Showing posts with label සත්‍ය පුවත්. Show all posts
Showing posts with label සත්‍ය පුවත්. Show all posts

Wednesday, May 15, 2013

66 වෙසක් කූඩුව!

තව සතියකින් වෙසක් නේද? හැමෝටම වගේ මටත් තියෙනවා පොඩි කාලේ ලස්සන වෙසක් අත්දැකීම්! වෙසක් බලන්න යද්දී කරපු කුම්මැහි වැඩ තාම මතකයි.අයිස් ක්‍රීම් දන්සල් වලින් කමිස මාරු කර කර දෙපාර තුන්පාර කාපු ඒවා ඒවා කාලා මාට්ටු වෙච්ච අවස්ථා,බීගන්ඩ බැරුව බෙලිමල්,උණු කෝපි දන්සැල් වල යාලුවන්ගේ ඒවාට පුරවපු ඒවා! මතක් වෙද්දී ආයේ ඒ කාලෙට යන්න හිතෙනවා.ටිකක් ලොකු කාලේදී කොල්ලෝ එකතු වෙලා දුන්න බීම දන්සැල,කිරි කෝපි දන්සැල!

ඒවාට ආධාර එකතු කරන්න ෆයිල් උස්සන් ගෙවල් ගෙවල් ගානේ යද්දී ගත්තු ෆන්! කියලා වැඩක් නැහැ.ඔය වගේ සිද්දි ගොඩයි.මම පහ වසරේ ඉද්දි අපේ ගෙදර නැවතිලා හිටියා අපේ බාප්පාගේ පුතෙක්.මිනිහගේ නම කසුන්!

Sunday, March 17, 2013

116 මං එදා ඇඳ යට බන් හිටියේ!!

මට මේ දවස් වල හරියට ගමන් බිමන්,එක එක වැඩ,මල ගෙවල් සෙට් වෙනවා.මේවා නිසා පෝස්ට් එකක් දෙකක් හරි හම්බුනානේ කියලා හිත හදාගත්තා.එහෙම හම්බ වුනු කතා දෙක තුනක් තමා අද ලියන්නේ.මේවා ඇත්තටම වෙච්චි ඒවා බොරු කතා නෙවේ.

අපේ ගෙවල් පැත්තේ ඉන්නවා නන්දෙ කියලා මාමා කෙනෙක් මිනිහා හරි කුණා.මෙයාගේ වයිෆ්ට අපි කියන්නේ නන්දෙ නැන්දා කියලා.නැන්දත් නන්දෙ මාමාට දෙවෙනි නැහැ හාල් මැස්සෝ සීයක් උයලා හාල්මැස්සෝ ටික අර ගන්නවා පහුවෙනිදට ගන්ඩ හොද්ද විතරක් කාලා.ඒ ගෙදර දුවලා පුතාලත් එහෙම්මයි.

කොහොම හරි නන්දෙ මාමා මේ ලඟදි හාට් ඇටැක් ඇවිල්ලා නැති වුනා.මල ගෙදර පලවෙනි දවසේ විතරයි සෙනග.ගෙවල් ළඟ නිසා මමනම් නයිට් තුන හතරක්ම ගැහැව්වා.දෙවෙනි දවසේ සෙනග නැහැ රෑ වෙද්දී,හිටියේ බූරුවා ගහන සෙට් එකකුයි ඥාතින්

Monday, March 04, 2013

87 දඹල වැට!

සමරසේකර ඉන්නවාද??
පොලිස් රාළ හාමි උස් හඬින් ඇසුවේ පොලිසියේ ගරාදියේ ඉඳන් හිටපු අපි ඔක්කොටම ඇහෙන්න.

ඔව් මහත්තයෝ මමයි සමරසේකර!
සමරේ මාමා නැගිටලා උත්තර දුන්නේ මගේ දිහා රවලා බලන ගමන්.

නිශාන් කියන්නේ කව්ද?
රාලහාමි ආයේ ඇහුවේ අපි හිටිය ගරාදිය දිහා බලාගෙනමයි.

මමයි නිශාන් කියන්නේ!
මම නැගිටලා කිව්වා.

හ්ම්ම් තමුන්ලා දෙන්නටම ලොකු මහත්තයා එන්න කිව්වා.

Monday, February 04, 2013

71 දෙන්නම් තොපිලට!

                                                                         
                                                                           

                                                                             බිම දාලා පෑගුවා
                                                                           ගිනි තියලා පිච්චුවා
                                                                  අපේ සමහරක් උනුත් හුරේ තිබ්බා
                                                                     කෑල්ලක් ඉල්ලලම හිටියා  
                                                                     වැඩක් වුනේ නැති හින්දා
                                                          ජාතික ගීයට දෙමළ රීමික්ස් කරලත් ඉල්ලුවා.


ඉදිරියටත් කිසිම ජාතියකින්,රටකින් බලපෑමකින් තොර නිදහස් රටක් වේවා!!



Wednesday, January 30, 2013

111 ගම්පහ ගෙට්ටුවේ අදෘර්ශමාන බලවේගයේ එළිදරව්ව!

27වෙනිදායින් උදා වූ ඉරු දින ඉතාමත් ප්‍රීතිජනක ඉරිදාවක් වුනේ ලංකාවාසී සියලු බ්ලොග් කරුවන් ගම්පහදී රැස්වීම නිසාවෙනි.එදින පැමිණි හෝ එදින සිදු වූ දේවල් ගැන කියවූ සෑම කෙනෙක්ටම එය සදාකාලිකව මතකයේ රැඳී දිනකි.එසේ ඉතිහාසයට එක්වෙද්දී (බ්ලොග් ලෝකයේ) එදින සෑම කෙනෙක්ටම මතකයේ රඳවන සිදුවීමක් මා නිසා සිදුවුනි හා එදින ගැන විස්තර ලිවූ සෑම බ්ලොග් එකකම මා ගැනද සඳහන් වුනි.

Monday, January 28, 2013

137 ගම්පහ ගෙට්ටුවේ ආතල්!

මුලින්ම කියන්න ඕන දුක හිතුන කතාව.ඒ තමයි මම මඩිස්සලේ නිශාන් කිව්වමත් කව්රුත් මාව දන්නේ නැති වීම :D තවත් සමහරු මඩිස්ස කියන එකක් අහලත් නැහැ.

මම පරක්කු වුන නිසා කට්ටිය අඳුනා ගැනීම මඟ හැරුනා.ගේට්ටුව ගාවට එද්දී සමියයි,මාව කලින් දැකල තියෙන කම්මලයයි ටිකට් ටිකට් කඩනවා.ටිකට් එක දෙන්න සමියා මගේ නම හොයනවා ලිස්ට් එකේ.ඒ අස්සේ ඌ අහනවා මඩිස්සලේ කියන එකට මුලට එන්නේ මයන්නද කියලා.පස්සේ මන් මගේ නම හොයලා දීල ටිකට් එකත් ගද්දි සිරා එතනට ආපු නිසා සිරා අයියගේ ඇන්ටික් ස්කූටියේ නැගලා එන්න චාන්ස් එකක් හම්බ වුනා.

Tuesday, January 22, 2013

143 හලාල් නැති කරොත් වෙන දේ!

දන්නවනේ මම හැමෝටම එක වගේ තමා සලකන්නේ.මම කොහෙත්ම ජාති බේදයට නැහැ එත් කට්ටිය විවිධ සාධක පෙන්වලා ඇනෝ කොමන්ට්ස් වලින් මගේ චරිතය ඝාතනය කරලා ඔප්පු කරා හම්බයෝ කියන්නේ හෙන නරක,රටවල් අල්ලන්න හදන,මිනි මරණ ජන කොට්ඨාශයක් කියලා.

හරි ඒක එහෙමයි කියමුකෝ ඔන්න රිසානා ගැනත් කට්ටියට මාරම ආදරයක් ඇති වෙලා තියෙන්නේ බෙල්ල කපපු හින්දා.හැමෝම කියන්නේ මුස්ලිම් උන් කටක් ඇරියේ නැහැ ඒත් බලපල්ලකො අපි නම් නැහිගෙන රිසාන වෙනුවෙන් හඬක් නැගුවා කියලා.ඔව් හඬක් නැගුවා මැරුවට පස්සේ.ඒකත් හරියි කියමුකෝ පස්සේ දැන් කියන්නේ හලාල් නවත්වන්න ඕන.අපි සිංහලයෝ අපි මුස්ලිම් උන්ට වෙන් කරපු කෑම කන්න ඕන නැහැ.හලාල් සැටිෆිකෙට් ගත්ත කොම්පැනි වල නිෂ්පාදන භාවිත නොකර වර්ජනය කරමු කියලා.

හරි එහෙම කරමු නැත්තම් මගේ සහෘදයෝ

Monday, January 21, 2013

57 මඩියා කරළියට නැවතත්!

කාලෙකට පස්සේ ඔන්න ආපහු කුජීත කතා අරගෙන මඩියා ආවා ඈ එහෙනම්.හෆොයි කොම්පියුටරේ කැඩිලා එන්න වුනේ නැහැ මාසයක් විතර මේකට.චන්දනටයි මංජුල(අටම්පහුර) අයියටයි විතරයි මාව මතක් වුනේ.වෙන කාටවත් මාව මතක් වුනේ නැහැ මට දුකේ බැහැ ඒකට :'(

හරි අවුලක් නැහැ මන් ආයේ සුපුරුදු විදියට ලියන්න පටන්ගන්න ඕන.රැම් කාඩ් එකක් ගෙදට්ටම ගෙනල්ලා දුන්න මංජුල අයියට පින් පතනවා ඒත් ඒක වැඩ කරා නම් තවත් පින්!!!.

මතකද බෝවිටියා මල් ලියපු දම්මි අක්කව?

Friday, November 23, 2012

131 තේවත්තේ හොල්මන!

මම නම් ගොඩක් ආස හොල්මන් ෆිල්ම් බලන්න මේ මාසෙට මම හොල්මන් ෆිල්ම් 6ක් බාලා තියෙනවා.වැඩර් වගේ මේවා කිව්වට පොඩි කාලේ නම් ටීවී එකේ හොල්මන් ෆිල්ම් යද්දී අත් දෙකෙන් මූණ වහගෙන ඇඟිලි අස්සෙන් යන්තමට හිඩැසක් හදන් ඒකෙන් තමයි බයානක හරි බලන්නේ.ඊට පස්සේ ඉතින් චූ කරන්නවත් තනියම කුස්සිය පැත්තටවත් යන්නේ නැහැ කුස්සියෙන්නේ එලියට යන්න තියෙන්නේ.

ඒත් දැන්නම් හොල්මන් ෆිල්ම් කාමරේ ඉඳන් තනියෙන්මයි බලන්නේ දැන්නම් ඉස්සර තරම් බය නැහැ ඒත් මොනිටරේ දිහා බලන් ඉද්දි මට හිතෙනවා මගේ පිටි පස්සෙ ඉඳන් ආත්ම කීයක් මේ වෙලාවට මොනිටරේ දිහා බලන් ඉන්නවද කියලා වගේ දේවල්.ඒත් මීයෙක් දුවන සද්දයක් ආවත් මම නම් හැරිලා බලන්නේ නම් නැහැ.

මේ හොල්මන් සීන් ටික ලියන්න හිතුනේ උඩ හෙඩිමට අදාළ සීන් එක නිසා.

Saturday, November 03, 2012

125 වැඩක් නැති මගේ කතාවක්!

අද නම් ලියන්න යන්නේ මෙලෝ රහකට නැති මගේ ජීවිතේ කොටසක්.ඕනාවට වඩා බ්ලොග් ලෝකෙදි මම විවෘත වෙලා තියෙන අවස්ථා තිබ්බා.මේකත් ඒ වගේ පොඩි විවෘත වෙන අවස්ථාවක්.මේ වගේ අවස්ථා මා හිතාදර ඇනෝ සහෝදරවරුන්ට වැදගත් මා සමග අදහස් නොගැලපුන විටදී මගේ කොමන්ට් යටින් මොනවා හරි දාන්න.

Thursday, November 01, 2012

107 අද්භූත ඇමතුම!

හෙලෝ  චතුරංග 

ආහ් කසුන් කියපන්

මොනවද බන් මේ උඹලගේ තාත්තා ඇවිත් ඊයේ අපේ ගෙදර මට බැනලා ගිහින් තියෙන්නේ?

අනේ සොරි බන් මං තාත්තා එක්ක රණ්ඩු වුනා.මම උඹව ආශ්‍රය කරනවට තාත්තා එක එක ඒවා කිව්වා මාත් බැන්නා අන්තිමට තාත්තට මල පැනලා කොහෙද ගියා.මම පස්සෙයි බන් දන්නේ ඒ ගිහින් තියෙන්නේ උඹලගේ ගෙදර කියලා.

ඒ වුනාට බලපන්කො බන් අපේ ගෙදර ඇවිත් උඹලගේ තාත්තා කැත විදියටනේ මට බැනලා ගිහින් තියෙන්නේ.

Tuesday, October 16, 2012

114 ඩයලොග්කරණයෙන් සන්ටෙල් පාරිභෝගිකයන්ට කුඩම්මාගේ සැළකිලි!

සන්ටෙල් කියන්න අපේ රටේ දැවැන්ත ව්‍යාපාරයක් සන්ටෙල් සමාගමේ අතීතය හොයන්න ගියොත් මට පිස්සු හැදෙනවා ඒත් මට මතක කාලේ ඉඳන් ටෙලිකොම් සමාගමත් එක්ක කරට කර තරඟ කරමින් ආපු සන්ටෙල් CDMA කරලියට ආවේ ලංකා බෙල් ආගමනයත් සමඟ. ඒ 2005 වර්ෂයේ කෙසේ වෙතත් පාරිභෝගිකයන්ට හොඳ සේවාවක් ලබාදෙන්නට ඔවුන් සමත් වුනා.

Friday, July 06, 2012

92 පෝලිමේ හිටිය මොඩ් අක්කලා දෙන්නා!



කලින් මතකනේ ඇස් වාට්ටුවට ගිහින් එද්දී අක්කා කෙනෙක් මං ගැන හිතපු හැටි? එදා මම ඇස් වාට්ටු ගියේ ඇයි කියලා මගේ යාළුවො දෙතුන් දෙනෙක්ම මගෙන් ඇහැව්වා 


අවුරුදු එකහාමාරක් මම කොම්පියුටරය ඉස්සරහා රෑට රෑට ගත කරලා අන්තිමට මගේ ඇහැකට මම කෙලවගත්තා කිව්වොත් වැරදි නැහැ.පහුගිය දවස් වල බ්ලොග් දෙක තුනකම වැටුනා

Friday, June 15, 2012

95 මිනි බොකු කාපු යක්කු!

ඇනෝලා කට්ටියක් මට ගහන්න හොයනවා කියලා මේ දවස් වල පොඩි ආරංචියක් තියෙනවා ඒක නිසා මම හෙන බයෙන් ඉන්නේ.ඒ අය මාව හොයනවා කියලත් ආරංචියක් ආවා ඉතින් ඉන්න ගමක්වත් කියන්න බයයි මේ දවස් වල.මම ඉන්නේ රාගම ඒක ඉස්සර ඉදන්ම මඩිස්සට එන කට්ටිය දන්නවා.

ඒත් මේ රාගම වෙච්ච හැමදේම මට වඩා ලියපු එකෙක් තමා අටම්පහුරයා කියන්නේ.ඒ යකා නොදන්න දෙයක් නැහැ කොහෙන් හරි ඇදලා රාගම වෙච්ච

Tuesday, June 12, 2012

60 geek.lk එකේ වැඩ බැරි ටාසන්ලා!

ඔයාලා දන්නවනේ අපි යමක කරද්දී අත දෙනවා වෙනුවට කකුලෙන් අදින්න නම් ඕන තරම් කට්ටිය ඉන්නවා කියලා ඒ වගේ අය අපි නැති තැන අපිට අපහාස කීරීම තමයි ටිකක් දුක.මොකද ඉන්න තැනක කිව්ව නම් කෙලින්ම උත්තර දෙනවනේ

Monday, June 11, 2012

76 කොටු නොපැන්න වැට මාර වැට!

සමහර මිනිස්සු කොටු පනින්නේ වැට වල් වලින් ඒ වැට පනින මිනිස්සු අහුවුනොත් ගෙදර මිනිහා උන්ට ගහන්න පොල්ලක් කඩාගන්නෙත් වැටකින්.ඒ අතරේ සමහරු අම්බානක ලෙස වලි දාගන්නේ වැටවල් නිසා තවත් සමහරු වැටවල් ඇවිද්දවන්නේ අල්ලපු ගෙදර අය ගෙදර නැති වෙලාවට.ඒ වගේ නොයෙක් දෙනා අතරේ මං වගේ වැට වල් ගැන ලියන එකෙක් දෙන්නෙකුත් ඉන්නවා.

Saturday, February 18, 2012

18 රාගමින් තවත් කිබුලෙක්!!

රාගමින් අල්ලා මරා දැමුනු කිබුලාව මතකද???

ඒ වගේම තවත් කිබුලෙක්ව ඒ හරියේ කට්ටිය දැකලා තියෙනවා.පුදුමේ කියන්නේ

Wednesday, February 08, 2012

30 රාගම අඩි 7 1/2ක් දිග කිබුලෙක්!!!

පහුගිය දිනවල රාගම නගරයෙන් කිබුල් භීතිකාවක් ඇති වුනේ පෑලියගොඩ ප්‍රදේශයේ දෙදරු පියෙක්ව රාගමදී අතුරුදහන් වී ඔහුගේ පාදයක කොටසක් හා තවත් ශරීරයේ කොටස් කිහිපයක් හමුවීමත් සමගය. අද (8) උදැසන එම මිනීමරු කිබුලාව අල්ලා ගැනීමට ජා ඇල ප්‍රදේශයේ පුදගලයෙක් සමත් විය.රාගම තරුණයන් කිහිප දෙනෙක් හා එක් වී ඔහු මෙම කිබුලාව අල්ලාගෙන ඇත.