Tuesday, January 03, 2012

13 Software නැතුව You tube වීඩියෝ Fast එකේ බලමුද?

ඉස්සෙල්ලාම හැමෝටම  සුබ අළුත් අවුරුද්දක් වේවායි කියා පතනවා.ඔන්න නිකමා අළුත් අවුරුද්දේ මුලින්ම ගෙනාව කස්ටියටම ප්‍රයෝජනවත් වෙයි කියලා හිතුන දෙයක්.

දන්නවනේ සමහර වෙලාවට ඩයල් අප්‍ කනෙක්සන් වලින් යු ටියුබ් විඩීයෝ බලද්දී කඩින් කඩ තමා බලන්න වෙන්නේ මොකද සමහර සේවා සපයන
ආයතන වල සේවා කුළුණු වලට බාවිතා කරන්නන් වැඩි වුනාම තමා ගොඩක් වෙලාවට ඕක වෙන්නේ (දවල් වෙලාවට බලද්දී හොදට ප්ලේයි වෙනවා ඒත් රාත්‍රී වෙලාවට එහෙම වෙන්නේ ඒකයි) සහ සිග්නල් නැති වුනාමත් එහෙම වෙනවා.

ඉතින් මේකට පොඩි ට්‍රික් එකක් මන් හොයා ගත්තා ඒත් මේක වෙන්නේ කොහොමද කියලා නම් මං දන්නේ නෑ.දන්න කෙනෙක් ඉන්නවා නම් අපිට කියලා දෙන්නකෝ.

යු ටියුබ් එකට ගිහින් විඩීයෝ එකක් ප්ලේයි කරාම බ්‍රව්සර්  එකේ url බාර් එකේ (වෙන මොනවත් බාර් නෙවේ හොදේ :D) ලින්ක් එක අන්තිමට ඔය යට තියෙන ටික copy paste කරලා  එන්ටර් කරන්න එච්චරයි.ඔයාත් යු ටියුබ් වීඩියෝ කඩින් කඩ බලපු කෙනෙක් නම් ඊළගට වෙන දේ වෙනස හොදට තේරෙයි


                              &fmt=18#




                 මේ තියෙන්නේ ඔරිජිනල් ලින්ක් එක 
                   

             මේ තියෙන්නේ මං දීපු ටික දැම්මායින් පසුව
              (පින්තූර උඩ කොටලා බලන්න)        

වැදගත් කියලා හිතෙනවා නම් කමෙන්ට් එකක් දාලා යන්න නැත්තන් මං පව්නේ.පුළුවන් නම් ෆලොව් පාරකුත් දාන්න යන්න .

13 comments:

  1. බොහොම ස්තුතියි සහෝ.එත් එක්කම මට ගැටලුවක් තියෙනවා මට තියෙන්නේ S .L T unlimited සම්බන්දතාවයක්. මම නිතරම ෆිල්ම් download කලා.40kb /s පමණ download speed එකක් තිබුණා එත් දැන් සති දෙකක පමණ කාලයක සිට download speed එක අඩුවෙලා.මුලින් තිබුණ download speed එකෙන් තුනෙන් එකක තරම් වේගයක් තමා දැන් ලැබෙන්නේ.මේ ගැන පැහැදිලි කිරීමක් කරන්න පුළුවන් නම් ලොකු උදව්වක්.ටෙලිකොම් ආයතනයට දැනුම් දුන්නත් ඔවුන් කිවේ.ඔවුන් කිසිම වෙනසක් කර නැති බවයි.

    ReplyDelete
  2. නියමයි...තේරුනා නේන්නම්...

    ReplyDelete
  3. @පොඩි මෑන්
    ස්තුතියි සහෝ එළ

    @ඇනෝ සහෝ
    මං SLT ගැන නම් දන්නේ නෑ සහෝ ඩයල් අප් කනෙක්සන් වලත් 40kb /s වලට වඩා ස්පීඩ් එකක් ලැබෙනවා සමහර වෙලාවට.මං SLT ගැන දන්නේ කස්ටිය බනින ඒවා විතරයි :D

    @නිසුපා අක්ස්
    ආහ එහෙනම් එළනේ තැන්කු වේවා මේ පැත්තේ ආවට

    ReplyDelete
  4. ප. ලි
    @ඇනෝ
    සමහර වෙලාවට ඔයාගේ රව්ටරේ සෙටින් වල වැරද්දක් වෙන්න පුළුවන් .පොර්ට්ස් වෙනස් වෙලාද කියලත් බලන්න.ආයේ reinstall කරලා බලන්න

    ReplyDelete
  5. උදාර1/9/12, 3:51 PM

    තෑන්ක්ස් මචං...
    මාත් කරල බලන්නම්.

    ReplyDelete
  6. super machan

    ReplyDelete
  7. @උදාර
    එළ

    @අමිල
    එළ තමා මචා

    @ඇනෝ
    ෆිට් තමා

    ReplyDelete
  8. සිරා මචං

    තව දෙයක්.. මගෙ යූටියුබ් මේ බ්ලොග් එකට වඩා ස්පීඩ් ලෝඩ් වෙනවා :ඩී

    ගැජට් අඩු කරපං කොල්ලෝ... බ්ලොග ලෝඩිං ස්ලෝ..

    ReplyDelete
    Replies
    1. හෆෝයි මචං දැන් අඩු කරන්න කියලා ගැජටුත් නැහැ අඩු කරලම. :(
      හොදටම විශ්වාසද ස්ලෝව් කියලා???? මට නම් එහෙම එකක් දැනුනේ නැහැනේ...මං පොඩ්ඩක් බලන්නම්කෝ.තැන්කු වේවා මේ පැත්තේ ආවට

      Delete
  9. niyamai machn

    ReplyDelete
    Replies
    1. මචන් ඕක දැන් වැඩ කරන්නේ නැද්ද කොහෙද :(

      Delete

හිතට දැනුන පුංචි දේ හරි කියලා යන්න ඒක මට ශක්තියක්.යාලුවනේ ඔයාලට බ්ලොගර් ප්‍රොෆයිල් එකක් තියෙනවා නම් වෙලාවක් තියෙනවා නම් තවමත් ෆලෝ කරලා නැත්තම් ෆලෝ පාරකුත් දාලා යන ලෙස ඉල්ලා සිටිනවා!