Sunday, February 24, 2013

85 පණ යන්නේ ජනේලෙන්ද?

මේ ලඟකදී මගේ යාළුවෙක් බස් එකේ යද්දී එක මනුස්සයෙක් පනා විකුනනවලු.ඔව් ඔව් අර කොන්ඩේ පීරන ඒවා තමා.හැබැයි මේවා එසේ මෙසේ ඒවා නෙවේ ටිකක් ස්පෙෂල් පනා!.

මේ පනාවල විශේසත්වය තමා මේවා කොච්චර නැව්වත් කැඩෙන්නේ නැති එක.ඉතින් මේ මනුස්සයා පනා නව නව කියනවලු ගන්න මහත්තයා කැඩෙන්නේ නැති පනා මේවා කිය කියා.ඔහොම බස් එකේ ඉස්සරහා ඉඳන් පස්සට එද්දී මිනිහගේ අතින් එක පනාවක් නවන්න ගිහින් කැඩුනලු.

"මෙන්න බලන්න මහත්තයා කැඩෙන්නේ නැති පනාවල
ඇතුල් පැත්ත"
කියලා ගාණක් නැතුව  මිනිස්සුන්ට පෙන්වලා පිටි පස්ස දොරෙන් ශේප් එකේ බැහැලා ගියාලු.
-------------------------------------------------------------------------------------------------------

මේක නම් වෙන කතාවක්.අර ඇම්ඩාගේ ලාම්පු ගිල්ල කතාවේම වර්ෂන් එකක්.අහලා නැතුව ඇති කියලා හිතුන නිසා ලියනවා.

ඔන්න දවසක් එක ඉස්කොලෙකදී 2 වසර පන්තියේ ළමයින්ට සර් කෙනෙක් උගන්වනවලු බොහොම සරලව ආත්මය ගැනත්,ශරීරය ගැනත්.මේ සම්බන්ධව කරුණු ගොඩක් කියලා දීලා මේ ගුරුවරයාට දැනගන්න ඕන වුනාලු තමන් උගන්වපු දේ මේ ළමයින්ට තේරුම් ගිහින්ද කියලා බලන්න.


ඉතින් පන්තියේ ඉන්න ළමයින්ගෙන් ඇහුවලු
"ළමයි කියන්න බලන්න පණ යන්නේ කොහෙන්ද කියලා?"

ගුරුවරයාට දැනගන්න ඕනේ වුනේ පණ යන්නේ ශරීරයෙන් කියලා පිළිතුරක් ලැබෙයි කියලා.ඒත් එක ළමයෙක්වත් සද්දයක් නැහැල්ලු.තමන් කියලා දුන්නු දේවල් තේරුනේ නැති වුනා කියලා හිතුනම හැඟෙන විදිහ ඩූඩ් සර් නම් දන්නවා ඇති.ඉතින් මේ ගුරුවරයාත් ටිකක් අප්සෙට් එකෙන් බලන් ඉද්දි එක ළමයෙක් නැගිටලා කිව්වලු

"සර් පණ යන්නේ ජනේලෙන්" කියලා.

මේ පිළිතුරෙන් අන්ද මන්ද වුනු ගුරුවරයා ඇහුවලු ඒ කොහොමද කියලා.

අර ළමයා කිව්වලු.
සර් මේ ලඟකදී රෑ මට ඇහුනා අක්කාගේ කාමරේ ඇතුලෙන් අක්කා කියනවා
"අනේ පණ ඔයා ඉක්මනට ජනේලෙන් එලියට යන්න"කියලා !



85 comments:

  1. අන්න එහෙමලු පනා වල ඇතුල් පැත්ත ගැන දැනගන්නේ...


    අපේ පන යන්නේ... දොරෙන්ම තමයි ඉතින් :p :D තව ඒවා තියනවා.. පොඩි එකෙක් විදියට හැසිරිය යුතු නිසා..මෙතන නොකොටා ඉන්නවා

    ReplyDelete
    Replies
    1. හික්ස්

      උඹ පොඩි එකෙක්? :O කොයි හරියෙන්ද උඹ පොඩි? :D

      Delete
  2. පට්ට කතා දෙක. මම ආසම සෙට් එකක් තමයි බස් වල එක එක ඒවා විකුණන සෙට් එක. හිඟන්නො නම් අරහං. විශේෂයෙන් කයි කියන උන්....

    ReplyDelete
    Replies
    1. ඔව් දත් බෙහෙත් විකුනන්න එකෙක් එනවා මෙහෙ.ඌ නම් මාර කතා කියන්නේ මිනිස්සුන්ගේ හිත් ගන්න :)

      Delete
    2. දේශිය ඖෂධ 22ක් තියන දත් බෙහෙත් විකුනන එක්කෙනෙක් කිරිබත්ගොඩ ඉන්නවා මචං :)

      Delete
    3. ටිකක් වැදගත් විදිහට ඇඳන් එන්නේ.කතාවට දක්ෂ පොරක් මෙයා.

      Delete
  3. එකෙන් කියන්නේ පන එන්නෙත් ජනේලෙන් කියන ඒක නේද නිශාන් අයියේ....

    ReplyDelete
    Replies
    1. ඒකනම් මන් දන්නේ නැහැ බන්.මම ජනෙල් වලින් රිංගන්න ගියේ නැහැනේ :)

      Delete
  4. ආ .... ඔහොම කතාවක් මාත් අහල තියෙනව. මුදලාලි කෙනෙක් කිරි හට්ටි විකුණන්න ගිහිල්ල “ගන්න නෝනා, මේ හට්ටිය අනිත් පැත්ත ගැහැව්වත් කිරි ටික කුට්ටිය වගේ තියෙනව වැටෙන් නෑ“ කියල මෑන් හට්ටියක් අනිත් පැත්ත නැව්වළු. කිරි ටික කකුල් දෙක මුලළු.

    ඔය ජනෙල්වලින් එන - යන පනට සෙල්පෝං අපලය කියල පහුගිය දවස්වල කතාවක් ගියේ.

    ReplyDelete
    Replies
    1. මළ චාටරේ නේද ඒ මුදලාලියට? :D

      ආහ් ඔව් ඔව් හරියා හරි චමියා හරි ඔහොම එකක් ලිව්වා තමා සෙල්පෝන් සිද්දියක් ගැන.හික්ස් උන්ට උණු ඒවානේ ඉතින් ඕවා :P

      Delete
  5. පලවෙනි එකනම් ලොල්ම තමා..

    ReplyDelete
    Replies
    1. හැක් හැක් ස්තුතියි සහෝදරයා.

      Delete
  6. අඩෝ මාරු කතාව............ඔය ජනේලයෙන් පන යවද්දී බලාගෙන අපේ යාලුවෝ දෙතුන් දෙනෙක් ජනේලෙන් පන දෙන්න ගිහිල්ල නුලෙන් බේරුනේ................

    රස්තේ පාරක් ගහමුද

    ReplyDelete
  7. දෙවනි එකනං අසා ඇත....
    හික්ස්...
    මාත් කාමරේ එක ජනේලෙක ග්‍රිල් එකක් ගලෝලා බං තියෙන්නේ...
    ඉස්සර ප්‍රිෆෙට් කාලේ රෑට වැඩ සෙට් උන දවස් වලට පට්ට රෑ වෙනකං වැඩ කරලා ගෙදර ආවම ඇතුල් වෙන්න හදාගත්තේ...

    ReplyDelete
    Replies
    1. උඹට ෂුවර්ද උඹට ජනේලෙන් පනින්න පුළුවන් කියලා? :D

      Delete
  8. අර කිව්වත් වගේ ඔය වෙලෙන්දො ගාව එල ට්‍රික්ස් තියෙන්නෙ. මේ ලඟදි එකෙක් මාලු විකුනනව "ආ ගන්න නෝන... මේව මේ පොලේ බෝංචි ගානට දෙන්නෙ. කිලෝ එකම 280යි." ගෑනු වගයක් පොර කකා ගත්තෙ ඉවර වෙයි කියල. මම පස්සෙ තාත්තගෙන් අහල බැලින්නම් ඒ මාලු කිලෝ එකක් 200ක් විතරලු වෙන්නෙ

    ReplyDelete
    Replies
    1. 200ට දෙන්නේ මොනවද බන් සාලයෝද?

      Delete
  9. pපණ එතකොට රෑට විතරද බං යන්නේ?

    ReplyDelete
    Replies
    1. ලොල් බලන් ගියාම ඔව්නේ බන්.

      Delete
  10. අනේ පණ, කාමරේ ජනේලේ ඇරියොත් වහන්න අමතක වෙන නිසා කවදාවත් අරිනේනේන නෑනේ,, එතකොට අපට පණ ඇත්තෙත් නෑනේ, :O

    ReplyDelete
    Replies
    1. මොකක්ද බොල මේකේ තේරුම? ඩබල් මීනින් ටෝක්ස් අපිට තේරෙන්නේ නැහැ :)

      Delete
    2. ඩබල් මීනින් නෙවෙයි මැට්ටෝ,, :/ මම කීවේ අපේ ගෙදර නම් කවුරුත් කාමරවල් වල ජනෙල් අරින්නෙ නෑ,, ඉතිව් අපිට පණ නැතිද කියලා ඇහුවේ :/

      Delete
    3. අයියූ හැම ගෙදරම එක වගේ නැහැ මෙයා :D

      Delete
    4. ශම්මි කළු දොදොල් කාල ඉවරද? ;)

      Delete
    5. ඈ ශම්මි කළු දොදොල් කනවද?

      Delete
    6. අහුවෙනවකෝ බොලා... :/ ගර්ර්ර්ර්

      Delete
  11. ජනේලෙන් පනින එකත් පණ යන වැඩක් තමා..

    ReplyDelete
  12. මගේ යාලුවෙක් ඔහොම දන්නැති ජනෙලෙකින් පැනල. එහා පැත්තේ අඩි හයක් විතර ගැඹුර වලක් තිබිලා තියෙන්නේ. බොහොම අමාරුවෙන් තමයි ගොඩ ඇවිත් තියෙන්නේ. නියම කතා දෙක මලේ. අර ඔයා බලන්න ආස ලොල් කතා වගේ. මගේ ඊලග පොස්ට් එකත් ලොල් කතාවක්.

    ReplyDelete
    Replies
    1. හුටා කොරේ පිටට මරේ වගේ වැඩක් වෙලා තියෙන්නේ.

      ආහ් ලොල් කතා! නියමයි නියමයි අයියා.

      Delete
  13. මරු බං..!

    මොකට ජනේලෙන් යන්නද...අර මල්වත්තෙ අච්චර ඉඩ තියෙද්දි..සික්කට කීයක් හරි දුන්න නම් පණකොහේ ගියාම මොක.

    ReplyDelete
    Replies
    1. මල්වත්ත තරම් වියදමුත් නැහැ ආරක්ෂාවත් වැඩියි කාමරේ :D

      Delete
  14. කතා දෙකම මරු !
    දෙවෙනි කතාව නම් එලකිරියෙනුත් දැක්කා. ඒ කොයි හැටි උනත් ආයෙම වතාවක් කියවලා රසාවින්ඳා

    ReplyDelete
    Replies
    1. තැන්කියු තැන්කියු අයියා :)

      Delete
  15. හිකිස්....පණ ජනේලෙන් පැනලා යනවා නේ..හික් හික්

    ReplyDelete
    Replies
    1. ඔව් ඔව් ට්‍රයි කරලා බලපන් :)

      Delete
  16. පට්ට මචෝව්.....හික් හික් දෙවෙනි එක නම් කොහෙන්දෝ අහලා තිබ්බා..පලවෙනි එක අද තමයි ඇහුවේ..

    ReplyDelete
    Replies
    1. පලවෙනි එක සිරා කතාවක්නේ මචෝ :)

      Delete
  17. මම නම් කතා දෙකම ඇහුවේ අද.. දැන් නම් ඔය පන ජනේලයෙන් යන සීන් අඩුයි නේද? ඉස්සරනම් ඔය වගේ දේවල් අහන්න ලැබුනනේ නිතරම...

    ReplyDelete
    Replies
    1. ඔව් දැන් කෙලින්ම ඉස්සරහ දොරින්නේ යන්නේ එන්නේ.කලියුග කාලේ නොවෑ! :)

      Delete
  18. කතා දෙකම නියමයි මචං.
    ගෙදරට පොලිසියෙන් එන බව දැකල පැන ගන්නවත් වෙලාවක් නොතිබුණු පියා ඇඳ යටට රිංගුවා. පොලිසියට බයේ හැංගෙන්න හේතුව තමයි ඔහු දේශීය බීම වර්ගයක් නිෂ්පාදනය කිරීම. හැංගෙන්න කලින් ඔහු තමන්ගේ පොඩි පුතාට කිව්වා "පොලිසියේ මාමල ආවොත් තාත්තා ගෙදර නෑ කියන්න " කියල.
    පොලිසියෙන් ඇවිත් "කෝ පුතේ තාත්තා.." කියල ඇහුවම පොඩි එකා කිව්වලු.. "තාත්තා නම් ඇඳ යට නෑ මාමේ.." කියල.

    ReplyDelete
    Replies
    1. පොඩි උන් කවදාවත් බොරු කියන්නේ නැහැනේ බන් :D

      Delete
  19. ලොල් ඕයි... අරූට වහ කන්න හිතෙන්න ඇති නෙහ් :)

    සුභ වේවා!!! රාජ සම්පත් ලැබේවා!!!

    ReplyDelete
    Replies
    1. උන්ට ඕවා ගානක් නැහැ බන් උන් කොළඹ කපුටෝ වගේ තමා.

      Delete
  20. අපි කියන්නෙ "ලෝභයෙකුට කාට හරි පිනට යමක් දෙන්න උනොත් බුරියෙන් පණ යයි" කියල.

    ReplyDelete
    Replies
    1. ලොල් මේ ඒ පණ නෙවේනේ අයියා :)

      Delete
  21. පනා කතාව නම් අහලා තිබ්බා. පණ නම් අහලා නෑ ඕං ! ඵල!

    ReplyDelete
  22. පණ යන කතාව අහල ගුරාට පණ ගියාද දන්නෑ.

    ReplyDelete
  23. ස්තුතියි බං මාවත් මතක් කලාට. ඇත්තටම දෙකේ ළමයින්ට ආත්මය ගැනයි ශරීරය ගැනයි උගන්නවද ? පිස්සු හැදෙයි නේ?

    අර පනාව ගොඩ දාගත්ත එක නම් මරු.

    තවත් පොරක් ඔය පනාවම බස් එකේ කණු වල ටාං ටාං ගහලා ගහනවාලු, දෙකටම නවනවලු.

    "මේ බලන්න මේ පනාව නවන්න පුලුවං, ඔන්නං කුලුගෙඩියකින් උනත් ගහන්න පුලුවන්, තවත් ඕනෙ නම්..."

    "මේ ලොකු උන්නැහෙ. ඕකෙන් ඔලුව පීරන්ඩ පුලුවන්ද?" එක පොරක් ඇහුවලු, ඇත්තටම පනාවක් ගන්න හිතාගෙන.

    ReplyDelete
    Replies
    1. කතාවට විතරයි එහෙම ඇත්ත ජීවිතේදී වුන දෙයක් නෙවේනේ සර් ඕක :).
      ආහ් ඔය වගේ වෙනත් කතාවක් මාත් අහලා තියෙනවා. :)

      Delete
  24. Replies
    1. අක්කණ්ඩිත් අමුතු භාසාවක් අල්ලාගෙන වගේ :)

      Delete
  25. මේ කතාව කියවපු ආදර්ශමත් ගෑණු ළමයි රෑට නිදාගනිද්දි ජනෙල් වහලා නිදාගන්න එක හොඳයි..
    හදිස්සියේ හරි පණ ගියොත්? කාට කියන්නද නේහ්?

    ReplyDelete
  26. හික් හික් නියම කතා..................

    ReplyDelete
  27. එතකොට ජනේලයෙන් පණ යන්නෙ එහෙමලු...මරු කතාව.. ඔය බස් වල වෙළඳාම් කරන අයගේ මාකටීන් කතා නම් කියලා වැඩක් නෑ

    ReplyDelete
    Replies
    1. ඔයාගේ පණ යන්නේ නැද්ද ජනේලෙන්? :D

      Delete
  28. පන යන්නෙන් ජනේලෙන්ද?? හරිම ලොල් සහගතය්....

    ReplyDelete
  29. මේ වගේම සිද්ධියක් කළා ඉස්කෝලේ යන කාලේ.. ඒකත් පනාවක් ගැනම තමා.. පන්තිභාර ටීචර් ගේ පනාව කඩල මාට්ටු..

    දෙවෙනි එක නම් අහල තිබ්බ.. පළවෙනි එක නම් පට්ට!!

    ReplyDelete
    Replies
    1. මේ පැත්තේ පළමු පැමිණීම නේද? තෑන්ක්ස් සහෝ.ඉස්කෝලේ කාලේ අපිත් ඔය වගේ කුප්ප වැඩ කරලා තියෙනවා ටීචර්ලට :)

      Delete
  30. පොඩි එක හරිනේ. මේ ඩුඩ් සර් කිව්වේ අපේ ඩුඩ් අයියට එහෙම නෙවෙයි නේ.

    ReplyDelete
    Replies
    1. :) වෙන මොකාට ඩූඩ් සර් කියන්නද?.

      Delete
  31. කතාවේ මාතෘකා මාරු වී ඇති බව පෙනෙනවා.
    දෙවන කතාවේ මාතෘකාව පළමු කතාවට යොදා තිබෙනවා. එය නිවැරැදි කරන්න.
    කතා රසවත්. විචාරයක්නම් නැහැ.

    ReplyDelete
    Replies
    1. නැහැ නැහැ මම කතාවලට නම් දැම්මේ නැහැ මම ඒ නම දැම්මේ මුළු පෝස්ට් එකටම.

      Delete
  32. පනා විකුනපු ඩයල් එක පව් බං....චාටර් සීන් එකක් වෙලා තියෙන්නේ...දෙවෙනි කතාව හෙන ආතල් ඈ

    ReplyDelete
    Replies
    1. පනා විකුනපු එකා ගැන ඇයි එච්චර දුක බොට? :)

      Delete
  33. අඩේ පට්ටයි ඈ... පණ යන්නේ ජනේලෙන්.. හෙහහ... එළස්

    ReplyDelete
  34. ඇති එහෙම පන ගියා

    ReplyDelete
    Replies
    1. අහුවුනා නම් යන්න පනකුත් නැහැ :)

      Delete
  35. අක්කා සල්ලං වෙයි වගේ ලගදිම ජනේලෙන් ඇතුලට එන එකා අතින්...

    ReplyDelete
    Replies
    1. හැක් හැක් වල් අක්කෙක්!

      Delete
  36. පංකාදු කතා දෙක මලයෝ...ඇම්ඩගේ ලාම්පු කන කතාවත් දාන්ඩෝ..

    ReplyDelete
    Replies
    1. ඇයි එක දන්නේ නැද්ද? මේ ළඟකදිත් බ්ලොග් එකක් ගියා ඒ කතාව.

      Delete
  37. හික් හික්.... ජනේලෙන් පණ යාම...... :)

    ReplyDelete
    Replies
    1. ඇයි යන්න බැයිද? :)

      Delete

හිතට දැනුන පුංචි දේ හරි කියලා යන්න ඒක මට ශක්තියක්.යාලුවනේ ඔයාලට බ්ලොගර් ප්‍රොෆයිල් එකක් තියෙනවා නම් වෙලාවක් තියෙනවා නම් තවමත් ෆලෝ කරලා නැත්තම් ෆලෝ පාරකුත් දාලා යන ලෙස ඉල්ලා සිටිනවා!