Wednesday, May 15, 2013

66 වෙසක් කූඩුව!

තව සතියකින් වෙසක් නේද? හැමෝටම වගේ මටත් තියෙනවා පොඩි කාලේ ලස්සන වෙසක් අත්දැකීම්! වෙසක් බලන්න යද්දී කරපු කුම්මැහි වැඩ තාම මතකයි.අයිස් ක්‍රීම් දන්සල් වලින් කමිස මාරු කර කර දෙපාර තුන්පාර කාපු ඒවා ඒවා කාලා මාට්ටු වෙච්ච අවස්ථා,බීගන්ඩ බැරුව බෙලිමල්,උණු කෝපි දන්සැල් වල යාලුවන්ගේ ඒවාට පුරවපු ඒවා! මතක් වෙද්දී ආයේ ඒ කාලෙට යන්න හිතෙනවා.ටිකක් ලොකු කාලේදී කොල්ලෝ එකතු වෙලා දුන්න බීම දන්සැල,කිරි කෝපි දන්සැල!

ඒවාට ආධාර එකතු කරන්න ෆයිල් උස්සන් ගෙවල් ගෙවල් ගානේ යද්දී ගත්තු ෆන්! කියලා වැඩක් නැහැ.ඔය වගේ සිද්දි ගොඩයි.මම පහ වසරේ ඉද්දි අපේ ගෙදර නැවතිලා හිටියා අපේ බාප්පාගේ පුතෙක්.මිනිහගේ නම කසුන්!


අපි දෙන්නා ඉස්සර මාර ඇටෑක්! සෙල්ලම් කරත් රණ්ඩු වෙනවා හැබැයි ආයේ යාලු වෙනවා.ඕකා ඒ දවස් වල නවය වසරේ! ඒ දවස් වල එයා ගෑනු ළමයෙක්ට කැමැත්තෙන් හිටියේ ඔය සීන් එක මට කියලා තිබ්බේ.ඒත් එයාගේ පන්තියේම ගැහැණු යාලුවෙක් ඕක අපේ අම්මට කියලා තිබ්බා.ඒ සිද්දියෙනුත් මිනිහා හිතුවේ මම තමා ඕක අම්මට කිව්වේ කියලා.

රණ්ඩු වුනත් යාළු වුනත් අපි අතරේ සහෝදර බැඳීමක් තිබ්බා.මට ඉස්සර වගේම අදටත් සරුංගල් හදන්න බැහැ.හදන්න පුළුවන් හැබැයි උඩ යන්නේ නැහැ.මට තියෙන සූර කම තමා කව්රු හරි හදලා දෙන සරුංගල් ඩොටේ යවන්න පුළුවන් කම.කසුන් අයියා ඉස්සර මට සරුංගල් හදලා දෙනවා මම තමයි යවන්නේ.

වෙසක් කාලේටත් එහෙමයි අපි එකතු වෙලා වෙසක් කූඩු හදනවා තවත් වෙලාවකට අපි දෙන්නා වෙන වෙනම තරඟෙට වගේ හදනවා.මම ලස්සනටම හදන්න දන්නේ තරුව!:D


කසුන් අයියා අටපට්ටම් හදනවා.අපි ඔය මොනවා හැදුවත් අන්තිමට අපේ ගේ ඉස්සරහම තමා එල්ලන්නේ!.
මම කතෝලික නිසා ඉස්සර එයා මට පොඩි පොඩි ජාතක කතා එහෙමත් කියලා දෙනවා!

එක සිකුරාදා දවසක අපේ ඉස්කෝලෙන් අපේ පන්තියේ හැමෝටම  කිව්වා වෙසක් කූඩුවක් හදන් එන්න කියලා සඳුදට.හොඳම එක තෝරලා තෑග්ගකුත් දෙනවා කියලා ටීචර් කිව්වේ!

එදා ගෙදර ඇවිත් ඊළඟ දවස් දෙකම සෙල්ලමෙන් ගත කරලා ඉරිදා හවස තමා මට ඔය වෙසක් කූඩුව හදන් එන්න කිව්ව එක මතක් වුනේ!.ඕක හදන් නොගියොත් ඉවරයි ඒ දවස් වල අපිට ඉගැන්නුව පන්තිභාර ටීචර් හරිම වසයි ආයේ කිසි සමාවක් නැහැ.

මොන දඩුවමක් හම්බ වෙයිද දන්නේ නැති නිසා මම කසුන් අයියට සීන් එක කිව්වම මිනිහා ස්වේච්චාවෙන්ම ඉදිරිපත් වුනා මට වෙසක් කූඩුවක් හදලා දෙන්න!.

ඊටපස්සේ අපි ළඟ ගෙකින් අමු උණ බට ගෙනල්ලා කසුන් අයියා වැඩ පටන් ගත්තා.මම කිව්වේ කහයි ලා කොලයි සව්කොළ අලවමු කියලා.ඒත් මිනිහා කිව්වේ රතුයි දම්පාටයි අලවමු කියලා.මොනා වුනත් මිනිහනේ දැන් බාස්!ඉතින් කසුන් අයියා බට කපලා සුද්ද කරනකන් මම සව්කොළ ගෙනාව.රතුපාටයි දම්පාටයි ගෙනාවට මම වැඩිපුර කහ එකයි ලාකොළ පාට එහෙකුත් ගෙනාවේ පහුවෙනිදට ගෙදර එකක් හදන්න හිතාගෙන.

ඒ දවස් වල අපිට කරන්ට් එක තිබ්බේ නැහැ කුප්පි ලාම්පු එළියෙන් තමා රෑට එලිය ගන්නේ!.කසුන් අයියා බට සුද්ද කරලා හතරැස් කොටු හදලා ඒවා එකට එක ජොයින් කරලා අටපට්ටම හැදුවා!.ඊට පස්සේ සව්කොළ වලින් රැලි කපලා හැඩ කපලා අලවද්දී රෑ 12ටත් කිට්ටුයි.කුප්පි ලාම්පුව ළඟ තියාගෙන මමත් නිදි කිර කිර සව්කොළ රැලි අල්ලන් ඉද්දි මට එක පාරට නින්ද ගිහින් අතේ තිබ්බ සව් කොළවලට ගිනි ඇවුලුනා!

"නිශාන් නිශාන් නැගිටිනවා ඕක ඇවිලෙනවා!" කසුන් අයියා කටින් පිඹ පිඹ අතින් සව්කොලවලට ගස ගස කතා කරද්දී මට ඇහුරුනේ ඒ වෙද්දී බාගයක්ම පිච්චිලා ගිහින් අලවපු ඒවා!

දැන් ඉතින් මොකද කරන්නේ? කසුන් අයියාට හෙන මල මා එක්ක!
මොනවා කරන්නද එළිවෙනකම් හරි ඇහැරගෙන ඉඳලා අනිත් සව්කොලවලින් මම මේක අලවනවා කියලා හිතාගෙන මම කසුන් අයියට කිව්වා අවුලක් නැහැ අයියා ගිහින් නිදාගන්න කියලා.

කොහෙද මේකා මට බැන බැන මම ගෙනාපු කහපාටයි ලාකොළ පාටයි සව්කොළ ආයේමත් රැලි කපලා හැඩ කපලා ඇලෙව්වා.මමත් ෆුල් බකප් එක දුන්නා.කොහොම අපි දෙන්නා මිෂන් එක ඉවර කරද්දී පාන්දර එකයි විස්සයි!

ඔය වෙසක් කූඩුවත් ආඩම්බරෙන් ඉස්කෝලේ අරන් ගිහින් එදා වෙසක් කූඩු හදන් එන්න අමතක වුනු එවුන්ට ලැබුණු දඬුවම් දිහා සතුටෙන් බලන් හිටපු මට හිතුනේ තව පොඩ්ඩෙන් මටත් ඔය සන්තෑසියම තමා නේද කියලා!

කොහොම හරි ඔය වෙසක් කූඩුවයි පන්තියේ ළමයි ගෙනාපු අනිත් වෙසක් කූඩුයි පේලියට එල්ලලා සතියක් විතර තිබ්බා.ඊලඟ සිකුරාදා 5 6 7 ශ්‍රේණි වලින් ලස්සනම වෙසක් කූඩුවට තේරුනේ ඕක!

______________________________________________________________________________
ඕවා පොඩි කාලේ වෙච්ච ආයේ ජිවිතේටවත් අමතක නොවෙන ලස්සන මතකයන්! තව ගොඩක් ඒවා තියෙනවා ඒවා මේ හිතේම හැමදාම තියේවි අමරණීය වෙලා. :)

මේ පාර මම යෞවන සමාජ දෙකකට සාමාජිකත්වය දරලා දන්සැල් දෙකක් දෙනවා!

එකක් ෆයර් බෝයිස් සමාජයේ කිරි කෝපි දන්සැල!

අනිත් එක තමා ලොකුම එක! රණහංස යෞවන සමාජය විසින් 47 වෙනි පාරට දෙන මහා බත් දන්සැල!

දන්සැලේ බත් බෙදන මේසේ මම ඉන්නවා රාගම පැත්තෙන් යන අය හරි,එන අය හරි,ඉන්න අය හරි දන්සැල පැත්තේ ආවොත් බැරියෑ සලකන්න!.(ඔව් ඔව් එන්න කියලා තමා කියන්නේ)

දන්සැලේ මෙනු එක කරවල තෙල් දාලා,දෙල් මැල්ලුමයි,අපි කාගේත් හිතවතා පරිප්පුයි,අච්චාරුයි,පපඩමුයි,බතුයි!

වෙන පාරවල් වල නම් මාළු දුන්නේ මේ පාර සල්ලි නැහැ අපිට ඒක නිසා පුළුවන් හැටියට තමා දෙන්නේ.එන්න පුළුවන් අය එන්න!


ප/ලි
දන්සලට පාර
රාගමත් කඩවතත් අතර දෙල්පේ හන්දියෙන් බන්ධනාගාර පැත්තට හැරිලා ආරාමය හන්දියට එන්න!

අනිත් පාර!
ගනේමුල්ලත් කඩවතත් අතර වැලිපිල්ලාවෙන් රාගම පාරට හැරිලා ගල්වල හන්දියෙන් බන්ධනාගාර පාරට එන්න!


66 comments:

  1. ela ela niyama post eka.

    ReplyDelete
  2. දන්සැලේ මෙනු එක කරවල තෙල් දාලා,දෙල් මැල්ලුමයි,අපි කාගේත් හිතවතා පරිප්පුයි,අච්චාරුයි,පපඩමුයි,බතුයි!
    ආයි මොකටද බන් මාලු? මේ ඇතිනෙ හෝටලේකට....
    Great work machan

    ReplyDelete
    Replies
    1. නැහැ සහෝ මම කිව්වේ කලින් පාරවල් වල අපි මාළු දුන්නේ ඒකයි එහෙම කිව්වේ!

      Delete
  3. අපිත් එන්නද නිශාන් අයියේ?වෙසක් දවසේ නේද?.

    ReplyDelete
    Replies
    1. යෙස් නංගි එහෙනම් දන්වලා එන්නකෝ

      Delete
    2. පෝලිමේ ඉන්නේ නැතුව දන්සල ඇතුලට එන්න දෙනවද දන්වලා එන අයට?

      Delete
    3. :) හැමෝටම නම් එහෙම කරන්න බැහැ.මම මේ කිව්වේ දන්න අඳුරන අයට මොකක් හරි කරලා පිටි පස්සෙන් හරි කන්න දෙන්න පුළුවන් නිසා!.කට්ටිය වැඩි වුනොත් නම් අවුල්!

      Delete
    4. සායක් කතා කලොත් ඕන දොරක් ඇරගත්තෑකි නංගි. ඒ නිසා බය නැතුව එන්න

      දන්සලේ සංවිධායකයෙක්.

      Delete
    5. ඇනෝ ඕන නම් ඔයත් සායක් ඇඳන් එන්න,ඒත් මම නම් සායක් ඇන්දත් නැතත් ඕන හිතවතෙක්ට සලකන්න දන්නවා!

      Delete
  4. දන්සැල් දෙන්න ඕනේ දුගී, මගී, යාචක කියන තුන් කොට්ඨාශයට. වෙනත් අයට දෙනවා නම් ඒවා පාටි.

    ReplyDelete
    Replies
    1. එතකොට හුජික මාමේ අර රැවුල් මාමා චන්දකාලෙට දෙන්නේ අර අර ලිය ගස් බංගලාවේ?

      Delete
    2. ඔය අදහසට නම් මම විරුද්දයි සුදීක අයියේ!
      දැන් අපේ පැත්තේ මයියොක්කා දන්සලක් කව්පි දන්සලක් අයිස්ක්‍රීම් දන්සලක් දුන්නොත් අපි ඒවා හොයාගෙන යන්නේ! ඒත් අපි මගී ද? දුගී ද? යාචක ද?

      නැහැ අයියේ අපි ආසාවට යන්නේ,නැතුව ඒවා කඩවල් වලින් අරන් කන්න සල්ලි නැති නිසා නෙවේ.වෙසක් කාලෙට ගොඩක් අය දන්සැල් වදින්න යනවා කියන්නේ ඕකට තමා.දන්සැල් වලින් කන්න ආස හිතෙනවා එතකොට අපි ඔය ඔයා කිව්ව පන්ති තුනට අයත් නැති නිසා ඒවා පාටිද?

      ඕවා ධනවාදී අදහස්! :D

      Delete
    3. ඇයි මල්ලි...ගැබිණි අම්මල හරි ආසයි දන්සැල්වලින් කන්න..!

      Delete
    4. ඔව් ගැබිණි අම්මලා අපිට කියනවා කෑම එකක් අරන් එන්න කියලා තව අපේ ගෙවල් වල කට්ටිය යද්දී අහල පහල ඔක්කොම එකතු වෙලා නඩයක් වගේ පයින් යනවා ළඟ පාත බත්,නූඩ්ල්ස් දන්සැල් වලට.

      Delete
  5. එන්ඩ වෙන්නෑ බොලව්,, කෝමත් ඔය පැත්තට එවෙන්නෙ නෑනේ :( මෙනු එක ඇහුවම බඩගින්නකුත් ආවා.. :/ පට්ටයි හත්වලාමේ,, ළග පාත හිටියානම් අම්මපා එනවා..

    ReplyDelete
    Replies
    1. අන්න අරකත් එක්ක එනවා හලෝ,හැමදාම නැහැනේ!

      Delete
  6. චැහ් අපරාදෙ දන්සැල.. :(

    ReplyDelete
  7. අඩෝව්.. මම නොඑන දන්සලක් කොහෙද බං කඩවත හරියෙ..

    ඔන්න උඹ කිව්ව නිසා අනිවාම එනවා.. අපිට හොඳින් සලකහන් හරිද?? :ඩී

    ReplyDelete
    Replies
    1. වරෙන් වරෙන් දන්සැලේ පිඟන් හෝදන්නත් එකෙක් ඕන! :D

      Delete
    2. අඩේ මෙන්න මූ මගෙන් අල්ලස් ගන්න හදනවා.. අවුලක් නෑ පෝලිමේ යවන්නැතුව කන්න දියන්කෝ..

      Delete
    3. පෝලිම් මොකටද බන් පිඟන් හෝදන එකාට? පිටි පස්සේ ඉඳන් හොදට කන එකනේ බන් තියෙන්නේ :)

      Delete
    4. එල එල කොහොමහරි කන්න දීපන්කො.. පුලුවන් නම් එන්න කියල කන්න නොදී ආයෙ හරවලා එවහන් මාව..

      Delete
  8. ගෙදරට පචයක් හරි ගහලා... මම එනවා.. සලකපිය මට... ^_^

    ReplyDelete
    Replies
    1. වරෙන් වරෙන් උඹටත් කියන්න තියෙන්නේ උඩ එකාට කිව්ව දේමයි!

      Delete
  9. බස් ගාස්තුව හරි කෝච්චි ටිකට් එකේ ගාන හරි දෙනවනම් ණයට ඉල්ලගෙන හරි එන්න බැරිය. ඒත් ඉතින් මාළුත් නෑලු. ඕකේ බත් වත් දෙනවද.. නැත්නම් ඊට ලාබයි හෝටලේකින් කන එක... අනික ලයිසන් එක ගත්තද...?

    ReplyDelete
    Replies
    1. දුර කතර ගෙවාගෙන එන්න කිව්වේ නැහැ බොලව්! :D
      මම කිව්වේ මේ අහල පහල නම් එන්න කියලා :) ලයිසොම ගත්තා ඒක ගැන වෙනම පෝස්ටුවක් දාන්න ඕන පොඩියට!

      Delete
    2. දැන් දන්සැල් දෙන්න ලයිසොනුත් ඔ්නද ?

      Delete
    3. ඕක ගන්නවා කියලා මහා දෙයක් නැහැ ග්‍රාම සේවක ගාවට ගියා ගත්තා! :)

      Delete
  10. නියම වැඩක්
    අපිත් එක පාරක් අපේ ගෙදර අයගෙ මූලිකත්වෙන් දන්සැලක් දුන්න

    ඒත් ඒට පස්සෙ සැරේ වෙසක් එකට මාසයක් විතර තියල එහා ගෙදර මනුස්සය බෝර්ඩ් ගහල දන්සැලක් දෙනව කියල
    අපි ඉතිං පැත්තකට වෙලා හිටිය

    ReplyDelete
    Replies
    1. තරඟෙට දන්සැල් දෙනවා කියන්නේ ඕකට තමා :) ඒත් ඒ මනුස්සයාට තිබ්බා ඔයාල එක්ක කතා කරලා එකතු වෙලා ඕක කරන්න!

      Delete
  11. දන්නසල එන්න පුලුවන් මචන්... නමුත් උබව එවෙලෙට හොයාගන්න මට දැල් දාන්න වෙනව.... අනික අපිටත් ඕන ඉක්මනට මේසෙ ලගට එන්න තම...

    ReplyDelete
    Replies
    1. දැල් ඕන නැහැ බත් බෙදන තැන අනිවා මමනේ ඉන්නේ :)

      Delete
  12. ෆයර් බෝයිස් කියන්නේ ඕකේ ඉන්නේ ගින්නට සම්බන්ද උන්ද බන් ...?

    ReplyDelete
  13. බොලා දන්සල දෙන්නෙ බන්ධනාගාරෙ ඇතුලෙ නෙමෙයි නේද?

    ReplyDelete
    Replies
    1. නැහැ නැහැ එළියේ ඒ වුනාට දන්සැලේ බීලා නැටුවොත් අල්ලලා දානවා බන්ධනාගාරෙට :)

      Delete
  14. ෆයර් බෝයිස්ලගෙ වැඩක් නිසා දන්සැල ගිණි ගින්දරට තියේවි කියලා හිතෙනවා...දුක තමා ගොයියො..වෙසක් කාලය කියන්නෙ අවුරුද්දෙ සුන්දරම කාලය. ගෙදර හිටියා නම් බයිසිමොටෝවට නැගලා ලංකාවෙ කොහෙ හරි කොනකට යන්න තිබුනා. ගිය අවුරුද්දෙ වෙසක් එකට පාහියන්ගල ගියා. මම ඉන්න ඉසව්වෙ චීන ජාතිකයො වෙසක් සමරනවා...පින්තූර කෑලි ටිකක් දවටන්නං ඉදිරි දිනයක....ජය!

    ReplyDelete
    Replies
    1. අර කවුද කියනවා වගේ හැමදේකින්ම සතුටු වෙන්න ක්‍රමයක් හොයාගන්න අයියා!

      ඕකෙන් සතුටු වෙන්න පුළුවන් ක්‍රමේ තමා චීන්නු වෙසක් සමරන හැටි බලාගන්න ඔයා වාසනාවන්ත වුනා නේද කියලා හිත හදාගන්න :)

      Delete
  15. උඹ ක‍තෝලිකයෙක් වෙලත් මේවගේ බෞද්ධ උත්සවයක් සමරන්න දායක වීම ගැන මම ඉතාම අගය කරනවා නිශාන්. අපි නත්තල සම්බන්ධව දරන්නෙත් ඔය වගෙම ආකල්පයක්. ආගම මොක වුනත් නත්තල අපිත් ආසාකරන උත්සවයක් සහ සංකල්පයක්.

    මම මේක කලිනුත් කීප වතාවක් කියලා ඇති. අපි බලංගොඩ හිටපු කාලේ, බලංගොඩ් පොසොන් තොරණ ගහන්න මූලික වෙලා වැඩ කලේ ක‍තෝලිකයෝ. ඒක අදත් මගේ හිතේ ඇති කරවන්නේ පහන් හැඟීමක්.

    ReplyDelete
    Replies
    1. මගේ නැහැනේ සර් ඔය ජාති බේද ආගම් බේද:)

      ඔව් ඔව් මම අහලා තියෙනවා ඔය කතාව මොකක් හරි පෝස්ට් එහෙකින්!

      Delete
    2. ඩූඩ් අය්යා...+++++++++++++

      Delete
  16. අයියෝ වෙසක්...

    ReplyDelete
  17. ඈ බං.. දැන්නම් ෂර්ට් මාරු කරන්න දෙයක් නෑ..ඕනේ තරම් අයිස්ක්‍රීම් දෙනවා දන්සැල් වලින්.... මං කාලා තියෙනවනේ... හි හි....

    ReplyDelete
    Replies
    1. හි..හි..
      හි..හි..
      හි..හි..
      හි..හි..

      Delete
    2. කොල්ලෝ අපිට සලකන විදියයි ගැහැනු ඔයාලට සලකන විදියයි වෙනස් මේ කුරිරු සමාජය හිරුවෝ :(

      :D

      Delete
  18. බන්ධනාගාරයත් පහු කරගෙන යන්න ඕනද ඔය දන්සලට ?

    ReplyDelete
    Replies
    1. ඔව් සහෝ බන්ධනාගාරේ පහු කරන් ටික දුරක් එද්දී හම්බ වෙන හන්දිය!

      Delete
  19. එන්න බලන්නං මලයා මේ පැත්තට

    ReplyDelete
  20. බොලගෙ දන්සැල පැත්තෙ එන්නම් මායි, මිසිස් ඩ්‍රැකියයි දෙන්නම. ගෙදර ගෙනියන්නත් පාර්සලෙයක් දියං ඈ, ඒක අපේ අම්මට.

    ReplyDelete
    Replies
    1. එකෙන්ම එන්නකෝ අයියා!

      Delete
  21. අච්චර මහන්සි වෙලා කුඩුව හදපු අයිය එක්ක ඊලග දවසේ අනිවා වලියක් දාගෙන ඇති.නෑ කියන්න එපා.මල්ලිලාගේ හැටි ඔහොම්මම්මයි

    ReplyDelete
    Replies
    1. උඩ කතාව මතක් වුනේ බොලාට විතරයි ඕන්!
      මතකත් නැහැ බන්,කොහොමත් ඒ දවස් වල අපි දවල්ට රණ්ඩු හවසට සෙට් වෙලා රේඩියෝ එකේ කණාමැදිරි රාත්‍රිය අහනවා :)

      Delete
  22. බලමු...ඒත් ඔය පැත්තේ එවෙන්නේ නැති වෙයි :)

    සුභ වේවා!!! රාජ සම්පත් ලැබේවා!!!

    ReplyDelete
    Replies
    1. එනවා නම් වරෙන් වැඩි දුරක් නැහැනේ!

      Delete
  23. හ්ම්ම්..ආවත් පාඩු නෑ වගේ!

    ReplyDelete
  24. එන්න නම් තිබුනා ඒත් ඉතින් දුර වැඩියිනෙ බන්

    ReplyDelete
    Replies
    1. නිකමාගේ බ්ලොග් එකේ තවත් නිකමෙක් කමෙන්ට් කරලා.
      මඩිස්සල කිව්වට මේක කලින් තිබ්බේ නිකමා කියලා.

      Delete
    2. @මුනි
      දුර වැඩියි නම් එන්න එපා බන් මං කිව්වේ මේ ළඟ පාත උන්ට!
      උඹලට මෙහේ එනවට වඩා හොඳයි හෝටලේකින් කන එක :)

      Delete
  25. මේ දව්ස් වල කඩෙන් කන එකේ...ඔන්න ඔහේ..එන්නදමාත්..........බයිසිමොටෝවට පෙට්‍රෝල් ගහන්..!

    ReplyDelete
    Replies
    1. පෙස්ටෝල් ගහන්න සල්ලි තියෙනවා ඔන්න ඔහේ දුර නොබලා එන්න! :)

      Delete
  26. අයියල මල්ලිලා ඔහොමම තමයි :D

    කඩවත එන සල්ලි වලින් ★★★ හොටෙල් එකකින් වේල් දෙකක් කන්න පුළුවන් :P

    ලබන පාර ඔය පැත්තේ තමා :)

    ReplyDelete

හිතට දැනුන පුංචි දේ හරි කියලා යන්න ඒක මට ශක්තියක්.යාලුවනේ ඔයාලට බ්ලොගර් ප්‍රොෆයිල් එකක් තියෙනවා නම් වෙලාවක් තියෙනවා නම් තවමත් ෆලෝ කරලා නැත්තම් ෆලෝ පාරකුත් දාලා යන ලෙස ඉල්ලා සිටිනවා!