එක එක අය බ්ලොග් ලියන්නේ තමන් කැමති විදියට සමහර අය ටාගට් එකට ලියනවා මාසෙකට පෝස්ට් 8ක් හෝ 10ක් අනිවාර්යෙන් දානවා කියලා.තවත් සමහරු බ්ලොග් එකේ පෝස්ට් වැටෙන්න ඕන නිසාම මොනවා හරි ලියනවා.තවත් සමහරු දවස් ගානක් ප්ලෑන් කරලා ලියලා වැරදි හදලා ඒකට පින්තූරත් හදලා පළ කරනවා.මං වගේ තවත් සමහරු තමන්ට වෙන සිදුවීම් ඒ ඒ දවස් වලට ලියලා දානවා.
අන්න ඒ වගේ අදත් මම ලියන්නේ මට දවසක් අතුලත වෙච්ච සාටර් සිද්දීන් දාමයක්.
අද ලර්නස් යන දවස ඒක නිසා මම වෙනදා වගේම උදේ පාන්දරම නැගිටලා මූණ කට හෝදලා අම්මා හදලා දුන්න තේ එකත් බීලා ලක ලැස්ති වෙලා ගියා ටවුන් එකට.මම ආසම පාට රෝස පාට කියලා තමා අපේ ඉස්සරහා ගෙදර ඇන්ටි කියන්නේ.ඒක නිසාද මන්දා මට තියෙනවා රෝස පාට කැප් එකක් රෝස පාට සෙරෙප්පු දෙකක්.අදත් මම ඒ දෙකම දාගෙන ටි ෂර්ට් එකත් රෝස පාටම ඇන්දා.
ඔහොම ඇඳගෙන මම ටික දුරක් යද්දී පොඩි උන් දෙන්නෙක් රණ්ඩු පාර අයිනේ.මාව දැකලා මුන් දෙන්නා රණ්ඩුවත් නවත්වලා කතා වෙනවා "අම්මට සිරි අර බලපංකො බන් පින්ක් පැන්තර් පාරේ යනවා"
මට නිකන් ලැජ්ජා සහගත භාවයක් දැනිලා නිකන් මෙව්වා වුනා ඉතින් මම උන්ගේ පැත්තට හැරිලා "දුහ්..පිය හින්ජි කොල්ලෝ දෙන්නා" කියලා සැර කරාම උන් දෙන්නා දිව්වා.
අම්මපා අද කාලේ උන් රෝස පාට අඳුරන්නෙත් නැහැ පින්ක් පාට අඳුරන්නෙත් නැති හැටි!.උන්ගේ බහුබූත ගණන් නොගෙන මම දිගටම යද්දී ඔන්න ලස්සන නංගි කෙනෙක් එනවා.මට නිකන් දැන් ආයෙත් ලැස්ජයි ලැස්ජයි වගේ ඒත් මම ඉස්සරහා බලාගෙන යද්දී එයා එන්න එන්න මට ලංවෙනවා.පසුබිමින් හින්දි සින්දුවක් ඇහෙනවා හරියට හින්දි ෆිල්ම් එකක වගේමයි.ඒ සිංදුව කඩේක දාලා තිබ්බ එකක්.
දැන් එයා මට මීටර් 50ක් දුරින්.මම තවත් හිමින් හිමින් ඉස්සරහා බලාගෙන ගියා.එවෙලේ මට හිතුනා බිම බලාගන්නත් ඒත් මම බිම බැලුවේ නැහැ එයාගේ මූණ බලන්න හම්බ වෙන්නේ නැහැනේ.එයා මාව පහු කරන් ගියා.
මම ආයේ හැරිලා
ස්ස්ස් ස්ස්ස් මේ...
එයා හැරිලා බැලුවා.මම එයාගෙන් වෙලාව කීයද කියලා ඇහුවා.පුංචි හිනාවක් ඒ දෙතොල් අතරේ රඳවාගෙන එයා මට කිව්වා.
"10යි කාලයි මල්ලි!!"
♪සිහින ලොවක් දුටුවා... මතකයි♪
ඒ සිංදුව අර කඩේ සෙට් එකෙන් ඇහෙනවා.මම තෑන්ක්ස් කියලා හැරිලා ආවා.
මම ඊට පස්සේ බස් එකේ නැගලා ටවුන් එකට ආවා.එතනින් කෙලින්ම ගියේ ලර්නස් එකට.ලර්නස් එකේ අක්කා තනියම ඉඳගෙන ඉන්නවා ඔෆිස් එකේ.මම ගිහින් හිනාවක් දාලා වාඩි වෙලා හිටියා වැන් එක එනකම්.ටික වෙලාවකින් තව කොල්ලෙක් ආවා එයත් මගේ අයිනෙන් වාඩි වෙලා හිටියා.ඊටත් පස්සේ තවත් කොල්ලෙක් ආවා.මට ඒ කොල්ලගේ මූණ හොඳට මතකයි මොකද දවසක් එයයි මායි විතරයි ලර්න් කරන්න හිටියේ.එවෙලේ මිනිහා කියලා දෙන එකාගෙන් බැනුම් ඇහුවා එකසිය ගාණට.ලර්න් කරන එකා ඒ මදිවට මාව ආදර්ශයට අරගෙනත් ඌට බනිනවා මං වගේ හොඳට කරන්න කියලා.
ඊට පස්සේ අපි තුන්දෙනා ඉද්දි ටික වෙලාවකින් වෑන් එක ආවා.අෆ්ෆා ආවේ අංකල් කාරයා.ලර්න් කරන්න දෙන්නෙක් ඉන්නවා.මට වැඩියෙන්ම හම්බ වෙලා තියෙන්නේ ඒකෙ ඉන්න අයියව.ඒ යකා බනිනවා ඒත් මේ අංකල් කාරයා ඊට වඩා හපන්.එයා අපෙන් උපරිමය බලාපොරොත්තු වෙනවා නැත්තම් එහෙම එකසිය ගානට බැනුම්.අයියා ඒ අතින් බලද්දී හොඳයි ඒත් මේ යකා???.
අර අක්කා කිව්වා අපිට ගිහින් නගින්න කියලා.මම මුලින්ම ගිහින් නැග්ගා අනිත් දෙන්නත් මගේ පස්සෙන් ඇවිත් වාහනේට නැග්ගා.අංකල් ඔෆිස් එකට ගියා.
මම අනිත් දෙන්නා දිහා බලන් කිව්වා
"අද අංකල් කාරයාවනේ සෙට් වුනේ සික්"
අන්තිමට ආපු කොල්ලා මගේ කතාවට එක්වෙමින්
"ඔව් බන් මට මූව පෙන්නන්ඩ බැහැ මරුමුසා"
දෙවෙනියට ආපු එකා හිනා වේගෙන
"අපෝ ඔව් මේ යකා පලු යන්ඩ බයිනවනේ.මම හිතුවේ අද කසුන් ඉඳියි කියලා(අයියා)"
අන්තිමට ආපු කොල්ලා
"ඔකාගේනේ ලර්නස් එක! අර ඉන්නේ උගේ ගෑණි!(ඔෆිස් එකේ හිටිය අක්කාව පෙන්වමින්)"
මම
"ඈ ඒ අක්කා අංකල්ගේ වයිෆ්ද? අංකල් වයසයිනේ බන්!"
අන්තිමට ආපු කොල්ලා
"ඔව් බන් වයස උනාට ඒ උගේ ගෑණි!"
මට එවෙලේ හිතුනා
"යකෝ මේ නාකි රිලවන්ටත් ඉටිකිරිස් වගේ කෑලි ඉන්නවා අපිට තමා වැඳිරියෙක්වත් නැත්තේ" කියලා.
අන්තිමට ආපු කොල්ලා
"මට ඕන නම් මුන්ගේ මේ ලර්නස් එක කුඩු කරන්න පුළුවන්.අපේ තාත්තගේ කසාදේට අත්සන් කරෙත් ***** පෙරේරා(අමාත්‍යවරයෙකුගේ නමක්)"
අනිත් කොල්ලයි මායි
O_o
අන්තිමට ආපූ කොල්ලට හිතුනද කොහෙද ඒකනම් ඕනාවට වඩා වැඩි කියමනක් කියලා.එතකොටම අංකල් කාරයාත් ආවා ඔෆිස් එකේ ඉඳලා මම අරුන් දෙන්නවත් නිශ්ශබ්ද කරවලා සද්ද නැතිව හිටියා.
First come First Serve න්‍යාය යටතේ අංකල් ඉස්සෙල්ලාම ආවේ කවුද කියලා අහලා මාව ඉස්සරහින් දාගත්තා.මාත් මරන්න ගෙනියන එළුවා වගේ කකුල් දෙකට පුරුෂ ශක්තිය අරගෙන වෑන් එකෙන් බහද්දී කව්රු හරි එකෙක් පිටට තට්ටු කරා "හොඳින් කරපන්" කියනවා වගේ.
මම ඉස්සරහින් නැග්ගම අංකල් වාහනේ ස්ටාට් කරන් ගියා ටිකක් ඉඩ තියෙන තැනකට.එතනට ගිහින් මට එන්න කිව්වා ඩ්‍රයිවින් සීට් එකට.ඊට පස්සේ මම වැඩර් වගේ ගියා හිතේ චකිතයකින් මූ බනීද දන්නේ නැහැ කියලා.ඇයි ඉතින් පොඩ්ඩ බැරි නම් බයිනවනේ.
ටික දුරක් ගියාම අංකල් කිව්වා අයින් කරලා නවත්වන්න කියලා.නැවත්තුවම මිනිහා බැහැලා කඩයකට ගියා.මෙච්චර වෙලා ගොළුබෙල්ලෝ වගේ ආපු අරුන් දෙන්නා කතාව.
"ඒ.. අද අංකල් බැන්නේ නැහැනේ බන්!"
"ඔව් බන් අංකල් අද වැරදි පැත්තෙන් ඇහැරලද මන්දා"ඒ මම
"ඊයේ රෑ අංකල් නිදි මරලද කොහෙද බන් අක්කගේ මූණත් මැලවිලා තිබ්බේ අද!!"ලර්නස් එක කුඩු කරනවා කියපු එකා
අරුන් දෙන්නා ඔහොම එක එක ඒවා කිය කියා අංකල් කාරයාගේ පතුරු ඇර ඇර හිටියේ.මාත් අංකල් කාරයට දාන්න පුළුවන් උපරිම කින්ඩිය දැම්මා කියලා තමා පිටි පස්සේ හිටපු දෙන්නා කිව්වේ.
ඇත්තට මටත් හිතාගන්න බැහැ අද මොකද අංකල් මෙච්චර නිවුන චරිතයක් වුනේ කියලා.ඊට පස්සේ අංකල් ආවා.යන් කිව්වා මාත් නිකන් අංකල්ගේ ඩ්‍රයිවර් වගේ ස්ටාට් කරන් ගියා.රිවර්ස් කරා වේගේ අඩුවැඩි කරා.අද අවුලක් නැහැ මම බහිද්දී අංකල් කිව්වා මට හොඳට කරා කියලා.
ඊට පස්සේ අනිත් දෙන්නත් ඒ විදියට කරා එත් කුඩු කරනවා කිව්ව එකා නම් බැනුම් ඇහුවා අංකල්ගෙන්.එයාට කිව්වා ඉස්සරහින් නවත්වන්න කියලා මේ යකා කියනවා තව ටිහිකින් නවත්තන්නම්ලු.ඒකට මළ පැනලා අංකල් එයාට බැන්නා.කිව්ව දේ කිව්ව වෙලාවට කරනවා කියලා.
ඊට පස්සේ අංකල් අපිව ටවුන් එකෙන් බස්සලා මිනිහා ගියා.මම එද්දී ලොකු පැජෙරෝ එකක් තව පොඩ්ඩෙන් මාව යට කරන් යනවා.ඒකෙ හිටියේ ඇන්ටි කෙනෙක්.
ඒ ඇන්ටි හිතන්න ඇති.
"මූ නම් මී හරකෙක් වගේ පාරේ යන්නේ" කියලා
එත් මට හිතුනේ
'මේ ගෑණි නම් මී හරක් වගේ වාහන එලවන්නේ" කියලා.
කව්රු හිතපු එකද හරි?.මම හිතපු එක තමා හරි මොකද එතන බෝඩ් එකකුත් තියෙනවා බර වාහන ඇතුල් වීම තහනම් කියලා.වාහනේ සැහැල්ලු වුනාට ඉතින් ඇන්ටි?..

අංකලයගෙ වෙනසට හේතුව මොකක් වෙන්ඩ පුළුවන්ද ?
ReplyDeleteඅර කොල්ලෙක් කිව්ව දේ ද දන්නේ නැහැ :)
Deleteඅන්තිමට ආපු කොල්ලා
ReplyDelete"මට ඕන නම් මුන්ගේ මේ ලර්නස් එක කුඩු කරන්න පුළුවන්.අපේ තාත්තගේ කසාදේට අත්සන් කරෙත් ***** පෙරේරා(අමාත්‍යවරයෙකුගේ නමක්)"
අනිත් කොල්ලයි මායි
O_o
අන්තිමට ආපූ කොල්ලට හිතුනද කොහෙද ඒකනම් ඕනාවට වඩා වැඩි කියමනක් කියලා.
මේකනං සිරා කෑල්ල :D :D :D
දැන් ඇමති පුත්තු වගේ තමා ඇමතිවරුන්ගේ යාළුවන්ගේ පුත්තුත් :)
Deleteතෝ නම් කුළු මීමෙක් වගේ පාරේ යන්නේ,, මේ? කවද්ද බොල ලයිසන් ගන්න ඉතින්, :/
ReplyDelete:) ට්‍රයල් තියෙන්නේ අප්‍රේල් 30.ඒකෙන් පාස් වුනාම තමා ලයිසන් එක හම්බවෙන්නේ.
Deleteකොහොම හරි ලයිසන් එක ගනින්කෝ මම පාරේ යන එක නවත්තන්න එදාට!
ReplyDeleteඋඹ පාරේ යන එක නවත්වනවා? බය වෙන්න එපා බන් මම ඇටකෝටු හප්පන්නේ නැහැ :D
Deleteඅඩේ සිරවට්මා උබේ පොස්ට් කියෙවන්න ගත්තට කවදාවත් කම්මැලි කමක් එන්නේ නැහැ බන් , :D
ReplyDeleteඋබ ලියන හැටි මරු නිසා වෙන්න ඕනේ
අනේ මන්දා උඹලා බටර් ගානවද මන්දා :)
Deleteපට්ට ආතල් සීන් ටික පිනක් පැන්තර් :D පේනවනේ වෙලාව. හෙට ආයේ ඇවිල්ල හෙමින් ආයේ සැරයක් බලන්නම්..
ReplyDeleteහුටා...!!
Deleteපිනක් පැන්තර් නෙවෙයි පින්ක් පැන්තර්.. :D
ඇඩෝව් දුහ්...පිය හින්ජි කොල්ලා! එනවා මෙතන මට පින්ක් පැන්තර් කියන්න හහ් :P
Deleteඋඹ ඇයි බන් හැම පෝස්ට් එකක්ම දෙවෙනි සැරේ කියවන්න එන්නම් කියන්නේ?
ඇයි බං එන එක නරක යෑ.. :)
Deleteඅනේ නැහැ බන් මන් ගොඩක් තැන්වල දැකලා තියෙනවා උඹ පස්සේ එන්නම් කියලා යනවා :)
Deleteඒ ගිහිල්ලා කිව්වා වගේම ආයේ එනවා. ඔන්න බලාපන් දැනුත්.. :D
Deleteඔව් නේද බන් :) හොඳා හොඳා හිට්ස් වැඩි කරන එකේ අපි එපා කිව්වා ඈ :D
Deleteසෝයි දවසක්නේ ගෙවිලා ගිහින් තියෙන්නේ.. අපරාදේ කියන්න බෑ..
ReplyDeleteඒකනේ :)
Delete:D
ReplyDelete:)
Deleteවාහනයක ඉන්න වෙලාවට පාර පනින මිනිසුන්ට අම්බානකට බනින එවුන්, පාර පනින්න ගිය වෙලාවට මෙලෝ සිහියක් නැතුව පාර මැද්දට පැනලා වාහන එලවන අයට බනිනවා. ලංකාව කවදා හැදෙයිද මන්දා ?
ReplyDeleteධනපති පන්තියේ අදහස් මේවා හහ් :D
Deleteතාම පයින් යන නිසා අඬු ටික ඉතුරු වෙලා තිබ්බට, වාහනයක් තනියෙන් එළෙව්ව දවසට මලයෝ උඹ ගෙදර එන්නේ අඬු කඩාගෙන.. කාගෙන් හරි ගුටි කාලා.. හි හි
ReplyDeleteඊරිශියාවට කියන කතා.හරි හරි බොල ලයිසන් එක ගත්තම වාහනේ වටයක් දාන් යන්නම් :D
Deleteදැන් නම් රෝස පාට මොකක් හරි දැක්ක හැටියේ මතක්වෙන්නේ ඔයාව...:D
ReplyDeleteමාව මතක් කරගන්න එපා පින්ක් පැන්තර්ව මතක් කරගන්න :D
Delete//ඒ ඇන්ටි හිතන්න ඇති.
ReplyDelete"මූ නම් මී හරකෙක් වගේ පාරේ යන්නේ" කියලා
එත් මට හිතුනේ
'මේ ගෑණි නම් මී හරක් වගේ වාහන එලවන්නේ" කියලා.//
මී හරකට මොනවා හිතෙන්න ඇද්ද?
මී හරකට මොනවද ඇත්තට හිතුනේ? කිව්වා නම් බලන්න :D
Deleteඔයත් පින්ක් කොල්ලෙක්ද?
ReplyDeleteඑන්නකො පන්සල පැත්තෙ
හුටා ඒ කතාවේ තේරුම මොකක්ද? O_o
Deleteපැජරෝ එක හැප්පෙන්න ගියත් ඒකෙ හිටිය අයනම් හොඳට මතකයි නේද....
ReplyDelete//ඒ ඇන්ටි හිතන්න ඇති.
"මූ නම් මී හරකෙක් වගේ පාරේ යන්නේ" කියලා
එත් මට හිතුනේ
'මේ ගෑණි නම් මී හරක් වගේ වාහන එලවන්නේ" කියලා.//
දැන් අපි ඒ ගැන මොනවා හිතයි කියලාද හිතන්නේ....
එකනම් මම දන්නේ නැහැ! :D :D
Deleteමම දන්නවා අංකල්ගේ වෙනසට හේතුව ..හික්
ReplyDeleteකිව්වා නම් බලන්න අපිටත් දැනගන්න? හික්ස්
Deleteහාහ් අන්තිමට ආපු කොලුවාගේ තාත්තා බැඳලා !
ReplyDelete:D මාර සීන් එකක්නේ නේද?
Deleteඉරිසියාවේ පුපුරණ මඩියා..
ReplyDeleteඒ මොකෑ බොල? :/
Deleteහලෝ පින්ක් පැන්තර්! කොහොමද? ;)
ReplyDeleteඇඩෝව් :D
Deleteහරිම ලස්සනයි නිශාන්. නියමෙට ලියලා තියෙනවා.
ReplyDeleteඋඹ රෝස පාට ඇඳන් ගියා, ඈ?
served.
Deletefirst served.
මුලින්ම බටර් පාරක්ද මන්දා :)
Deleteයා මම රෝස පාටට කැමතියි :)
හරි වැරැද්ද හදන්නම්
රෝස පාට අඳින්නේ ගෑල්ලමයිනේ අප්පා..
ReplyDeleteඒ ඉස්සර.....දැංකොල්ලො තමයි රෝසපාට අඳින්නෙ.
Delete@ලිහිණි
Deleteඒවා විකාර මත බොල
@ජෝන්
ඒකනේ සහෝ කෙල්ලෝ හිතන්නේ රෝස පාට කිව්වම ඒක එයාලගේ ජාතික පාට කියලා :D
වාහන එලවන්න කලින් පයින් යන්න ලයිශන් ගත්ත නම් හොඳයි වගේ
ReplyDeleteහාකෝ :D
Deleteඒ අංකල් කාරය එදා වෙනස් උනේ මඩිය රෝස පාට ඇඳගෙන ගිය නිසාද?
ReplyDeleteනැහ් වෙන්න බැහැ එදා එක කොල්ලයි බැනුම් ඇහුවේ :).අංකල්ලා රෝස පාටට කැමති නැහැනේ! :)
Deleteපිස්සුද මේ කොල්ලට රෝස පාට ඇදගෙන යන්නේ? දැන් කාලේ කෙල්ලොවත් රෝස පාට අදින්නෙ නෑ වැඩිය.... මගෙ ලර්නර්ස් එකේ හිටියෙ වයසක ගෑණු කෙනෙක්, මුලම දවසේ මට කියනවා පොඩ්ඩක් ඉන්න නංගි මම එනවා ඔතනට කියලා මමත් ඉතින් හරි අක්කි කියල බැලුවම අපේ ආච්චි වයසේ එක්කෙනෙක් එනවා..අය්යෝ සල්ලි...
ReplyDeleteඅනේ මන් හරි ආසයි රෝස පාටට.ආච්චිලා විතරක් නෙවේ ඔය ලෙඩේ අංකල්ලාටත් තියෙනවා.කියන්නෙම මල්ලි කියලා.පසේ අපි අංකල් අංකල් කිව්වම තමා පුතා කියන්නේ :).
Delete//එයා හැරිලා බැලුවා.මම එයාගෙන් වෙලාව කීයද කියලා ඇහුවා.පුංචි හිනාවක් ඒ දෙතොල් අතරේ රඳවාගෙන එයා මට කිව්වා//
ReplyDeleteමේක නං කොල්ලෝ හෙන අයිසින් පාරක් වගේ......
තාම ලර්නිං නෙ...ඉස්සරහට ට්‍රයල් යන දවසෙ තමයි හොඳ සෙල්ලං තියන්නෙ. මගෙත් එක්ක ගියපු එකෙක් ත්‍රීවිල් එකේ බ්රේක් ගැහුවා එක්සැමිනර්ව සීට් එකත් එක්ක බිමට වැටෙන්නම...
නැහැ නැහැ අයිසින් පාරන් නොවේ.ඇත්ත ඇති සැටියෙන් :) හැබැයි මල්ලි කිව්ව එක දුකයි ඈ.
Deleteඅප්පට සිරි ඉතින් ඌ පාස් වුනාද ට්‍රයල් වලින්? :D
1500ක් ජරාව දීලා තියද්දිත් ඒක අමතක කරලා එක්සැමිනර්කාරයා ඌව ෆේල් කරා.
Deleteඅප්පට සිලි ඉතින් 1500 ආයේ ඉල්ලගන්න තිබ්බනේ?
Deleteහික්ස් උඹ දැන් ලියන එව්වා පට්ට බං.. අන්කල්ගේ වෙනසට හේතුව බං මම මේ කල්පනා කරන්නේ. උඹට දැනගන්න හම්බුනේ නැද්ද පස්සෙවත් සීන් එක මොකක්ද කියලවත් ?
ReplyDeleteඅනේ මන්දා බන් අංකලයා එදා වෑන් එකේ මයික්‍රොෆෝන් එකක් හයි කරලා අපි කතා කරපුව අහන් හිටියද දන්නේ නැහැ :D
Deleteපව් ඩෝ... :)
ReplyDeleteඅන්න එල කොල්ලෙක්... මට වෙන්නේ මොකද්ද මම ඒක ගෙනත් බානවා බොගේ :)
සුභ වේවා!!! රාජ සම්පත් ලැබේවා!!!
මොනවද බන් මේ කියවන්නේ? කව්ද පව්? කව්ද එල කොල්ලා? :)
Deleteඋඹ මම කියපු විදියට යන්න ඇති. ඒකයි බනින්න නැතුව ඇත්තේ. අපරාදේ අර චාන්ස් එක මිස් කරේ..
ReplyDeleteඅපි නම් ඒ කාළේ ලව් කර තරමක් ලව් කලේ ඇන්ටිලාට. මොකෝ එයාලා ඇක්ස්පීරියන්ස් නේ. ඊට පස්සෙ අක්කලාට. කවුරුත් සැක හිතන්නෙ නෑ. බැඳලා ඉන්නෙත් අක්කා කෙනෙක්. ඒ උනාට දැන් අක්කේ කිව්වාම මල පනිනවා අම්බානට. මේක දැක්කොත් අදත් කන්න වෙන්නේ....
හෙහ් හෙහ් ඇන්ටිලා ටෝක් කරාම මල කරදරේ.අක්කලා සෙට් වුනාම කොන්ට්‍රෝල් කරගන්න අමාරු නැද්ද? :)
Deleteමක්කටෙයි කොන්ට්‍රෝල් කරන්න යන්නේ. එතකොට නේ එයාල අපිව කොන්ට්‍රෝල් කරන්න එන්නේ. හියුමන් රයිට්ස් එකසිය ගානට රකින්නේ අපි.
Deleteඅපි කොන්ට්‍රෝල් කරන්න නොගියට එයාලා කොහොමත් අපිව කොන්ට්‍රෝල් කරන් ඉන්න තමා හදන්නේ.සැර පාට් දාලා ඕන කරන දේවල් කොහොම හරි කරගන්නවා :)
Delete10යි කාලයි මල්ලි කියන්නෙ නැතිව 10යි කාලයි කියල විතරක්වත් කිව්වනම් තව ටිකක් සෝක් නෙහ්? ;)
ReplyDeleteසික් ඒකනේ බන් :(
Deleteරෝස පාට? මම හිතන්නෙ රෝස පාටට අංකලුත් ආසා ඇති..
ReplyDeleteමල්ලි කියපු එක තමා කැත වැඩේ..
අන්කලුත් රෝස පාටට ආසද? :)
Deleteඔව් බන් මල්ලි කියපු එක තමා වාවන්නේ නැත්තේ :(
සෝස පාට වාසනාවන්තයි.. ට්‍රයල් යන දවසටත් සෝස පාට එව්වම ඇඳපං ඔක්කොම...
ReplyDeleteඔව් නේද බන් ට්‍රයල් දවසටත් අඳින්න ඕන රෝස පාට ;)
Deleteඈ බං මලේ.. අක්කගේ මූණත් මැලවිලා වගේ නම් අංකලයා සංතෝසෙන් වෙන්න බෑනේ. වෙන මොකක් හරි හුටප්පරයක්.
ReplyDeleteහෑ? අනේ මන්දා ඕවා අහන්නත් බැහැනේ :D
Deleteහලෝ... පින්ක් පැන්තර්..... :)
ReplyDeleteමඩිස්සට වඩා ඒ නම හොදයි වගේ.... හික්....
:/ :(
Deleteපින්ක් පැන්තර් කතන්දරේට නම් ඇත්තටම මටත් හිනා ගියා බං.
ReplyDelete>>"මට ඕන නම් මුන්ගේ මේ ලර්නස් එක කුඩු කරන්න පුළුවන්.අපේ තාත්තගේ කසාදේට අත්සන් කරෙත් ***** පෙරේරා(අමාත්‍යවරයෙකුගේ නමක්)"<<
උඹලෑ පැත්තෙ ඉන්න ඇමති පෙරේරා ඉතිං අර තට්ටයනේ. ඕකට ආයෙ තරු දාන්ට ඕනයැ.
මගේ හිතේ උඹ ඩ්‍රයිවින් ලයිෂන් එක ගන්නකොට අපිට නිකන්ම ඩ්‍රයිවින් පුළුවන් වෙයි වගේ, ඒ ගැන තව පෝස්ට් හතර පහක්වත් වැටෙයි නේ.
ඔව් ඔව් අර කොට තට්ටයා තමා :).
Deleteඑහෙනම් ඉතින් මරුනේ බොලාලාට ඩ්‍රයිවින් පුළුවන් වුනිත් මට ෂල්ලි කීය කීය හරි දියල්ලා ගුරු පඬුරු වශයෙන් :)
බලහං ඉතිං..
ReplyDeleteගෑනි නිදි මැරුවා කියලා පාඩු නෑනේ..
මනුස්සයා දවසම පුල් සයිලන්ට් නේ....
ඔව් නෙහ් බන් එකෙන් අපිටත් හිත සැනසිල්ලෙන් ඉගෙන ගන්න පුළුවන්.මුන් දෙන්නා හැමදාම රෑට ඇහැරිලා ඉන්න ඕන :)
Deleteඅන්තිමට අංකලයට වයිෆ්ව නැතිවෙන හැඩයි
ReplyDeleteඒ කව්රු නිසාද? :D
Deleteඑකත් එකටම කසාදෙට අත්සන් කළේ මැර+වින් පෙරේරා වෙන්න ඇති.
ReplyDeleteඒ මර්වින් සිල්වා සහෝ.මේ වෙන එකෙක්.ජාඇල පැත්තේ ඉන්නේ.කාලයක් ධීවර ඇමති කමත් තිබ්බා.දැන්නම් මොකක්ද දන්නේ නැහැ.
Deleteසුවර් එකට ඇන්ටි හිතපු එක හරි ;)
ReplyDelete:( අපේම නයි අපිවම කයි කියන්නේ ඕකට තමා ග්ර්ර්ර්
Deleteඅපොයි ඔබතුමා ලයිසන් ගන්නවද ... අනේ පාරේ යන හැමෝටම තිස්තුන් කෝටියක් දෙයියන්ගේ පිහිටයි ආරක්ෂාවයි :/
ReplyDeleteඇයි දෙයියනේ හැමෝටම මගේ ඩ්‍රයිවින් අන්ශුවර්?
Deleteහප්පේ........... අලුත් නමක් පිනක් පැන්තර්.......
ReplyDeleteපිනක් පැන්තර්? හූ හූ
Deleteඇත්ත බං..අපි පයින් යනකොට වාහන වලට බනිනව.
ReplyDeleteවාහන වල යනකොට පයින් යන අයට බනිනව.
ඕය ලර්නස් වල ඉන්න එවුන් ඉන්නව නේද.. උන් හිතාඉන්නෙ උන් විතරයි ඩ්‍රයිව් කරන්න දන්නෙ කියල.
හැක් හැක් හෙනම් වීයත් වාහනවල යන අයට බනිනවා ඇති :)
Deleteලර්නස් කාරයෝ ගැන කතාව නම් සහතික ඇත්ත.
මටනම් හිතෙන්නේ ඇන්ටි හිතපු එක හරි ඇති නේද?.....කොහොමත් ඉතින් බණ ගෙවල් වලින් 3 පාරක් කන එකනම් එච්චර හරි නෑ නේද නිශාන් අයියේ....
ReplyDeleteමෙන්න යාළුවො :(
Deleteඅඩෝ මචං නිශා..න්...........!
ReplyDeleteසොරි බං පහුගිය දවස්ටික ලැප හදන්න දීලා අත පය කැඩුනා වගේ පාඩුයි බං....! cud not keep company with blog society...., උඔ කොහොමත් මරැවට පෝස්ට් දානවා... ආයේ ඒ ගැන කතා දෙකක් නෑ....
හෙහ් හෙහ් අවුලක් නැහැ සහෝ පහුගිය ඒවා ඔක්කොම වගේ කියවලා තියෙන්නේ ඔය :)
Deleteමෙයාව ආදර්ශෙට අරගෙන වාහන එළෙව්වොත් මොනවා වෙයිද දන්නෙ නෑ!
ReplyDeleteමොනවා වුනත් පින්ක් පැන්තර් මේ ලිපිය නම් ලස්සනට ලියලා තියේ.
පින්ක් පැන්තර්? /:)
Delete