Tuesday, February 05, 2013

81 වංචාව!

මම වැඩ කරන්නේ ගොඩනැගිලි උපකරණ විකිණීමේ තැනක කියලා සමහර අය නම් දන්නවා.මෙතන මම වැඩි හරියක් කරන්නේ අලෙවි අංශයේ හා ඇසුරුම් අංශයේ :).සමාජයේ විවිධ පුද්ගලයින් එනවා බඩු ගන්න.මට අලෙවි අංශය ගැන අවුරුදු 6ක පමණ අත්දැකීමක් තියෙනවා.ඉස්කෝලේ යන කාලෙත් හවසට ගෙදර ඇවිත් කරේ ඕකමනේ.

මම වැඩි හරියක් නෝට් කරපු දේවල් අතරින් විශේෂම දේවල් කිහිපය තමා
එන්නම් කියලා බඩු බලලා යන අයගෙන් 80%ක්ම ආයේ කවදාවත් එන්නේ නැති එක.අනිත් එක ගොඩක්ම බඩු ගද්දි ලෝබ වෙන්නේ පෝසත් මිනිස්සු.වාහන වලින් ඇවිල්ලා බහිනවා පැජෙරෝ,වැන්,කාර් වගේ ඒවාලින් හැබැයි හොයන්නේ අන්තිම අඩුවට.එහෙම එන මිනිස්සු ගොඩක් වෙලාවට ගත්ත බඩු ගෙනියද්දි අපි පටවලාත් දෙන්න ඕන.එතකන් පැත්තකට වෙලා ඉන්නවා ඇරෙන්න පොඩ්ඩක් අත තියන්නවත් එන්නේ නැහැ.

එත් දුප්පත් වගේ සහ මධ්‍යම පන්තියේ අය නම් ගොඩක් අය ලෝබ නැහැ.කියන ගාණට වඩා අඩුවෙන් ඉල්ලනවා.ඒත් අන්තිමේ කේවල් කිරීමක් තොරකින් බඩු ගන්නවා.ඒ වගේ මිනිස්සු බඩු ගෙනියද්දීත් පටවන්න කරන්න උදව් වෙනවා.

දවසක් අපේ තැනට ආවා අඳුරන බුවෙක්.මම මිනිහව ටිකක් දන්නවා.ගෙවල් පැත්තේම තමයි ඉන්නෙත්.මිනිහා බඩු බලලා මැනලා කරලා අන්තිමේ රුපියල් හයසිය ගාණක බඩු ගත්තා.හිතවත් අයටත් බිස්නස් කරන්න ටිකක් අමාරුයි.මිනිහත් හිතවත් නිසා ඩිස්කවුන්ට් එකකුත් දාලා හයසීයක් දෙන්න කිව්වා.

පස්සේ බඩු ටික ගෙනියන්න වාහනෙකුත් ගෙනල්ලා බඩු ටික පටවලා ඉවරවෙලා දෙදහ කොලයක් දික් කරා.එවෙලේ ඉතුරු දෙන්න මාරු සල්ලි තිබ්බේ නැහැ අනික බොසාත්  ගෙදර නැහැ.දෙදාහේ කොලේ අරන් කඩ දෙක තුනකට ගිහින් බැලුවත් එක කඩයකවත් දෙදහක් දැකපු කාලයක් මතක නැති වෙලා තිබ්බ කඩවල්.

පස්සේ අර බඩු පටවපු වාහනේට පරක්කු වෙන නිසා බුවා මට කිව්වා බඩු ටික බාලා දෙදහත් මාරු කරන් එන්නම් කියලා.මට වෙන කරන්නම දේකුත් නැති නිසාත් ගොනා වුන නිසාත් මූව අඳුරන නිසාත් දෙදහා කොලේ ආපහු දුන්නා.දැන් මූ ගිහින් පැයක් වුනා ඒත් නැහැ.දැන් නම් මම ටිකක් බය වුනා ඇයි යකෝ බොසා ආවම ගණන් පෙන්වන්න එපැයි.අතින් දාන්න කියලත් කොහේ තියෙන සල්ලියක්ද?.

හවසත් වුනා මිනිහා නැහැ බොසාත් ගෙදර ආවා.දවසේ වික්ක බඩු ස්ටොක් පොතක ලියලා දවසේ ආදායම බොසාට දෙන්න ඕන.රුපියල් හයසීය අඩුවෙන් දෙන්නත් බැහැ එතකොට හිතනවා මම මාටියා ගැහුවා කියලා.ජීවිතේට වංචාවක් කරලා නැති නිසා එහෙම මගේ නම කැත කරගෙන නැහැ මම කවදාවත්.එහෙම වුනොත් මගේ හිතටත් හරි නැහැ.පස්සේ මම බොසාට ගණන් පෙන්වන්න කලින් ෆුට් සයිකලයකුත් හොයාගෙන මිනිහගේ ගෙදරට ගියාම ඒ ගේ වහලා.

ගේ වටෙන්ම කැරකි කැරකි උගේ නම කිය කියා කෑගහද්දී ඊට එහා  ගෙදර ඇන්ටි කෙනෙක් මට කිව්වා මිනිහා අද උදේ බඩුත් ඇදන් වෙන ගේකට පදිංචියට ගියා කියලා.ඒ ගේ තියෙන්නෙත් ටිකක් දුර පැත්තක.මිනිහා අපෙන් බඩුත් අරන් ගිහින් තියෙන්නේ අලුත් ගෙදරට.දැන් මොකෑ කරන්නේ?කොයි දේත් වෙන්නේ මට අවාසියට කියලා හිතාගෙන ගෙදර ඇවිත් ෆිල්ම්ස් වලටයි,රීලෝඩ් වලටයි බොහොම අමාරුවෙන් එකතු කරන් තිබ්බ සල්ලි වගයකින් හිඟය පියවලා එදා දවසේ විකුනපු දේවල් වල ගණන් බේරුව බොසාට.හැබැයි මේ සිද්දිය ගැන කිව්වේ නැහැ මොකද කිව්වොත් එහෙම අම්බානක ලෙස අහිංසක මට බැනුම් අහන්න වෙන නිසා.

පහුවෙන්දත් බැලුවා මූ ආවේ නැහැ සතියක් ගියා මාසයක් ගියා ම්ම්හ්හ් ආවේ නැහැ.ඌව මතක් වෙන වාරයක් පාසා ඌට හච්චින් යන්න ඇති.ඔහොම කාලේ ගෙවිලා අවුරුද්දකට පස්සේ ඔන්න මිනිහා ආයේ ආවා මේ ලඟකදී.මට දැන් අම්බානක මළ.මූනට දෙකක් අනින්නත් පුළුවන් තරම් ආවේගයක් ආවා.ඒත් මුකුත් කියන්නවත් අහන්නවත් බැහැ මුගෙන් බොසා ඉන්නවා.කරුමෙට එදා බොසාගෙන්මයි මූ බඩු වල ගණන් අහන්නේ.අනික එදා කරපු දේ තියා මාවවත් අඳුරන්නේ නැති ගානට මේකා හිටියේ.

කොහොම හරි බඩු වගයක් තෝරාගෙන ගාණත් හදලා ආයේ ඒවා එපා කියලා වෙන බඩු වගයක් අරන් මූ හෙන ටැපලිලි සහගත විදියට තමා හැසිරුනේ.පස්සේ තවත් බඩු වගයක් අරන් ටෝටල් එක ගත්තම 3300ක් ආවා.බොසා බඩු වික්කට මොකද ගණන් හදන්නෙත් පටවලා දෙන්නෙත් මම.ඉතින් අන්තිමට මූ බඩු ටිකත් අරන් ගියා මට එක වචනයක්වත් මූ එක්ක කතා කරන්න හම්බවුනේ නැහැ බොසා ළඟ හිටිය නිසා.

ගියාට පස්සේ මම ගණන් ටික ස්ටොක් පොතට දාද්දි මට තේරුනා මොකක් හරි අක්‍රමිකතාවයක් සිද්ද වෙලා කියලා.ගණන් ආයේ හදලා බැලුවා.ඔව් වැරදිලා එත් මම ආයේ ගණන් හැදුවා.ආයේ ආයේ ගණන් හැදුවා ඔව් මූ අරන් එපා කියපු බඩු වගයකටත් මන් ගණන් එකතු කරලා.එපා කියපු බඩු වල ගාන රුපියල් 1000යි.කොහොම හරි රුපියල් දාහක් වැඩිපුර ඇවිත්.මට නම් නිම්හිම් නැති සතුටක් ආවා.මෙච්චර විස්තර කියපු එකේ මම බොරු කියන්න ඕන නැහැනේ ඇත්තටම ඒක වැරදීමකින් වුන දෙයක්.

කොහොම හරි මට නම් අවුරුද්දක් තිස්සේ සිතේ කැකාරුන ප්‍රශ්නයක් එහෙම විසදුනා.ඌ ආයේ ආවෙත් නැහැ සමහරවිට ගාන පස්සේ හදලා බැලුවත් ඌට එන්නත් බැහැනේ එදා කරපු බලු වැඩේට.

මේ සිද්දියෙන් බොසාට නම් රුපියල් 1000ක ලාභයක් ආවා.අරූට රුපියල් 400ක් පාඩුයි එදා ගාන අඩු කරාම.ඒත් මට? මට එදා හයසීය ආයේ ආවේ නැහැනේ.කොහොම හරි හිතවත් කම්,අඳුනන කම් නිසා මම එදා ගොනා වුනා.බොසාට හරි ලාභයක් වුනානේ කියලා හිත හදාගත්ත එහෙම හිතලා.මේක කියවපු අයට හිතෙයි මූ රුපියල් හයසීයක් වෙනුවෙන් මෙච්චර හිතනවද කියලා.ඒත් අවංක සේවකයෙකුට එක රුපියලක්වත් වංචා කරන්න බැරි බව ඔබ දන්නවාද?




_______________________________________________________________________________
බොසා බොසා කිව්වේ අම්මට ඈ!!.අම්මගේ ව්‍යාපාරය ගැන ගොඩක් අය දන්නවා මයේ හිතේ!

81 comments:

  1. අදුරන අය එක්ක බිස්නස් නොකර ඉන්න තරමට අපේ ඇගට හොදය්...

    ReplyDelete
    Replies
    1. එහෙමයි කියලා බඩු ගන්න ආපු කෙනෙක්ට බඩු නොවිකුණා සිටීමට බැහැනේ නේද?

      Delete
  2. මටත් මෙහෙ බැංකුව එක්ක පොඩි ඔය වගේ ප්‍රශ්නයක් ආව ,මැනේජර් ට පෞදගලික ප්‍රශ්නයක් නිසා මිනිහා වැඩේ කර ඇරියා ,
    පොඩි මුදලක් එත් , මනුස්සකම කියන දේ තියෙන්න ඕනේ , ඉතින් මටත් සිද්ද උනා ඌ ට කෙලවන විදියට වැඩ කරන්න ,

    ඇත්ත මචං , රුපියල උනත් ආර්ථික වශයෙන් නෙමෙයි , යුක්තිය පැත්තෙන් ගත්තොත් ලක්ෂයක් වටිනවා

    ReplyDelete
    Replies
    1. අනිවා මචන් මට නම් වංචාවක් කරොත් හිතට හරි නැහැ දවසක් දෙකක් යනකන්.ඒක නිසා මම වංචා කරන්නේ නැහැ කාට නැතත් මගේ හර්ද සාක්ෂියට මම නිර්දෝශියෙක්

      Delete
  3. දන්නා උන් එක්ක බිස්නස් කිරීමෙන් සල්ලිත් අඳුරන එකාත් දෙකම නැතිවේ!

    ReplyDelete
    Replies
    1. ඔව් බන් ගොඩක් වෙලාවට

      Delete
  4. ණයට දීමෙන් මුදලත් මිතුරාත් දෙකම නැතිවේ කියමන සනාථ වුන අවස්ථාවක් ..:D

    ReplyDelete
    Replies
    1. නැහැ මන් ණයට දුන්නේ නැහැ එත් ඒ අවස්ථාව අනුව අතට ගත්ත සල්ලි දෙන්න වුනා.

      Delete
  5. හි හි ඔවා හොද පාඩමි ....
    හැබැයි අන්තිමට අයියෝ සල්ලි තමයි නේ..

    ReplyDelete
  6. අපෝ... ඔය වගේ වැඩක් කරලා ලැජ්ජාවක් නැතුව ආයේ බඩු ගන්න කොහොම ආවද මන්ද....මුදල් එක්ක ගනුදෙනු කරනකොට හරි පරිස්සමෙන් කටයුතු කරන්න ඕනි.....

    ReplyDelete
    Replies
    1. අවුරුද්දක් විතර ගිය නිසා අමතක වෙලා කියලා හිතන්න ඇති :)

      Delete
  7. මටත් නම්, දවසක් මට වැඩිපුර සල්ලි දීපු කඩේකට ගිහිල්ලා මම ඒක ආයේ දීලා තව මොනවා හරි ගත්තා,මෙයාලා බඩු ටික දාද්දි 2/6 අඩුවෙන් දාලා,ඉතින් මෙච්චර කරපු එකනේ කියලා ගිහින් ඇහුවම නෑමයි කියනවා,ඔක්කම දැම්මා කියනවා...පස්සේ ඉතින් කරභාගෙන ආවා,

    සමහර වෙලාවට අපි මනුස්සකමට වැඩකරාම අපිට එයාලා අනිත් පැත්තට ඉන්න වෙලාවලුත් තියනවා

    ReplyDelete
    Replies
    1. ම‍ටත් දවසක් ෆෝන් ෂොප් එකකින් වැඩිපුර 300ක් ආවා හැබැයි මම එලියට ඇවිල්ලත් ආයේ ගිහින් දුන්නා.

      Delete
  8. අම්මගෙන් ඉල්ලගන්න තිබ්බෙ ආපහු යාලුවටම දෙන්නං කියල.

    ReplyDelete
    Replies
    1. එහෙම ඉල්ලුවේ නැහැ මොකද එයා ආපහු ඇවිත් අම්මගෙන් සල්ලි ඉල්ලුවොත් මම මාට්ටු වෙනවා.

      Delete
  9. මම නම් ගනුදෙනු කරනවා මලයා ඕන කෙනෙක් එක්ක. හැබැයි ඔහොම තුප්පහි වැඩක් කෙරුවොත් ආයේ දෙකහමාරක් නෑ මොකාගේ උනත් මූණ තලනවා.

    ReplyDelete
    Replies
    1. බිස්නස් කරද්දී තදේට ඉන්න බැහැ මිනිස්සු එක්ක ඒකයි එවෙලේ මම ආපහු සල්ලි දුන්නේ ගෙනත් දෙයි කියලා.මටත් ඒ මිනිහව ආයේ දැක්කම පුදුම තරහක් ආවේ එත් කරන්න දෙයක් තිබ්බේ නැහැ.

      Delete
  10. //එතකන් පැත්තකට වෙලා ඉන්නවා ඇරෙන්න පොඩ්ඩක් අත තියන්නවත් එන්නේ නැහැ.//

    ඔහොම පොරවල් තමා බං වැඩි තියන උද්දච්චකමනේ

    ReplyDelete
    Replies
    1. යා පොඩි උන්ව තලන්නම තමා සමහරු බලන්නේ.

      Delete
  11. ඔයාට පේනවා නේද එයාට වෙච්ච් දේ. ඔයාට මොන ක්‍රමයකින් හරි ඔය ගානට වඩා දෙයක් ලැබෙනවා. ඒ ගැන මට හොඳටම විශ්වාසයි. අද මට පිසා හට එකෙන් රුපියල් දෙදාහට 2000+ ඉතුරු දුන්නා. ගැන නවසීයි. මම මුණ අමුතු කරලා බැලුවම කොල්ලට වැඩේ තේරුනා. මුනට තැන්කිව් කිව්වට හිතේ මොන වගේ සතුටක් ඇති වෙන්න ඇත්ද ?අපිට කෙනෙකුගේ හිතේ සතුටක් ඇති කරන්න පුලුවන්නම් ඒක තමයි ලොකුම ජය.

    ReplyDelete
    Replies
    1. හ්ම්ම් ඇත්ත තමයි සුදීක අයියා,ඒත් ගොඩක් මිනිස්සු බලන්නේ මොකක් හරි වංචාවක් කරන්නම තමා.

      Delete
  12. හහ්..
    උබට අර ගාන හදලා 600ය ගන්නනේ තිබුනේ...
    මගේ අතිනුත් අපේ කඩේ වැඩ කරනකොට ඔහොම සීන් වෙනවා බං...
    මමනං යන්න අකමැතිම තැනක් තමා අපේ කඩේ...
    මැරෙනවා ඊට සැපයි..

    ReplyDelete
    Replies
    1. මට ඒක කම්පනාවක් වුනේ නැහැ බන්.උඹට කඩයක් තියෙනවද?

      Delete
  13. රු600ක් නැති උනා හැබැයි එකෙන් මිනිස්සු ගැන ලොකු පාඩමක් ඉගෙනගත්ත. අපි අත්දැකීම් වලින්නෙ ඉගෙන ගන්නේ. ඕක නොවුනානම් සමහරවිට කවද හරි අනවශ්‍ය විදියට මිනිස්සු විශ්වාස කරලා මීට වැඩ ලොකු ගානක් නැති වෙන්නත් තිබුන.:D

    ReplyDelete
    Replies
    1. ඒක ඇත්ත ආයේ නම් ඉස්සරහ ගෙදර එකාටවත් ණයට දෙන්නේ නැහැ.

      Delete
  14. උඹනං නියම පුත්තරයෙක් බං.. කියන්න දේවල් නෑ.. මාරම බඩුවක් තමා...

    ReplyDelete
    Replies
    1. මං කිව්වේ හොද පුත්තරයෙක් කියලා.. ඇයි බං අම්මට බොරු කරන්නේ නෑනේ...

      Delete
  15. පොලියත් එක්කම අරන් තියෙන්නෙ. දැන් වත් නාඩ හිටු,

    වංචාවට තැනක් නෑ බං. දැක්කනෙ ඇස් ඉදිරියෙම වැඩිපුරත් එක්ක ගිය හැටි.
    මේක දැකල පොර ආපහු එයිද දන්නෑ

    ReplyDelete
    Replies
    1. වංචාවට තැනක් නැහැ කවදාහරි වංචාව කරපු එකාටත් කෙලවෙනවා.මේක දැකලා ඌ ආයේ ආවත් අවුලක් නැහැ ආවොත් කුණුහබ්බ අහගන්න තමයි වෙන්නේ ඕකට.

      Delete
  16. උඹට තිබ්බේ ඕකා අව දවසේ තව රුපියල් 100/-විතර ඕකගේ අතට දීලා හොඳ කුණුහබ්බ ටිකක් කියන්න.

    ReplyDelete
    Replies
    1. :)
      බොසා ඉන්න හින්දා මුකුත් කියන්න බැහැනේ සහෝ

      Delete
  17. අදුරන එඋන් එක්ක මගේ කිසිම ගනුදෙනුවක් නෑ... ව්‍යාපාර කරද්දඉ, ණයට දීම යහලුවාත්, මුදලුත් නැති වෙන එක තමා වෙන්නෙ....

    ReplyDelete
    Replies
    1. ඒක ඇත්ත ඒත් බඩු ගන්න ආවම නොදීත් බැහැනේ.

      Delete
  18. අදුනන උන්ම තමයි බං , අපිටම කෙලින්න හදන්නේ උන්ගෙන් පරිස්සම් වෙයන් ..

    ReplyDelete
    Replies
    1. ඔව් බන් අද කාලේ කාව විශ්වාස කරන්නද මන්දා!

      Delete
  19. නිශාන්.. අම්මලා බොස්ලා උනාම හෙන අමාරුයි නේ ඉහගහන්න.. මටත් ඔය කේස් එක තිබ්බා ඉස්සර කඩේ වැඩ කරනකොට... හි හි...

    ReplyDelete
    Replies
    1. අපෝ කතා කරන්න එපා

      Delete
  20. අපේ පැත්තෙත් ඉන්නවා ඔය වගේ උන්. අළු පාටයි. අං හෙම තියෙනවා. මඩේ ලගින්න හරිම මනාපයි. ඉඳ හිට "උම්බෑ" කියලා කතා කරනවා....

    ReplyDelete
  21. ඔහොම පොලු තියන එවුවො ආයෙ කාලයක් යනකොට ආපහු එනව කඩේට එනව අමතක වෙලා ඇති කියල හිතාගෙන. ඒ වෙලාවට දෙකක් කතාකරන්න තමයි තියෙන්නෙ.

    ReplyDelete
    Replies
    1. ඔව් අයියා එහෙම ආවම පරණ සීන් කතා කරන්නෙත් නැහැ අහසින් වැටුණු උන් වගේ ඉන්නේ.ණය මතක් කරාමත් සමහර අයට මතක නැහැ කියන්නේ දුන්නා වගේ මතකයි කියලා.

      Delete
  22. අන්න මිනිස්සු!!

    සුභ වේවා!!! රාජ සම්පත් ලැබේවා!!!

    ReplyDelete
  23. අදුරන උන් එක්ක ඔව්වා කරන්න ගිහාම ඔහොම තමයි බං...

    ReplyDelete
    Replies
    1. උඹටත් අත්දැකීමක් තිබ්බනේ!

      Delete
  24. blessing or a lesson.........සමහරු අපේ ජීවිතවලට එන්නෙ ආසිර්වාද හැටියට. සමහරු එන්නෙ අපට පාඩමක් කියලදීල යන්න. මට හිතෙන්නෙ මේ දෙක ම වටිනවා. ඊ ළඟට පාඩමක් උගන්නන්න එන එකාට පාඩම ඔයා උගන්නාවි

    ReplyDelete
    Replies
    1. අනිවා නැන්දේ.ආපහු සත පහක දෙයක් ණයට දෙන්නේ නැහැ.සල්ලි මාරු කරන්න නැත්තම් හවසට එන්න කියනවා ඉතුරු ගන්න :)

      Delete
  25. හැක්...හොද වැඩේ...හැබැයි ආපහු නම් ඌ කඩේ පැත්ත පළාතේ එන එකක් නෑ..

    ReplyDelete
    Replies
    1. සමහර විට බන්
      ඒත් කමක් නැහැ ඌ වගේ කපටි මිනිස්සු නාවට මට අවුලක්ම නැහැ

      Delete
  26. නිශාන් මෙන්න මේ ගැන අදහස් දැන්වුවොත් උඹ අමනාප නොවෙයි කියලා හිතනවා.

    එන්නම් කියලා බඩු බලලා යන අයගෙන් 80%ක්ම ආයේ කවදාවත් එන්නේ නැති එක
    *මේකට හේතුව වෙනත් තැනක් අපේ තැනට වඩා ආකර්ශ්නීය වීම. එහෙම වුනේ ඇයි කියලා හොයලා ඒ අඩු පාඩුව හදාගන්න එකා තමයි නියම බිස්නස්කාරයා.

    ගොඩක් වෙලාවට ගත්ත බඩු ගෙනියද්දි අපි පටවලාත් දෙන්න ඕන.
    *ඉතින් බං එහෙම තමයි වෙන්න ඕනෙ. ඒක තමයි සර්විස් එක කියන්නෙ.

    එතකන් පැත්තකට වෙලා ඉන්නවා ඇරෙන්න පොඩ්ඩක් අත තියන්නවත් එන්නේ නැහැ.
    *ඒකෙ කිසිම වරදක් මම දකින්නෙ නෑ. ඉහත හේතුවමයි.

    උඹට වෙච්ච දේ ගැන නම් ඇත්තෙන්ම දුකයි. අරූ මහ පජාත කාලකන්නියෙක්. ඉතින් බං, එදා ගනං බේරනකොට උඹට තිබ්බ බොසාට කියන්න මම මෙහෙමයි ගනං බේරුවෛ කියලා. ඊට පස්සෙ අරූ ආයේම ආවාම කෙලින්ම අහන්න තිබ්බා කෝ අර සල්ලි කියලා. උඹ එහෙම නොකලේ මොකද?

    ReplyDelete
    Replies
    1. වැදගත්ම කොමන්ටුවකි!
      \\එන්නම් කියලා බඩු බලලා යන අයගෙන් 80%ක්ම ආයේ කවදාවත් එන්නේ නැති එක
      *මේකට හේතුව වෙනත් තැනක් අපේ තැනට වඩා ආකර්ශ්නීය වීම. එහෙම වුනේ ඇයි කියලා හොයලා ඒ අඩු පාඩුව හදාගන්න එකා තමයි නියම බිස්නස්කාරයා.//

      ගොඩක් මිනිස්සු එන්නේ බඩු ගන්න නෙවේ බලලා යන්න.තමන්ගේ ආර්ථික තත්වය මත මේ දවස් වල ගේ හදනවා නම් කීයක් යයිද සහ මිල ගණන් බලාගැනීමට තමයි ගොඩක්ම එන්නේ.පාරේ යන ගමන් දැකලා එනවා.ඇවිල්ලා ගණන් අහගෙන යනවා.එහෙම නැතුව අපෙ ගණන් වැඩියි කියන්න බැහැ මොකද අපි කරන්නේ බ්‍රෑන්ඩ් නිව් බඩු නෙවේ ඉතින් වෙන කොහාටවත් වඩා මිල ගණන් අඩුයි අපේ.

      \\ගොඩක් වෙලාවට ගත්ත බඩු ගෙනියද්දි අපි පටවලාත් දෙන්න ඕන.
      *ඉතින් බං එහෙම තමයි වෙන්න ඕනෙ. ඒක තමයි සර්විස් එක කියන්නෙ.

      එතකන් පැත්තකට වෙලා ඉන්නවා ඇරෙන්න පොඩ්ඩක් අත තියන්නවත් එන්නේ නැහැ.
      *ඒකෙ කිසිම වරදක් මම දකින්නෙ නෑ. ඉහත හේතුවමයි.//

      හිතන්න හාඩ්වෙයා එකකට ගිහින් කම්බි ඇන සීයකුයි ස්කුරුප්පු නියනකුයි ගත්තොත් හාඩ්වෙයා එකේ අය ඒවා වාහනේට පටවලා දෙනවද?.බඩු වල ප්‍රාමාණය අනුව අපි පටවලා දෙනවා එත් සමහර එක ලී කෑල්ල පවා සමහර මිනිස්සු අපි වාහනේට දාලා දෙනකන් ඉන්නවා.අපි ඒ ගැන බැලුවේ නැත්තම් කටින් කියනවා දාලා දෙන්න කියලා.ඒක ප්‍රශ්නයක් නෙවේ ඇත්තටම අපි(මම) අනිවාර්යෙන්ම බඩු දාලා දෙනවා.ඒත් මම මේ ලිපියේදී සඳහන් කරේ සාමාන්‍ය මිනිස්සු ආවම එයාලම පටවගන්නවා.අපි පටවලා දෙන්න හැදුවම ගොඩක් ස්තූති වන්ත වෙනවා.

      මට එදා බොසාට එහෙම කියන්න බැහැ මොකද එතකොට එයා බලනවා මම ඔය වගේ කොච්චර කරලා ඇද්ද කියලා අනික මට බැනුනුත් අහන්න වෙනවා අම්බානක ණයට දුන්නා කියලා.මම ඒක රහසක්ව තියාගත්ත හින්දා තමා එවේලේත් කටවහන් හිටියේ.

      Delete
  27. උබ මල්ලි බේරුනා එහෙනම් ...

    ReplyDelete
    Replies
    1. වාසනාවට දෙවෙනි පාරට මට වැරදුනා :)

      Delete
  28. මොන කාරණාවකදිවත් වංචාව හොඳනෑ අනිවා...

    ReplyDelete
  29. වංචාව ඉතින් කොහොමත් හොඳ නෑ.

    ReplyDelete
    Replies
    1. මම නම් වංචාවෙන් තොරයි

      Delete
  30. හ්ම්ම්ම්ම්ම් වංචාව හොඳ නෑ

    ReplyDelete
    Replies
    1. එහෙනම් මම හොඳ කොල්ලෙක් :)

      Delete
  31. ubata thibbe yako jathake kiyala dennane..
    uba nam padamak igena ganna ekek newe...

    ReplyDelete
    Replies
    1. ජාතකේ කියලා දෙනවා එදා බොසා හිටියේ නැත්තම්.එදා මම ඌට බැන්නා නම් මගේ රහස එළිවෙනවා ඒකයි නිශ්ශබ්දව හිටියේ.

      Delete
  32. කියල වැඩක් නැ මලයා වෙලා තියෙන දේ නම්.... මේව කොහොම අමතක කරන්නද.

    ReplyDelete
    Replies
    1. බොන්ඩ වෙන ප්‍රශ්නයක් :)

      Delete
  33. වන්චාවක් කරපු මිනිහෙකුට නම් හරියන්නෙ නෑ කවදාවත්, ඒ වගේමයි කරපු නැති කෙනෙක් කරා කියල කියන එකාටත් හරියන්නෙ නෑ...
    (ඔයාට නෙමෙයි කිව්වෙ හොදේ.....)

    ReplyDelete
    Replies
    1. මන් කාටවත් වංචා කරලා නැහැ මම හර්ද සාක්ෂියට නිර්දෝශියෙක් :)

      Delete
  34. නිශාන්ගේ නිර්ව්‍යාජ ආත්ම කථනයට ස්තුතිවන්ත වෙමි.

    මිනිසුන් වර්ග කිරීමනම් නිවැරදියි.
    අදකාලෙ මිනිස්සු ඕහොම තමා බං..මටත් ඔය වගේ පොලු තියෙනවා එමට.

    දවසක් මම ඉරිද පත්තරේ ගත්ත කඩේකින්..ගෙදර ඇවිල්ල බලනකොට පත්තර දෙකක්..එකක් රු.50ක්.(ගත්තෙ සෙනසුරාදා)
    පස්සෙන්ද වීපොකුරි ටවුන් ඒකට යනකොට දුන්න කඩේ කියල එතෙන්ට දෙන්න කියල.
    කඩේ අයිති කෙල්ල කට ඇරගෙන බලා ඉඳල...කවුරුවත් නොකරන දෙයක් මිස්..කියල කිව්වලු..අපේ මහත්තය තමා අරන් තිබුනෙ ඊයෙ කිව්වම...ආයිත් පුදුම උනාලු.

    ReplyDelete
    Replies
    1. අයියා වගේ අය ඇත්තටම අඩුයි.අපි එහෙම වුනාට මිනිස්සු අපිට එහෙම නැහැ අයියා

      Delete
  35. සල්ලි ගනුදෙනු කරද්දී සැහෙන්න පරිස්සම් වෙන්න ඕනේ බං. අපි හිතන විදිහට නෙවෙයි අනිත් උන් හිතන්නේ. දෙන්න තියන දෙයක් වංචාවක් නොකර ගෙනත් දෙන්නේ එහෙමත් කෙනෙක් විතරයි..

    ReplyDelete
  36. යකෝ අම්මට බොසා බොසා කියනවද බොල ?

    ReplyDelete
    Replies
    1. එහෙම කිව්වා කියලා මොකද බන් වෙන්නේ?.

      Delete
  37. මදෑ රුපියල් හයසීයෙන් ගියා....
    කොහොම හරි අර රුපියල් හාරසීයේ ශුද්ධ ලාභේ ගියේ බොසාට වුණාට බොසා ඔයාගේ අම්මනේ.....
    ඒ හින්දා අවුලක් නෑනේ.. උඹලගෙම බිසොනස් එකටන ලාභ...

    ReplyDelete
    Replies
    1. එහෙම තමා හිත හදාගත්තේ බන්

      Delete
  38. බිස්නස් වලදී යාළුවන්ට උදවු කරන්න ගියොත් ලෙඩේම තමා.. නෑයෝ උනත් ඕකම තමයි.. කෝම හරි පස්සේ ලාභයක් උනානේ.. ඒ හන්දා අවුලක් නෑ.. පොළියත් එක්කම ඔය ලැබුනේ..

    ReplyDelete
  39. උඹ හරි තීරණේ අරගෙන ඒ ගැන ක්‍රියාත්මක වෙන එක ගැන සතුටුයි.. මම කිව්වෙ ඔය බොසා ළඟ වැඩ කරන එක ගැන.. ඊට පස්සෙ කවදා හරි බොසා උඹනෙ..

    අරූනම් මහ කාළකන්නියෙක්... උඹ දන්නවද පොරවල් ඉන්නවා ඔහොම පැටලිවිලි කරලා වංචා කරන.. උන් කඩේට අවිත් ඉස්සෙල්ලම එකක් ඉල්ලනවා, ඊට පස්සෙ ඒක එපා කියලා වෙන එකක් ඉල්ලනවා.. ඔය වගේ දහයක් විතර අරන් සමහර ඒවා රිටර්න් කරලා සල්ලි දෙනකොටත් එහෙමයි.. ලොකු කොලයක් දික්කරල ඊට පස්සෙ ඒක අරන් පොඩි කොල කිහිපයක් දික්කරනවා.. ඔය වගේ පැටලිවිලි ගොඩාක් කොරලා අන්තිමට බඩුයි සල්ලියි ඔක්කොම අරන් උන් යන්න යනවා.. ඔය ගැන පරිස්සම් වෙයන්.. ඔය සෙල්ලම ඔය අවට ජයටම වෙනවා..

    ReplyDelete
  40. ඒ ලාබෙත් නිශාන්ටමනේ කවදාහරි. :)

    ඔය වගේ කේස් හොද අත්දැකීම් ජිවිතේ හම්බවෙන අනිත් මිනිස්සු ගැන තේරුම් ගන්න.

    ReplyDelete
  41. මොකක්ද බන් මේ කරලා තියෙන්නෙ..?? කමෙන්ට් වල රිප්ලයි බටන් එක අයින් කළාම හෙන අවුල් බන්..

    ReplyDelete
    Replies
    1. අලුත් ටෙම්ප්ලේට් එකක්නේ ඉතින් මේ වගේ ඒවා අපිම කෝඩින් හොයලා දාන්න ඕන.දැන් ඒක හරි තව දෙක තුනක් තියෙනවා වැඩ.

      Delete

හිතට දැනුන පුංචි දේ හරි කියලා යන්න ඒක මට ශක්තියක්.යාලුවනේ ඔයාලට බ්ලොගර් ප්‍රොෆයිල් එකක් තියෙනවා නම් වෙලාවක් තියෙනවා නම් තවමත් ෆලෝ කරලා නැත්තම් ෆලෝ පාරකුත් දාලා යන ලෙස ඉල්ලා සිටිනවා!