Wednesday, October 19, 2011

10 ටයි මාමගේ කට

ටයි මාමාගේ මරණෙත් සමග අපිට ලොකු පාඩුවක් වුනා ඇත්තටම.දැන් ස්කූබි ඩූ වගේ නෙවේ ටයි මාමා හඩ කැව්ව කාටුන් මාර සොමි.ඒත් දැන් ඒවා අපේ පොඩි එවුන් දන්නෙත් නෑනේ.හරි දැන් මන් කියන්න ආවේ ටයි මාමගේ කාටූන් ගැන නම් නෙවේ.එතුමාගේ තිබුන සැහැල්ලු ගතිය මන් අහලා තිබ්බ.
දවසක් එතුමා රූපවාහිනි කාර්යාලයේ වැඩ කර කර ඉද්දි එකල හිටපු ජනාදිපතිගෙ වැඩකට ඔහුගේ ලේකම් වරයෙක් ඇවිත් තියෙනවා ටයි මාමාව හම්බ වෙන්න  ටයි මාම්ගේ පුරුද්දක් තමාලු කර කර ඉන්න වැඩේ ඉවර වෙනකන් වෙන වැඩකට අවදානේ දෙන්නේ නෑලු.
             
                            ඉතින් දැන් මේ ලේකම් කාරයා ඇවිත් ටයි මාමා ඉන්න තැනටම ඇවිත් ටයි මාමට කතා කරාලු.එත් ඔලුව උස්සලා බැලුවේ ටයි මාමා නෙවේ. දැන් මේ ලේකම් කාරයට අම්බානක මළලු. 60ට නැග්ග ලේකම් කාරය මේ මහත්තයෝ මන් ආවෙ ජනධිපතිගෙන් කියලා ටිකක් කේන්තියෙන් වගේ හයියෙන් කිව්වලු.
                    කාර්යාලේ හිටපු අනිත් අයත් බැලුවලු මොකද මේ යකා මේ කෑගහන්නේ කියලා.ඉතින් ටයි මාමා එවෙලෙ ඔලුව උස්සල බලලා එහා පැත්තේ මේසේ වැඩ කර කර හිටපු කාර්යාල සේවකයාගෙන් ඇහුව්වලු මේ රන්ජිත් (අද පරිණත හඩ කෑවීම් අධ්‍යක්ෂක වරයෙකු වන අතුල රන්සිරි මහතා)

"උබ ආවෙත් ජනාධිපතිගෙන්ද?.
අනේ මන්දා මේ මනුස්සය මේ කියන්නේ
මන්නම් ආවේ අම්මාගෙන්:
 කිව්වලු.

මේක ඇහිච්ච ගමන් අර ලේකම් කාරයා බිම බළාගෙන කෙන්තියෙන් වගේ යන්න ගියාලු.

10 comments:

  1. කොන්ද පණ තිබුන මිනිහෙක් ඒ කියන්නේ .... ටයි මාමාල තමයි රටට අව්ශ්‍යය

    ReplyDelete
  2. අන්න නියම මිනිස්සු.හිහ් හිහ් පොලව පලාගන යන්න ඇති අර මනුස්සයා

    ReplyDelete
  3. ටයි මාමා නියමයි..

    ReplyDelete
  4. මම අහල තියෙන විදිහට ඔතන ඉදල තියෙන්නෙ නිමල් කියල එක් කෙනෙක් නෙමේ, අතුල රංසිරිලාල්. ඔය කතාව මට මතක විදිහට ස්වාධීන රූපවාහිනියෙ යන විමසුමේ කිව්ව, ටයි මාමගෙ අභාවය වෙනුවෙන් කරපු වැඩසටහනේදි.

    ReplyDelete
  5. හ්ම්...ටයි මාමාගේ හඩකැවීම්වල හිතට පුදුම ලෙන්ගතුකමක් තිබුනා.වෙන කෙනෙක්ගේ හඩකැවීම්වලයි ටයි මාමාගේ හඩකැවීම්වලයි වෙනස හොදට අදුර ගන්න පුළුවන්.ටයි මාමාගේ අඩුව පොඩ්ඩක් හරි පුරවන්න ඉන්නේ අතුල රන්සිරිලාල් විතරයි.ඒ මනුස්සයාගෙනුත් රුපවාහිනිය වැඩක් ගන්න පාටක් පෙන්න නැ.

    ReplyDelete
  6. @බුවා
    අනිවා මචන් ඒකට දැන් ඉන්න එවුන් ජනාධිපතිගෙන් කිව්වොත් නැගිටලා ඉදන් ඉන්න පුටුවත් දෙයි

    @නදී
    ඕව් ඕව් ඒ මිනිහා ගිය වේගෙට පොලොව පලාගෙන යන්න ඇති :ඩි

    @විසිතුරු
    ඕව් මචන් එය නියමයි,ස්තූතී වේව මේ පැත්තේ ආවට

    @චරිත්
    අහ් වෙන්න ඇති මචෝ මන් වැඩිය ටිවි බලන්නේ නෑහැ.ඔය කතාව මන් කියෙව්වේ ටයි මාමා මැරන්නත් කලින් පත්තරේකින්.තැන්කු වේවා මේ පැත්තට ගොඩ වුනාට

    @kc
    ඕව් මචන් අපේ රටේ ඉන්න එවුන් පරන අය ගැන හොයන්නෙවත් නෑහෑ මැරිච්ච දවසට බොරුවට දුක් වෙනවා.ඔය රූපවාහිනියේ හඩ කවපු අය අද බස් වල පත්තර විකුනන්නේ නෑහැනේ නැත්තන්

    ReplyDelete
  7. මචන්, මම කියපු කතාව මෙතන අතුල රංසිරිලාල් මහත්මයම සරසවිය පත්තරේට කියල තියෙනව. පුළුවන් නම් බ්ලොග් පෝස්ට් එකේ හරි නම දාන්න.

    http://www.sarasaviya.lk/2011/10/20/_art.asp?fn=sa11102017&pn=13

    ReplyDelete
  8. @චරිත්
    ලින්කුව දෑමීම ගෑන ස්තූති වන්ත වෙනවා.හරි හරි සුදා මගේ වෑරෑද්ද නිවෑරෑදි කරගෙන ඔන්න ඔයාගේ ආශාව මන් ඉශ්ට කරා

    ReplyDelete
  9. ඔය වගේ කොන්ද පණ තියෙන මිනිස්සු මේ කාලේ තමයි ඕන.

    ReplyDelete
  10. @නදීර
    අනිවා මචන් දැන් කොහෙන්ද ඔය වගේ මාධ්්වේදියෝ

    ReplyDelete

හිතට දැනුන පුංචි දේ හරි කියලා යන්න ඒක මට ශක්තියක්.යාලුවනේ ඔයාලට බ්ලොගර් ප්‍රොෆයිල් එකක් තියෙනවා නම් වෙලාවක් තියෙනවා නම් තවමත් ෆලෝ කරලා නැත්තම් ෆලෝ පාරකුත් දාලා යන ලෙස ඉල්ලා සිටිනවා!