Showing posts with label ආදර්ශයට ගත හැකි ඒවා. Show all posts
Showing posts with label ආදර්ශයට ගත හැකි ඒවා. Show all posts

Wednesday, April 10, 2013

70 ලර්නස් කතා

මඩිස්ස කියවන ඇත්තෝ නම් දන්නවනේ මං තුමා මේ දවස් වල ලර්නස් පැත්තේ බඩ ගානවා කියලා.මුලින් මුලින් ලර්න් කරන අංකල් කාරයා බැන බැන කියලා දුන්නත් දැන් මට හෙන ආදරෙයි O:-) .

දැන් මං තුමා ඩ්‍රයිවින් කරන වැඩේ අල්ලාගෙන නිසා වෑන් එක දුන්නම එලවාගෙන යනවා ආයේ වචනයක් අහන්න තියන්නේ නැහැ.ඒත් මම ගොඩක් අපහසුතාවයකට ලක් වෙන වෙලාව තමා ඒ අංකල් කාරයාගේ තරුණ වයිෆ් තුමිය ලර්න් කරන එක.ඒ ඇත්තිත් රියදුරු පුහුනුකාරියක්.

Sunday, March 10, 2013

134 අසික්කිත බ්ලොග්කරණය!

බ්ලොග් ලියද්දි ගොඩක් අය ව්‍යාකරණ ගැන උනන්දු වෙනවා ඒ වගේමයි වචන ගැනත්.ඒ කොහොම වෙතත් අපි මතක තියාගන්න ඕන දෙයක් තමා බ්ලොග් කියන ඒවා අපි නොදන්නවා වුනාට ගොඩක් වැදගත් මිනිස්සු,ආයතන වගේ තැන් වලත් බලනවා කියලා.ඒත් ඒ වගේ තැන්වලින් හෝ පුද්ගලයන්ගෙන් කොමන්ට් නොලැබෙන නිසා අපි දන්නේ නැහැ අපේ ලිපි බලන්නේ කව්ද කියලා.කොමන්ට් කරන අය ගැන විතරයි අපි දන්නේ.

Friday, February 22, 2013

78 ධනාත්මක චින්තනය නිසා දවසක් ගෙවුන හැටි!

අද ලියන්න යන පෝස්ට් එකේ හෙඩිම දැක්කම වැඩිය කව්රුත් මේ පැත්තේ එන එකක් නැහැ මොකද ඒක ඒ තරන්ම අප්‍රිය කාරණයක්.අනික අර හිට්ස් කියන ඒවත් බොහොම අඩුවෙන් හම්බ වෙන මාතෘකාවක්!.

ඔය ධනාත්මක චින්තනය මේ දවස් වල විතරක් නෙවේ දැන් ටික දවසක ඉඳන් මාකට් කරන්න එක පුද්ගලයෙක් දඟලනවා.සෝමාවහිනියේ බර ගාණක් ගෙවලත් එයාගේ සඟරාව ගැන වැඩ සටහනක් ප්‍රචාරය වෙනවා.ඒ විතරක් නෙවේ ඒ අස්සෙන් පෙන්වනවා සමහර මිනිස්සු ඒ සඟරාව කියවලා දියුණු වෙලා ලොකු ලොරි එහෙමත් අරගෙන මිනිහට වැඳලා කරලා ස්ටාට් කරන වීඩියෝ ක්ලිප්.ඔය සඟරාව ගැන විස්තර කරන අවස්ථාවලදී ඔය මනුස්සයා චින්තන මාමට කඩේ යන හැටිත් බලන්න පුළුවන්.

Monday, February 18, 2013

100 කපටි සිංහල කතයි මුසල්මානුවයි මගේ පාස්පෝට් එකයි!

ඊයේ පෙරේදා ස්වර්ණවාහිනියේ ප්‍රවෘත්ති වලට පෙන්නුවා ආගමන විගමන එක ගාව සල්ලි වලට අත්සන දෙන සාමවිනිසුරුන් ගැන.ඒ සිද්දියත් එක්ක මට මතක් වුනා මම පාස්පෝට් එක හදපු හැටි.මන් හිතනවා දුර පලාත්වල ඉන්න අය කොළඹට ඇවිත් පාස්පෝට් එක හදනවා නම් එයාලටත් මේක උපකාරයක් වෙයි කියලා.

පොඩි කාලේ ඉඳන්ම ගොඩක් දේවල් මට කරලා දුන්නේ අම්මා.ඒත් පහු වෙද්දී නීති ශිෂ්‍යාවගේ අත කැපුවා වගේ වැඩක් නිසා අපේ අම්මගේ පාදයේ ඇඟිල්ලක් කපන්න වුනා.ඒක නිසා ඒ හැමදෙයක්ම මමම තමයි කරගත්තේ තනියම.ලංකාවේ කරන්න දෙයක් නැහැයි කියලා සහ ලංකාව එපාම වෙලා මට හිතුනා හොඳ රැකියාවකට රට යන්න.හොඳ කිව්වට පඩිය විතරයි හොඳ සිකුරිටි ජොබ් එකක්.

Tuesday, February 05, 2013

81 වංචාව!

මම වැඩ කරන්නේ ගොඩනැගිලි උපකරණ විකිණීමේ තැනක කියලා සමහර අය නම් දන්නවා.මෙතන මම වැඩි හරියක් කරන්නේ අලෙවි අංශයේ හා ඇසුරුම් අංශයේ :).සමාජයේ විවිධ පුද්ගලයින් එනවා බඩු ගන්න.මට අලෙවි අංශය ගැන අවුරුදු 6ක පමණ අත්දැකීමක් තියෙනවා.ඉස්කෝලේ යන කාලෙත් හවසට ගෙදර ඇවිත් කරේ ඕකමනේ.

මම වැඩි හරියක් නෝට් කරපු දේවල් අතරින් විශේෂම දේවල් කිහිපය තමා

Monday, January 28, 2013

137 ගම්පහ ගෙට්ටුවේ ආතල්!

මුලින්ම කියන්න ඕන දුක හිතුන කතාව.ඒ තමයි මම මඩිස්සලේ නිශාන් කිව්වමත් කව්රුත් මාව දන්නේ නැති වීම :D තවත් සමහරු මඩිස්ස කියන එකක් අහලත් නැහැ.

මම පරක්කු වුන නිසා කට්ටිය අඳුනා ගැනීම මඟ හැරුනා.ගේට්ටුව ගාවට එද්දී සමියයි,මාව කලින් දැකල තියෙන කම්මලයයි ටිකට් ටිකට් කඩනවා.ටිකට් එක දෙන්න සමියා මගේ නම හොයනවා ලිස්ට් එකේ.ඒ අස්සේ ඌ අහනවා මඩිස්සලේ කියන එකට මුලට එන්නේ මයන්නද කියලා.පස්සේ මන් මගේ නම හොයලා දීල ටිකට් එකත් ගද්දි සිරා එතනට ආපු නිසා සිරා අයියගේ ඇන්ටික් ස්කූටියේ නැගලා එන්න චාන්ස් එකක් හම්බ වුනා.

Tuesday, January 22, 2013

143 හලාල් නැති කරොත් වෙන දේ!

දන්නවනේ මම හැමෝටම එක වගේ තමා සලකන්නේ.මම කොහෙත්ම ජාති බේදයට නැහැ එත් කට්ටිය විවිධ සාධක පෙන්වලා ඇනෝ කොමන්ට්ස් වලින් මගේ චරිතය ඝාතනය කරලා ඔප්පු කරා හම්බයෝ කියන්නේ හෙන නරක,රටවල් අල්ලන්න හදන,මිනි මරණ ජන කොට්ඨාශයක් කියලා.

හරි ඒක එහෙමයි කියමුකෝ ඔන්න රිසානා ගැනත් කට්ටියට මාරම ආදරයක් ඇති වෙලා තියෙන්නේ බෙල්ල කපපු හින්දා.හැමෝම කියන්නේ මුස්ලිම් උන් කටක් ඇරියේ නැහැ ඒත් බලපල්ලකො අපි නම් නැහිගෙන රිසාන වෙනුවෙන් හඬක් නැගුවා කියලා.ඔව් හඬක් නැගුවා මැරුවට පස්සේ.ඒකත් හරියි කියමුකෝ පස්සේ දැන් කියන්නේ හලාල් නවත්වන්න ඕන.අපි සිංහලයෝ අපි මුස්ලිම් උන්ට වෙන් කරපු කෑම කන්න ඕන නැහැ.හලාල් සැටිෆිකෙට් ගත්ත කොම්පැනි වල නිෂ්පාදන භාවිත නොකර වර්ජනය කරමු කියලා.

හරි එහෙම කරමු නැත්තම් මගේ සහෘදයෝ

Saturday, December 22, 2012

132 කතන්දරට වඩා මම ඉදිරියෙන්!

දන්නවනේ රූපවාහිනී චැනල් වලට එෆ්.එම් නාලිකාවලට සම්මාන දෙන්න විවිධ වැඩ සටහන් තියෙනවා.එතකොට ඒවා දිනන නාලිකා ඒවා ලැබිලා ටික දවසක් යනකම් දවසට දෙතුන් පාරක්ම දානවා අපිට මේ සම්මානේ හම්බවුනා,අර සම්මානේ හම්බවුනා කියලා.ඒ වගේ බ්ලොග් කාරයන්ටත් සම්මාන දෙනවා නම්?.

සමහර අය එහෙම බ්ලොග් ලියන අයට සම්මාන දෙන ඒවා තිබ්බත් හරියට ක්‍රාමානුකූල නැහැ,දැනුවත් කිරීමක් නැහැ හරියාකාරව,දෙන්නන් වාලේ ඔහේ ඉදිරිපත් වෙන්නන්ට පමණක් දෙනවා ඒ ක්‍රමේ කිසිම සාර්ථක බාවයක් මම නම් දකින්නේ නැහැ.ඒත්

Thursday, December 13, 2012

93 කුඩුකාරයාගෙන් රට නගා සිටවමු!

මේ ලඟකදී පැලියගොඩ අලුත් පාලම රවුන්ඩ් අබවුට්(ඇනෝනිමස් නිවැරදි කරන ලදී) එක ලඟදි උදේ ට්‍රැෆික් එකට මං ගමනක් යද්දී අහුවුණා.කලර් ලයිට්ස් වලින් කිරිබත්ගොඩ පැත්තට එන වාහන නවත්වලා දෙමටගොඩ පැත්තට යන අපිත් හිර වෙලා.මේ අතරේ ට්‍රැෆික් එකට අහුවෙලා තිබ්බ සිමෙන්ති උර දෙසීයක් පමණ පටවපු ලොරියකුත් තිබුනා.

අලුතෙන් හදන අධිවේගේ පැත්තේ ඉඳන් එකෙක් දුවන් ආවා සිමෙන්ති ලොරියෙන් සිමෙන්ති බෑග් දෙකක් කිහිලි දෙකට ගත්තා පාර පැන්නා දිව්වා.හිතාගන්නවත් වෙලාවක් නැහැ.යකෝ අපි මේ ගෙදර වැඩකට හරි සිමෙන්ති කොට්ටයක් උස්සගෙන එහාට මෙහාට යන්නේ හරි අමාරුවෙන් ඒත් මේ යකා උර දෙකක්ම අරගෙන දිව්වේ නිකන් උසේන් බෝල්ට් මීටර් සීය දුවනවා වගේනේ.

පෙනුමෙන් නම් තනිකර කුඩු ඩයල් එකක් අනික ඔය හරියේ කුඩු කාරයෝ නැත්තම් තමයි පුදුම.කුඩු ගහන අයට ඔච්චර පවර් එකක් කොහෙන්ද?.ගොඩක් කුඩු කාරයෝ හොරකම් කරලා දුවද්දී පොලිසියේ අයට බැරුව යනවා පස්සෙන් එලවන්න.කුඩු කාරයෝ ඒ තරම් ස්පීඩ්.තාප්ප,බැමි,වැටවල් ඔය මොකක් තිබ්බත් ඕවා උඩින් පැනලා,අස්සෙන් රිංගලා යන එක කුඩු කාරයන්ට හරි සිම්පල් වැඩක්.

අපේ ගෙවල් පැත්තෙත් ඉන්නවා කුඩු කාරයෝ දෙතුන් දෙනෙක්.අපේ මාමා කෙනෙක් ගෙයක් හදන වැඩකට අල්ලාගෙන තිබ්බ බාසුන්නහෙත් කුඩු කාරයෙක්.මිනිහට වයස තිහක් විතර ඇති වැඩ නම් තිතටම නීට්.වෙලාවකට අලස කමින් වැඩ කරගෙන යද්දී මහත්තයා මන් ටාර් ගාලා එන්නම් කියලා මාරුවෙන මිනිහා පැය බාගෙකට විතර පස්සේ එනවා ඇවිත් පුක කැඩුන කඩියා වගේ වැඩ.

කුඩු කාරයන්ගේ ක්‍රියාශීලී කම ගැන හිතද්දී මට අදහස් කිහිපයක් හිතට ආවා.රටේ සංවර්ධනය වෙනුවෙන් චීනයෙන් කම්කරුවන් ගෙන්වනවට වඩා කුඩු පැකට් එකක් දීලා කුඩු කාරයෙක් වැඩට ගත්තා නම් අධිවේග,කාණු පද්ධති,පාරවල් හැදීම් වගේ දේවල් සුටුස් ගාලා සිද්ද වෙයි.එතකොට රටේ රැකියා හිඟය පියවෙනවා.ටවුන් වල කාණු වගේ නෙවේ ගම්වල කාණු ඒවා ටික දවසකින් පස් පිරිලා හිරවෙනවා.තමන්ගේ ගේ ඉස්සරහ කාණුවවත් සුද්ද කරන්න අපේ රටේ මිනිස්සු කම්මැලියි ඉතින් කානු හිරවෙලා වැස්සට පාරවල් යට වෙනවා.අන්න ඔය වගේ දේවල් වලදී කුඩු කාරයෝ වැඩට යොදාගත්තා නම් වැස්ස කාලෙට සිරිලක හරි ලස්සනට තියෙයි.

දුම්රිය හරස් මාර්ගවලදී රේල් ගේට්ටු නැතුව මිනිස්සු කෝච්චියට හැප්පිලා මැරෙනවා මිනිස්සු උද්ඝෝසන කරනවා සල්ලි බර ගානක් වියදම් කරලා ඔන්න හදනවා රේල් ගේට්ටු.එත් ගමේ කුඩු කාරයන්ව ඔය තැන් වලට යෙදෙව්වා නම් මිනිස්සු මැරෙන්නෙත් නැහැ උද්ඝෝසනත් නැහැ සල්ල්ත් ඉතුරුයි.

ඔවුන්ට නිල ඇඳුම් දීලා කොටුව දුම්රිය පල,බස් ස්ටෑන්ඩ් එක,පොදු වැසිකිලි,රෝහල් වගේ දේවල් පිරිසිදු කිරීමේ කටයුතු වලට යොදාගන්න පුළුවන් එතකොට අපේ රට කොච්චර ලස්සන වෙයිද?.දියුණු වෙයිද?

බඩු පොට් නීතිගත කරනවට වඩා කුඩු පොට් නීතිගත කිරීම වැදගත් නැද්ද?.

මේ රටේ කුඩු පොත නීතිගත කීරීම සඳහා මිනිස්සු දෙන්නෙක් මහන්සි වුනා ඒත් උන් දෙන්නගේ අසමගිය නිසා දෙන්නා ගහගෙන එකෙක් මලා අනිකාට දැන් මතකේ නැහැ.ඔය වගේ තවත් උත්තමයන් කිහිප දෙනෙක් අප අතරේ ඉන්නවා.මේ පිලිබඳව ජනාධිපතිවරයා වහා ක්‍රියා මාර්ග ගත යුතුයි.කුඩු පිලිබඳව අමාත්‍යවරයෙක් පත් කල යුතුයි.


  • රැකියා අහිමි උපාධිධාරීන් හට කුඩු ලබා දී රැකියා ලබා දිය යුතුයි!
  • කුඩු කාරයන්ව සමාජයෙන් කොන් නොකළ යුතුයි!
  • ඔවුන්ට ගරු කල යුතුයි!
  • රැකියා ලබා දී,නිළ ඇඳුම්,ලෙඩ නිවාඩු,නිවාස ණය,අතිකාල දීමනා,බෝනස් හා විශ්‍රාමික වැටුප් ලබාදිය යුතුයි!
  • මැති ඇමතිවරු ඇතුළු රජයේ ඉහල තනතුරු දරන නිලධාරින් හට කුඩු ලබාදී ඔවුන්ව කාර්යක්‍ෂම කල යුතුයි!
  • ලිපි කරුවා,වගා කරුවා,පොලිස් කාරයා,මාළු කාරයා,කිරි කාරයා වගේ කුඩු කාරයාවත් සමාජ ගත කල යුතුයි!

මේ සඳහා ඔබේ මත විමසුමද දැනගැනීමට කැමැත්තෙමි.

Thursday, November 08, 2012

105 නෝනාගේ දුවට ලව් කරපු ගාමිණි අයියා

දැකලා තියෙනවද යකඩ බඩු එකතු කරන්න එන දාඩිය දාගෙන අව්වට පිච්චිලා කළු වෙලා කරත්ත තල්ලු කරන් එන මිනිස්සුන්ව?.ගාමිණි අයියාත් එහෙම කෙනෙක් එයා දැනට අවුරුදු විස්සකට උඩදී නුවර පැත්තේ දුර ගමක ඉඳලා මෙහෙ ඇවිත් යකඩ එකතු කරන රස්සාව කරන්න අරන් තියෙන්නේ ගෙදර ආර්ථික ප්‍රශ්න නිසා හරියට ඉගෙනගෙන රස්සාවක් කරන්න බැරි වුන නිසා.

Monday, July 16, 2012

75 යටින් ගහපු එක අන්තිමට දැක්කා!

ඔන්න එකෝමත් එක කාලෙක එම්.එන් කියන අපේ අර කලින් කතාවක කොල්ලා ඉස්කෝලේ යන කාලේ හිටියේ ලාස්ට් ත්‍රෝ එකේ.ඒ කිව්වේ පන්තියේ අන්තිම පේලියෙනේ ඕකේ පිස්සු කෙළ කෙළ හිටපු නිසා සමහර ටීචර්ලා එම්.එන්ට හරි ආදරෙයි.මෙයාගේ පන්තියේ ඉස්සරාහම පේලියේ හිටියා දෙමළ කොල්ලෙක් මෙයා තමා හැම පාරම පන්තියේ පළවෙනියා. 

Tuesday, June 12, 2012

60 geek.lk එකේ වැඩ බැරි ටාසන්ලා!

ඔයාලා දන්නවනේ අපි යමක කරද්දී අත දෙනවා වෙනුවට කකුලෙන් අදින්න නම් ඕන තරම් කට්ටිය ඉන්නවා කියලා ඒ වගේ අය අපි නැති තැන අපිට අපහාස කීරීම තමයි ටිකක් දුක.මොකද ඉන්න තැනක කිව්ව නම් කෙලින්ම උත්තර දෙනවනේ

Friday, June 01, 2012

41 කරුම පළ දීම සහ විඳවීම!

ජීවිතයේ ගොඩක් දේවල් අපි කරන්නේ දුර හිතන්නේ නැතුව ඒ වගේ දුර දිග හිතන්නේ නැතුව අපි කරන සමහර වැරදි වැඩ නිසා පස්සේ ඒවායින් අපිම විඳවනවා.මං පොඩි කාලේ ඉදන්ම පුරුදු වෙලා හිටියේ මොන ප්‍රශ්නේ ආවත් ඒ ප්‍රශ්නෙට හිත ඇතුලෙන් දොරේ ගලන දුකක් ආවත් කට කොනකින් හිනා වෙලා ඉන්න.පොඩි කාලේ නම් මං ඒකට අමාරුවෙන් පුරුදු වුනා ඒත් දැන්?

Saturday, May 26, 2012

75 හාවගෙයි ඉබ්බගෙයි 2012 වර්ෂන් එක!

කලින් වල් කතාවක් ලියලා හැමෝම කිව්වේ කලින් අහලා තියෙනවා,ඔබා මාමා ලියලා තිබ්බා,අන්තිම පේලියේ තිබ්බා වැනි දුක හිතෙන වදන් ය.ඒ අතර සෙන්නා කීවේ මා අසාර්ථක බවය.ඒ අතර කාන්තාවන්ට එපා කියලත් ඔවුනුත් එය කියවා ඔප්පු කරේ කොච්චර එපා කිව්වොත් ගෑනුන් හට ඒ දේ කිරීම අත්‍යවශ්‍ය බවයි.දැවිල්ල කෑමක් කෑවට පසු සීනි ටිකක් කටේ දාගැනීම සාමාන්‍ය මිනිසුන් අතර සාමාන්‍ය දෙයකි.එම නිසා මමද කලින් වල් කතාවේ තිබු අදහිරිය දනවන කොමන්ට් පසෙක ලා ඔවුන්ට නැවතත් ''මා මෙය කලින් අසා ඇත'' යන වග කියවා නොගන්නට මගේම නිර්මාණයක් පල කරන්නෙහිය.එය ඕනෑම දරුවෙකුට හා අග්නි වැනි බබී කෙනෙක්ට වුවද අනෙකුත් බ්ලොග් සහෝදරියන් බබිලටද කියවා රස විදිය හැකි කතාවකි.

Tuesday, May 08, 2012

51 කතා දෙකක් අපේම ජීවිත වලින්

එක ලස්සන හැඩකාර දගකාර කොල්ලෙක් හිටියලු ඒ වුනාට අතේ පිච්චිය නැහැල්ලු මෙයා යාලුවන්ගේ වාහන ඉල්ලගෙන සල්ලි ඉල්ලගෙන තමයිලු හැමදේම කරන්නේ.මෙයාට හිටියලු උසස්ම පැලැන්තියේ සල්ලි තියෙන ගෑන්ලමයෙක්.මාස ගානක් තමාත් පොහොසත් කෙනෙක් විදියට රගපාල තමා මෙයා අර ගෑන්ලමයට ආදරේ කරලා තියෙන්නේ.ගෑන්ලමයාත් හිතලා තියෙන්නේ මෙය හොද පෝසත් කෙනෙක් කියලා නැත්තන් ඉතින් දුප්පත් එකෙක්ට ලව් කරයි ඈ එච්චර පෝසත් කෙල්ලෙක්.

Tuesday, May 01, 2012

51 ඔබටත් බත් වල ගල් වැලි හැපෙනවද?

මොන මගුලක්ද මන්දා බත් කන්න ගත්තොත් ගල් අනේ අම්මේ හාල් හොදට ගරලා උයන්නකෝ!


හෑ යකෝ හැමදාම මං හාල් ගරලා තමා උයන්නේ උබ බම්බුවක් කියවනවා අනේ මං දන්නේ නැහැ මේවා උබේ පෙර කරුම ඒකනේ තොට විතරක් හැමදාම ගල් හැපෙන්නේ!

Monday, March 12, 2012

39 අපෙයි උන්ගෙයි වෙනස!!

මං කලිනුත් මුස්ලිම් වරු ගැන ලියලා අදටත් හොද සහ නරක දෙකම අසති.ඒත් මේකත් නොලියාම බැරිය.

Thursday, March 01, 2012

24 බුදි මතයි නිදි මතයි අතර වෙනස දන්නවද?.


නිදි මතයි බුදි මතය අතර වෙනස ඔයාලා දන්නවද? දන්න අයත් ඇති ඒත් නොදන්නා අයත් ඇතිනේ.සමහර කට්ටිය රෑට කියනවා බුදි මතයි කියලා.බුකියේත් රෑට චැට් කරද්දී සමහර යාළුවො කියනවා මචන් දැන්නම් බුදි මතයි හෙට සෙට් වෙමු කියලා.ඔය කතාව සම්පූර්නෙන්ම වැරදියි.

Saturday, February 25, 2012

35 මෙන්න ලව් [ඔයාලත් මේ වගේ ආදරේ කරන්න පුරුදු වෙන්න]

ඔයා දන්නවද ඔයා තමයි මගේ මුළු ජීවිතේම මගේ හිතේ ඔයාට තියෙන ආදරේ කියලා නිම කරන්න බැහැ.මට එක දවසක් හරි ඔයාව අල්ලන්න බැරි වුනොත් එදාට මට මාර දුකක් දැනෙන්නේ.

Saturday, February 11, 2012

6 ඔයා විශිෂ්ටයි!!!!!



ජය පැරදුම දෙකම එකයි
අනික දැන් අපි‍ට පරාජයත් හොදට හුරුයි
අන්තිම බෝලේ වෙනකන් ගේමක් දුන්න ඔයා විශිෂ්ටයි.