Monday, October 17, 2011

21 නිකමා කොහොමින් හරි 10000 ගැහැව්වා!

ඔන්න නිකන්ම නිකන් හිටපු නිකමාත් හිට් 10000ක් ගැහැව්වා.ඉතින් මන් හිතුවා මන් ආපු පාර පොඩ්ඩක් හැරිලා බලන්න වගේම දැනට නිකමාගේ විස්තර ටිකකුත් බලන්න.

එහෙනම් මන් පටන් ගන්නම් නිකමා ආපු විදිහ.නිකමා දවසක් නෙට් එකේ W3 ස්කූල් හොයන්න සර්ච් කරාම මෙන්න බොලේ වැ‍ටුනා W3ලන්කා කියලා එකක්.ලන්කාවේ දෙයක් කිව්වම ගනන් නොගෙන ඉදලත් බෑනේ
.ඉතින් නිකමා ඕකට ගිහින් බැලුවම අප්පට බොල මේක සින්හලෙන්ම ලියලා තියෙන ලන්කාවේ සයිට් එකක්නේ.මේකෙ  ලියලා තියෙන ලිපිත් දැන් නිකමා කියෝනවා.හෆ්ෆා කරකෝලා අත් ඇරියා වගේ දේශපාලනේ ගැනම තමා.ඔන්න මේකේ එක කොමන්ට් එහෙක තිබ්බා තවත් බ්ලොගියකට යන ලින්කුවක්.ඉතින් දැන් නිකමා ඒකෙන් මේකට ආවා ඒක නම් මොකක්දෝඉ හුරුල්ලෙක්ගේ බ්ලොගියක් ඒකෙන් තව එහෙකට ඔහොම ඔහොම කොහොම හරි නිකමා සින්ඩියක් හොයාගත්තා.දැන් ඉතින් නිකමාට සතු‍ටුයි.මොකෝ ඉතින් ලන්කාවේ මෙහෙම දෙයක් තියෙනවා කියලා දැනගත්තම සතු‍ටු නැද්ද.

  ඊට පස්සේ ඉතින් නිකමා ඕවා කියව කියව කාලේ ගොඩක් ගත කෙරුවා.ඔහොම යද්ද තමා නිකමාට ඔන්න හිතුනේ නිකමට වාගේ බ්ලොගියක් කරන්න අෆ්ෆා........පිස්සුනේ ඕවා කොහේ කරන්නද මේ නිකමා.ඔහොම හිතලා කෝකටත් කියලා බ්ලොග් කියවලා ලබාගත්ත ආභාශයෙන් බ්ලොගර් එකෙන් තමා මේක කරන්නේ කියලා දැනන් හිටියා.ඉතින් නිකමට වගේ බ්ලොගර් එකට ගිහ්න් හැදුවා බ්ලොග් එකක් ආව් දැන් හරි සතු‍ටුයි.ඒත් ඉතින් ලියන්න දේකුත් තියෙන්න එපැයි.දැන් කල්පනා කරලා කරලා නිකමාට හිතුනා ඔය ගොඩක් බ්ලොග් වල වගේ වල්පල්,සොෆ්ට්වෙයාර් ගැන අරවා මේවා ගැන ලියන්න. ඉතින් ඔන්න හිතලා හිතලා ලිව්වා පළවෙනි පෝස්ට් එක කෝච්චියට හැප්පිලත් නැගිටලා ගිය ගෑණු ලමයෙක් ගැන.ඕක ලියලා නිකමා ගියා.ආයේ මාසෙකට විතර පස්සේ ඇවිත් බැලුවා අඩේ අෆ්ෆා කොමන්ට් දෙහෙකුත් වැටිලනේ.ඒ සතුටට තව එකක් ලිව්වා.ඔහොම ඔහොම එක එක ලියලා නිකමා ටිකක් පරිණත වුනා(ටිකයි හොදේ).ඔන්න ඔහොමලු නිකමෙක්ගේ කතන්දරේ.

කැමති අය ඉන්නවා නම් බලන්නකෝ නිකමා හිට් වුනු විදිය ස්නැප්සොට් වලින්
                         මේ තමා නිකමාගේ හිට් වුන පෝස්ට්

                                 මේ තමා නිකමා හිට් වුනු මාසයන්
                                           
                            මේ තමා නිකමා හිට් වෙච්ච රටවල්
                  (පුදුමේ කියන්නේ වැඩියෙන්ම ඇවිත් තියෙන්නේ ශ්‍රි ලන්කාවෙන්ලුනේ)

                            නිකමාට අත හිත දීපු ට්‍රැ‍ෆික්
                                අමතක කරන්න බෑ මේ සින්ඩි ටිකයි බුකියයි



                       නිකමා බලන්න කට්ටිය වැඩියෙන්ම ඇවිත් තියෙන්නෙ ක්‍රෝම් වලින්



                  ඒ වගේම නිකමා වෙත ගොඩ වැදිල තියෙන්නෙ මේ මේ OS වලින්


 ඒ විතරක් නෙවේ ගූගල් එකෙනුත් කස්ටිය නිකමා හොයන් තියෙන්නෙ මෙහෙම වචන ගහලා.

ඒ වගේම දෑන් නිකමා පෝස්ට් 19ක් ලියලා තියෙනවා.
ෆලෝව් කරන්නත් 38ක් ඉන්නවා මාරම සතුටුයි ඇහ්
කොමන්ට් 146කුත් තියෙනවා


අහ් දැන් ඉතින් නිකමා 10000ත් ගැහුවා ඒත් තාම ගොඩක් කස්ටිය නිකමාව දන්නෙත් නෑ.:ඩි
නිකමා කවදාවත් මුල අමතක කරන කෙනෙක් නෙවේ.නිකමාට අමතක කරන්න බැරි බ්ලොගියේ වචනෙකින් හරි අත හිත දීපු අයත් ඉන්නවා නොවැ
ඒ තමා මේ කස්ටිය
ගොඩක්ම බ්ලොගියක් කරන්න එන්න හිතුනේ හරී අයියා නිසා

කම්මැලිකමේ ඉද්දි බ්ලොගිය නගා සි‍ටුවන්න තල්ලුවක් දුන්නේ කුරුන් ගුරුන් 

බ්ලොගියට ගොඩක් ගැජට් හොයාගත්තේ දේවාගෙන්

තව කොමන්ට් මගින් අත්වැල මමයි-වටිනාම දේ ඔබටයි,සබීත හෝ අබීත
 අයියාලාගෙන් එකෙකු මට පොඩි ගැම්මක් දුන්නා

ඔන්න ඔහොමලු වුනේ...ඉතින් නිකමා මේ මොහොතේ මේක කියවන්න ආපු අයටත් මුල සිට මේ පැත්තේ ඇවිත් ගිය හැමොටමයි තැන්කූඌ කියනවා මුලු හද පතුලෙන්ම

21 comments:

  1. ඔන්න මගෙනුත් සුබ පැතුම් :)

    ReplyDelete
  2. @බුවාරික්ස්
    බොහෝම ස්තූති වේවා සහෝ

    ReplyDelete
  3. සුභ පැතුම් , මගේ සියවෙනි ලිපිය ලිව්වේ අද

    ReplyDelete
  4. සුභ පැතුම්...

    ReplyDelete
  5. එල එල සුභ පැතුම් මචෝ...

    ReplyDelete
  6. @බුවා
    ෂා මරුනේ.එහෙනම් ඔයටත් මන් සුභ පතනවා

    @නිසුපා අක්ස්
    තැන්ක් යු සහෝ

    @සාතන්
    අහ් සාතන් උබේ කොමන්ට්සුත් මට හයියක් වුනා බ්ලොගිය කරන්න..පෝස්ට් එකේ ඒක සදහන් කරන්න බැරි වුනාට සමවෙන්න යාළුවා

    ReplyDelete
  7. මුලින්ම උනුසුම් සුබපෑතුම් මචන්,හිට්ස් බලන් බ්ලොග් ලියන්න යන්න එපා,උඹ උඹ කවුද කියන එක බ්ලොග් එකේන් එලියට දාපන්,ජීවිතේ,අත්දෙකීම්,අදහස්,මොනවහරි ලියපන්,මමනම් ඇත්තටම බ්ලොග් එකක් කියලා මුලින්ම කියෙව්වේ මගේ මරනය...සුබපෑතුම් මචන්....

    ReplyDelete
  8. @අසන්ක
    ඕව් බන් උබ හරි මන් කවදාවත් කොමන්ට් බලන් ලිව්වේ නැහැ එහෙම කරා නම් මීට වඩා වල්පල් වලින් මගෙ බ්ලොග් එක පිරිලා ඇති.ඒත් බ්ලොග් කරුවෙක්ට මේ වගෙ අවස්තා වැඩිය එන්නෙ නෑ ඒක උබත් දන්නවාඅ ඇතිනේ.ඒකයි මන් මේකට ලිපියක් ලිව්වේ.ගොඩාක් ස්තූති මචන් මේ පැත්තේඉ ආවට.ඔය වගේ අදහස් මට ගොඩාක් වටිනවා

    ReplyDelete
  9. සුබ පැතුම් නිකමා ජය!!!!!!!

    ReplyDelete
  10. @දේදුනු
    තැන්ක් යු මචන්.

    ReplyDelete
  11. සුභ පැතුම ඔයාට.

    ReplyDelete
  12. @නදුන්
    තැන්ක් යු මචෝ මේ පැත්තේ ආවට.උබත් මගේ බ්ලොග් ජීවිතේදි අමරණීය චරිතයක්

    ReplyDelete
  13. 10000 ක් ගැහුවා කිවුවට ආවා බලන්න. නියමයි. මම අදමයි මේකට ආවේ. හොදට කරගෙන යනවා .සුබපැතුම්. මගේ බ්ලොග් එකට ඔන්න ඔයාගේ බ්ලොග් එකත් අද දා ගත්තා. ඒ මරු නිසා.

    ReplyDelete
  14. @මනෝජ්
    තෑන්ක්ස් මචන් මරු කිව්ව එකට නම් මට ටිකක් වැඩියෙන් සතුටුයි :ඩි...

    ReplyDelete
  15. සුභපැතුම් සහෝ.මාත් ආවෙ අදමද කොහේද.

    ReplyDelete
  16. ගොඩ වැදුනෙ නම් අදමයි මයෙ හිතේ.... මෙන්න මගෙනුත් සුබ පැතුම්

    ReplyDelete
  17. අම්බානක සුභ පැතුම් ඔයි...

    ReplyDelete
  18. @ගයාන් රූපසින්හ
    තැන්කු මචෝ

    @රාජ්
    සුභ පැතුමට ගොඩක් තැන්කු සහෝ.

    @පිස්ස පලාමල්ල
    ගොඩාක් තැන්කු මචෝ.මේ පැත්තේ ආවටත් ස්තූතියි

    @kc
    අම්බානක තැන්කු මචෝ,මාව මතකද? :ඩි

    ReplyDelete
  19. මගෙත් සුබ පැතුම් මචං තව තව වැඩියෙන් හිට්ස් ලැබේවා ..

    ReplyDelete
  20. @හිස් අහස
    තැන්කූ මචන්..සේම් ටු යු :)

    ReplyDelete

හිතට දැනුන පුංචි දේ හරි කියලා යන්න ඒක මට ශක්තියක්.යාලුවනේ ඔයාලට බ්ලොගර් ප්‍රොෆයිල් එකක් තියෙනවා නම් වෙලාවක් තියෙනවා නම් තවමත් ෆලෝ කරලා නැත්තම් ෆලෝ පාරකුත් දාලා යන ලෙස ඉල්ලා සිටිනවා!