මට මොන දේටත් වඩා ලොකු කන එක ඒ වගේමයි මොන දේ කරන්නත් කලින් මම කන එක තමයි කරන්නේ!
මම රස්සාව කරගෙන පාඩුවේ ඉන්න හදද්දී තමා මට මේ ජව්සමට අහුවෙන්න සිද්ද වුනේ.කල වයසත් හරිය කියලා අපේ අම්මලා මට කසාදයක් සූජානම් කරා.බැහැයි කියන්න කියන්න කොහොම හරි මනමාලිව බලන්න යන්න මාව කැමති කරව ගත්තා.
ඕන්න මනමාලි බලන්න යන දවසේ අපේ නෑදෑයෝ ටික දෙනෙක් ආවා අපිත් එක්ක යන්න.උන්දලා එන්නේ මනමාලිගේ වත්කම් බලන්නයි දෑවැද්ද ගැන කතා කරන්නයි මනමාලිගේ ගෙදරින් දෙන බත් වේල කන්නයි තමා.
නැකතක් එහෙම බලලා තිබ්බේ උඩහ මාමා.නැකත් වෙලාව කිට්ටු වෙද්දී උතුර බලන් වෑන් එකට නගින්න කිව්වා.ඔය මොන දේ කරන්න කලිනුත් කාලා ඉන්න ඕන නිසා මම පිඟාන පිරෙන්න කිරිබත් කෑලි හතරයි කෙසෙල් ගෙඩි දෙකකුයි දාගෙන කෑවා.මේන් මුන් කෑගහනවා නැකත හරිය යන්ය කියලා.
කොහේ යන්නද මම කාලා ඉන්නෙපයි!
මම කාල එනකම් අනිත් උන්දලා වෑන් එකේ ඉඳගෙන මට දොස් කිය කිය ඉන්නවා.ඊට පස්සේ ඕන්න අපි පිටත් වුනා.ගමන කොහොමත් පැය තුනක් වත් යනවා.නැකත බලපු වෙලාව නම් මොනවා වුනත් රත්තරන් වටිනවා.මොකද අපි මෙහෙන් පිටත් වෙලා එහෙට සේන්දු වෙද්දී දවල් කෑම වෙලාව හරි.
ඔහොම අතරමග යද්දී පාර අයිනේ තම්බලා විකුණන බඩඉරිඟු කරල් දෙක තුනකුත් මම අරන් කෑවා.ඕවා ගන්න නවත්වන වෙලාවත් අපරාදේ කිය කිය මට බැන්න උනුත් යස අගේට පස්සට වෙලා බඩඉරිඟු කනවා.
පැය තුනහාමාරක ගමනකින් පස්සේ අපි මනමාලිගේ ගෙදරට ගියා.මම බැස්ස ගමන් වෙලාව බැලුවේ දවල්ට කන්න තව කොච්චර වෙලා තියෙනවද කියලා.
අපි බහිද්දිම මාමණ්ඩි ඇවිත් අපිව පිළිගත්තා.ගෙටත් එක්කන් ගියා.ඊට පස්සේ වාඩි කරවලා විස්තර එහෙම තාත්තාගෙන් අහනවා.මම නම් බලන් හිටියෙම කෑම වෙලාව එනකම්.ඔන්න ඔය වෙලාවේදී තමයි මම දැක්කේ කර්ට්න් රෙදි අස්සෙන් කෙල්ලෝ දෙතුන්දෙනෙක් හොරෙන් බල බල කොකම් පානවා.පස්සේ තමා දැනගත්තේ ඒ මනමාලිගේ නංගිලා කියලා.
මාමණ්ඩි කතා කරාට පස්සේ බුලත් හෙප්පුවත් අතින් අරන් ඔසරිය ඇඳලා ඇඹරි ඇඹරි ඔය ආවේ මනමාලි.කකුලක් ටිකක් කොටද කොහෙද පොඩි නොන්ඩියක් තිබ්බා!.
බුලත් හෙප්පුව මට දීලා පොඩි හිනාවක් දාලා ආයේ ගෙට ගියා.ඊට පස්සේ කට්ටිය දෑවැදි ගැන එහෙමත් කතා කරා.ඔන්න ඊට පස්සේ තමා මම බලන් හිටිය මොහොත උදා වුනේ!
මොනවා හරි කාල ඉමු නේ එහෙනම්!
මාමණ්ඩිය එහෙම අහද්දී මම පැනපු ගමන් අනේ හා මාමන්ඩියේ කිව්ව එක තාත්තට නම් ටිකක් අප්සට් ද කොහෙද! අනේ මට මොකෝ මගේ බඩගින්න නිවාගන්න මම එපෑ කන්න!
කෑම මේසේ තිබ්බ කුකුල් කරිය ඉස්සෙල්ලම බෙදාගත්තේ මම.ඊටපස්සේ කට්ටියම ඒකත් දාගත්තා!එහෙන් හොඳට කාලා අතුරුපසට කිරි පැණිත් කාලා ආයේ ආවා අපි.එද්දී අපේ මාමාල නැන්දලා මනමාලිගේ කොරේ ගැනයි කෑම වල රස අඩුවැඩිය ගැනයි කතා කර කර ආවේ පිටිපස්සේ ඉඳන්.මමනම් බලන් හිටියේ කොයි වෙලේ ගෙදර යයිද කියලා රෑට කන්න!
සති දෙකක් විතර ගියැයි කියමුකෝ දෑවැද්ද නිසා අපේ එවුන් ටික මනමාලිට කැමැත්ත පලකරලා එහෙට දන්වලා තිබ්බා මටත් පුරස්නයක් නැහැ.කසාදෙ දවසත් ආවා ලොකු හෝල් එහෙක තමා වෙඩිම ගත්තේ.කට්ටියට කතා කරන්න යන්න කියලා අපි දෙන්නට තාත්තා කිව්වා.මම නම් කිව්වේ අපි කාලම ඒක කරමු කියලා කොහේද මේ වයසක උන්දැලා හරි හිතුවක්කරයිනේ!.
කට්ටියව හම්බ වෙන්න මේසයක් මේසයක් ගානේ ගියා.අනේ ඒ යද්දී ඒ මේසවල් වල තියෙන කෑම,කටගැස්ම එහෙම දකිද්දී මගේ බඩගින්න සීග්‍රයෙන් ඉහල ගියා.ඔය කර්තවය ඉවර වෙලා ආපු ගමන් මම මනමාලිවත් ඇදගෙන ගියේ කන්න.
ශා කෑම ටික නම් පංකාදුයි.කිරි කජු මාළුව පට්ට,චිකන් කරිය අමුතුම විදියකට උයලා ග්‍රීන් පීස් දාපු රයිස් එක.අම්මේ... මගේ ආහාර රුචිය වැඩි කරා.හොඳට දාගෙන දෙපාරක් විතර කාලා වටලප්පන් හතරකුත් පොඩි එකෙක්ට කියලා ගෙන්වන් කෑවේ කෑම හරි සැරයි කියලා බොරුවකුත් කියලා.
හවස අපිට දෙවෙනි ගමන.ඒකත් හොටෙල් එකකම තමා ඩිනර් එක පට්ට බඩ පිරෙන්නම කාලා රූම් එකට ගියා.මගේ මනමාලි රතු සාරියෙන් නයිටියට මාරු වෙලා ලැජ්ජාවෙන් ඇඹරි ඇඹරි කොර ගගහා ඇඳට ගිහින් වාඩි වුනා.ඒ ඇඹරිල්ල එදා එයාව බලන්න ගිය වෙලේ තිබ්බ එකමයි.
එයා මගේ දිහා බලන් ලැජ්ජාවෙන් හිනා වේගෙන " එන්නකෝ අනේ " කියනවා.
මේකි මගුලක් කතා කරනවා!....මට මේ උස්මුරුත්තේ හැදෙන්න කාලා ඉන්න වෙලේ නිකන් ඉන්නත් බැහැ වගේ.
තව ටිහිකින් එන්නම් තමුසේ ඔහොම ඇලවෙලා ඉන්නවකෝ!
මම එහෙම කිව්වේ ඒකිගේ හිත සනසන්න එහෙම කියලා,ටීවී එක දිහා බලන් ඉද්දි මට දන්නේ නැතුවම නින්ද ගිහින්.ඇහැරුනේ උදේ 6ට!
නැගිටලා බලද්දී ගෑණි නැහැ බාත්රූම් එකෙත් බැලුවා නැහැ කොහේ හරි ඇවිදින්න යන්න ඇති කියලා හිතලා මම උදේ කෑම ඕඩර් කරලා වොෂ් එකක් එහෙම දාගෙන ආවා.ඕඩර් කරපු කෑමත් ගෙනත් තාම ගෑනි නැහැ.අනේ ඕකි කොහේ හරි ඉඳන් එන්නේ නැතෑ කියලා හිතලා මම හොඳට කාලා ඇඳට ගියේ හාන්සියක් දාන්න.
මෙන්න බොලේ ඇඳ උඩ ලියුමක්! මම ගෑණිව වැඩිය ගණන් ගත්තේ නැහැ කියලා ඒකි ගෙදර ගිහින් මදැයි වෙච්චි දේ!
මමත් තිබ්බ සකලමනාවල් ටික පැක් කරන් ගෙදර ගිහින් මේ ආයේ ගෑණිගේ ගෙදර යන ගමන්,බස් එකේ ඉඳගෙන ඇවිල්ලම බඩත් ගිනියි කියලා බැහැපු ගමන් හොටෙල් එකකට ආවා කන්න.කෑම ගේනකම් තමා මන් මේ සිද්දිය ඔන්න ඇදබෑවේ.කාලම යනවා ගෑණිගේ ගෙදරට අපි එහෙනම් පස්සේ හම්බ වෙමුකෝ!
-නිර්මාණයක් පමණි!

ලෝල්ම තමයි. පට්ට අයිඩියා එක.
ReplyDeleteලොල් නම් තමා ඒත් අයිඩියා එක මොකක්ද බන්?
Deleteඋඹට ඕක ලියන්න ආපු අයිඩියා එක තමයි වෙන මොකක්ද ඉතිං.
Deleteහික්ස් :D
Deleteඅද පෝස්ට් එකත් ගූ හැත්තෑවයි !
Deleteහරවත් දෙයක් ලියහන්කෝ...
පහලට යන්න කම්මැලි නිසයි මෙතන කෙටුවේ. ගූ ගොඩක කොතන හිටියත් එකයි නේ.
ඔබ තුමාලා වගේ ප්රබුද්ධයන්ට මගේ ලිපි හරි නොයෑම ගැන සමාව අයදිනවා!
Deleteuba ganiwath kapan...............lol
ReplyDeleteලොල්
Deleteආහ් නිර්මාණයක් පමණි නේද...?
ReplyDeleteයා යා දන්නවනේ මගේ නිර්මාණ ගැන? :D
Deleteමූ ගෑණිට කෑම දීලා නෑනේ. එයාටත් පොඩ්ඩක් දුන්න නම්. කෙල්ල යන්නෙ නෑ. විනාඩි පහයිනේ කෑම ටික කන්න යන්නේ...
ReplyDeleteමේකනේ ඌ එවලේ ඉඳලා තියෙන්නේ උස්මුරුත්තේ හැදිලානේ.සෝ ඌට බඩ උස්සගෙන ඕවා කරන්න බැරි හින්දා තමා ගෑණි ගිහින් තියෙන්නේ :D
Deleteඌ කෑම ටික process වෙනකම් ඉඳල තියෙන්නේ. D
Deleteඔය තේරුනේ :D
Deleteඅනේ බොටත් හිතෙන එව්වා.. :P
ReplyDeleteආයිත් අහලා :D
Deleteඅරයටත් වැඩිය කන්න දෙන්න එපා එදාට ශම්මියෝ
Deleteහෙක් හෙක්,, ඒකට නම් පිරිටන් දීලා නිදි කරන්න ඕනේ.. :P
Deleteනැත්තං එළිවෙනකොට උඹ මැරිලා ඒක ඇත්ත..
Deleteඅපෝ මෙතන වැඩිහිටියන්ට පමණක් වූ කතාවක් යනවා! :D
Deleteමගෙත් ඉතිං එක කෑම තමා ..
ReplyDeleteඔයත් කරේ මේ වගේද? :)
Deleteමේ කතාව මගේ සිද්දියකි කියලම ලියන්න වෙයිද මන්දා.. උඹට.... (මටත් ලාවට වගේ)
ReplyDeleteමොක උනත් අපිට ඉතින්
පළමුවත් කෑම
දෙවනුවත් කෑම
තෙවනුවත් කෑම
ඕක වෙනස් කොරන්න බැහැ මේ සම්මෙට...
ඒ උනාට කොච්චර කෑවත් අපි මෙච්ච්න්නේ... :/
අනේ නැහැ බන් මම ඔහොම කන එකෙක් නෙවේ ඒකට උඹ නම් ඉතින්!!! :D
Delete//හිතට දැනුන පුංචි දේ හරි කියලා යන්න ඒක මට ශක්තියක්//
ReplyDeleteඇත්තට නම් ඔය ගොන් කම කරන්න එපා පුතෝ. කන්න කවද බැරිද ?
:D :D ඔය වගේ අවස්තාවක් එනවා නම් කවුද කෑම හොයන්නේ?
Deleteඅයියෝ බං ඉස්සෙල්ලම -කාපං
ReplyDeleteමූ කන්නද කියන්නෙ?
Deleteහු :D
Deleteමුලම ටිකේදි මං හිතුවේ උඹ පෙළවහක් කොරගෙන කියාලා.. :D
ReplyDeleteපිස්සුද බන් මම තාම සූටි එකානේ :)
Deleteහොඳට කාල සවි සත්තිය අරන් ඉන්න එපැයි මොන මඟුල කන්නත්..
ReplyDeleteමේකේ ඉන්න එකත් එහෙම හිතන්න ඇති! :D
Deleteකන්නෙ නැතුව මොකුත් කරන්න බෑනෙ බං...බලපුවාම ඌ හරි අර ගොන් ගෑණි යන්න ගියාට
ReplyDeleteහැලප මාමත් කෑමට සූරයා වගේ :)
Deleteඑහෙම තමා හැදෙන වැඩෙන ළමයි! කාල බීලා මහත් වෙලා අත්‍යවශ්‍ය වැඩත් මගහරිනවා! :පී
ReplyDeleteබලපන්කො අත්‍යවශ්‍යම වැඩේනේ මග ඇරලා තියෙන්නේ :D
Deleteඋඹ ගම කාලනේ!!!!!!
ReplyDeleteමම නෙවේ බොල
DeleteThis comment has been removed by a blog administrator.
ReplyDeleteමම බැලුවෙ රජා ලියපු එකක්ද කියලා..
ReplyDeleteඌ නම් ලොවෙත් බඩජාරියා :D
DeleteMEMA KATHAWA ITHAMA RASAWATH, MEWAN KATHA LIYANNA SAHAJA HAKIYAWAKUTH OONE. OYA PUKA, CHOO, PADA JEE, WAGE JARA KATHA NOLIYA MEWAGE KATHA LASSANI.
ReplyDeleteතෑන්ක්ස් සහෝ! :)
Deleteගෑනි ගියේ ඉතිං මූ කන්න ඕන ඒක නෙවෙයිනේ කාලතියෙන්නේ ,ඒ වෙලාවේ.
ReplyDeleteඒකනේ බඩජාරියා :D
Deleteනිෂාන් මලයෝ ජෝක් කතාව අස්සේ ලොකු ඛේදවාචකයකුත් සියුම් උපහාසයක් එක්ක නියමෙට ලියලා තියනවා...
ReplyDeleteනලින් අයියට තමා ටක්කෙටම සැන්ටිමීටර් වුනේ :)
Deleteගොක් කොල පේන්නේ හොදකට නෙමෙයි කොල්ලෝ.. උඹටත් ඕකම වෙයි හැක්.. ඒ කිව්වේ උඹ හොදට කාලා විතරක් මදි ගෑනිටත් කන්න දෙන්න ඕන ඉස්මුරුත්තා වෙන්නම..
ReplyDeleteඅනේ මගේ කෑම
Deleteඅපේ අම්මා හූල්ලනවා මම කන බත් ඩිංග දැකලා :)
ගෑනිට නම් ඉතින් අනිවා දෙනවා බයවෙන්න දෙයක් නැහැ :D
ආයේ මොකටද ගෑනිගේ ගෙදර යන්නේ කතාව ආපහු repeat කරන්න තිබුනේ වෙන මනමාලියක් හොයාගෙන :D
ReplyDeleteඑහෙනම් අවසානයක් දකින්න වෙන්නේ නැහැ :D
Deleteනියම කෑම.. (හේ.. හේ..)
ReplyDeleteඉල්ලන් කෑම :)
Deleteශුවර් එකටම ඔය ගෑනිට උයන්න බෑ. උඹ කන හැටි දැකල මේ මනුස්සයට මම කොහොම උයල කන්න දෙන්නද කියල හිතල තමයි යන්න ඇත්තෙ. ගෑනියෙක් ගන්නවනං ඉස්සෙල්ලම උයන්න පුලුවංද කියල බලහං.
ReplyDeleteපරිප්පු සීයයි පොල් ගෙඩියයි අරන් යන්නේ මම මනමාලි බලන්න යද්දී.ගිය ගමන් කියනවා මගේ අයියා කෙනෙක් කිව්වා මනමාලිට මේවා දීලා උයන්න පුලුවන්ද බලන්න කිව්වා කියලා :D
Deleteබඩජාරියා! :D
ReplyDeleteකෑමට අපහාස කරන්න එපා සර්.කෑමෙන් කෑම උතුම් කෑම කියලා කතාවක් අහලා නැද්ද? :D
Deleteයකෝ මේක කියෝලා මට ප්‍රශ්නයක් අවා.....
ReplyDeleteඅපි ජීවත්වෙන්නේ කන්නද.....?කන්නේ ජීවත්වෙන්ද....?
මේ කතාවේ එකයි උඹයි නම් ජීවත් වෙන්නේ කන්නම තමා :D
Deleteකන්න නම් අපිත් එවරෙඩි තමා
ReplyDeleteබඩජාරියා
Deleteඋඹ කනවා කනවා කිව්වට කාලා නෑනෙ..
ReplyDeleteමම නෙවේ බොල ග්ර්ර්
Deleteමාර කෑමක්නෙ.. :P :D
ReplyDeleteකෑමෙන් කෑම උතුම් කෑම :)
Delete-නිර්මාණයක් පමණි! එල එල මම හිතුවෙ තව එල කොල්ලෙක් ඉවරඉ කියල, ඒ මොන උනත් උබ මහ පෙරේතයෙක් බන් :ඩී
ReplyDeleteමම නෙවේ බන් :)
Deleteහික්ස්.... අයියෝ කෑම.....
ReplyDeleteඅයියෝද කියලත් අහනවා :D
Deleteඋබ ගැනිට කවපු නැති වරදට තමයි ඒකි ගෙදර ගිහින් තියෙන්නේ))))))))))))))))))))
ReplyDeleteහෙන අපරාධයක් නෙහ් :D
Deleteඅයිය කොල්ලො මේ සුදු පසු බිමේ මේ අකුරු වලට මේ පාට දාන්න එපා... කියවන්න අමරු කරනව නොවෑ.. ඒක දාල තමා කියවන්න ගන්නේ ඔන්න.. තරහ ගන්ඩ එහෙම එපා..
ReplyDeleteහී හී මේක ගේ බඩනෙ අඩේ අප්ප බඩ.. පට්ටය.. අද තමා කෙටුවෙ මුලින්ම. එත් හැම ජාම කියෙව්ව රෑ ජාමෙ.
Deleteඅකුරු ගැන වෙන කව්රුවත් ඔහොමසීන් එකක් ගැන කිව්වේ නැහනේ? අනික මටත් එහෙමට අවුලක් පෙනුනේ නැහැ.මේක නිර්මාණයක් පමණි අක්කා මේ මං ගැන නෙවේ :)
Deleteඅනේ දෙයියනේ අක්කා කිවේ මටද???
Deleteහ්ම්ම් මගේ ඇස්වල වෙනසක්ද දන්නැ අයියන්ඩි.. :(
ඈ ඔයා නංගියෙක්ද? නැත්තන් මල්ලියෙක්ද?
Deleteහී හී මල්ලෙක් මල්ලෙක්.. හී හී
Deleteපන්හිඳ කියලා තව අක්කා කෙනෙක් ඉන්නවා
Deleteකෑම ගැන මතක් කරන්න එපා යකෝ...මේ දවස්වල දවසට වේල් දෙකයි කන්නෙ යකෝ..!
ReplyDeleteඋඹටත් මාර අයිඩියා එන්නෙ..ෆන්ම තමයි...:))
ඉතින් බොල කඩෙන් ජෝඩු බනිස් ගෙනල්ලා තුන්වේලම කාලා හිටුකෝ :D
Deleteඔව් ඔව් මොනවා කරන්නත් කලින් කාල ඉන්න එපැයි
ReplyDeleteඒකනේ! :)
Deleteගෑණි මොකෝ බන් කොර ගගහා ආවෙ...මට තියෙන පුරස්නෙ ඒක...
ReplyDeleteමදැයි මේකාට ඉඳලා ඉඳලා හිතුන දේ :D
Deleteකකුල් දෙක ලං කරන්න බෑලූ ඇලෙනවා වගෙයි කියන්නේ
Deleteශාස්තර කාරයෙක්ද මන්ද මේ ඇනෝ
Deleteමං අහන්න ගිය එක සිරා අහලනේ ................. ඒක නෙවෙයි බං අර රෙද්ද අස්සෙන් කොකම් පාපපු නංගිලා ලස්සනද ?
ReplyDeleteඅඩෝ පැණියා නංගිලා ගැන අහන්න එපා ඒගොල්ලෝ මගේ ඈ :)
Deleteමම මේ රෑට සුට්ටක් වළඳල ඇවිත් වාඩි වුනා විතරයි. අපේ නෑනේ ඔය කෑමත් එක්ක වැඩි ඇයිහොඳයියක්. :D
ReplyDeleteකරන්ට් එක කපන කාලෙක දෑවැද්දට හම්බුවෙච්ච ජෙනරේටර් එකක් එක්ක ඔට්ටුවෙවී මඟුල් දවසෙ රෑ එළිකොරාපු මනමාල මහත්තෙක් ගැන මේ වගේ කතාවක් චන්ද්‍ර අනගිරත්න උන්නැහෙ නරලොව හොල්මන් පොතකත් තිබුනා.
මාත් දැන් වැඩිය ඇයි හොඳයියක් නැහැ කෑම එක්ක :)
Deleteඒ පොත මම කියවලා නැහැ අයියා!
මෙහෙමත් කනවද බං උබ?? යකාගෙ කෑමක්නෙ බොලං.. අර ඇනෝ කිව්වා වගේ උබ ගෑනිවත් කයිද දන්නෑ.. හොඳ වෙලාවට නිර්මාණයක් වුනේ.. නැත්තම් අනේ හුකේ නන්නානේ තමා..
ReplyDeleteඅඩෝ උබ රාගම නේද??
හෙහ් හෙහ්
Deleteඔව් මම රාගම තමා බන්
මං කඩවත බං
Deleteවෙලා ඇති විටක ඇවිත් පලයන් මචෝ..
Deletehttp://mathakamawatha.blogspot.com/?m=1#
උඹ කඩවතද? නම්බරේ මේල් කරහන්.
Deleteඅඩෝ ඔන්න ඊයක් එව්වා.. ඒ ගමන්ම උඹේ නම්බරෙත් එවහන් :ඩී
Deleteහරි මචෝ මම බලලා රිප්ලයි එකක් එවන්නම්!
Deleteයකෝ... කනව කියල ඔහොමත් කනවද?? උබ මුලු රටම කන එකේ ඔහොම කෑවම මොකද?? හැබැයි පුතෝ කාලා හැදුනට කමක් නෑ.... ඇත්ත ජීවිතේ ඔහොම කොරන්න එපා හෝදේ....
ReplyDelete:D
Delete\\\\එහන හඳට කල අතරපසට ක පຒත කල ආය ආව අප.එදຬ අප මමල නනදල මනමලග ක ගනය කම වල රස අඩවຌය ගනය කත කර කර ආ පපසස ඉඳන.මමන බලන හය කය වල ගදර යයද කයල ට කනන!\\\\\
ReplyDeleteනියම කතාව නිශාන්
හෙහ් හෙහ් හේ මොකද මේ කොටු කොටු?
DeleteThis comment has been removed by a blog administrator.
Deleteබ්ලොග් ගොං පාර්ට් - සෑම් ගේ සංගීතේ, සුධීකගේ ඩොස් ගේම්, තහනම් වචනගේ ප්‍රොග්‍රෑමිං
ReplyDeleteඅනේ මන්දා
Deleteඔය බ්ලොග් එක කොච්චර කාලයක් කරනවද?
මේකනම් නිර්මාණයක් වෙන්න බැහැ :O
ReplyDeleteඑහෙනම්?
Deleteහික් හික්... හික්...
ReplyDeleteහැක් හැක් හිනාවෙන්ම තේරෙනවා පෝස්ට් එක චා කියලා!
Deleteමට මතක් උනේම මගේ සුදු නෝනව මං බලන්න ගියපු දවස.
ReplyDeleteඑයා ලස්සන සාරියක් ඇඳගෙන බුලත් හෙප්පුව අරගෙන ආවා. පුරුදු නැති නිසා මට කර කියා ගන්න දෙයක් නැති උනා. ඊට පස්සේ වතුර එකට වගේ බුලත් හෙප්පුවට අත ගහලා නිකා හිටියා. අපේ අම්මා කාටත් හොරෙන් මගේ කකුලේ මහපොට ඇඟිල්ල පෑගුවාත් එක්ක. ගෑල්ලමයා ඒක දැකලා කට කොනකින් හිනා වෙලා මා ඉස්සාරහා වාඩිවෙලා උන්නා.
ඊට පස්සේ කේන්දර ගැලපුවා ! අපේ ගෙදර ආවා !
දැන් තියෙන්නේ බඳින්ඩ විතරයි....
උබටත් ඔහොමහරි කෑල්ලක් සෙට් වේවා කියලා පතන්නම් !
මිට,
පට්ට කාලයක් ඔටුවෙක් වෙලා ඉදලා ගොඩ ගිය එකෙක්
මේ වගේ සිද්දියක් මම අත්විඳලා නම් නැහැ සහෝ හිතුන විදියට ලිව්වේ.ඒකෙන කෙනෙක්ගේ මතකයක් අවදි කරන්න පුළුවන් වුනා නම් ඇත්තටම මට සතුටුයි.
Deleteඅන්තිම පැතුම ගැන නම් ස්තුතිවන්ත වෙනවා :D