Monday, February 18, 2013

100 කපටි සිංහල කතයි මුසල්මානුවයි මගේ පාස්පෝට් එකයි!

ඊයේ පෙරේදා ස්වර්ණවාහිනියේ ප්‍රවෘත්ති වලට පෙන්නුවා ආගමන විගමන එක ගාව සල්ලි වලට අත්සන දෙන සාමවිනිසුරුන් ගැන.ඒ සිද්දියත් එක්ක මට මතක් වුනා මම පාස්පෝට් එක හදපු හැටි.මන් හිතනවා දුර පලාත්වල ඉන්න අය කොළඹට ඇවිත් පාස්පෝට් එක හදනවා නම් එයාලටත් මේක උපකාරයක් වෙයි කියලා.

පොඩි කාලේ ඉඳන්ම ගොඩක් දේවල් මට කරලා දුන්නේ අම්මා.ඒත් පහු වෙද්දී නීති ශිෂ්‍යාවගේ අත කැපුවා වගේ වැඩක් නිසා අපේ අම්මගේ පාදයේ ඇඟිල්ලක් කපන්න වුනා.ඒක නිසා ඒ හැමදෙයක්ම මමම තමයි කරගත්තේ තනියම.ලංකාවේ කරන්න දෙයක් නැහැයි කියලා සහ ලංකාව එපාම වෙලා මට හිතුනා හොඳ රැකියාවකට රට යන්න.හොඳ කිව්වට පඩිය විතරයි හොඳ සිකුරිටි ජොබ් එකක්.


මේ මොනා කරන්නත් කලින් පාස් පෝට් එක එපැයි අනික ඕක හදාගෙන තියෙන එකත් හොඳයිනේ.ගෙවල් ගාව ඉන්නවා පාස්පෝට් ඔෆිස් එකේ වැඩ කරන බුවෙක්.මේ යකා එක්ක වැඩිය ෆිට් එකක් නැහැ එත් දවසක් මම ගිහින් ඌට කිව්වා පාස්පෝට් එක හදාගන්න උදව් කරන්න කියලා.මේ යකා කිව්වා හෙට උදේට ඔෆිස් එකට එන්න කියලා එය හතර වෙනි තට්ටුවේ තැපැල් අංශයේ වැඩ කියලා.ඉතින් පහුවෙනිදා අම්මගෙන්  පාස්පෝට් ඔෆිස් එකට යන විදිහ අහාගෙන තව යාලුවෙක්ටත් එන්නයි කියලා මම උදෙන්ම යන්න පිටත් වුනා.රාගමටත් ආවාට පස්සේ අර යාළුවා කෝල් කරලා එන්න වෙන්නේ නැහැ කිව්වා ඔන්න අපේ යාළුවො.

දැන් ඉතින් තනියම හරි යනවා කියලා හිතාගෙන කෝච්චියට ගොඩ වෙලා මරදානට ගියා.අම්මා කිව්ව විදියට මරදානෙන් බැහැලා පොලිසිය ගාව බස් නැවතුම් පොලේ හිටියා,එතනට එන ඕන බස් එහෙක යන්න පුළුවන් කියපු නිසා.ඊට පස්සේ ඔන්න ඉස්සෙල්ලාම ආපු බස් එකේ ගොඩ වෙලා පාස්පෝට් ඔෆිස් කිව්වම රුපියල් 10ක්ද කොහෙද ගත්තා.බලද්දි පයින් යන දුර.පාස්පෝට් ඔෆිස් කිව්වට ඉතින් බැහැපු තැනම ඕක නැහැනේ අර ඇතුල් පාරෙනේ තියෙන්නේ.එතන හිටපු පොලිස්කාරයෙක්ගෙන් ඇහුවා අයියේ පාස්පෝට් ඔෆිස් එක කොහෙද කියලා.

ඔන්න බුවා මට පෙන්නුවා මල්ලි මෙහෙන් යන්න කියලා.මාත් දැන් ගියා පාස්පෝට් ඔෆිස් එකේ දොර වහලා.මිනිස්සු කට්ටියක් හිටගෙනත් ඉන්නවා එතන.මාත් ඉතින් හිටන් හිටියා මේක තාම ඇරලා නැද්ද කොහෙද කියලා.ටිකක් වෙලා හිටියා අරින පාටක් නැහැ.ඒ අස්සෙන් අයිනේ තියෙන හොටෙල් එකක් අස්සට මිනිස්සු යනවා.මාත් ගියා බලන්න.

බලද්දී එතනින්නේ යන්න තියෙන්නේ ඇතුලට.හොටෙල් එකක්,වීඩියෝ බාර්,ඒජන්සි වගයක් අස්සෙන් ගිහින් තමයි පාස්පෝට් ඔෆිස් එකට යන්න තියෙන්නේ.ඉතින් දැන් මන් ඕක අස්සෙන් ගිහින් උඩ තට්ටුවට නගිද්දී මොබිටෙල් එකේ කවුන්ටරයක් තියෙනවා ෆෝම් වගයක් බෙදන.සිම් දෙන්නද දන්නේ නැහැනේ.ඉතින් මන් එතනත් පහු කරන් හතරවෙනි තට්ටුවට ගියා අර බුවා ව හම්බවෙන්න.හතර වෙනි තට්ටුවේ තැපැල් අංශය කියලා ගහලා තිබ්බ නිසා එතනට ගිහින් අර බුවාගේ නමත් කියලා ඇහුවා.එතනින් කිව්වා ඌ අද ඇවිත් නැහැ කියලා.

මටමයි වෙන්නේ කියලා හිතාගෙන ආයේ ගියා පල්ලෙහාට තනියෙන් හරි මේක කරගන්නවා කියලා.පල්ලෙහාට ගිහින් ආමි වගේ යුනිෆෝම් එකක් ඇඳන් හිටිය කෙනෙක්ගෙන් ඇහුවා මොකද කරන්න ඕන කියලා.අනේ එයා මට කියලා දුන්නා ෆෝම් එකක් අරගෙන පුරවලා ෆොටෝ එකකුත් අලවලා සාමවිනිසුරු අත්සනක් දාලා උඩට දෙන්න කියලා.

තවත් මිනිහට කරදර කරන්න බැරි නිසා ෆෝම් දෙන තැන හොයන්න ගියාම අර මොබිටෙල් කවුන්ටරෙන් තමයි ෆෝම් දෙන්නේ.එතනින් ෆෝම් එකක් ගත්තා.එත් දැන් අහල තියෙන ඒවා පුරවන්න නිකන් මඥ්ඥම් වගේ.ඒක අතේ තියාගෙන ගියා ෆොටෝ ගහන්න.එතනම ෆොටෝත් ගහනවා.ෆොටෝ ගහන තැනින් කෝට් එකයි ටයි එකයි දාලා ගැහුවා ෆොටෝ එකක්.ඒ යකා ෆොටෝ එක ගත්තේ ඩිජිටල් කැමරා එකකින්.ක්ෂණිකයකින් ඒක පොඩි ප්‍රින්ටරෙකට ගහලා ප්‍රින්ට් කරලා දෙනවා. 200ක්ද කොහෙද ගත්තා.ඊට පස්සේ ඒ මිනිහා ඇහුවා ෆෝම් එක පුරවගන්න ඕන නම් කියන්න අත්සනත් දාලා ඔක්කොම කරලා දෙන්නම් 250යි කියලා.

ස්වර්ණවාහිනියේ එහෙම පෙන්නුවට 250කට එතනින් ඔක්කොම කරලා දෙන එක නම් මම දැක්කේ හෙන ලොකු උදව්වක් වගේ.මම හා කිව්වම එයා කාටද කෝල් කරලා එන්න කිව්වම තව මනුස්සයෙක් ආව එතනට.

ඊට පස්සේ මට එයාගේ පස්සෙන් එන්න කිව්වා.අපි ආපහු අර කඩසාප්පු හොටෙල් මැද්දෙන් එලියට ආවා.ඒ මනුස්සයා දඩිබිඩි ගාලා යනවා මාත් මිනිහා පස්සෙන් යනවා.මිනිහා ඔහොම වාහන අස්සෙන් රිංගල පාරත් පැනලා පොඩි කඩයක් අස්සට රිංගුවා.එතන හිටියා කොල්ලෝ දෙන්නෙකුයි සුදුම සුදු මිනිහෙකුයි.

අර කොල්ලෝ දෙන්නට විස්තරේ කිව්වම මට අඩගහලා මගෙන් විස්තර අහගෙන ෆෝම් එක ඒ දෙන්නා පිරෙව්වා.ඊට පස්සේ අර සුදුම සුදු මිනිහට දුන්න අත්සන ගහන්න.ඒ මනුස්සයා අත්සන ගහලා සීල් එකකුත් ගහලා මගේ උප්පැන්නේ ඉල්ලලා එකටම අමුනලා,ෆොටෝ එකත් ෆෝම් එකට අලවලා දුන්නා .දෙවෙනි තට්ටුවට දෙන්න කියලා.

මම 250කුත් දීලා ආයේ ඇතුලට ඇවිත් දෙවෙනි තට්ටුවට ගියා.එතන තියෙනවා දවසෙන් හදන අයටයි අනිත් අයටයි තැන් දෙකක් දවසෙන් හදන අයට 7500ක් ගෙවන්න ඕන.අනිත් අයට 2500යි.

දවසෙන් හදන්න ඕන නැති නිසා මම සාමාන්‍ය කියලා තියෙන පැත්තට ගියා.එතනට ගියාම මුස්ලිම් අය පෝලිමට පොර කනවා.මාත් අස්සෙන් රිංගලා කොලත් දික් කරා.එතන හිටපු නිලධාරියෙක් කිව්වා ටෝකන් තියෙන අය පිළිවෙලට එන්න කියලා.මන් ගාව ටෝකන් නැහැනේ දැන් කොහෙන්ද ටෝකන් ගන්නේ?.වට පිට බලලා එලියට ආවා.

දෙවෙනි තට්ටුවේ ඇතුල්වෙන තැනම පොඩි කවුන්ටරයක් තියෙනවා හැබැයි කව්රුත් නැහැ.මම එතනට ගිහින් බලද්දී ටෝකන් වගයක් තිබ්බා.එකක් ගන්න හදද්දී ඔන්න මනුස්සයෙක් ආවා,

ඇයි පුතා?කියලා ඇහුවා
මම කිව්වා ටෝකන් එකක් ගන්න! කියලා.

ඊට පස්සේ මගේ නම අහලා ලියාගෙන ටෝකන් එකක් දුන්නා.මම ඒකත් අරගෙන අර පොරකන උන් අතරින් රිංගලා මගේ ෆෝම් එකත් දුන්නා.ඒ නිලධාරින් ෆෝම් එක අරගෙන කිව්වා වාඩි වෙලා ඉන්න කියලා.

මාත් එතන තිබ්බ පුටුවල වාඩි වෙලා හිටියා .ලොකු ස්ක්‍රීන් දෙකක් තියෙනවා නම්බර්ස් වැටෙන.එකේ තිබ්බේ 3023.මගේ ටෝකන් එක 3176.මගේ අංකෙ එනකම් මම පැය එකාමාරක් විතර වාඩි වෙලා හිටියා.ඔය අතරේ මගෙන් මුස්ලිම් කීපදෙනෙකුයි  තරුණ හාමුදුරු දෙන්නෙකුයි ඇවිල්ලා ඇහුවා ටෝකන් ගන්නේ කොහෙන්ද කියලා.මාත් කලින් ඉඳන්ම දන්න එකෙක් වගේ එයාලට කිව්වා කවුන්ටරේ තියෙන තැන.ටෝකන් දෙන කවුන්ටරේ එන තැනම තිබ්බට එතන නිලධාරියා සීට් එකේ නැහැ.

පස්සේ මගේ ටෝකන් නම්බරේ ස්ක්‍රීන් එකේ වැටුනම මගේ නම කියලා කතා කරා.ඊට පස්සේ ෆොටෝ එකේ ඉන්නේ මමමද කියලා බලලා ෆෝම් එකේ කොටුවක් ඇතුලේ අත්සන ගහන්න කිව්වා.ගැහුවා මාත් අත්සන එත් මගේ අත්සනේ ඉරි කෑල්ලක් කොටුවෙන් පැන්නා එලියට.ඒ මාමා මට කිව්වා ආයේ ගහන්න කියලා ඒ ෆෝම් එකේම තිබ්බ තවත් කොටුවක.

ඒ කොටුවත් පිට පැන්නොත් තව කොටුත් නැහැ අනික මට ඒ ඉරි කෑල්ල කොන්ට්‍රෝල් නැහැ.ඉතින් මම හෙන පරිස්සමෙන් ටිකක් හෙමින් ආයේ ගැහුවා අත්සන.ඒ පාර ඉරි කෑල්ල කොටුවේ බිත්තියක වැදිලා නැවතුනා.මාමා මුකුත් කිව්වේ නැහැ සල්ලි ඉල්ලුව 2500ක්.

සතියකින් ගෙදරට පාස්පෝට් එකයි උප්පන්නෙයි එයි කිව්වා.කිව්වා වගේම හරියටම සතියකින් පාස්පෝට් එක ආවා.ඔන්න ඔහොමයි මම පාස්පෝට් එක හැදුවේ.ඒක පොඩි දෙයක් වුනාට ජීවිතේට රටේ තොටේ කරක්ගහලා නැති මට(ඒ දවස් වල) ඒක ලොකු හපන්කමක්.තනියම ගිහින් පාස්පෝට් එක හදාගත්තයි කියන එක පොඩි දෙයක්ද මන් අහන්නේ? :P
_______________________________________________________________________________
පාස්පෝට් එක හැදුවා නම් ඇයි තෝ රට නොගියේ?

ඇත්තටම පාස්පෝට් එක ආවම අම්මයි මායි ගියා අර කිව්ව සිකුරිටි ජොබ් එක ගැන බලන්න.ඒකත් මරදානේමයි.එදා නම් අම්මා ආවා මා එක්ක.එතනට ගියාම ඒක මුස්ලිම් ඒජන්සියක්.එකේ හිටපු ලොක්කා මුස්ලිම් පොරක් රැවුලකුත් තිබ්බා ලොකු!(මුස්ලිම් මිනිස්සු ගැන හොඳ දැක්ක සිදුවීමකුත් වුනේ එතනදී)

ඒ මනුස්සයා මාව දැකලා අපේ අම්මටයි මටයි  කිව්ව වචන මට අදත් මතකයි.
"පුතා ඔයා තාම පොඩියි ඒ වගේ රස්සාවකට ඔයාව තාම හරියන්නේ නැහැ.මං ඔයාව සේල්ස් වලට දාන්නම් ඩුබායි වල ඔයා කැමති නම්.ඒත් පුතා කුවේට් නම් යන්න එපා එහෙ නීති වැඩියි අනික මිනිස්සුත් වසයි.මං එහෙට යවන්නේ 40ට වඩා වැඩි පිරිමි අයව විතරයි.සිකුරිටි ජොබ් එකකට පස්සේ යන්න මොකද එතකොට ඔයාට අත්දැකීමකුත් තියෙයි නේ"

මම යයි සුපර්මාකට් වල වැඩට හුහ්.එදා එතනින් ඇවිත් තවත් ඒජන්සියකට ගියා.කොල්ලුපිටියේ ශ්‍රීමාලි මෑන්පවර්.ඒක නම් සිංහල ගෑනු කෙනෙක් කරන්නේ.එයාත් කිව්වේ මෙයා ටු යන්ග්.මගේ සන් වගේමයි. කියලා.

ඊට පස්සේ මෙඩිකල් කරන්න සල්ලි අරන් එන්න කිව්වා මාසෙකින් මැලේසියා යවනවා කියලා.27500ක් ඉල්ලුවා මෙඩිකල් වලටයි ඉන්ෂුරන්ස් වලටයි.අපිත් ආයේ දවසක් ගියා සල්ලිත් අරගෙන.සල්ලිත් අරගෙන මෙඩිකල් වලට යවලා මෙඩිකලුත් කෙරෙව්වා.මාසෙන් යවනවා කිව්ව නිසා මම ලැස්ති වෙලා හිටියේ.එත් දැන් අවුරුද්දක් වෙනවා තාමත් ගෙදර.ඒ ගෑණු කෙනා බොරු කිව්වේ.මාසෙකින් කෝල් එකක්වත් ආවේ නැහැ.කෝල් කරාම එක එක බයිලා කියලා කල් ගියා කිව්වා.පස්සේ මාස තුනක් ගියාම කිව්වා මෙඩිකල් සල්ලි දෙනවා කියලා.එත් අදටත් 10000යි දුන්නේ ඒකත් දෙපාරකට.ඉතුරු ගාන  තාම ගත්තේ නැහැ.හැමදාම ලබන මාසේ දෙන්නම් මේ මාසේ අන්තිම දෙන්නම් කියලා කල් යවනවා.

අපි විදේශ අමාත්‍යංශයට පැමිනිල්ලකුත් දැම්මා.ඒකෙන් ලියුමක් එවනවා කිව්වා ඒකත් සති දෙකකින් එත් දැන් මාසයක් වෙනවා තාම ඒකෙන් ලියුමක් ආවෙත් නැහැ.ජීවිතේටවත් දන්න කෙනෙක්වත් ඔය කොල්ලුපිටියේ ශ්‍රීමාලි එකට නම් යවන්න එපා.http://www.adpost.com/my/employment/33119/
ඔය ලින්ක් එක ක්ලික් කරොත් ඒ ගෑණු කෙනාවයි ඒ දැන්වීමයි බලන්න පුළුවන්.



100 comments:

  1. තොට පිස්සුද නරියො සික්‍යුරිටි ගාඩ් ජොබ් වලට රට යන්න හදන්නෙ.. මෙහෙ සික්‍යුරිටි ජොබ් වලට ඇවිත් ඉඳලා මට හම්බෙලා තියනවා අපේ කොල්ලො සොච්චම් පඩි වලට.. නරා දුක් විදින්නෙ උන්.. අපේ බිල්ඩින් එකේ සික්‍යුරිටි කොල්ලා නේපාලි එකෙක්.. ආවත් හරි තාම ගෙදර ගිහින් නෑ.. දැන් අවුරුදු පහක්.. මම හැමදාම අහනකොට ඌ හැමදාම දෙන්නෙ එකම උත්තරේ.." may be next year. " ඌ දන්නෙත් නෑ කවද්ද යන්න පුළුවන් කියලා.. නිවාඩු ඉල්ලුවම දැන් දෙන්න බෑ කට්ටිය මදි කියනවලු හැමදාම.

    යනවනම් මොකක් හරි ටිකක් හොඳ ජොබ් එකකට, මොකක් හරි පුහුණුවක් අරන් පලයන්.. නැත්තම් ඔය අම්මගෙ බිස්නස් එක දියුණු කරන් හිටපන්..

    ReplyDelete
    Replies
    1. හ්ම්ම් ඔව් අයියා යන්න තමා හිටියේ එත් මැදපෙරදිග නෙවෙයි මැලේසියා.ඒකත් හරිගියේ නැහැ හැමදේම වෙන්නේ දෛවයට අනුව තමා.අනික ඒ දේ කරන්න හැදුවේ මගේ තනි උවමනාවට නෙවේ අම්මගෙත් උවමනාවට.

      Delete
    2. මම මේ උඹෙන් අහන්නම හිටියෙ, උඹට IT ෆීල්ඩ් එකේ සැළකියයුතු හැකියාවක් තියනවා නේද ? ඇයි ඒක දියුණු කරන් ඉස්සරහට නොයන්නෙ ?

      Delete
    3. :) ඒ අංශය තමා මගේ ප්‍රියතම විෂය.පොඩි බලාපොරොත්තුවක් තියෙනවා ඒ අංශෙන් හරි ඉදිරියට යන්න.

      Delete
  2. මටත් හිතෙන්නෙ ඔය සෙන්න කිව්ව වගේ උඹ ඒ වෙලාවෙ නොගිය එකමයි හොඳ. අනෙක ඇයි බං උඹ හරියකටම තීරණය කරගන්න බැරුව ඉද්දි සල්ලි ගෙව්වෙ. අපරාදෙ, එෆ්ඩී එකක් දාලා තිබ්බනම් පොලීත් වෙල.

    ජීවිතේ හැටි ඔහොම තමයි, මමත් ඉස්සෙල්ලම කොළඹ යනකොට කොළඹ පාරවල් හරියකට දන්නෙත් නෑ. ඒත් හොයා හොයාගෙන කොච්චර තැන්වලට ගියාද, එහෙම තමා හැමදාම අපේ පස්සෙන් ඉන්න කවුරුත් නෑනේ. අපේ වැඩ අපි තනියම කරගන්න පුරුදු වෙන්න ඕන. අනෙක අපේම භාෂාවක් කතාකරන දන්න කියන මිනිස්සු ඉන්න මේ පුංචි රටේ තනියෙන් ඇවිදින්න බැරිනම් කොහොමද වෙන රටකට ගිහින් ඉහගහන්නෙ.

    ජීවිතේ කියන්නෙ අත්දැකීම් ගොඩක් බං, උඹ උඹට සතුටුවෙන්න පුළුවන් වෘත්තියක් කරපං, ඒක කරන්නෙ මොන රටේ ඉඳන්ද කියන එක එච්චර වැදගත් නෑ.

    ReplyDelete
    Replies
    1. මම හරියට තීරණයක් නැතුව නෙමේ සල්ලි දුන්නේ.සල්ලි දුන්නේ රට යන්න බලාගෙනමයි.ඒත් ඒක හබක් වුනා.සෙන්නා අයියට කිව්වා වගේම කියන්න තියෙන්නේ හැමදේම වෙන්නේ දෛවයට අනුව අයියා.

      Delete
  3. මචං....කොහොමත් අපි අපේ වැඩ තනියම කර ගන්න පුරුදු වෙන්න ඕනේ...
    අපේ හිතේ තියෙන එක දෙයක් තමයි ගොඩ යන්න නම් රට යන්න ඕනේ කියන එක! එහෙම එකක් නෑ බං!අපිට හොඳ ඉලක්කයක් තියෙන්න ඕනේ! ඒ ඉලක්කයට යන මාර්ගය පැහැදිලි කර ගන්න ඕනේ! දන්නේ නැත්නම් දන්නා කෙනෙක්ගෙන් අහගෙන හරි!
    මට හිතෙන විදිහට උඹට කරන්න තියෙන හොඳම වැඩේ තමයි හොඳ පුහුණුවක් අරගෙන වැඩේට බහින එක!මිනිස්සු කියන්නන් වාලේ වැඩ කරන්න යන්න එපා!
    හොඳ මිනිස්සු ටිකක් ඇසුරු කරපන්! ජිවිතේ ප්ලැන් කරපන් දැන්ම! ඉක්මන් වෙලා මෝඩ තීරණ ගන්න එපා!ඔය එහෙ මෙහේ කරක් ගහලා ටිකක් විතර මමත් ජිවිතේ හදා ගන්න හැටි දන්නවා! ඕනේ උදව්වක් තියනවනම් මට බුකියේ මැසේජ් එකක් දාපන්! අපි කතා කරමු!

    ReplyDelete
    Replies
    1. නාඩියාගේ කථාව 100% හරි.රට යන්න ට්‍රයි කරලා අමාරුවේ වැටෙන අය වාගේම,රට ගිහින් අමාරුවේ වැටුන අයත් සැහෙන්න ඉන්නවා.
      දෙන්න පුළුවන් හොඳම උපදෙස තමයි නාඩියා දීලා තියෙන්නේ.

      Delete
    2. හ්ම්ම් තැන්ක්ස් බන් නාඩියා සිරා කොමන්ට් එකක් දැම්මට.දන්ජ් අවුලක් නැහැ ඔය දේවල් වුනේ දැන් අවුරුද්දකට කලින්.හරි මන් මැසේජ් කරන්නම්කෝ

      Delete
  4. අර අම්ම කල බිස්නස් එක දියුනු කරගෙන හිටපන් බං.. ඔය හොර් එජන්සි වලින් මැලෙසියා යවපු උන් එහෙ බලු දුක් විඳිනවාලු ෆාම් වතුවල වැඩකර කර.. සමහරුන්ට ඒත් නෑ.. හිරෙත් ගිහින් ඉන්නවාලු..

    ReplyDelete
    Replies
    1. :) ස්තුතියි සහෝ දැනුවත් කරාට.කොහොමත් ඒක හරිගියේ නැහැනේ.

      Delete
  5. මෙන්න මේක තමයි වෙන්න ඕන. මේවගේ වංචාකරුවන්-ආයතන කිහිපයක්ම බ්ලොග් වලින් එලිකරල තියනව. මේ ලිපිය නිසා අඩු ගානෙ එකෙක්වත් මුන්ට අහු නොවෙනව නං ඇති.

    ReplyDelete
    Replies
    1. ඔව් උන්ට තව කාවවත් අහුවෙන්නේ නැති වෙන්න තමා මන් ඕක දැම්මේ.දන්න අයටත් කියන්න.

      Delete
  6. රට රස්සා ගැන මට දැනුමක් නැහැ. අර සෙන්නා කියල තියෙන දේ ගැන හිතපං පුතා.

    අපේ එකෙක් සිංගප්පුරු ගිහින් කෙලවගෙන ආවා. එහෙ ඒජන්සි කරන්නෙ ලංකාවෙ උන්මලු. අනිත් රටවල් කොහොමද දන්නෙ නැහැ මම. පරිස්සමෙන්.

    ReplyDelete
    Replies
    1. හොඳයි අංකල් :)
      ඔව් ඒක හරිගියේ නැත්තේ මගේ වෙලාවට වෙන්න ඇති

      Delete
  7. කාර්යාල වල ෆෝම් පුරවන වැඩේ නම් කෙරෙනවා බං ඔහොම. හැබැයි සමහර තැන් වල නම් ඒ වෙනුවෙන්ම කීප දෙනෙක් දාල තියනවා.
    කට්ටිය කියනවා වගේ සුළු ජොබ් වලට රට නොයා දැනට කරන ඔය බිස්නස් එක කරගෙන ඉන්න එක හොඳයි කියලයි මටත් හිතෙන්නේ.

    ReplyDelete
    Replies
    1. ඔව් බන් දැන් ගම්පහ කච්චේරිය නම් සුපිරි ආයේ කිසිම වැඩක් පරක්කු නැහැ.හ්ම්ම් ඔව් බන් දැන් ඒක තමා කරන් ඉන්නේ.

      Delete
  8. ඔන්න පුතෝ අද නං ලොවෙත් නැති වෙන්න දීල තියෙන්නේ. එහෙම තමා වෙන්න ඕන බං...

    ReplyDelete
    Replies
    1. :) එහෙම තමා කිව්වේ කොහොමද බන්?

      Delete
  9. අනේ මන්දා.. රට යෑම් ගැන නම් මගේ කිසිම හොඳ අදහසක් නෑ.. අපේ එක්කෙනත් අවුරුද 4ක් ගිහින් හිටියා කරගත්තු දේකුත් නෑ.. අඩු ගානේ මේ රටට ඇවිල්ලා ජොබ් එකක් කරන්න පුලුවන් වෙන්න වැඩ කළා කියලා සහතිකයක් වත් නෑ... සල්ලි හම්බකිරිල්ල පැත්තකින් තිබ්බම...

    ඔය වගේ පූස්පාට් කට්ටයගේ වැඩ ගැන මටත් බොහොම අත්දැකිම් තියෙනවා.. හැබැයි හොර වැඩ ගැන.. උප්පන්න වෙනස් කරන, වෙන කාගෙ හරි පාස්පෝට් එකකින් යවන එක වගේ වැඩ ගැන.. ඒක නිසා වෙන්න ඇති මට රට රස්සාවලුත් පෙන්නන්න බැරි සමහර වෙලාවට... අතිත් එක අපේ මහත්තයා කියන කතා ඒ රටවල් වල අපේ අය කරන වැඩ ගැන, විඳින දුක් ගැන එහෙම...

    මම ගල්යුගේ වෙන්න පුළුවන් මෙහෙම හිතන හින්දා... ඒත් අනේ මන්දා.. මට නම් හිතෙන්නේ මේ රටේ සිකුරිටි ජොබ් එකක් හරි කරලා කොහොම හරි වැටිලා ඉන්න එක සැපක් කියලා ඔය මැදපෙරදිග රටවල් වල වැදගැම්මකට නැති රස්සාවලට යනවට වඩා.. සුදුසුකම් හදාගෙන, හොඳ සැලරි වලට, ජොබ් එක කන්ෆර්ම් කරගෙන යන එක ප්‍රශ්නයක් නෑ.. ඒත් නුපුහුණු ශ්‍රමිකයෝ විදියට යන එක නම් වැඩක්ම නැති වැඩක්... මොකද මෙහෙන් මොනවා කියලා ඇරියත් එහෙදි කරන්න වෙන්නේ උන් දෙන මොකක් හරි වැඩක් නිසා...

    ReplyDelete
    Replies
    1. රට ගියාම සහතික හම්බවෙන්නේ නැහැනේ ඉතින්?.ඔව් හොරවැඩ හරියට ඒත් නිත්‍යානුකූල තැනට ගිහින්කට්ටක් කාලා හරි වැඩේ කරගත්තම පස්සට ප්‍රශ්න නැහැ.ඔව් සමහර වෙලාවට ඒක හරිනොගියේත් මගේ වෙලාවට වෙන්න ඇති අක්කේ

      Delete
  10. මම එක සැරයක් රට ගියෙත් ඔය ශ්‍රීමාලිගෙන්, එයාගෙන් සල්ලි ගන්න ඔය එකක්වත් කරලා හරියන්නෙ නෑ. හොඳ කරෙක් එක්ක ගිහින් සත්තමක් දාපන්. නැත්නම් ජීවීතේට හම්බ වෙන්නෙ නෑ. ඕකි විතරක් නෙමෙයි ගොඩාක් ඒජන්සි කාරයෝ එහෙම තමයි. සල්ලි අරන් මාරු වෙනවා. උඹ කොලිෆයිඩ් නැත්නම් මොකක් හරි දේක ඩිප්ලෝමා එකක් හරි කරපන්. අර බර වාහන එළවන එකක් හරි කමක් නෑ. සහතිකයක් දෙන එකක්. ඊට පස්සෙ රස්සාවකට ට්‍රයි කරපන්. ඊටත් වඩා හොඳයි මෙහේ ඉඳන් මොකක් හරි නිශ්පාදනයක් හරි තමන්ගේ කියලා වගාවක් හරි පොඩියට පටන් ගනින්. එක පාරට දියුණු වෙන්න බෑ. ඒත් උඹ පරදින්නෙත් නෑ....

    ReplyDelete
    Replies
    1. Agriculture is a good subject but where can we get land.?

      Delete
    2. @මාතලන්
      අපිට කොහෙන අයියා කරෙක්.බලමු තාම නිත්‍යානුකූල විදියට සල්ලි ගන්න ට්‍රයි එකක් දීලා බැරිම වුනොත් මොකක් හරි කරන්න වෙනවා නැත්තම් සල්ලි ගැන අමතක කරන්න වෙනවා.ඔව් කවදහාරි මම නැගිටිනවා තනියෙන් ඒකට තාම මාර්ගය විවෘත වෙලා නැහැ.

      @ඇනෝ
      ඇයි කැකිරාව පැත්තේ ඕන තරම් ඉඩම් තියෙන්නේ :)

      Delete
  11. මම දන්න මල්ලි කෙනෙක් ඔහොම ඒජන්සියකට සල්ලි ගෙවලා මැලේසියාවට ගියා. මිනිහව එහෙ හිර කරගෙන ආපහු එවන්න රුපියල් ලක්ෂ 10ක් ඕන කියල කරදර කරා. ඒ දවස් වල මගෙත් එක්කත් චැට් කළා මිනිහට පොඩි වෙලාවකට ඉන්ටර්නෙට් ලොග් වෙන්න දීපු වෙලාවේ. අන්තිමට සල්ලි ගෙවල තමයි කොල්ලව ලංකාවට ගෙන්න ගත්තේ. මම හිතනවා නිශාන් තව ටිකක් ඉගෙන ගත්තොත් හොඳයි කියලා.

    ReplyDelete
    Replies
    1. O_o එහෙම සීන් එකකුත් තියෙනවද?හ්ම්ම් නැහැ ආයේ ඉගෙනගන්න වෙන්නේ නැහැ මන් හදන්නේ බිස්නස් එකක්ම කරන්න තමා ඒත් එකට තාම මාර්ගයක් විවෘත වෙලා නැහැ.

      Delete
  12. රට රස්සා ගැනනං මම දන්නෙ නෑ. ඔය උඩිං ඉන්න කට්ටිය හොඳට උපදෙස් දීල තියෙන්නෙ.

    මේක කියෙවුවම මට මතක් උනේ එකපාරක් වෙන එකෙක්ගෙ ඩ්‍රයිවින් ලයිසන් එක හදාගන්න නාරාහේන්පිට ගිය ගමන.

    කොළඹනං තනියෙන් ගිහිල්ල වැරදිලා හරි පුරුදු උනොත් ආයෙ කවදාවත් පාරවල් වරදින්නෙ නැතුව යන්න පුලුවං. මාත් බම්බලපිටිය, කොල්ලුපිටිය පැත්තෙ හැතැක්ම ගනං පයිං ඇවිදල තියෙනව සමහර තැං හොයාගන්න.

    ReplyDelete
    Replies
    1. වේරහැර වෙන්න ඇති අයියා කියන්නේ?
      හ්ම්ම් ඔව් තනියෙන් ඉගෙනගන්න දේවලුත් ලේසියෙන් අමතක වෙන්නේ නැහැනේ.

      Delete
    2. දැං වේරහැර තිබුණට ඉස්සර තිබුණෙ නාරාහේන්පිට.

      Delete
    3. තාම කච්චේරිය නම් තියෙනවා නේද නාරාහේන්පිට?

      Delete
  13. මේවගේ දේවල් ගැන පරිස්සමින් මල්ලි, හැබැයි ඔයාට ඔහේ කරගෙන යන්න බිස්නස් එකක් තියනවා නම් හොදම දේ ඒක කරගෙන ඉන්න එකයි. රට රටවල් වල ගියාම හම්බ කරන්න පුලුවන් උනාට සමහර රටවල් වල වියදමත් ඒ ගානටම තියනවා අන්තිමට ඉතිරි කරපු දෙයක් නැතිවුනොත් ඒක අපරාදේ...

    ReplyDelete
    Replies
    1. හ්ම්ම් ඔව් අක්කා ඒක හරිගියෙත් නැහැනේ මම දැන් බිස්නස් එකක් කරන්න තමා ඉන්නේ තව ටික දවසක් ඉන්න වෙනවා ඒකට.

      Delete
  14. 1. තනියම තමන්ගේ වැඩක් කරගන්න තරම් ගට්ස් තිබුන එක ගැන නිශාන් සතුටු වෙන්න ඕනෙ. මොකද ඔයා කොල්ලෙක්නේ. ඔය පාස්පෝර්ට් , පුද්ගලයින් ලියාපදිංචි කිරීමේ වගේ ආයතන ලඟ කාක්කෝ වැහි වැහැලා. කොටින්ම පාස්පෝර්ට් එක හදන්න ගන්න ෆෝම් එක පෝලිමේ ඉන්නෙ නැතුව ගන්න පුළුවන් එයාලගෙන්. ඕනෙ නම් පුරවලත් දෙනවා. හැබැයි ඉතින් සල්ලි තමා. හුඟාක් දෙනෙක් කරන්නෙ කලින් ෆෝම් එකක් අරගෙන ගෙදරින්ම ඒක පුරවලා සාමවිනිසුරු කෙනෙක්ගෙන් අත්සන් අරගෙන එන එකනේ. පාස් පෝර්ට් හදන ෆෝම් වෙබ් අඩවියෙ තියෙනවා. බා ගන්න.

    රට රස්සාවල් ගැන නම් මගේ අත්දැකීමක් නෑ. ඒත් අපේ පැත්තෙ අය ඉන්න තරමක් ඉන්නෙ ඉතාලියෙ..පවුල් පිටින්ම. ඒ මිනිස්සුන්ගේ දියුණුව දැක්කම නම් හිතෙනවා ඒ වගේ රටක හම්බ කරගන්න පුළුවන් ඇති කියලා. එත් ඉතින් එහෙ යවන්න දැන් ලක්ෂ 15 ක් ගන්නවානේ..

    ReplyDelete
    Replies
    1. ඔව් එත් තනියෙන් කරගත්තම අනික පස්සේ සතුටකුත් දැනෙනවා හිතට :)

      හ්ම්ම් මාත් දැකලා තියෙනවා ඔයාලගේ පැත්තේ ගෙවල්.කොහෙන්ද මන්දා පාරක් තියෙනවා වැල්ලට යන්න ඒ පාරේ තනිකරම තියෙන්නේ සුපිරි ගෙවල්.එත් ඕවට යට කරන්න අපිට කොහෙන්ද ලක්ෂ ගණන්.

      Delete
  15. කියපු එක නම් ලොකු දෙයක්.ගොඩක් යට ප්‍රයෝජන වෙය්.වාහන එලවන්ද වගේ බැලුවේ නැද්ද? ජොබක් .
    ජයවේවා!

    ReplyDelete
    Replies
    1. මන් මැදපෙරදිග යන්න කැමති නැහැ බන් යන්න හැදුවෙත් මැලේසියා.ඩ්‍රයිවින් ලයිසොම තාම ආවේ නැහැ.

      Delete
  16. කියපු දේවල් නම් දන්න අයටයි,නොදන්න අයටයි හැමෝටම හොදයි, අනේ මැටි වැඩ නොකැ හිටින් අම්මත් එක්ක, තනියම දාලා යන්නෙ නැතුව, ඊටත් ඕකකට,, කවුද දන්නෙ ගියාට පස්සෙ මුනා වෙනවද කියලා එහෙ, අර සුදීක අය්යත් කියලා තියෙන්නේ,, තවම නැතිද ජොබ් එකක්? අලේ....මට බඩ්ඩක් මතක් වුනා,, මූණු පොතෙන් මැසේජ් එක්ක දාපිය මට,

    ReplyDelete
    Replies
    1. ඉතින් බොල අම්මමනේ කිව්වේ රට යන්න කියලත් :)
      ඔව් වෙන්න තියෙන දේවල් දෙයියෝ වලක්කුවද දන්නෙත් නැහැ.නැහැ දැන් අම්මගේ බිස්නස් එකම තමා කරන්නේ.මොකක්ද ඒ බඩ්ඩ හෑ? හිටුකෝ එෆ් බි [පැත්තේ එනකම්.

      Delete
  17. ඔන්න ඔහේ මේ කට්ටිය හැමෝම කියනවා වගේ මෙහාට වෙලා ඉඳපන් මඩියෝ..අම්මගේ බිස්නස් එක හදලා ගනින්..

    ReplyDelete
    Replies
    1. :) ඔව් බන් ඒක තමයි දැන් කරන්නේ.

      Delete
  18. මටත් දෙන්න තියෙන්නේ නාඩියාගේ උපදෙසම තමා නිශාන් අයියේ. :)

    ReplyDelete
    Replies
    1. හ්ම්ම් තෑන්ක්ස් නංගි!

      Delete
  19. ඔන්න ඔය වෙලාවට තමයි හිතෙන්නේ රට යන්න ගිහින් අනාත වෙනවට වඩා කන කට්ටක් අපේ රටේම කන එක හොදයි කියලා...

    ReplyDelete
    Replies
    1. හික්ස් ඔව් නේද බන්?

      Delete
  20. අනේ උඹ කරන සිකුරුටි ජොබ්... මූව ගහගෙන යනවා හුළගට :)

    සුභ වේවා!!! රාජ සම්පත් ලැබේවා!!!

    ReplyDelete
    Replies
    1. මෙන්න හරි ඇඟපත තියෙන එකෙක් කියන්නෙ..ඕන්න අටමා වත් කිවනම් කමක්නෑ..!

      Delete
    2. ස්ස්ස් කට කට බොලව් මේවා අටමා දැක්කොත් අම්මට කියයි.බොහොම අමාරුවෙන් බස්ස ගත්ත ඇඟ.

      Delete
  21. රට යන්න හදිස්සි වෙන්න එපා නිෂාන්...ඉස්සෙල්ලා යම් පාඨමාලාවක් හොදින් හදාරලා ලංකාවෙ වැඩ කරලා අත්දැකීම් අරගෙන ශ්‍ර‍මිකයෙකු විදියට රට යන්න...එවිට බොහෝ ගැටලු නිරාකරණය වෙනවා...

    මැලේසියාවට යනවා නම් හොදින් හොයලා බලන්න...මැලේසියාවෙ හොරු වැහි වැහැලා දැන්...මැලේසියාවෙ ඉන්න මගේ මිතුරන් එහෙ ඇවිල්ලා දුක් විදින ලංකාවෙ උන් ගැන විස්තර මට කියලා තියෙනවා...සමහරු රබර් වතු වල උදලු ගානවලු රුපියල් 12500/- වැටුපකට...රට යන ආශාවට වහල් වෙලා තීරණ ගන්න එපා...අලුත් රටකට යන ආශාව පහ වෙලා යනවා තමන්ට ලැබෙන රැකියාවේ තෘප්තියක් නැති නම්...අත්දැකීම් තියෙන වැඩිහිටි කෙනෙක් එක්ක සාකච්ඡා කලොත් හොද තීරණයකට එළඹෙන්න පුලුවන්...අනිත් කාරණේ තමයි මුදල් ගෙවන්න කලියෙන් රට යවන ඒජන්සියෙ නීත්‍යානුකූල තත්වය ගැන හොදට හොයලා බලන්න...ගෙවූ මුදල සටහන් කරලා ලියකියවිල්ලක් ලබා ගන්න..

    ReplyDelete
    Replies
    1. ඔව් අයියා ඒක ඇත්ත එත් රට යන්න හැදුවේ ආශාවට නෙවේ සල්ලි හොයන්න.ඒත් එක හරිගියෙත් නැහැනේ.ශ්‍රීමාලි එක රෙජිස්ටර් එකක් ඒකයි බය නැතුව සල්ලි බැන්දේ.රිසිට් තියෙනවා.

      Delete
  22. මුලින් skill එකක් දියුණු කරගන්න බලන්න.

    මුර වැඩ නම් කවදා බැරිද?

    ReplyDelete
    Replies
    1. හ්ම්ම් ඔව් ඒක ඇත්ත කකා

      Delete
  23. ඇයි පාස්පෝට් ගන්න කොළඹ යන්නේ?

    ප්‍රාදේශීය ලේකම් එකෙන් බැරිද? ඔය කියන ෆෝර්ම් තියෙනවා නේද වෙබ් එකේත්?

    ReplyDelete
    Replies
    1. ඔව් ලේකම් කාර්‍යාලයෙන් පුලුවනි මාත් දන්න විදියට..!

      Delete
    2. හැබැයි අය්යේ ඒ වැඩේට යන කාලය ගැන හරියට එයාල උත්තර දෙන්නෙ නෑ.. ඉක්මනින් ඕනි කෙනෙක් නම් ඒ වැඩෙ එච්චර හොද නෑ වගේ..

      Delete
    3. මන් එක ගැන දැනන් හිටියේ නැහැ ඒකයි කෙලින්ම ආගමන විගමන එකටම ගියේ.සතියෙන් ගෙදරටම ආවනේ අනික.

      Delete
  24. රට යන්න දඟලන්න එපා මල්ලි දැන්ම තාම පොඩි එවුන්නෙ...ඔන්න කොරියා විබාගෙ ලියල ට්‍රයි කලාට නම් කමක් නෑ.

    හැමෝම කියනව වගේ තමන් ආසකරන කෝස් එකක් කරන්න මොකක් උනත් කමක් නෑ...හොඳ (ස්කිල්ස්)පුහුනුවක් ඇති කෙනෙක් වෙන්න. හදිසි වෙන්නැතිව පොඩියට ජීවිතය සැලසුම් කරන්න. ජය වේවා...!

    ReplyDelete
    Replies
    1. කොරියාත් ට්‍රයි කරන්න හැදුවා ඒත් මට ඕක හරියට දන ගන්න හම්බවුනේ නැහැනේ විස්තර.ඔව් අයියා දැන් පොඩියට තමා ජීවිතේ ප්ලෑන් කරලා තියෙන්නේ. :)

      Delete
  25. ඔන්න මචං අපේ යකුන්ගෙයි මුසෙල්මානුවන්ගෙයි වෙනස..........කොහොමත් බං පාස්පෝර්ට් හදලා ඒජන්සියකින් රට යනවා කියන්නේ දැලි පිහියෙන් කිරි කනවා වගේ වැඩක් බං..........

    රස්තේ පාරක් ගහමුද

    ReplyDelete
    Replies
    1. හ්ම්ම් එත් හොඳ ඒජන්සිත් තියෙනවා බන්.අපි වලක් කැපුවොත් ඒකෙත් ගෙම්බෙක් ඒක වෙන්ටෑ ඒකත් හබක් වුනේ.

      Delete
  26. මැලේසියා යන්න ගිහිං මටත් ඔය කෙළිය වුණා,සල්ලි නම් එච්චර දුන්නේ නෑ 10 ක් විතර පාස්පෝට් එකත්
    නෑ .ඒජන්සියා අදටත් මිසින් ..ඔය ගෑනි ඉන්න හින්දා මාතලන් කිව්ව් වැඩේ කොරල බැලුවනම් හොඳා ..

    ReplyDelete
    Replies
    1. මට තව 17500ක් ගන්න තියෙනවා සහෝ.නිත්‍යානුකූල විදියට බලනවා හරියන්නේ නැත්තම් ඒ වගේ වැඩක් වත් කරන්න වෙයි.

      Delete
  27. සිකියුරිටි ජොබට නොගිය එකනම් හොඳයි මල්ලි කවද හරි මැද පෙරදිග එන්න හිතන් ඉන්නවනම් එන්න ඩුබායි වලට විතරක්. මගේ අත්දැකීම් වලට අනුව අනෙක් කිසිම රටක් අපේ රටේ යට ගැලපෙන්නේ නැහැ. නැති සැර වැඩියි. (රටට ලෝකෙට පේන්න)

    ReplyDelete
    Replies
    1. Not only Dubai, but Qatar also provided u get a good comp.unskilled workers r getting a salary of around SLR.25,000/-pm.for 8 hrs.work.

      Delete
    2. @කෝරලේ
      නැහැ අයියා මම මැදපෙරදිග යන්න කැමති නැහැ එච්චර.ඒකයි මැලේසියා යන්න හැදුවේ.යුරෝප් වලට ඉතින් ලේසියෙන් යන්න බැහැනේ.

      @ඇනෝ
      වැඩි විස්තරයක් කිව්වා නම් ගොඩක් අයට ඒ ගැන ප්‍රයෝජනයක් ගන්න තිබ්බා.එත් මට නම් වැඩක් නැහැ මම දැන් රට යන අදහස අත්හැරලා ඉන්නේ.

      Delete
  28. වැඩි හරියක් ඉන්නේ හොර ඒජන්සි කාරයෝ. ඔය රට යන අදහස අත හරින්න. මෙහෙ ඉඳන් කරන්න පුළුවන් දෙයක් කරන්න නිශාන් මල්ලි. ඔය හිරු වගේම මාතලන් කියලා තියෙනදේවල් හරියටම හරි.

    ReplyDelete
    Replies
    1. ඔව් අයියා දැන් මන් රට යන අදහස අත්හැරලා තියෙන්නේ.හැමදේම වෙන්නේ දෛවයට අනුව තමා.

      Delete
  29. ශ්රීමාලී මෑන් පවර්..
    &=.£+@?P§€&
    මුන් වගේ කපටින් ගැන දැනුවත් කිරීමට ස්තූතියි බන්.???
    ඒත් උඹට විදීන්න සිදුවූ දේ ගැන අවංකවම දුකයි

    ReplyDelete
    Replies
    1. ඔව් සහෝ ඕකුන් ගාවට හතුරෙක්වත් මම නම් යවන්නේ නැහැ.

      Delete
  30. අර හොර ඒජන්සිකාරි ගැන දැනුවත් කරපු එකනං බොහෝම වටිනවා...

    පුස් පාට් එක හදන්න මං උනත් කලේ ඔය ටිකම තමා.. ගංවල සාමවිනිසුරෝ සීල් එක ගස්ස ගන්න ගියාම ශ්‍රේෂ්ඨාදිකරණ විනිසුරෝ වගේ පකුන් දාන කොට රුපියල් සියට ඔන්න ඔය උලව්ව ගහගන්න හිතෙන්නේ නැත්තේ මොකාටද..? නමට හරි උනුත් පිලිගත්ත සාමවිනිසුරෝනේ...

    මල්ලි රට යනවනං පලයං හැබැයි ආයේ ලංකාවට එන්න හිතං නෙවෙයි..දිගටම රටම ඉන්න බලං.. නැත්තං ලංකාවේම හිටපං.. රට සල්ලි අතගාලා ලංකාවට ඇවිත් ජිවත් වෙන එක රට යන හැම මිනිහටම අමාරු වැඩක්... මං දන්න උන්ගෙන් එහෙමත් එකෙක් තමා රට ගිහින් ඇවිත් ආයෙම ලංකාවේ පඩියක් ගන්න හිත හදාගන්න උන් ඉන්නේ... සමහර විට රට ගිහින් නහින ටිකම ලංකාවේ නැහුනනං ඒ ගානම ගන්න පුළුවන් කම තියෙනවා උනත් ලංකාවෙදී අපේ අය එහෙම වැඩ කරනවා අඩුයි...

    රට යනවනං පලයං අර කිව්වා වගේ ඉන්නම බලං.. නැතිව සල්ලි අත ගාලා හුරු වෙන්න විතරක් යන්න එපා එහෙටත් නැති මෙහෙමටත් නැති අබබ්භයෙක් වෙලා නවතී...

    ReplyDelete
    Replies
    1. ඔව් අයියා කව්රු හරි එකෙක් හරි ඔය ගෑණිට අහුවෙන එක නතර වෙයිනෙ.විනාඩි පහේ ගේමට අපේ ගම්වල සාම ව්නිසුරුන් ගාවට ගියොත් දවසම කනවා එක්කෝ හෙට එන්න කියයි.

      :) ඔව් නේද රට ගිහින් නවතින්න තමා හිතන් හිටියේ එහෙන් කසදයකුත් බැඳලා.එත් හරිගියේ නැහැනේ :). නැහැ ඇත්තටම සල්ලි කීයක් හරි හොයන්න තමා හැදුවේ මම මොකද ඒ දෙනවයි කියපු ගාන ලොකු ගානක් ලංකාවේ ඒ ගාන හොයන්න උපාධියක්වත් තියෙන්නේ ඕන එත් හරිගියේ නැහැ.සමහර විට එක මගේ වාසනාව වෙන්නත් පුළුවන්.

      Delete
    2. බය හිතෙන කතා නොකියා ඉඳින් මාරයෝ... මම මේ දවස්වල ආයෙ ලංකාවට එන්න සිතින් ගතින් සූදානම් වෙවී ඉන්නෙ.. මූ ඒ අස්සෙ අපිව බය කොරනවා.. :-)

      Delete
    3. ආහ් මේ පාරවත් මොනාහරි ගෙනෙයිද අපිට?. :)

      Delete
    4. සෙන්නා වරෙං ඔට්ටුවක් දාන්න... නෑ එක්කෝ ඕන නැහැ..මොකටද න්පියටම බය කරවන්නේ...

      රට ගිහින් මෙහෙ නැවතුන අය ඉන්නවනං ඒ කිහිපයයි... එක කොටසක් තමා ගැණිගෙන් බේරෙන්නම බැරි තැන නැවතුන උන්... (කරුමෙට එහෙම ගෑණු දැන්නං ටිකක් අඩුයි... ආපහු යවන්නම තමා වැඩි හරියක් ට්‍රයි කරන්නේ.. ඇයි යකෝ සල්ලි අතගාලා හුරු උනාට පස්සේ පිරිමි අපිට වඩා උන්දලට ලේසි නැහැ ඔය අර පිරිමැහිලා.. මුලින් එඤ්ඤකෝ කියන අය පස්සේ ආයේ යමුකෝ කියන්න ඒ හැටි කලක් යන්නේ නැහැ.. ( අනිත් අය මෙහෙ ඉද්දී මොකක් හරි බිස්නස් එකක්.. කරුමාන්තයක් කර කර ඉදලා ඒක දියුණු කර ගන්න අත මිට නැති හින්දා ගිය අය.. උන්දලා ආයේ ඇවිත් බොහෝ දුරට අර කර කර හිටිය දේ නැත්තං දන්න දේකින් ප්‍රයෝජන අරං කොහොම හරි ගැට ගහ ගන්නවා..

      තව ටිකක් ඉන්නවා රට ඉද්දිම මොකක් හරි මෙහෙ පටන් ගන්න සුළුවෙන් හරි.. කාලයත් එක්ක ඒක දියුණු කරගෙන යන්තං පොළවේ අඩිය ගහ ගන්නවා... හැබැයි ඒකට ඉතිං ගෑණි හරි හරි හමන් සහෝදරයෙක් හරි බොහෝම විස්වාසවන්ත මොකෙක් හරි මෙහෙ ඉන්න ඕන... නැත්තං එහෙ ඉන්න ගමන් මෙහෙ බිස්නස් කියන්නේ වක්කඩේ හකුරු හැංගුවා වගේ දෙයක් තමා... අන්තිමට අයියෝ ෂල්ලි...

      ඔය වගේ කිහිප ආකාරයක ඇර අනිත් බුවාලටනං ඉතිං කොහොම කලත් ආයේම යනවා ඇර වෙන දෙයක් නැහැ.. ඒකයි මං කියන්නේ යනවනං දරු පවුලුත් අරං ඉන්නම යමං කියලා.. නැත්තං තියෙන හැටියකට කාලා මොන විදියකින් හරි මෙහෙම හිටපියවු කියලා...

      රට යනවා කියන්නේ නිකං මහ ගස් මුල් වලින් ගලෝලා පෝච්චිවල හිටෝනවා වගේ වැඩක් බං...

      (හරි දැන්නං මූට නූල් බඳින්න වෙනවා.ඔය ඇති.. :D )

      Delete
    5. නූල්... ?? නූල් නෙමේ ඔය කියපු ටික ඇති දහ අට සන්නියක් නටන්න.. :-)

      ඇත්තටම බන්.. එන්න හැදුවට තාම ජොබක් සෙට් වුනේ නෑ.. රටේ තත්ත්වෙත් එච්චරම හොඳ නැති නිසා ( මට අදාල ක්ශේත්‍රය ) හරි හමන් එකක් හම්බෙයිද දන්නෙත් නෑ.. හම්බ කරපු ටික ගෙට වැලලුවා.. එතකොට අතේ යහමින් ඉතුරුවකුත් නෑ.. ඔය ඔක්කොම එකතු වෙලා ආයෙ මොන මොන දිහාකට පෙරලෙයිද දන්නෑ.. ගෑනි කරු කුරු ගෑවත් නොගෑවත් පවුල් වුනානම් උන්ව නඩත්තු කරන එක අපේ වගකීමනෙ..

      බලමු දැනටනම් තුන් හිතකවත් නෑ ආපහු රට යන්න..මම සාමාන්‍යයෙන් යමක් හිතට ගත්තොත් ඒක කොහොම හරි කරනවා . ඒත් දැනට ඔට්ටුව නාල්ල ඉන්නම්.. මොකද ගැණියි දරුවයි බඩිගින්නෙ ඇඬුවොත් ඒකට ඔක්කොම යටයිනෙ බන්.. :D

      උඹ කියලා තියන ඔක්කොම හරි.

      Delete
    6. නිශාන් බොට මොනවද ඕනා... ? පොඩි දෙයක් ඉල්ලහන් අනිවා ගේනවා.

      Delete
    7. මාරයා කියලා තියෙනේ කතාව හරියටම හරි. මම ඕන තරම් දන්නවා ඔය වගේ රට ගිය උන්. උන්ට යේ මොන දේ උනත් මෙහෙ ඉන්න බැහැ පුතෝ.

      Delete
    8. ඒපාර උබත් ආවද මාරයට පෝර දාන්න..? :-) හිත හැදෙන්න මොනා හරි කියපල්ලකො.. ආපහු එළවන්නම කතා කරන්නෙ.. :-)

      Delete
    9. @සෙන්නා
      අපෝ අයියා මට පොඩි ඒවා නම් වැඩක් නැහැ :D

      Delete
    10. මගේ අදහසත් පුළුවන් තරම් ලංකාවේ ජොබ් එකක් කරන්න ට්‍රයි කරපන්.රට ගියොත් ලංකාවට ඇවිල්ල අපි හොයන්නේ රට ඉද්දි ගත්තු වගේ පඩියක්.නමුත් මොලෙන් ගේමක් දෙන්න පුළුවන්.

      Delete
  31. හොර ගෑනිටම හරියන රජයේ කාර්යාල. අනේ මන්ද. පොඩි එකාටම තමා හැමදාම කෙලවෙන්නෙ.

    ReplyDelete
    Replies
    1. ඔව් මටම තමා වෙන්නේ :)
      ඒත් ඔය ගෑනිට නම් විදේශ අමාත්‍යාංශයෙන් මොකක් හරි කියයි.මම හිතන්නේ එයාලා තාම මුකුත් ප්‍රතිචාරයක් නැත්තේ කේස් වැඩි නිසා වෙන්න ඇති.අපි ගිය දවසෙත් පැමිණිලි දාන්න කට්ටිය ගොඩක් හිටියා එක එක ඒජන්සි වලට.

      Delete
  32. නිශාන් කොල්ලෙක් හන්දාත් බස්නාහිර පළාතේම පදිංචි කාරයෙක් හන්දාත් මේ තමන්ගෙම භාෂාව කතා කරන මිනිස්සු ඉන්න තමන්ගෙම රට නිසාත් කොළඹ ගිහින් තමියෙම වැඩක් කරගන්න පුලුවන් වෙන්න ඕනෙ.

    ඔය ගමන ගැන නම් ඉහල කමෙන්ට් වල කට්ටියම කියල තියෙන දේවල් තමයි මටත් හරි කියලා හිතෙන්නෙ.

    ඇත්තෙන්ම මොනවා හරි සහතිකයක් ගන්න , උඹත් කැමති දෙයක් කරන්න බලාපංකො නිශාන්.

    ReplyDelete
    Replies
    1. ඔව් සර් මොකක් හරි කරන්න ඕන එත් මට මාර්ගයක් නැහැ තාම ඕවාට.

      Delete
  33. අර හොර ඒජන්සිය ගැන කියපු එක නම් ගොඩක් වටිනවා... මේකෙ මාතෘකාව වෙනස් වෙන්න තිබ්බෙ "නිශාන්ගේ වීර ක්‍රියා" කියලා.. හි හි... මමත් ඉස්සෙල්ලම දවසක තනියම බැංකු ගිනුමක් විවෘත කරන්න ගිහිල්ලා ඔය වගේ වීර ක්‍රියාවක් කලා වගේ දැනුනා..

    ReplyDelete
    Replies
    1. හික්ස් මගේ වීරක්‍රියා! ඒකත් නරකම නැහැ.ඔයත් වීරවරියක්නේ බලන් යද්දී.බෑන්ක් එකවුන්ට් එකක් හදනවා කියන්නේ සෙල්ලම් වැඩක්ද? ;)

      Delete
  34. I loѵed аs much as you'll receive carried out right here. The sketch is attractive, your authored material stylish. nonetheless, you command get got an nervousness over that you wish be delivering the following. unwell unquestionably come further formerly again as exactly the same nearly a lot often inside case you shield this hike.

    Also visit my blog click through the next web page

    ReplyDelete
    Replies
    1. this comment make me happy :)
      thanks for comment and come to my blog dr!
      thank you so much.

      Delete
  35. ඕක හොයාගත්තනම් බ්ලොග් පිටුවෙම ලොකුවට ඔය වෙච්ච සිද්ධිය සාධකත් එක්ක දැම්මනම් (receipt) කොල එහෙමත් අමුනල වැඩේ ගොඩ යයි. එක්කෝ නෙත් FM එකේ බැලුම්ගලට ඔත්තුවක් දුන්නනම් හරි.

    ReplyDelete
    Replies
    1. රිසිට් නම් තියෙනවා ඒවා ඕනද ඇත්තටම?.

      Delete
  36. රට යන්න ඕනෑම කියල හිතෙනවනම් මලයෝ ටිකක් මහන්සි වෙලා කොරියන් බාෂාව ඉගෙනගෙන කොරියාවට යන්න බලන්න.හොද පඩියක් ගන්න පුළුවන් මම හිතන්නේ අවම රු.100000 වත්. ,හැබැයි මහන්සි වෙලා වැඩ කරන්න වෙනවා.අනික කොරියන් බාෂාව ඉගෙනගන්න අමාරු නැහැ .

    ReplyDelete
    Replies
    1. හ්ම්ම් ඔව් සහෝ එත් දැන් නම් රට යන අදහස අත්හැරලා තියෙන්නේ.ආයේ හිතුනොත් ට්‍රයි එකක් දීලා බලනවා.

      Delete
  37. සාම විනිසුරු පදවි කියන්නේ දේශපාලන පත්වීම්. එක පාර්ලිමේන්තු මන්ත්‍රී කෙනෙකුට සාමවිනිසුරු පත්වීම් 05 ක් දෙන්න පුලුවන්. දේශපාලන පත්වීම් ගැන අසන්න දෙයක් නැහැනේ....
    පාස්පෝට් කන්තෝරුව ලඟ සාමවිනිසුරුවරු ඉන්න බවත්, ඔහුන් යමෙක් වෙනුවෙන් පෙනී සිටින විට උපන්දා සිට හඳුනන බව දක්වමින් අත්සන් යොදන්න කිසිම මැලිකමක් දක්වන්නේ නැහැ. මෙය බොහෝ කලක සිට සිදුවන දෙයක්. ප්‍රසිද්ධ රහසක්. එයට ස්වර්ණවාහිණී යන්නම ඕන නෑ. ඔන්න හිරු එකෙන් මත් කුඩු තිත්පොලක් ඇල්ලුවා කියලා දැනගන්න තියෙනවානම් ලොකු දෙයක්. එත් හිරු කැමරාවට කවදාවත් ඒවා හමු වෙන්නේ නැහැ.

    ReplyDelete
    Replies
    1. අපේ රටේ හැමදේටම දේශපාලනේ රිංගලා නේද?.

      Delete
  38. මල්ලියෝ පාස්පෝට් එකක් වගේ දෙයක් ගන්න නිවැරදිව ලියැවිලි ටික ගෙනියනවා නම් කවුරුවත් ඕන නෑ. ඒත් පිට රටක යනවා නම් වෘත්තීය නිපුනතාවක් අරගනම පලයං කොල්ලෝ.

    ReplyDelete
    Replies
    1. හ්ම්ම් ඔව් අයියා

      Delete
  39. අනේ කොල්ලො මෙන්න මෙහේ කොමියුනිකෙශන් එකක වැඩකරපන් ඊට හොඳයි . නැත්නම් වෘත්තීය පුහුනු ආයතනයක ඉගනගනින් තනියම කරන්න ඕනතරම් දෑතෙ රැකියා තියනවා (හොයලා ඕනනම් මට ඊයක් එවහන් )

    ReplyDelete
    Replies
    1. තෑන්ක්ස් අයියා.දැන් නම් මම රස්සා හොයන්නේ නැහැ ඉස්සර තමා හෙව්වේ.

      Delete
  40. machan rata enawanam kamkaru wada walata enna epa... maara kattak kanna wenne... uba igena gaththu poraknam aulak na... mamath dubai inne... ofz ekaka wada karanna set weyan.. naththam lankaawema hitapan... igena gaththa eka thamai machan lokuma + point eka...

    ReplyDelete
    Replies
    1. ඔව් සහෝ කොහොමත් මැදපෙරදිග නම් මම යන්න බලාපොරොත්තුවකුත් නැහැ!

      Delete

හිතට දැනුන පුංචි දේ හරි කියලා යන්න ඒක මට ශක්තියක්.යාලුවනේ ඔයාලට බ්ලොගර් ප්‍රොෆයිල් එකක් තියෙනවා නම් වෙලාවක් තියෙනවා නම් තවමත් ෆලෝ කරලා නැත්තම් ෆලෝ පාරකුත් දාලා යන ලෙස ඉල්ලා සිටිනවා!