Showing posts with label මගේ නිර්මාණ. Show all posts
Showing posts with label මගේ නිර්මාණ. Show all posts

Friday, May 10, 2013

111 (මඟුල්) කෑම!

මට මොන දේටත් වඩා ලොකු කන එක ඒ වගේමයි මොන දේ කරන්නත් කලින් මම කන එක තමයි කරන්නේ!

මම රස්සාව කරගෙන පාඩුවේ ඉන්න හදද්දී තමා මට මේ ජව්සමට අහුවෙන්න සිද්ද වුනේ.කල වයසත් හරිය කියලා අපේ අම්මලා මට කසාදයක් සූජානම් කරා.බැහැයි කියන්න කියන්න කොහොම හරි මනමාලිව බලන්න යන්න මාව කැමති කරව ගත්තා.

ඕන්න මනමාලි බලන්න යන දවසේ අපේ නෑදෑයෝ ටික දෙනෙක් ආවා අපිත් එක්ක යන්න.උන්දලා එන්නේ මනමාලිගේ වත්කම් බලන්නයි දෑවැද්ද ගැන කතා කරන්නයි මනමාලිගේ ගෙදරින් දෙන බත් වේල කන්නයි තමා.

Sunday, May 05, 2013

102 වැස්ස!

පෙනහැල්ල පිරෙන්න දුම ඇදලා දුම් ගුලි ඔහේ යන්න දුන්නේ සීතලට ගැහෙන දෙතොල් අතරින්.එළියේ තාමත් චුරු චුරුව

තාප්පේ කඩමු නැත්තම් තවත් යට වෙනවා!

අපේ අල්ලපු ගෙදර ඉන්නේ සුමනා නැන්දලා අපේ ගෙවල් පිටිපස්සේ තවත් ගෙවල් පේලියක් තියෙනවා අපේ ගෙවල් පේළියයි පිටිපස්සේ ගෙවල් පේළියයි අතරේ පොඩි පාරක් තියෙනවා.ඉස්සර ඉඳන්ම වැස්සට එකතු වෙන වතුර පාර ගලාගෙන ගියේ සුමනා නැන්දලාගේ ඉඩමෙන්.එත් දැන් එයාලා තාප්පයක් බැඳලා.ඒකෙන් පොඩි වැස්සටත් වතුර පිරිලා පිටි පස්සේ පාර යට වෙනවා.ලොකු වැස්සක් ආවම පිටි පස්සේ ගෙවල් වලට වතුරත් දානවා.

Sunday, April 07, 2013

104 කකාගේ,මාරයාගේ රොටි වගේද මේවා??

හායි ළමයි!!! පහුගිය දවස් වල අපි දැක්කනේ කතන්දර පොල් රොටි හදන හැටි කියලා දීලා තිබ්බා එතකොට මාරයා තුමාත් අල රොටියක් හදාගන්න හැටි කියලා දුන්නා ඔය දෙවර්ගේම හදලා දෙන්න කලින් කිව්වේ පිරිමින්ට හදිසියේ ප්‍රයෝජනවත් වෙන දේවල් කියලානේ.කතන්දර නම් කිව්වේ වයිෆ්ගෙන් කිස් එකක් ගන්න පුළුවන් වැඩක් කියලා.

මාත් ඉතින් හොයලා බලලා අත්හදා බැලුවා තවත් පිරිමි අයට ලේසියෙන්ම හදාගන්න පුළුවන් කෑමට ගත හැකි දෙයක්.කර කරගන්නේ නැතුව හදා ගත්තොත් මේවායිනුත් වයිෆ්ගෙන් කිස් එකක් ගන්ට පුළුවන් වෙයි හැබැයි අත්දුටු නැහැ ඈ

Monday, April 01, 2013

64 කසාද බැඳලා ගෙනාපු ගෑණි නැතිවුණ නිලමේ!

අද වගේ දවසකට ගැලපෙන චරිතයක් ගැන තමා පිංවතුනි අද මං කොටන්න යන්නේ.ඈත අතීතයේ මෑත බාගයේ එක්තරා ගමක විසු නිලමේ නම් තැනැත්තෙක් විය!.මොහු ජීවත් වුයේ තම මහළු මව සමග පොල් අතු පැලකය.ඉතින් පින්වතුනි මේ නිලමේගේ පෙනුම ගැන කිව්වෝතින් ඔහු කෙසඟ සිරුරක් හිමි අවුරුදු 35ක් හෝ 40ක් තරම් වයසැති බුවෙකි.එහෙත් ඔහුගේ හරි වයස ඔහුවත් දැන නොසිටි.හරි අධ්‍යාපනයක් නොලැබූ ඔහු නූගතෙකි.(අනේ මේ සම්බාව්‍ය විදියට ලියන්න බැහැ අප්පා)

ගමේ අහල පහල කුලී වැඩක් කරලා කීයක් හරි හොයාගෙන තමා නිලමේ ගොයියා මහලු මවගෙයි තමාගෙයි බඩ වියත රැකගත්තේ.නිලමේ කිව්වට මේ යකා නිලමේ කෙනෙක් නම් නෙවේ වාසගමේ කෑල්ලක නිලමේ කියලා තියෙන නිසා ගමේ හැමෝම ඔහුට කතා කරේ ඒ නමින්!.මිනිහා කවදාවත් අරක්කු කටේ තිබ්බේ නැහැ ඒ වගේමයි සූදු කෙලියේත් නැහැ ඒක නිසා මිනිහගේ අතේ කීය කීය හරි ඉතුරුත් වුනා.

ඉතින් හැමදාම මෙහෙම කුලී වැඩ කරලා හරියන්නේ නැහැයි කියලා හිතුව නිලමේ සයිකල් කට්ටකුත් හොයාගෙන දවසක්

Thursday, March 21, 2013

89 කාන්තා දවසේ ආ අමුත්තා!

එදා හරියටම මාර්තු 8 ලෝක කාන්තා දවස!.අම්මත් තව යාළුවෝ වගයක් එක්ක ගම්පහ මොකක්ද මන්දා එක්සිබිසන් එකක් බලන්න ගියා.හරියටම 2 වෙද්දී අහස කළුකරලා මහා හයියෙන් වහින්න ගත්තා.

මොර සූරන වැස්සත් එක්ක ටීවී බලන්නත් බැරි නිසා ටීවී එකත් වහලා ටිකක් නිදාගන්න කියලා හදද්දිම ගැඹුරු කටහඬකින්.

දුව දුව කියලා කව්රු හරි කතා කරනවා.වැස්සත් එක්ක පාළු ගතිය ත්‍රිව කරගෙන ඇහුන කටහඬින් ඇඟ හීතල වුනා.කව්ද ඇවිත් තියෙන්නේ කියලා බලන්න මම දොර ගාවට ගියාම දිගට වැවුන සුදු පාට කොන්ඩෙයි රැවුලයි

Thursday, March 14, 2013

76 බොඩි - Body

I Love මයි බොඩි
මයි ෆ්‍රෙන්ඩ්ස් jealous මයි බොඩි
මයි මදර් Hate මයි බොඩි
මයි life to නෝ බොඩි
කව්රුත් බයයි to ඩෙඩ් බොඩි
දැන් හරි ගණන්(ලු) අඳින බොඩි

(-_~)

Thursday, December 13, 2012

93 කුඩුකාරයාගෙන් රට නගා සිටවමු!

මේ ලඟකදී පැලියගොඩ අලුත් පාලම රවුන්ඩ් අබවුට්(ඇනෝනිමස් නිවැරදි කරන ලදී) එක ලඟදි උදේ ට්‍රැෆික් එකට මං ගමනක් යද්දී අහුවුණා.කලර් ලයිට්ස් වලින් කිරිබත්ගොඩ පැත්තට එන වාහන නවත්වලා දෙමටගොඩ පැත්තට යන අපිත් හිර වෙලා.මේ අතරේ ට්‍රැෆික් එකට අහුවෙලා තිබ්බ සිමෙන්ති උර දෙසීයක් පමණ පටවපු ලොරියකුත් තිබුනා.

අලුතෙන් හදන අධිවේගේ පැත්තේ ඉඳන් එකෙක් දුවන් ආවා සිමෙන්ති ලොරියෙන් සිමෙන්ති බෑග් දෙකක් කිහිලි දෙකට ගත්තා පාර පැන්නා දිව්වා.හිතාගන්නවත් වෙලාවක් නැහැ.යකෝ අපි මේ ගෙදර වැඩකට හරි සිමෙන්ති කොට්ටයක් උස්සගෙන එහාට මෙහාට යන්නේ හරි අමාරුවෙන් ඒත් මේ යකා උර දෙකක්ම අරගෙන දිව්වේ නිකන් උසේන් බෝල්ට් මීටර් සීය දුවනවා වගේනේ.

පෙනුමෙන් නම් තනිකර කුඩු ඩයල් එකක් අනික ඔය හරියේ කුඩු කාරයෝ නැත්තම් තමයි පුදුම.කුඩු ගහන අයට ඔච්චර පවර් එකක් කොහෙන්ද?.ගොඩක් කුඩු කාරයෝ හොරකම් කරලා දුවද්දී පොලිසියේ අයට බැරුව යනවා පස්සෙන් එලවන්න.කුඩු කාරයෝ ඒ තරම් ස්පීඩ්.තාප්ප,බැමි,වැටවල් ඔය මොකක් තිබ්බත් ඕවා උඩින් පැනලා,අස්සෙන් රිංගලා යන එක කුඩු කාරයන්ට හරි සිම්පල් වැඩක්.

අපේ ගෙවල් පැත්තෙත් ඉන්නවා කුඩු කාරයෝ දෙතුන් දෙනෙක්.අපේ මාමා කෙනෙක් ගෙයක් හදන වැඩකට අල්ලාගෙන තිබ්බ බාසුන්නහෙත් කුඩු කාරයෙක්.මිනිහට වයස තිහක් විතර ඇති වැඩ නම් තිතටම නීට්.වෙලාවකට අලස කමින් වැඩ කරගෙන යද්දී මහත්තයා මන් ටාර් ගාලා එන්නම් කියලා මාරුවෙන මිනිහා පැය බාගෙකට විතර පස්සේ එනවා ඇවිත් පුක කැඩුන කඩියා වගේ වැඩ.

කුඩු කාරයන්ගේ ක්‍රියාශීලී කම ගැන හිතද්දී මට අදහස් කිහිපයක් හිතට ආවා.රටේ සංවර්ධනය වෙනුවෙන් චීනයෙන් කම්කරුවන් ගෙන්වනවට වඩා කුඩු පැකට් එකක් දීලා කුඩු කාරයෙක් වැඩට ගත්තා නම් අධිවේග,කාණු පද්ධති,පාරවල් හැදීම් වගේ දේවල් සුටුස් ගාලා සිද්ද වෙයි.එතකොට රටේ රැකියා හිඟය පියවෙනවා.ටවුන් වල කාණු වගේ නෙවේ ගම්වල කාණු ඒවා ටික දවසකින් පස් පිරිලා හිරවෙනවා.තමන්ගේ ගේ ඉස්සරහ කාණුවවත් සුද්ද කරන්න අපේ රටේ මිනිස්සු කම්මැලියි ඉතින් කානු හිරවෙලා වැස්සට පාරවල් යට වෙනවා.අන්න ඔය වගේ දේවල් වලදී කුඩු කාරයෝ වැඩට යොදාගත්තා නම් වැස්ස කාලෙට සිරිලක හරි ලස්සනට තියෙයි.

දුම්රිය හරස් මාර්ගවලදී රේල් ගේට්ටු නැතුව මිනිස්සු කෝච්චියට හැප්පිලා මැරෙනවා මිනිස්සු උද්ඝෝසන කරනවා සල්ලි බර ගානක් වියදම් කරලා ඔන්න හදනවා රේල් ගේට්ටු.එත් ගමේ කුඩු කාරයන්ව ඔය තැන් වලට යෙදෙව්වා නම් මිනිස්සු මැරෙන්නෙත් නැහැ උද්ඝෝසනත් නැහැ සල්ල්ත් ඉතුරුයි.

ඔවුන්ට නිල ඇඳුම් දීලා කොටුව දුම්රිය පල,බස් ස්ටෑන්ඩ් එක,පොදු වැසිකිලි,රෝහල් වගේ දේවල් පිරිසිදු කිරීමේ කටයුතු වලට යොදාගන්න පුළුවන් එතකොට අපේ රට කොච්චර ලස්සන වෙයිද?.දියුණු වෙයිද?

බඩු පොට් නීතිගත කරනවට වඩා කුඩු පොට් නීතිගත කිරීම වැදගත් නැද්ද?.

මේ රටේ කුඩු පොත නීතිගත කීරීම සඳහා මිනිස්සු දෙන්නෙක් මහන්සි වුනා ඒත් උන් දෙන්නගේ අසමගිය නිසා දෙන්නා ගහගෙන එකෙක් මලා අනිකාට දැන් මතකේ නැහැ.ඔය වගේ තවත් උත්තමයන් කිහිප දෙනෙක් අප අතරේ ඉන්නවා.මේ පිලිබඳව ජනාධිපතිවරයා වහා ක්‍රියා මාර්ග ගත යුතුයි.කුඩු පිලිබඳව අමාත්‍යවරයෙක් පත් කල යුතුයි.


  • රැකියා අහිමි උපාධිධාරීන් හට කුඩු ලබා දී රැකියා ලබා දිය යුතුයි!
  • කුඩු කාරයන්ව සමාජයෙන් කොන් නොකළ යුතුයි!
  • ඔවුන්ට ගරු කල යුතුයි!
  • රැකියා ලබා දී,නිළ ඇඳුම්,ලෙඩ නිවාඩු,නිවාස ණය,අතිකාල දීමනා,බෝනස් හා විශ්‍රාමික වැටුප් ලබාදිය යුතුයි!
  • මැති ඇමතිවරු ඇතුළු රජයේ ඉහල තනතුරු දරන නිලධාරින් හට කුඩු ලබාදී ඔවුන්ව කාර්යක්‍ෂම කල යුතුයි!
  • ලිපි කරුවා,වගා කරුවා,පොලිස් කාරයා,මාළු කාරයා,කිරි කාරයා වගේ කුඩු කාරයාවත් සමාජ ගත කල යුතුයි!

මේ සඳහා ඔබේ මත විමසුමද දැනගැනීමට කැමැත්තෙමි.

Tuesday, November 20, 2012

67 අභිරහස් කාර් හොරා හම්බවුනෝ..කතාව ඉවරා...යි



පළමු කොටස
දෙවන කොටස
තෙවන කොටස
ස්තුති කතාව

කාර් රථයත් වෑන් රථයත් මුහුණට මුහුණලා විය.හැරිස්ටත් රැන්ඩිටත් වෑන් රථයේ රියදුරු අසුනේ සිටි පුද්ගලයාව පැහැදිලි ලෙස පෙනෙන්ට විය ඒ වෙන කව්රුවත් නොව ඒ ඩේවිඩ් ය.

ඩේවිඩ් වෑන් රථයේ ඇක්සලේටරය සැරින් සැරේ පාගයි.වහා ක්‍රියාත්මක වුන හැරිස්ද බොඩිය තැලුණ කාර් රථය නැවත පණගන්වා රේස් කරේය.වාහන දෙක මුහුණට මුහුණලාය.ඩේවිඩ් වෑන් රථය අද්දනවාත් සමඟම හැරිසුත් කාර් රථය අද්දන්නට විය.වාහන දෙක අධික වේගයෙන් මුහුණට මුහුණ පැමිණ හැප්පුනාය.

මයිනර් එකේ බොනට් එක කුඩු වී ගියාය.හැරිසුත් රැන්ඩිත් දොර පියන් හැර බොහොම අමාරුවෙන් එලියට බැස ගත්තේය.ඔවුන්ට ලේ ගලන තුවාල පෙනෙන්ට නොතිබුනත් ඇඟේ පතේ තැල්මවල් ඇති බව හැසීරීම් වලින් පෙනේ.ඔවුන් අමාරුවෙන් වෑන් රථය වෙත ගොස් එහි දොර ඇර බැලුවේය.ඩේවිඩ් සිහි මුර්ජා වී රියදුරු අසුන මතම වැටි සිටියි.

Sunday, November 18, 2012

70 අභිරහස් කාර් හොරා ස්තූති කතාව!

සභාවෙන් අවසරයි අද මා මෙතනට පැමිණියේ මෝඩ ආතල් එකක් ගැනීමටයි ස්තූති කතාවක් කිරීමටයි.
ඇත්ත වශයෙන්ම "අභිරහස් කාර් හොරා" නම් වූ ඉතාමත් අභිරහස් කතාව මගේ සිතේ ඇතිවූ චිත්ත රූප පෙළක් යටතේ බටහිර ශෛලියට ලිය වූවකි.ඇත්තටම කවුද හොරා?

Friday, November 16, 2012

39 අභිරහස් කාර් හොරා (තෙවන කොටස)


පළමු කොටස
දෙවන කොටස


ඉතින් මොකක් හරි හෝඩුවාවක් හම්බ වුනාද?(රැන්ඩි)

නැහැ එත් මට හිතෙන්නේ මේක කරේ.....කාමෑෂ් ගැන්ග් එකේ අය වෙන්න ඇති!(හැරිස්)

මොකක්? ඇයි ඒ? එයාලට අපේ කාර් එකමද හොරකම් කරන්න ඕන වුනේ?

කලබල වෙන්න එපා රැන්ඩි මම අද පරණ රෙකෝඩ්ස් බැලුවා ටවුන් එකේ වාහන සොරකම් ගැන.කලින් වෙච්ච හැම සොරකමකටම ගෑවිලා තියෙන්නේ කාමෑෂ් ගැන්ග් එකේ අය!.

ඉතින් හැරිස් අපිට ඒක ලබාගන්න පුළුවන් වෙයිද?

Wednesday, November 14, 2012

79 අභිරහස් කාර් හොරා (දෙවන කොටස)



පළමු කොටස


පොලිසියෙන් සමුගත් රැන්ඩි කෙලින්ම ගියේ ඔහුගේ කාර්යාලටය ඒ ඔහුගේ සේවාදායකුගේ නඩුවක් ගැන කතා කරගැනීමටය.මේ අතර ඉන්ස්පෙක්ටර් හැරිස් තම මිතුරාට හැකි උපරිමයෙන් උදව් කිරීමට සිතා පොලිසියේ ඇති වාහන සොරකම් පිලිබඳ සියලු වාර්තා නැවත වරක් පිරික්සන්ට විය.එමගින් ඔහුට නගරයේ නම ගිය වාහන සොරු ගැන හා පාතාල කල්ලි ගැන තොරතුරු රැසක් සොයාගැනීමට හැකි විය.තොරතුරු පරික්ෂා කිරීමෙන් අනතුරුව හැරිස් රැන්ඩිගේ මහා ගෙදර බලා පිටත් වන්ට විය.

මේ අතර රැන්ඩිගේ ජංගම දුරකථනය නාද විය.
හෙලෝ හැරිස් මම හිතනවා ඔයා මන් වෙනුවෙන් මේ වෙලාවේ මහන්සි වෙනවා ඇති කියලා.

ඇත්තෙන්ම රැන්ඩි මම ඔයාගේ වැඩේට බැහැලා දැන් ගොඩක් වෙලා.මම මේ දැන් එනවා ඔයාගේ ගෙදරට ඔයා ගෙදරද ඉන්නේ?

නැහැ හැරිස් මම දැන් පොඩි වැඩකට ඔෆිස් එකට ආවා ඔයා ගෙදරට යන්න අම්මා ඉන්නවනේ මම අම්මට කෝල් එකක් දෙන්නම්.

හොඳයි රැන්ඩි පස්සේ හම්බ වෙමු.

Monday, November 12, 2012

78 අභිරහස් කාර් හොරා

හෙලෝ රැන්ඩි පුතා ඔයා දැන්ම ගෙදර එන්න මෙහෙ ලොකු ප්‍රශ්නයක් වෙලා!

ඒ මොකක්ද අම්මා තාත්තට අසනීපයක්වත්ද?

නැහැ පුතා ඊට වඩා ලොකු ප්‍රශ්නයක් ඔයා ඉක්මනට ගෙදර එන්න.

හරි අම්මා මට තව එක නඩුවක් තියෙනවා කතා කරන්න ඒක ඉවර වුන ගමන් මම එනවා.

Friday, September 28, 2012

72 පුතා තාත්තාගෙමද?

එක පවුලක හිටියා අම්මයි තාත්තයි පුතයි මේ පුතා බොහොම දැහැමින් සෙමින් පන්ති කට් කරලා හෙන ආතල් එකේ හිටපු පොරක්.පුතාගේ ක්‍රියා කලාපය ගැන වටින් ගොඩින් ආරංචි එද්දී තාත්තට ඕන වුනා මේ ගැන ඇත්තමද කියලා දැනගන්න.පුතා එහෙම නම් ඒකාව හදාගන්න එපැයි ඉතින් තාත්තා වෙනත් වැඩකට පංචිකාවත්ත පැත්තෙන් යද්දී දැක්කා රොබෝ කෙනෙක්ව විකුනන්න දාලා තියෙනවා.

මෙයා ටිකක් විපරම් කරලා බලද්දී  දැනගන්න ලැබුනා මේ රොබෝ එයා ළඟ ඉඳන් කව්රු හරි බොරුවක් කිව්වොත් දඩා....න් ගාලා කනට ගහනවා.සද්දේ පොඩ්ඩක් සාටර් වගේ වුනාට අහන් ඉන්දහල්ලකෝ.

Saturday, September 15, 2012

106 ගැලවුණු කරාමය !

ඹ තමයි මේක කඩන්න ඇත්තේ,ඒ මදිවට කඩලා ඉවර වෙලා මෙතන නැහැ කියලමයි කියන්නේ

අනේ නැහැ තාත්තේ මම නෙවෙයි ඕක කැඩුවේ මාත් හවස තමයි දැක්කේ කරාමේ කැඩිලා වතුර ගිහින් 

මම කැඩුවේ නැහැ මම කැඩුවේ නැහැ මම කැඩුවේ නැහැ ඕකම තමා තොටත් කියන්න තියෙන්නෙම,තොට මොකද මම එපෑ දවස තිස්සෙම සුක්කානම කරකෝලා කීය හරි හොයන් ඇවිත් ඕවායේ බිල් ගෙවන්නේ.

රියදුරු රස්සාව කරපු පියල් තම බිරිඳ සුජානි වෙනත් මිනිසෙකු සමඟ තවත් දීගෙක ගිය කල

Sunday, August 12, 2012

98 උඳුරා ගැනීම!


අද ජුලි 17 මට කැලැන්ඩරය දෙස බලා ඉබේටම කියවුනි.මීට‍ අවුරුද්දකට කලින් අද වගේම දවසක නේද හර්ශිගේ බර්ත්ඩේ පාටි එක තිබ්බේ?ඔව් ගිය අවුරුද්දේ ජුලි 17 තමා.අවුරුද්දක් ගිය ඉක්මන මේ අවුරුද්දට මොන තරම් දේවල් වෙනස් වුනාද හ්ම්ම් ඇහිපිල්ලක් ගහන ක්ෂනිකයෙන් මගේ ජීවිතයම වෙනස් වුනා.

මීට අවුරුදු ගානකට කලින් ඉඳන්ම මම හර්ශිට ආදරේ කරේ ඒත් එයා මට වඩා අවුරුදු 4ක් බාල නිසා මම තවත් කල් යනකන් බලන් හිටියේ එයා තව ටිකක් ලොකු වෙනකන්.ඒත් මම මොන තරම් මෝඩයෙක්ද දෙවියනේ?.

Tuesday, August 07, 2012

137 අපේ අයට ඉන්දියාවේ එපාම කරපු 4 දෙනා(ජායාරූප සහිතයි )

අපේ රටේ මොන දේ කරත් ගොඩක් වෙලාවට අරහට හිටින්නේ ඉන්දියාව,මහා ලොකුවට අසල්වැසියා කිව්වට අපේ රටට ගොඩක් වින කරන්නේ ඔය ඉන්දියාවේ උන්ම තමා,ක්‍රිකට් වලින් ගත්තත් අපේ උන්ට දුවන්න ගහනවා ඉන්දියාවේ උන්,දේශපාලන අතිනුත් ආයේ ඉතින් අමුතුවෙන් කියන්න ඕන නැහැනේ.ඔය වගේ කරුණු නිසා අපේ රටේ මිනිස්සුන්ට වැඩි පුරම පෙන්නන්න බැරි ඉන්දියානුවෝ ටික මම හොයාගත්තා.ඒ මදිවට ඉන්දියාවේ උනුත් අපේ එකෙක්ට කැමති නැහැ ඒ කව්ද කියලත් යටින් බලන්නකෝ.

Wednesday, August 01, 2012

190 මේ දවස් වල බ්ලොග් ට්‍රෙන්ඩ් එක!/අගනා රහස් කීපයක් නොමිලේම!

නවක බ්ලොග් කරුවන් හට අත දීම සඳහා ලියවන්නකි.


ඔබලා මේ ක්රේශ්ත්‍රයට පිවිසි පසු සෑම බ්ලොගයක ලිපි ලියවෙන රටාව හොඳින් අවධානය යොමු කරන්න.පසුව ඒ ඒ කාලවලට ජනප්‍රිය බ්ලොගය සමග රැඳී සිට ඔවුන්ගේ පෝස්ටු වෙත නිතරම නිතරම කොමන්ට් පළ කරන්න.පසුව එම පොස්ටුවන්හිම තවත් අය කර ඇති කොමන්ට් වලට ඔබ යටින් ඇති රිප්ලයි යන බටන් එක ඔබා ඔවුන්ට යම් යම් හිනා යන දේවල් වලින් උත්තර දෙන්න.එමඟින් ඔබේ බ්ලොගය වෙත පාඨකයින් ඇදී එනවා නිසැකයි.මන්ද දැනට සමහර ප්‍රවීණ බ්ලොග් කරුවන්ද ඔය පිළිවෙත අනුගමනය කරයි.


පසුව ඔබ ලියන ලිපි තුලින්

Tuesday, July 17, 2012

110 තෑඟි තරඟය - එන්ඩෝ තෑඟි දිනන්ඩ එන්ඩෝ අනේ එන්ඩකෝ

ගිය සතියේ ප්‍රශ්නය සහ ජයග්‍රහකයින්

ගිය සතියේ එහෙම එකක් නොතිබූ බැවින් ප්‍රශ්නයක් හා ජයග්‍රාහකයින් නොමැත!

____________________________________________

ජයග්‍රහකයින්ට ලැබෙන තෑග්ග!


අමාරුවෙන් හොයලා දැම්මේ ඒක නිසා අනිවා මේක අඳින්න,එපා නම් නිකන් ඉන්න (නිකන් දුන්නම දාගනිල්ලා නැත්තම් උල තියනවා)

______________________________________________
අද ප්‍රශ්නය,

Friday, July 13, 2012

64 සාදයක්(ද)!

ශාලාවට ඇතුල් වෙන දොරටුව විශාලය ඒ තුලින් එකවර පස් දෙනෙකුට පමණ ඇතුල් විය හැක.මා ද එහි ඉතාම පහසුවෙන් ඇතුල් වුන පසු දුටුවේ එක් තැනක ගෑනු ළමයි පිරිසක් සතුටෙන් කතා කර කර සිටින සැටි ඔවුන්ගේ ඇඳුම් ආයිත්තම් බොහොම පිළිවෙලට හා වටිනා ලෙසට පෙනුනි.එක තරුණියක් ෆේස්බුක් එක ගැනද තාමගේ අලුත් ජංගම දුරකථනය ගැනද අනිත් අයට පවසයි.