Monday, December 31, 2012

73 අලුත් අවුරුද්දේ මගේ පැතුම්!

ලැබුවාවූ 2013 වසර චොකලට් කිරියෙන් හා කිතුල් පැණියෙන් උතුරන කූඹි නොවසන පැණිම පැණි රස සුභම සුභ නව වසරක් වේවා කියලා පතනවා!.


හැම හැමෝටම වගේ මටත් අලුත් අවුරුද්දේ පැතුම් කිහිපයක් තියෙනවා.ඒවා එකක් හරි ඉෂ්ට වේවා කියලා තමයි මන් ප්‍රාර්ථනා කරන්නේ!.

මේ අවුරුද්දේ මගේ ප්‍රාර්ථනා ටික තමයි.
1.පිණි බිඳුව වාෂ්ප වේවා නැත්තම් සොරොව්ව විවෘත වේවා!

2.මේ අවුරුද්දේ මාව තව ටිකක් සුදු වෙලා ලස්සන වේවා!

3.රැවටිලිකාරයන්ට අසුවීම අඩුවේවා!

4.සිත් රිදවීම් අඩු වේවා!

5.බුද්ධිය තව ටිකක් වැඩි වේවා!

6.මටත් කව්රුහරි කියලා ඉඳීවා!

ඔන්න ඔය ටික තමා :).ඒ වගේම ඔයාලගේ හිත් වලත් අහුමුළු වල තියෙන සේරම පැතුම් ප්‍රාර්ථනා ඉෂ්ට සිද්ද වේවා කියලා මම එක සිතින්ම ප්‍රාර්ථනා කරනවා.




Monday, December 24, 2012

85 නත්තලට කලින්!

තව පැය කිහිපයකින් නත්තල.පොඩි කාලේ නම් නත්තල ලං වෙද්දී ෆුල් ආතල් ඉස්කෝලත් නිවාඩුනේ.ඉතින්  
දවල් වෙනකම් නිදියලා ඇති තරම් සෙල්ලම් කරනවා.අම්මා අලුත් ඇඳුම් අරන් දෙනවා රතිඤ්ඤා අරන් දෙනවා සෙල්ලම් බඩු හම්බ වෙනවා.

ඒත් දැන් නත්තල ආවම එපා වෙනවා මට නම් පිස්සු හැදිලා තියෙන්නේ.ගෙවල් අස් කරන්නයි,මකුළු දැල් කඩන්නයි,තීන්ත ගාන්නයි,හැමදේම දැන් මට පැටවිලා :).අවුරුද්දට සැරයයි වුනාට හොඳ ගණන්.අද දවසට එක හුස්මට වැඩ ගොඩක් කරා ඒ මදිවට අම්මට නත්තල් ගහකුත් හදන්න ඕන වෙලා.ඔන්න ඒකත් හැදුවා.

Saturday, December 22, 2012

132 කතන්දරට වඩා මම ඉදිරියෙන්!

දන්නවනේ රූපවාහිනී චැනල් වලට එෆ්.එම් නාලිකාවලට සම්මාන දෙන්න විවිධ වැඩ සටහන් තියෙනවා.එතකොට ඒවා දිනන නාලිකා ඒවා ලැබිලා ටික දවසක් යනකම් දවසට දෙතුන් පාරක්ම දානවා අපිට මේ සම්මානේ හම්බවුනා,අර සම්මානේ හම්බවුනා කියලා.ඒ වගේ බ්ලොග් කාරයන්ටත් සම්මාන දෙනවා නම්?.

සමහර අය එහෙම බ්ලොග් ලියන අයට සම්මාන දෙන ඒවා තිබ්බත් හරියට ක්‍රාමානුකූල නැහැ,දැනුවත් කිරීමක් නැහැ හරියාකාරව,දෙන්නන් වාලේ ඔහේ ඉදිරිපත් වෙන්නන්ට පමණක් දෙනවා ඒ ක්‍රමේ කිසිම සාර්ථක බාවයක් මම නම් දකින්නේ නැහැ.ඒත්

Thursday, December 13, 2012

93 කුඩුකාරයාගෙන් රට නගා සිටවමු!

මේ ලඟකදී පැලියගොඩ අලුත් පාලම රවුන්ඩ් අබවුට්(ඇනෝනිමස් නිවැරදි කරන ලදී) එක ලඟදි උදේ ට්‍රැෆික් එකට මං ගමනක් යද්දී අහුවුණා.කලර් ලයිට්ස් වලින් කිරිබත්ගොඩ පැත්තට එන වාහන නවත්වලා දෙමටගොඩ පැත්තට යන අපිත් හිර වෙලා.මේ අතරේ ට්‍රැෆික් එකට අහුවෙලා තිබ්බ සිමෙන්ති උර දෙසීයක් පමණ පටවපු ලොරියකුත් තිබුනා.

අලුතෙන් හදන අධිවේගේ පැත්තේ ඉඳන් එකෙක් දුවන් ආවා සිමෙන්ති ලොරියෙන් සිමෙන්ති බෑග් දෙකක් කිහිලි දෙකට ගත්තා පාර පැන්නා දිව්වා.හිතාගන්නවත් වෙලාවක් නැහැ.යකෝ අපි මේ ගෙදර වැඩකට හරි සිමෙන්ති කොට්ටයක් උස්සගෙන එහාට මෙහාට යන්නේ හරි අමාරුවෙන් ඒත් මේ යකා උර දෙකක්ම අරගෙන දිව්වේ නිකන් උසේන් බෝල්ට් මීටර් සීය දුවනවා වගේනේ.

පෙනුමෙන් නම් තනිකර කුඩු ඩයල් එකක් අනික ඔය හරියේ කුඩු කාරයෝ නැත්තම් තමයි පුදුම.කුඩු ගහන අයට ඔච්චර පවර් එකක් කොහෙන්ද?.ගොඩක් කුඩු කාරයෝ හොරකම් කරලා දුවද්දී පොලිසියේ අයට බැරුව යනවා පස්සෙන් එලවන්න.කුඩු කාරයෝ ඒ තරම් ස්පීඩ්.තාප්ප,බැමි,වැටවල් ඔය මොකක් තිබ්බත් ඕවා උඩින් පැනලා,අස්සෙන් රිංගලා යන එක කුඩු කාරයන්ට හරි සිම්පල් වැඩක්.

අපේ ගෙවල් පැත්තෙත් ඉන්නවා කුඩු කාරයෝ දෙතුන් දෙනෙක්.අපේ මාමා කෙනෙක් ගෙයක් හදන වැඩකට අල්ලාගෙන තිබ්බ බාසුන්නහෙත් කුඩු කාරයෙක්.මිනිහට වයස තිහක් විතර ඇති වැඩ නම් තිතටම නීට්.වෙලාවකට අලස කමින් වැඩ කරගෙන යද්දී මහත්තයා මන් ටාර් ගාලා එන්නම් කියලා මාරුවෙන මිනිහා පැය බාගෙකට විතර පස්සේ එනවා ඇවිත් පුක කැඩුන කඩියා වගේ වැඩ.

කුඩු කාරයන්ගේ ක්‍රියාශීලී කම ගැන හිතද්දී මට අදහස් කිහිපයක් හිතට ආවා.රටේ සංවර්ධනය වෙනුවෙන් චීනයෙන් කම්කරුවන් ගෙන්වනවට වඩා කුඩු පැකට් එකක් දීලා කුඩු කාරයෙක් වැඩට ගත්තා නම් අධිවේග,කාණු පද්ධති,පාරවල් හැදීම් වගේ දේවල් සුටුස් ගාලා සිද්ද වෙයි.එතකොට රටේ රැකියා හිඟය පියවෙනවා.ටවුන් වල කාණු වගේ නෙවේ ගම්වල කාණු ඒවා ටික දවසකින් පස් පිරිලා හිරවෙනවා.තමන්ගේ ගේ ඉස්සරහ කාණුවවත් සුද්ද කරන්න අපේ රටේ මිනිස්සු කම්මැලියි ඉතින් කානු හිරවෙලා වැස්සට පාරවල් යට වෙනවා.අන්න ඔය වගේ දේවල් වලදී කුඩු කාරයෝ වැඩට යොදාගත්තා නම් වැස්ස කාලෙට සිරිලක හරි ලස්සනට තියෙයි.

දුම්රිය හරස් මාර්ගවලදී රේල් ගේට්ටු නැතුව මිනිස්සු කෝච්චියට හැප්පිලා මැරෙනවා මිනිස්සු උද්ඝෝසන කරනවා සල්ලි බර ගානක් වියදම් කරලා ඔන්න හදනවා රේල් ගේට්ටු.එත් ගමේ කුඩු කාරයන්ව ඔය තැන් වලට යෙදෙව්වා නම් මිනිස්සු මැරෙන්නෙත් නැහැ උද්ඝෝසනත් නැහැ සල්ල්ත් ඉතුරුයි.

ඔවුන්ට නිල ඇඳුම් දීලා කොටුව දුම්රිය පල,බස් ස්ටෑන්ඩ් එක,පොදු වැසිකිලි,රෝහල් වගේ දේවල් පිරිසිදු කිරීමේ කටයුතු වලට යොදාගන්න පුළුවන් එතකොට අපේ රට කොච්චර ලස්සන වෙයිද?.දියුණු වෙයිද?

බඩු පොට් නීතිගත කරනවට වඩා කුඩු පොට් නීතිගත කිරීම වැදගත් නැද්ද?.

මේ රටේ කුඩු පොත නීතිගත කීරීම සඳහා මිනිස්සු දෙන්නෙක් මහන්සි වුනා ඒත් උන් දෙන්නගේ අසමගිය නිසා දෙන්නා ගහගෙන එකෙක් මලා අනිකාට දැන් මතකේ නැහැ.ඔය වගේ තවත් උත්තමයන් කිහිප දෙනෙක් අප අතරේ ඉන්නවා.මේ පිලිබඳව ජනාධිපතිවරයා වහා ක්‍රියා මාර්ග ගත යුතුයි.කුඩු පිලිබඳව අමාත්‍යවරයෙක් පත් කල යුතුයි.


  • රැකියා අහිමි උපාධිධාරීන් හට කුඩු ලබා දී රැකියා ලබා දිය යුතුයි!
  • කුඩු කාරයන්ව සමාජයෙන් කොන් නොකළ යුතුයි!
  • ඔවුන්ට ගරු කල යුතුයි!
  • රැකියා ලබා දී,නිළ ඇඳුම්,ලෙඩ නිවාඩු,නිවාස ණය,අතිකාල දීමනා,බෝනස් හා විශ්‍රාමික වැටුප් ලබාදිය යුතුයි!
  • මැති ඇමතිවරු ඇතුළු රජයේ ඉහල තනතුරු දරන නිලධාරින් හට කුඩු ලබාදී ඔවුන්ව කාර්යක්‍ෂම කල යුතුයි!
  • ලිපි කරුවා,වගා කරුවා,පොලිස් කාරයා,මාළු කාරයා,කිරි කාරයා වගේ කුඩු කාරයාවත් සමාජ ගත කල යුතුයි!

මේ සඳහා ඔබේ මත විමසුමද දැනගැනීමට කැමැත්තෙමි.

Friday, November 23, 2012

131 තේවත්තේ හොල්මන!

මම නම් ගොඩක් ආස හොල්මන් ෆිල්ම් බලන්න මේ මාසෙට මම හොල්මන් ෆිල්ම් 6ක් බාලා තියෙනවා.වැඩර් වගේ මේවා කිව්වට පොඩි කාලේ නම් ටීවී එකේ හොල්මන් ෆිල්ම් යද්දී අත් දෙකෙන් මූණ වහගෙන ඇඟිලි අස්සෙන් යන්තමට හිඩැසක් හදන් ඒකෙන් තමයි බයානක හරි බලන්නේ.ඊට පස්සේ ඉතින් චූ කරන්නවත් තනියම කුස්සිය පැත්තටවත් යන්නේ නැහැ කුස්සියෙන්නේ එලියට යන්න තියෙන්නේ.

ඒත් දැන්නම් හොල්මන් ෆිල්ම් කාමරේ ඉඳන් තනියෙන්මයි බලන්නේ දැන්නම් ඉස්සර තරම් බය නැහැ ඒත් මොනිටරේ දිහා බලන් ඉද්දි මට හිතෙනවා මගේ පිටි පස්සෙ ඉඳන් ආත්ම කීයක් මේ වෙලාවට මොනිටරේ දිහා බලන් ඉන්නවද කියලා වගේ දේවල්.ඒත් මීයෙක් දුවන සද්දයක් ආවත් මම නම් හැරිලා බලන්නේ නම් නැහැ.

මේ හොල්මන් සීන් ටික ලියන්න හිතුනේ උඩ හෙඩිමට අදාළ සීන් එක නිසා.

Tuesday, November 20, 2012

67 අභිරහස් කාර් හොරා හම්බවුනෝ..කතාව ඉවරා...යි



පළමු කොටස
දෙවන කොටස
තෙවන කොටස
ස්තුති කතාව

කාර් රථයත් වෑන් රථයත් මුහුණට මුහුණලා විය.හැරිස්ටත් රැන්ඩිටත් වෑන් රථයේ රියදුරු අසුනේ සිටි පුද්ගලයාව පැහැදිලි ලෙස පෙනෙන්ට විය ඒ වෙන කව්රුවත් නොව ඒ ඩේවිඩ් ය.

ඩේවිඩ් වෑන් රථයේ ඇක්සලේටරය සැරින් සැරේ පාගයි.වහා ක්‍රියාත්මක වුන හැරිස්ද බොඩිය තැලුණ කාර් රථය නැවත පණගන්වා රේස් කරේය.වාහන දෙක මුහුණට මුහුණලාය.ඩේවිඩ් වෑන් රථය අද්දනවාත් සමඟම හැරිසුත් කාර් රථය අද්දන්නට විය.වාහන දෙක අධික වේගයෙන් මුහුණට මුහුණ පැමිණ හැප්පුනාය.

මයිනර් එකේ බොනට් එක කුඩු වී ගියාය.හැරිසුත් රැන්ඩිත් දොර පියන් හැර බොහොම අමාරුවෙන් එලියට බැස ගත්තේය.ඔවුන්ට ලේ ගලන තුවාල පෙනෙන්ට නොතිබුනත් ඇඟේ පතේ තැල්මවල් ඇති බව හැසීරීම් වලින් පෙනේ.ඔවුන් අමාරුවෙන් වෑන් රථය වෙත ගොස් එහි දොර ඇර බැලුවේය.ඩේවිඩ් සිහි මුර්ජා වී රියදුරු අසුන මතම වැටි සිටියි.

Sunday, November 18, 2012

70 අභිරහස් කාර් හොරා ස්තූති කතාව!

සභාවෙන් අවසරයි අද මා මෙතනට පැමිණියේ මෝඩ ආතල් එකක් ගැනීමටයි ස්තූති කතාවක් කිරීමටයි.
ඇත්ත වශයෙන්ම "අභිරහස් කාර් හොරා" නම් වූ ඉතාමත් අභිරහස් කතාව මගේ සිතේ ඇතිවූ චිත්ත රූප පෙළක් යටතේ බටහිර ශෛලියට ලිය වූවකි.ඇත්තටම කවුද හොරා?

Friday, November 16, 2012

39 අභිරහස් කාර් හොරා (තෙවන කොටස)


පළමු කොටස
දෙවන කොටස


ඉතින් මොකක් හරි හෝඩුවාවක් හම්බ වුනාද?(රැන්ඩි)

නැහැ එත් මට හිතෙන්නේ මේක කරේ.....කාමෑෂ් ගැන්ග් එකේ අය වෙන්න ඇති!(හැරිස්)

මොකක්? ඇයි ඒ? එයාලට අපේ කාර් එකමද හොරකම් කරන්න ඕන වුනේ?

කලබල වෙන්න එපා රැන්ඩි මම අද පරණ රෙකෝඩ්ස් බැලුවා ටවුන් එකේ වාහන සොරකම් ගැන.කලින් වෙච්ච හැම සොරකමකටම ගෑවිලා තියෙන්නේ කාමෑෂ් ගැන්ග් එකේ අය!.

ඉතින් හැරිස් අපිට ඒක ලබාගන්න පුළුවන් වෙයිද?

Wednesday, November 14, 2012

79 අභිරහස් කාර් හොරා (දෙවන කොටස)



පළමු කොටස


පොලිසියෙන් සමුගත් රැන්ඩි කෙලින්ම ගියේ ඔහුගේ කාර්යාලටය ඒ ඔහුගේ සේවාදායකුගේ නඩුවක් ගැන කතා කරගැනීමටය.මේ අතර ඉන්ස්පෙක්ටර් හැරිස් තම මිතුරාට හැකි උපරිමයෙන් උදව් කිරීමට සිතා පොලිසියේ ඇති වාහන සොරකම් පිලිබඳ සියලු වාර්තා නැවත වරක් පිරික්සන්ට විය.එමගින් ඔහුට නගරයේ නම ගිය වාහන සොරු ගැන හා පාතාල කල්ලි ගැන තොරතුරු රැසක් සොයාගැනීමට හැකි විය.තොරතුරු පරික්ෂා කිරීමෙන් අනතුරුව හැරිස් රැන්ඩිගේ මහා ගෙදර බලා පිටත් වන්ට විය.

මේ අතර රැන්ඩිගේ ජංගම දුරකථනය නාද විය.
හෙලෝ හැරිස් මම හිතනවා ඔයා මන් වෙනුවෙන් මේ වෙලාවේ මහන්සි වෙනවා ඇති කියලා.

ඇත්තෙන්ම රැන්ඩි මම ඔයාගේ වැඩේට බැහැලා දැන් ගොඩක් වෙලා.මම මේ දැන් එනවා ඔයාගේ ගෙදරට ඔයා ගෙදරද ඉන්නේ?

නැහැ හැරිස් මම දැන් පොඩි වැඩකට ඔෆිස් එකට ආවා ඔයා ගෙදරට යන්න අම්මා ඉන්නවනේ මම අම්මට කෝල් එකක් දෙන්නම්.

හොඳයි රැන්ඩි පස්සේ හම්බ වෙමු.

Monday, November 12, 2012

78 අභිරහස් කාර් හොරා

හෙලෝ රැන්ඩි පුතා ඔයා දැන්ම ගෙදර එන්න මෙහෙ ලොකු ප්‍රශ්නයක් වෙලා!

ඒ මොකක්ද අම්මා තාත්තට අසනීපයක්වත්ද?

නැහැ පුතා ඊට වඩා ලොකු ප්‍රශ්නයක් ඔයා ඉක්මනට ගෙදර එන්න.

හරි අම්මා මට තව එක නඩුවක් තියෙනවා කතා කරන්න ඒක ඉවර වුන ගමන් මම එනවා.

Thursday, November 08, 2012

105 නෝනාගේ දුවට ලව් කරපු ගාමිණි අයියා

දැකලා තියෙනවද යකඩ බඩු එකතු කරන්න එන දාඩිය දාගෙන අව්වට පිච්චිලා කළු වෙලා කරත්ත තල්ලු කරන් එන මිනිස්සුන්ව?.ගාමිණි අයියාත් එහෙම කෙනෙක් එයා දැනට අවුරුදු විස්සකට උඩදී නුවර පැත්තේ දුර ගමක ඉඳලා මෙහෙ ඇවිත් යකඩ එකතු කරන රස්සාව කරන්න අරන් තියෙන්නේ ගෙදර ආර්ථික ප්‍රශ්න නිසා හරියට ඉගෙනගෙන රස්සාවක් කරන්න බැරි වුන නිසා.

Saturday, November 03, 2012

125 වැඩක් නැති මගේ කතාවක්!

අද නම් ලියන්න යන්නේ මෙලෝ රහකට නැති මගේ ජීවිතේ කොටසක්.ඕනාවට වඩා බ්ලොග් ලෝකෙදි මම විවෘත වෙලා තියෙන අවස්ථා තිබ්බා.මේකත් ඒ වගේ පොඩි විවෘත වෙන අවස්ථාවක්.මේ වගේ අවස්ථා මා හිතාදර ඇනෝ සහෝදරවරුන්ට වැදගත් මා සමග අදහස් නොගැලපුන විටදී මගේ කොමන්ට් යටින් මොනවා හරි දාන්න.

Thursday, November 01, 2012

107 අද්භූත ඇමතුම!

හෙලෝ  චතුරංග 

ආහ් කසුන් කියපන්

මොනවද බන් මේ උඹලගේ තාත්තා ඇවිත් ඊයේ අපේ ගෙදර මට බැනලා ගිහින් තියෙන්නේ?

අනේ සොරි බන් මං තාත්තා එක්ක රණ්ඩු වුනා.මම උඹව ආශ්‍රය කරනවට තාත්තා එක එක ඒවා කිව්වා මාත් බැන්නා අන්තිමට තාත්තට මල පැනලා කොහෙද ගියා.මම පස්සෙයි බන් දන්නේ ඒ ගිහින් තියෙන්නේ උඹලගේ ගෙදර කියලා.

ඒ වුනාට බලපන්කො බන් අපේ ගෙදර ඇවිත් උඹලගේ තාත්තා කැත විදියටනේ මට බැනලා ගිහින් තියෙන්නේ.

Tuesday, October 23, 2012

111 මෙන්න නයෙක්!!

මම දැන් මෙන්න නයෙක් කියලා හෙඩිම දැම්මම කට්ටිය ටක් ගාලා දුවන් එනවා කව්රු හරි ඇරපු නයෙක්ට මඩක් කියලා හිතාගෙන.එතකොට මට ට්‍රැෆිකුත් වැඩි වෙනවා.ඒත් මම මේ ටික උඩින්ම දැම්මේ සින්ඩි වල පේන්න මේක මඩක් නෙමේ කියලා ඈ.

Friday, October 19, 2012

101 නමක් නැති සම්බන්ධතාවය!

වින්ඩෝස් මෙහයුම් පද්ධතිය ගත්තොත් ඒක විවිධ ක්‍රම ලේඛන භාෂා වලින් ලියවුන,විවිධ වැඩ සටහන් වලින් එකතු වෙලා අපේ අතට එන නිර්මාණයක්.අපේ ජීවිතත් එහෙමයි අපේ ජීවිතත් හැදිලා තියෙන්නේ විවිධ අවස්ථා තුලින්.මේ ගත කරන මොහොතත් එක අවස්ථාවක් එහෙමත් නැත්තම් මොහොතක් විතරයි.

සමහර අය ජීවිතේ නැති කරගන්නවා අකමැති අවස්ථාවන්ට මුහුණ දුන්නම,තවත් සමහරු අවස්ථා හදාගන්නවා ජීවත් වෙන්න.අපි හැමෝටමත් දුක්බර අවස්ථා මතු වෙලා ඇති ඒ වගේම සතුටුදායක අවස්ථා වලටත් මුහුණ දීලා ඇති.ඔය වගේ අවස්ථා වලින් අපිට අවස්ථා කීයක් නම් මතකේ රැඳී ඇද්ද?

එහෙම රැදෙන්නෙත් විශේෂ අවස්ථා විතරයි.නැතුව අනිත් අවස්ථා අපි මතක් කරලම ගන්න ඕන නැත්ත ඒවා මතක් වෙන්නෙත් නැහැ.ඔය වගේ අවස්ථා හතරක් මටත් තියෙනවා ඒවා එකිනෙකට බැඳුනු ඒවා.මම දන්නේ නැහැ ඒවා විශේෂයි ද කියලා ඒත් මට ඒ අවස්ථා හතර අමතක වෙන්නෙම නැහැ.

Tuesday, October 16, 2012

114 ඩයලොග්කරණයෙන් සන්ටෙල් පාරිභෝගිකයන්ට කුඩම්මාගේ සැළකිලි!

සන්ටෙල් කියන්න අපේ රටේ දැවැන්ත ව්‍යාපාරයක් සන්ටෙල් සමාගමේ අතීතය හොයන්න ගියොත් මට පිස්සු හැදෙනවා ඒත් මට මතක කාලේ ඉඳන් ටෙලිකොම් සමාගමත් එක්ක කරට කර තරඟ කරමින් ආපු සන්ටෙල් CDMA කරලියට ආවේ ලංකා බෙල් ආගමනයත් සමඟ. ඒ 2005 වර්ෂයේ කෙසේ වෙතත් පාරිභෝගිකයන්ට හොඳ සේවාවක් ලබාදෙන්නට ඔවුන් සමත් වුනා.

Thursday, October 11, 2012

130 අමතක වීම!

අපේ පැත්තේ පොරක් ඉන්නවා මේකා ඉස්සර කරන්න පුළුවන් හැම ජහජරා වැඩේම කරලා දැන් පවුල් පන්සල් වෙලා ඉන්නේ.ඉස්සර මේ යකා වැඩි හරියක් ඉන්නේ හිරේ ඒ වුනාට හිත හොඳයි දැනටත් රාගම නොදන්න එකෙක් නැහැ මෙයාව.පොරට වැඩි වයසකුත් නැහැ මම හිතන්නේ අවුරුදු 30ක් විතර ඇති.පොර මාත් එක්කත් ටිකක් ෆිට්.

බඹා කොටපු විදියට මිස් කෝල් එහෙකින් මෙව්වා වෙලා මේ යකාට හෙන දුර ගමකින් කෙල්ලෙකුත් සෙට් වුණා.කෙල්ලට 19යි කොහොම හරි බර දවසක් ආශ්‍රේ කරලා අන්තිමට පවුල් පන්සල් වුණා.පොර ඊට පස්සේ ටිකක් වගකීම් සහිත පොරක් වුණා.දිනපතා කුලී වැඩක් කරලා කීයක් හරි හොයලා ගෙදරට මොන මොනා හරි කරන්න පුරුදු වුණා.

Wednesday, October 03, 2012

99 පිනොකියෝ සහ ස්කුබි ඩුබි ඩු 18+

ලියන්න ඒවා නම් ගොඩක් තියෙනවා ඒත් එක වචනයක්වත් අකුරු කරන්න හිත දෙන්නේ නැහැ ඒත් එහෙමයි කියලා බ්ලොගේ පැත්තකට දාන්නත් බෑනේ.මොනවා හරි කොටන්නම එපෑ.මේක දැන් රාජකාරියක් වගේ හිතෙනවා.

අද කියන්න යන්නේ පොඩි වල් කතා ටිකක් එකක් ලියනවා කියලා හිතුවත් තුනක්ම ලියනවා ඔන්න ඔහේ.

Monday, October 01, 2012

104 තොපිලා මගේ යාළුවෝ ද?

අයියා අපිට ගේන්නකෝ රයිස් ඇන්ඩ් කරි 4ක්.

මොනවද මල්ලි ඕන චිකන් බීෆ් පෝක් එග් වෙජි?

චිකන් ගේන්න අයියා ආහ් තව කෝක් හතරකුත් ගේන්න.
මායි පැතුමයි දුලාරයි දිලායි හෝටලේකට ගියේ ක්ලාස් ඇරිලා එන ගමන් දවල්ට කෑම අනුභව කිරීම සඳහායි.කට්ටියම සල්ලි දාලා තමයි කන්නේ අද කතා වුන විදියට මගෙන් තමා වැඩි බරපැන.ඒක නිසා කාලා ඉවර වෙලා යෝගට් ඕඩර් කරන්න කලින් මොකක් හරි බොරුවක් ගහලා මුන්වත් ඇදන් ඉක්මනට යන්න ඕන කියලා හිතන් තමා එදා මම හෝටලේට ගියේ.

Friday, September 28, 2012

72 පුතා තාත්තාගෙමද?

එක පවුලක හිටියා අම්මයි තාත්තයි පුතයි මේ පුතා බොහොම දැහැමින් සෙමින් පන්ති කට් කරලා හෙන ආතල් එකේ හිටපු පොරක්.පුතාගේ ක්‍රියා කලාපය ගැන වටින් ගොඩින් ආරංචි එද්දී තාත්තට ඕන වුනා මේ ගැන ඇත්තමද කියලා දැනගන්න.පුතා එහෙම නම් ඒකාව හදාගන්න එපැයි ඉතින් තාත්තා වෙනත් වැඩකට පංචිකාවත්ත පැත්තෙන් යද්දී දැක්කා රොබෝ කෙනෙක්ව විකුනන්න දාලා තියෙනවා.

මෙයා ටිකක් විපරම් කරලා බලද්දී  දැනගන්න ලැබුනා මේ රොබෝ එයා ළඟ ඉඳන් කව්රු හරි බොරුවක් කිව්වොත් දඩා....න් ගාලා කනට ගහනවා.සද්දේ පොඩ්ඩක් සාටර් වගේ වුනාට අහන් ඉන්දහල්ලකෝ.

Wednesday, September 19, 2012

77 මහා ජනතාව අවදියෙන් නිසා රැයෙහි දුටු දේ - හෙළිදරව්ව!

පියාඹන පීරිසි ගැන කතා,පිටසක්වල ජීවින් ගැන කතා අපි පොඩි කාලේ ගොඩක් අහලා තියෙනවා ඒවා විශ්වාස කරලත් තියෙනවා

Saturday, September 15, 2012

106 ගැලවුණු කරාමය !

ඹ තමයි මේක කඩන්න ඇත්තේ,ඒ මදිවට කඩලා ඉවර වෙලා මෙතන නැහැ කියලමයි කියන්නේ

අනේ නැහැ තාත්තේ මම නෙවෙයි ඕක කැඩුවේ මාත් හවස තමයි දැක්කේ කරාමේ කැඩිලා වතුර ගිහින් 

මම කැඩුවේ නැහැ මම කැඩුවේ නැහැ මම කැඩුවේ නැහැ ඕකම තමා තොටත් කියන්න තියෙන්නෙම,තොට මොකද මම එපෑ දවස තිස්සෙම සුක්කානම කරකෝලා කීය හරි හොයන් ඇවිත් ඕවායේ බිල් ගෙවන්නේ.

රියදුරු රස්සාව කරපු පියල් තම බිරිඳ සුජානි වෙනත් මිනිසෙකු සමඟ තවත් දීගෙක ගිය කල

Tuesday, September 04, 2012

94 වල් ඩොක්ටර් 18+

පොඩි වල් කතාවක් තමයි අද ලියන්න යන්නේ ඒක නිසා වල් කතා අරහං කට්ටිය මේ පෝස්ටුව නොකියවා ඉන්නවා නම් හොඳයි.

Saturday, September 01, 2012

70 යෝධයාගේ උයන!

යෝධයාගේ උයනේ කතාව දන්නවා ඇතිනේ?.මේ ලඟකදී තරියාගේ කෙරුවාවෙත් ලියවිලා තිබ්බා පෙර කතාව එහෙත් අද කාලේට  වඩාත් උචිත යෝධයාගේ උයන වනුයේ දැන් මල් හැලි තණකොළ ගසක් දෙකක් පමණක් සහ ලොකුවට යෝධයාගේ නම සමඟ බෝඩ් කෑල්ලක් ඇති

Monday, August 27, 2012

අහුපෑවත!

මමත් බැට් එක අරන් පිට්ටනියට බැස්සා හැබැයි කව්රුත් මං දිහා බැලුවේ නැහැ.හිමිට තට්ටුව දදා එක ලකුණ එක ලකුණ ගත්තා.බොහෝම හිමිට ගහපු නිසා එකෙක් දෙන්නෙක් වගේ මං දිහා බොහෝම කම්මැලි කමෙන් බලන් හිටියා.සමහරු නැගිටලා ගියා මාත් ඔහේ තට්ටු දදා එක එක ලකුණ වැඩි කරා හැබැයි බලන කට්ටියට පට්ට බෝරිං කියලා මට තේරුණා.

Thursday, August 23, 2012

119 මඩිස්ස + මඩිස්සලේ නිශාන් = ?????


මඩිස්ස කියන්නේ මටමයි මමයි මඩිස්සයි එකක්.මේකේ මට හිතුන දේවල්,මට වුන දේවල් අනන්තවත් ලියවිලා ඇති.ඒත් මේක පීරපු එකෙක්ට මගේ ජීවිතය ගැන
යම් හෝඩුවාවක් හරි අස්සක මුල්ලක තියෙන්න එපැයි.අද මම ලියන්න යන්නේ මගේම කතාවෙන් කොටසක් ඒත් මට මේක හරියට ගලපගන්න පුළුවන් වෙයිද දන්නේ නැහැ
මේ ලිපියට මට හිට්ස් ලැබුනත් එකයි නොලැබුනත් එකයි කොමන්ට්ස් වැටුනත් එකයි නොවැටුනත් එකයි මොකද මේක මගේ ජීවිත කතාව.අග මුල මාරු වෙච්ච තැනුත් ඇති.තව දුරටත් කියවනවා නම්
කැමති නම් විතරක් කියවන්න මොකද මේක හැමෝටම මෙලෝ රහක් නැති ලිපියක් වෙන්න පුළුවන්.

Wednesday, August 22, 2012

73 පලපු ගෙඩිය

කට්ටියට මතකද දන්නේ නැහැ මම කලින් ඇස් වාට්ටු සීරියස් එකක් ලිව්වා.
තරුණියකගේ සංවේදී සිතුවිල්ලක් මම විසින් බොඳ කරා!
සහ
පෝලිමේ හිටිය මොඩ් අක්කලා දෙන්නා!
යන පෝස්ට් දෙක.මේ දෙකට හොඳ ප්‍රතිචාර ලැබුනා ඒත් එක්කම මම කට්ටියට කිව්වා මගේ ඇහේ නගනයක් ඇවිත් ඔපරේෂන් කරන්න වෙනවා කියලා.ඉස්සෙල්ලා පාර ක්‍රීම් එකක් දුන්නා ගාන්න කියලා හරිගියේ නැත්තම් එන්න කිව්වා නගනේ වගේ තියෙන ගෙඩිය පළමු කියලා.ක්‍රීම් එක ගාලා බැලුවා බැලුවා හරිගියේ නැහැ.

ඒක නිසා ඊයේ ආයෙත් ගියා මේක පලාගෙන හරි ඉවරයක්‌ කරනවා කියලා.ඒත් ඉතින් අර පරණ පෝස්ට් කියවපු කට්ටියට මතක ඇතිනේ මම ඔය පලන එව්වට බය නැහැ කියලා?.අන්න ඒක නිසා සති දෙකක් බලලා එන්න කිව්වත් මම මාසයක්ම බලලා තවත් මාසයකුත් බලලා අඩුවෙන්නෙම නැති නිසා තමා ගියේ.

Friday, August 17, 2012

110 තුවක්කුව!

ඔහු මැගසින් එක ඇතුල් කොට ලෝඩ් කර ඉහලට ඔසවා වෙඩිල්ලක් තැබුවේය එය ටකා..ස් යන ශබ්දය නගමින් තහඩු වහලේ ගැටෙන ශබ්දය ඇසුනත් උණ්ඩය කොහෙට ගියා දැයි මා හට දැකගත නොහැකි විය.

දැක්කනේ මල්ලි බඩු නිකන් ගින්දර වගේ.

හරි අයියා තව කීයක්‌ හරි අඩු කරලා දෙන්න බැරිද?

අපෝ බැහැ මල්ලි අපිත් මේවා සුළු ලාබයක් තියාගෙන කරන්නේ අන්තිම 150/= ක් දෙන්නකෝ.

Tuesday, August 14, 2012

132 සිත් ගන්න සුළු වැටුපක් සමග අගනා ජොබ් කිහිපයක්.

මට සෙට් වුන අපූරු ජොබ් කිහිපයක්!
ඔබටත් මෙවැනි ජොබ් හමුවී තිබුනා වන්නට පුළුවන් තවත් සමහරක් දැනටමත් එම රැකියාවන් හි නියැලෙනවා වෙන්නටත් හැක!

මම තාම ජොබ්ලස් කොලුවනේ ඒ කිව්වේ විරැකියාවෙන් පෙලෙන්නෙක් අපේ අම්මා නම් කියන්නේ මේ ජොබ් කරලා පහළොස් දාහක් විසි දාහක් හොයලා කවදාවත් ඉතිරියක්‌ නම් කරන්න වෙන්නේ නැහැ කියලා.මගේ ජීවිතේ ගැන හැම තීරණයක්ම ගන්නේ අම්මා නිසා එහෙනම් ඕන මඟුලක් කොරගන්ට කියලා මම මගේ පාඩුවේ ගෙදරට වෙලා ඉන්නවා.

අම්මාගේ ට්‍රයි එක නම්

Sunday, August 12, 2012

98 උඳුරා ගැනීම!


අද ජුලි 17 මට කැලැන්ඩරය දෙස බලා ඉබේටම කියවුනි.මීට‍ අවුරුද්දකට කලින් අද වගේම දවසක නේද හර්ශිගේ බර්ත්ඩේ පාටි එක තිබ්බේ?ඔව් ගිය අවුරුද්දේ ජුලි 17 තමා.අවුරුද්දක් ගිය ඉක්මන මේ අවුරුද්දට මොන තරම් දේවල් වෙනස් වුනාද හ්ම්ම් ඇහිපිල්ලක් ගහන ක්ෂනිකයෙන් මගේ ජීවිතයම වෙනස් වුනා.

මීට අවුරුදු ගානකට කලින් ඉඳන්ම මම හර්ශිට ආදරේ කරේ ඒත් එයා මට වඩා අවුරුදු 4ක් බාල නිසා මම තවත් කල් යනකන් බලන් හිටියේ එයා තව ටිකක් ලොකු වෙනකන්.ඒත් මම මොන තරම් මෝඩයෙක්ද දෙවියනේ?.

Thursday, August 09, 2012

111 ඔයාලා ක්‍රොස් වෙද්දී බබෙක්ගේ රූපයක් කාමරේ ගහගෙන ඉන්න එපෑ?

අපේ ගෙවල් පැත්තේ ඉන්නවා වයස 65ක විතර මනුස්සයෙක් නෝමන් කියලා මෙයාට සහෝදරවරු/වරියන් 11 දෙනෙක් ඉන්නවා.ඒ කාලේ මෙයාගේ අම්මයි තාත්තයි මේ ළමයි එකොලොස් දෙනාටම දාලා තියෙන්නේ "න" යන්නෙන් පටන් ගන්න නම්.

අද කතාවේ නායකයා  නෝමන් මාමා.මේ යකා ගාව තියෙනවා පියාජෝ ත්‍රී වීල් එකක්.අර ලොකු ත්‍රී වීල් ගුජු ගුජු ගගා යන්නේ ඩීසල් වලින්?

Tuesday, August 07, 2012

137 අපේ අයට ඉන්දියාවේ එපාම කරපු 4 දෙනා(ජායාරූප සහිතයි )

අපේ රටේ මොන දේ කරත් ගොඩක් වෙලාවට අරහට හිටින්නේ ඉන්දියාව,මහා ලොකුවට අසල්වැසියා කිව්වට අපේ රටට ගොඩක් වින කරන්නේ ඔය ඉන්දියාවේ උන්ම තමා,ක්‍රිකට් වලින් ගත්තත් අපේ උන්ට දුවන්න ගහනවා ඉන්දියාවේ උන්,දේශපාලන අතිනුත් ආයේ ඉතින් අමුතුවෙන් කියන්න ඕන නැහැනේ.ඔය වගේ කරුණු නිසා අපේ රටේ මිනිස්සුන්ට වැඩි පුරම පෙන්නන්න බැරි ඉන්දියානුවෝ ටික මම හොයාගත්තා.ඒ මදිවට ඉන්දියාවේ උනුත් අපේ එකෙක්ට කැමති නැහැ ඒ කව්ද කියලත් යටින් බලන්නකෝ.

Sunday, August 05, 2012

115 නයි (ද),හොරු (ද) සමඟින් මගේ අලුත් මෙව්වා එක!

මං දැන් අවුරුදු දෙකකට පෙර ගත්තා චයිනිස් ටීවී ෆෝන් එකක් ඔරිජිනල් ෆෝන් ගන්න සල්ලි නැහැනේ.ඒ දවස් වල ඒක මම ගත්තේ මෙමරි කාඩ් එකත් එක්ක රුපියල් 8000කට.පස්සේ ඕක ගොඩක් කල් පාවිච්චි කරා කිසි අවුලක් නැතුව ඒත් පරණ වෙන්න වෙන්න මේවායේ කොලටි ලොවෙත් නැහැ.

Wednesday, August 01, 2012

190 මේ දවස් වල බ්ලොග් ට්‍රෙන්ඩ් එක!/අගනා රහස් කීපයක් නොමිලේම!

නවක බ්ලොග් කරුවන් හට අත දීම සඳහා ලියවන්නකි.


ඔබලා මේ ක්රේශ්ත්‍රයට පිවිසි පසු සෑම බ්ලොගයක ලිපි ලියවෙන රටාව හොඳින් අවධානය යොමු කරන්න.පසුව ඒ ඒ කාලවලට ජනප්‍රිය බ්ලොගය සමග රැඳී සිට ඔවුන්ගේ පෝස්ටු වෙත නිතරම නිතරම කොමන්ට් පළ කරන්න.පසුව එම පොස්ටුවන්හිම තවත් අය කර ඇති කොමන්ට් වලට ඔබ යටින් ඇති රිප්ලයි යන බටන් එක ඔබා ඔවුන්ට යම් යම් හිනා යන දේවල් වලින් උත්තර දෙන්න.එමඟින් ඔබේ බ්ලොගය වෙත පාඨකයින් ඇදී එනවා නිසැකයි.මන්ද දැනට සමහර ප්‍රවීණ බ්ලොග් කරුවන්ද ඔය පිළිවෙත අනුගමනය කරයි.


පසුව ඔබ ලියන ලිපි තුලින්

Wednesday, July 25, 2012

84 බිත්තර දෙක කඩාගත්ත කුරුල්ලා (ටිකක් + ද මන්දා)

සුන්දර මුහුදු තීරයක් හිමි සංචාරකයින් වැඩි පුර ගැවසෙන එක්තරා රටක ඉස්පිරිතාලෙකට එක් තරුණයෙක්ව ඇතුල් කර තිබුනා.ඔහුගේ ලිංගයට දැඩි හානි සිදු වී තිබු අතර ඔහු සිටියේද අවසිහියෙන් මෙනි.ඔහුට ප්‍රතිකාර කිරීමෙන් අනතුරුව පොලිස් නිලධාරින් දෙදෙනෙක් ඔහුගෙන් කට උත්තර ගැනීමට සමත් වුනා

Monday, July 23, 2012

93 එල්ලෙන සියල්ල රඹුටන් ද? 18 +

*uck you!


පේනවනේ පවුල් පිටින් අපිට මෙහෙම කියද්දී අපිත් දීගෙන බලනවනේ මුන්ගේ ෆිල්ම්?.
මම ඇත්ත සිද්දි ලිව්වම කට්ටිය කියනවා මම මඩ ගහනවලු මගේ කලින් ලිපියේදී හැමෝම එහෙම කිව්වා මානවක හැර හරි නම් මට බැන්නත් එක්ක "අර ගෑල්ලමයා පව් එයාට එක එක ඒවා කියලා අහුවෙන්න එපා" කියලා.

Saturday, July 21, 2012

121 පූසි

17/08/2012 edited
මඩක් ගහන්නවත් හිත රිද්දන්නවත් නෙවේ මේ පෝස්ට් එක ලිව්වේ.ඇත්තටම මේක ලිව්වේ කාවහරි හිනස්සවන්න පුළුවන් වෙයි කියලා ඒත් ඒකෙන් හිරුට ගොඩක් හිත රිදෙන්න ඇති කියලා දැන් හිතෙනවා.ඔන්න ඒක නිසා පෝස්ටුව මකා දැම්මා.

උඩ ටික ගැන තේරුනේ නැත්තම් ගණන් ගන්න එපා.ලියපු දවස් වල කියවපු කට්ටියට විතරක් ඒක සීමා වෙච්චදෙන්!

Tuesday, July 17, 2012

110 තෑඟි තරඟය - එන්ඩෝ තෑඟි දිනන්ඩ එන්ඩෝ අනේ එන්ඩකෝ

ගිය සතියේ ප්‍රශ්නය සහ ජයග්‍රහකයින්

ගිය සතියේ එහෙම එකක් නොතිබූ බැවින් ප්‍රශ්නයක් හා ජයග්‍රාහකයින් නොමැත!

____________________________________________

ජයග්‍රහකයින්ට ලැබෙන තෑග්ග!


අමාරුවෙන් හොයලා දැම්මේ ඒක නිසා අනිවා මේක අඳින්න,එපා නම් නිකන් ඉන්න (නිකන් දුන්නම දාගනිල්ලා නැත්තම් උල තියනවා)

______________________________________________
අද ප්‍රශ්නය,

Monday, July 16, 2012

75 යටින් ගහපු එක අන්තිමට දැක්කා!

ඔන්න එකෝමත් එක කාලෙක එම්.එන් කියන අපේ අර කලින් කතාවක කොල්ලා ඉස්කෝලේ යන කාලේ හිටියේ ලාස්ට් ත්‍රෝ එකේ.ඒ කිව්වේ පන්තියේ අන්තිම පේලියෙනේ ඕකේ පිස්සු කෙළ කෙළ හිටපු නිසා සමහර ටීචර්ලා එම්.එන්ට හරි ආදරෙයි.මෙයාගේ පන්තියේ ඉස්සරාහම පේලියේ හිටියා දෙමළ කොල්ලෙක් මෙයා තමා හැම පාරම පන්තියේ පළවෙනියා. 

Friday, July 13, 2012

64 සාදයක්(ද)!

ශාලාවට ඇතුල් වෙන දොරටුව විශාලය ඒ තුලින් එකවර පස් දෙනෙකුට පමණ ඇතුල් විය හැක.මා ද එහි ඉතාම පහසුවෙන් ඇතුල් වුන පසු දුටුවේ එක් තැනක ගෑනු ළමයි පිරිසක් සතුටෙන් කතා කර කර සිටින සැටි ඔවුන්ගේ ඇඳුම් ආයිත්තම් බොහොම පිළිවෙලට හා වටිනා ලෙසට පෙනුනි.එක තරුණියක් ෆේස්බුක් එක ගැනද තාමගේ අලුත් ජංගම දුරකථනය ගැනද අනිත් අයට පවසයි.

Friday, July 06, 2012

92 පෝලිමේ හිටිය මොඩ් අක්කලා දෙන්නා!



කලින් මතකනේ ඇස් වාට්ටුවට ගිහින් එද්දී අක්කා කෙනෙක් මං ගැන හිතපු හැටි? එදා මම ඇස් වාට්ටු ගියේ ඇයි කියලා මගේ යාළුවො දෙතුන් දෙනෙක්ම මගෙන් ඇහැව්වා 


අවුරුදු එකහාමාරක් මම කොම්පියුටරය ඉස්සරහා රෑට රෑට ගත කරලා අන්තිමට මගේ ඇහැකට මම කෙලවගත්තා කිව්වොත් වැරදි නැහැ.පහුගිය දවස් වල බ්ලොග් දෙක තුනකම වැටුනා

Sunday, July 01, 2012

65 තරුණියකගේ සංවේදී සිතුවිල්ලක් මම විසින් බොඳ කරා!

දිනුෂි පුරහල අසලින් බසයට නැග්ගේ යායුතු ගමනාන්තයෙන් බැසිය යුතු නිසාවෙනි.බසයට නැග ගත් ඇය අසුන් දෙස බැලුවේ අසුන් ගැනීමට හිස් වූ අසුනක් ඇද්දැයි සොයමින් එහෙත් අවාසනාවකට හිස් වූ එකදු අසුනක්වත් බසයේ නොමැති විය එහෙත් ඇයගේ ඇස් නතර වුන තැනක් විය එනම් මැදිවියේ කාන්තාවක් හා ඇය අසලින් වාඩි වී සිටි තරුණයා ඇයගේ පුතු යැයි සිතිය හැක.එහෙත් දිනුෂිගේ ඇස් නතර වීමට හේතුව වූයේ එය නොව එම තරුණයා අත වූ වෝකින් ස්ටික් එකය.

Friday, June 22, 2012

103 අක්කගෙයි මගෙයි මෙව්වා එක!

දීපිකා අක්කේ අදනම් මට ඕනෙමයි අනේ.


හරි මල්ලි මම අද කොහොම හරි දෙන්නම්.


ඔයා ඊයෙත් එහෙමනේ කිව්වේ බලන්නකෝ ඊයෙත් නැහැ ඒත් අදනම් මට ඒක නැතුව බැහැ අනිවාර්යෙන්ම ඕන හරිද.


හරි හරි පොඩ්ඩක් ඉවසන් ඉන්නවකෝ රුවන් අයියා ගිය ගමන් මං ළඟටම ගෙනල්ලාම දෙන්නම්කො.


ළඟටම නම් ඕන නැහැ හලෝ මට කතා කරන්නකෝ මමම එන්නම් ගන්න.

Tuesday, June 19, 2012

89 එයා දාන්න කලින් කෙල ගානවනේ! (18 +)

ලියන්න හිතන් හිටපු මාසයේ වල් කතාව කලින් වතාවේ  පස්සට කල් ගියා ඒත් අදනම් ආවේ ඒකත් ඔන්න ඔහේ ලියලා දාන්න කියලා.දැන් කාලේ හැම දේකටම වගේම වාණිජකරණයටත් මුල් වෙච්ච දෙයක් තමා සෙක්ස් කියන්නේ.ඒකනේ දයියා කිය කියා කැරකෙන්නත් කොට ගවුකමක් ඇඳන් ඉන්න අක්කා කෙනෙක්ව ගන්නකොට තෙල් ගහන එකෙක් හාමිනේගේ කොටුවටත් බෙහෙත් විදින්න හදන්නේ. එතකොට සිනමා කර්මාන්තයටත් සෙක්ස් කොහොමත් සම්බන්දයිනේ ඒකනේ කුවේණිට රෝස පාට ටයිට් ෂෝටක් අන්දවලා යටින් කැමරා කරේ ඒ මදිවට අපේ අයියලා අන්තිමට ටයිට් ෂෝට් එලියට එව්වේ තවත් එඩිට් කරලා(ලු) ඒත් සමහරු නම් සෙක්ස් වැඩියෙන් ඔබන්න ගිහින් අක්ෂරය වගේ සම්බාව්‍ය චිත්‍රපටි තහනම් කරගත්තා ඒත් එකේ ඇති සෙක්ස් කෑල්ලකුත් නැහැ.ඊටත් පස්සේ ලංකාවේ චිත්‍රපටියකට බරම ගානක් වියදම් කරලා සුපර් සෙක්ස් හැදුවා.එතකොට සංගීත පැත්තටත් සෙක්ස් නිකන්ම ඇතුල් වෙලා තියෙන්නේ ඒවා ජනප්‍රිය කරගන්න ඕන නිසා.ෆේස් බුක් එකේ වුනත් අර ලොගින් පේජ් එකේ

Friday, June 15, 2012

95 මිනි බොකු කාපු යක්කු!

ඇනෝලා කට්ටියක් මට ගහන්න හොයනවා කියලා මේ දවස් වල පොඩි ආරංචියක් තියෙනවා ඒක නිසා මම හෙන බයෙන් ඉන්නේ.ඒ අය මාව හොයනවා කියලත් ආරංචියක් ආවා ඉතින් ඉන්න ගමක්වත් කියන්න බයයි මේ දවස් වල.මම ඉන්නේ රාගම ඒක ඉස්සර ඉදන්ම මඩිස්සට එන කට්ටිය දන්නවා.

ඒත් මේ රාගම වෙච්ච හැමදේම මට වඩා ලියපු එකෙක් තමා අටම්පහුරයා කියන්නේ.ඒ යකා නොදන්න දෙයක් නැහැ කොහෙන් හරි ඇදලා රාගම වෙච්ච

Wednesday, June 13, 2012

105 අක්කලායි මල්ලියි (ප්‍රශ්නයකට පිළිතුරු බලාපොරොත්තු වෙමි)

මේකයි සීන් එක දකින දකින හැම කෙල්ලම මට මල්ලි කියනවා මට මේක දැන් හරි ප්‍රශ්නයක් වෙලා තියෙන්නේ මේ ඇයි කියලා?.


මගේ තාත්තලාගේ වයසේ අංකල්ලා මාව දැක්කම මට මල්ලි කියනවා.ඒ වෙලාවට මට මාර මළ ඈ යකෝ මම උඹේ මල්ලි වගේද කියලත් අහන්න හිතිලා තියෙනවා.තව මගේ වයසේ කොල්ලොත් වෙලාවකට මට අයියා කියනවා ඒත් මම කොහේ ගියත් එතන ගෑනු ළමයෙක් හිටියොත් සටස් ගාලා මට මල්ලි කියනවා මම දවසක් ගියා

Tuesday, June 12, 2012

62 geek.lk එකේ වැඩ බැරි ටාසන්ලා!

ඔයාලා දන්නවනේ අපි යමක කරද්දී අත දෙනවා වෙනුවට කකුලෙන් අදින්න නම් ඕන තරම් කට්ටිය ඉන්නවා කියලා ඒ වගේ අය අපි නැති තැන අපිට අපහාස කීරීම තමයි ටිකක් දුක.මොකද ඉන්න තැනක කිව්ව නම් කෙලින්ම උත්තර දෙනවනේ

Monday, June 11, 2012

76 කොටු නොපැන්න වැට මාර වැට!

සමහර මිනිස්සු කොටු පනින්නේ වැට වල් වලින් ඒ වැට පනින මිනිස්සු අහුවුනොත් ගෙදර මිනිහා උන්ට ගහන්න පොල්ලක් කඩාගන්නෙත් වැටකින්.ඒ අතරේ සමහරු අම්බානක ලෙස වලි දාගන්නේ වැටවල් නිසා තවත් සමහරු වැටවල් ඇවිද්දවන්නේ අල්ලපු ගෙදර අය ගෙදර නැති වෙලාවට.ඒ වගේ නොයෙක් දෙනා අතරේ මං වගේ වැට වල් ගැන ලියන එකෙක් දෙන්නෙකුත් ඉන්නවා.

Wednesday, June 06, 2012

72 අනුරාධපුරේ රස්තලා,නපුරෝ සහ උතුම් ම්නිස්සු!

ජීවිතේ පළවෙනි වතාවට මට අනුරාධපුරේ යන්න හම්බවුනා මේ පොසොන් එකට.හදිස්සියේම යන්න වුනත් මං නම් සෑහෙන්න සතුටකින් ගියේ මොකද මීට කලින් එක පාරක්වත් මං එහෙ ගිහින් තිබ්බේ නැහැ.කොහොම හරි තුන්වෙනිදා මිතුරන් රැසක් පමණක් සමඟ වෑන් රියක තමා අපි ගමන ගියේ.මේ ගමනේදී මට හම්බ වුන අනුරාධපුරේ මිනිසුන්ගේ හොද නරක කියන්න තමා මේ යන්නේ.

Saturday, June 02, 2012

65 කණාමැදිරි හොම්මන!

ශෝයි අෆ්ෆා
මේක හොල්මන්මද දන්නේ නැහැ ඒකයි හොම්මන් කියලා කියන්නේ.සමහර විට ඔයාලටත් වෙනවා ඇති පොඩ්ඩක් හොඳට හිතලා බලන්න එහෙම වෙලා ඔයා බය වෙලා තියෙනවද නැත්තම් ඒක නිකම්ම ගණන් නොගෙන අත්හැරලද කියලා.

Friday, June 01, 2012

42 කරුම පළ දීම සහ විඳවීම!

ජීවිතයේ ගොඩක් දේවල් අපි කරන්නේ දුර හිතන්නේ නැතුව ඒ වගේ දුර දිග හිතන්නේ නැතුව අපි කරන සමහර වැරදි වැඩ නිසා පස්සේ ඒවායින් අපිම විඳවනවා.මං පොඩි කාලේ ඉදන්ම පුරුදු වෙලා හිටියේ මොන ප්‍රශ්නේ ආවත් ඒ ප්‍රශ්නෙට හිත ඇතුලෙන් දොරේ ගලන දුකක් ආවත් කට කොනකින් හිනා වෙලා ඉන්න.පොඩි කාලේ නම් මං ඒකට අමාරුවෙන් පුරුදු වුනා ඒත් දැන්?

Monday, May 28, 2012

22 එක වල්ලේ පොල්!


ඔන්න දවසක් යාළුවො දෙන්නෙක් යනවලු මගුල් ගේක මේ අර මං ගියා වගේ එකක් නෙවේ මේකේ ඔක්කොම වගේ හිටියේ තරුණ කොල්ලෝ කෙල්ලොමයි.ඉතින් මේ යාළුවො දෙන්නා පැත්තකට වෙලා පාඩුවේ ඉදන් ඉද්දි දැක්කලු ලස්සන කෙල්ලෙක්ව,

Saturday, May 26, 2012

76 හාවගෙයි ඉබ්බගෙයි 2012 වර්ෂන් එක!

කලින් වල් කතාවක් ලියලා හැමෝම කිව්වේ කලින් අහලා තියෙනවා,ඔබා මාමා ලියලා තිබ්බා,අන්තිම පේලියේ තිබ්බා වැනි දුක හිතෙන වදන් ය.ඒ අතර සෙන්නා කීවේ මා අසාර්ථක බවය.ඒ අතර කාන්තාවන්ට එපා කියලත් ඔවුනුත් එය කියවා ඔප්පු කරේ කොච්චර එපා කිව්වොත් ගෑනුන් හට ඒ දේ කිරීම අත්‍යවශ්‍ය බවයි.දැවිල්ල කෑමක් කෑවට පසු සීනි ටිකක් කටේ දාගැනීම සාමාන්‍ය මිනිසුන් අතර සාමාන්‍ය දෙයකි.එම නිසා මමද කලින් වල් කතාවේ තිබු අදහිරිය දනවන කොමන්ට් පසෙක ලා ඔවුන්ට නැවතත් ''මා මෙය කලින් අසා ඇත'' යන වග කියවා නොගන්නට මගේම නිර්මාණයක් පල කරන්නෙහිය.එය ඕනෑම දරුවෙකුට හා අග්නි වැනි බබී කෙනෙක්ට වුවද අනෙකුත් බ්ලොග් සහෝදරියන් බබිලටද කියවා රස විදිය හැකි කතාවකි.

Wednesday, May 23, 2012

77 පත්තරෙත් දාලද ඕයි 18+

අද නම් ජරාම ජරා වල්ම වල් කතාවක් කියන්ටයි යන්නේ කියන්න කලින් හැමෝටම කියන්න කැමතියි ගෑනු දැරිවියෝ සහ පොඩි ඈයෝ මේක බලන්නේ එහෙම නැහැ හරිද?ග්ර්ර්ර්ර්


තව අග්නි එතකොට වින්චැට්,දම්මි අක්කා,තාරා,සිදු,නිසුපා අක්කා වගේ නම කියන්න අමතක වුන අක්කලා,නංගිලා,ඇන්ටිලටත් මේක අනුමත කරන්නේ නැහැ.මොකද මේකේ අසබ්‍ය වචනත් තියෙනවා
ඈ......මෙච්චර කියලත් තව දුරටත් කියවනවා නම් ඔයාලගේ කැමැත්තක් හැබැයි පස්සේ මට බනින්න නම් එපා හරිද?

Monday, May 21, 2012

52 මටත් ඉන්නවා දැන්!

මටත් දැන් රත්තරන් පාඨකයන් 100 ක් විතර ඉන්නවා ලිපියක් පළ වුනාම ඒකට අනිවාර්යෙන්ම කොමන්ට් 20ත්,30ත් අතර ප්‍රමාණයක් ලැබෙන අතර කොමන්ට් නොලැබුනත් බුකියෙනුත් අනිවාර්යෙන්ම එක ලිපියකට හිට්ස් 20ක් විතර ලැබෙනවා.කොහොමත් එක ලිපියකට නම් මගේ දුප්පත් බ්ලොගේට හිට්ස් 150ත් 200ත් අතර ලැබෙනවා.

Friday, May 18, 2012

38 තාරා මිනිහයි පාත්ත ගෑනියි(සත්‍ය සිද්ධියක් ඇසුරෙන් :D)

2005 අවුරුද්දේ මම 8 වසරේ හිටියේ ඒ දවස් වල අපේ අම්මා ගෙනාවා තාරාවෝ පැටව් දෙන්නෙකුයි පාත්තයෝ පැටව් දෙන්නෙකුයි.මුන් ජෝඩු ජෝඩු වශයෙන් තමා හිටියේ.මුන්ව ගෙනාපු දවස් වල අම්මගේ වැඩේම මුන්ට කන්න දානවයි බැහැලා ඉන්න බේසමකට වතුර පුරවලා උන්ව ඒකට දාලා බලන් ඉන්නවා එකයි.මුන් 4  දෙනත් පොඩි කාලේ ඉදලම ඒකට හැදුනේ වර්ග දෙකක් වුනත් මම නම් ආස කරේ තාරාවන්ගේ පිරිමි සතාට ඌ කළු පාටයි හොට කහපාටයි අනිත් තුන්දෙනාට වඩා මූ ටිකක් ස්වීට් වගේ මොකද

Sunday, May 13, 2012

23 ඔබා මාමේ ඔබට නිවන් සුව පතන්නෙමු!

විශ්වාස කරන්නත් බැහැ මේක වුනා කියලා.අපි කවුරුවත් හීනෙකින්වත් හිතපු දෙයක් නෙවේ මේ.ගහක් ගලක් වගේ හිටපු මනුස්සයා එක පාරට මෙහෙම වෙලා කියලා දැනුනම හිතට ලොකු දුකක් ආවා.මාමේ පෞද්ගලිකව ඔබව නොදැන සිටියත් ඔබ තරම් සැහැල්ලුවෙන් විනෝදෙන් මේ බ්ලොග් අවකාශේ පොරක් වෙලා හිටපු කෙනෙක් ගැන මං තවත් දැකලා නැහැ.මගේ බ්ලොග් එකට මුලින්ම ඔයා ආපු දවසේ තමා මට හරියටම දැනුනේ මාත් බ්ලොග් කාරයෙක් කියලා.ඔබ වගේ චරිතයක් ආයේ කවදාවත් දකින්න ලැබෙන එකක් නැහැ.ඒක මේ බ්ලොග් අවකාශේ නම් වූ මල් යායට ලස්සන එළියක්‌ දුන්න සදක්  වගේ .කියන්න දාහක් දේවල් හිතේ ඇති වුනත් ඒවා වචනවලට හරවලා ලියන්න තේරෙන්නේ නැහැ


ඔබට නිවන් සුව පතමි.

Saturday, May 12, 2012

42 නැති වුන රන් මුදුව!

කතාවක් තියෙනවනේ අපි නැග්ගොත් පුවක් ගහෙත් දෙබලක් කියලා.මගේ යාලුවෙක්නම් කියන්නේ අපි වලක් හෑරුවොත් ඒකටත් ගෙම්බෝ පනිනවා කියලා.මම හාරපු වලවල් වලට නම් ගෙම්බෝ පැනලා නැහැ ඒත් ජීවිතේ  අනිත් අයට වඩා මොන දේ කරද්දී වුනත් මට  වගේ ප්‍රශ්න ඇති වෙන අය ඉන්නවා ඇති.ඒ ප්‍රශ්න නිසා ජීවිතේ කොච්චර කළකිරුනත් පස්සේ කාලේදී අනිවාර්යෙන්ම ඒක හොද අත්දැකීමක් වෙනවා.ඒකටනේ ඉතින් ජීවිතය කියන්නේ නේද?

Tuesday, May 08, 2012

51 කතා දෙකක් අපේම ජීවිත වලින්

එක ලස්සන හැඩකාර දගකාර කොල්ලෙක් හිටියලු ඒ වුනාට අතේ පිච්චිය නැහැල්ලු මෙයා යාලුවන්ගේ වාහන ඉල්ලගෙන සල්ලි ඉල්ලගෙන තමයිලු හැමදේම කරන්නේ.මෙයාට හිටියලු උසස්ම පැලැන්තියේ සල්ලි තියෙන ගෑන්ලමයෙක්.මාස ගානක් තමාත් පොහොසත් කෙනෙක් විදියට රගපාල තමා මෙයා අර ගෑන්ලමයට ආදරේ කරලා තියෙන්නේ.ගෑන්ලමයාත් හිතලා තියෙන්නේ මෙය හොද පෝසත් කෙනෙක් කියලා නැත්තන් ඉතින් දුප්පත් එකෙක්ට ලව් කරයි ඈ එච්චර පෝසත් කෙල්ලෙක්.

Tuesday, May 01, 2012

51 ඔබටත් බත් වල ගල් වැලි හැපෙනවද?

මොන මගුලක්ද මන්දා බත් කන්න ගත්තොත් ගල් අනේ අම්මේ හාල් හොදට ගරලා උයන්නකෝ!


හෑ යකෝ හැමදාම මං හාල් ගරලා තමා උයන්නේ උබ බම්බුවක් කියවනවා අනේ මං දන්නේ නැහැ මේවා උබේ පෙර කරුම ඒකනේ තොට විතරක් හැමදාම ගල් හැපෙන්නේ!

Wednesday, April 25, 2012

81 ගෑණු ළමයින්ට අපි සෙල්ලම් බඩුද?



හොදම මිතුරෙකුගේ ඉල්ලීම පරිදි ඔහු විසින්ම රචිතව පළ කරන ලදී!


යාලුවනේ මගේ නම ඉඳුනිල්...
මේක තමයි මගේ ආදර කතාව. මේක කියවල බලලා මොකද හිතෙන්නේ කියලා කියන්න බලන්න. එක මට ලොකු ශක්තියක් 
වේවි මගේ හිත ටිකක් හරි හදාගන්න.

Monday, April 23, 2012

28 අමතක නොවන බයිසිකල් රයිඩ් එක


අපේ ගෙවල් පිටිපස්සේ තියෙනවා වාහන නොයන අඩි 20ක් විතර පළල පාරක්,මං ඊයේ උදේ අපේ කුස්සියේ පැත්තේ එලියට 
වෙලා තේ එකක් බිබී ඉන්නකොට මං දැක්කා පිටිපස්සේ පාරේ ගේක ඉන්න අක්කා(වයස 37ක් විතර) කෙනෙක් බයිසිකලයක් 
පදින්න පුරුදු වෙනවා.මට ඕක දැක්කම මතක් වුනේ ටැමිල් ෆිල්ම් එකක සිංදුවක් ඒකෙත් නිළිය ඔන්න ඔහොම බයිසිකලේ පැද පැද 
සින්දුව කිය කිය තමා හිටියේ.

Tuesday, April 17, 2012

23 හොදම බඩ,හොදම තට්ටය,හොදම හිනාව,හොදම බොරුව

මේක පරණ කතාවක් අවුරුදු කාලෙක වෙච්ච දෙයක් නිසා ලියන්න හිතුනා.අපේ  කොළබ ඉන්න එක පත්තර මාධ්‍ය වේදියෙක්  අවුරුදු නිවාඩුවට මිනිහගේ ගමට ගියාලු.ගමත් ටිකක් පිටිසර ඈත ගමක්ලු,

Friday, April 13, 2012

46 අවුරුද්දට ස්පෙෂල් තෑග්ගක් 18+

චොකලට් කිරියෙන් සහ කිතුල් පැණියෙන් ඉතිරෙන කූබි නොවසන

පැනීම පැණි රස අවුරුද්දක් වේවා 


මං කතෝලිකයානේ ඒක නිසා අවුරුද්ද සමරන්නේ නම් නැහැ ඒත් යාළුවො එක්ක එකතු වෙනවා අවුරුද්දට.

Wednesday, April 11, 2012

29 උණවටුනේ නාග තෛලය!!!

මේ දවස් වල අපේ ලැට් එක හදනවනේ අෆ්ෆා ඒක නිසා හරි බිසී හම්බුන බාස්ලා දෙන්නත් රයිගමයයි ගම්පලයයි වගේ.මුන් දෙන්නට අත් උදව් දෙන්න මමත් ඕන.බාස්ලා දෙන්නා කිව්වට බාසුයි ගෝලයයි.
රයිගමයයි ගම්පලයයි වගේ කිව්වට වැඩට නම් සුපර් කතා බහෙන් සහ සමහර වැඩවලින් තමා ඩබල මෝඩ. ඩබල දවල්ට කන්න ගිය කඩේ මොකක්ද මන්දා ලී කෑල්ලක් බාස්ගේ කකුලට වැටිලා.

Sunday, April 08, 2012

42 ශෙවන්ත නමැති බ්ලොග් ලිපි හොරා

කොපි කිරිල්ල හැමතැනම තියෙන දෙයක්නේ නඩුත් දාන්න පුළුවන් ඔය කොපි කිරිලි වලට.බ්ලොග් අවකාශෙත් ඉන්නවා පට්ට හොරු.අපි බොහොම අමාරුවෙන් ලියලා පල කරන ඒවා මුන් කිසි මහන්සියක් නැතුව කොපි කරනවා.කොපි කරන්න ගොඩක්ම පෙළබෙන්නේ තමන්ගේම කියලා හොද අදහස් නැති වුනාම.එහෙමත් නැත්තම් අනිත් අයගේ නිර්මාණ තුලින් ජනප්‍රිය වෙන්න හෝ සල්ලි උපයන්න.ශෙවන්ත නමැති මේ හොරා මගේ ලිපි ගෙඩි පිටින් උස්සලා ලින්ක් එකක් වත් නැතුව උගේ වගේ දාලා.

Wednesday, April 04, 2012

39 බන්ධුල සර්ට සහ ගොබ්බයන්ට පිළිතුරක්!!

රජයේ වැදගත් අමාත්‍ය ධූරයක්‌ වගේම දැනුම අතින් අපිට වඩා සෑහෙන්න උසස් බන්දුල සර් කියලා තියෙන්නේ 2500කින්  පවුලකට මාසයක් කාලා බීලා සිටිය හැකි බවයි.


පවුලකට කෙසේ වෙතත් මගේ වගේ  දෙදෙනෙකුගෙන් සමන්විත පවුලකට(අම්මයි මායි) ඒ ගාන කන්න බොන්න ඇතිද කියලා බලන්න හිතුනා.

Sunday, April 01, 2012

28 තාක්ෂණයෙන් දියුණු වුන මගේ ආදරේ!!


මගේ හදවත නමැති හාඩ් ඩිස්ක් එකෙන් එයාව අන්ඉන්ස්ටෝල් කලත් සෙටප් ෆයිල් එක (මතකය) මොනවා කරත් ඩිලීට් කරන්න බැරි වුනා.මොන මොන සොෆ්ට්වෙයාර් බාවිතා කරත්  AVG අන්ලොකර් වැඩසටහනෙන් ට්‍රයි කරත් ඒක ඩිලීට් කරන්න බැරි වුනා.අන්තිමේ

Sunday, March 25, 2012

37 අඩෝ වල් පරයා (18+)

වල් එව්වොන්ව ආශ්‍රේ කරලා ඕන් මාත් වල් වෙලා හෆෝයි.ඉතින් මාත් පළමු වතාවට වල් කතාවක් කියන්න යන්නේ.


           එක මනුස්සෙක්ට අමුතු බඩේ

Friday, March 23, 2012

29 පිස්සු කථාවක්!!!!

50 වෙනි පෝස්ට් එකත් පහු කරන් හිට්ස් 30000කුත් ගහලා ෆලෝස්වරු 100ටත් ඉතා ආසන්නයේම ඉන්න නිසා හිතටත් පොඩි සතුටක් දැනෙනවා ආපු මග හැරිලා බලද්දී.මේ ඔක්කොටම ස්තුතියි කරන්න ඕන මගේ යාවජීව සගයින්ට සහ කියන්න දෙයක් නොතිබුනත් පොඩි කොමන්ට් එකක් හරි දාල යන බ්ලොග් සගයින්ට.

Wednesday, March 21, 2012

17 අපේ සිංඩිය(වරෙල්ලා ඈ)

කින්ඩි නොදා අසනු මැනවි :) දැනට ලංකාවේ බ්ලොග් මිලියන ගානක් ඇත ඒ ගානට නොදෙවෙනි වෙන්න සින්ඩිත් ඇත.එහෙත් ඒවා වල අයිතිකරුවන් සොයා ගැනීමටනොහැකි නිසා (විදෙශ් ගතවීම්,පවුල් වීම් හා  තමාට සින්ඩියක් ඇත යන වග අමතක වීම් යන හේතුන් මත) අප ඇතුල් කරන බ්ලොග් අඩවි ඇතුල් වන්නේ සින්ඩි අතලොස්සකට පමණි.

Monday, March 19, 2012

27 අද කක්කා කරන්න ගියේ නැහැ ටීචර්!!!

(තවත් එක කක්කා කතාවක්)එකමත් එක බොහොම දුෂ්කර පළාතකට ඔන්න අපේ කැම්පස් අක්කා කෙනෙක්ට ගුරු පත්වීමක් හම්බුනාලු.මෙයා වැඩ බාර ආරගෙන මේ ගමට ගිහින් පාසලේ ඉගැන්වීමේ කටයුතුත් හොදට කරන් ගිහින්.

Monday, March 12, 2012

39 අපෙයි උන්ගෙයි වෙනස!!

මං කලිනුත් මුස්ලිම් වරු ගැන ලියලා අදටත් හොද සහ නරක දෙකම අසති.ඒත් මේකත් නොලියාම බැරිය.

Friday, March 09, 2012

16 මාංශ අනුභවය වරදක්ද? නැත


සිංහයෝ මස් කන්නේ සත්තු දඩයම් කරලා මරලා එතකොට සිංහයන්ට පව් පිරෙනවද සතෙක් මැරුවට????මිනිස්සුත් සත්ව කොඨ්ටාශයක්,මිනිස්සු හිතන්නේ තමන් තමා බුද්දීමත්ම සතා කියලා.ඒත් ඔයාල දන්නවද කූබින් අපිට වඩා කොච්චර බුද්දීමත්ද කියලා?.කූබින් විසින් හදපු නගරයක් ඕස්ට්‍රේලියාවෙන් හොයාගෙන තියෙනවා ඒ වගේ මාර්ග,උමං මාර්ග සහිත සංකීර්ණ නගරයක් තවම මිනිසුන් වත් නිර්මාණය කරලා නැහැ.

Wednesday, March 07, 2012

21 දිවීමේ ශූරයෝ බස් එකේ ආපු කතාව!

ඔන්න එකෝමත් එක ශ්‍රී ලංකාව කියලා රටක එක්තරා ගමක කොලුවෝ තුන් දෙනෙක් හිටියලු.මේ තුන්දෙනා  ගජ යාලුවොලු ඉතින් දවසක් මේගොල්ලෝ තුන් දෙනා තීරණය කරලාලු බඩ අඩු කරගන්න,හතිය කඩාගන්න,ජවය වඩාගන්න,අවුරුදු උත්සවේට මැරතන් එක දුවන්න වැනි ගතානුගතික හේතූන් නිසා උදේ පාන්දර නැගිටලා දුවමු කියලා.

Tuesday, March 06, 2012

10 Face Book වව්සරේ!!

නොදන්නා අයට පමණි

ෆේස්බුක් සහ වෙනත් සමාජ ජාල වෙබ් අඩවි සදහාම නිර්මාණය වූ මෙම බ්‍රව්සරය ඔබත් බාගන්න

Sunday, March 04, 2012

21 බලු වැඩ කරන .tk කාරයෝ!!

ඔයාලා ගොඩක් අය දන්නවනේ nikama.tk එක ගැන ඒ තමා මගේ බ්ලොග් එකේ මං ලින්කුව කෙටි කරගන්න දාගත්ත ඩොමේන් එක.මෙයාලා කරන්නේ ඩොමේන් මුදලට දෙනවා වගේම ෆ්‍රී එකෙත් දෙනවා.ඒත් වෙනත් ෆ්‍රී දෙන අය වගේ නෙවේ මෙයාලා.මෙයාලගෙන මුලින් කිසි ප්‍රශ්නයක් නැහැ.ඒත් බ්ලොග් එක ටිකක් ප්‍රසිද්ද වෙගේන එද්දී

Thursday, March 01, 2012

24 බුදි මතයි නිදි මතයි අතර වෙනස දන්නවද?.


නිදි මතයි බුදි මතය අතර වෙනස ඔයාලා දන්නවද? දන්න අයත් ඇති ඒත් නොදන්නා අයත් ඇතිනේ.සමහර කට්ටිය රෑට කියනවා බුදි මතයි කියලා.බුකියේත් රෑට චැට් කරද්දී සමහර යාළුවො කියනවා මචන් දැන්නම් බුදි මතයි හෙට සෙට් වෙමු කියලා.ඔය කතාව සම්පූර්නෙන්ම වැරදියි.

Saturday, February 25, 2012

35 මෙන්න ලව් [ඔයාලත් මේ වගේ ආදරේ කරන්න පුරුදු වෙන්න]

ඔයා දන්නවද ඔයා තමයි මගේ මුළු ජීවිතේම මගේ හිතේ ඔයාට තියෙන ආදරේ කියලා නිම කරන්න බැහැ.මට එක දවසක් හරි ඔයාව අල්ලන්න බැරි වුනොත් එදාට මට මාර දුකක් දැනෙන්නේ.