Showing posts with label ලොල්ය. Show all posts
Showing posts with label ලොල්ය. Show all posts

Saturday, May 18, 2013

114 අවුරුදු උත්සවයක ආතල් සිද්දි!

හැම ගමකම වගේ අපේ ගමෙත් තිබ්බනේ මේ සැරේ අවුරුද්දට සුර්ය මංගල්‍යක්!.අර කලින් පෝස්ට් එකේ කිව්ව ෆයර් බෝයිස්ලම තමයි මේකත් කරේ!

පොඩි කොල්ලෝ ටිකක් ආධාර එකතු කරලා ලොකු අවුරුදු උත්සවයක් තියලා රෑ DJ එකකුත් තිබ්බා!.පටන් ගත්ත වෙලේ ඉඳන්ම ඉතින් ෆන් තමයි මොකෝ හැමදාම නැහැනේ!.

අවුරුදු උත්සවය තියෙන දවසේ අපේ අම්මා එයාගේ යාලුවෙක්ටත් අපේ ගෙදර එන්න කිව්වා.අවුරුදු උත්සවෙත් බලලා දවල් කෑම අපේ ගෙදරින්.එයා එනවා කිව්වේ එයාගේ අවුරුදු දාහතක දුවත් එක්ක!.ඒ නංගිව පොඩි කාලේ දැක්කට පස්සේ දැක්කෙම නැහැ මම,එයත් එනවා කිව්ව නිසා මම ටිකක් අපහසුතාවයෙන් හිටියේ ටිකක් ලැජ්ජාවෙන් වගේ,මොකද මම ඉතින් ලැජ්ජ බයට හැදුන කොල්ලනේ!. නේ..ද...?

Friday, May 10, 2013

111 (මඟුල්) කෑම!

මට මොන දේටත් වඩා ලොකු කන එක ඒ වගේමයි මොන දේ කරන්නත් කලින් මම කන එක තමයි කරන්නේ!

මම රස්සාව කරගෙන පාඩුවේ ඉන්න හදද්දී තමා මට මේ ජව්සමට අහුවෙන්න සිද්ද වුනේ.කල වයසත් හරිය කියලා අපේ අම්මලා මට කසාදයක් සූජානම් කරා.බැහැයි කියන්න කියන්න කොහොම හරි මනමාලිව බලන්න යන්න මාව කැමති කරව ගත්තා.

ඕන්න මනමාලි බලන්න යන දවසේ අපේ නෑදෑයෝ ටික දෙනෙක් ආවා අපිත් එක්ක යන්න.උන්දලා එන්නේ මනමාලිගේ වත්කම් බලන්නයි දෑවැද්ද ගැන කතා කරන්නයි මනමාලිගේ ගෙදරින් දෙන බත් වේල කන්නයි තමා.

Friday, April 26, 2013

104 සිහින උළෙලේ බනිස් කෑමේ සූරයා!

සිහින උළෙල ඉවර වෙලා අදට දවස් හයක් හතක් වෙනවා ඒත් තාම උණුසුම නම් ගිහින් නැහැ.මඩ ෆොටෝ හැමතැනම ඒ වගේමයි බ්ලොග් පෝස්ට් ටිකත්! ඒත් මට තාම හරියට පෝස්ට් එකක් ලියන්න බැරි වුනා ෆෙස්ටිවල් එක ගැන! මොකද මඩිස්ස ප්‍රසිද්දත් මඩ ඉසින්න කියලා දෙතුන් දෙනෙක් කියනවනේ.ඒත් වැඩේ කියන්නේ මට මඩ ටිකක් හොයාගන්න බැරි වුනා!

මේ පාරත් ෆෙස්ටිවල් එකට නොයා ඉන්න තමා හැදුවේ වැඩක් නිසා ඒත් අන්තිම මොහොත වෙනකම් උත්සාහය අත් හැරියේ නැහැ.ශම්මි,සමියා (මුදියා),සුදු මහත්තයා වගේ සමකාලින බ්ලොග් ලියන්නෝ යනවද ඇහුවම මට නොයා ඉන්න බැරි වුනා.කොහොම හරි අන්තිමට යන්න අවසරය අරගෙන මංජුල අයියාගෙන් ඇහුවා යනවද කියලා(අටම්පහුර). එදා ගම්පහ

Wednesday, April 17, 2013

66 කැවුමේ තිබ්බ විශේෂ දේ!!!!

මේ අවුරුදු දවස් වල ලංකාවේ හැමෝටම නම් කොයි මුල්ලක හිටියත් කැවුමක් නම් ඉතින් හම්බ වෙනවමනේ කන්ඩ.අපිටත් ඉතින් හම්බුන කැවුම් කොකිස් ගැන ආයේ අමුතුවෙන් කියන්න ඕන නැහැනේ!!

සික්ස් පැක් වලට මහන්සි වෙන නිසා මම නම් කැවුම් වැඩිය කෑවේ නැහැ මම කෑවෙම කොකිසුයි කේකුයි :)
ඒත් අද කොන්ඩ කැවුමක් අතට ගත්තා කන්න.මේ කැවුම අතට අරන් බලද්දී මගේ සිතුවිලි මෙව්වා එක හෙන ඈතට යන්න ගත්තා ඔව් ඒ මගේ පොඩි කාලේ.

මම හතර වසරේදී පෝතක බාලදක්ෂ කණ්ඩායමට බැඳුනා ඉස්කෝලෙදි.අපිට හිටියා ආකේලා කෙනෙක් ඔව් අක්කා කෙනෙක්.එතකොට බාලදක්ෂ ව්‍යාපාරය අපේ ඉස්කෝලේ ගොඩ නැගුවේ මනෝජ් සිල්වා කියලා සර් කෙනෙක්.අපි ක්‍රියා කාරකම් වගේ දේවල් කරේ ඉස්කෝලේ ඇතුලේමයි.ඒත් දවසක් මනෝජ් සර් කිව්වා පොඩි ට්‍රිප් එකක් යන් කියලා.

ට්‍රිප් එක තමයි

Sunday, April 07, 2013

104 කකාගේ,මාරයාගේ රොටි වගේද මේවා??

හායි ළමයි!!! පහුගිය දවස් වල අපි දැක්කනේ කතන්දර පොල් රොටි හදන හැටි කියලා දීලා තිබ්බා එතකොට මාරයා තුමාත් අල රොටියක් හදාගන්න හැටි කියලා දුන්නා ඔය දෙවර්ගේම හදලා දෙන්න කලින් කිව්වේ පිරිමින්ට හදිසියේ ප්‍රයෝජනවත් වෙන දේවල් කියලානේ.කතන්දර නම් කිව්වේ වයිෆ්ගෙන් කිස් එකක් ගන්න පුළුවන් වැඩක් කියලා.

මාත් ඉතින් හොයලා බලලා අත්හදා බැලුවා තවත් පිරිමි අයට ලේසියෙන්ම හදාගන්න පුළුවන් කෑමට ගත හැකි දෙයක්.කර කරගන්නේ නැතුව හදා ගත්තොත් මේවායිනුත් වයිෆ්ගෙන් කිස් එකක් ගන්ට පුළුවන් වෙයි හැබැයි අත්දුටු නැහැ ඈ

Wednesday, April 03, 2013

93 මගේ එකට ඔය වගේ ඒවා ගොඩක් ඇතුල් කරන්න පුළුවන් (18+)

18+ පෝස්ට් එකක් ඒ වුනාට 18ට අඩු වුන්ට හැරිලා යන්න කිව්වට උන් එහෙම කරන්නේ නැහැ කරන්න දෙයක් කියවනවා නම් කියවපියව්!

ඔන්න දවසක් පොඩි ගෑල්ලමයෙක් පිට්ටනියට ගියා සෙල්ලම් කරන්න එවෙලේ එයාගේ වයසේම පොඩි කොල්ලෙක් ෆුට් බෝලයකින් සෙල්ලම් කරනවා.

ඉතින් මේ ගෑල්ලමය පොඩි කොලුවගෙන් ඇහුවා සෙල්ලම් කරන්න එන්නද කියලා එතකොට මේ කොලුවා කිව්වා

නැහැ මේවයින් සෙල්ලම් කරන්නේ කොල්ලෝ විතරයි! කියලා.

මේකට තරහා ගිහින් මේ ගෑනු ළමයා ගෙදර ගිහින් අම්මට කිව්වා මේක.ඉතින් එයාගේ අම්මා

Monday, April 01, 2013

64 කසාද බැඳලා ගෙනාපු ගෑණි නැතිවුණ නිලමේ!

අද වගේ දවසකට ගැලපෙන චරිතයක් ගැන තමා පිංවතුනි අද මං කොටන්න යන්නේ.ඈත අතීතයේ මෑත බාගයේ එක්තරා ගමක විසු නිලමේ නම් තැනැත්තෙක් විය!.මොහු ජීවත් වුයේ තම මහළු මව සමග පොල් අතු පැලකය.ඉතින් පින්වතුනි මේ නිලමේගේ පෙනුම ගැන කිව්වෝතින් ඔහු කෙසඟ සිරුරක් හිමි අවුරුදු 35ක් හෝ 40ක් තරම් වයසැති බුවෙකි.එහෙත් ඔහුගේ හරි වයස ඔහුවත් දැන නොසිටි.හරි අධ්‍යාපනයක් නොලැබූ ඔහු නූගතෙකි.(අනේ මේ සම්බාව්‍ය විදියට ලියන්න බැහැ අප්පා)

ගමේ අහල පහල කුලී වැඩක් කරලා කීයක් හරි හොයාගෙන තමා නිලමේ ගොයියා මහලු මවගෙයි තමාගෙයි බඩ වියත රැකගත්තේ.නිලමේ කිව්වට මේ යකා නිලමේ කෙනෙක් නම් නෙවේ වාසගමේ කෑල්ලක නිලමේ කියලා තියෙන නිසා ගමේ හැමෝම ඔහුට කතා කරේ ඒ නමින්!.මිනිහා කවදාවත් අරක්කු කටේ තිබ්බේ නැහැ ඒ වගේමයි සූදු කෙලියේත් නැහැ ඒක නිසා මිනිහගේ අතේ කීය කීය හරි ඉතුරුත් වුනා.

ඉතින් හැමදාම මෙහෙම කුලී වැඩ කරලා හරියන්නේ නැහැයි කියලා හිතුව නිලමේ සයිකල් කට්ටකුත් හොයාගෙන දවසක්

Sunday, March 17, 2013

116 මං එදා ඇඳ යට බන් හිටියේ!!

මට මේ දවස් වල හරියට ගමන් බිමන්,එක එක වැඩ,මල ගෙවල් සෙට් වෙනවා.මේවා නිසා පෝස්ට් එකක් දෙකක් හරි හම්බුනානේ කියලා හිත හදාගත්තා.එහෙම හම්බ වුනු කතා දෙක තුනක් තමා අද ලියන්නේ.මේවා ඇත්තටම වෙච්චි ඒවා බොරු කතා නෙවේ.

අපේ ගෙවල් පැත්තේ ඉන්නවා නන්දෙ කියලා මාමා කෙනෙක් මිනිහා හරි කුණා.මෙයාගේ වයිෆ්ට අපි කියන්නේ නන්දෙ නැන්දා කියලා.නැන්දත් නන්දෙ මාමාට දෙවෙනි නැහැ හාල් මැස්සෝ සීයක් උයලා හාල්මැස්සෝ ටික අර ගන්නවා පහුවෙනිදට ගන්ඩ හොද්ද විතරක් කාලා.ඒ ගෙදර දුවලා පුතාලත් එහෙම්මයි.

කොහොම හරි නන්දෙ මාමා මේ ලඟදි හාට් ඇටැක් ඇවිල්ලා නැති වුනා.මල ගෙදර පලවෙනි දවසේ විතරයි සෙනග.ගෙවල් ළඟ නිසා මමනම් නයිට් තුන හතරක්ම ගැහැව්වා.දෙවෙනි දවසේ සෙනග නැහැ රෑ වෙද්දී,හිටියේ බූරුවා ගහන සෙට් එකකුයි ඥාතින්

Thursday, March 14, 2013

76 බොඩි - Body

I Love මයි බොඩි
මයි ෆ්‍රෙන්ඩ්ස් jealous මයි බොඩි
මයි මදර් Hate මයි බොඩි
මයි life to නෝ බොඩි
කව්රුත් බයයි to ඩෙඩ් බොඩි
දැන් හරි ගණන්(ලු) අඳින බොඩි

(-_~)

Friday, March 01, 2013

97 ඈ ඒ අක්කා අංකල්ගේ වයිෆ්ද?, අංකල් වයසයිනේ??

එක එක අය බ්ලොග් ලියන්නේ තමන් කැමති විදියට සමහර අය ටාගට් එකට ලියනවා මාසෙකට පෝස්ට් 8ක් හෝ 10ක් අනිවාර්යෙන් දානවා කියලා.තවත් සමහරු බ්ලොග් එකේ පෝස්ට් වැටෙන්න ඕන නිසාම මොනවා හරි ලියනවා.තවත් සමහරු දවස් ගානක් ප්ලෑන් කරලා ලියලා වැරදි හදලා ඒකට පින්තූරත් හදලා පළ කරනවා.මං වගේ තවත් සමහරු තමන්ට වෙන සිදුවීම් ඒ ඒ දවස් වලට ලියලා දානවා.

අන්න ඒ වගේ අදත් මම ලියන්නේ මට දවසක් අතුලත වෙච්ච සාටර් සිද්දීන් දාමයක්.

Sunday, February 24, 2013

85 පණ යන්නේ ජනේලෙන්ද?

මේ ලඟකදී මගේ යාළුවෙක් බස් එකේ යද්දී එක මනුස්සයෙක් පනා විකුනනවලු.ඔව් ඔව් අර කොන්ඩේ පීරන ඒවා තමා.හැබැයි මේවා එසේ මෙසේ ඒවා නෙවේ ටිකක් ස්පෙෂල් පනා!.

මේ පනාවල විශේසත්වය තමා මේවා කොච්චර නැව්වත් කැඩෙන්නේ නැති එක.ඉතින් මේ මනුස්සයා පනා නව නව කියනවලු ගන්න මහත්තයා කැඩෙන්නේ නැති පනා මේවා කිය කියා.ඔහොම බස් එකේ ඉස්සරහා ඉඳන් පස්සට එද්දී මිනිහගේ අතින් එක පනාවක් නවන්න ගිහින් කැඩුනලු.

"මෙන්න බලන්න මහත්තයා කැඩෙන්නේ නැති පනාවල

Friday, February 22, 2013

78 ධනාත්මක චින්තනය නිසා දවසක් ගෙවුන හැටි!

අද ලියන්න යන පෝස්ට් එකේ හෙඩිම දැක්කම වැඩිය කව්රුත් මේ පැත්තේ එන එකක් නැහැ මොකද ඒක ඒ තරන්ම අප්‍රිය කාරණයක්.අනික අර හිට්ස් කියන ඒවත් බොහොම අඩුවෙන් හම්බ වෙන මාතෘකාවක්!.

ඔය ධනාත්මක චින්තනය මේ දවස් වල විතරක් නෙවේ දැන් ටික දවසක ඉඳන් මාකට් කරන්න එක පුද්ගලයෙක් දඟලනවා.සෝමාවහිනියේ බර ගාණක් ගෙවලත් එයාගේ සඟරාව ගැන වැඩ සටහනක් ප්‍රචාරය වෙනවා.ඒ විතරක් නෙවේ ඒ අස්සෙන් පෙන්වනවා සමහර මිනිස්සු ඒ සඟරාව කියවලා දියුණු වෙලා ලොකු ලොරි එහෙමත් අරගෙන මිනිහට වැඳලා කරලා ස්ටාට් කරන වීඩියෝ ක්ලිප්.ඔය සඟරාව ගැන විස්තර කරන අවස්ථාවලදී ඔය මනුස්සයා චින්තන මාමට කඩේ යන හැටිත් බලන්න පුළුවන්.

Saturday, February 02, 2013

79 කොහෙන් ගියත් මෙහෙන් එපැයි යන්න!

අපේ බ්ලොග් කරුවෙක් වාසය කරන ගමක කතා ටිකක් තමා අද කියන්න යන්නේ.මේ ගමේ මිනිස්සු ඉස්සර ටිකක් නොදියුණු නූගත් පිරිසක්.දැන් නම් එහෙම නැහැ දැන් රටේ අනිත් මිනිස්සු වගේම මෙයාලත් බොහොම උගත් දියුණු කොටසක්.

කතෝලික පල්ලි වල මංගල්ලෙට කොඩි ගහක් උස්සනවා කොඩි ගහ උස්සලා ඉඹුල් කිරිබත් එහෙමත් බෙදනවා.මේ ගමෙත් ඔන්න ඉස්සර කාලේ දවසක පල්ලියේ කොඩි ගහ උස්සනවලු.හොඳට හයිය හත්තිය තියෙන මිනිස්සු කඹ වලින් අදිනවා කොඩි ගහ.ගහත් ටික ටික කෙලින්

Wednesday, January 30, 2013

111 ගම්පහ ගෙට්ටුවේ අදෘර්ශමාන බලවේගයේ එළිදරව්ව!

27වෙනිදායින් උදා වූ ඉරු දින ඉතාමත් ප්‍රීතිජනක ඉරිදාවක් වුනේ ලංකාවාසී සියලු බ්ලොග් කරුවන් ගම්පහදී රැස්වීම නිසාවෙනි.එදින පැමිණි හෝ එදින සිදු වූ දේවල් ගැන කියවූ සෑම කෙනෙක්ටම එය සදාකාලිකව මතකයේ රැඳී දිනකි.එසේ ඉතිහාසයට එක්වෙද්දී (බ්ලොග් ලෝකයේ) එදින සෑම කෙනෙක්ටම මතකයේ රඳවන සිදුවීමක් මා නිසා සිදුවුනි හා එදින ගැන විස්තර ලිවූ සෑම බ්ලොග් එකකම මා ගැනද සඳහන් වුනි.

Monday, January 28, 2013

137 ගම්පහ ගෙට්ටුවේ ආතල්!

මුලින්ම කියන්න ඕන දුක හිතුන කතාව.ඒ තමයි මම මඩිස්සලේ නිශාන් කිව්වමත් කව්රුත් මාව දන්නේ නැති වීම :D තවත් සමහරු මඩිස්ස කියන එකක් අහලත් නැහැ.

මම පරක්කු වුන නිසා කට්ටිය අඳුනා ගැනීම මඟ හැරුනා.ගේට්ටුව ගාවට එද්දී සමියයි,මාව කලින් දැකල තියෙන කම්මලයයි ටිකට් ටිකට් කඩනවා.ටිකට් එක දෙන්න සමියා මගේ නම හොයනවා ලිස්ට් එකේ.ඒ අස්සේ ඌ අහනවා මඩිස්සලේ කියන එකට මුලට එන්නේ මයන්නද කියලා.පස්සේ මන් මගේ නම හොයලා දීල ටිකට් එකත් ගද්දි සිරා එතනට ආපු නිසා සිරා අයියගේ ඇන්ටික් ස්කූටියේ නැගලා එන්න චාන්ස් එකක් හම්බ වුනා.

Thursday, December 13, 2012

93 කුඩුකාරයාගෙන් රට නගා සිටවමු!

මේ ලඟකදී පැලියගොඩ අලුත් පාලම රවුන්ඩ් අබවුට්(ඇනෝනිමස් නිවැරදි කරන ලදී) එක ලඟදි උදේ ට්‍රැෆික් එකට මං ගමනක් යද්දී අහුවුණා.කලර් ලයිට්ස් වලින් කිරිබත්ගොඩ පැත්තට එන වාහන නවත්වලා දෙමටගොඩ පැත්තට යන අපිත් හිර වෙලා.මේ අතරේ ට්‍රැෆික් එකට අහුවෙලා තිබ්බ සිමෙන්ති උර දෙසීයක් පමණ පටවපු ලොරියකුත් තිබුනා.

අලුතෙන් හදන අධිවේගේ පැත්තේ ඉඳන් එකෙක් දුවන් ආවා සිමෙන්ති ලොරියෙන් සිමෙන්ති බෑග් දෙකක් කිහිලි දෙකට ගත්තා පාර පැන්නා දිව්වා.හිතාගන්නවත් වෙලාවක් නැහැ.යකෝ අපි මේ ගෙදර වැඩකට හරි සිමෙන්ති කොට්ටයක් උස්සගෙන එහාට මෙහාට යන්නේ හරි අමාරුවෙන් ඒත් මේ යකා උර දෙකක්ම අරගෙන දිව්වේ නිකන් උසේන් බෝල්ට් මීටර් සීය දුවනවා වගේනේ.

පෙනුමෙන් නම් තනිකර කුඩු ඩයල් එකක් අනික ඔය හරියේ කුඩු කාරයෝ නැත්තම් තමයි පුදුම.කුඩු ගහන අයට ඔච්චර පවර් එකක් කොහෙන්ද?.ගොඩක් කුඩු කාරයෝ හොරකම් කරලා දුවද්දී පොලිසියේ අයට බැරුව යනවා පස්සෙන් එලවන්න.කුඩු කාරයෝ ඒ තරම් ස්පීඩ්.තාප්ප,බැමි,වැටවල් ඔය මොකක් තිබ්බත් ඕවා උඩින් පැනලා,අස්සෙන් රිංගලා යන එක කුඩු කාරයන්ට හරි සිම්පල් වැඩක්.

අපේ ගෙවල් පැත්තෙත් ඉන්නවා කුඩු කාරයෝ දෙතුන් දෙනෙක්.අපේ මාමා කෙනෙක් ගෙයක් හදන වැඩකට අල්ලාගෙන තිබ්බ බාසුන්නහෙත් කුඩු කාරයෙක්.මිනිහට වයස තිහක් විතර ඇති වැඩ නම් තිතටම නීට්.වෙලාවකට අලස කමින් වැඩ කරගෙන යද්දී මහත්තයා මන් ටාර් ගාලා එන්නම් කියලා මාරුවෙන මිනිහා පැය බාගෙකට විතර පස්සේ එනවා ඇවිත් පුක කැඩුන කඩියා වගේ වැඩ.

කුඩු කාරයන්ගේ ක්‍රියාශීලී කම ගැන හිතද්දී මට අදහස් කිහිපයක් හිතට ආවා.රටේ සංවර්ධනය වෙනුවෙන් චීනයෙන් කම්කරුවන් ගෙන්වනවට වඩා කුඩු පැකට් එකක් දීලා කුඩු කාරයෙක් වැඩට ගත්තා නම් අධිවේග,කාණු පද්ධති,පාරවල් හැදීම් වගේ දේවල් සුටුස් ගාලා සිද්ද වෙයි.එතකොට රටේ රැකියා හිඟය පියවෙනවා.ටවුන් වල කාණු වගේ නෙවේ ගම්වල කාණු ඒවා ටික දවසකින් පස් පිරිලා හිරවෙනවා.තමන්ගේ ගේ ඉස්සරහ කාණුවවත් සුද්ද කරන්න අපේ රටේ මිනිස්සු කම්මැලියි ඉතින් කානු හිරවෙලා වැස්සට පාරවල් යට වෙනවා.අන්න ඔය වගේ දේවල් වලදී කුඩු කාරයෝ වැඩට යොදාගත්තා නම් වැස්ස කාලෙට සිරිලක හරි ලස්සනට තියෙයි.

දුම්රිය හරස් මාර්ගවලදී රේල් ගේට්ටු නැතුව මිනිස්සු කෝච්චියට හැප්පිලා මැරෙනවා මිනිස්සු උද්ඝෝසන කරනවා සල්ලි බර ගානක් වියදම් කරලා ඔන්න හදනවා රේල් ගේට්ටු.එත් ගමේ කුඩු කාරයන්ව ඔය තැන් වලට යෙදෙව්වා නම් මිනිස්සු මැරෙන්නෙත් නැහැ උද්ඝෝසනත් නැහැ සල්ල්ත් ඉතුරුයි.

ඔවුන්ට නිල ඇඳුම් දීලා කොටුව දුම්රිය පල,බස් ස්ටෑන්ඩ් එක,පොදු වැසිකිලි,රෝහල් වගේ දේවල් පිරිසිදු කිරීමේ කටයුතු වලට යොදාගන්න පුළුවන් එතකොට අපේ රට කොච්චර ලස්සන වෙයිද?.දියුණු වෙයිද?

බඩු පොට් නීතිගත කරනවට වඩා කුඩු පොට් නීතිගත කිරීම වැදගත් නැද්ද?.

මේ රටේ කුඩු පොත නීතිගත කීරීම සඳහා මිනිස්සු දෙන්නෙක් මහන්සි වුනා ඒත් උන් දෙන්නගේ අසමගිය නිසා දෙන්නා ගහගෙන එකෙක් මලා අනිකාට දැන් මතකේ නැහැ.ඔය වගේ තවත් උත්තමයන් කිහිප දෙනෙක් අප අතරේ ඉන්නවා.මේ පිලිබඳව ජනාධිපතිවරයා වහා ක්‍රියා මාර්ග ගත යුතුයි.කුඩු පිලිබඳව අමාත්‍යවරයෙක් පත් කල යුතුයි.


  • රැකියා අහිමි උපාධිධාරීන් හට කුඩු ලබා දී රැකියා ලබා දිය යුතුයි!
  • කුඩු කාරයන්ව සමාජයෙන් කොන් නොකළ යුතුයි!
  • ඔවුන්ට ගරු කල යුතුයි!
  • රැකියා ලබා දී,නිළ ඇඳුම්,ලෙඩ නිවාඩු,නිවාස ණය,අතිකාල දීමනා,බෝනස් හා විශ්‍රාමික වැටුප් ලබාදිය යුතුයි!
  • මැති ඇමතිවරු ඇතුළු රජයේ ඉහල තනතුරු දරන නිලධාරින් හට කුඩු ලබාදී ඔවුන්ව කාර්යක්‍ෂම කල යුතුයි!
  • ලිපි කරුවා,වගා කරුවා,පොලිස් කාරයා,මාළු කාරයා,කිරි කාරයා වගේ කුඩු කාරයාවත් සමාජ ගත කල යුතුයි!

මේ සඳහා ඔබේ මත විමසුමද දැනගැනීමට කැමැත්තෙමි.

Sunday, November 18, 2012

70 අභිරහස් කාර් හොරා ස්තූති කතාව!

සභාවෙන් අවසරයි අද මා මෙතනට පැමිණියේ මෝඩ ආතල් එකක් ගැනීමටයි ස්තූති කතාවක් කිරීමටයි.
ඇත්ත වශයෙන්ම "අභිරහස් කාර් හොරා" නම් වූ ඉතාමත් අභිරහස් කතාව මගේ සිතේ ඇතිවූ චිත්ත රූප පෙළක් යටතේ බටහිර ශෛලියට ලිය වූවකි.ඇත්තටම කවුද හොරා?

Tuesday, October 23, 2012

111 මෙන්න නයෙක්!!

මම දැන් මෙන්න නයෙක් කියලා හෙඩිම දැම්මම කට්ටිය ටක් ගාලා දුවන් එනවා කව්රු හරි ඇරපු නයෙක්ට මඩක් කියලා හිතාගෙන.එතකොට මට ට්‍රැෆිකුත් වැඩි වෙනවා.ඒත් මම මේ ටික උඩින්ම දැම්මේ සින්ඩි වල පේන්න මේක මඩක් නෙමේ කියලා ඈ.

Thursday, October 11, 2012

130 අමතක වීම!

අපේ පැත්තේ පොරක් ඉන්නවා මේකා ඉස්සර කරන්න පුළුවන් හැම ජහජරා වැඩේම කරලා දැන් පවුල් පන්සල් වෙලා ඉන්නේ.ඉස්සර මේ යකා වැඩි හරියක් ඉන්නේ හිරේ ඒ වුනාට හිත හොඳයි දැනටත් රාගම නොදන්න එකෙක් නැහැ මෙයාව.පොරට වැඩි වයසකුත් නැහැ මම හිතන්නේ අවුරුදු 30ක් විතර ඇති.පොර මාත් එක්කත් ටිකක් ෆිට්.

බඹා කොටපු විදියට මිස් කෝල් එහෙකින් මෙව්වා වෙලා මේ යකාට හෙන දුර ගමකින් කෙල්ලෙකුත් සෙට් වුණා.කෙල්ලට 19යි කොහොම හරි බර දවසක් ආශ්‍රේ කරලා අන්තිමට පවුල් පන්සල් වුණා.පොර ඊට පස්සේ ටිකක් වගකීම් සහිත පොරක් වුණා.දිනපතා කුලී වැඩක් කරලා කීයක් හරි හොයලා ගෙදරට මොන මොනා හරි කරන්න පුරුදු වුණා.

Wednesday, October 03, 2012

99 පිනොකියෝ සහ ස්කුබි ඩුබි ඩු 18+

ලියන්න ඒවා නම් ගොඩක් තියෙනවා ඒත් එක වචනයක්වත් අකුරු කරන්න හිත දෙන්නේ නැහැ ඒත් එහෙමයි කියලා බ්ලොගේ පැත්තකට දාන්නත් බෑනේ.මොනවා හරි කොටන්නම එපෑ.මේක දැන් රාජකාරියක් වගේ හිතෙනවා.

අද කියන්න යන්නේ පොඩි වල් කතා ටිකක් එකක් ලියනවා කියලා හිතුවත් තුනක්ම ලියනවා ඔන්න ඔහේ.