Thursday, November 24, 2011

29 වරදක් කළොත් අනිවා ගෙවන්න වෙනවමයි(සත්්ය සිදුවීමක්)

සිරාවට සිද්ද වෙච්ච පට්ට සිද්දියක් අරන් ආවා අද මන්.ඔන්න එහෙනම් අහා ගන්නකෝ.කියවන්න කලින් ඔය පින්තූරේ ඉන්න අහින්සක ඉබ්බ දිහා බලලා ඒ සතා ගැන මානුෂික හැගීමකින් හිතලා බලලාම කියවන්නකෝ(බැරි නම් එපා මට මොකෝ හිකිස්)



හර්ෂ* ආමි එකේ ඉදලා නිවාඩුවට ගමේ ආවා එයාගේ හොදම යාළුවා තමා දිනේශ්.හර්ශ ආමි වුනාට මොකෝ හරි හොද කොල්ලා ඒත් දිනේශ් නම් අම්මටත් හුයන්නෙන් බනින ජාතියේ තත්වයෙන් පහත් කොල්ලෙක්.මේ දෙන්නා යාළුවෝ වුන එකත් ඇත්තටම පුදුමයක්.

ඕන් ඉතින් හර්ෂ නිවාඩුවට ආවම කරන්නේ යාළුවා එක්ක එකතු වෙලා අම්බානක රවුම් ගහන එක(රස්තියාදු).දිනේශුත් යාළුවාගේ මාර්ගෙන් ඒ දවස් ටික ෆුල් එන්ජෝයි කරනවා(ඉන්ග්‍රීසියෙන් කිව්වම කික් එකක් එන නිසා එහෙම කිව්වේ හොදේ).

කොහොම හරි අදාල දිනේත් උදා වුනා. එදා තමා හර්ෂගේ නිවාඩුවේ අන්තිම දවසට කලින් දවස.ඉතින් හර්ෂ ඒදාත් මධුවිතින් තම යාළුවාට සන්ග්‍රහ කරන්න අමතක කරේ නෑ.දැන් දෙන්නා බාර් එකෙන් බෝතළෙකුත් ගෙනල්ලා ගෙදරින් තිබ්බා(තාම බොන්න පටන් ගත්තෙ නැහැ හොදේ)

දිනේශ්ගෙ හැටි මන් පටන් ගද්දිම කිව්වනේ.කොල්ලා ඉතින් යාලුවා ගානේ බෝතලෙ ගෙනාවා මන් ගානේ හොද බයිට් එකක් දෙන්න ඕන කියලා හිතලා.තමන්ගේ වත්තේ ලිදේ අවුරුදු ගානක් ඉන්න ඉබ්බාව ගත්තා ගොඩට.මේ වෙලේ මේක කරේ දිනේශ් තනියම මොකද හර්ෂව පුදුම කරවන්න හිතන්නේ දිනේශ් හිටියේ.ඉතින් දිනේශ් ඉබ්බාව අරන් ගිහින් දැන් ශුද්ද කරන්න මාර ගේමක් දෙනවා.ඒත් දිනේශ්ට නම් ඕවා අලුත් වැඩ නෙවේ(කාළකන්නි).අහින්සක ඉබ්බාත් මැරෙන්න යන මොහොතේ වෙන්නේ මොනාද කියලා බලන්න බෙල්ල එළියට දාගෙනමයි හිටියේ.දිනේශ් දෙපාරක් හිතුවේ නැහැ ගත්ත ගමන් මන්නෙන් ඔලුවටම කෙටුවා ඉබ්බාගේ.ඔලුවෙන් කෑල්ලක් කැපිලා ගැලවිලා වෙන්වෙලා

ඊට පස්සේ දිනේශ් මූව බයිට් එක කරලා කොහොමින් හරි ඒත් කෙළා තාප්පෙට බොන වෙලාවෙදි හර්ෂ කියා පිය අපො බන් මට නම් එපා ඔය ජරාව උබම කාපන්.මන් මේ මුරුක්කු පැකට් එකවත් කන්නම් කියලා එද්දි කඩේකින් අරන් සාකුවේ දාන් ආපු බයිට් පැකට් එක පෙන්නුවා.

කල්යාන මිතුරාගේ එම වදනින් අප්සෙට් වුනු දිනේශ් නැති වෙන්නම බිව්වා(ඒ කියන්නේ පෙරේත කමට බොන්නේ(ලග නමන්නේ)).දැන් බෝතලෙයි බියර් බෝතලෙයි 2ම ඉවරයි.ඉබි බයිට් එකත් සමග වැඩි පුරම බිව්වේ දිනේශ්.මේ දෙන්නා බිව්වේ දිනේශ්ලගෙ ගෙදර

කාපු බීපු තැන්වල සතා සර්පය ඉන්නෙත් නැහැ කිව්වට මේ දෙන්නම එතනම නිදි දැන්.පැය දෙහෙකට විතර පස්සේ ඔන්න දෙන්නටම ඇහැරුනා.වෙරි නම් තාම හිදිලා නැහැ ඒත් දෙන්නාම නැගිටලා කලින් ප්ලෑන් කරන් හිටපු විදියට ඒ දවසෙම සෙට් වෙච්ච සන්ගීත ප්‍රසන්ගයක බලන්න යන්න ලැහැස්ති වුනා මොකෝ හර්ෂගේ අන්තිම දවසනේ.දෙන්නා දැන් හර්ෂගේ බයික් ඒකේ යනවා වැළිවේරියට පැදගෙන ගියේ දිනේශ්.මගදි එක තැනකදි(තැන හරියටම දන්නේ නැහැ) පොඩි වන්ගුවක් තිබිලා මේ වන්ගුව දිනේශ් බොහොම හිමින් අරන් තියෙන්නේ ඒත් බයික් එක ලිස්සලා වැටිලා.පිටිපස්සෙන් ගිය හර්ෂ අමාරුවෙන් නැගිටලා දිනේශ්ට කතා කරා.දිනේශ්ගෙන් කිසි ප්‍රතිචාරයක් නැහැ.ලග පාත හිටපු මිනිස්සු දෙන්නවම රෝහළ් ගත කරලා.හර්ෂට නම් කිසි අමාරුවක් නැහැ ඒත් දිනේශ්ගේ ඔලුවට ලේ බැහැලා ලේ ගල් වෙලාලු.

මාසයකට අධික කාලයක් රෝහළේ ඉදලා අන්තිමේදි දිනේශ් අවසන් හුස්ම හෙළුවා.ඒ මාසය පුරාම සැත්කම් 5ක් ඔලුවට කරලා.ඒ දවස් ටිකේම දිනේශ් හෙල්ලිලාවත් නෑහැ ඔලුවේ සැත්කම් කරලා තියෙන්නේ අර ඉබ්බාගේ ඔලුව කැපිලා ගිය පැත්තෙන්මයි ඔලුව අම්බානක හාරලාලු..දීනේශ්ව බේරගන්න දොස්තරලත් පුලුවන් උපරිමෙ කරා කියන්නේ(ඒක නම් ඉතින් තහවුරු කරලා කියන්න බෑහැ)

ඉතින් කස්ටිය මේ සිද්දිය කොහොමද දකින්නේ?.මන් නම් හිතන්නේ කරපු පව එවෙලෙම පල දුන්න කියලා.මේ ලොකේ අපි කරන වැරැදි වලට අනිවාර්යෙන්ම දඩුවමකුත් හිමි.මේ සිද්දියේ වගේ එවෙලෙම පලනොදුන්නත් කවදා හරි දවසක රිටන් එක ගෙවන්නම වෙනවා ඒකාන්තයි.

*ආදේශිත නම් පමනි.

ප.ලි,මේක සිද්දවුනේ රාගම අවට ගමක.දැන් කට්ටිය මාව හොයන්න එපා මේක ඇයි බ්ලොගියේ දැම්මේ කියලා.හිතෙන ඕනම දෙයක් කමෙන්ටුවක් ලෙස පළකරලා යන ලෙස කාරුණිකව ඉල්ලා සිටිමි.ප්‍රතිචාර දක්වයි කියාද මා බළාපොරොත්තු වෙමි.

29 comments:

  1. ඒ සතා මැරෙන වෙලාවේ කොයි තරම් වේදනාවක් විඳින්න ඇද්ද....
    ඒ වේදනාවම දිනේෂ් මාස 5ක් විඳින්න ඇති... :( :(

    ReplyDelete
  2. @අයේෂා
    දිනේශ් මාසයයි සහොදරි ඉබ්බෙක් වගෙ ජීවත් වුනේ.අනිවාර්යෙන්ම ඒ වේදනාව එයාටත් දැනෙන්න ඇති.

    ReplyDelete
  3. මමත් පෞද්ගලිකව විස්වාස කරනවා කරන දේවල් විදවන්න වෙනවා කියලා. මමත් එහෙම විදවලා තියනවා. හැබැයි සත්තු මරලා නෙමේ. දුක් දිලා දුක් විදවලා තියනවා ඒවගේ 10 ගුණයක්

    ReplyDelete
  4. @දේදුනු
    ඇසට ඇසක්,අතට අතක්,මරනෙට මරනයක් සොබා දහම මගින් හරි අදටත් ඉශ්ට කරනවා බන්.

    ReplyDelete
  5. karapu karma walin midenna ba .kawada hari passen enawa.

    ReplyDelete
  6. රාගම පැත්තේ කිව්වේ කඩවත් දිහාවේ වෙන්ටෑ.
    නදී අක්කා කියපු දේම තමා මටත් කියන්න තියෙන්නේ. කර්ම වලින් බේරෙන්න බෑ.
    මම් අහලා තියෙනවා සත්තු මරණ මිනිස්සු අන්තිමේදි මැරෙන්නේ වද විඳලා කියලා. ඒ නිසා ඉන්න ටිකේ හොද වැඩ කරගෙන ඉන්න බලමු.

    ReplyDelete
  7. දීර්ගායුෂ ලබල ජීවත් වුන එත් අහස පොලොව නුහුලන අපරාධ කල මිනිසුන් හිටියා, තවමත් ඉන්නවා. අපේ රටෙන් උදාහරණ ගැනීම මගේ ඇටකටු වලට හොඳ මඳි නිසා වෙන රට වලින් ගමු.නාසි මිනීමරු දොස්තර ජෝසප් මෙන්ගල් වසර අසුවක් විතර ජීවත් වෙලා නීතියටත් අසු නොවී මියගියා. චිලී රටේ ඒකාදිපති පාලක ඔගස්ටෝ පිනෝචේ වසර 90 වඩා ජීවත් වෙලා හමුදා ආචාර මැද අවසන් ගමන් ගියා.මිනීමරු පොල්පොට් ගේ ගෝල බාලයෝ තවමත් හොඳට ජීවත් වෙනවා.මගේ අදහස ඔබේ තර්කය හැමදෙනාටම අදාල වෙන්නේ නැති බවයි. සමහරවිට මරණින් මතු ලබන ජීවිතයේදී පොලියත් එක්ක දඩුවම් ලැබෙනවා ඇති

    ReplyDelete
  8. හ්ම්.... ඕවගෙ දේවල් කලාම ඇත්තටම පල දෙන්න වටිනවා. අර සතා කොච්චර වේදනා විදින්න ඇත්ද??? :(((

    ReplyDelete
  9. @නදී
    ඒක ඇත්ත සහෝදරි මේ පැත්තේ ආවට ස්තූතියි.

    @මදුරන්ග
    දෙල්පෙ හන්දියෙන් පොඩ්ඩක් ඇතුලට බන්.ඕව් ඉන්න ටිකේ හොඩට හිටියා නම් අනිවාර්යෙන්ම මිනිස්සුත් අපිට ආදරෙයි.කවදා හරි හොදක් හරි අහන්න පුළුවන්.ස්තුතියි සහෝ මේ පැත්තේ ආවට

    @ඇනෝ අයියා
    ඕව් ඕව් ඒකත් ඇත්ත මොකෝ අපේ අම්මා වුනත් මොනවා හරි වුනොත් කියන්නේ "හොදින් ඉන්න අපිටම තමා මේ කරදර එන්නේ පිට පිට ඒත් අපරාධ කරන උන්ට කිසි හෙනයක් නෑ ඔය හොදට ඉන්නේ" කියලා.ඒත් අම්මාම පිළිගන්න කරුනක් තියෙනවා දැන් හොදට හිටියට අපරාධ කාරෙක් වුනත් මැරුනම පොලිත් එක්ක ගෙවන්න වෙන බව

    ReplyDelete
  10. දෙල්පේ හන්දියෙන් කුරුකුලාව පැත්තටද නැත්නම් බන්දනාගාර පාරෙද. අඩේ අපේ පැත්තේ එකෙක්ව අදුන ගන්න ලැබුන එකත් සතුටක් !!!

    ReplyDelete
  11. මමත් ඔය දේ විශ්වාස කරනවා.අපි වැරදි දෙයක් කලොත් ඒකට දඩුවම් නිසැකවම ලැබෙනවා.

    ReplyDelete
  12. @නදීර
    ස්තුතියි සහෝ මා එක්ක එකග වුනාට.මේ පැත්තේ ආවට බොහොම ස්තුතියි.

    ReplyDelete
  13. @නිසුපා අක්ස්
    හ්ම්ම් ඒක තමා මටත් දුක.ඒ සතා කොච්චර අහින්සක සතෙක්ද?.මේ පැත්තේ ආවට ස්තුතියි.

    @මදුරන්ග
    එහෙමද මචන් මන් බන්ධනාගාරේ ලග.ඇත්තටම උබවත් අදුන ගන්න ලැබීම සතුටක්.උබ කොහෙද?.

    ReplyDelete
  14. ඉබි මස් හයියයි කෑවම ඇගත් ගල් වගේ හයි වෙනවා..හැබැයි සතා පව්....කට්ටෙන් මස් වෙන්කරගන්න නුපුරුදු එකෙක්ට බෑ...පළපුරුදු එකා නිකං කුරුම්බා ගලවනවා වගේ ගලවන්නේ....මම නං ඕං ඕවා කන්නේ නෑ.....

    ReplyDelete
  15. @ඔබ නොදුටු ලොවක්
    ඒකද දන්නේ නෑ දිනේශ්ගේ ඔලුවේ ලේත් ගල් වුනේ?.මේ පැත්තේ අවට ස්තුතියි සහෝදරයා

    ReplyDelete
  16. මිනිසෙක් වුණාම සංවේදී හදවතක් තිබිය යුතුයි.මිනිසා ඉන්නෙ ලෝකය Manage කරන්න.නමුත් ඔහුට අනෙක් සතුන්ගේ ජීවිත උදුරාගන්න අයිතියක් නෑ.වරදක් කලොත් දඩුවම් විදින්න වෙනවාමයි.එහෙම නොවුනොත් මේ ලොකේ සාධාරණ නැහැ නේද?ස්වභාදහම අනිවර්යෙන් සාධාරණය ඉ‍ටු කරනවා.

    ReplyDelete
    Replies
    1. ඒ කතාව නම සම්පූර්ණ ඇත්ත සහෝ සොබාදහම අනිවාර්යෙන්ම සාදරනේ ඉෂ්ට කරනවා.

      Delete
  17. දිට්ට ධම්ම වේදනීය කමය කියන්නේ ඕකටනේ බං ඉතින්

    ReplyDelete
    Replies
    1. හ්ම්ම් ඕව් බං ඒක ඇත්ත

      Delete
  18. පව් වැඩ කරන උන්ට හොද පාඩමක්

    ReplyDelete
    Replies
    1. උබ දන්නවද ඔය සීන් එක?අපේ ගෙවල් ගාවම එකක් තමා බං.

      Delete
  19. asata asak scene eka matat wuna.eka parak ballekta gahapu galak uge ahata wadune.masa 3 4 kata passe kollek gahapu galak mage ahata waduna.dan awrudu 5k withara.

    ReplyDelete
    Replies
    1. යතාර්ථය එතැනින්ම ඔප්පු වෙනවා නේද සහෝදරයා?.

      Delete
    2. aniwa.blog wala sinhalen type karannna google translitearation hariyaida

      Delete
    3. http://www.ucsc.cmb.ac.lk/ltrl/services/feconverter/t1.html

      තාවකාලිකව නම් ඕකෙන් ලේසියි මචන්

      Delete
  20. කරන කලට පව් මීහිරිය මී සේ
    විදින කලට දුක් දැඩිවෙයි ගිනි සේ
    ඇදින එ පව් දුරලන අපදේ සේ
    නුදුන මැනවි තූන් දොර අවකා සේ

    ReplyDelete
  21. උඹේ ඔය වරහන් ඇතුලේ දාන එක එක ලබ්බවල් නැත්නම් ලිපිය හොදයි. වරහන් පාවිච්චි කරන්න ඕන නොතේරෙන දේකට මිසක් ඕන හුජ්ජ කොල්ලෙක්ට තේරෙන ලබ්බකට නෙවෙයිනේ.

    ReplyDelete
    Replies
    1. සොරි සහෝ මං පොඩිකාලේ ලියපු එකක් ඔය :)

      Delete

හිතට දැනුන පුංචි දේ හරි කියලා යන්න ඒක මට ශක්තියක්.යාලුවනේ ඔයාලට බ්ලොගර් ප්‍රොෆයිල් එකක් තියෙනවා නම් වෙලාවක් තියෙනවා නම් තවමත් ෆලෝ කරලා නැත්තම් ෆලෝ පාරකුත් දාලා යන ලෙස ඉල්ලා සිටිනවා!