Saturday, May 18, 2013

114 අවුරුදු උත්සවයක ආතල් සිද්දි!

හැම ගමකම වගේ අපේ ගමෙත් තිබ්බනේ මේ සැරේ අවුරුද්දට සුර්ය මංගල්‍යක්!.අර කලින් පෝස්ට් එකේ කිව්ව ෆයර් බෝයිස්ලම තමයි මේකත් කරේ!

පොඩි කොල්ලෝ ටිකක් ආධාර එකතු කරලා ලොකු අවුරුදු උත්සවයක් තියලා රෑ DJ එකකුත් තිබ්බා!.පටන් ගත්ත වෙලේ ඉඳන්ම ඉතින් ෆන් තමයි මොකෝ හැමදාම නැහැනේ!.

අවුරුදු උත්සවය තියෙන දවසේ අපේ අම්මා එයාගේ යාලුවෙක්ටත් අපේ ගෙදර එන්න කිව්වා.අවුරුදු උත්සවෙත් බලලා දවල් කෑම අපේ ගෙදරින්.එයා එනවා කිව්වේ එයාගේ අවුරුදු දාහතක දුවත් එක්ක!.ඒ නංගිව පොඩි කාලේ දැක්කට පස්සේ දැක්කෙම නැහැ මම,එයත් එනවා කිව්ව නිසා මම ටිකක් අපහසුතාවයෙන් හිටියේ ටිකක් ලැජ්ජාවෙන් වගේ,මොකද මම ඉතින් ලැජ්ජ බයට හැදුන කොල්ලනේ!. නේ..ද...?

Wednesday, May 15, 2013

66 වෙසක් කූඩුව!

තව සතියකින් වෙසක් නේද? හැමෝටම වගේ මටත් තියෙනවා පොඩි කාලේ ලස්සන වෙසක් අත්දැකීම්! වෙසක් බලන්න යද්දී කරපු කුම්මැහි වැඩ තාම මතකයි.අයිස් ක්‍රීම් දන්සල් වලින් කමිස මාරු කර කර දෙපාර තුන්පාර කාපු ඒවා ඒවා කාලා මාට්ටු වෙච්ච අවස්ථා,බීගන්ඩ බැරුව බෙලිමල්,උණු කෝපි දන්සැල් වල යාලුවන්ගේ ඒවාට පුරවපු ඒවා! මතක් වෙද්දී ආයේ ඒ කාලෙට යන්න හිතෙනවා.ටිකක් ලොකු කාලේදී කොල්ලෝ එකතු වෙලා දුන්න බීම දන්සැල,කිරි කෝපි දන්සැල!

ඒවාට ආධාර එකතු කරන්න ෆයිල් උස්සන් ගෙවල් ගෙවල් ගානේ යද්දී ගත්තු ෆන්! කියලා වැඩක් නැහැ.ඔය වගේ සිද්දි ගොඩයි.මම පහ වසරේ ඉද්දි අපේ ගෙදර නැවතිලා හිටියා අපේ බාප්පාගේ පුතෙක්.මිනිහගේ නම කසුන්!

Friday, May 10, 2013

111 (මඟුල්) කෑම!

මට මොන දේටත් වඩා ලොකු කන එක ඒ වගේමයි මොන දේ කරන්නත් කලින් මම කන එක තමයි කරන්නේ!

මම රස්සාව කරගෙන පාඩුවේ ඉන්න හදද්දී තමා මට මේ ජව්සමට අහුවෙන්න සිද්ද වුනේ.කල වයසත් හරිය කියලා අපේ අම්මලා මට කසාදයක් සූජානම් කරා.බැහැයි කියන්න කියන්න කොහොම හරි මනමාලිව බලන්න යන්න මාව කැමති කරව ගත්තා.

ඕන්න මනමාලි බලන්න යන දවසේ අපේ නෑදෑයෝ ටික දෙනෙක් ආවා අපිත් එක්ක යන්න.උන්දලා එන්නේ මනමාලිගේ වත්කම් බලන්නයි දෑවැද්ද ගැන කතා කරන්නයි මනමාලිගේ ගෙදරින් දෙන බත් වේල කන්නයි තමා.

Sunday, May 05, 2013

102 වැස්ස!

පෙනහැල්ල පිරෙන්න දුම ඇදලා දුම් ගුලි ඔහේ යන්න දුන්නේ සීතලට ගැහෙන දෙතොල් අතරින්.එළියේ තාමත් චුරු චුරුව

තාප්පේ කඩමු නැත්තම් තවත් යට වෙනවා!

අපේ අල්ලපු ගෙදර ඉන්නේ සුමනා නැන්දලා අපේ ගෙවල් පිටිපස්සේ තවත් ගෙවල් පේලියක් තියෙනවා අපේ ගෙවල් පේළියයි පිටිපස්සේ ගෙවල් පේළියයි අතරේ පොඩි පාරක් තියෙනවා.ඉස්සර ඉඳන්ම වැස්සට එකතු වෙන වතුර පාර ගලාගෙන ගියේ සුමනා නැන්දලාගේ ඉඩමෙන්.එත් දැන් එයාලා තාප්පයක් බැඳලා.ඒකෙන් පොඩි වැස්සටත් වතුර පිරිලා පිටි පස්සේ පාර යට වෙනවා.ලොකු වැස්සක් ආවම පිටි පස්සේ ගෙවල් වලට වතුරත් දානවා.

Friday, April 26, 2013

104 සිහින උළෙලේ බනිස් කෑමේ සූරයා!

සිහින උළෙල ඉවර වෙලා අදට දවස් හයක් හතක් වෙනවා ඒත් තාම උණුසුම නම් ගිහින් නැහැ.මඩ ෆොටෝ හැමතැනම ඒ වගේමයි බ්ලොග් පෝස්ට් ටිකත්! ඒත් මට තාම හරියට පෝස්ට් එකක් ලියන්න බැරි වුනා ෆෙස්ටිවල් එක ගැන! මොකද මඩිස්ස ප්‍රසිද්දත් මඩ ඉසින්න කියලා දෙතුන් දෙනෙක් කියනවනේ.ඒත් වැඩේ කියන්නේ මට මඩ ටිකක් හොයාගන්න බැරි වුනා!

මේ පාරත් ෆෙස්ටිවල් එකට නොයා ඉන්න තමා හැදුවේ වැඩක් නිසා ඒත් අන්තිම මොහොත වෙනකම් උත්සාහය අත් හැරියේ නැහැ.ශම්මි,සමියා (මුදියා),සුදු මහත්තයා වගේ සමකාලින බ්ලොග් ලියන්නෝ යනවද ඇහුවම මට නොයා ඉන්න බැරි වුනා.කොහොම හරි අන්තිමට යන්න අවසරය අරගෙන මංජුල අයියාගෙන් ඇහුවා යනවද කියලා(අටම්පහුර). එදා ගම්පහ

Sunday, April 21, 2013

110 සිහින උළෙලේ ලෙස්බියන්ලා සහ කපල්!

2013 සයිබර් උළෙල නියමෙට සිද්ද වුනා.සිදුවීමට නියමිත වූ ග්‍රහ අපචාර සිදු නොවීම නිසා ලෑලි ටික අපතේ ගියා.