Thursday, March 21, 2013

89 කාන්තා දවසේ ආ අමුත්තා!

එදා හරියටම මාර්තු 8 ලෝක කාන්තා දවස!.අම්මත් තව යාළුවෝ වගයක් එක්ක ගම්පහ මොකක්ද මන්දා එක්සිබිසන් එකක් බලන්න ගියා.හරියටම 2 වෙද්දී අහස කළුකරලා මහා හයියෙන් වහින්න ගත්තා.

මොර සූරන වැස්සත් එක්ක ටීවී බලන්නත් බැරි නිසා ටීවී එකත් වහලා ටිකක් නිදාගන්න කියලා හදද්දිම ගැඹුරු කටහඬකින්.

දුව දුව කියලා කව්රු හරි කතා කරනවා.වැස්සත් එක්ක පාළු ගතිය ත්‍රිව කරගෙන ඇහුන කටහඬින් ඇඟ හීතල වුනා.කව්ද ඇවිත් තියෙන්නේ කියලා බලන්න මම දොර ගාවට ගියාම දිගට වැවුන සුදු පාට කොන්ඩෙයි රැවුලයි

Sunday, March 17, 2013

116 මං එදා ඇඳ යට බන් හිටියේ!!

මට මේ දවස් වල හරියට ගමන් බිමන්,එක එක වැඩ,මල ගෙවල් සෙට් වෙනවා.මේවා නිසා පෝස්ට් එකක් දෙකක් හරි හම්බුනානේ කියලා හිත හදාගත්තා.එහෙම හම්බ වුනු කතා දෙක තුනක් තමා අද ලියන්නේ.මේවා ඇත්තටම වෙච්චි ඒවා බොරු කතා නෙවේ.

අපේ ගෙවල් පැත්තේ ඉන්නවා නන්දෙ කියලා මාමා කෙනෙක් මිනිහා හරි කුණා.මෙයාගේ වයිෆ්ට අපි කියන්නේ නන්දෙ නැන්දා කියලා.නැන්දත් නන්දෙ මාමාට දෙවෙනි නැහැ හාල් මැස්සෝ සීයක් උයලා හාල්මැස්සෝ ටික අර ගන්නවා පහුවෙනිදට ගන්ඩ හොද්ද විතරක් කාලා.ඒ ගෙදර දුවලා පුතාලත් එහෙම්මයි.

කොහොම හරි නන්දෙ මාමා මේ ලඟදි හාට් ඇටැක් ඇවිල්ලා නැති වුනා.මල ගෙදර පලවෙනි දවසේ විතරයි සෙනග.ගෙවල් ළඟ නිසා මමනම් නයිට් තුන හතරක්ම ගැහැව්වා.දෙවෙනි දවසේ සෙනග නැහැ රෑ වෙද්දී,හිටියේ බූරුවා ගහන සෙට් එකකුයි ඥාතින්

Thursday, March 14, 2013

76 බොඩි - Body

I Love මයි බොඩි
මයි ෆ්‍රෙන්ඩ්ස් jealous මයි බොඩි
මයි මදර් Hate මයි බොඩි
මයි life to නෝ බොඩි
කව්රුත් බයයි to ඩෙඩ් බොඩි
දැන් හරි ගණන්(ලු) අඳින බොඩි

(-_~)

Sunday, March 10, 2013

134 අසික්කිත බ්ලොග්කරණය!

බ්ලොග් ලියද්දි ගොඩක් අය ව්‍යාකරණ ගැන උනන්දු වෙනවා ඒ වගේමයි වචන ගැනත්.ඒ කොහොම වෙතත් අපි මතක තියාගන්න ඕන දෙයක් තමා බ්ලොග් කියන ඒවා අපි නොදන්නවා වුනාට ගොඩක් වැදගත් මිනිස්සු,ආයතන වගේ තැන් වලත් බලනවා කියලා.ඒත් ඒ වගේ තැන්වලින් හෝ පුද්ගලයන්ගෙන් කොමන්ට් නොලැබෙන නිසා අපි දන්නේ නැහැ අපේ ලිපි බලන්නේ කව්ද කියලා.කොමන්ට් කරන අය ගැන විතරයි අපි දන්නේ.

Monday, March 04, 2013

87 දඹල වැට!

සමරසේකර ඉන්නවාද??
පොලිස් රාළ හාමි උස් හඬින් ඇසුවේ පොලිසියේ ගරාදියේ ඉඳන් හිටපු අපි ඔක්කොටම ඇහෙන්න.

ඔව් මහත්තයෝ මමයි සමරසේකර!
සමරේ මාමා නැගිටලා උත්තර දුන්නේ මගේ දිහා රවලා බලන ගමන්.

නිශාන් කියන්නේ කව්ද?
රාලහාමි ආයේ ඇහුවේ අපි හිටිය ගරාදිය දිහා බලාගෙනමයි.

මමයි නිශාන් කියන්නේ!
මම නැගිටලා කිව්වා.

හ්ම්ම් තමුන්ලා දෙන්නටම ලොකු මහත්තයා එන්න කිව්වා.

Friday, March 01, 2013

97 ඈ ඒ අක්කා අංකල්ගේ වයිෆ්ද?, අංකල් වයසයිනේ??

එක එක අය බ්ලොග් ලියන්නේ තමන් කැමති විදියට සමහර අය ටාගට් එකට ලියනවා මාසෙකට පෝස්ට් 8ක් හෝ 10ක් අනිවාර්යෙන් දානවා කියලා.තවත් සමහරු බ්ලොග් එකේ පෝස්ට් වැටෙන්න ඕන නිසාම මොනවා හරි ලියනවා.තවත් සමහරු දවස් ගානක් ප්ලෑන් කරලා ලියලා වැරදි හදලා ඒකට පින්තූරත් හදලා පළ කරනවා.මං වගේ තවත් සමහරු තමන්ට වෙන සිදුවීම් ඒ ඒ දවස් වලට ලියලා දානවා.

අන්න ඒ වගේ අදත් මම ලියන්නේ මට දවසක් අතුලත වෙච්ච සාටර් සිද්දීන් දාමයක්.