Thursday, September 29, 2011

11 රුපියල් 50ක් මොකටද පුතේ?

                                                      මේක සමහර විට ඔයාල අහලත් ඇති.අහලා තිබ්බත් ආයේ පාරක් කියවලා යන්නකෝ.මේ කතාව මට මේල් එකට ආවේ ඉන්දියාවෙ ඉන්න මගේ යාළුවෙක්ගෙන් .  මේක කියවන ඔයාලට දරුවෙක් සිටින්නත් පුළුවන් නැති වෙන්නත් පුළුවන්.ඒත් නැති අයටත් මේක කියවලා අනාගතේට යමක් ගන්න පුළුවන් වෙයි කියලා මන් හිතනවා.

                             
                තම  ස්වාමි පුරුශයාගෙ සහය නොමැතිව තනි උත්සහායෙන් දරුවෙකු හදන මව තම ‍රැකියාව අහවර කොට රාත්‍රී 9ට පමන ගෙට ගොඩ වුනි.තම මහලු මවත් සමග දමා ගිය දරුවා වෙනදා මෙන්ම නිදි නැතුව ඇයගෙ පැමිනීම බළාපොරොත්තුව සිටිනා බව ඇය දනි.ගෙට ඇතුල් වෙද්දිම පුතු ඇය වෙත දිව විත් ඇගේ එල්ලුනේය.
 පුතා  ඔයා කෑවද?
ඔව් අම්මේ ආච්චි මට බත් කැව්වා
කෝ දැන් ආච්චී?
ආච්චි මට කතන්දරයක් කියලා දිදි හිටියේ.එයාට දන්නෙම නැතුව නින්ද ගිහින්.පු‍ටු සැටියේ නිදා සිටින අත්තම්මාව පෙන්වමින් ඔහු කිව්වේය.

ආච්චිට ඔයාගේ දග වැඩ නවත්වන්න ගිහින් මහන්සියට නිදි ඇති පුතේ.
හ්ම්ම් මන් දග කෙරුවේ නෑ අම්මේ
ඔව් ඔව් මන් දන්නවනෙ ඔයාගෙ හැටි.දැන් ගිහින් නිදාගන්න මට ඇග හොදගන්නත් ඕනනේ
හා අම්මේ

පොඩි එකා මවගෙ කීමට කීකරු වී කාමරය වෙත ගියේය.මොහොතකට පසු මව ඇග සෝදගෙන සාලය වෙත ආවේ තම මහලු මව කලින් මේසෙට පිළියෙල කර තිබූ ආහරය ගැනීමටය.

ආහර ගනිද්දි ඇයට තම පුතු ගැන සිතුනේය.පුතා හරියට කෑවද දන්නේ නෑ.නෑ නෑ අම්මා කවන්න ඇති අම්මා පුතාට ආදරෙයි.පුතා දග කෙරුවද දන්නෙ නෑ.මෙවැනි සිතුවිලි වලින් පිරි ඇගේ සිත මව් සෙනෙහසත් දරුවා ලොකු කරගැනිමේ අදිටනින්ද තෙරපුනාය.

කෑම කා අවසන් වී මේසයත් අස්පස් කර ඈ පුතුගේ කාමරය වෙත පිය නැගුවේ වෙනදා මෙන් නින්දට පෙර පුතු නිදිදැයි බැලීමටය.
කාමරයෙ ඇර තිබූ දොර වෙතින් ඇයට ඇද මත පෙරලි පෙරලි සිටින පුතුව දැක ගැනිමට ලැබුනාය.
පුතා මොකෝ මේ තාම නිදි නැත්තේ?
නිදි මත අහලකවත් නොතිබූ පොඩි එකා මව දෙස හැරි මෙසේ ඇසුවේය
අම්මේ ඔයාට පැයකට සල්ලි කීයක් හම්බ වෙනවද?
 තම පුතු දෙස තරමක් තරහෙන් බැලු මව
ඔයාට ඒක මොකටද?.
නෑ අම්මේ ඔයා ඒක කිව්වොත් මාත් කියන්නම්.
තම මාසික ආදායම සිතින් ගනන් හදා බැලු ඈ
මට පැයකට රුපියල් 100ක් විතර හම්බෙනවා.ඇයි?
නෑ අම්මේ ඔයාට පුලුවන්ද මට රුපියල් 50ක් දෙන්න?.
රු.50ක් මොකටද ඔයාට?.මන් හැමදාම උදේට ඔයාට රු.10ක් දීලා යනවනේ චොක්ලට් කන්න?.තම අවුරුදු හයේ පුතු මොකටද සල්ලි ඉල්ලන්නෙ කියා ඇයට දැන් කුතුහලයකි.

ඔව් අම්මේ මන් ඒවා එකතු කරන් දැන් මන් ගාව රු.150ක් තියෙනවා ඔයා තව 50ක් දුන්නොත් ආච්චි කිව්වා 200යයි කියලා.
ඉතින් ඔයාට  මන් රු.50ක් දුන්නා කියමුකෝ ඔයා ඒකෙන් මොනවද කරන්නේ?

නෑ අම්මේ ඔයා ඒක මට දුන්නොත් මන් ගාව දෙසීයයිනේ.ඉතින් මට 50 දෙන්නකෝ...

  පොඩි එකාගේ ඉල්ලීම මවට කෙසෙවත් අහක දාන්න බැරිය.ඇය ගොස් රු.50 ‍රැගෙන විත් ඔහුට දුන්නාය.පොඩි එකා එය ඉතාමත් සතුටෙන් ‍රැගෙන තම පොත් මේසේ උඩ තිබු පොත් අතරින් එකක් පෙරලලා එහි මැද තිබු තම මව මෙතෙක් කල් දුන් පොකට් මනි වලින් එක්කහු කරගත් මුදල් ‍රැගෙන මව දුන් පනහත් එයට එක්කොට නැවත  මව වෙත පැමින අම්මේ මෙතන 200ක් තියෙනවා.ඔයා හෙට පැය 2ක් වේළාසන එන්න ඒකට වෙන පාඩුවට තමා මේ සල්ලි.මට ඔයාත් එක්ක රෑ කෑමක් කන්න ආසයි.ඔයයි මායි අන්තිමට රෑ කෑමක් අරන් දැනට කොච්චර කාලයක් වෙනවද?
        මවට කියන්නට කිසිම දෙයක් තිබ්බෙ නැත.ඇයගේ ඇසට කදුලක් ඉනුවේ ඇයත් නොදැනීමය

   මේ සිද්දියෙන් අපිට ගන්න පුළුවන් මොනවද?.ආර්ථික තත්වය ගොඩ දා ගැනීමට අප උතසහා කරද්දි අපේ පවුලෙ අය ගැනත් අපි තව පොඩ්ඩක් හිතා බැලුවොත් නරකද?..මෙතන මවගෙ ස්තානයෙ සිටින තැන ඔබ පියෙක් වෙසින් හෝ සිටිය හැකි නොවේද?.ඔබේ දරුවාත් මෙලෙස ඔබ සමග කාලය ගත කිරිමට ආස ඇති නේද?.ඔබට තවමත් දරුවෙකු නැතුව ඇතිව සිටිනවා වීමටද හැක එහෙත් අනාගතෙයෙදි වුවත් අප දරුවෙක් සැදු විට ඔවුන්ට සමිපයෙන් සිට්න්න  මාර්ගයක් සාදගත්තොහ් හරි නේද?

11 comments:

  1. hmm mamath oka ahala thibbata mathaka thiyenne tika kalayay ne.

    ReplyDelete
  2. නියමයි.. ගන්න යමක් තියෙනවා..

    ජය,,

    ReplyDelete
  3. මේ කතාව මං කියවලා තියෙනවා.ඒත් කියවන හැම පාරකම දුක හිතෙනවා.මේ රේස් එක නිසා තැලෙන්නෙ පොඩි එවුන්.

    ReplyDelete
  4. @තරින්දු
    :ඩි ඒක අපේ හැටිනේ බන්

    @ගයන් රූපසින්හ
    තැන්කු මචො මේ පැත්තේ ආවට

    @නිසුපා අක්ක
    ඒක නම් සහතික ඇත්ත

    ReplyDelete
  5. වැදගත් කතාවක්. ගන්න ගොඩාක් ලොකු දෙයක් තිබෙනවා.
    ඇත්ත. මේ රේස් එක නිසා ගොඩක්ම දරුවො තැලෙනව, ගැටළු වලට මුහුණ දෙනවා. දරුවන් හා දෙමව්පියන් අතර ප්‍රශ්න හට ගන්නවා. දරුවා නරක් වෙනවා....

    ReplyDelete
  6. ඇත්තටම ගොඩක් ලස්සනයි!!!!!

    ReplyDelete
  7. මාධව,නෙරන්ජි,සන්ජය අයියා,උවින්දු කස්ටියටම තැන්කු හොදේ මේ පැත්තේ ඇවිත් ගියාට

    ReplyDelete
  8. සල්ලි නිසා අපි නොහිතන තරන් දුක් විඳිනවා

    ReplyDelete
  9. @අසරණයා
    මේ සමාජ ක්‍රමය පුරාවටම ඔය තහ්වය තමා සහොදරයා දකින්න වෙන්නේ.

    ReplyDelete

හිතට දැනුන පුංචි දේ හරි කියලා යන්න ඒක මට ශක්තියක්.යාලුවනේ ඔයාලට බ්ලොගර් ප්‍රොෆයිල් එකක් තියෙනවා නම් වෙලාවක් තියෙනවා නම් තවමත් ෆලෝ කරලා නැත්තම් ෆලෝ පාරකුත් දාලා යන ලෙස ඉල්ලා සිටිනවා!