Friday, May 10, 2013

111 (මඟුල්) කෑම!

මට මොන දේටත් වඩා ලොකු කන එක ඒ වගේමයි මොන දේ කරන්නත් කලින් මම කන එක තමයි කරන්නේ!

මම රස්සාව කරගෙන පාඩුවේ ඉන්න හදද්දී තමා මට මේ ජව්සමට අහුවෙන්න සිද්ද වුනේ.කල වයසත් හරිය කියලා අපේ අම්මලා මට කසාදයක් සූජානම් කරා.බැහැයි කියන්න කියන්න කොහොම හරි මනමාලිව බලන්න යන්න මාව කැමති කරව ගත්තා.

ඕන්න මනමාලි බලන්න යන දවසේ අපේ නෑදෑයෝ ටික දෙනෙක් ආවා අපිත් එක්ක යන්න.උන්දලා එන්නේ මනමාලිගේ වත්කම් බලන්නයි දෑවැද්ද ගැන කතා කරන්නයි මනමාලිගේ ගෙදරින් දෙන බත් වේල කන්නයි තමා.


නැකතක් එහෙම බලලා තිබ්බේ උඩහ මාමා.නැකත් වෙලාව කිට්ටු වෙද්දී උතුර බලන් වෑන් එකට නගින්න කිව්වා.ඔය මොන දේ කරන්න කලිනුත් කාලා ඉන්න ඕන නිසා මම පිඟාන පිරෙන්න කිරිබත් කෑලි හතරයි කෙසෙල් ගෙඩි දෙකකුයි දාගෙන කෑවා.මේන් මුන් කෑගහනවා නැකත හරිය යන්ය කියලා.

කොහේ යන්නද මම කාලා ඉන්නෙපයි!

මම කාල එනකම් අනිත් උන්දලා වෑන් එකේ ඉඳගෙන මට දොස් කිය කිය ඉන්නවා.ඊට පස්සේ ඕන්න අපි පිටත් වුනා.ගමන කොහොමත් පැය තුනක් වත් යනවා.නැකත බලපු වෙලාව නම් මොනවා වුනත් රත්තරන් වටිනවා.මොකද අපි මෙහෙන් පිටත් වෙලා එහෙට සේන්දු වෙද්දී දවල් කෑම වෙලාව හරි.

ඔහොම අතරමග යද්දී පාර අයිනේ තම්බලා විකුණන බඩඉරිඟු කරල් දෙක තුනකුත් මම අරන් කෑවා.ඕවා ගන්න නවත්වන වෙලාවත් අපරාදේ කිය කිය මට බැන්න උනුත් යස අගේට පස්සට වෙලා බඩඉරිඟු කනවා.

පැය තුනහාමාරක ගමනකින් පස්සේ අපි මනමාලිගේ ගෙදරට ගියා.මම බැස්ස ගමන් වෙලාව බැලුවේ දවල්ට කන්න තව කොච්චර වෙලා තියෙනවද කියලා.

අපි බහිද්දිම මාමණ්ඩි ඇවිත් අපිව පිළිගත්තා.ගෙටත් එක්කන් ගියා.ඊට පස්සේ වාඩි කරවලා විස්තර එහෙම තාත්තාගෙන් අහනවා.මම නම් බලන් හිටියෙම කෑම වෙලාව එනකම්.ඔන්න ඔය වෙලාවේදී තමයි මම දැක්කේ කර්ට්න් රෙදි අස්සෙන් කෙල්ලෝ දෙතුන්දෙනෙක් හොරෙන් බල බල කොකම් පානවා.පස්සේ තමා දැනගත්තේ ඒ මනමාලිගේ නංගිලා කියලා.

මාමණ්ඩි කතා කරාට පස්සේ බුලත් හෙප්පුවත් අතින් අරන් ඔසරිය ඇඳලා ඇඹරි ඇඹරි ඔය ආවේ මනමාලි.කකුලක් ටිකක් කොටද කොහෙද පොඩි නොන්ඩියක් තිබ්බා!.

බුලත් හෙප්පුව මට දීලා පොඩි හිනාවක් දාලා ආයේ ගෙට ගියා.ඊට පස්සේ කට්ටිය දෑවැදි ගැන එහෙමත් කතා කරා.ඔන්න ඊට පස්සේ තමා මම බලන් හිටිය මොහොත උදා වුනේ!

මොනවා හරි කාල ඉමු නේ එහෙනම්!

මාමණ්ඩිය එහෙම අහද්දී මම පැනපු ගමන් අනේ හා මාමන්ඩියේ කිව්ව එක තාත්තට නම් ටිකක් අප්සට් ද කොහෙද! අනේ මට මොකෝ මගේ බඩගින්න නිවාගන්න මම එපෑ කන්න!

කෑම මේසේ තිබ්බ කුකුල් කරිය ඉස්සෙල්ලම බෙදාගත්තේ මම.ඊටපස්සේ කට්ටියම ඒකත් දාගත්තා!එහෙන් හොඳට කාලා අතුරුපසට කිරි පැණිත් කාලා ආයේ ආවා අපි.එද්දී අපේ මාමාල නැන්දලා මනමාලිගේ කොරේ ගැනයි කෑම වල රස අඩුවැඩිය ගැනයි කතා කර කර ආවේ පිටිපස්සේ ඉඳන්.මමනම් බලන් හිටියේ කොයි වෙලේ ගෙදර යයිද කියලා රෑට කන්න!

සති දෙකක් විතර ගියැයි කියමුකෝ දෑවැද්ද නිසා අපේ එවුන් ටික මනමාලිට කැමැත්ත පලකරලා එහෙට දන්වලා තිබ්බා මටත් පුරස්නයක් නැහැ.කසාදෙ දවසත් ආවා ලොකු හෝල් එහෙක තමා වෙඩිම ගත්තේ.කට්ටියට කතා කරන්න යන්න කියලා අපි දෙන්නට තාත්තා කිව්වා.මම නම් කිව්වේ අපි කාලම ඒක කරමු කියලා කොහේද මේ වයසක උන්දැලා හරි හිතුවක්කරයිනේ!.

කට්ටියව හම්බ වෙන්න මේසයක් මේසයක් ගානේ ගියා.අනේ ඒ යද්දී ඒ මේසවල් වල තියෙන කෑම,කටගැස්ම එහෙම දකිද්දී මගේ බඩගින්න සීග්‍රයෙන් ඉහල ගියා.ඔය කර්තවය ඉවර වෙලා ආපු ගමන් මම මනමාලිවත් ඇදගෙන ගියේ කන්න.

ශා කෑම ටික නම් පංකාදුයි.කිරි කජු මාළුව පට්ට,චිකන් කරිය අමුතුම විදියකට උයලා ග්‍රීන් පීස් දාපු රයිස් එක.අම්මේ... මගේ ආහාර රුචිය වැඩි කරා.හොඳට දාගෙන දෙපාරක් විතර කාලා වටලප්පන් හතරකුත් පොඩි එකෙක්ට කියලා ගෙන්වන් කෑවේ කෑම හරි සැරයි කියලා බොරුවකුත් කියලා.

හවස අපිට දෙවෙනි ගමන.ඒකත් හොටෙල් එකකම තමා ඩිනර් එක පට්ට බඩ පිරෙන්නම කාලා රූම් එකට ගියා.මගේ මනමාලි රතු සාරියෙන් නයිටියට මාරු වෙලා ලැජ්ජාවෙන් ඇඹරි ඇඹරි කොර ගගහා ඇඳට ගිහින් වාඩි වුනා.ඒ ඇඹරිල්ල එදා එයාව බලන්න ගිය වෙලේ තිබ්බ එකමයි.

එයා මගේ දිහා බලන් ලැජ්ජාවෙන් හිනා වේගෙන "  එන්නකෝ අනේ "    කියනවා.

මේකි මගුලක් කතා කරනවා!....මට මේ උස්මුරුත්තේ හැදෙන්න කාලා ඉන්න වෙලේ නිකන් ඉන්නත් බැහැ වගේ.

තව ටිහිකින් එන්නම් තමුසේ ඔහොම ඇලවෙලා ඉන්නවකෝ!

මම එහෙම කිව්වේ ඒකිගේ හිත සනසන්න එහෙම කියලා,ටීවී එක දිහා බලන් ඉද්දි මට දන්නේ නැතුවම නින්ද ගිහින්.ඇහැරුනේ උදේ 6ට!

නැගිටලා බලද්දී ගෑණි නැහැ බාත්රූම් එකෙත් බැලුවා නැහැ කොහේ හරි ඇවිදින්න යන්න ඇති කියලා හිතලා මම උදේ කෑම ඕඩර් කරලා වොෂ් එකක් එහෙම දාගෙන ආවා.ඕඩර් කරපු කෑමත් ගෙනත් තාම ගෑනි නැහැ.අනේ ඕකි කොහේ හරි ඉඳන් එන්නේ නැතෑ කියලා හිතලා මම හොඳට කාලා ඇඳට ගියේ හාන්සියක් දාන්න.

මෙන්න බොලේ ඇඳ උඩ ලියුමක්! මම ගෑණිව වැඩිය ගණන් ගත්තේ නැහැ කියලා ඒකි ගෙදර ගිහින් මදැයි වෙච්චි දේ!

මමත් තිබ්බ සකලමනාවල් ටික පැක් කරන් ගෙදර ගිහින් මේ ආයේ ගෑණිගේ ගෙදර යන ගමන්,බස් එකේ ඉඳගෙන ඇවිල්ලම බඩත් ගිනියි කියලා බැහැපු ගමන් හොටෙල් එකකට ආවා කන්න.කෑම ගේනකම් තමා මන් මේ සිද්දිය ඔන්න ඇදබෑවේ.කාලම යනවා ගෑණිගේ ගෙදරට අපි එහෙනම් පස්සේ හම්බ වෙමුකෝ!


                                                                              -නිර්මාණයක් පමණි!

111 comments:

  1. ලෝල්ම තමයි. පට්ට අයිඩියා එක.

    ReplyDelete
    Replies
    1. ලොල් නම් තමා ඒත් අයිඩියා එක මොකක්ද බන්?

      Delete
    2. උඹට ඕක ලියන්න ආපු අයිඩියා එක තමයි වෙන මොකක්ද ඉතිං.

      Delete
    3. අද පෝස්ට් එකත් ගූ හැත්තෑවයි !
      හරවත් දෙයක් ලියහන්කෝ...

      පහලට යන්න කම්මැලි නිසයි මෙතන කෙටුවේ. ගූ ගොඩක කොතන හිටියත් එකයි නේ.

      Delete
    4. ඔබ තුමාලා වගේ ප්‍රබුද්ධයන්ට මගේ ලිපි හරි නොයෑම ගැන සමාව අයදිනවා!

      Delete
  2. uba ganiwath kapan...............lol

    ReplyDelete
  3. ආහ් නිර්මාණයක් පමණි නේද...?

    ReplyDelete
    Replies
    1. යා යා දන්නවනේ මගේ නිර්මාණ ගැන? :D

      Delete
  4. මූ ගෑණිට කෑම දීලා නෑනේ. එයාටත් පොඩ්ඩක් දුන්න නම්. කෙල්ල යන්නෙ නෑ. විනාඩි පහයිනේ කෑම ටික කන්න යන්නේ...

    ReplyDelete
    Replies
    1. මේකනේ ඌ එවලේ ඉඳලා තියෙන්නේ උස්මුරුත්තේ හැදිලානේ.සෝ ඌට බඩ උස්සගෙන ඕවා කරන්න බැරි හින්දා තමා ගෑණි ගිහින් තියෙන්නේ :D

      Delete
    2. ඌ කෑම ටික process වෙනකම් ඉඳල තියෙන්නේ. D

      Delete
    3. ඔය තේරුනේ :D

      Delete
  5. අනේ බොටත් හිතෙන එව්වා.. :P

    ReplyDelete
    Replies
    1. ආයිත් අහලා :D

      Delete
    2. අරයටත් වැඩිය කන්න දෙන්න එපා එදාට ශම්මියෝ

      Delete
    3. හෙක් හෙක්,, ඒකට නම් පිරිටන් දීලා නිදි කරන්න ඕනේ.. :P

      Delete
    4. නැත්තං එළිවෙනකොට උඹ මැරිලා ඒක ඇත්ත..

      Delete
    5. අපෝ මෙතන වැඩිහිටියන්ට පමණක් වූ කතාවක් යනවා! :D

      Delete
  6. මගෙත් ඉතිං එක කෑම තමා ..

    ReplyDelete
    Replies
    1. ඔයත් කරේ මේ වගේද? :)

      Delete
  7. මේ කතාව මගේ සිද්දියකි කියලම ලියන්න වෙයිද මන්දා.. උඹට.... (මටත් ලාවට වගේ)
    මොක උනත් අපිට ඉතින්
    පළමුවත් කෑම
    දෙවනුවත් කෑම
    තෙවනුවත් කෑම
    ඕක වෙනස් කොරන්න බැහැ මේ සම්මෙට...

    ඒ උනාට කොච්චර කෑවත් අපි මෙච්ච්න්නේ... :/

    ReplyDelete
    Replies
    1. අනේ නැහැ බන් මම ඔහොම කන එකෙක් නෙවේ ඒකට උඹ නම් ඉතින්!!! :D

      Delete
  8. //හිතට දැනුන පුංචි දේ හරි කියලා යන්න ඒක මට ශක්තියක්//

    ඇත්තට නම් ඔය ගොන් කම කරන්න එපා පුතෝ. කන්න කවද බැරිද ?

    ReplyDelete
    Replies
    1. :D :D ඔය වගේ අවස්තාවක් එනවා නම් කවුද කෑම හොයන්නේ?

      Delete
  9. අයියෝ බං ඉස්සෙල්ලම -කාපං

    ReplyDelete
  10. මුලම ටිකේදි මං හිතුවේ උඹ පෙළවහක් කොරගෙන කියාලා.. :D

    ReplyDelete
    Replies
    1. පිස්සුද බන් මම තාම සූටි එකානේ :)

      Delete
  11. හොඳට කාල සවි සත්තිය අරන් ඉන්න එපැයි මොන මඟුල කන්නත්..

    ReplyDelete
    Replies
    1. මේකේ ඉන්න එකත් එහෙම හිතන්න ඇති! :D

      Delete
  12. කන්නෙ නැතුව මොකුත් කරන්න බෑනෙ බං...බලපුවාම ඌ හරි අර ගොන් ගෑණි යන්න ගියාට

    ReplyDelete
    Replies
    1. හැලප මාමත් කෑමට සූරයා වගේ :)

      Delete
  13. එහෙම තමා හැදෙන වැඩෙන ළමයි! කාල බීලා මහත් වෙලා අත්‍යවශ්‍ය වැඩත් මගහරිනවා! :පී

    ReplyDelete
    Replies
    1. බලපන්කො අත්‍යවශ්‍යම වැඩේනේ මග ඇරලා තියෙන්නේ :D

      Delete
  14. This comment has been removed by a blog administrator.

    ReplyDelete
  15. මම බැලුවෙ රජා ලියපු එකක්ද කියලා..

    ReplyDelete
    Replies
    1. ඌ නම් ලොවෙත් බඩජාරියා :D

      Delete
  16. MEMA KATHAWA ITHAMA RASAWATH, MEWAN KATHA LIYANNA SAHAJA HAKIYAWAKUTH OONE. OYA PUKA, CHOO, PADA JEE, WAGE JARA KATHA NOLIYA MEWAGE KATHA LASSANI.

    ReplyDelete
  17. ගෑනි ගියේ ඉතිං මූ කන්න ඕන ඒක නෙවෙයිනේ කාලතියෙන්නේ ,ඒ වෙලාවේ.

    ReplyDelete
  18. නිෂාන් මලයෝ ජෝක් කතාව අස්සේ ලොකු ඛේදවාචකයකුත් සියුම් උපහාසයක් එක්ක නියමෙට ලියලා තියනවා...

    ReplyDelete
    Replies
    1. නලින් අයියට තමා ටක්කෙටම සැන්ටිමීටර් වුනේ :)

      Delete
  19. ගොක් කොල පේන්නේ හොදකට නෙමෙයි කොල්ලෝ.. උඹටත් ඕකම වෙයි හැක්.. ඒ කිව්වේ උඹ හොදට කාලා විතරක් මදි ගෑනිටත් කන්න දෙන්න ඕන ඉස්මුරුත්තා වෙන්නම..

    ReplyDelete
    Replies
    1. අනේ මගේ කෑම
      අපේ අම්මා හූල්ලනවා මම කන බත් ඩිංග දැකලා :)

      ගෑනිට නම් ඉතින් අනිවා දෙනවා බයවෙන්න දෙයක් නැහැ :D

      Delete
  20. ආයේ මොකටද ගෑනිගේ ගෙදර යන්නේ කතාව ආපහු repeat කරන්න තිබුනේ වෙන මනමාලියක් හොයාගෙන :D

    ReplyDelete
    Replies
    1. එහෙනම් අවසානයක් දකින්න වෙන්නේ නැහැ :D

      Delete
  21. ශුවර් එකටම ඔය ගෑනිට උයන්න බෑ. උඹ කන හැටි දැකල මේ මනුස්සයට මම කොහොම උයල කන්න දෙන්නද කියල හිතල තමයි යන්න ඇත්තෙ. ගෑනියෙක් ගන්නවනං ඉස්සෙල්ලම උයන්න පුලුවංද කියල බලහං.

    ReplyDelete
    Replies
    1. පරිප්පු සීයයි පොල් ගෙඩියයි අරන් යන්නේ මම මනමාලි බලන්න යද්දී.ගිය ගමන් කියනවා මගේ අයියා කෙනෙක් කිව්වා මනමාලිට මේවා දීලා උයන්න පුලුවන්ද බලන්න කිව්වා කියලා :D

      Delete
  22. බඩජාරියා! :D

    ReplyDelete
    Replies
    1. කෑමට අපහාස කරන්න එපා සර්.කෑමෙන් කෑම උතුම් කෑම කියලා කතාවක් අහලා නැද්ද? :D

      Delete
  23. යකෝ මේක කියෝලා මට ප්‍රශ්නයක් අවා.....
    අපි ජීවත්වෙන්නේ කන්නද.....?කන්නේ ජීවත්වෙන්ද....?

    ReplyDelete
    Replies
    1. මේ කතාවේ එකයි උඹයි නම් ජීවත් වෙන්නේ කන්නම තමා :D

      Delete
  24. කන්න නම් අපිත් එවරෙඩි තමා

    ReplyDelete
  25. උඹ කනවා කනවා කිව්වට කාලා නෑනෙ..

    ReplyDelete
    Replies
    1. මම නෙවේ බොල ග්ර්ර්

      Delete
  26. Replies
    1. කෑමෙන් කෑම උතුම් කෑම :)

      Delete
  27. -නිර්මාණයක් පමණි! එල එල මම හිතුවෙ තව එල කොල්ලෙක් ඉවරඉ කියල, ඒ මොන උනත් උබ මහ පෙරේතයෙක් බන් :ඩී

    ReplyDelete
  28. හික්ස්.... අයියෝ කෑම.....

    ReplyDelete
    Replies
    1. අයියෝද කියලත් අහනවා :D

      Delete
  29. උබ ගැනිට කවපු නැති වරදට තමයි ඒකි ගෙදර ගිහින් තියෙන්නේ))))))))))))))))))))

    ReplyDelete
    Replies
    1. හෙන අපරාධයක් නෙහ් :D

      Delete
  30. අයිය කොල්ලො මේ සුදු පසු බිමේ මේ අකුරු වලට මේ පාට දාන්න එපා... කියවන්න අමරු කරනව නොවෑ.. ඒක දාල තමා කියවන්න ගන්නේ ඔන්න.. තරහ ගන්ඩ එහෙම එපා..

    ReplyDelete
    Replies
    1. හී හී මේක ගේ බඩනෙ අඩේ අප්ප බඩ.. පට්ටය.. අද තමා කෙටුවෙ මුලින්ම. එත් හැම ජාම කියෙව්ව රෑ ජාමෙ.

      Delete
    2. අකුරු ගැන වෙන කව්රුවත් ඔහොමසීන් එකක් ගැන කිව්වේ නැහනේ? අනික මටත් එහෙමට අවුලක් පෙනුනේ නැහැ.මේක නිර්මාණයක් පමණි අක්කා මේ මං ගැන නෙවේ :)

      Delete
    3. අනේ දෙයියනේ අක්කා කිවේ මටද???
      හ්ම්ම් මගේ ඇස්වල වෙනසක්ද දන්නැ අයියන්ඩි.. :(

      Delete
    4. ඈ ඔයා නංගියෙක්ද? නැත්තන් මල්ලියෙක්ද?

      Delete
    5. හී හී මල්ලෙක් මල්ලෙක්.. හී හී

      Delete
    6. පන්හිඳ කියලා තව අක්කා කෙනෙක් ඉන්නවා

      Delete
  31. කෑම ගැන මතක් කරන්න එපා යකෝ...මේ දවස්වල දවසට වේල් දෙකයි කන්නෙ යකෝ..!

    උඹටත් මාර අයිඩියා එන්නෙ..ෆන්ම තමයි...:))

    ReplyDelete
    Replies
    1. ඉතින් බොල කඩෙන් ජෝඩු බනිස් ගෙනල්ලා තුන්වේලම කාලා හිටුකෝ :D

      Delete
  32. ඔව් ඔව් මොනවා කරන්නත් කලින් කාල ඉන්න එපැයි

    ReplyDelete
  33. ගෑණි මොකෝ බන් කොර ගගහා ආවෙ...මට තියෙන පුරස්නෙ ඒක...

    ReplyDelete
    Replies
    1. මදැයි මේකාට ඉඳලා ඉඳලා හිතුන දේ :D

      Delete
    2. කකුල් දෙක ලං කරන්න බෑලූ ඇලෙනවා වගෙයි කියන්නේ

      Delete
    3. ශාස්තර කාරයෙක්ද මන්ද මේ ඇනෝ

      Delete
  34. මං අහන්න ගිය එක සිරා අහලනේ ................. ඒක නෙවෙයි බං අර රෙද්ද අස්සෙන් කොකම් පාපපු නංගිලා ලස්සනද ?

    ReplyDelete
    Replies
    1. අඩෝ පැණියා නංගිලා ගැන අහන්න එපා ඒගොල්ලෝ මගේ ඈ :)

      Delete
  35. මම මේ රෑට සුට්ටක් වළඳල ඇවිත් වාඩි වුනා විතරයි. අපේ නෑනේ ඔය කෑමත් එක්ක වැඩි ඇයිහොඳයියක්. :D

    කරන්ට් එක කපන කාලෙක දෑවැද්දට හම්බුවෙච්ච ජෙනරේටර් එකක් එක්ක ඔට්ටුවෙවී මඟුල් දවසෙ රෑ එළිකොරාපු මනමාල මහත්තෙක් ගැන මේ වගේ කතාවක් චන්ද්‍ර අනගිරත්න උන්නැහෙ නරලොව හොල්මන් පොතකත් තිබුනා.

    ReplyDelete
    Replies
    1. මාත් දැන් වැඩිය ඇයි හොඳයියක් නැහැ කෑම එක්ක :)

      ඒ පොත මම කියවලා නැහැ අයියා!

      Delete
  36. මෙහෙමත් කනවද බං උබ?? යකාගෙ කෑමක්නෙ බොලං.. අර ඇනෝ කිව්වා වගේ උබ ගෑනිවත් කයිද දන්නෑ.. හොඳ වෙලාවට නිර්මාණයක් වුනේ.. නැත්තම් අනේ හුකේ නන්නානේ තමා..

    අඩෝ උබ රාගම නේද??

    ReplyDelete
    Replies
    1. හෙහ් හෙහ්
      ඔව් මම රාගම තමා බන්

      Delete
    2. මං කඩවත බං

      Delete
    3. වෙලා ඇති විටක ඇවිත් පලයන් මචෝ..
      http://mathakamawatha.blogspot.com/?m=1#

      Delete
    4. උඹ කඩවතද? නම්බරේ මේල් කරහන්.

      Delete
    5. අඩෝ ඔන්න ඊයක් එව්වා.. ඒ ගමන්ම උඹේ නම්බරෙත් එවහන් :ඩී

      Delete
    6. හරි මචෝ මම බලලා රිප්ලයි එකක් එවන්නම්!

      Delete
  37. යකෝ... කනව කියල ඔහොමත් කනවද?? උබ මුලු රටම කන එකේ ඔහොම කෑවම මොකද?? හැබැයි පුතෝ කාලා හැදුනට කමක් නෑ.... ඇත්ත ජීවිතේ ඔහොම කොරන්න එපා හෝදේ....

    ReplyDelete
  38. \\\\එ๧හන๞ ๧හ๟ඳට ක๟ල๟ අත๩ර๠පසට ක๢໱ ප๠ຒත๞ ක๟ල๟ ආ๧ය๞ ආව๟ අප๢.එද๞ຬ අ๧ප๞ ම๟ම๟ල න๠න๞දල๟ මනම๟ල๢๧ග๞ ๧ක๟๧໮ ග๠නය๢ ක๡ම වල රස අඩ๤ව๠ຌය ග๠නය๢ කත๟ කර කර ආ๧໵ ප๢຃පස๞๧ස๞ ඉඳන๞.මමන໦ බලන๞ හ๢຃๧ය๞ ๧ක๟ය๢ ๧ව๧ල๞ ๧ගදර යය๢ද ක๢යල๟ ໰ට කන๞න!\\\\\

    නියම කතාව නිශාන්

    ReplyDelete
    Replies
    1. හෙහ් හෙහ් හේ මොකද මේ කොටු කොටු?

      Delete
    2. This comment has been removed by a blog administrator.

      Delete
  39. Replies
    1. අනේ මන්දා
      ඔය බ්ලොග් එක කොච්චර කාලයක් කරනවද?

      Delete
  40. මේකනම් නිර්මාණයක් වෙන්න බැහැ :O

    ReplyDelete
  41. හික් හික්... හික්...

    ReplyDelete
    Replies
    1. හැක් හැක් හිනාවෙන්ම තේරෙනවා පෝස්ට් එක චා කියලා!

      Delete
  42. මට මතක් උනේම මගේ සුදු නෝනව මං බලන්න ගියපු දවස.
    එයා ලස්සන සාරියක් ඇඳගෙන බුලත් හෙප්පුව අරගෙන ආවා. පුරුදු නැති නිසා මට කර කියා ගන්න දෙයක් නැති උනා. ඊට පස්සේ වතුර එකට වගේ බුලත් හෙප්පුවට අත ගහලා නිකා හිටියා. අපේ අම්මා කාටත් හොරෙන් මගේ කකුලේ මහපොට ඇඟිල්ල පෑගුවාත් එක්ක. ගෑල්ලමයා ඒක දැකලා කට කොනකින් හිනා වෙලා මා ඉස්සාරහා වාඩිවෙලා උන්නා.
    ඊට පස්සේ කේන්දර ගැලපුවා ! අපේ ගෙදර ආවා !
    දැන් තියෙන්නේ බඳින්ඩ විතරයි....

    උබටත් ඔහොමහරි කෑල්ලක් සෙට් වේවා කියලා පතන්නම් !

    මිට,
    පට්ට කාලයක් ඔටුවෙක් වෙලා ඉදලා ගොඩ ගිය එකෙක්

    ReplyDelete
    Replies
    1. මේ වගේ සිද්දියක් මම අත්විඳලා නම් නැහැ සහෝ හිතුන විදියට ලිව්වේ.ඒකෙන කෙනෙක්ගේ මතකයක් අවදි කරන්න පුළුවන් වුනා නම් ඇත්තටම මට සතුටුයි.

      අන්තිම පැතුම ගැන නම් ස්තුතිවන්ත වෙනවා :D

      Delete

හිතට දැනුන පුංචි දේ හරි කියලා යන්න ඒක මට ශක්තියක්.යාලුවනේ ඔයාලට බ්ලොගර් ප්‍රොෆයිල් එකක් තියෙනවා නම් වෙලාවක් තියෙනවා නම් තවමත් ෆලෝ කරලා නැත්තම් ෆලෝ පාරකුත් දාලා යන ලෙස ඉල්ලා සිටිනවා!