Saturday, May 18, 2013

114 අවුරුදු උත්සවයක ආතල් සිද්දි!

හැම ගමකම වගේ අපේ ගමෙත් තිබ්බනේ මේ සැරේ අවුරුද්දට සුර්ය මංගල්‍යක්!.අර කලින් පෝස්ට් එකේ කිව්ව ෆයර් බෝයිස්ලම තමයි මේකත් කරේ!

පොඩි කොල්ලෝ ටිකක් ආධාර එකතු කරලා ලොකු අවුරුදු උත්සවයක් තියලා රෑ DJ එකකුත් තිබ්බා!.පටන් ගත්ත වෙලේ ඉඳන්ම ඉතින් ෆන් තමයි මොකෝ හැමදාම නැහැනේ!.

අවුරුදු උත්සවය තියෙන දවසේ අපේ අම්මා එයාගේ යාලුවෙක්ටත් අපේ ගෙදර එන්න කිව්වා.අවුරුදු උත්සවෙත් බලලා දවල් කෑම අපේ ගෙදරින්.එයා එනවා කිව්වේ එයාගේ අවුරුදු දාහතක දුවත් එක්ක!.ඒ නංගිව පොඩි කාලේ දැක්කට පස්සේ දැක්කෙම නැහැ මම,එයත් එනවා කිව්ව නිසා මම ටිකක් අපහසුතාවයෙන් හිටියේ ටිකක් ලැජ්ජාවෙන් වගේ,මොකද මම ඉතින් ලැජ්ජ බයට හැදුන කොල්ලනේ!. නේ..ද...?


ඒ වගේම ටිකක් ආසවෙනුත් හිටියේ ඉතින් ඒ නංගිව දැකගන්න දැන් කොයි වගේද කියලා.(සහෝදර ආසාවක් ඈ ඒ!).ඔන්න එයාලත් උදේම ආවා!අනේ ඒ නංගි පොඩිත්තට නිකන්ම වයස ගෙවිලද කොහෙද!.වැඩිය කතා බහක් නැහැ මා එක්කනම් ඒත් අම්මා එක්ක නම් හිනා වේවි කතා කරා!,ඉස්සර දත් ටිකෙත් මොකක්ද ලෙඩකට බෙහෙත් ගන්න නිසා කහට බැඳිලා.හරියට අවුරුදු 13ක ළමයෙක් වගේ හැසිරුනේ!

අවුරුදු උත්සවේ තියෙන තැනට අම්මා එයාලව එක්කන් එන්නම් කිව්ව නිසා මම උදෙන්ම ගියා අවුරුදු උත්සවේට!මුලින්ම තිබ්බේ ගම හරහා මැරතන් එක!.මැරතන් තියා මීටර් සීයක්වත් ලඟදි නම් දිව්වේ නැහැ ඉතින් මේකට දුවනවද නැද්ද කියලා දෙගිඩියාවෙන් හිටියේ.ටිකක් ලොකු වටයක් දුවන්න තිබ්බෙත් හැබැයි ඉතින් තෑග්ග නම් බර වටින එකක්!

තෑග්ග ගැන හිතලා දුවන්න හිතුවේ ඒත් කොහෙන්ද මන්දා දුවන සෙට් එකක් හදිසියේම මැරතන් එකට බැස්සා!.උන් ප්‍රොෆෙසනල් දුවන සෙට් එකක්.ඒ කියන්නේ කොහේ හරි  අවුරුදු උත්සවයක් තියනකම් බලන් ඉන්නේ දුවන්න,ඒක තමයි අවුරුදු කාලේට එයාලගේ රස්සාව!ඉතින් මුන් එක්ක දුවලා නිකන් චාටර් වෙන්න ඕන නැති නිසා දිව්වේ නැහැ.මැරතන් එක ගියාට පස්සේ ඔන්න කොට්ට පොර ගැහුවා,

කියන්න සතුටුයි පින්වතුනි මම කොට්ට පොර ගහලා තුන!.මම වට තුනක් ගහලා දෙකක් දින්නා අන්තිම එක ප්‍රතිවාදියා මට ගහලා තමා ෆයිනල් ගියේ.ඒකෙනුත් මම දින්නා නම් මම තමා ෆයිනල් යන්නේ.අනේ ඉතින් මේ කොට්ටේ උස්සගන්නත් බැරිව හිටපු එකේ ඔය මදැයි කියලා හිත හදාගෙන සන්තෝෂෙන් හිටියා.හැබැයි දුක කියන්නේ මට ගහලා ෆයිනල් ගියේ මගේ හතුරෙක්,ඌට අවුරුදු 15යි ඒ වුනාට ගංජා ගහන හොර පොල් කඩන ගෑනු නානවා හොරෙන් බලන මහා නැහැදිච්ච නොසන්ඩාලයෙක්.


ඒ වුනාට ෆයිනල් එකෙන් ඌ පරාදයි මොකද එහා පැත්තේ හිටියේ වේලු සුමන වගේ යෝද සයිස් එකෙක්,මම ෆයිනල් ගියත් උගෙන් කාලා ඩවුන් වෙනවා!.ඔන්න ඊට පස්සේ අම්මා අර අම්මගේ යාළුවායි එයාගේ දූ සිඟිත්තයි එක්කන් ආවා,ඊට පස්සේ මම සහභාගී වුනා සංගීත තොප්පි තරඟෙට,එකේදී කට්ටිය සීයක් විතර හිටියා,තරඟෙ පටන් අරන් මට ආපු තොප්පියමම මගේ එහා පැත්තේ හිටිය එකාට දාලා ඕක වටයක් ගිහින් එනකම් වෙලා තියෙනවනේ කියලා යාලුවෙක් එක්ක කයියක් ගගහා හිටියා මෙන්න එක පාරට කොහෙන්ද ම්නදා තොප්පියක් ආවා.මම සුටුස් ගාලා ඒක මගේ එහා පැත්තේ හිටිය එකාට දැම්මා එවෙලේම මියුසික් ඕෆ් වුනා,අනේ ඉතින් අර බුවා මට බැන බැන යනවා මම කයිය ගගහා හිටිය නිසා ඌත් සැලකිලිමත් වුනේ නැහැ කියලා.බලද්දි කට්ටිය වැඩි නිසා මේකෙදි තොප්පි තුනක් වටේ යනවා.

කොහොම හරි අරූ මට ශාප කර කර හැඩු කඳුලෙන් සමුගත්ත නිසා මාත් ඉක්මනට කුජීත ලෙස දැවීගියා!.ඊට පස්සේ බිත්තර පාස් කරන මෙව්වා එක.

එකේදී අපේ ගමේ නංගිලා කීප දෙනෙක්ම මා එක්ක බිත්තර මේව්වා කරන්න කැමැත්තෙන් හිටියේ ඒත් මම අම්මා ඉන්න හින්දා අම්මා ගාවට ගිහින් අඩගැහුවා,අමං දන්නවා ඉතින් අම්මා ඕකට කීයටවත් එන්නේ නැහැ කියලා.ඒකයි කතා කරෙත් මොකද බැහැ කිව්වට පස්සේ මට ඕන කෙනෙක් එක්ක ඕවා පාස් කෙරුවහැකිනේ!ඒත් පින්වතුනි මම තරම් පව්කාරයෙක් ලොවෙත් නැතුව ඇති.බලාපොරොත්තු වුනා වගේම අම්මා බැහැ කිව්වා හැබැයි අර අම්මගේ යාළුවා,නැන්දාව එක්කන් යන්න කිව්වා.අනේ ඒ නැන්දගෙන් ඇහුවා ඉතින් අම්මගේ කීමට වෙලාවට එයා බැහැයි කිව්වා.අම්මාගේ ෆුල් දහිරිය දැන් එයාව මා එක්ක බිත්තර පාස් කරවන්න එවන්න.අම්මා අනේ අනේ කියනවා නැන්දා බැහැ බැහැ කියනවා!

අන්තිමට නැන්දා එයාගේ දුවව මගේ පිටේ පැටෙව්වා.

"මේ ඉන්නේ නංගි! මෙයාව එක්කන් යන්න පුතේ! මෙයා ඔය වගේ ඒවාට වැඩිය ඉදිරිපත් වෙලාම නැහැ"
අනේ ඉතින් නංගි ලැජ්ජාවෙන් ඇඹරි ඇඹරි බැහැ බැහැ කියද්දී නැන්දාගේ දැඩි බලකිරීම මත එයා මා එක්ක ආවා :'(

මම කඩේකින් බිත්තරයකුත් ගෙනල්ලා රෙඩි පිට හිටියේ.මුලින්ම ගැහැණු පිරිම දෙපැත්තට දාලා බිත්තර ටික කලවම් කරලා ඉස්සෙල්ලම ගැහැණු පාර්ශවයට දුන්නා.සංවිධායක මඩුල්ලේ එකෙක් විසිල් එක ගැහුව ගමන් බිත්තරේ පාස් කරන්න කිව්වා.

එකා....යි දෙකා...යි තුනා...යි කියලා එකෙක් විසිල් එකක් ගැහුවා.බවලත්තු ටික බිත්තර සින් සින් ගාලා එවනවා.සමහරු තමන්ගේ පාට්නර් එක්ක තියෙන පෞද්ගලික තරහවල් වලට බිත්තර හරියට ඔලුවටම එව්ව අවස්ථාත් තිබ්බා.මගේ පාට්නර් හෙනම ලතා ස්ටයිල් එකකින් බල්ලන්ට ආප්ප දානවා වගේ බිත්තරේ දැම්මේ නැතැ හිමින්.

චොකොස්..

අඩි දහයක් විතර ඈතින් මගේ ඉස්සරහට වැටුනා බිත්තරේ! අපේ ගෙවල් පැත්තේ නංගිලාට හෙනම චූන් දැන් ඕකෙන්.කින්ඩි ගොඩයි මම ශේප් එකේ එතනින් ඉවත් වෙලා සිරි මාමලගේ කඩේට ගියා.සිරි මාමා කියනවා

"ඒ දැරිවිව මොන මොන්ටිසෝරියෙන්ද බන් කුදලන් ආවේ?"

"අනේ මාමේ මේ!හුයන්නක් කතා නොකර මට සූප්පුවක් දෙනවද ඒ නංගිට දෙන්න?"

සිරි මාමා
"හොහ් හොහ් හො ඔව්වා ඔහොම තමා බොල ට්‍රේනින් කරලා ගනින්"

සිරි මාමා මගේ හෙන ෆිට් එක,සිරි මාමගේ කඩේ දාම් බෝඩ් එකේ සිරි මාමයි මමයි පැය ගණන් දාම් ඇදිල්ලෙන් ෆිට් වුනු තරම නිසා තමා ඔය උඩ දෙබස ගියේ!

වෙලාවට අම්මත් අර නංගිට කියනවා
"හරියට පාස් කරන්න එපැයි පුතේ බලන්නකෝ ඔය මගට නේ දැම්මේ!"

කවදා බිත්තර පාස් කරපු ඈයෝද ඉතින් කමක් නැහැ.ඊළඟට තිබ්බේ කපල් බැලුන් ඩාන්ස් එක.එකේදී අම්මව එක්කන් ආවා කොහොම හරි අපි නටමු කියලා.කොහෙද අම්මා කොටයි මට වඩා ඉතින් මගේ කොන්දේ රුදාව හැදෙයි කියලා අම්මා අර නැන්දව එව්වා කෝම හරි.

දැන් කපල් කපල් බැලුන් නළලට හිර වෙන්න තියාගෙන නටනවා.

වෝනා බී චම්මක් චලෝ!

නටන්න බැරි කුජීත සින්දුවක් දාලා සංවිධානය කරන උන් ලඟට ඇවිත් කෑගහනවා ඔහොම බැහැ නටන්න
ඕන කියලා.හරියන්නේ නැහැ බැලුම නැන්දගේ නල්ලට හිර කරලා දික් කරා පස්ස.පස්ස වන වන හිටිය පැය කාලක් විතර වෙලාවට අපේ ගමේ කොලු බාප්පල නැහැ නැත්තන් ඉතින් අයියෝ පශ්චාත් බාගේ මගේ









ටික වෙලාවකින් බැලුම රුවිතෙට ගියා දැන් බැලුම මගේ කම්මුලේ නැන්දගේ කට හරියේ! බැලුම පිපිරුවොත් එහෙම නැන්දගෙන් නොමිලේ කිස් එකක් හම්බවෙනවා!.මේක මෙහෙම වැඩි වෙලාවක් කරන්න බැහැයි කියලා හිතුන නිසා අන්තිමේ මම ගේම අතෑරියා!.

ඊට පස්සේ හැන්ද මත දෙහි ගෙඩිය අරන් ගියා,ගෝනි පැන්නා,ටෙනිස් බෝලෙන් ටින් කැඩුවා,එක ගිනි කූරෙන් වැඩිම ඉටි පන්දම පත්තු කරා,මීටර් සීය දිව්වා,සංගීත පුටු තරඟෙට සහභාගී වුනා දුක තමයි ඇසිලින් එකකින්වත් දින්නේ නැහැ හැම එකෙන්ම පරාදයි!

ඒ වුනාට හොඳ ෆන් එකක් ගත්තා තව කතා ගොඩක් තියෙනවා ඕවයේ රස බර ඒත් ලිපිය දික් වෙන නිසා ඔය ටික ඇතියි කියලා හිතෙනවා.මෙච්චර අතපය හොඳට තිබිලත් එක තෑග්ගක් වත් ගන්න බැරි වුනා ඒත් අපේ අම්මා සංගීත පුටු තරඟයෙන් දිනලා තෑග්ගක් ගත්තා :) අර නංගි නම් මෙලෝ රහක් නැහැ අෆොයි.ජම්බු ගහෙනුත් වැටිළලු ඒත් කවදා කෙල්ලෙක් වෙයිද මන්දා.




114 comments:

  1. හෙක් හෙක් හෙක් ටෙනිස් බෝලේ කිව්වම මට මතක් වුනේ අර කැච් එක.

    ReplyDelete
    Replies
    1. කැච් කැච් කියන්න එපා ඉතින් ඒවා මිස් වුන කැච්නේ :D

      Delete
    2. අනේ පවු සුදීක මෙයාට ලැජ්ජා කරන්න එපා.

      Delete
    3. :D ඒකනේ නලින් අයියා

      Delete
    4. ම.නි. :
      සුදීක අයියා උබට කැච් කැච් කිව්වොත් උබ ඩොස් ඩොස් කියලා කියහං !

      සුදීක :
      ඇත්තටම ඔයා හදපු ඩොස් ගේම් එක කෝ සුදීක ?

      Delete
    5. මොකද මම ඉතින් ලැජ්ජ බයට හැදුන කොල්ලනේ!. නේ..ද...? :D :D :D

      Delete
  2. හිතට දැනුන දේ කියන්න නිකම් ලැජ්ජයි ලැජ්ජයි වගේ.එක නිසා නොකිය යනෝ.:D

    ReplyDelete
    Replies
    1. අනේ අනේ අනේ කියන්නකෝ අනේ අනේ :D

      Delete
    2. හිතට දැනුන දේ කියන්න ලැජ්ජයි නම් ඒ කෙල්ල ගැන වෙන්න ඔනෑ :P

      Delete
  3. ඇයි බං බනිස් කෑමට හිටියේ නැද්ද ඒකනේ බොට හොදට පුළුවන් එක. මහරගමදිත් දින්නා නේද?

    ReplyDelete
    Replies
    1. hහෙහ් හෙහ් මේකෙදි බනිස් කෑම තිබ්බේ පොඩි උන්ට නලින් අයියා,නැත්තම් එකෙන්ම මම දිනනවා :D

      Delete
    2. maම naම් baනිස් කන්na හriම aaසා හින්da එka පාරිnම කාla දාnaවා:D

      Delete
  4. උඹ කෙල්ලෙක් හොයන එක අම්මටත් දැනිලා ඇති...

    ReplyDelete
    Replies
    1. ඉතින් මං කෙල්ලෙක් හෙව්වේ නැහැනේ! O_o

      Delete
    2. This comment has been removed by the author.

      Delete
    3. ඒ වගේම ටිකක් ආසවෙනුත් හිටියේ ඉතින් ඒ නංගිව දැකගන්න දැන් කොයි වගේද කියලා :P :D :P :D

      Delete
  5. //ජම්බු ගහෙනුත් වැටිළලු ඒත් කවදා කෙල්ලෙක් වෙයිද මන්දා.//
    දවසේ කතාව

    ReplyDelete
  6. අන්න අවුරුදු උත්සව,, අපරාදේ බොලව් බොට කොට්ට පොර ගහන්න යන්න තිබ්බෙ, ඒනම් නෙස්ටමෝල් එකක අරන් එන්න තිබ්බා අපිට බලන්න :P

    ReplyDelete
    Replies
    1. මේ ඇත්ති හරියට පෝස්ට් එක කියවලා නැති හැඩයි!

      Delete
    2. //වේලු සුමන// ගෙන් නුලෙන් බේරිලා තියෙන්නේ. තව පොඩ්ඩෙන් බලන්න එන්නත් වෙනවා :p

      Delete
    3. කියෙව්වා බොල, :/

      Delete
    4. එහෙනම් කොට්ට පොර ගහලත් ආයේ ගහන්න තිබ්බේ කියලා කිව්වේ?

      Delete
    5. mekita jundak mongal... ekayi... ganan ganna epa

      Delete
  7. ඔව්වා ඔහොම තමා බං.. මොනා කරන්නද? කොහොම වුනත් තරඟ කරන්න ඕනෙ දිනන්නම නෙමෙයි.. සහභාගීත්වයයි වැදගත් සහෝ..

    මූට ලව් එකකුත් හරි ගියා වගේ එහෙනම් :ඩී

    ReplyDelete
    Replies
    1. ඔව් බන් සහභාගිත්වය වැදගත්! :)

      පිස්සුද යකෝ මොන ලව්ද? :/

      Delete
  8. අනේ ඉතින් අර කෙල්ල ලඟදි අපිටත් බලා කියා ගන්න පුළුවන් වෙයි මං හිතන්නේ නේද ඉතින්,,,, ;)

    ReplyDelete
    Replies
    1. හුයන්නක් කතා නොකර ඉඳින් :D

      Delete
    2. muta puluwanda echchara ekak...

      Delete
    3. දුකයි ඈ ඔහොම කියන එක :(

      :D

      Delete
  9. යකෝ මොන ම්ගුලටද කෙල්ල ඉද්දි කෙල්ලගේ අම්මා එක්ක බැලුම් නැටුම් නටන්න ගියේ. එහෙම ගියා නම් කෙල්ලගේ අයිස් බ්රේක් කරලා ගන්න තිබ්බනේ. රත් වෙද්දී හැම අයිස් එකක්ම දිය වෙනවා නොවැ.

    ReplyDelete
    Replies
    1. අපෝ ඒකි එක්ක නැටුවා නම් එහෙම ඒකි ලැජ්ජාවේ ඇඹරි ඇඹරි මගේ කාඩ් එකත් කයි!

      Delete
  10. අපේ උන් නන සුවර් .. මට පස්චාත් බාගෙට ජෙට් හයි කොරන්න තරන් දානවා කියලා... හු යේ .. ඈ බන් .. බල්ලන්ට ආප්ප දාන්නේ ඔමද බන් ... මමනං බලන්නට ආප්ප දාන්නේ නැහැ ලුණු මිරිස් විතරයි දෙන්නේ .. ^_^

    ReplyDelete
    Replies
    1. උඹලගේ පැත්තේ ඉන්නේ කොලු කාරයෝ කියලා අපි නම් දන්නවා.උඹත් ඉතින්...... කො !!! :D නැහැ එක්කෝ ඕන නැහැ!

      අපෝ කුනා ඉඳලා හිටලවත් බල්ලෙක්ට ආපයක් අරන් දියන් බොල

      Delete
  11. උඹගේ මෝඩ කං නෙව. මම හිටියනං දනී කරන දේ..

    ReplyDelete
    Replies
    1. මොනවද කරන්නේ?

      Delete
    2. දේසනාවක් කරන එක :P

      Delete
  12. ආසාවට බිත්තර අල්ලන්න කෙල්ලෙක් නැහැනේ :D
    ජම්බු කඩන්න ගියේ නැති අයවත් :P

    ReplyDelete
    Replies
    1. අපෝ ඉන්නවා බන් කොහෙද මගේ කරුමේ තමා!

      Delete
  13. අපේ ගමේ ඉස්සර තිබුනු අවුරුදු උත්සවේ මා එක්ක බිත්තර අල්ලන තරගෙට ඉන්න ලස්සන නංගියෙක් රෙජිස්ටර් වෙලාම හිටියා අවුරුද්දක් පාසා...හැමදාම සෑහෙන දුර තරගෙ ඇදගෙන ඇවිල්ලා අන්තිම මොහොතෙ බිත්තර සාරු නාගෙන තරගෙන් ඉවත් වෙනවා. අන්තිම වතාවෙ නගාගෙ මූණෙන් බේරුනා කුණු බිත්තරයක් කැඩිලා....

    ReplyDelete
    Replies
    1. අනේ ඉතින් ඒ නගාට මොකෝ වුනේ?

      Delete
    2. ඒ නගා ඊට පස්සෙ අවුරුද්දෙ පිටගම් ගියා මලේ...

      Delete
    3. හෆොයි අපරාදේ අයියගේ චාන්ස් එක නේද?

      Delete
  14. දෙහිගෙඩිය හැන්දෙ තියාගෙන දිවුවට පස්සෙ ඒ දෙහි ගෙඩිය සාක්කුවෙ දාගෙන තැං තැං වල ගියේ නැද්ද.

    'මොකද මම ඉතින් ලැජ්ජ බයට හැදුන කොල්ලනේ!. නේ..ද...?' මොකට කියනවද.

    ReplyDelete
    Replies
    1. දෙහි? ඒ මොකක්ද ඒ සීන් එක? මට මතක නැහැනේ :P ;)

      Delete
  15. නංගි පව් බන්... අසරණ කෙල්ලව ටිකක් සෝසල් කරලා ගන්න තිබ්බා..

    ReplyDelete
    Replies
    1. තව හිටියා නම් මාව සෝස් කරලා තමා නවතින්නේ :)

      Delete
  16. "LAJA BAYTA HADUNA KOLLO" ane..may.."HUYANAK" kata nokra hitahan.
    Jayawewa

    ReplyDelete
    Replies
    1. මෙන්න මෙයාට මල පැනලා :D

      Delete
    2. Comment eka Joke ekak witari..uba traha naha neda?
      Jayawewa

      Delete
    3. මං දන්නවා බොල! ග්ර්ර්

      Delete
  17. අනේ පවූ..

    උඹ නෙවෙයි බං... අර නන්ගි බබා.. :පි

    ReplyDelete
    Replies
    1. මුන්ට නංගි කෙනෙක් කිව්වොත් කටින් කෙල පෙරෙනවා!

      Delete
    2. apita thiyena aula ai ubata kela perenne nathi eka thamayi ban... uba lol ehema nemei ne ?

      Delete
    3. යකෝ නංගි කෙනෙක් කිව්වම කටින් කෙල පෙරෙනවා නම් ඒක ලෙඩක්,මම ලොල්ලෙක් ද කියන එක නෙවේ ප්‍රශ්නේ උඹ සෙවලයෙක්ද කියන එකයි ප්‍රශ්නේ :P

      Delete
    4. ubata ethakota akkala dakkamada kela perenne..?? bandapu gaanu ehema ? hikzzz

      Delete
    5. අනේ නැහැ බන් මට ඔහොම කෙළ පෙරෙන්නේ නැහැ මම සෙවලයෙක් නෙවේ!

      Delete
  18. අපේ පලාතේ දරුවෙක් කියලා හිතුනා සමහරක් ලියවිලි කියවනකොට,

    බ්ලොග් ලිපි එකතුවක් තියනවානේද ඔයාට , බැරිද මාවත් එකතු කරන්න එතනට , මට තේරෙන්නේ නැ කරගන්න විදිහ, වෙන එව්වටත් දාලා දෙන්න පුළුවන්නං ලොකු උදව්වක්

    ReplyDelete
    Replies
    1. හ්ම්ම් මේ මහත්මයා කොහෙද? මම රාගම!

      \\බ්ලොග් ලිපි එකතුවක් තියනවානේද ඔයාට , බැරිද මාවත් එකතු කරන්න එතනට , මට තේරෙන්නේ නැ කරගන්න විදිහ, වෙන එව්වටත් දාලා දෙන්න පුළුවන්නං ලොකු උදව්වක්//

      මේ කිව්වේ බ්ලොග් රෝලට දාගන්න කියලද? අනිවා දාන්නම්!

      Delete
    2. ane uncle me wayasata oyata mona blog da...? gihin bana pothak kiyola yanna inna thanakata wadak kara ganna...

      Delete
  19. උඹ මාර ෆන් එකක් අරංනෙ නිශාන්. තෑගි නැතුවට මොකෝ?

    ReplyDelete
    Replies
    1. ඒකනම් ඇත්ත
      ආයේ ලබන අවුරුද්දෙනේ :)

      Delete
  20. අම්මට හොරෙන් අම්මගේ යාලු නැන්දා නැන්දම්මා කරගන්න ප්ලෑන් එක ගැහුවද?

    ReplyDelete
    Replies
    1. වමනේ යන කතා කියන්න එපා බොල :D

      Delete
  21. හෙ හෙ හෙ

    නියම කතා ටික. . . . . .

    දිනුව පැරදුනා කියල නෑ තිබ්බ හැම තරඟෙටම ගිහින්ද කොහෙද. . .

    \\\\\\\\\\අ๧න๞ ඉත๢න๞ ๧໦ ๧ක๟຀๧຀ උස๞සගන๞නත๞ බ๠໱ව හ๢ටප๤ එ๧ක๞ ඔය මද๠ය๢ ක๢යල๟ හ๢ත හද๟๧ගන සන๞๧ත๟๞๧ෂන๞ හ๢຃ය๟.හ๠බ๠ය๢ ຺ක ක๢යන๞๧න๞ මට ගහල๟ ෆය๢නල๞ ග๢๧ය๞ ම๧ග๞ හත๩๧රක๞,ඌට අව๤ර๠຺ 15ය๢ ඒ ව๤න๟ට ග๜ජ๟ ගහන ๧හ๟ර ๧ප๟ල๞ කඩන ග๡න๤ න๟නව๟ ๧හ๟๧රන๞ බලන මහ๟ න๠හ๠ຩ๷ච ๧න๟සන๞ඩ๟ල๧යක๞.\\\\\\\\\\\

    හෙ හෙ හෙ
    මේ කියන්නෙ නිශන් හරි හොඳ හැදිච්ච කොල්ලෙක් කියනෙක. නේද?
    හොඳයි හොඳයි. . .

    ReplyDelete
    Replies
    1. ඔයාගේ කමෙන්ට් එක අපට කියවන්න අමාරුයි.

      Delete
    2. @සශිනි
      ඔව් අෆ්ෆා හැම තරඟෙටම වගේ ගියා :D

      හ්ම්ම් ඔව් ඇත්ත තමා මම හොඳ හැදිච්ච කොල්ලෙක් :D

      Delete
    3. සසිනි මේ මගුලක් කතා කරනවා:D

      Delete
  22. අර පින්තූරෙ ඉන්නෙ නැන්දා ද බං.. :P

    ReplyDelete
    Replies
    1. ඒ මම අහන්න ගියෙත් එකමයි බන්....:D

      Delete
    2. ඒ නැන්දා වුනා නම් දුව කෙසේ වෙතත් මම නැන්දව උස්සනවා බන් :P

      Delete
  23. අද කතාව නම් නියමයි. වෙනදා වගේ අජපල් පෝස්ට් එකක් නෙමේ.
    අර ෆොටෝ එකේ ඉන්නේ නැන්දා ද ?

    ReplyDelete
    Replies
    1. අම්මේ ඇති යන්තම් මෙයා හොඳයි කිව්වා :)

      ඒ නැන්දා නම් දුව කෙසේ වෙතත් මම නැන්දව උස්සනවනේ! :P

      Delete
  24. මට දන්සලට එන පාර කියහන් මලේ. දෙල්පේ හන්දියේ ඉදන් පාර කියහන්.
    කවදටද ඔය දන්සල දෙන්නේ ?

    ReplyDelete
    Replies
    1. 24 අයියා
      දෙල්පේ ඉඳන් බන්ධනාගාරෙත් පහු කරන් දිගටම මීටර් 500ක් එන්න,හන්දියක් හම්බ වෙනවා ඒ හන්දියෙමයි තියෙන්නේ!

      Delete
  25. අනේ හිමිහිට කරන්න.... රිදෙනවා සුදූ... හිමිහිට කරන්නකෝ.....

    ReplyDelete
    Replies
    1. බ්ලොග් එක මාරුවෙලා දාපු කොමන්ට් එකක්ද?

      Delete
    2. සොරි... කමෙන්ට් ඉන් රෝන්ග් ප්ලේස් !

      Delete
    3. // Anonymous May 22, 2013 at 3:28 AM

      එක එකා ගොන් පාර්ට් දානවා.ලාබෙට අන්තර්ජාල පහසුකම් දීමේ ඵල විපාක තමයි.//

      ……මේ මගේ අරමුනක් ඇති කමෙන්ටුවට ඇනෝවෙක් දීපු පිලිතුරක්

      Delete
  26. Replies
    1. අපරාදේ උබ ඔය කමෙන්ට් එකත් දාන්න ගත්ත මහන්සිය... !

      Delete
  27. බැලුම් නැටුමට නංගි ආවනම් අපේ මලය බැලුම ඕනේ කමෙන්ම පුපුරවනවා නැද්ද මම අහන්නේ

    ReplyDelete
  28. යාලුවා මගේ පෝස්ට් අපි අපිට සින්ඩියට අප්ඩේට් වෙන්නේ නෑනේ...

    ReplyDelete
    Replies
    1. හැන්දෑකරේ අපේ පැත්තේ ඇවිත් යන්නකෝ.....
      අප්ඩේට් කරලා දෙන්නම්..

      Delete
  29. උබලෑ දන්සලේ කෑම මොලෝ රහක් නෑ. උබ නිකන් ඇටයා වගේ දන්සල ප්‍රොමෝට් කලා.
    උබලට කෑම ටිකක් රහට උයන්න දැයෙන්නෙම නැද්ද යකෝ ! ඇටයා !

    ReplyDelete
  30. I don't even understand how I finished up here, but I believed this submit was good. I don't realize who you might be however certainly you're going to a famous blogger for those who aren't already.
    Cheers!

    Also visit my web blog ... vacation reply

    ReplyDelete
  31. සිරාගේ කාමරේ ඉඳලා ආවේ.... අද ඉඳලා මමත් එන්නම් හැමදාම මේ පැත්තේ...

    ReplyDelete
    Replies
    1. සිරා ගොයියා කිව්වා විදිහට බදු වෙනස් කරා... එක කියල යන්න ආවේ... වෙරි වේවා.....!!!

      Delete
  32. කෝ මේ ඇටයා ??
    මොකෝ මේක ලියන එක එපා වෙලා ද ?

    ReplyDelete
  33. අපි හරි හොඳයි නැත කළ වරදක් කිසිම
    සත්තම දමා දත් ගැලවූවා මිසම
    ඔක්කොම හොඳ අපේ නරක මුක්කම
    පස්ස වුනත් විකුනමු වහගෙන එයම

    ඔලුව වමේ අපි මාක්ස් ගේ සරණ යමු
    මොලේ නැති නිසා රට ගැන නොම සිතමු
    බොරු පානියට කම්කරුවො ලෙස හැසිරෙමු
    බඩුවක් ගහන්නට ලෝකෙම නසාලමු

    මාද්දිය බූතයෝ රට ගලවන්නට සිතන
    දුක පවසතී ලසන්තගෙ පොලුපාර ගැන
    හොටු පෙරතී ගතුකියමින් ප්‍රගීත් ගැන
    පිස්සු වැඩිවෙලා කබ්බෙකුට පෝම්වුන

    බුදුන් ඉයැක් හමුදුරුවො ඉයැක් චික්
    සිංහලයින් චික් දෙමළු නල්ලම්ය ආශික්
    දළදාව ඉයැක් තම්බින් අනේ ශෝක්
    සුද්දන් හරි ෂෝක් ලංකාව ඕක් තුං

    කානු ‍මදින විට කළු කැත හම වාගේ
    සුද්දගේ ගූ රසයි නැත ලංකාවෙ වගේ
    උන් හරි සුදුයි අපි හරි කැත වඳුරො වගේ
    පොර වාගේ නෙලයි සිවුරට ලංකාවේ

    ලෙනින්ට පැහැදිලා වී සිටිමු වම්මුන්
    පුරවා සිතේ ක්‍රෝධය සහ අමනකම්
    ජාතිවාදින් නොවේ අපි හරි බ්‍රෝඩ් බෑන්ඩ්
    වැදි බණ ලියති සුදනන් ලෙස කවිත් කරන්ට්

    බයියන්ය ලියන්නේ කවි කරන්ට් ගම්වල
    මාර වැඩ එව්ව ලෝකෙටම අභියෝග කල
    පොස්ට් මොඩර්න් වම්මු බැලුවම බොලොග්වල
    ආරච්චිලය නම හෙන මෝඩ සිංහල

    අප්ප ආරච්චි මම සූරිය ආරච්චි
    කඩුකේඩුයි කෑදරයි ඉහ මොල දෙක පුංචි
    හැටේ දශකයේ බල්ලන් හා රංචු
    ගැහිලා ලියති වනසන්නට රට පුංචි

    වම්මුන් ‍හරි ෂෝක් මාකස් හරිම ෂෝක්
    ලෙනින් ෂෝයි චේගුවේර චෝයි මාක්
    බොබ්මාලේ ෂෝක් බේබද්දො ටොපේ ටොප්
    ඔස්ට්‍රේ ලියන් ගූ ගඳ අපට උම්ම…. ම්ම්ක්

    සුනන්දයට වැඳවැටෙනව අනේ හුකේ
    ගෑනිගේ මූණ ළස්සනයි බැල්ලිගේ පුක වගේ
    පොර ටෝක් දීපං බයියන්ට ෆේස් බුක් එකේ
    අනේ තොගේ කවි අරං ගහගනින් පුකේ

    ගොංපාට් රසික ආරච්චිල
    කවි කං කොරන්නේ ඔස්ට්‍රේලියාවල
    බූන්දියේ ගොං කවි කරන්ට්වල
    රොල්කල කවි ගහගනිව් පුක්වල

    ReplyDelete
  34. මොකද නිශාන් මේ දවස්වල නොකර සද්ද. ලියන්නෙ නැත්ද.

    ReplyDelete
  35. වෙයා(ර්) ඉස් ද ෆකින් පෝස්ට් ??

    ReplyDelete
  36. Where are you now ??

    ReplyDelete
  37. නිශානා, කෝ උඹ..

    ReplyDelete
  38. නිශාන් ..... උඹ ඉන්නවදෝ..................................................

    ReplyDelete
  39. උබ ඉන්නවද පුතේ ? ඉන්නවනම් ඉන්න තැනකින් එලියට වරෙන් මයේ පොතේ. මම උබට ගහන්නේ නෑ කොල්ලෝ.

    සියාතු සීයා

    ReplyDelete
  40. ikmanata awith liyapan, masa 2kath panala dan.

    ReplyDelete
  41. කෝ බන් උඹ ?? මොකෝ සද්දෙ වහලා ?

    ReplyDelete
  42. මාස තුනක් සද්ද නෑ කෝ මේකා... සුදු වෑන් එකකින් ඉස්සුවවත්ද ? O.o

    ReplyDelete
  43. කෝ මේකා...?

    ReplyDelete
  44. ලියහං හු... තොගෙ පෝං නම්බරේවත් දුන්නෙ නෑ.. උන්නද මලාද දන්නෙ නෑ :/ වරෙන් ඇවිත් කියපන් අඩුම තරමෙ මොකෑ කියලවත්

    ReplyDelete
  45. malli mokada appa liyanne naththe mokada karadarayak neweyi kiyala mama hithanawa

    korale mahaththayaa

    ReplyDelete
  46. Where is the owner fucker of this fucking asshole blog ? if he exists, what the fuck are you doing

    ReplyDelete
  47. එල ලිපිය මම මුල ඉදන්ම කියැව්වා

    ReplyDelete
  48. මල්ලි........................ කෝ බොල මේකා ලියන්න අදහසක් නැද්ද? ලියන්න දේවල් නැත්නම් කාලගුනේගනවත් ලිව්වොත් තම හොඳ

    ReplyDelete
  49. කෝ මේක මඩිස්සලේක වැටිලද?
    ඉන්න තැනකිං එළියට වරෙං මල්ලියෙ.

    ReplyDelete
  50. This comment has been removed by the author.

    ReplyDelete
  51. [img src=”http://7-themes.com/data_images/out/7/6790195-flower-wallpaper-tumblr.jpg“] [<>]

    ReplyDelete
  52. නිශානයො කෝ බං උඹ.

    ReplyDelete
  53. මේකා මැරිලද ?

    ReplyDelete
  54. නිශාන් මලේ ආපහු ලියමු. පරණ කට්ටිය ගොඩක් ලියන්න පටන් අරන්.

    ReplyDelete
  55. හොයලා බලපු හැමෝටම ගොඩක් ස්තූතියි! :) ලියන්න අදහසක් දැන්ම නෑ! ප්‍රශ්න වගයක් තියෙනවා විසදුනොත් ආයේ ලියන්න පටන් ගන්නවා අනිවා!

    ReplyDelete
  56. ප්‍රශ්න කාටද නැත්තෙ බං. ඔන්නොහෙ මේක ලියල දාහං මල්ලි.

    ReplyDelete

හිතට දැනුන පුංචි දේ හරි කියලා යන්න ඒක මට ශක්තියක්.යාලුවනේ ඔයාලට බ්ලොගර් ප්‍රොෆයිල් එකක් තියෙනවා නම් වෙලාවක් තියෙනවා නම් තවමත් ෆලෝ කරලා නැත්තම් ෆලෝ පාරකුත් දාලා යන ලෙස ඉල්ලා සිටිනවා!