අපේ බ්ලොග් කරුවෙක් වාසය කරන ගමක කතා ටිකක් තමා අද කියන්න යන්නේ.මේ ගමේ මිනිස්සු ඉස්සර ටිකක් නොදියුණු නූගත් පිරිසක්.දැන් නම් එහෙම නැහැ දැන් රටේ අනිත් මිනිස්සු වගේම මෙයාලත් බොහොම උගත් දියුණු කොටසක්.
කතෝලික පල්ලි වල මංගල්ලෙට කොඩි ගහක් උස්සනවා කොඩි ගහ උස්සලා ඉඹුල් කිරිබත් එහෙමත් බෙදනවා.මේ ගමෙත් ඔන්න ඉස්සර කාලේ දවසක පල්ලියේ කොඩි ගහ උස්සනවලු.හොඳට හයිය හත්තිය තියෙන මිනිස්සු කඹ වලින් අදිනවා කොඩි ගහ.ගහත් ටික ටික කෙලින් වෙනවා.ඔහොම කොඩි ගහ කෙලින් වෙද්දී මේ ගමේ බලන් හිටපු මිනිස්සු ටික අත්පුඩි ගහන්න ගත්තා.මිනිස්සු අත්පුඩි ගහද්දි කොඩිය ඇද ඇද හිටපු කට්ටියත් කඹ ටික අත ඇරලා අත්පුඩි ගහන්න ගත්තලු.ඉතින් කොඩි ගහ ආපහු බලන් ඉන්න මිනිස්සුන්ගෙම ඔලුවලට පත බෑවුනා කියලා තමා ආරංචි.
ඔය ගමේම ඉස්සර තරඟයක් තියෙනවලු හඳට ගල් ගැසීම කියලා.මේකෙදි කරන්නේ හොඳට හඳ පායලා තියෙන දවස් වලට ගමේ තරුණයෝ,පිරිමි ගල් කෑලි අරගෙන ගමේ තියෙන පුවක්,පොල් වගේ උස ගස් වලට නැගලා අර ගෙනාපු ගල් වලින් හඳට ගහනවලු.ගහලා ඉවර වෙලා සමහරු කියනවලු මන් ගහපු ගල නම් වැදුනා කියලා.
ඔහොම දවසකුත් රෑ පානේ හඳට ගල් ගහලා ගෙවල් වලට යන්න කියලා පිටත් වුනු ගමේ තරුණයෝ දෙන්නෙක් කතා වේවි ආවලු තරඟය ගැන.ඔහොම එද්දී මගදී අමුතු වස්තුවක් දැක්කලු.
මචන් මේ.... හඳේ කෑල්ලක්ද කොහෙද!!
ඔව් බන් මාත් හිතන්නේ මේ හඳේ කෑල්ලක් කියලා තමා.අපි අල්ලලා බලමුද? අනිකත් අහනවලු.
හා අල්ලලා බලමු.ඔන්න දැන් එකෙක් අමුතු වස්තුව ස්පර්ශ කරනවා.
මේක පරිප්පු හැලියක් වගේ මෙලෙක් බන්.
නැහැ!!! අපි කාලත් බලමුද?.හඳ රහ ඇති බන්.
හා හා කමු.ඔන්න දෙන්නා පොඩ්ඩ පොඩ්ඩ අතට අරන් කනවා.
තුහ්.. මෙලෝ රහක් නැහැ බන්.මට පේන්නේ මේක පොළොවට වැටිලා ගොඩක් වෙලා.වැටුන වෙලේම කෑවා නම් රස ඇති දැන් පිලුන් වෙලාද කොහෙද අපි යන් බන් යන්න.
හඳ එලියට දිලිසි දිලිසි තිබ්බ ගොම බෙට්ටකුත් කාලා තමා ඔය විදියට කොලුවෝ දෙන්නා ගෙදර ගිහින් තියෙන්නේ.
ඔය ගමේම ඉස්සර ටිකක් චන්ඩි ගති තියෙන බේබද්දෙක් හිටියලු.මිනිහගේ නම සුනිල්.
ඔන්න දවසක් මිනිහා මීගමු ගිහින් එද්දී ගෙනාවලු පණ පිටින් කකුළුවෝ වගයක්.කකුළුවෝ ටික අඹුවට දීලා සුනිල් ගියාලු ලාවට ටිකක් රත් වෙන්න කියලා හිතාගෙන.
ගියෙත් නිකන් නෙවේ ගෑණිට සැර කරලා ගියේ
මම එද්දී කකුළුවෝ ටික හොඳට හදලා තියහන් හොඳට මිරිස් ටිකක් එහෙම දාලා.යි කියලා.
දන්නවනේ ඔය ගමේ හැටියට ගෑණුත් කොහොම ඇතිද කියලා?සුනිල් ගියාම සුනිල්ගේ ගෑණි කුස්සියේ වැට පැත්තේ අල්ලපු ගෙදර ගෑණි එක්ක ඕපදූපයක් කියව කියව ඉඳලා ගෙට ඇවිත් බලද්දී අම්මට සිලි කකුළුවෝ ටික මල්ලේ තිබ්බ හිලකින් පැනලා ගිහින්ලු.
අනේ හොඳටම සූර් වුනු සුනිල් ගෙදර ආවේ කකුළු හොද්දේ රස බලන්න.ගෙට ගොඩවුණු ගමන් බයේ ගැහි ගැහි ගෑණි කිව්ව විස්තරෙන් සුනිල්ගේ සිහින බොඳ වෙලා ගියා.
හොඳටම මල පැන්න සුනිල් ගෑණිට හොඳටම තඩි බාලා වැටෙන් පොල්ලකුත් කඩන් සයිකලේ නැගලා යන්න ගියාලු.ගෑණි දැන් බලන් ඉන්නවලු ඉන්නවලු සුනිල් නැහැලු.කේන්තියට ගිහින් කෝච්චියට බෙල්ල තිබ්බාවත්ද කියලා බයවුණු සුනිල්ගේ අඹුව සිද්දිය සුනිල්ගේ මල්ලි කෙනෙක්ට කිව්වලු.
අනේ මලයත් ටාර් ගාලා මිනිහගේ සයිකලෙත් අරන් ගියාලු සුනිල්ව හොයන්න.කසිප්පු පොට් වලයි සුනිල්ගේ යාලුවන්ගේ ගෙවල් වලයි හොයලා සුනිල්ගේ මලයා හිස් අතින්ම එද්දී දැක්කලු ජා ඇළ හන්දියේ පාරක් අයිනේ සුනිල් පොල්ලකුත් තියන් ඉන්නවා.
අයියේ මොකෑ බන් උඹ මෙතන කොරන්නේ?අක්ක අරහේ බොලා නැතුව වැළපෙනවා.බොලා මෙහෙ කිසි වගක් නැතුව පොල්ලක් තියන් ඉන්නවා.
අනේ පලයන් බන් මලේ යන්න ඔය **ති තමා කකුළුවෝ ටිකත් යැව්වේ.මම මේ ඉන්නේ කකුළුවෝ ටික එනකම්.උන් කොහෙන් ආවත් මීගමුවට යන්න මේ හන්දිය පාස් කරන්නම එපැයි බොල.ආදේන්කෝ ඕකුන් කුඩු කරනවා ඕකුන්ව මම!!.
!@#$%^&*()_+
_________________________________________________________________________________
මේ කතා විවිධ විදිහට ඔයාලා අහලත් ඇති මේවා කටින් කට යද්දී සමහරවිට පොඩි පොඩි වෙනස් කම් වෙලා වෙන වෙන වර්ශනුත් හැදිලා ඇති.කාටවත් අපහාසයක් කරන්න හිතලා නම් නෙවේ ලිව්වේ උපහාසය සඳහා පමණි!
හිකිස්..........
ReplyDelete:)
Deleteඅන්තිම කතාව නම් පස්ටයි ඈ ..
ReplyDeleteකකුළු කතාව!
Deleteතැන්ක්ස් මචෝ
හිනා කනවා කථාව.කකුළුවෝ ටික ආවද දන්නේ නැ නේද?
ReplyDeleteමනසින් දිවියට ගොඩ වඳින්න(සරල බව සහ තදබල උනන්දුව)
ලොල්
Deleteසුනිල්ගෙන් අහලා කියන්නම්.
hu huu..
ReplyDeletePatta katha tika..
ලොල්
Deleteහුඟ කාලෙකින් නේද මේ පැත්තේ?.
චමියා ගේ ගමද????
ReplyDeleteස්ස්ස් කට කට :)
Deleteමඩිස්සලේ නිශාන්ගේ ගම
Deleteඅපෝ නැහැ නැන්දේ මම රාගම කොල්ලෙක්
Deleteනිසානයගේ ගමලු ඕක ඈ...
ReplyDeleteමං තුමා රාගම බන්.රාගම මිනිස්සු හෙන නුවනක්කාරයිලු
Deleteඅහිංසක බ්ලොග් කරුවන්ට බඩ නොගසනු.....
ReplyDeleteඅයි බන් අර හොරු එනවට පපඩම් දාපු එක, ලන්තැරුම වෙලේ ඔබපු එක., කොස් ගහ කරත්තෙට කපපු එක.. ඒවත් කියහන්කො....
O_o හෑ? මම දන්නේ ඔතනින් කොස් ගහ කරත්තෙට කපපු සීන් එක විතරයි:(
Deleteබඩ නොගසනු කිව්වේ?
බඩ නෙමෙයි මඩ මඩ...
Deleteඇයි බන් පපඩම් දාපු එක දන්නැද්ද ? ගමේ එකාගෙන්ම අහලා බලපන්කො..
""හඳ එලියට දිලිසි දිලිසි තිබ්බ ගොම බෙට්ටකුත් කාලා තමා ඔය විදියට කොලුවෝ දෙන්නා ගෙදර ගිහින් තියෙන්නේ.""
ReplyDeleteෂුවර්ද? හික්ස්
ෂුවර් ෂුවර් මචෝ! :)
DeleteUmbath blogger raajaya kachal wechcha welawe mama wage mada gahanawa ne.. hodai ban unta nene uththra denna
ReplyDeleteමොනවද බන් උඹ කියවන්නේ? කව්ද කාටද මඩ ගැහුවේ?
Deleteමේ ඔකකොම උඹලාගේ ගමේ කතාද :D ඇත්ත කියපං....
ReplyDeleteනැහැ බන්
Deleteඅන්තිම කතාව නම් අහල නැති පස්ට එකක්ය. අනෙක්ව නම් උඹ අමුවෙන්ම අනුභව කර රස හලා ඇත
ReplyDeleteලොල්
Deleteඅද සිංහලෙන් කොටලා තියෙන්නේ?.
කකුළුවො එනකම් හුඟක් වෙලා හිටියද?
ReplyDeleteදල්ලේ නැහැ :)
Deleteහොකෑස්
ReplyDeleteමරු කතා සෙට් එක මතන්
තෑන්ක්ස් මචන් :)
Deleteතුම්පනේ විත්ති කියලා පොතක් හරි කතා සීරීස් එකක් හරි තියෙනවා ඔය වගේ. නිශාන් කිව්වා වගේ මිනිස්සු ඕවයෙ එක එක වර්ෂන් හදාගන්නවා.
ReplyDeleteඔව් කටින් කටට යද්දී නම් ගම් වෙනස් වෙනවා!
Deleteමට මතක විදියට චමියත් ඔය කතා ටික ලියල තිබුනා. දෙන්න එක ගමේ නේද ? අටමත් එක්කම.
ReplyDeleteඔව් ඔව් තුන්දෙනාම එහෙ තමා.. :-)
Deleteඅඩෝ අපිනං බටගම නෙමෙයි, ජාඇල ජාඇල කිව්වට මූත් බටගම තමා
Deleteමම නම් උපන්දා සිට රාගම මේ අදාළ ගම රාගම නෙවේ.
Deleteහඳට පොලු ගැසූ මිනිසුන් සිටින්නේ මොරවක් කොරළේය,ඒ කතාව මොරවක් කෝරලේ උන්ට මඩ ගැසීමට ගෙතු කතාවකි.
ReplyDeleteමාත් කියන්න ආවෙ ඒක බං, උඹත් ඉතිං මාතර පොර නිසා දන්නවනේ. අපේ පන්තියෙත් හිටියා ඒ පැත්තෙන් ආපු එකෙක්, අපිත් ඌට විහිලුවට කියන්නෙ ‘‘බොලා ඉතිං හඳටත් ගල් ගහපු උන්නේ‘‘ කියල.
Deleteඅනේ මන්දා නම් ගම් වෙනස් වුනාට එකම කතා.
Deleteගම තුම්පනේද නිශාන්?
ReplyDeleteඅපි ශ්‍රී ලංකා නිවුස්
නැහැ මම රාගම මම මේ කතාවලින් කිව්වේ මගේ ගම ගැන නෙවේ.ස්තුතියි කොමෙන්ටුවට!
Deleteකකුළු කතාව නම් නියමයි නිශාන්..මීගමු යන පාරෙද රාගම යන පාරෙද දන්නෙ නෑ සුනිල් පොල්ල තියන් බලන් උන්නේ...හි හි හී
ReplyDeleteනු ඔය ඉදලා තියෙන්නේ කදාන හන්දියේ. නිෂානයා ඒ කතන්දර ටික මීට වඩා රහට ලියන්ඩ තිබ්බා
Delete@ලිහිණි
Deleteනැහැ වෙන්නප්පු යන පාරේ :P
@අටම්
සුනිල් හිටියේ රිලවුල්ල හන්දියේ එත් එහෙම කිව්වම දුර පලාත්වල අය දන්නේ නැති නිසයි ජා ඇල කිව්වේ.අනේ මට පුළුවන් විදියට තමා ඉතින් ලිව්වේ.
අර ගොම කාපු කතාවේ තව එකක් තියනවා. දිය යට ගිහින් මී කඩපු සීන් එකක්..
ReplyDeleteඅන්තිම කතාව තමයි වැඩියෙන්ම හොඳ. :)
මාර කතා සෙට් එකක් බන් තියෙන්නේ.
Deleteඅන්තිම කතාව වැඩිය ප්‍රසිද්ද නැහැ.
මේ කතා සෙට් එක එන්නේ හල්පේ රස කතා ගොන්නටයි.. තව තියනවා මේකේ කොටස් ගිරේ හොයපු හැටි එහෙම..
ReplyDeleteමම අහලා තියෙන ගම එකක්.එතකොට තව කට්ටියක් කියනවා ඒ තුම්පනෙලු නලින් අයියා කියනවා හල්පෙලු.එහෙම තමා ඕව කටින් කට යද්දී ගම් නම් වෙනස් වෙනවා.
Deleteකොහෙන් ආවත් මෙතනින් එපෑයි මීගමුවට යන්න.. අයියා තාමත් මග රැකන්ද දන්නේ නෑ.. :D
ReplyDeleteවෙල්කම් කුමාරි
Deleteඅද නේද ඉස්සෙල්ලම මේ පැත්තේ ආවේ? දිගටම එන්න
අඩෝ ආතල් කතාව......සුනිල් විතරක් නෙමේ අපේ උන්දෙලත් පොඩ්ඩක් වැඩි උනාම ඔය වගේ ආතල් දෙනවා.........
ReplyDeleteඋඹේ ගම කොහෙද? :)
Deleteආතල් කෝටියයි.මේ පැත්තෙත් ඔය වගේ කතා රාසියයි. කොඩි ගහේ කතාවක් නම් දන්නෙ නෑ.
ReplyDeleteකොහෙද මචෝ ගම? :)
Deleteගෙට්ටුවේ ඉතුරු වෙච්ච පපඩම් මල්ල ෆෝයු චමියා ගෙදර ගෙනිච්චා,උන්ගේ වතුර මෝටරයත් හොරු ගලවලා කියුවා,
ReplyDeleteමෙන්නෝ පපඩම් හොරු.....!!!
Delete:)
ඒ පැත්තේ හොරු නම් මොකක් හරි ආතල් සීන් එකකුත් ඇති,
සුනිල තාම කකුළුවො එනකල් බලාගෙන ඉන්නව ඇති.
ReplyDeleteරෑ වෙනකම් ඉඳලා යන්න ඇති කළුවර නිසා උන් අද එන්නේ නැතිව හෙට එයි කියලා ;)
Deleteහෙහ් හෙහ්... හෙනං කකුළුවො මීගමු යන්නෙ මීගමුපාරෙන්මයි.
ReplyDeleteනැතුව නුවර පාරේ යන්නැයි :D
Deleteඅප්පා... පජාතයි ඕයි! :)
ReplyDeleteසුභ වේවා!!! රාජ සම්පත් ලැබේවා!!!
උඹ වගේ තමා :)
Deleteගමනම් චමියාගේ ගම වෙන්න ඕනෙලු. ඔයවගේ කතා ඇහෙන්නේ ඒ පැත්තෙන් විතරලු
ReplyDeleteගම අයිතිකාරයා නම් හරිලු :)
Deleteලංකාවේ විවිධ පලාත්වල තිබෙන ගම සම්බන්ධ කරලා මේ කතා මාලාවක් තියනවා. මම අහලා ට්ජින්නේ කෑගල්ල දිස්ත්‍රික්කයේ ගමකට හදපු කතාව. එකේ කියන්නේ අර යාළුවො දෙන්නා ගමනක් ගිහි රෑ ආපහු එන ගමන් හිතුවලු පොලු වලින් දමලා ගහලා අඹ, කජු, වගේ දේවල් කඩන විදිහට හඳ කඩන්න. ඉතින් මේ දෙන්නා පොලු ගහනකොටම හඬ වලාකුලකින් වැහුනලු. දෙන්නා හිතුවේ හඬ වැටුනා කියලා. එතන තිබුන ඇලේ හඳේ ඡායාව දැකලා දෙන්නා හිතුවා හඳ ඇලට වැටිලා කියලා. දෙන්නා පැනලා හඳ කෑලි හෙව්වා. ඒ වෙලාවේ ඇලේ උඩහ ප්‍රදේශයේ පුද්ගලයෙක් ඇල වැසිකිලිය ලෙස පාවිච්චි කර තිබුනා. අර දෙන්නා ඇහිඳගත් හඳ කෑලි කාලා, ඉඹලා අර නිගමන වලට ආවා. එක යාලුවෙක් ඇහුවා ඒ වුනාට බං මෙච්චර ඇඹුල් මොකද කියලා. අනික් යාලුවා කිව්වලු ඇයි බං අපි අර ගොරක ගහෙන් කඩාගත්ත පොලු නේ ගැහුවේ. ගොරක ඇඹුලයිනේ කියලා.
ReplyDeleteඅසමි දකිමි සොයමි ලියන විචාරක
ඔය කතාව මමත් අහලා තියෙනවා එත් මේ ගමේ කියලා අහලා නැති නිසා ගමේ කතාවම ලිව්වා.ස්තුතියි විචාරක මහත්මයා.
Deleteහැක හැක හැක!
ReplyDeleteමුකෑ බොල?
Deleteඅය්යෝ කනව මම දැන් බොස්ගෙන් ඔෆිස් එකේ හිනා වෙන්න ගිහින්....
ReplyDeleteමූට් කරලා හිනා වෙන්න :D
Deleteමේ කතා සෙට් එක කියනව තුම්පනේට කියලත්. තව අජිත් පැරකුම් ලගෙ ගම් පැත්තට කියනව කියලත් තියෙනව.
ReplyDeleteමෙන්න මම දන්න සෙට් එක.
1. හඳට පොළු ගැසීම ( ඔය පොළු ගහද්දි හඳ වළාවකින් වැහුනම මුන් හොයන්න ගත්තලු. පස්සෙ බිම තියෙන ගොම් බෙට්ටක් කළුවරෙ හඳ කියල හිතල කනකොට ඇඹල ඇයි කියල ඇහුවම එකෙක් කිව්වලු, ගොරක පොළුනෙ ගැහුවෙ, ඒ නිසා වෙටැ කියල )
2. කකළුවො මීගමු යනතුරු බලාන සිටීම.
3. පපඩම් දමා හොරු ඇල්ලීම.
4. ලන්තෑරුම වතුරට දැමීම.
5. කොස්ගහ කරත්තෙට කපපු හැටි.
6. කොස් ගස කර ගහ උඩට වැටෙයි කිවූ විට කර ඇල්ලීම
7. මඟුල්බතට ගන්න ගෝනා මඩේ එබීම
8.පුවක් ගසේ පන්දම බැඳිම
තව තිබ්බ, ඒත් මතකෙට එන්නෙ නෑ.
බටගම කතා කියනවා තුම්පනේ කතා කියනවා තව හල්පේ කතා කියලත් කියනවා.ඔය කෝක වුනත් එකම කතා සෙට් :)
Deleteඅම්මපා බොලව් හොයාගන්න කතා ඇ,, අර කකුළු කතාව නම් එළ..!! හික්ස්,, ඒ වෙලාවේ මටත් ඉන්න තිබ්බා නම් අර මනුස්සයා කකුළුවො ටික එනකම් බලන් ඉන්න හැටි බලන්න..
ReplyDeleteකීය වෙනකම් ඉන්න වෙයිද දන්නේ නැහැ පාරේ :D
Deleteපස්ටයි ඈ...
ReplyDeleteමේවා මැණික්පුරේ කථා කියලයි අහලා තීන්නේ...
ගම කීයක් මේ කතා අයිතිකරගන්න හදනවද :)
Deleteස්තුතියි සහෝ කොමන්ට් එකට!!
බං අර හදේ පලුව ...කතාවෙ, මුං පොලුවලින් ගැහැව්වලු..එතකොට හඳ වලාකුලකට වැහුනම හිතුවලු වැටුන කියල. කාල බලල ඇඹුලයි කිව්වලු..
ReplyDeleteඇයි බං අපි හඳට ගැහැව්වෙ ගොරක ගහෙන් කපාගත්ත පොලු කිව්වලු.
ඒත් කාල තියෙන්නෙ ගොම නොවේ..මිනිස්***ලු
ඈය්ය නේ..!!!
හපොයි වීයා ඒක කිව්ව කැත :)
Deleteහි හි අයියෝ.......
ReplyDeleteඉකෙයියා විලි ලැජ්ජයි ඕයි තැනකට ගීන් ගමේ නම කියන්ඩ බෑ හැබැයි මේවා ආතලා මුත්තලා කාලේ වුනු දේවල් නේ දැන් ඉන්න වුන් අලි කපටි ලගින් ගියොත් ඇහැකුත් නෑ
ReplyDelete