Friday, June 22, 2012

103 අක්කගෙයි මගෙයි මෙව්වා එක!

දීපිකා අක්කේ අදනම් මට ඕනෙමයි අනේ.


හරි මල්ලි මම අද කොහොම හරි දෙන්නම්.


ඔයා ඊයෙත් එහෙමනේ කිව්වේ බලන්නකෝ ඊයෙත් නැහැ ඒත් අදනම් මට ඒක නැතුව බැහැ අනිවාර්යෙන්ම ඕන හරිද.


හරි හරි පොඩ්ඩක් ඉවසන් ඉන්නවකෝ රුවන් අයියා ගිය ගමන් මං ළඟටම ගෙනල්ලාම දෙන්නම්කො.


ළඟටම නම් ඕන නැහැ හලෝ මට කතා කරන්නකෝ මමම එන්නම් ගන්න.



_______________________________________________


බලන්නකෝ අම්මේ දීපිකා අක්කා අදත් චාර්ජරේ ගෙනල්ලා නැහැනේ අම්මේ.


උඹටත් හොද වැඩේ වෙන කව්රු හරි මොනවා හරි ඉල්ලුවොත් දෙන්නෙම නැහැ ඒත් අර දීපිකා ඉල්ලුව ගමන් බැහැ නොකියා දුන්නා නේද?


ඉතින් අම්මේ එයා දන්නවනේ ඒ ජාතියේ චාර්ජරයක් මා ගාව තියෙනවා කියලා.එහෙම දැනගෙන මට නැහැ කියන්න බැහැනේ අනේ.එයා ඒක කැඩුවට මම මක් කරන්නද?


හරි දැන් මොකද කියන්නේ අදවත් ගෙනල්ලා දෙන්නම් කිව්වද?


ඔව් රුවන් අයියට ඇහෙන්න ඕක ගැන අහන්න එපා කිව්වා රුවන් අයියා එයාට බනියිලු.රුවන් අයියා වැඩට ගියාම දවල් වෙලා දීපිකා අක්කා ටවුන් එකට ගිහින් ගෙනත් දෙන්නම් කිව්වේ.


___________________________________________


දීපිකා අක්කේ අරක ගෙනාවද?


කෑගහන්න එපා බං රුවන් අයියා ඉන්නවා ගෙදර


හෑ අද වැඩට ගියේ නැද්ද?


ගියා ගියා මාර වැඩේනේ එතන අද නිවාඩුලු ඒක නිසා හැරිලා ගෙදර ආවා.


එතකොට මට අදත් චාර්ජරේ හම්බෙන්නේ නැහැ.


අනේ මල්ලියේ ඉවසන් ඉදපන් කොල්ලෝ මං රුවන් අයියා ඉද්දි කොහොමද ටවුන් යන්නේ? ඕකාට ඇහුනොත් එහෙම මට බනියි.එයා කැමති නැහැනේ අනිත් මිනිස්සුන්ගේ බඩු ඉල්ලනවට.අනික ඕක මගේ අතින් කැඩුනා කියලා දැනගත්තා නම් එහෙම මං ඉදලා ඉවරයි.


තමුසේ ඔහොම කිය කිය ඉන්නවකෝ මගේ ෆෝන් එක ඕෆ් වෙලා ඔන් කරගන්නවත් බැහැ හලෝ.
(රුවන් අයියා ගෙයින් එබී බලනු දුටු මම පස්සේ එන්නම් අක්කා කියාගෙන එතනින් පිටත් විය)


_______________________________________________


මල්ලි


ආහ් රුවන් අයියේ කොහෙද ගියේ?


මං ගිය තැන දැනගෙන උඹ මොනා කරන්නද බන්?


ඇයි අයියේ කේන්තියෙන් වගේ?


කේන්තියෙන්?


හ්ම්ම්


මේ මට ඇත්තම කියහන් මල්ලියේ උඹයි දීපිකයි අතරේ මොකක්ද මේ තියෙන කසු කුසුව?


හෑ නෑ..හ් නැහැ  අයියේ පිස්සුද එහෙම මුකුත් නැහැ


අනේ මේ උත්තෝ උඹ හිතන්න එපා මම බබෙක් කියලා හරිද හැරියා..


අයියේ මේ ඇත්තමයි අයියේ එහෙම මුකුත් නැහැ මේ පාරේ කුණුහබ්බ කියන්න එපා මට ලැජ්ජයිනේ ඈ....


අනේ මේ ලුකහන් හැරියා තොට මගේ ගෑනි එක්ක මම නැති වෙලාවට නටන්න හොදයි මම තොගෙන් අහන එක තමා තොට ලැජ්ජ හිටපන් හැරියා.


ඩිශුම්  ඩිශුම් ඩිශුම්  චටාස් පටාස්


අනේ අයියේ ගහන්න එපා...


ඩිශුම් ඩිශුම් චකබ්ලාස් සටස් ඩුම් ඩුම්


හම්බෝ මෙන්න ගහ    නෝ...


ඇ බුදු රුවන් අයියේ ගහන්ඩ එපෝ...... හම්බෝ....


ඩුම් ඩුම් චටස් චටස් පටස් 


අයියෝ මගේ දතක් වැටුනා දැන්වත් ඕක නවත්තපන්කෝ රුවන් අයියේ...........


ඩිශුම් ඩිශුම් සටස් ඩුම් ඩුම් 


_______________________________________________


තේරුම් ගන්න පුළුවන් නේද වෙච්ච දේ?
මම යනවා අම්මා තම්බලා දුන්න පස්පංගුව බොන්න..
පස්සේ එන්නම් ඈ.තව කොටන්නත් අමාරුයි කාපු කැවිල්ලට.





103 comments:

  1. අපොයි............ සිරාද සීන් එක....
    ඕවට කියන්නෙ වරදවා වටහා ගැනීම් කියලා.

    ReplyDelete
    Replies
    1. සිරා තමා අක්කේ මට නම් තැලුනේ නැති ඇහෙන් ඇඩෙනවා :'(

      Delete
  2. ලොල් ඇගේ පතේ අමාරුවට පස්පංගුව නෙවෙයි වෙනිවැල් ගැට තම්බලා බීපන්.

    ReplyDelete
    Replies
    1. උඹලාට නම් ලොල්
      මට වෙනිවැල් නෙමේ අද නම් බොන්නම ඕන..

      Delete
  3. හෑ මුණ චකබ්ලාස්ද ඈ???

    ReplyDelete
    Replies
    1. වම් ඇහැ ඩැමේජ් වෙලා මචන් තව අත් දෙකෙයි බඩේයි පිටෙයි කිහිප තැනක අභ්‍යන්තර තුවාල වගයක් තියෙනවා.

      Delete
  4. මේ මොන හෙනගෙඩියක් ද? සිරාවටම ද බං. ප්‍රබන්ධයක් නෙවි නේ.

    මේක ඇත්ත නම් උඹටත් කියන්න වෙන්නෙ උදේ වෙනී අයියට කියපු එකම තමා.
    අනුන්ගෙ පරිප්පු තමන්ගෙ පිඟානෙ දාගෙන වළඳනව.

    ReplyDelete
    Replies
    1. අනේ ප්‍රබන්ධයක්‌ වුනා නම් කොච්චර දෙයක් ද..

      Delete
  5. මේක ඇත්ත සිද්ධියක්ද? :O

    ReplyDelete
  6. අනේ හීනයක් නෙමෙයිද මල්ලී....මහ නපුරෙක්නේ ඒ රුවන්.....

    ReplyDelete
    Replies
    1. හීනයක්‌ නම් කොච්චර ලොකු දෙයක්ද අක්කේ...

      Delete
  7. මේක මුගේ කතාවක්. ඇත්තටම වෙච්ච සිද්ධියක් උනානං වැඩේ ඔතනිං ඉවර වෙන්නෙ නෑ. ඉතුරුටික මගෙන් පුද්ගලිකව අහගනිං. :)

    ReplyDelete
  8. මෙහෙමත් ගුටි කෑමක් අනේ අෆොයි .......

    ReplyDelete
    Replies
    1. මතක් වෙද්දීත් ඇඩෙනවා මචන්

      Delete
  9. deepika akkawa charge karanna giyata muta mehema wela madi

    ReplyDelete
    Replies
    1. සැටිෆිකෙට් ඇත්ත බං

      Delete
  10. ශික් බං විලිලජ්ජාවක් නැතුව කොටලා තියන හැටි.!!! ඇත්තම කියහන්, උඹයි දීපිකයි අතර තියන සම්බන්දෙ මොකක්ද කියලා. ගතේ පතේ වේදනාව ඉක්මනින්ම අඩු වේවා කියල ප්‍රර්ථනා කරනවා මඩියෝ.

    ReplyDelete
    Replies
    1. විලිලජ්ජාව දැනෙන්නේ නැහැ බන් වේදනාවට
      මගෙයි දීපිකා අක්කාගෙයි අතරේ තියෙන්නේ යාලු ෆිට් එකක් යකෝව් :)

      Delete
  11. හොද වැඩේ අක්කලගෙන් ඉල්ලන්න යනවට... අක්කා කඩාගත්තා කියලා අක්කාගෙන් ඉල්ලන්න යන්න එපා බං පවනේ..දැක්කනේ දැන් අය්යා දැනගෙන උන වැඩේ උබ වෙන එකක් හොයාගනින් නැත්නම් සල්ලි දීලා ගනින්..හිකිස්‌ ..

    මේ අයේ ඉල්ලනකොට අය්යා නැද්ද කියලා ටක්කෙටම බලලා ඉල්ලපන් මලේ ..අක්කා අනිවා දෙයි ...:පී

    ReplyDelete
    Replies
    1. යකෝ කැඩුනා වුනත් මම ඉල්ලුවේ මගේ දෙයක්නේ :P

      ආයේ ඉල්ලන්න යද්දී අයියා ඉන්නවද කියලා කොන්ෆෝම් කරගෙන තමා යන්න ඕන..

      Delete
    2. ආයෙත් යනවද????....හිහි....ඊට කලින් ජීවිත රක්ෂණයක් අරගන්න වෙයි වගේ...හෆොයි....බයානකයි....

      Delete
  12. අයියෝ...වෙච්ච හරියක්... දැන් ඉතිං ඇති පදමට Charge වෙන්න ඇති...දවස් ගනනාවකට බහින එකක් නෑ.. හික්ස්

    ReplyDelete
    Replies
    1. බහින එකක් නැහැ?
      හෑ ඉදිමිච්ච ඒවාද? :)

      Delete
  13. චාජරේ ලොකු කූර තියෙන එකද? පොඩි කූර තියෙන එකද?

    ReplyDelete
    Replies
    1. මෙව්වා චයිනිස් බං :)

      Delete
    2. ඈහ් ඒ කියන්නේ කූරු ගොඩක් තියෙන එක :D

      Delete
    3. පොඩි කුරක්ලු..කූර තමයි කැඩිලා තියෙන්නේ...හිකිස්‌ , හොද වැඩේ මුට ,

      Delete
  14. එතකොට වැටුන දත ගැන කතාවක් වත් නැහැ..ඒකෙන්ම තේරෙනව බොරුව කියල..හොඳ වැඩේ..තව කාපිය..!!

    ReplyDelete
    Replies
    1. අතින් පයින් දාපු කෑලි ගැන ඔච්චර හිතන්ඩ එපා සහෝදරි :D

      Delete
  15. කාපු කෑමේ හැටියට ඔය කිවුවට වඩා දෙයක් උඹ කරලා තියෙනවා මල‍යෝ..

    ReplyDelete
    Replies
    1. මං හරි අහිංසකයෙක් අයියා :D

      Delete
  16. හම්මෝ ඇත්තටමද මේ..මාර මනුස්සෙක් නේ..

    ඇ නිශානයෝ ගහද්දි වත් කියන්ට තිබ්බනේ..

    ReplyDelete
    Replies
    1. කොහෙද ඒ යකා මං කියපු කිසි දෙයක් සත පහකට ඇහුවේ නැහැනේ ඌ ගහනවා ගහනවා ඉවරයක්‌ නැහැ අන්තිමට මිනිහටම මහන්සි හැදිලා ගියා.

      Delete
  17. ඇත්ත කියහන් මටනම් මෙතන පුදුමාකාර සැකයක් තියෙනවා

    ReplyDelete
    Replies
    1. අයියා මට මීට වඩා ගැහුවා කියලද? :D

      Delete
  18. චාජර් එක පිටින් දමලා වැඩේ ශේප් කර ගන්නයි හදන්නෙ මට පේන්නෙ නම්...

    ReplyDelete
    Replies
    1. නැහැ අයියා එහෙනම් මම මේ සීන් එක ලියයි කියලා හිතනවද? :)

      Delete
  19. චාජරේ ගැන තියන ආසාව අතහැරලා දාන්න..........

    ReplyDelete
    Replies
    1. අපරාදේ මගේ චාර්ජරේ :(

      Delete
  20. ගැහැනුන් විසින් ආදර්ශයට ගත යුතුය,.."තම සැමියාට කිසිම සුලුකාරනයක්වත් නොසැඟවියයුතුය."..නිශාන් වැනි..ඉතා අහිංසක , වලියට බර නැති , සූටි කොලුපැටියකු නිසා හොඳය. නැතිනම් අලිවලියකි..!!!!

    ReplyDelete
    Replies
    1. එකෙන්ම මා මෙය අනුමත කරමි :)

      Delete
  21. අයියෝ යෝ යෝ !!!
    දැන් නම් හරි යන්නේ නෑ මල්ලි. අයියා හිතන් ඉන්න දේ ඇත්තම බව පෙන්වන්ඩ වෙනවා !!!
    උ නිකන් සැකේට ඔහොම කලා නම් ඕකගේ උන බහින්නම දීපිකා අක්කට ජුකුං බුං බුං කරන්ඩ වෙනවා !!!!

    ReplyDelete
    Replies
    1. apith ennam. damu polimak

      Delete
    2. මධුරංග අයියා මරු අයිඩියා එක :)

      Delete
  22. අනේ තොගේ බොරැ.ඇත්තනං හොද වැඩේ

    ReplyDelete
    Replies
    1. මෙන්න මිත්‍රයෝ... :(

      Delete
  23. ගහෙන් වැටුණු මිනිහාට ගොනෙකුත් ඇනලානේ :D

    ReplyDelete
  24. අඩේ සිරා සීන් එකක් ද බං :ඩ්
    මගේ බලවත් මෙව්වා එක...

    ReplyDelete
    Replies
    1. බලවත් මෙව්වා එකට ස්තුතියි මචන්...

      Delete
  25. චාජරයක් ගතතා නම් ඉවරයිනේ බං... දැන් චාජරයක් සමග දතකුත් ගන්න එපයිනේ.....

    ReplyDelete
  26. ayyo..........ape nishan ayyata mokakda appa me wela tiyenne.datakut kaduna kiwwa neda?me kaleta dath kadunama itin ai dath enne nane.dan itin karanna tiyenne datha hoyagena gam tikak gala alawa gannaeka.....

    ReplyDelete
    Replies
    1. ඒකනේ නේද නංගි? බලන්නකෝ වෙච්ච දේ..හෆොයි මගේ දත ඉහි ඉහි ඉහි මට ඇඩෙනවා අෆ්ෆා....අයියෝ මගේ දත

      Delete
  27. සිරාවටම !!!! යකෝ මාර මගුලක්නෙ එහෙම ගහන්නෙ කොහොමද ?

    ReplyDelete
    Replies
    1. ඌ වරදවා වටහාගෙන සහෝ...

      Delete
  28. හු හු ඇත්ද තොට හොද වැඩේ..අනුන්ගේ ඒවට චාජරේ ගහන්න යනවට.. :D

    දැන් පස් පංගුව වත් තම්බල බීපන්

    ReplyDelete
    Replies
    1. බලපන්කො ඉතින් උදව් කරන්න ගිහින් අහන කතා.

      Delete
  29. අනුන්ගෙ බඩු චාජ් කොරන්න ගියාම ඔහෝම තමා ඉතින්... අනික චාර්ජර් එක කැඩුනාම මිනිහට නොකියන ගෑනුත් ඉන්නවද අප්පා.. හපෝයි ඒ කියන්නේ මේකා බොරුව දාන්නේ...


    තව ගහපිය තව ගහපිය....

    යකෝ දතටම කීයක් යනවද දැන් චාර්ජර් එක හම්බුනත් වැඩක් තියේයැ

    ReplyDelete
    Replies
    1. ආයේ නම් මලාට මිනිහට හොර කරන ගෑනුන්ට උදව් කරන්නේ නැහැ බන්.

      Delete
  30. මම නං කියන්නේ හොදම වැඩේ තොට.. :) :)

    සුභ වේවා!!! රාජ සම්පත් ලැබේවා!!!

    ReplyDelete
    Replies
    1. මෙන්න මිත්‍රයෝ..

      Delete
  31. anunge ganu ekka business thiyagththata ubata saaaaadu....

    ReplyDelete
  32. වැඩේ අහු උනාම ශේප් වෙන්න බ්ලොග් එකේ පෝස්ට් එකක් දැම්ම,,,, හික් හික්
    බ්ලොග් ලියන කස්ටිය කරන කොමන් ට්‍රික් එකක්,,, රුවන් අයියත් බ්ලොග් බලනවද??

    ReplyDelete
    Replies
    1. ඔහ් ගෝඩ් රට්ටු කතා හදනවා මට :(
      උඹලට මගේ අවංක මිත්‍රශීලී හැඟීම තේරෙන්නේ නැද්ද...

      Delete
  33. දැන් ඉතින් චාර්ජ් එක බහින්නේ නැති වෙන්නම හම්බවෙන්න නැතැයි. කැඩුම් බිඳුම් තෙල් ටිකක් බීහං මලේ.. (ගාන්න තරම් ඉතුරු නැතුව ඇති මයේ හිතේ)

    ReplyDelete
    Replies
    1. ඔව්වා බීලා මට මොනවා හරි වෙයිද දන්නේ නැහැ.ගාන්න පුළුවන් තැනක අතුල්ලගන්න එක හොදයි වගේ :)

      Delete
  34. හපොයි..ශෝක් කෑම.. ඇත්ත‍ටම දැන් පස්පංගුව බිව්වාමවත් කාපුවා දිරෙව්වද..? (හේ..හේ..)

    ReplyDelete
    Replies
    1. අපිට ගහනකන්ම තමා නේද බලන් ඉන්නේ හිනා වෙන්න ? :(

      Delete
  35. චාජර් එකක් ගන්නෙ නැතුව මෙයත් ගිහින් නමකුත් හදන් චාටර් වෙලා චාජර් එකත් නැතුව ඇවිත් කසාය බොනවා..තව ලැජ්ජ නැතුව අයිය නැතිම වෙලාවක් බලල යනවලු..

    ReplyDelete
    Replies
    1. :O මෙන්න මේ වගේ මට උපදෙස් දෙන්නවත් කව්රු හරි හිටියා නම් ඊයේ මෙහෙම වෙන්නේ නැහැ
      හෆොයි....

      Delete
  36. මටනම් හිතෙන්නෙම රුවන් අය්යා හරියට තේරුම් අරන්.. මඩිස්සා අපිට කොලේ වහල

    ReplyDelete
    Replies
    1. උඹේ කට කූබිම කාපිය...

      Delete
  37. මේකාගේ බොරු!!! හොඳ වැඩේ!!! තව ගුටි කන්නයි තිබ්බේ!!! :))

    ReplyDelete
  38. ඔක්කොටම කලින් මේක ඇත්තක්ද බොරුවක්ද කියලා හිතාගන්න බැරුව මම ඉන්නෙ. ඇත්තක්නම් ඇයි ඔච්චර සැක උපදවන ආකාරයට හැසිරුනේ?
    henryblogwalker the Dude

    ReplyDelete
    Replies
    1. මේකයි ඇත්තම කතාව ඔය රුවන් කියන බුවාට කලින් ඉදලම මාව දිරවන්නේ නැහැ අක්කා එක්ක කතා කරන එකට.මේ සීන් එකෙන් මං අක්කවත් බේරාගෙන චාර්ජරේ ආපහු ලබාගැනීමේ චේතානාවෙන් ඉද්දි මේ යකාට මා ගැන අවිශ්වාසේ ඉහලටම නැඟලා.

      Delete
  39. දීපිකා අක්කගේ කැරැට්ටුව එච්චර හොද නැතුව ඇති. අරූට ඒ තරම් තද වෙන්න ඇත්තෙ ඒකයි.

    කොහොම වුනත් ඔකට පස්පංගුවම ඕන නෑ, වෙනිවැල්ගැට විතරක් ඇති.

    ReplyDelete
    Replies
    1. දීපිකා අක්කා හරි හොදයි සහෝ...
      :)

      Delete
  40. හපොයි......ගෑණු ඔහොම්මමයි...

    ReplyDelete
    Replies
    1. ගෑනිගේ අතේද වැරැද්ද?

      Delete
  41. හයියෝ මාර සීන් එක නේ...චාජ් කරගත්තේ කොහොමද ඉතින්......

    ReplyDelete
    Replies
    1. අලුත් එකක් අක්කා ගෙනල්ලා බලවත් මෙව්වා එකත් පලකරලා නළලට උම්මා එහෙකුත් දීලා ගියා :D

      Delete
    2. එළ ඈ..අපේ එකෙක් ඔය වගේ ෆෝන් එකක් චාජ් කරන්න ගිහිල්ලා ගෙදර අයියා ඇවිල්ලා ජනේලේ ලඟ තිබුන ගස්ලබු ගහට පැනලා ඒකත් කඩාගෙන ටොයිලට් වලට වැටිලා ගූ කොල්ලා කියලා කාඩ් රාජයෙක් ගහගත්තා..නිකං ‍ෆිල්ම් එකක් වගේ...

      Delete
  42. හපෝයි අසරණයා... ඕක කෙලින්ම අයියටම කියලා චාජරෙත් අරගෙන වැඩේ ඉවර කලා නම් ඔය මුකුත් නෑනේ... ගෑනු අයට වැඩියෙන් අනුකම්පා කරන්න ගියාම පරිප්පු තමා සෙට් වෙන්නේ !

    ReplyDelete
    Replies
    1. ආයේ නම් කාටවත් උදව් කරන්නේ නැහැ බං

      Delete
  43. උඹ චාජරය කියල අදහස් කරේ පුරුෂ ලිංගයද

    ReplyDelete
  44. මචෝ ඇත්තටම මේ වගේ කෑවද? ලෙඩාගෙ අමාරැ වල හැටියට නම් රැවන් අයියා නෙලලා අම්බානක... ඇගේ පතේ අමාරැවට පස් පංගුව විතරමද බොන්නෙ ?

    ReplyDelete
    Replies
    1. කෑවා නෙවේ බන් හම්මෝ මතක් වෙද්දීත්..
      ඉස්සෙල්ලම පස්පංගුව විතරයි බිව්වේ ඊට පස්සෙත් පස්පංගුවම බිව්වා :)

      Delete
  45. අනේ අප්පේ.. පව්!

    ReplyDelete
    Replies
    1. ඒකනේ නේද පොඩි එකියේ?

      Delete
  46. අඩේ.. ඇත්තට ම වැදුනද අයියේ? මල හත්තිලව්වයි නේ!
    උඹට ඉක්මන් සුවය ප්‍රාර්ථනා කරනවා..
    ජය වේවා!!

    ReplyDelete
    Replies
    1. දැන්නම් ටිකක් සුවයි මලේ අනේ මන්දා මට වෙච්චි දේ....

      Delete
  47. හික්ස්! පණ්ඩිතයිනෙ ඔද වැඩේ ... :ඩ් එක අතකට පව් තමා නිශාන් ..

    ReplyDelete
    Replies
    1. ඔයාලා බලන් ඉන්නේ හිනා වෙන්නමයි නේද? :(

      Delete
  48. ඔන්න ඉතින් කර ගන්නවනම් වර්ණපාල තියරිය දාගන්න තැනක්.

    ReplyDelete
  49. මොකක් හරි දේකට මුල ගෑණියක් තමා....

    ReplyDelete
  50. ඕක ඔය හීනි පින් චාජර් එකක්ද?

    මේකේ නෑනේ බං "නිර්මාණයක් පමණි" එක... උඹ ඇත්තටම ගුටි කෑවා නේද...

    ReplyDelete
  51. චාජරයක් නිසා බෝට වෙච්ච දෙයක් :D.................ඒ අක්කා ලස්සනයිද බන්

    ReplyDelete

හිතට දැනුන පුංචි දේ හරි කියලා යන්න ඒක මට ශක්තියක්.යාලුවනේ ඔයාලට බ්ලොගර් ප්‍රොෆයිල් එකක් තියෙනවා නම් වෙලාවක් තියෙනවා නම් තවමත් ෆලෝ කරලා නැත්තම් ෆලෝ පාරකුත් දාලා යන ලෙස ඉල්ලා සිටිනවා!