Thursday, March 21, 2013

89 කාන්තා දවසේ ආ අමුත්තා!

එදා හරියටම මාර්තු 8 ලෝක කාන්තා දවස!.අම්මත් තව යාළුවෝ වගයක් එක්ක ගම්පහ මොකක්ද මන්දා එක්සිබිසන් එකක් බලන්න ගියා.හරියටම 2 වෙද්දී අහස කළුකරලා මහා හයියෙන් වහින්න ගත්තා.

මොර සූරන වැස්සත් එක්ක ටීවී බලන්නත් බැරි නිසා ටීවී එකත් වහලා ටිකක් නිදාගන්න කියලා හදද්දිම ගැඹුරු කටහඬකින්.

දුව දුව කියලා කව්රු හරි කතා කරනවා.වැස්සත් එක්ක පාළු ගතිය ත්‍රිව කරගෙන ඇහුන කටහඬින් ඇඟ හීතල වුනා.කව්ද ඇවිත් තියෙන්නේ කියලා බලන්න මම දොර ගාවට ගියාම දිගට වැවුන සුදු පාට කොන්ඩෙයි රැවුලයි
වැස්සේ තෙමිලා වතුර බේරිගෙන බෙනඩික් සීයා ඇවිත්.

බෙනඩික් සීයා අපිට ටිකක් දුරින් නෑදෑ වෙන කෙනෙක්.එයාගේ පවුල කුසුමා ආච්චි තමා අපිට හරියටම ඥාති වෙන්නේ.ඒත් ආච්චි නැති වුනාට පස්සේ හැම අවුරුද්දකම නත්තලට හැරෙන්න බෙනඩික් සීයා අපේ ගෙදර ඇවිත් නැහැ.එයාගේ ළමයි අපේ අම්මත් එක්ක එක එක හේතුන් මත වැඩි ඇයි හොඳයි කමක් නැහැ ඒක නිසා අපි එහේ ගිහින් නැහැ ගොඩ දවසකින්.ඒත් සීයා නත්තලට ආවම හොඳට කන්න බොන්න දීලා අතටත් කීයක් හරි දීලා තමා යවන්නේ.ඒත් ගිය අවුරුද්දේ නත්තලට සීයා ආවේ නැහැ.

සීයාව දැක්ක ගමන් මම
ආ සීයේ වැස්සේ තෙමිගෙනම ඇවිත් නේද?

ඔව් පුතා එද්දී වැස්සට අහුවුනානේ
ගැඹුරු කටහඬින් පැහැදිලිව සීයා කිව්වා.

එන්න එන්න සීයේ ගෙට
මම සීයට ගෙට අඩ ගැහුවම සීයා වතුර බේරෙන කමිසේ ගලවලා පුටුවක් උඩට එලලා තෙත සරම පිටින් ගෙට ආවා.මම ටක්ගාලා ගිහින් තුවායක් ගෙනත් සීයට දුන්නම සීයා ඔලුව පිහිදාගෙන ඇඟත් පිහිදගත්තා.

කෝ අම්මා?

අම්මා අද ගමනක් ගියානේ සීයේ!

පුතා මට තේ ටිකක් හදලා දෙන්නකෝ හරිම සීතලයි!

වැස්ස වෙලාවට නෙවේ ගෙදර කන්න මුකුත් නැති වෙලාවක් වුනත් මම ජීවිතේටවත් තේ හදන් බීලා නැහැ.මම තේ හදන වැඩේට එච්චර කැමති නැහැ.බඩගින්නේ හරි අම්මා එනකම්ම ඉන්නවා.අම්මත් ඒක දන්නවා.අඩුම තරමේ තේ හදනවා තියා බත් බෙදාගන්නවත් මම කැමති නැහැ ඒත් දැන් සීයට ඒක කියන්න ඈ?.හදපන්කෝ දැන් තේ!

අම්මා උණු කරලා දාලා තිබ්බ වතුර අරගෙන දන්න විදියට හැදුවා තේ කහට එකක් හදලා දුන්නා සීයට,
සීයා තේ එක බොනකම් මම අම්මට කෝල් එකක් දැම්මා.

අම්මේ කොහෙද ඉන්නේ?

ගම්පහ ඉන්නේ වැස්සට අහුවුනා නේ!

දැන් එනවද?

දැන්ම එන්නේ නැහැ තව ටිකක් මෙහෙ ඉන්නවා.

සීයා ඇවිත්!

ආ සීයා ඇවිත්ද?

හ්ම්ම්!

බත් ටිකක් බෙදලා දෙන්න.

තේ ඉල්ලුවා මම තේ හදලා දුන්නා

හා,බඩගිනියි නම් බතුත් බෙදලා දෙන්න

හ්ම්ම්

මම එද්දී වෙලා යයි සීයට එනකම් ඉන්නවා නම් ඉන්න කියන්න!

හා!

අම්මා ෆෝන් එක තිබ්බට පස්සේ මම ආයේ සාලේට ගියා.

අම්මාද කෝල් කරේ?
මහා වැස්සේ සද්දෙට මුකුත් ඇහෙන්නේ නැති වුනාට සීයා මන් කතා කරන එකට ඇහුම් කන් දීගෙන ඉඳලා තියෙන්නේ.

ඔව් සීයේ අම්මා එන්න වෙලා යනවලු! සීයා දවල්ට කෑවද?

මොනාද අම්මා උයලා ගියේ?

පැහියි,පරිප්පුයි බතුයි!

එදා අම්මා හදිසියට ඔය දෙක තමා උයලා ගියේ,නැත්තම් මසක් මාළුවක් වරදින්නේ නැහැ.සීයත් ආස මස් මාළු වලට.මමආසාවෙන් බලන් හිටියේ සීයා කෑම එපා කියලා කියනකම්.හේතුව කෑම බෙදන්න වෙනවනේ!.

හිතුවා වගේම නිර්මාංස ආහාර වලට ප්‍රියක් නොදැක්වූ සීයා
එපා පුතා මම කාලා ආවේ.

සීයා එහෙම කිව්වට එවෙලේ මසක් මාළුවක් තිබ්බා නම් අනිවා මට බත් බෙදන්න වෙනවා.

බෙනඩික් සීයා මට ඉස්සෙල්ලම මතක චන්ඩියෙක් විදිහට.මම පොඩි කාලේ ආච්චිලාගේ ගෙදර යද්දී මාමලා දෙන්නා විතරක් නෙවේ අහල පහල අයත් සීයාට බයයි.එක පාරක් ආච්චි එක්ක රෑ ගමනක් ගිහින් එද්දී බීපු මිනිස්සු වගයක් කරදර කරන්න ගිහින් ඒ ඔක්කොටම සීයා අම්බානක නෙලලා.පස්සේ ඒ ගුටි කාපු එක්කෙනෙක් ඉස්පිරිතාලේදී මැරුණා.

ඔය සිද්දියට සීයා අවුරුදු දෙකක් හිර ගෙදරත් ඉඳලා තියෙනවා ඒත් කාලය මැව් වෙනසක අරුමේ!.
 අද ළමයෙක්වත් හරියට සලකන්නේ නැහැ.කව්රුත් ගණන් ගන්නේ නැහැ,සීයාත් නිකන්ම දුර්වල වෙලා.

වැස්ස පායනකම් එක එක ඒවා කියව කියව ඉඳලා
මම යනවා පුතා.අම්මට කියන්න මම ආයේ දවසක එන්නම් කියලා.

හා සීයේ

ඇඳන් හිටපු තෙත සරම නම් වේලිලා කමිසේ නම් තෙතයි තාම.සීයා ඇඳන් යන්න කමිසයක් ඉල්ලුවා මගේ.
මම ගිහින් කමිසයක් ගෙනල්ලා දුන්නම සීයා කිව්වේ.
මම ආයේ එද්දී මේක අරන් එන්නම් පුතා

නැහැ නැහැ සීයේ සීයා ඕක තියාගන්නකෝ.මේ කමිසේ බෑග් එහෙක දාලා දෙන්නද?
තෙත කමිසේ මම දෙන්න හැදුවේ සීයට අඳින්න කමිස නැතිව ඇති කියලා හිතලා.ඒත් සීයා ඒක තියලා ගියේ වේලලා තියන්න කියලා ආයේ ආවම ගෙනියන්නම් කියලා.

අම්මා කොහේ හරි යද්දී මට මොනවා හරි කන්න කීයක් හරි දීලා යනවා හැමදාම එදත් 200ක් දීලා ගියේ,මම සල්ලි සීයාට දුන්නා බස් එකේ යන්න තියාගන්න කියලා.අම්මා හිටියා නම් ඊටා වඩා දෙනවා ඒත් මගේ අතේ එවෙලේ වෙන සල්ලි තිබ්බෙත් නැහැ.සීයා ඒකත් අරන් පොද වැස්සේම ගියා.මම ගෙයි දොරකඩ ඉඳන් සීයා නොපෙනෙනකම්ම බලන් ඉඳලා ඇවිත් නිදිය ගත්තා.ඒත් මට නින්ද ගියේ නැහැ මගේ හිත පුරා සීයා ගැනපරණ මතකයන් හොල්මන් කරා.සීයා අතින් අර මැරුණු මනුස්සයා හැරෙන්න වෙන කාටවත් හිංසා කරපු කෙනෙක් නෙවේ ඒත් බොන්න කීයක් හරි හොයාගන්න දැන් ඕනෑම වැඩක් කරන තත්වෙට පත් වෙලා.

ඉස්සර අපි එහෙ ගිහින් එද්දී සීයා අපි එක්ක පාරට එන්නේ මාවත් අතින් අල්ලන් අම්මා කීයක් හරි දෙයි කියලා බලාපොරොත්තුවෙන් තමා.ඒත් අම්මා කියලා තියෙන විදියට අම්මා  පොඩි කාලේ අපේ අම්මයි මාමයි දවසක් බඩගින්නේ ඉද්දි සීයා කන්න ගෙනත් දීලා තියෙනවා කියලා.

ඊට පස්සේ අම්මා සීයාගේ කමිසේත් හෝදලා වේලලා තිබ්බා සීයා ආවම දෙන්න.ඒත් සීයා ආවේ නැහැ ඒ වෙනුවට ඒ සීයාගේ පුතෙක් වන චන්දන මාමාගෙන් කෝල් එකක් ආවා පෙරේදා.

සීයා නැති වුනාලු!



89 comments:

  1. හදලා දුන්නු තේ එකේද මන්දා අවුල?

    සීයාට මොක් සුව පතමු!
    එන හැමෝම ඉතින් යන්ඩත් ඕනනෙ බන්..
    මේ කතාවෙන් ගන්ඩ පුළුවන් ඔකුම ආදර්ශය තමයි මොන තරම් හයිරං කාරයෙක් වුනත් වයසට යද්දි දුර්වල වෙන බව...

    ReplyDelete
    Replies
    1. මට හිතෙන්නෙත් තේ එක තමයි මේකට හේතුව....

      Delete
    2. @හරි
      තොපිලට හොඳක් වෙන්නෙම නැහැනේ මගේ.
      ඔව් බන් උඹ කියන දේත් හරි.

      @මනෝජ්
      හෆෝයි...

      Delete
  2. හදවත පතුලටම වැදුණා මලයා කතාව. මේවගේ චරිත තාම ඉන්නවා...ආසම ලියැවිල්ලක් අකුරක් අතනොඇර කියවන්න හැකියි මලයා.

    ReplyDelete
    Replies
    1. මේක නිර්මාණයක් කිව්වා නේද ? එහෙම නම් අපූරුයි.

      Delete
    2. @නලින් අයියා
      හ්ම්ම් අයියා කොහොමත් මේ වගේ කතා අකුරක් නෑර කියවනවාමනේ!ස්තුතියි අයියා.

      @සුදීක අයියා
      හැම පෝස්ට් එකක්ම ඉතින් නිර්මානයක්නේ අයියා.

      Delete
  3. බීම කියන්නේ කරුමයක් නිශාන්.. තාමත් ඒක තේරුම් නොගන්න අය ඕනේ තරම්...

    ReplyDelete
    Replies
    1. ඔය ඉතින් බෑනේ උඹත් එක්ක, මෙනවා කතා කලත් අන්තිමට ඔතන

      Delete
    2. අටම් අයිය බොනවද..? ;)

      Delete
    3. අටං බොන්නෙ නෑ මං හිතන්නෙ වෙන දෙයක් කරන්නෙ. :D

      Delete
    4. සීයා කෙනෙක් උනාම බිව්වත් නොබිව්වත් මැරෙණවා. නොමැරිච්ච සීයා කෙනෙක් ඉන්න ගෙදරකින් අරක්කු සීයක් ගෙනල්ලා දුන්නොත්, ඒ තමයි මගේ අවසාන ෂොට් එක.

      Delete
    5. //ඔය ඉතින් බෑනේ උඹත් එක්ක, මෙනවා කතා කලත් අන්තිමට ඔතන//
      ඒකනෙ අටමො..!

      Delete
    6. අටමා බොනවද?

      ඌ බොන්නෑ නානවා ^_^

      Delete
    7. @හිරුවා
      හ්ම්ම් ඔව් අක්කා මාත් දැන් වැඩිය බොන්නේ නැහැ.

      @මාතලන් අයියා
      \\සීයා කෙනෙක් උනාම බිව්වත් නොබිව්වත් මැරෙණවා. නොමැරිච්ච සීයා කෙනෙක් ඉන්න ගෙදරකින් අරක්කු සීයක් ගෙනල්ලා දුන්නොත්, ඒ තමයි මගේ අවසාන ෂොට් එක. //

      නියම කොමන්ට් එක.ඒත් මේ අරක්කු සීයක් කිව්වේ?

      Delete
  4. කෑම ටිකක් දුන්නනම් එවරයිනේ ....බලෙන්ම

    ReplyDelete
  5. අන්තිම වචන තුන කියවද්දී කරන්ට් වැදුන වගේ වුනා. මොකද මම කතාව කියවගෙන ආවේ මගේ සීයාගේ මතකයත් එක්ක නිසා.

    ReplyDelete
    Replies
    1. හ්ම්ම් මටත් එක ඇහෙද්දී මාර විදියට අප්සට් වුනා.

      Delete
  6. සෑහෙන සංවේදී කතාවක්... හදවතට දැනෙන්න ලියල තියනව සීයා ගැන නම් දුකයි... සීයා සමාදානයේ සැතපේවා...

    ReplyDelete
    Replies
    1. ස්තුතියි සහෝදරයා

      Delete
  7. ජීවිතේ ඔහොම තමයි මචං

    ReplyDelete
  8. ඔහොම තමයි බං......අනිත්‍ය වූ ජීවිතය....

    ReplyDelete
  9. මම බලාපොරොත්තු වුනේ හොල්මන් කතාවක් බන්..

    ReplyDelete
    Replies
    1. මට වඩා තවත් හොල්මන් කොහෙද මෙහෙ?

      Delete
  10. අනේ මට ගොඩාක් දුක හිතුනා, ඒ වගේම අන්තිම කාලේ කටවත් කරදර නැතුව මහළු නිවාසෙක ඉන්න සල්ලි ඉතුරු කරගන්න තියන සිතුවිල්ලත් වැඩිපුර හිතට දැනුනා

    ReplyDelete
    Replies
    1. හ්ම්ම් ඔව් අක්කා ඒකනම් ඇත්ත.

      Delete
  11. Replies
    1. එදා ප්‍රබලයා අද දුබලයා

      Delete
  12. උඹ මේක දුක හිතෙන්ඩම ලියල තියෙනව. සීයාගේ මරණින් මතු ජීවිතය සැපවත් එකක්ම වේවා කියල ප්‍රර්ථනා කරමු!

    ReplyDelete
    Replies
    1. හ්ම්ම් ස්තුතියි සහෝ!

      Delete
  13. In the begining I also thought it's a ghost story

    ReplyDelete
    Replies
    1. :) නැහැ නැහැ එහෙම එකක් නෙවේ.

      Delete
  14. ජීවත් වෙලා ඉද්දි ඩෙගා නටන අයට මෙවැනි ලිපි හොද පාඩම්.
    දරුවො සලකන්නෙත් නැත්නම්,වයසත් සෙට් නම්
    සීයාට නිවන් සුව පතනවා! හැර වෙන වෙන කුමක් කරන්නද?

    ReplyDelete
    Replies
    1. හ්ම්ම් සහතික ඇත්ත ඔයාගේ කතාව.ඉන්න කාලේ හැමෝගෙම හිත දිනාගෙන හිටියා නම් බැරි කාලෙක උදව් කරන්න කීදෙනෙක් ඉඳියි ද.

      Delete
  15. කතාව ලස්සනට ලියල තියෙනවා.. බත් ටිකක් කාලා ගියා නං අහවර නේ...

    ReplyDelete
  16. දුක්බර කතාවක්...
    සීයාට නිවන් සුව පතනවා!

    ReplyDelete
  17. තේ එකක්වත් හදල දුන්න එක ලොකු දෙයක්නෙ.

    ReplyDelete
  18. එහෙම සිද්ධි වෙනකොට දුකයි තමා :/

    ReplyDelete
  19. ආදර්ශය: නිශාන් මලයා හදන තේ බිමෙන් වැලකි සිටිනු.

    ReplyDelete
    Replies
    1. /:) ඔහ්
      හම්බුන වෙලාවක තේ එකක් දෙන්නම්කො

      Delete
  20. සීයලා උනාම මැරෙනවා තමයි පුතේ.. දුක් වෙලා පලක් නෑ. පිනක් දහමක් කරලා ඒ පින් අනුමෝදන් කරන්න.

    ReplyDelete
    Replies
    1. ඔව් මාතලන් අයියා එහෙම තමා දැන් කරන්නේ.

      Delete
  21. ජීවිතය කියන්නේ ඒකටයි..

    ReplyDelete
  22. හිතට වදින්නම ලියලා තියෙනවා මචන්..සීයාට නිවන් සුව පතනවා! අපේ නැන්දා කෙනෙකුත් මිට ටික කාලෙකට කලින් නැති වුනා.එයා නැතිවෙන්න දවස් කිපයකට කලින් හැම නැදැ ගෙදරකටම ගිහින් තියෙනවා..හැමෝ එක්කම හොදට කතා බහ කරලා ගිහින් සදහටම යන්න ගියා..
    (මට මේක කියවද්දි තේරුනේ උබත් මම වගේමනේ කියලා..මමත් මචන් තේ හදන්න පට්ට අකමැතියි..බත් බෙදාගන්න ඊට වඩා අකමැතියි..ගෙදර බත් උයලා තියෙද්දි අම්මා නැති දවස් වල කඩෙන් කාලා තියෙනවා මම..පස්සේ ඉතින් බැනුම් අහලාත් තියේ :D :D)

    ReplyDelete
    Replies
    1. මැරෙයි කියලා හිතුනම තමන්ගේ කට්ටියව බලන්න හිතෙනවා ඇති බන්.

      හ්ම් උඹත් මම වගේම එකෙක් තමා.මම කඩෙන් නම් කාලා නැහැ හැබැයි අම්මා බෙදන කම් වේලක් දෙකක්ම නොකා ඉඳලා තියෙනවා :)

      Delete
  23. මල්ලිගෙ නිර්මාණ,යතාර්තය කියල තියෙන නිසා ඇත්ත කතාවක් නේද..?
    එහෙමනන්...
    සමහර අය මියයනකොට ඒ අයගෙ සිත් ගත් වැඩියෙන්ම ආදරය කල අයගෙ ලඟට වත් ඇවිල්ල මුන බලලවත් තමා මිය යන්නෙ. එහෙම ස්වභාවික තත්වයක් අදෘශ්‍යමාන විදියට සිදුවෙනව කියල මම අහල තියෙනව.

    අනික නිශාන් ට ඉන්නෙ වචනයේ පරිසමාප්තියෙන්ම අදහන්න වටින අම්ම කෙනෙක්.
    තමන්ගෙ ඥාතීන්ට සලකන,තේ එකක්වත් හදාගන්න බැරි හිපා‍ටු පුතෙකුත් එක්ක බිස්නස් එකකුත් කරන් ඉන්න එක මහාමෙරක්.
    අපි පොඩිකාලෙ උයාගෙනත් කාල තියෙනව බං..!

    ReplyDelete
    Replies
    1. හිපාටු පුතෙක්? :(

      හ්ම්ම් එහෙම කියපු එකත් හොඳයි මට තව පෝස්ට් එකක් හම්බ වුනා.

      Delete
    2. තරහ ගන්න එපාබං වෙන මුකක් කියන්නද...!

      Delete
    3. පිස්සුද බොල එහෙම තරහ නොවී කොහොමද? :)

      Delete
  24. බොක්කටම වදින්නම ලියල ඈහ් පට්ට...:)

    ReplyDelete
  25. වයසක මනුස්සයෙක් නං කවද හරි මැරෙන්නත් එපාය.

    ReplyDelete
    Replies
    1. හ්ම්ම් ඔව් අයියා

      Delete
  26. පව් බං... :(

    සුභ වේවා!!! රාජ සම්පත් ලැබේවා!!!

    ReplyDelete
  27. අහම්බයකින් දකින නිර්මාණයක්.

    ReplyDelete
  28. මේ ලිපියෙන් කියවෙන ව්දියට නිශාන් ඔයා හරිම හොඳ චරිතයක්.බලන්න ඔයා සීයට කමිසයක් දුන්නා අම්මා ගෙදර නැතත් සීයාව හිස් අතින් නොයවා සල්ලිත් දීලා.එහෙම බැලුවම ඔයා ගොඩක් හොඳ දරුවෙක්.වැරැද්දකට තියෙන්නේ තේ ටික හදාගන්න කම්මැලි වීම වගේ දේවල්.ඒකත් එච්චර ලොකු වැරද්දක් නෙවේ ඔය වයසට ගොඩක් කොල්ලෝ ඔය වගේ දේවල් කරන්න කැමති නැහැ.ඕක වයසේ වැරැද්ද.දුක් වෙන්න එපා මිනිස්සු කොහොමත් මැරෙනවමනේ හිත හදාගන්න.

    ReplyDelete
    Replies
    1. පෝස්ට් එක ගැන හොඳට තේරුම් අරන්.ස්තුතියි සහෝ

      මන් හිතනවා ඔයා කිව්ව දේවල් හරි කියලා.

      Delete
  29. හ්ම්ම වට් ටු ඩූ...
    උඹත් තේකක් හදන් බීපන්

    ReplyDelete
    Replies
    1. අපෝ මන් හදන ඒවා කාටද බන් බොන්න පුළුවන්?

      Delete

  30. කාන්තා දිනේ කියන්නේ ඉතින් පිරිමින්ට තරමක් අසුභ දිනයක්නේ.

    ReplyDelete
    Replies
    1. හික්ස් සහතික ඇත්ත.

      Delete
  31. තෝ නම් තියන්න වටින්නෙ නෑ. බතක් බෙදාගන්නවත් දන්නෙ නැද්ද බොල? බුෆේ එකකට ගියාම මොකද කරන්නෙ?

    ReplyDelete
    Replies
    1. බුෆේ එකේ වෙනම බෙදලා හැඳි දාලා තියනවනේ ඉතින් :)

      Delete
  32. මනුස්ස ජිවිතේ හැටි බන්

    ReplyDelete
  33. හිතට වදින කතාවක්...

    කොච්චර ලොක්කෙක් උනත් අන්තිමට ඉතින් ....

    ReplyDelete
    Replies
    1. ඒකනේ අන්තිමට මරණේ විතරයි උරුම

      Delete
  34. මේ අන්තිම වචන ටික කියවලා තිබ්බා නම් නිශාන් මම මේ පෝස්ට් එක කියවන්නේ නැහැ.. :(

    ReplyDelete
    Replies
    1. ඉතින් කියවලා ඉන්න එපැයි.

      Delete
  35. මඩිස්සමඩිස්සමඩිස්සමඩිස්සමඩිස්සමඩිස්සමඩිස්සමඩිස්සමඩිස්සමඩිස්සමඩිස්සමඩිස්සමඩිස්සමඩිස්සමඩිස්සමඩිස්සමඩිස්සමඩිස්සමඩිස්සමඩිස්සමඩිස්ස්ස්ස්ස්....ස
    හලෝ මඩී.....

    ReplyDelete
    Replies
    1. මට පිස්සු වැටිලා වගේ ඈහ් :P

      Delete
  36. හිතට දැනුන හැඟුම්බර නිර්මාණයක්.

    ReplyDelete
  37. තේකක් හදාගන්න බැරි එක නම් කැතයි. ඒකට බලනවා අපිග දකුනෙ උන්ට මොනවද බැරී.

    ReplyDelete

හිතට දැනුන පුංචි දේ හරි කියලා යන්න ඒක මට ශක්තියක්.යාලුවනේ ඔයාලට බ්ලොගර් ප්‍රොෆයිල් එකක් තියෙනවා නම් වෙලාවක් තියෙනවා නම් තවමත් ෆලෝ කරලා නැත්තම් ෆලෝ පාරකුත් දාලා යන ලෙස ඉල්ලා සිටිනවා!