පළමු කොටස
දෙවන කොටස
තෙවන කොටස
ස්තුති කතාව
කාර් රථයත් වෑන් රථයත් මුහුණට මුහුණලා විය.හැරිස්ටත් රැන්ඩිටත් වෑන් රථයේ රියදුරු අසුනේ සිටි පුද්ගලයාව පැහැදිලි ලෙස පෙනෙන්ට විය ඒ වෙන කව්රුවත් නොව ඒ ඩේවිඩ් ය.
ඩේවිඩ් වෑන් රථයේ ඇක්සලේටරය සැරින් සැරේ පාගයි.වහා ක්රියාත්මක වුන හැරිස්ද බොඩිය තැලුණ කාර් රථය නැවත පණගන්වා රේස් කරේය.වාහන දෙක මුහුණට මුහුණලාය.ඩේවිඩ් වෑන් රථය අද්දනවාත් සමඟම හැරිසුත් කාර් රථය අද්දන්නට විය.වාහන දෙක අධික වේගයෙන් මුහුණට මුහුණ පැමිණ හැප්පුනාය.
මයිනර් එකේ බොනට් එක කුඩු වී ගියාය.හැරිසුත් රැන්ඩිත් දොර පියන් හැර බොහොම අමාරුවෙන් එලියට බැස ගත්තේය.ඔවුන්ට ලේ ගලන තුවාල පෙනෙන්ට නොතිබුනත් ඇඟේ පතේ තැල්මවල් ඇති බව හැසීරීම් වලින් පෙනේ.ඔවුන් අමාරුවෙන් වෑන් රථය වෙත ගොස් එහි දොර ඇර බැලුවේය.ඩේවිඩ් සිහි මුර්ජා වී රියදුරු අසුන මතම වැටි සිටියි.