Thursday, October 11, 2012

130 අමතක වීම!

අපේ පැත්තේ පොරක් ඉන්නවා මේකා ඉස්සර කරන්න පුළුවන් හැම ජහජරා වැඩේම කරලා දැන් පවුල් පන්සල් වෙලා ඉන්නේ.ඉස්සර මේ යකා වැඩි හරියක් ඉන්නේ හිරේ ඒ වුනාට හිත හොඳයි දැනටත් රාගම නොදන්න එකෙක් නැහැ මෙයාව.පොරට වැඩි වයසකුත් නැහැ මම හිතන්නේ අවුරුදු 30ක් විතර ඇති.පොර මාත් එක්කත් ටිකක් ෆිට්.

බඹා කොටපු විදියට මිස් කෝල් එහෙකින් මෙව්වා වෙලා මේ යකාට හෙන දුර ගමකින් කෙල්ලෙකුත් සෙට් වුණා.කෙල්ලට 19යි කොහොම හරි බර දවසක් ආශ්‍රේ කරලා අන්තිමට පවුල් පන්සල් වුණා.පොර ඊට පස්සේ ටිකක් වගකීම් සහිත පොරක් වුණා.දිනපතා කුලී වැඩක් කරලා කීයක් හරි හොයලා ගෙදරට මොන මොනා හරි කරන්න පුරුදු වුණා.


ඔහොම සාමයෙන් සමගියෙන් කාලේ ගෙවිලා යද්දී පොරට සුභ ආරංචියක් ආවා ඒ කිව්වේ පොර තාත්තා කෙනෙක් වෙන්න යනවා.මට මේ ලඟකදී රාගම ඉස්පිරිතාලේදී පොරව හම්බ වුණා.

ආහ් නිශාන් මලයා කොහෙද ගියේ?

**න් අයියා මම මේ මාමා බලන්න ආවා තමුසේ මොකද මෙහෙ?

මම තාත්තෙක් වුණා බන්.පොර හෙන සන්තෝෂෙන් කිව්වේ.

ශා මරුනේ කොල්ලෙක්ද?

ආයිත් අහලා චන්ඩියෙක් බන්.

එහෙනම් ඉතින් **නා ගොඩ ඈ.එළකිරි අපෙනුත් මොනා හරි වෙන්ඩ ඕන්නම් කියන්න ඕන ඈ.

අනිවා අනිවා නිසා.මේ ඒක නෙවේ මගේ පලවෙනි දරුවනේ.(පොර එහෙම කිව්වේ තව හතරක් පහක් බලාපොරොත්තුවෙන් වගේ.)ඒක නිසා ඔන්න හෙට රෑට අපේ ගෙදර පොඩි පාටියක් දානවා උඹ එන්නම ඕන හරිද?.

පොරගේ ගෙදරටවත් වැඩිය ගිහින් නැති වුනාට ඒ ඉල්ලීම එවෙලේ අහක දාන්න බැහැනේ ඉතින් මාත් එන්නම් කිව්වා.කොහොම හරි පහුවෙනිදා හැන්දෑවේ මම පොරගේ ගෙදර ගියා.පොර පොඩි එකාවයි වයිෆ් ගාවටයි මාව එක්කන් ගියා.අනේ හරි ෂෝක් පොඩි එකා රෝස පාටයි.පොරටත් හෙන සන්තෝෂයි.මම ඉතින් ගෙනියපු ඒවා පොරගේ අතට දීලා පොඩි එකාව පොඩ්ඩක් හුරතල් කර කර ඉද්දි ඔන්න තව පොරගේ යාළුවො තුන්දෙනෙක් ආවා.

බලද්දී පොර පාටිය කියලා තියෙන්නේ මටයි යාළුවො දෙතුන්දෙනෙක්ටයි විතරයි.

රෑ වෙද්දී කොහොම කොහොම හරි කට්ටියට සූර් මට නැතුව මොකද මම බිව්වේ නැහැනේ.මම මුන් ටිකගේ කයිවාරුව අහගෙන හොර කොට කොට හිටියේ.දැන් පොරටත් හොඳට වෙරි මේ යකා දැන් දොඩවනවා.

මම ඉස්සර කුඩු ගැහුවා! ඊට පස්සේ ඒක නවත්වලා ගංජා ගැහුවා දිල්කි එක්ක යාළු වුනාම ඒකත් නැවැත්තුවා(දිල්කි කියන්නේ වයිෆ්). පස්සේ හොරෙන් හොරෙන් පැණි ගැහුවා දැන් ඒකත් නවත්තලා තියෙන්නේ.බලපන්කො බොරුද කියලා ළමයා හම්බ වුනාට පස්සේ මම බොන එකත් නතර කරනවා අම්මපා.
_____________________________________________________________________
කතාව මීටර් වුනේ නැත්තම් කොමෙන්ටුවක් දාලා යන්නකෝ!




130 comments:

  1. හි හි හි..

    පවු බං. ඔය කතාව බැදපු ගෑණු කෙනාට ඇහුනේ එහෙම නැද්ද?

    ReplyDelete
    Replies
    1. නැහැ බන් එයාලා හිටියේ ඇතුලේ :)

      Delete
  2. කිරි බොන එකද බං නවත්තන්නේ? :ඩී

    ReplyDelete
    Replies
    1. සෑමත් එක්ක බෑනේ... මාත් ඕකමයි අහන්න ගියේ..

      Delete
    2. උඹලගේ වල් හිත :D

      Delete
  3. ෂිහ් .. බං. ඌ ඔය වගේ තැනක ඉන්නෝන එකෙක් නෙවෙයි, ඔය අමතක වෙන ලෙඩේ මේ කාලෙ තියෙන්නෙ ලොකු ලොකු මිනිස්සුන්ට බං. නරකද මිනිහව ඡන්දෙ එහෙම ඉල්ලන්න සෙට් කළානම්.

    ReplyDelete
    Replies
    1. අලේ මන්දා බොලාටත් හිතෙන එව්වා :)
      මොකෑ මේ දවස් වල දේශ පාලනේ ගැනම කියවන්නේ?
      දේශ පාලනේටවත් බහින්නද ලෑස්ති?ඕන්න අපිව එහෙම අමතක කරන්න එපා ඈ:D

      Delete
    2. මොකෑ .... හේ .. මේ මම බං. මට බ්ලොගකුත් නැතුව මොන දේශපාලනයක් ලිවිල්ලක් ද?

      Delete
    3. ඈ?? දේශපාලනේ කරන්න බ්ලොගේකුත් තියෙන්න ඕනෙද? :)

      Delete
    4. කරන්න නම් ඕන නෑ බං, ඒත් ඉතිං ලියන්න නම් එකක් තිබුණනම් වඩා හොඳයි නේද?

      Delete
    5. ඉතින් ලිව්වා නම් ඉවරනේ මොකෝ සල්ලි ගෙවලා බදු ගෙවන වැඩක් ඈ? නිකන් දෙන බ්ලොග් එකේ ලියනවනේ හිතේ තියෙන අදහස්.ටෙක්නික් පැත්තෙන් ඕන සප් එකක් දෙන්නම් අවශ්‍ය නම් මම.

      Delete
    6. උදව් කරන්න හිතුවටත් ස්තූතියි යාළුව, ඒත් ඉතිං මම බ්ලොග් ලියනකොට බැරිය, එහෙම එකක්වත් පවත්වගෙන යන්න මට හිතෙන්නෙ නෑ බං.

      Delete
    7. DDT මොකෝ බං සසර කළකිරිලා වගේ

      Delete
    8. එහෙම එකක් නෑ බං, මම සතුටින් ඉන්නවා. ඕක සාමාන්‍යයෙන් මගේ හැටි බං, කම්මැලිකම !

      Delete
    9. මාත් කම්මැලියි තමයි ඒත් බ්ලොග් ලියන්න නම් කම්මැලි නැහැ :)

      Delete
    10. අපිත් කිව්වා DDT යට බ්ලොගක් පටන් ගනින් කියලා කොහෙද අහන් නෑනේ
      අපි කියනවට පටන් ගමු බන් අපෙන් ෆුල් සප් එක

      Delete
    11. උඹ බ්ලොගක් ලියනවානම් DDT මම ඒකෙ යාවහීව සාමාජිකයෙක් කියලා කියන්න ඕනෙ නෑනෙ?
      henryblogwalker (මට භිතෙන හැටි) the Dude (HeyDude) and මගේ ඩෙනිම My Blue Jeans

      Delete
    12. කස්ටියටම තෑන්ක්ස්, හ්ම් .. බලමු, බලමු ඉස්සරහට.

      Delete
  4. හි හි හි..... පට්ට සීන් එක . කලින් නැවැත්තුවා කිව්ව ඒවා ගැනත් හිතා ගන්න පුළුවන් ....

    ReplyDelete
  5. අඩෝ ඒක කලින් ලියාගෙන තිබුන ස්තුති කතාවක් වෙන්න ඇති.

    ReplyDelete
    Replies
    1. හැක හැක හැක හික්ස්

      Delete
  6. පාර්ටි එකෙන් පස්සේ නවත්තනවා ඇත්තේ බන්

    ReplyDelete
    Replies
    1. නැහැ නැහැ ඌ කිව්වේ ළමයා හම්බ වුනාට පස්සේ බොන එක නවත්වනවා කියලා :)

      Delete
  7. නිශාන් විතරයි බිව්වේ නැත්තේ..... කවුරුවත් නිශාන් බිවුවා එහෙම කියලා අහුවෙන්න එපා

    ReplyDelete
    Replies
    1. අඩේ සිරාවට මම වැඩිය බිව්වේ නැහැ බන් :)

      Delete
  8. "හිත හොඳයි දැනටත් රාගම නොදන්න එකෙක් නැහැ මෙයාව"

    අටන් අයියා නෙමේනෙ.. :)

    ReplyDelete
    Replies
    1. :D නැහැ නැහැ අටමා නෙවේ

      Delete
  9. මට නම් මීටර් ;)

    ReplyDelete
  10. ළමයට දෙන්න වෙන නිසා කිරි බොන එක වෙන්නැති ඔය නවත්තනවා කියලා තියෙන්නේ..

    ReplyDelete
  11. Hitha honda minihata kawadahari hari yanawq bola.. Adharshayata ganin... Preethi preethi...!!!

    ReplyDelete
  12. ඔහොම තමා හැමොම කියන්නෙ... :P

    ReplyDelete
    Replies
    1. මීටර් වෙලා නැහැ වගේ නේද?
      නැහැ මචෝ උට එවෙලේ වෙරි මතේ මතක නැහැ ඌට දැන් ළමයා හම්බෙලා කියලා :)

      Delete
  13. අලෙ මංදා... අරුන්ට වෙරි වෙනකල් ඉදලා උබ ගෙට එහෙම රින්ගුවෙ ඇ නෙද....? මම කිව්වෙ පොඩි එකාව බලන්ට.. :P

    ReplyDelete
    Replies
    1. නොදකින් තොගේ කුප්ප කම :D

      Delete
  14. කී ‌වෙනි බබා හම්බුනාමද දන්නෑ.... ඔය ඉන්නේ ජාතියෙම පුරුද්ද පෙන්නන එක්කෙනෙක් තමා... ;

    අද විතරයි.. හෙට නම් බොන් නෑ සුදු... ඇත්තමයි.....

    හෙට.....

    අනේ.. අද විතරයි...... ආයි නං කටේ තියන්නේ නෑ.... ඔන්න බලන්නකෝ.....

    හෙට....

    නෑ නෑ....ඔන්න අද අන්තිම දවස... ප්‍රොමිස්.....

    ඔය හෙට කවද එක හෙටක් ද දන්නෑ.....

    හිනා වෙන්නද අඬන්නද...... අනේ මන්දා......

    ReplyDelete
    Replies
    1. හබියාගේ මිම්මෙන් හැමෝවම මැනීම පිළිබඳ අපගේ බලවත් විරෝධය..

      Delete
    2. හරීගේ කතාව ඇත්ත තමයි එක්කෙනෙක් දෙන්නෙක් එහෙම වුනාට අපි එහෙම නැහැ ඒක නිසා හිනා නොවුනත් කමක් නැහැ අඩන්නේ නැතුව :)

      Delete
    3. ආයි මොනාටද අලුත් මිම්මක් .. හි හි.. ඔක්කොම එක ජාතියේ නේ..... හි හි.........

      ඉතිං ගෑණු අපි හැමදාම අඬාගෙන...

      ඔය පවුල් පන්සල් වෙලා නැති එවුන් වගේම හිතෙන් තාම තරුණයි කියලා හිතාගෙන ඉන්න කානි කොල්ලොත් දැන්වත් හිතට ගත්තොත් හොදයි.... ඔයාලා චණ්ඩියෝ වගේ ඕවා බීලා බීලා අන්තිමට දුක් විදින්නේ ගෑණුයි දරුවොයි කියලා... අවරුදු 35 වෙනකොට බේත් කරන්න පටන් ගත්තම ළමයින්ට කන්න දෙන් නැතුව තමයි තාත්තට බේත් කරන්න වෙන්නේ......

      Delete
    4. මළ මඟුලයි ! මෙන්න මෙයා කියන ඒව. අපි හොඳා......යි. :)

      (ළමයිතුත් ඉන්නවනම් ඉතිං ආයි බේත් කරන්නෙ මොටද, ඌට ඔය ඉන්න හැටියටම බෝතලේ බදාගෙනම ඉන්න ඇරියනම් හොඳ නෙවෙද) :) :)

      Delete
    5. හි හි...

      උෟ බීලා බීලා මලාම අපිට කන්න දෙන්නේ කවුද.... ?

      හි හි....

      Delete
    6. ඕකනේ කියන්නෙ බොන්න එපා කියන්න් ආදරේට නෙමෙයි.. ඒ සල්ලි වලින් වෙන වෙන වියදං කරන්ඩ.. හැමදාම දවසේ වියදම හම්බෙන්න ක්‍රමයක් හදලා, මැරුනට අවුලක් නැද්ද?.. :)

      "ඔක්කොම එක ජාතියේ නේ..." පිරිමින්ට හිතෙන්නේ ඕකෙ අනිත් පැත්තනෙ..

      "ඉතිං ගෑණු අපි හැමදාම අඬාගෙන... " අඬන්න ඕනෙ නෑ.. ලාවට එකක් දැම්මානම් හරියනවා.. :D

      Delete
    7. හික් හික් .... අනිවා. කොහොමද බයිට් ප්ලේට් එක ස්ටූල් එක උඩින් තියල හබීට කිස් එකකුත් දීල අතේ තියෙන ෂොට් එකෙන් භාගෙකුත් ගසල යන වයිෆ් කෙනෙක් හිටියනම්. ජීවිතේ මල් ........

      Delete
    8. මට පේන්නේ හිරු අක්කා බයවෙලා හබි බීලා ලෙඩ වෙයි කියලා :D

      Delete
    9. නිෂාන්.... ලෙඩ උනාට තමක් නෑ අනේ... ඉක්මණට මැරෙන්නේ නෑ නේ ඕවා හැදුනම... සාත්තු කර කර දුක් වඳින්න වෙන්නේ අපිටනේ... හි හි

      ඔය මදුරු නාශකයා කියන ජාතියේ වයිෆ්ලත් ඉන්නවා.. මගේ පොස්ට් ටික කියෙව්ව නං හොයා ගන්න පුළුවන් එක්කෙනෙක්... හි හි.....

      <a href="http://hirunethihorawa.blogspot.com/2012/07/blog-post_26.html“>මෙන්න ලින්ක් එක</a>

      ගිහින් බලන්නකෝ.... කමෙන්ට් ටිකෙනුත් අල්ලගන්න පුළුවන්... හි හි....

      Delete
    10. This comment has been removed by the author.

      Delete
    11. ලින්ක් දැමිල්ල තාම හරි යන් නෑ අප්පා....

      මෙන්න ලින්ක් එක

      Delete
    12. ඔයා ලින්ක් එක දාන්ට ඔච්චර මාන්සි වෙච්චි එකේ ඔන්න ගීන් කියෙව්වා, අරී ...

      Delete
    13. ඒ වුනාට හිරූ ඔයා එක උගුරයි නේ බොන්නෙ, මම නම් කැමති හොද්දෙ ලුණු බලල ඉවර වෙනකොට හොද්දම ඉවර කරන ජාතියෙ වයිෆ්ලට. :D

      Delete
    14. මෙතන සෑහෙන සටනක් ගිහිල්ලා වගේ.... ගෑණු කිසිවෙකුත් බීමට කැමති නෙවෙත්... මගේ මව් කසාද බැද වසර 30 ක් වුවත් අදටත් මගේ පියාණන් හීන් අඩියක් ගැසූ කල පරල වේ... හොදම දේ මේ සිරා වගේ ඉරමුසු/බෙලිමල් හෝ හාතාවාරිය/වැල්පෙනෙල කැද ටිකක් බී නිවෙන්නට වෙර දැරීමයි... මම නම් දැන් හොදටෝම නිවිලාය.. ඇල්වතුරත් දෙපාරක්වත් අවම බීමට පෙර නිවමි... තත්වය එසේ වුවත් මාස 3 කට පමණ වරක් සැර ජාතියකින් අනුගත වෙමි... ඒ අපිට බොන්නට ඇති මලඉලව් උවමනාවකට නොව මිතුරු ඇසුරේ ආනන්දය විදීමටය... ගෑණු දරුවො වැරදි විදියටමයි හිතන්නෙ... කොල්ලො බොන්නෙ යාලුවො එක්ක සැට් වෙලා පොඩි කයියක් ගහන්න..තියෙන උවමනාවට මිස ඔය දහජරාව බීමේ අරමුණින් නොවේ....

      Delete
    15. කාට කාට හරි හරියනවා නම් අනේ වාසනාවන් :D

      Delete
    16. හික් හික්, DDT හෙවත් මදුරු නාශකයා!! LOL!
      henryblogwalker (මට භිතෙන හැටි) the Dude (HeyDude) and මගේ ඩෙනිම My Blue Jeans

      Delete
    17. @ හිරු, ඩූඩ්,

      මදුරු නාශකයා !

      තරයේ හෙළා දකිනව. :)

      Delete
  15. මිනිහා කියල නෑනේ කී වෙනි ළමයද කියලා.

    ReplyDelete
  16. ඒ වුනත් ඌ හොඳයි බං. කුඩු ගහපු එකා අරක්කු වලට බැස්ස කියන්නෙ ඩේලි ගැහුවත් අවුලක් නෑ කියලයි මට හිතෙන්නෙ.

    ReplyDelete
    Replies
    1. ඔව් කලින්ට වඩා නම් සිය ගුණයක් හොඳයි දැන්

      Delete
    2. ආයිත් අහලා...

      Delete
  17. //බලපන්කො බොරුද කියලා ළමයා හම්බ වුනාට පස්සේ මම බොන එකත් නතර කරනවා අම්මපා.//

    ළමයා හම්බ වෙලානේ ඉන්නේ මුට මොන්ගල්ද... නැත්නම් තව ළමයෙක් හම්බෞනට පස්සෙද දන්නෙ නැහැ බොන එක නවත්තන්නේ

    ReplyDelete
    Replies
    1. ඌට එවෙලේ වෙරි වැඩි කමට මතක නැහැ උට ළමයා හම්බෙලා කියලා

      Delete
  18. නිශානයට ලමෙක් හම්බ උනාට පස්සෙ නවත්තනව කියලද දන්නැ කිව්වෙ

    ReplyDelete
    Replies
    1. ඒකනම් දන්නේ නැහැ බන් හිටහන් අහලා කියන්නම් :)

      Delete
  19. මේ අටම්පහුරාද බං.... උඹ පොර කියලා ලියලා තියෙන වාර ගනනෙ හැටියට මිනිහා පට්ට පොරක් වෙන්න ඕනෙ...

    ReplyDelete
    Replies
    1. අටමා නම් නෙවේ ඇත්ත වශයෙන්ම මෙයා නම් පොරක්
      ඉස්සර ගහපු කුඩු,ගංජා වල ක්‍රියාකාරීත්වයද මන්දා දෙන්නෙකුගේ වැඩක් වුනත් තනියෙන් කරනවා හෙන පවර් එකෙන්.ඒකයි මම පොර කිව්වේ.

      Delete
    2. ‍‍//ඉස්සර ගහපු කුඩු,ගංජා වල ක්‍රියාකාරීත්වයද මන්දා දෙන්නෙකුගේ වැඩක් වුනත් තනියෙන් කරනවා හෙන පවර් එකෙන්//

      එච්චර පවර් ද..?

      Delete
    3. ඔව් ඇත්තටම පොර කඩිසරයි.

      Delete
  20. දෙවනි කෙනා හමුබුණාට පස්සෙ වෙන්න ඇති...ගොඩක් දවසකින් ගොඩවුනේ...

    ලස්සන වෙලා වෙනස් වෙලා....හික්ස් මම කිව්වෙ බ්ලොග් එක...

    ReplyDelete
    Replies
    1. අඩේ අනුවා ඇවිත්
      ඔව් මම දැන් ලස්සන වෙලා තමයි තෑන්ක්ස් කිව්වට ආහ් :P
      අපි දන්නවා බ්ලොග් එක ගැන නෙවේ කිව්වේ කියලා :D

      Delete
  21. හොඳ වෙලාවට පොඩි එකාට තවම මුකුත් තේරෙන්නෙ නැත්තෙ. නැත්තන් මහ එකාට ගුටිකන්නයි වෙන්නෙ පොඩි එකාගෙන්.

    ReplyDelete
    Replies
    1. අඩේ අලුත් මධුරංගව සාදරයෙන් පිලිගන්නවා.අපේ මධුරංග අයියා කියලා මම මේ රැවටිලා හිටියේ :)

      Delete
  22. **න් අයියට

    සුභ වේවා!!! රාජ සම්පත් ලැබේවා!!! :)

    ReplyDelete
    Replies
    1. රජා එහෙම කිව්වා කියලා මම **න් අයියට කියන්නම්කො :)

      Delete
  23. යාළුවා සිරා පොරක්. කුඩු ගහන එක නවත්තල ජීවිතේ අළුතින් පටන් ගත්ත මිනිහෙකුට ඕක මොකක්ද? මිනිහට ජයග ඔය පුරාණ පානය කටේ ගෑවුනාම කියන දේ ගණන් ගන්න හොදනෑ. අනිවා මිනිහා ඕනත් නවත්තාවි. ජය

    ReplyDelete
    Replies
    1. මන් නම් හිතන්නේ නැහැ බොන එක නවත්වයි කියලා සහෝ.

      Delete
  24. ඔවු ඌට ආයි දෙන එකක් නෑ ඔක්කොම පොඩි එකා බොන්ඩ එපායෑ මොනව උනත් කුඩු ගහපු එක නැවතුන එකනම් ලොකු දෙයක් හැබැට එහේම වෙලාද පට්ට

    ReplyDelete
    Replies
    1. හික්ස් ගොඩක් කට්ටිය හිතන්නේ මූ කුක්කු බොන එක ගැන :D

      Delete
  25. හේයි නිශාන් මට පේන්නේ අපේ උන්ටත් ටිකක් අර දිග..... බල්බ් වගෙ බොගෙ ස්ටෝරිය. මූට නාඩියත් නැතිවෙලා මූ පාටිය දෙන්නෙ ළමය හම්බ වුන සතුටට කියලා .පට්ට..........

    ReplyDelete
    Replies
    1. අන්න පොයින්ට් එක
      මටත් හිතෙන්නේ ගොඩක් යට මීටර් නැහැ සීන් එක :)

      Delete
  26. කොහොමද බඩු වල පවර් එක..!

    ReplyDelete
    Replies
    1. හික්ස් ගල් වල බලේ

      Delete
  27. මම හිතන්නේ ඊළඟ ළමයා වෙන්ටැ!

    ReplyDelete
    Replies
    1. නැහැ මෑන්ට නිච්චියක් නැහැ ඌ පාටිය දෙන්නෙත් ළමයා හම්බ වුන සතුටට කියලා :)

      Delete
  28. බිව්වම කියල කථා ලොවෙත් නෑ....

    ReplyDelete
  29. ඔය කතාව කිව්වෙ ඌද නැත්නම් ඔයාද‍

    ReplyDelete
  30. එල කොල්ලෙක්නෙ...

    ReplyDelete
  31. නිශානුත් චුට්ටක් බීපු නිසා.. කතාව මාරු වෙලා ඇහුනද දන්නෑ..

    ReplyDelete
    Replies
    1. කතාව මීටර් නැහැ වගේද? :)
      නැහැ මෑන්ට නිච්චියක් නැහැ ඌ පාටිය දෙන්නෙත් ළමයා හම්බ වුන සතුටට කියලා :)

      Delete
  32. අන්න මිනිස්සු ........ ලොල් කථාව ඈ .....

    ReplyDelete
  33. හිහිහිහි.... මරු අමතක වීම ඈ..

    ReplyDelete
    Replies
    1. ඒක මරු වෙන්නේ කොහොමද? :)

      Delete
  34. සමහර විට ළමයා උගේ නෙමෙයි වෙන්න ඇති. (මේ ඒ යකා බ්ලොග් කියවන්නේ නෑ කියලා ෂුවර් නේද.)

    ReplyDelete
    Replies
    1. ඌ බ්ලොග් කියවන්නේ නම් නැහැ ඒත් මම මේ කොමන්ට් එක ඌට පෙන්වනවා :D

      Delete
  35. මාර අමතක වීමක්නෙ බන් ඒක...

    ReplyDelete
    Replies
    1. පොරට ඒක එවෙලේ වෙරි නිසා අමතක වෙන්න ඇති.

      Delete
  36. ගෑනිට ඇහුනානම් ඉඳල හමාරයි..උඹලත් එලවගනීවි..!

    ReplyDelete
    Replies
    1. එහෙම වෙයිද? අනේ මන්දා

      Delete
  37. මිනිහ ඊලග ළමය ගැන හීන මව මවා ඉන්න ඇත්තේ :D

    ReplyDelete
    Replies
    1. :)
      නැහැ සහෝ පොරට එවෙලේ අමතක වෙලා ඌ පාටිය දැම්මෙත් ළමයා හම්බ වුන නිසා කියලා.

      Delete
    2. හෑ.... අම්මපා බොන ගමන්ද ඒ කතාව කිව්වේ?

      Delete
    3. හැබැයි සුවර් ෂොට් වයිෆ් හිටියා නම් 3 දෙනාම එළියේ :D

      Delete
    4. එව්වා හඳේ :D

      Delete
  38. මමත් අපේ පවුලට කියල තියෙන්නේ මම ළමයෙක් හම්බුනාම බොන ඒක නවත්තනවා කියල!
    ;)

    ReplyDelete
    Replies
    1. දැන් ඉතින් ළමයි කීයක් නම් හම්බ වුනාද නේද? :D

      Delete
  39. ඊළඟ එකා හම්බුනාම වෙන්නැති

    ReplyDelete
    Replies
    1. අපි එහෙමවත් පතමු :)

      Delete
  40. මාත් ළමය හම්බු වෙනකන් නීති පතා බොනවා ... ;)

    ReplyDelete
    Replies
    1. හෑ උඹට දැන් ළමයෙක් ඉන්නවා නේද?

      Delete
  41. Indunil Lahiru10/14/12, 8:18 AM

    uba goyoth partiyakata eke mokak hari awlak thiyenawa..... :D

    ReplyDelete
    Replies
    1. මේකේ අවුලක් කොහෙද බන්? :D

      Delete
  42. උඹලා අනාගෙනන බං. බුවාට අමතක වෙලා නෙවෙයි. බුවා කියන්නෙ කුක්කු බීම ගැන.
    henryblogwalker (මට භිතෙන හැටි) the Dude (HeyDude) and මගේ ඩෙනිම My Blue Jeans

    ReplyDelete
    Replies
    1. කුක්කු වුනත් අරක්කු වුනත් මුට දැන් ළමයා හම්බවෙලානේ?

      Delete
  43. සිරා බුවෙක්නේ මලේ. පොරට අමුවෙන්ම වැදිලද කොහේ.

    ReplyDelete
    Replies
    1. ආයිත් අහලා පොරට නස්කුප් වෙන්නම වැදිලා ඉඳලා තියෙන්නේ.

      Delete
  44. හුකෑස්....පට්ට..

    ReplyDelete
  45. අනුන්‍ට උරුම දේ ගන්න හොඳනෑනේ.. හිකිස්...!

    ReplyDelete
  46. මොනව උනත් හිත හොඳ පියෙක් බං

    ReplyDelete

හිතට දැනුන පුංචි දේ හරි කියලා යන්න ඒක මට ශක්තියක්.යාලුවනේ ඔයාලට බ්ලොගර් ප්‍රොෆයිල් එකක් තියෙනවා නම් වෙලාවක් තියෙනවා නම් තවමත් ෆලෝ කරලා නැත්තම් ෆලෝ පාරකුත් දාලා යන ලෙස ඉල්ලා සිටිනවා!