Monday, February 04, 2013

71 දෙන්නම් තොපිලට!

                                                                         
                                                                           

                                                                             බිම දාලා පෑගුවා
                                                                           ගිනි තියලා පිච්චුවා
                                                                  අපේ සමහරක් උනුත් හුරේ තිබ්බා
                                                                     කෑල්ලක් ඉල්ලලම හිටියා  
                                                                     වැඩක් වුනේ නැති හින්දා
                                                          ජාතික ගීයට දෙමළ රීමික්ස් කරලත් ඉල්ලුවා.


ඉදිරියටත් කිසිම ජාතියකින්,රටකින් බලපෑමකින් තොර නිදහස් රටක් වේවා!!



71 comments:

  1. හැක්, මොකෑ මේ.

    සැබෑ නිදහස් සුව ලැබේවා
    ලක් මව දිනේවා

    ReplyDelete
    Replies
    1. නිකන් බන් :)
      සේම් ටු යූ

      Delete
  2. ඔය කිවුවට බං සැබෑ නිදහසක් අද රටේ තියෙනවද???????

    ReplyDelete
  3. දීලා තියෙන්නේ අපූරුවට... ජාති බේද වලට අකමැති වුනාට කතාකරන්න වුනොත් නම් එතනදි කට පියන් ඉන්නේ නෑ මමත්,,

    65වෙනි නිදහස සමරමු එහෙනම්...!!

    ReplyDelete
  4. මේ මිනිස්සුන්ට ජාති බේද ඇති කරල ලැබෙන්නෙ මොනවද මන්ද....කාගෙහරි කීමකට මොකක් හරි මගුලක් ඉල්ලගෙන එනව සැරින් සැරේට....

    ReplyDelete
    Replies
    1. උන්ට ඕන වෙනම ප්‍රාන්තයක්.

      Delete
  5. Wedak wenne ne ban..lassana padha peli tika.. Ekata thanks kiwwa onna..

    ReplyDelete
    Replies
    1. :) උඹටත් තෑන්ක්ස් සහෝ

      Delete
  6. විරුවන්ගේ ලෙයින් දහදියෙන් තෙත් වූ මේ බිම සදා එක් සේසත්ව පවතීවා !!!

    ReplyDelete
  7. ඊයේ හදිස්සියේ දුර ගමනක් යන්න සෙට්වුණා... හැම නගරයකම මිනිස්සු තමන්ගේ කඩ සහ නිවෙස් ඉදිපිට සිංහ කොඩිය දාලා තිබුණා.

    නමුත් අකුරණ කියන මුස්ලිම් නගරයේ මම එක කොඩියක්වත් දැක්කේ නෑ..

    ReplyDelete
    Replies
    1. හා හා ඕව කියන්න එපා නිශාන් මලයට තදවෙයි .

      Delete
    2. නැතුව නැතුව... එහෙමයි කියලා කියන්න එපා... ජාතියේ රෙද්දේ සහයෝගීත්වය නැතිවෙයි

      Delete
    3. @චානුක්ස්
      හොඳ මිනිස්සු වගේම කුහක මිනිස්සුත් ඉන්නවනේ බන්.උන් ලංකාවේ නෙවේද දන්නේ නැහැ.

      @බුවා
      අනේ නැහැ බුවා මහත්තයෝ මට අහවල් එකක් ඈ?.

      Delete
  8. 65 වන නිදහස් දින සමරනවා අප
    ඒ වෙනුවෙන් සැමරුන්නම් ඒමට ඇත
    හදේ නැති නිදහසින් මට මොටද පල

    මටනම් තාම නිදහස පිළිබද හරි අර්ථ කතනයක් නැහැ.අපි ඔහේ ගතානු ගතික විදිහට නිදහස සමරනවා විතරයි.......

    http://rasthiyadukarayamo.blogspot.com/2013/02/blog-post.html

    ReplyDelete
    Replies
    1. එක අතකින් ඇත්ත තමා බන්.

      Delete
  9. ඩූඩ්ගෙ පෝස්ට් එකෙට දාපු වචන ටික මෙතැනත් දානව නිශාන්...,

    මම ඊයෙ ගෙදර උන්දැටත් කිව්වෙ..ජාතික කොඩි ලෙල දෙවන්න තරම් කෝ අපිට නිදහසක්...සුද්දො ගියා තමයි...
    කලුසුද්දො ඇවිල්ලා අපේ ලේ මාංශ උරාබොනව..?

    ReplyDelete
    Replies
    1. කළු සුද්දෝ නෙවේ අයියා කළු දෙමල්ලු

      Delete
    2. නෑ මචං මම කිව්වෙ අපේ පාලක පෙලන්තිය ගැන.

      Delete
  10. පුරුද්දක් විදියට නිදහස සැමරුවට ඇත්තටම නිදහසක් තියනවද කියන එක ප්‍රශ්නයක්...සරලව ගත්තොත් නම් නිදහස උපරිමයි...එත් ගැඹුරට හිතුවොත් නිදහසක් ඇත්තෙම නැති ගානයි..

    ReplyDelete
    Replies
    1. දැනට නම් නිදහස් නිවහල් රටක්.ඒක දිගටම පවතීවා කියලා පතමු.

      Delete
  11. ඔය පොටෝ නම් තමිල්නාඩු ආතල් මම හිතන්නේ . යුද්ධෙ ඉවරයි ප්‍රශ්නය ඉවර නෑ , ජාතික ගිය රීමික්ස් කරනවා වගේ බොලඳ වැඩ වලින් උත්තර හොයන්නත් බෑ . කොහොම වුනත් මේ සමරන්නේ සුද්දගෙන් නිදහස් වීම නේ , ඒකට සුභ පතමු .
    '
    ප.ලි- හැබැයි සුද්දා ආවේ නැත්නම් ලංකාව , අද අපි දකින තත්වයෙන් හාත්පසින්ම වෙනස් තත්වයේ එකක් වෙන්න ඉඩ තිබුනා . දන්නෝ දනිති . ඕවා මෙතන කිව්වාම නිශාන් මලයට තදවෙන නිසා මේ ඇති

    ReplyDelete
    Replies
    1. සුද්දා නාව නම් අපි තාමත් වැද්දෝ......

      Delete
    2. වැද්ද කමවත් බේරගන්න බැරි වෙන්න ඉඩ තිබුනා , කොනකපාලු ආක්‍රමණයක් ආවා නම් . උන්ගේ කඩුවලට සුද්දගේ වෙඩි බේත් එක්ක ගැටෙන්න බැරි නිසා ලංකාව බේරුනා

      Delete
    3. @බුවා
      ඔව් මේ තමිල්නාඩුවේ කොටි අවතාර.ඒ අවතාර ලංකාවෙත් තවම තියෙනවා.අනේ නැහැ මට තදවීම ප්‍රශ්නයක් නෙවේ.අද නිදහස් දවසනේ ඉතින් ඔබතුමාට කැමති දෙයක් ලියන්න අයිතිය තියෙනවා බ්ලොගේ මගේ වුනාට.අනික මම කවදාවත් කොමන්ට් වාරණය කරලා නැහැ.ඔබේ මතය දක්වන්න කිසි ප්‍රශ්නයක් නැහැ.

      Delete
  12. මේ පොටෝ ලංකාවෙ එහෙම නෙවෙයි නේ? ඇමෙරිකාව මේ පාරත් මාන්ව හිමිකම් යෝජනාවට ඉංදියාවෙන් සහය ඉල්ලුව කියලයි ආරන්චි.

    ReplyDelete
    Replies
    1. ඉන්දියාවේ ස්ථාවරය ලංකාව සම්බන්ධ ප්‍රශ්නයකදි තීරණාත්මකයි , ඉන්දියාවේ සහය නැතුව ගොඩ දාගන්න බැරි යෝජනාවක් නම් සැර පොඩ්ඩක් බාල කරල සහය දෙයි (ගිය පාරත් මෙහෙම දෙයක් වුනා කියල තැන් තැන් වල පලවුනා ) , රුසියාව චීනේ නැති එකෙන් ඇමරිකාවට කොහොමත් වැඩේ ගොඩ නම් ඉන්දියාව ඡන්දය දීමෙන් වැලකී ඉඳියි , ලංකාවට සහය පලකරන්න නම් ආණ්ඩුවෙන් වෙනත් මොකක් හරි ලොකු කප්පමක් පොරොන්දු වෙලා තියෙන්න ඕනි .

      මේවා ලංකාවේ පොටෝ නෙවෙයි , තමිලානාඩුවෙන් උන්ගෙ ආතල් . අර එක නලුවෙක් ලංකාව සිතියමෙන් මකන්නත් කථා කලේ ගිය පාර . මේව ගැන අනුකම්පා කරනව මිසක් කලබල වෙලා වැඩක් නෑ . හැබැයි කොටි විරෝධීව හිටපු ජයලලිතා කොටි හිතවාදිනියක් බවට පත්වුනේ නම් අපේ අයගේ අති දක්ෂ විදේශ ප්‍රතිපත්තිය නිසා

      Delete
    2. අනේ උගෙ ෆිල්ම් නම්. බදුල්ල බස් එකක දෙමල ෆිල්ම් 2ක් බැලුව. හොඳටම හිනාඋනේ ඔය කියන හාදය ඉන්න ෆිල්ම් එකට. මට හිතාගන්න බැරි ඌ කොහොමද හිනාවෙන්නෙ නැතුව ඒවගෙ රඟපාන්නෙ කියල

      Delete
    3. @උකුස්සා
      මානව හිමිකම් අඳුරන්නේ නැති රටවල් වලින් සහය ගැනීම ඇමරිකාවේ උපක්‍රමයක්.ඔව් මේ තමිල්නාඩුවේ ද්‍රවිඩ බල්ලන්ගේ වැඩ.ජය ලලිතලා බැලුවේ කොහොම හරි උන්ගේ ජාතිය නගා සිටවන්න.

      අපේ රටෙත් හැම බලවතාම එහෙම හිතුවා නම් අපි ඔය මොකෙක්ටවත් නැවෙන්න ඕන නැහැ.

      Delete
    4. පිස්සුද මලයො ජයලලිතලාට ජාතිය වැඩක් නෑ , උන්ට ඕනි දෙමල ඡන්ද මෙහෙ ඉන්න එකාල වගේම තමයි . ඔය ජයලලිතල උපවාස කරන දවස් වල බිබිසි එකේ වැඩසටහනක් ගීයා සරණාගත කඳවුරු වල ඉන්න ශ්‍රි ලාංකික ද්‍රවිඩ සරණාගතයින් ගැන , ඒ මිනිස්සු කිව්වේ ජයලලිතලා ඇහැක් ඇරල ඒ මිනිස්සු දිහා බලන්නේ නෑ කියලා , ඒ ගැනිගේ රස්සාව නිලි කමනේ දේශපාලනේදිත් ඒකම තමා , හැබැයි අපිට තිබුනා ඒ ගැන් අපේ පැත්තට තියා ගන්න . එහෙම වුනා නම් සැහෙන්න කරදර අඩුයි ! කරුණානිධි වයිකෝ වගේ අය නම් බොක්කෙන්ම කොටි

      //මානව හිමිකම් අඳුරන්නේ නැති රටවල් වලින් සහය ගැනීම ඇමරිකාවේ උපක්‍රමයක්//

      මේ කැල්ල නම් තේරුම් ගියේ නැත

      Delete
  13. Replies
    1. එහෙම එකක් අහලා නැත්ද?

      Delete
  14. සුද්දගෙන් ලබාගත් නිදහසට 1818 ඉදන්ම කැපවුණු සියලුම නායකයන්ට උත්තමාචාර....

    ReplyDelete
  15. මේ දෙමල්ලු ඉල්ලුවෙනති දේකුත් දෙන්නයි යන්නේ මැටි රජා

    ReplyDelete
    Replies
    1. සිංහලයා ඇර අනිත් මොකා මොනවා ඉල්ලුවත් රජා පුක උඩ දාගෙන දෙන්නේ

      Delete
  16. මොන ගැ‍ටුම් තිබුනත්, සමරන්න ජාතික දිනයක් තියෙන එක ගැනත්, ලෙලදෙවන්න ජාතික කොඩියක් තියෙන එක ගැනත්, පුදුම සතුටක් දැනෙනවා මේවගේ පිට දේශෙක ඉන්නකොට.

    ReplyDelete
    Replies
    1. අනිවා,,,, අනේ අපේ රට කියල හිතෙන්නේ පිටරටකට ගියාම

      Delete
    2. ඔව් ලංකාවේ ඉඳන් අපි තැම්බෙද්දී තැලෙද්දී පොඩි වෙද්දී ලංකාව වගේ රටක ඉපදීමත් පවක් කියලා හිතෙනවා.

      Delete
  17. තර්ක විතර්ක කර කර අපි ඉන්න කොට ආයේමත් ත්‍රස්තවාදය උඩට එයි.එතකොට
    නිදහස?
    මනසින් දිවියට ගොඩ වඳින්න(සරල බව සහ තදබල උනන්දුව)

    ReplyDelete
    Replies
    1. වෙන්න පුළුවන් එත් දැන් ලේසි නැහැ.

      Delete
  18. ලංකාවට සුභ වේවා!!! රාජ සම්පත් ලැබේවා!!!

    ReplyDelete
    Replies
    1. මාත් එහෙම පතනවා

      Delete
  19. නිදහස???

    එක එක්කෙනාට එක එක විදියට...
    කොහොමත් ජාතික නිදහස් දිනය විදියට මෙහෙම එකක් තියෙන එක ගැන සතුටුයි...

    ReplyDelete
    Replies
    1. හ්ම්ම දිනයක් වශයෙන් අපිට නිවාඩු හරි ලැබෙනවනේ :)

      Delete
  20. මගේ මවුබිමට සදා ජය. මේ අපේ රටයි..ලොව කොතැනකවත් සිංහලයා වන අපට කියා බිම් අගලක්වත් නැත

    ReplyDelete
    Replies
    1. නලීන් අයියා, මට නම් හිතෙන්නෙ මේක මහ අවාසනාවක් - ජාතීන් වශයෙන් වෙන වෙනම ලෝක ගෝලෙ බෙදාගන්න දඟලන එක. එහෙම නොවුන නම් අතීතෙ සිටම සිද්ධ වුනු මේ ලේ වැගිරීම්, ධන හානි, පරිසර විනාශය, කුමන්ත්‍රණ, දුෂ්ඨකම්වලින් තොර ලෝකයක් ඇතිවෙන්නත් ඉඩතිබුන. (ම් .... සමහර විට මීට බොහෝ කාලෙකට කලින් ම මිනිස් වර්ගයා පෘථිවියෙන් අතුගෑවීයන්නත් ඉඩ තිබුන)

      Delete
    2. අනිවා මව්බිමට සදා ජය.

      Delete
  21. නිදහසක් ???? අනේ මන්දා. ඒක තියෙන අය සමරනව, එහෙම එකක් නැති අය උපේක්‍ෂාවෙන් බලාසිටිනව. නිදහස කෙසේවෙතත් අන්‍ය ජාතියකට අපි යටත් නැහැ කියන අභිමානය නම් හුඟ දෙනෙක්ට තිබෙනව, ඒත් රටේ සියළුම දෙනාට එහෙම හැඟෙන්නෙ නැති එක - නොඑසේනම් ඉන්න පාලකයො එහෙම හැඟෙන විදියට කටයුතු නොකිරීම තමයි ඔය ප්‍රශ්න ඔක්කොටම මුල මට හිතෙන හැටියට.

    මොනම ප්‍රශ්නයක් නිසාවත් රටක් සංකේතවත් කරන ගරු කළ යුතු ජාතික කොඩියකට අර කරන පාහර වැඩේ නම් අනුමත කරන්න බෑ, කොහොමටත් ඒකෙන් පෙන්නන්නෙ එතන ඉන්න උන්ගෙ පහත් උපත්තිය.

    ReplyDelete
    Replies
    1. අපේ රටේ ජනයා නම් අන්‍යජතියකට යටත් නැහැ එත් පාලකයෝ දෙකට තුනට නැවෙනවා වෙනත් රටවල් ඉස්සරහ.
      මේ තමිල්නාඩු කුපිත මෝඩ නූගත් ද්‍රවිඩයෝ.

      Delete
  22. Replies
    1. ඉතුරු ටික වැඩිහිටියන්ට පමණද?

      Delete
  23. අනේ මන්දා...මොනවයින් මොනවා ඉස්සරහට වෙයිද කියන්න බෑ,, ඒත් කවුරුවත් කටවල් වහගෙන වෙන දේ බලා ගෙන ඉන්න එකනම් නාකයි ඕන්...

    ReplyDelete
    Replies
    1. බයවෙන්න එපා ෆේස්බුක් එකේ ඕනෑතරම් වීරයෝ ඉන්නවා.

      Delete
  24. අනිවාර්යයෙන්... එහෙම ලෝකේ කිසිම රටක වෙන්නේ නැහැ

    ReplyDelete
    Replies
    1. මාත් එහෙම පතනවා!

      Delete
  25. මේ ෆොටෝ දැක්කම ඇගේ මාළු නටනවා බං..

    ReplyDelete
  26. යටත් විජිතයක් වශයෙන් තිබිලා ඒ තත්ත්වයෙන් නිදහස් වීම සමරන, ඒ වෙනුවෙන් ජීවිත කැප කල විරුවන් සිහි කරන අද..... මේ නිදහස තවත් පුළුල් වෙන්න කියල පතනවා...!

    ReplyDelete
  27. මුන්ට රෙදි කෑල්ලක් පුච්චල අපේ සිංහයව මරන්න බැහැ!!

    ReplyDelete
  28. රටේ නිදහස් නම් තියෙනවා...ඒත් ඒ රටේම ජීවත් වෙන්න හිතේ නිදහස නම් අඩුයි..

    ජය වේවා !

    ReplyDelete
  29. නිදහස කිව්වට හරිම නිදහස තාම අපිට ලැබිලා නෑ.

    ReplyDelete
  30. නිදහස තියෙනවද ඇත්තටම....

    ReplyDelete
  31. අනේ බං අර පුච්චන එක අයින් කරපං.. මට නං ඒක බලන්නත් අමාරුයි...

    ReplyDelete
  32. ප්‍රාර්ථනය වාගේම අපි සැම දෙනාත් ඒ වෙනුවෙන් හැකි උපරිමයෙන් කැපවෙමු.
    ඔබ අපෙයි ශ්‍රී ලංකා - අප ඔබෙයි ශ්‍රී ලංකා.
    ඔබ දන්නවා ද....?
    ආනන්ද සමරකෝන් ජාතික ගීය ලියුවාට පසුව එහි මුල් පද වෙනස්කළ බැවින් කණස්සල්ලට පත්ව සිටිබව. මා මේ අදහස කියුවාට එය ලියුවේ ජාතිවාදී කෝණයකින් නොව.
    සියලු ජාතීන් සමගි කරවන්න ජාතික ගීතයේ පද වෙනස් කළාට වැඩැක් නැත. සමගිය වෙනුවෙන් කළ යුතුම වැඩ බෝහෝ ය. ඒවා නොකර, කරනු ලබනුයේ ආටෝප වැඩ පමණී. මෙම පද වෙනස්කිරීම කළා නම් සත්‍ය වශයෙන් ම සිදුවනුයේ තවත් ජාතීන් අතර විරසක භාවයකි.

    ReplyDelete

හිතට දැනුන පුංචි දේ හරි කියලා යන්න ඒක මට ශක්තියක්.යාලුවනේ ඔයාලට බ්ලොගර් ප්‍රොෆයිල් එකක් තියෙනවා නම් වෙලාවක් තියෙනවා නම් තවමත් ෆලෝ කරලා නැත්තම් ෆලෝ පාරකුත් දාලා යන ලෙස ඉල්ලා සිටිනවා!