහිටෙන් එයා කියන ඒවා ට්‍රාන්ස්ලේට් කරගෙන මං ඒවාට දන්නා ඉංග්‍රීසියෙන් උත්තර දෙනවා,ඉතින් එයා හිතන්නේ මං බ්‍රසීල භාෂාව දන්නවා කියලා.මං කොච්චර කිව්වත් පිළිගන්නේ නැහැ.එයා මගෙන් අහනවා වෙලාවකට මං සිංහලෙන් ගහලා යවන ඒවා වලට මේ රවුම් අකුරු නම් හරි ලස්සනයි ඒවා ඉන්දියාවට සම්බන්දද කියලා?.
මං පුළුවන් විදියට එයාට තේරුම් කරා.එයත් අනිත් අයට වඩා මාව හුගක් තේරුම් ගත්ත කෙනෙක්.එයා බ්‍රසීලේ විශ්ව විද්‍යාලයක කථිකාචාර්යවරියක්.එයාගේ ප්‍රියතම චරිතේ චේ ගුවේරා! චේ ගුවේරා ගැන බ්‍රසීලේ මිනිස්සු මාර උනන්දුයි.චේ වෙනුවෙන් හදපු සිංදු යු ටියුබ් වීඩියෝ මගේ වෝල් එකට අනිවා ශෙයා කරනවා.
මං වැඩිය දේශපාලන ඒවා ගැන ලියන්නේ නැහැ.එක පාරක් බන්ධුල සර්ට පිළිතුරු දෙන්න ගිහින් මාව සුදු වෑන් වලින් උස්සනවා කියලා තර්ජන ආවා.ඒත් දැන් මං බය නැහැ.මට දේශපාලනේ ගැන ලියලා සුදු වෑන් ස්ටාට් වෙද්දීම බ්‍රසීලේට පැනගන්න පුළුවන් සුදු වෑන් එහෙට ඔට්ටු නැහැ හරිය?.ඉල්ලන පරක්කුවට බ්‍රසීලේට යන්න ටිකට් එක එවනවා කියලා මට ෂුවර්,එයා එක දවසක් කිව්වා එයාට මාව හම්බවෙන්න ආසයි කියලා.මං කිව්වා මට නම් දැන්ම බ්‍රසීලේට එන්න බැහැ කියලා,එයා කිව්වා කමක් නැහැ එයා ලංකාවට ආපු දවසක මාව හම්බෙන්නම් කියලා.එයාට මං අපේ ගෙදර ලෑන්ඩ් නම්බරේ දුන්නා කෝඩ් එකත් එක්කම.එයා ලංකාවට එන්න හදද්දී මට කෝල් කරයි.
අපි බුකියට ගියාම හෝම් පේජය තුල ගොඩාක් දකින්නේ සිංහල ස්ටේට්,සිංහල වදන් ඇතුලත් පින්තූර වගේ ඒවානේ.එයාලගේ ග්රූප් එහෙකට මාව ඇඩ් කරලා තිබ්බා,ඒක වෙනම ලෝකයක් වගේ.අර නොතේරෙන භාෂාවන් වදන්,රූප එව්වා මෙව්වා මාර විදියට,එයා ඊයේ පෙරේදා එයාගේ මිනිබිරියට මාව සජෙස්ට් කරලා දැන් ඒ මිණිබිරියත් මා එක්ක හෙන ෆිට්.තව තව එයාගේ යාලුවන්ට මාව සජෙස්ට් කරනවා මේ දවස් වල.මට දැන් බ්‍රසීලේ අම්බානක යාළුවො ඉන්නවා.
මෙච්චර කියපු එයාගේ නම කිව්වේ නැහැනේ එයාගේ නම තමා ක්‍රිස්ටිනා මැටුවාක්
එයාගේ වයස අවුරුදු 60යි
ලංකාවේ විසි අටේ තිහේ අක්කලා වගේ නෙවේ මෙයා ඊටත් වඩා ෆුල් ජොලියේ ඉන්නේ.එයා දවසක් මට කිව්වා බ්‍රසීලයන් සම්පූර්ණයෙන්ම පිස්සෝ ගණන් ගන්න එපා කියලා,(brazzilian are totaly crazy!)
එයාට මගේ ඉංග්‍රීසි නොතේරුණත් මට එයාගේ ඉංග්‍රීසි නොතේරුණත් අපි හොද යාළුවො.මනුෂ්‍ය කමේ නාමයට මිතුරුකම නමිනුත් අර්ථ දක්වන්න පුළුවන් ඒ අතින් ක්‍රිස්ටිනා උපරිම හොද යාළුවෙක්.ඒ වගේම මගේ ආදරණීය බ්ලොග් සහෘදයන් ටිකටයි මං ලියනක් බලන් ඉදලා මේ පැත්තේ එන බුකියේ මිතුරන්ටයි මාගේ අනෙකුත් පාඨකයන්ටයි බෙහෙවින් ස්තූති වන්ත වෙනවා.තෑන්ක්ස් ආහ් මේ පැත්තේ දිගටම ආවට කට්ටියටම මීට පස්සෙත් එන්න හරිද.
ඔයිට සමාන තේරුමක් තියන ඉංග්‍රිසි සින්දුවකුත් කාලෙකට කලිං මතක තිබ්බ! එ්කෙ හැටියට කොල්ල කෙල්ල එකිනෙකාගෙ භාෂාවල් දන්නෑ. නමුත් අාදරෙන් ඉන්නවා! :)
ReplyDeleteමං කිව්වෙ එයාලට එහෙම ඉන්න පුලුවන්නං යාලුවො වන ඔයාලට කොහොමටවත් ගැටලුවක් වෙන්න බෑ!
Deleteමචෝ මේ ආච්චි කෙනෙක් බන්,යාළුකමක් විතරයි ඈ :D
Deleteහයියෝ......පිස්සු අයිය........:)
ReplyDeleteයා නංගි මට මේ දවස් වල පිස්සු තමා :)
Deleteභාෂා දෙකක් වුනත් දෙදෙනෙක්ට උවමානාවක් තියෙනවනම් අමාරුවෙන් තේරුම් ගන්න පුළුවන් යාළුකමකට වයසක් නෑනෙ යාළුවේ..එයා ඔයාව බලන්න ආවොත් ඔන්න ඒකත් බ්ලොග් යාළුවන්ට කියන්න අමතක කරන්න එපා ...
ReplyDeleteඅනිවා කියනවා ඒත් එයා දැන්ම එන එකක් නැහැ මං හිතන්නේ.
Deleteඅඩේ මටත් බ්‍රසිලෙන් කෑල්ලක් හොයල දියන්කෝ :D .hide .
ReplyDeleteමගේ යාළුවා ක්‍රිස්ටිනා හොද නැද්ද?.
Deleteපිටරට යාලුවො නැත්තෙ මොකෝ ඇයි මේ අපි??.
ReplyDeleteමං කිව්වේ බුකියේ සහෝදරි.බ්ලොගියේ නම් ඔයා මගේ යාලුවෙක් තමා.ඇයි ඔබා මාමා?
Deleteවජිරදේවි අදමයි මේ පැත්තේ ආවේ.. අන්තර්ජාතික මිත්‍ර සම්බන්ධතා හරි අපූරුයි.. දූපතක ඉන්න අපිට ඒවා හරියට වටිනවා.. වජිරදේවිට නම් එහෙටයි මෙහෙටයි පාවෙන සංචාරක ජීවිතයක් තියෙන නිසා කොයි මහාද්වීපෙත් යාලුවෝ ඉන්නවා.. අපූරු බ්ලොග් එකක් බව පේනවා.
ReplyDeleteසාදරයෙන් පිලිගන්නවා වජිරදේව් ව ශා මරු ජීවිතයක්නේ ඔබට තියෙන්නේ.මාත් හරි ආසයි ඒ වගේ ජීවිතෙකටබොහොම ස්තුතියි මේ පැත්තේ ආවට.
Deleteකිරි අප්පොච්චියේ.... අද කාලේ වෙන දේවල්...
ReplyDeleteකොහොම උනත් සතුටුයි ඈ.. වැඩේ ගොඩ දාගත්තොත්.. අර මිණිපිරී ගැන සලකා බලතහැකි ඕං.. එතකොට නිශාන්තය මට වෙන්නේ සීය.. මරු අප්පා..
මං දැම්මම උබට සීයේ කියල කතා කොරන්නද සීයේ
මී හරක් ගොඩයා කියන්නේ ඒකට තමා :D
Deleteබොල මාත් මිනිපිරිට ඇහැ දානවා ඒත් එයාට තාම වයස 12යි බන්
මමත් බුකියේ ලියන ඒවා දැක්කම ඉතාලි අය අහන්නේ උඹ මොනවද කොටු කොටු අකුරින් ලියන්නේ කියලා.. :)
ReplyDeleteහෑ? ඒත් සහෝ මෙයාට නම් වින්ඩෝස් සෙවන් වල යුනිකෝඩ් තියෙන නිසා ද දන්නේ නැහැ සිංහල අකුරු රවුම්ව පේනවා.
Deleteඅපූරු යහළුකමක් මල්ලී....බොහෝ සීමාවන් ජය ගත්ත...(භාෂා, ජාති,වයස්,දේශ සීමා)
ReplyDeleteඅනිවාර්යෙන් :)
Deleteහැට පහත් වයසක්ද නංගී කිව්වලු. (විහිලුවට ඈ. මම දන්නවා මේක මොනවගේ යාලුකමක්ද කියලා)
ReplyDeleteබ්‍රසීල බාසාව කියන්නෙ පෝචුගීස් (පෘතුගීසි.) නිශාන්. ඇත්තෙන්ම උම දැනටමත් පෘතුගීසි වචන හුඟාක් දන්නවා ඩිෆෝල්ට්. ඒ මොකද අපේ භාෂාවට පෘතුගීසි වචන හුඟාක් කාන්දු වෙලා තියෙන හන්දා. ඉස්කෝල ක්යන වචනෙත් පෘතුගීසි. ඔන්නම් ක්‍රිස්ටිගෙන් අහලා බලාපං. escola කියලා ගහලා.
අනිල ගූගල් වලින් English වලින් Portuguese වලට සිලෙච්ට් කරොත් ඔය වැඩේ ලේසියි.
අර වින්චැට් කිරිල්ලි කිව්ව වගෙ මේ අපිත් ඉන්නෙ ලංකාවෙ නෙවෙයිනෙ.
henryblogwalker the Dude
සර් ඒකනම් මං දැනගත්තේ අද.ඔව් සමහර ට්‍රාන්ස්ලේට් වෙන්නේ නැති වචන මං ගූගල් එකෙන් තමා ට්‍රාන්ස්ලේට් කරගන්නේ :).
Deleteඔව් ඔව් ඒත් මං කිව්වේ බුකියෙන් වෙන රටක යාළුවො නැහැ කියලා :)
අඩේ සිරාවටම මම හිතුවෙ උඹ බ්‍රසීල් කෙල්ලෙක්ව දැලේ දාගන කියලා.. උඹෙයි ක්‍රිස්ටිනා ආච්චිගෙයි මිතුරු කමට සුබ පතමි !
ReplyDeleteඋඹ අර දාලා තියෙන පින්තූරෙනම් ඉන්නෙ කොල්ලෙක් වගේ මට පේන්නෙ.
දැන් බලාගන ගියාම හැටේ ආච්චිලත් ෆේස් බුක් එක්ක වැඩ..ඈ..
ජයම පතමි !!!
සුබ පැතුමට තෑන්ක්ස් ආ :D
Deleteපින්තූරේ කොයි එකද?
හැටේ ආච්චිලා විතරක් නෙවේ බන් ඊට වඩා නාකි සීයලා ආච්චිලා එෆ්.බි එනවා.
උබත් එන්නේ..
අඩේ මම එච්චර නාකිද දැන්.. ශිඃ දන්නෙම නෑ වයසට ගිහින්..
Delete:D ජෝක් මචං
Deleteමං උබේ වයසවත් දන්නේ නැහැ ගණන් ගන්න එපා ඈ
මාත් මේ පැත්තේ ආවා..යාළුකම කියන්නේ හුගක් අපුරු වටිනා දෙයක්නේ..:)
ReplyDeleteබොහොම ස්තුතියි සහෝ මේ පැත්තේ ආවට
Deleteඅනිවා යාළුකම ගැන කියන්න දෙයක් නැහැ.
අලේ එයා අපිට උදව් කරන එකක් නැද්ද මචං.. ;)
ReplyDeleteජයෙන් ජය පතමි.. (වෙනදට වඩා හයියෙන්)
අපිට මොනවද බන් එයාගෙන් ඕන උදව්?
Deleteජය පැතිල්ලට තෑන්ක්ස් ආහ් :)
“මටත් ඉන්නව“ කිව්වම මම හිතුවෙ වෙන එකක් බං ....
ReplyDeleteඉස්සර නම් හිටියෙ පෑනෙ මිතුරො. තාක්‍ෂණයෙ දියුණුව තමයි ඉතිං.
ඔයාගෙ අළුත් යාළුකමට මගෙනුත් සුභ පැතුම් !
මටත් ඉන්නවා කිව්වම හිතුනේ මොකක්ද? :)
Deleteඔව් සහෝ දැන් තාක්‍ෂනේ දියුණුව නිසා පරණ ක්‍රම මතකත් නැහැ
රට රටවල යන්න කලින් ගෙවල් ලග ඉන්න එකා හම්බ වෙයන්කො ඉස්සෙල්ලා.
ReplyDelete:D අනිවා අනිවා කෝ ඉතින් ඉන්න තැනක් දැනගන්නේ කොහොමද?
Delete100ට සුභපැතුම්. උඹ කියපං පිස්සො බලන්න ලංකාවට එන්න කියල.
ReplyDelete:) ලංකාවේ ඉන්නේ ටෝටලි පිස්සොද?
Deleteලංකාවේ සමහර උන්ට පිස්සු ++
Deleteමට පෙනෙන්නේ නිශාන් බ්‍රසිලේට පනින්න වගේ හදන්නේ..ඔහොම යන්....
ReplyDeleteනැහැ නැහැ බන් මං දැන්ම යන්නේ නැහැ :)
Delete100 සුභ පැතුම්. අනේ එහෙම යාලුවො අපිටත් සෙට් වෙනවානම්...
ReplyDelete:) ඉතින් අක්කා පොඩි ට්‍රයි එකක් දීලා බලන්නකෝ
Deleteබ්‍රසීලෙ නේද ? දැන් කවද විතරද යන්නෙ . ගිහින් මොනවැයි කරන්නෙ ? පිස්සොන්ට එකතුවෙනවැයි ?
ReplyDeleteතව අවුරුදු ගානකින් පස්සේ තමා යන්න හිතන් ඉන්නේ.ගිහින් එහෙ පිස්සෝ එක්ක පිස්සු කෙලිනවා එකෙන්ම :D
Deleteයාලුකමේ වටිනාකම වචනෙකින් කියලා නිම කරන්න බැරි දෙයක්නේ.ඉතින් එහෙම යාලුකමකට වයස් බේදනම් මොකටද....
ReplyDeleteදවසේ කතාව ඈ :) සැටිෆිකෙට් ඇත්ත
Deleteමමත් බ්ලොග් ලියන එකෙන් ජීවිතේට කාටවත් හොයා ගන්න බැරි යාළුවො ටිකක් හම්බකර ගත්ත. ඒ ගැන තියෙන්නේ පුදුම සන්තෝසයක්
ReplyDeleteඔව් සහෝ ඒක ඇත්ත
Deleteඑලනේ එලම එල ආ
ReplyDeleteඒක මාර එලයක්නේ :)
Deleteහිට්ස් එන එක නම් ඇත්තටම ලියන්න දිරිය දෙන දේවල්, ආස හිතෙනවා මේ තරම් දෙනා අපි ලියන එක බලනවනේ කියල හිතද්දී. සුභපැතුම්... තවම බ්ලොගේ ඉඩ ලැබෙන විදියට මම නම් කියවනවා. යාලුවා ගැනත් සන්තෝසයි. මගෙත් ඉන්නවා නොදුටු හොඳ යාලුවෙක්. වියට්නාම් ජාතිකයෙක්. ඒත් මට අන්තර් ජාලේ ගේම් ගහන්න ගිහින් හම්බ වුනු දැනට වසර 4 ක් පුරා ඉන්න යාලුවෙක්..
ReplyDeleteඅනිවාර්යෙන්ම හිතට ලොකු සතුටක් දැනෙනවා එහෙම නැහැ කිව්වොත් ඒක ලොකු බොරුවක්,ඇත්තටම වෙනත් රටවල් වල මිතුරන් ඉන්න එකත් සතුටක් නේද?.
Deleteමටත් ඉන්නව ගොඩක් හොද කොරියන් යාලුවො සෙට් එකක්ම... www.interpals.netමේකට යන්නකො ෆේස් බුක් වගේ නෙවෙයි ගොඩක් හොද වෙන වෙන රටවල් වල යාලුවෝ ගොඩක් හම්බෙයි ගියොත් අනිවා ඩිමල්වීටත් රික්වෙස්ට් පාරක් දාන්න
ReplyDeleteඅනේ සොරි නංගෝ මට නම් දැන් බුකියත් එපා වෙලා තියෙන්නේ.
Delete