තව පැය කිහිපයකින් නත්තල.පොඩි කාලේ නම් නත්තල ලං වෙද්දී ෆුල් ආතල් ඉස්කෝලත් නිවාඩුනේ.ඉතින්
දවල් වෙනකම් නිදියලා ඇති තරම් සෙල්ලම් කරනවා.අම්මා අලුත් ඇඳුම් අරන් දෙනවා රතිඤ්ඤා අරන් දෙනවා සෙල්ලම් බඩු හම්බ වෙනවා.
ඒත් දැන් නත්තල ආවම එපා වෙනවා මට නම් පිස්සු හැදිලා තියෙන්නේ.ගෙවල් අස් කරන්නයි,මකුළු දැල් කඩන්නයි,තීන්ත ගාන්නයි,හැමදේම දැන් මට පැටවිලා :).අවුරුද්දට සැරයයි වුනාට හොඳ ගණන්.අද දවසට එක හුස්මට වැඩ ගොඩක් කරා ඒ මදිවට අම්මට නත්තල් ගහකුත් හදන්න ඕන වෙලා.ඔන්න ඒකත් හැදුවා.
ඊට පස්සේ ටවුන් ගිහින් හෙට ගෙවල් වලට බෙදන්නයි,ගෙදරට එන යට සංග්‍රහා කරන්නයි කෑම බීම ගත්තා.ඕවා උස්සගෙන කඩයෙන් කඩයට යද්දී එපා වෙනවා.අනික සෙනග පිරිලා මේ දවස් වල ටවුන් එකෙත්.අද ගෙනාව කේක් කිලෝ 2යි.ආනමාලු කැනකුයි,මස් වර්ග,තව ඔය එක එක උයන බඩු.
ඕවා උස්සන් එන්න ඕනෙත් මමමයි.ඇඳුම් ගද්දීත් ඔය වගේම තමයි හැබැයි ඇඳුම් ගන්න නම් මේ පාර වේලාසන ගියා15,16 වගේ.වේලාසන යද්දී සෙනග අඩුයි කඩවල් වල.ඒ ඇවිත් ආපහු ගේ මොප් කරලා රෑට පල්ලි යන්න ඇඳුම් ලැස්ති කරලා තමා මෙතන වාඩි වුනේ පොඩ්ඩක් විවේකයක් ගන්න කියලා.හෆ්ෆා ඇඟට නම් ටිකක් අමාරුයි අද :).
එකොළහා මාරට පල්ලි යන්නත් තියෙනවා ඇවිත් රතිඤ්ඤා පත්තු කරන්නත් තියෙනවා.ඊට පස්සේ හතර ගාතේ දිග ඇරගෙන නිදිය ගන්නවා.ආයේ හෙට උදේ පාන්දරම නැගිටලා අම්මා හදන කිරිබත්,ගෙනාපු කේක්,බිස්කට්,කෙසෙල් ගෙවල් වලට බෙදන්නත් ඕන.අපේ ගමේ කතෝලික අය අඩුයි ඒක නිසා අඳුරන හැම බෞද්ධ ගේකටම කෑම පිඟන් යවනවා.ඕවා වලට රිටන් එන්නේ සිංහල අවුරුද්දට තමයි,අෆ්ෆා කැවුම්,කොකිස්,කිරිබත් පිඟන් එනවා අපි කෑම බෙදන හැම ගේකින්ම.අපිට තියෙන්නේ එන ඒවා කාලා බීලා ආතල් එකේ ඉන්න :).
හෙට දවල්ටත් විශේෂ කෑම ගෙදරට එන අයටයි අපිට කන්නයි.
හෙට ගෙවල් 25ක් 30ක් විතර තියෙනවා කෑම බෙදන්න ඔය සේරටම මම තමයි කෑම පිඟන් උස්සන් යන්න ඕන.ඕකත් එපා වෙන කෝස් එකක් අෆ්ෆා.අම්මත් වැඩ දැනුත් මොනාද කරනවා කුස්සියේ.එයා කෑම හදන වැඩ ලැස්ති කරනවා.මේ පාර අම්මා දාපු බිබික්කන් එකනම් මරු.පැණි බේරෙනවා අඩියෙන් අඩියට කජු කෑලි.පෝරණු කාරය පොඩ්ඩක් වැඩියෙන් පුච්චලා වැටි කරවෙලා.ඒවා කපලා අයින් කරා.අනේ මොන ඩයට් ද ඒවා නම් මගේ බඩේ.අප්පා පට්ට රහයි.
ඊට පස්සේ වයින් එක.අනේ මට නම් එකේ සුවඳ අල්ලන්නේ නැහැ තාම පල් වෙනවා පෙරුවෙත් නැහැ.ඕකත් හෙට පෙරයි සමහරවිට.මම නම් ඒකට එච්චරම ආස නැහැ ඒත් අහල පහල උන් ඉන්නවා ඕක බොන්න බලාගෙන.ඔය මොනවා වෙතත් හෙට අනිද්දට ,මට නම් බොන්න හම්බ වෙනවා.හැමදාම නැහැනේ කියලා මේ පාරත් බොන්න ඕන කරටි කැඩෙන්න :).එක පාරක් එකෙක් එක්ක බෝතලයක් බීලා ඩොක් ගාලා වැටුනා තූ පාරක් දාන්න ගිහින් එද්දී පුටු ගොඩකුත් පෙරළගෙන :).
මේ පාර නම් පුටු අරවා මේවා කලින්ම අයින් කරලා තියනවා බීලා ඇවිදියි කියලා හිතන තැන්වලින්.දැන් එහෙනම් මම නවතිනවා හෙට නැත්තම් අනිද්දා තමා ආයේ මේ පැත්තේ එන්නේ.එහෙනම් සුභ රැයක්.
ඒ වගේම ප්‍රීතිය දනවන සුභම සුභ නත්තලක් වේවා කියා මගේ බ්ලොග් සහෘදයන් සියලු දෙනාටම පතනවා!.පාටි එහෙම සෙට් වුනොත් ඔන්න වැඩිය බොන්නේ නැහැ හරිද? :).

සුබම සුම නත්තලක් වේවා මල්ලයා,ඔයාටයි ගෙදර අයටයි..
ReplyDelete//මේ පාර නම් පුටු අරවා මේවා කලින්ම අයින් කරලා තියනවා බීලා ඇවිදියි කියලා හිතන තැන්වලින්// හනේ...වැදියන් බිත්තියකවත් හයියෙන්..ඩෝප් යන්නම.. :P
^-^ අපාරදෙනේ එතකොට බිව්ව ඒවා එහෙම ඩෝප් ගියොත්?.මරු පැතුම නත්තල් දවසේ හිහි
Deleteමම එක වීම ගැන සතුටුයි.. ඉහත මල්ලයා = මල්ලියා ලෙස නිවැරදි විය යුතුයි..
Deleteඔය අහුවෙන්නේ හොරෙ..
Deleteකාටද දැන් ඩෝප්? :D
:/ මම වතුර බීලා ඉන්නෙ බරටම ඈ.. වයින් නෙවෙ..
Deleteමට නම් ෂුවර් නැහැ :)
Deleteසුභ නත්තලක් මඩියෝ එහෙනම්
ReplyDeleteපාටි නම් අවතාර්ට ලොවෙත් ඇත.මතට තිත තිබ්බ නිසා වෙරිවෙන්නේ නැත
ඈ අවතාර් එල කොල්ලෙක්නේ.
Deleteඑල මචන් :)
ප්‍රීතිමත් සුබ නත්තලක් වේවා නිශාන් ....
ReplyDeleteඑසේම වේවා අයියා
Deleteසුභ නත්තලක් වේවා මචන් .
ReplyDeleteඑසේම වේවා මචෝ
Deletesame to you buwa!
ReplyDeleteප්‍රීතිමත්ම ප්‍රීති සුබ නත්තලක් වේවා මචං!
ReplyDeleteස්තුතියි මචෝ
Deleteඑසේම වේවා!
සුභ නත්තලක් කොල්ලෝ......
ReplyDelete///අපේ ගමේ කතෝලික අය අඩුයි ඒක නිසා අඳුරන හැම බෞද්ධ ගේකටම කෑම පිඟන් යවනවා.ඕවා වලට රිටන් එන්නේ සිංහල අවුරුද්දට තමයි,අෆ්ෆා කැවුම්,කොකිස්,කිරිබත් පිඟන් එනවා අපි කෑම බෙදන හැම ගේකින්ම.අපිට තියෙන්නේ එන ඒවා කාලා බීලා ආතල් එකේ ඉන්න :).///
මෙන්න මේ කෑල්ලට තමයි මං වැඩියම ආස.....
තෑන්ක්ස් අක්කා
Deleteඒ කියන්නේ හිරුවත් කැමති එහෙම ඉන්න නෙහ්?
මටත් සිරාවට වැදුන බං ඒ ටික. පොඩි කාලේ අවුරුද්දට ගෙයක් ගෙයක් ගානේ ගිය හැටි මතක් උනා.
Deleteඔක්කොම එකයි බලද්දී :)
Deleteපෝස්ට් එක කියෙව්වේ නෑ මචං.. හෙට අනිවා කියවන්නම්. රෝලේ මේක අප්ඩේට් වෙලා තියනවා දැකල...,
ReplyDelete"සතුට පිරී ඉතිරෙන සුබම සුබ නත්තලක් වේවා..!!" කියල උඹට සුබ පතලා යන්නමයි මේ හදිසියේ ආවේ.
අවුලක් නැහැ මචෝ
Deleteඋඹටත් එසේම වේවා!
ඔන්න දැන් තමයි මේක කියෙව්වේ. අපිට කිට්ටුවක නත්තල් ගන්න අය නෑ මචං. ඉතින් කිතුනු ගෙවල් වල එහෙම නත්තලට කරන්නේ මොනවද කියල දැන ගන්නේ මෙහෙම එකක් කියවල තමයි. ජේසුස් වහන්සේගේ උපත සැමරීම හැරුණු කොට අසල්වාසීන් සමග සුහදතාවය වර්ධනය කර ගන්නත් මේ උත්සවය හේතු වෙනවා කියල මට හිතෙනවා.
Deleteමොකක්ද බං වයින් පෙරනවා කියන්නේ.. ගෙදරම හදා ගන්නවා ද..?.
අහල පහලක හිටිය නම් නත්තල් පාටියත් කාලා උඹවත් කන්න එන්න තිබුනා.. :D
ඔව් මචෝ වයින් පෙරනවා කියන්නේ ගෙදරම හදන එකට තමා ඉන්ටර්නැෂනල් රෙසිපි වලට :).
Deleteඒකඅමාරු දෙයක් නෙවෙයි එත් හරියට පදම ගන්න ඕන දවස් ගානක් පල් කරලා පළතුරු.අහලක පහලක හිටියා නම් මටත් බොන්න එකෙක් සෙට් කරගන්න තිබ්බා එකෙන්ම :)
සාමය සතුට පිරි සුබ නත්තලක් වේවා !
ReplyDeleteදැං එහෙනම් පල්ලි යන්ඩ ලෑස්ති වෙයන් මලේ :)
එසේම වේවා! අයියණ්ඩි
Deleteපල්ලි ගියා :)
සුබ නත්තලක් වේවා !!!! නිශාන් ඇතුළු පවුලේ සැමට. ලොව සාමය රජ වේවා !!! අසල්වසියොත් එක්ක සහජීවනය තමයි නත්තලේ නියම අරුත විය යුත්තේ.
ReplyDeleteඑසේම වේවා! සුදීක අයියා
Deleteසුභ නත්තලක් වේවා මචෝ!!!!!!! !
ReplyDeleteඑසේම වේවා! මචෝ
Deleteසුභම සුභ නත්තලක් වේවා ඔයාටත්.ලග පාතකවත් හිටියනම් මෙයාලගේ අපිටත් දවල් කෑමයි උදේ කෑමයි ශේප් කර ගන්න තිබුනා හෙට..අපරාදේ..
ReplyDeleteඒකනේ :)
Delete(හොඳ වෙලාවට ලඟපාත නොවුනේ) හික්ස්
//මේ පාරත් බොන්න ඕන කරටි කැඩෙන්න // තිත තියල තියෙන හින්දා අපි බොන එව්වට කරටි කැඩෙනව තියා. කිසිම වෙනසක් වෙන් නෑ.
ReplyDeleteසිංහල අවුරුද්දට කැවුම්,කොකිස්,කිරිබත් පුරෝපු කෑම පිඟානක් එවන්නම්කෝ. එක්කො එන්නකො අපේ දිහා.
මඩී අයියගෙ 100 වෙනි ලිපිය නේද මේ ?
සුබ නත්තලක් වේවා
අඩේ තෑන්ක්ස් මචෝ ආරාධනාවට :)
Deleteනැහැ බන් මේ 127 වෙනි පෝස්ට් එක.මේ අවුරුද්දට 100යි :)
සුබ නත්තලක් වේවා !
ReplyDeleteබොලා දුකටයි සතුටටයි 2ටම බොනවද ?
අනිවා දුකට බිව්වම දුක අඩු වෙනවා සතුටට බිව්වම සතුට වැඩි වෙනවා :)
Deleteසුබ නත්තලක් වේවා.. සහෝ
ReplyDelete..
එසේම වේවා! මලයෝ :)
Deleteඋඹ නත්තල සමරන එකෙක් කියල දැන් දන්නෙ...සුභ නත්තලක් වේවා..!
ReplyDelete//හැමදාම නැහැනේ කියලා මේ පාරත් බොන්න ඕන කරටි කැඩෙන්න :).එක පාරක් එකෙක් එක්ක බෝතලයක් බීලා ඩොක් ගාලා වැටුනා තූ පාරක් දාන්න ගිහින් එද්දී පුටු ගොඩකුත් පෙරළගෙන :).//
මේකනං මරු බං..හිකිස්
මම කතෝලිකයා කියලා අයියා අදද දන්නේ? :)
Delete:)
සුබ නත්තලක් මල්ලි ඔබටත් පවුලේ සැමටත්
ReplyDeleteඑසේම වේවා! නලින් අයියා
Deleteසිරි සුභ නත්තලක් වේවා....!!!
ReplyDeleteහැමදාම නත්තල් වේවා....!!!
එසේම වේවා! මාතලන් අයියා
Deleteසුභ නත්තලක් වේවා!
ReplyDeleteඑසේම වේවා! රාජ් අයියා
Deleteසුභ නත්තලක් මචං.
ReplyDeleteඑසේම වේවා! මචන්
Deleteනිශාන්ටයි පවුලෙ හැමෝටමයි සුබම සුබ නත්තලක් !
ReplyDeleteඔහොම තමා බන්, ගෙදර ඉන්න කොල්ල උනාම උඹ තමයි ගෙදර වැඩ ටික කරන්න ඕන. ඔය කෑම පිඟන් බෙදන වැඩේ මමත් අහල තියෙනව අපේ නංගිලගෙන්, එයාලත් ඉන්නෙ කඳානෙ. නත්තල සමරන අය එදාට එයාලට කෑම පිඟානක් ගෙනත් දෙනව, සිංහල අවුරුදු දවසට එයාල අර ගෙවල් හැම එකකටම කෑම පිඟන් යවනව. මම හිතන්නෙ ඒක හොඳ වැඩක්, එක ගමේ ඉන්නකොට සාමයෙන් සමඟියෙන් සහජීවනයෙන් ඉන්න එපෑයැ.
එසේම වේවා! අයියා
Deleteහැම නත්තල් කාරයන්ටම එක වගේ තමා :)
සුබම සුබ නත්තලක් වේවා නිශාන් අයියේ..! හයියෝ ඔයාලගේ ගෙවල් ළඟ පාතකවත් හිටියනම්.. :/ :D
ReplyDeleteඒකනේ වෙලාවට නොහිටියේ :)
Deleteසුභම සුභ නත්තලක් වේවා
ReplyDeleteඑසේම වේවා! සහෝ
Deleteසුභ නත්තලක් වේවා..!
ReplyDeleteබොන එක පහුවදාට තියාගන්
එසේම වේවා! :)
Deleteඒ කියන්නේ හෙටද?
සුභම සුභ නත්තලක් අම්මටයි ඔයාටයි දෙන්නටම මලේ උඹ වැඩිය එහෙම බොන්න එපා බොල තාම පොඩි ඒකා නේද? බොන්න තියෙන ඒවා අරන් තියන්න මම ලංකාවට ආව කාලෙක බොන්න (එහෙමයි වැඩිහිටියන්ට සංග්‍රහ කොරන්නේ) එල එල පුටු ටික පරිස්සමෙන් කරන දෙයක්. :)
ReplyDeleteඅයියා එද්දී මේ පාර ගෙනාපුවායේ හිස් බෝතල් ටිකත් විකුනලා එකෙනුත් ආයේ ගෙනල්ලා බිව්වහැකි :)
Deletewish u the same.
ReplyDelete:)
Deleteathi yanthan hadala. Suba naththalak macho. Ammata kiyapan kema piganak mehetath ewanna kiyala.
ReplyDelete:) උඹ නිසාම තමයි වැඩ අස්සෙත් ඒක හැදුවේ.උඹ කොහෙද ඉන්නේ?
Deleteඅපිටත් කෑම පිගානක් එවන්නෝ...
ReplyDeleteසුභ නත්තලක් ඈ.. (සුට්ටක් පරක්කු උනා එන්න..)
එවන්නම් එවන්නම් :)
Deleteසුභම සුභ නත්තලක් වේවා මල්ලි...!
ReplyDeleteඅපිට නත්තල් නැති වුනාට, නත්තල් පාර්ටියක් තිබ්බා....කාලා බිලා (බිම හොදේ) ජොලියේ ඉදලා ආවා.... :)
පාටියකට ගියාද? :) සුභ පැතුම් එහෙනම්
Deleteනිශාන් අයියේ ඔන්න මමත් ආවා මේ පැත්තේ. එහෙනම් සුභම සුභ නත්තලක් වේවා!
ReplyDeleteහා පැංචිගේ ලෝකය
අලේ හා පැන්චියෙකුත් ඇවිත් :)
Deleteස්තුතියි දිගටම එන්න ඕන හරිද?
සුබම සුබ නත්තලක් වේවා නිශාන් මල්ලිට..
ReplyDelete//මේ පාර අම්මා දාපු බිබික්කන් එකනම් මරු.පැණි බේරෙනවා අඩියෙන් අඩියට කජු කෑලි//
මෙන්න මේවා ටිකක් එවුවොත් ඇති..
ඊයේ පෙරේතයෝ දෙන්නෙක් ඇවිත් කෑවා ඔක්කොම බෝම අමාරුවෙන් කෑලි දෙකතුනක් හංගගත්තා.දෙන්න නම් පුළුවන් එත් කෝමෙයි?. :)
Deleteඅඩේ දවසක් පරක්කු උනාට කමක් නෑ.. අම්මටයි උඹටයි දෙන්නටම සාමය සතුට පිරි සුභම සුභ නත්තලක් වේවා..
ReplyDeleteඅඩෝ, බිබික්කන් කන්න මාත් මාරම ආසයි බන්.. මාර රහයි නේද..
තෑන්ක්ස් මචෝ!
Deleteපට්ට රහයි බොල ඒත් මම කලින් නම් එච්චර ආසාවක් තිබ්බේ නැහැ බිබික්කම් වලට :)
happy christmas nishan ayya.......... :)
ReplyDeletesamawenna wish karanna late unata ayya.
apooo........danmamabonawada nishan ayya.oya tama podine ayye...
තෑන්ක්ස් නංගි ලේට් වුනාට අවුලක් නැහැ.
Deleteනත්තල් හැමදාම නැහැනේ ඒක නිසා ඉඳලා හිටලා ඉතින් දන්නේ නැද්ද :)
සුභ නත්තලක් වේවා!
ReplyDeleteඑසේම වේවා හරියෝ
Deleteමට නම් අලුත් අවුරුද්දට ගෙදර තීන්ත ගාන එක, අම්ම එක්ක පොලේ යන එක, ගෙවල් වලට කෑම බෙදන එක තරම් ආතල් වැඩක් ලොවෙත් තව නෑ. කොච්චර මහන්සි වුනත් පට්ටම ආසයි මමනම්. //ෙ පාර අමා දාපු ක්කන් එකන මරැ.පැຒ ෙෙරනවා අຌෙයන් අຌයට කජු කෑලි.// අඩෝ බිබික්කමක් අඩියක් ලොකුයිද බං ?
ReplyDeleteඋඹ ආස ඇත්තේ ඕවා කරන්න චාන්ස් එක හම්බවෙන්නේ නැති නිසා වෙන්න ඇති :).බිබික්කම දාපු තැටිය පත සයිස් බොල :)
DeleteI was аble to find good adνice fгom youг cοntent.
ReplyDeleteAlsο visit my pagе - hair removal solution
Also visit my weblog neck hair removal
සුභ නත්තලක් යාලු !පරක්කු වෙලා හරි ඕන් මමත් සුභ පැතුවා :)
ReplyDeleteතැන්ක්ස් සහෝ!
Deleteනත්තල් පහුවෙලා දැක්කෙ ඒත් කමක් නෑ... සුභ නත්තලක් වේවා !
ReplyDeleteඅවුලක් නැහැ අයියා :)
Delete
ReplyDeleteහපොයෝ හොදටම පරක්කු වෙලානේ බොල දකිද්දී ..
ලබන්නා වූ අලුත් අවුරුද්ද ඔබ සැමට වාසනාවන්ත වේවායි එක සිතින් ප්‍රාර්ථනා කරමි.
ඉදිරි වසරේදී ඔබගේ සියලු බලාපොරොත්තු ඉටු වන , සියලු සිහින මල්ඵල ගැන්වෙන , පැහැබර අනාගතයකට නව මන්මාවත් විවර වන , සතුට සාමය පිරි ජීවිතයකට සුබ පතමි.
එදිනෙදා ජීවිතයේ ඔබේත් මගෙත් අද්දැකීම්.: Merry Christmas and Happy New Year Greetings 2013!
ස්තුතියි සහෝ :)
Deleteඒ උඹලගේ අම්ම උයන කෑම නම් පට්ටය් මචෝ.... කොච්චර කෑවත් ඇති වෙන්නේ නෑ....
ReplyDelete