Sunday, June 12, 2011

9 ආයෙත් රැවටුනා නේද?

විහිලු කතා අහන්න කැමති අය ගොඩක් ඉන්නවනේ.ඉතින් මට හිතුනා මං අහපු විහිලු කතා 2ක් බ්ලොගියෙ දාන්න .කියෝලම බලන්ඩකො එහෙනම්.


                                     විභාගය ඇරැඹී ටික වේලාවක් ගිය පසු එක් ශිෂ්‍යයෙක් තමාට දකුණු පසින් සිටි සිසුවා හට පෙනෙන අයුරින් රෝල් කළ කඩදාසි කැබැල්ලක් තම මේසය මත තබනු විභාග පරීක්ෂකවරයාගේ නෙත ගැටිණ. ඔහු වහා එතැනට පැමිණ කඩදාසි කැබැල්ල දිග හැර බැලීය.
’රැවටුණා නේද?’ යනුවෙන් එහි ලියා තිබිණ. විභාග පරීක්ෂක වරයා සිසුවා දෙස රවා බලමින් යන්නට ගියේය.
විභාගය අවසන් වීමට පැය භාගයකට පමණ පෙර ඉහත සිසුවා කොළ කැබැල්ලක් අතේ ගුලි කරගෙන හොරගල් අහුලනවා හදිසියේම විභාග පරීක්ෂකවරයා දුටුවේය. ඔහු වහාම එතැනට කඩා වැදී සිසුවාගේ අතින් කඩදාසි කැබැල්ල ඩැහැගෙන ජයග්‍රාහී විලාසයකින් එය දිග හැරියේය.
’ආයිත් සැරයක් රැවටුණා නේද?’ එහි ලොකු අකුරින් ලියා තිබුණි.

මේක ටිකක් ඇම්ඩාගෙ කතාවකට සමානයි.ඇම්ඩාගෙ කතා ඔගොල්ලො දන්නවනේ.නොදන්න අය නොදැන ඉන්න එකම හොදයි.              
                                      රෝහල් සේවය සඳහා අලුතින් පැමිණි තරුණ හෙදියක් විවේක කාලයේදී වෛද්‍යවරුන්ගේ විවේක කාමරයට හිස පොවා බලද්දී එහි වාඩිවී පුවත් පතක් බලමින් සිටි තැනැත්තා දෙස බලා ආචාරශීලී ලෙස සිනාසී මෙසේ කීවාය.
’ඩොක්ටර් මගෙ මේ උරහිස දැන් දවස් කීපෙක ඉඳලා රිදෙනවා.’
’ඔන්න ඔතනින් පොඩ්ඩක් ඇලවෙන්න බලන්න. මං මසාජ් කරන්නං.’ අනෙකා පුවත්පත පසෙකින් තබා නැගිටිමින් කීවේය.
ඇය අසල තිබු ඇඳේ ඇලවූවාය. මඳ වේලාවකින් ඇය ඔහු දෙස බලා ලැජ්ජාවෙන් මෙන් මෙසේ කීවාය.
’ඩොක්ටර්, ඔය මසාජ් කරන්නෙ මගෙ උරහිස නෙමෙයිනෙ.’
’කමක් නෑ, මම දොස්තර නෙමෙයිනෙ.’ ඔහු කීවේය.
 
හිනා ගියදා මන්දා.

9 comments:

  1. pic eke inne kawda?.

    ReplyDelete
  2. හොඳයි මචං දිගටම ලියපන්

    ReplyDelete
  3. @නදීර සඳරුවන් ලියනගේ
    තැන්ක් යු මචො.අනිවා දිගටම ලියනවා

    ReplyDelete
  4. උඩ කතාව නම් තව කවුද කෙනෙක් ලියල තිබ්බද කොහේ.පල්ලෙහා කතාව නම් අදමයි කියෙව්වෙ.

    ReplyDelete
  5. @කුරුං ගුරුං
    සමහර විට වෙන්නත් ඇති බන් මන් උඩ කතාව හොයාගත්තේ පත්තරේකින් මගේ ගොඩක් පොස්ට් වලට උබ කොමන්ට් දාලා.මන් ඒ ගැන ස්තුති වන්ත වෙනවා බන්.

    ReplyDelete
  6. හික්ස්.එහෙම එකක් නැ බං.බ්ලොග් ලියන්නෙත් නැති එකේ අලුත් බ්ලොග් ටිකක් හොයන්න ගත්ත.උඹ මගෙ බ්ලොගේ දාපු කමෙන්ටුවෙන් බ්ලොග් එක හම්බුනේ.හොඳට කරගෙන යනව.අපටත් වඩා හොඳට කරගෙන යන්න.සුභපැතුම්.
    කමෙන්ට්ස් නම් අවුලක් නැ.ටිකයිනෙ තිබ්බෙ.

    ReplyDelete
  7. හොදට කරන්න තමා බන් අදහස,උබ දන්නෙ නෑ උබ දාපු කොමෙන්ට්ස් වලින් මට මාර ප්‍රබෝධයක් ආවේ බ්ලොගිය ගැන

    ReplyDelete
  8. ඒකනේ අරූ දොස්තරත් නෙමේ නේ.
    ඒක නෙමේ මලේ. අර පින්තූරේ කොහෙන්ද හොයා ගත්තේ.

    ReplyDelete
  9. @මධුරංග
    පින්තූරේ පට්ටයි නෙහ්?:D.ඕක දැන්නම් බුකියෙත් තියෙනවා.මන් හොයගත්තේ කොල්ලෙක්ගේ ෆෝන් එහෙකින්.

    ReplyDelete

හිතට දැනුන පුංචි දේ හරි කියලා යන්න ඒක මට ශක්තියක්.යාලුවනේ ඔයාලට බ්ලොගර් ප්‍රොෆයිල් එකක් තියෙනවා නම් වෙලාවක් තියෙනවා නම් තවමත් ෆලෝ කරලා නැත්තම් ෆලෝ පාරකුත් දාලා යන ලෙස ඉල්ලා සිටිනවා!