Sunday, March 17, 2013

116 මං එදා ඇඳ යට බන් හිටියේ!!

මට මේ දවස් වල හරියට ගමන් බිමන්,එක එක වැඩ,මල ගෙවල් සෙට් වෙනවා.මේවා නිසා පෝස්ට් එකක් දෙකක් හරි හම්බුනානේ කියලා හිත හදාගත්තා.එහෙම හම්බ වුනු කතා දෙක තුනක් තමා අද ලියන්නේ.මේවා ඇත්තටම වෙච්චි ඒවා බොරු කතා නෙවේ.

අපේ ගෙවල් පැත්තේ ඉන්නවා නන්දෙ කියලා මාමා කෙනෙක් මිනිහා හරි කුණා.මෙයාගේ වයිෆ්ට අපි කියන්නේ නන්දෙ නැන්දා කියලා.නැන්දත් නන්දෙ මාමාට දෙවෙනි නැහැ හාල් මැස්සෝ සීයක් උයලා හාල්මැස්සෝ ටික අර ගන්නවා පහුවෙනිදට ගන්ඩ හොද්ද විතරක් කාලා.ඒ ගෙදර දුවලා පුතාලත් එහෙම්මයි.

කොහොම හරි නන්දෙ මාමා මේ ලඟදි හාට් ඇටැක් ඇවිල්ලා නැති වුනා.මල ගෙදර පලවෙනි දවසේ විතරයි සෙනග.ගෙවල් ළඟ නිසා මමනම් නයිට් තුන හතරක්ම ගැහැව්වා.දෙවෙනි දවසේ සෙනග නැහැ රෑ වෙද්දී,හිටියේ බූරුවා ගහන සෙට් එකකුයි ඥාතින්
කට්ටියකුයි විතරයි.

මායි තව යාළුවෙකුයි තමා පලවෙනි දවසෙයි දෙවෙනි දවසෙයි ගියේ.අපි ඉතින් කරේ කැරම් බෝඩ් එක අරන් පොඩි උන්ව පරද්ද පරද්ද හිටියා.ලොකු අය සෙට් වුනාම ඉඳලා හිටලා අපි පරාද වුනා ඉතින්.දෙවෙනි දවසේ යද්දී එක තැනක කස්ටියක් සෙට් වෙලා බූරුවා ගහනවා.පොඩි උනුත් නැහැ තව තැනක කොල්ලෝ දෙන්නෙක් කැරම් ගහනවා.අපි දෙන්නත් එතනට ගිහින් ටිකක් ලඟට වෙන්න වාඩි වෙලා හිටියා ඒ දෙන්නා ගහලා ඉවර වුනාම අපිත් එයාලට එකතු වෙන්න.මේ දෙන්නා ගහනවා ගහනවා ඉවරයක් නැහැ අපි දෙන්නත් බලන් ඉන්නවා මුන් දැන් ඉවර වෙයි දැන් ඉවර වෙයි කියලා.කොහෙද මුන් දෙන්නා අපි ආපු වෙලේ ඉඳන්ම එකම ගේම ගහන්නේ.

මම ටිකක් කිට්ටු කරලා බැලුවා මුන් දෙන්නම ගහන්නේ සුදු ඉත්තෙක්ට අනිත් ඉත්තෝ ඔක්කොම වලවල් වල.මට හිතුනේ මෙයාල පොයින්ට් එකක් ගහනවා කියලා සාමාන්‍යයෙන් දෙන්නෙක් පොයින්ට් ගහන්නේ නැහැනේ..එත් මුන් දෙන්නම සුදු ඉත්තව එහෙට යවනවා මෙහෙට යවනවා කිසි කතාවකුත් නැහැ ඒ වගේම බෝඩ් එක මැද්දට ඔලුව නවාගෙන හරියට ඇලවුන ගස් දෙකක් වගේ.

අපි කතා කරත් ඇහුනේ නැහැ වගේ අර ඉත්තට ගහනවා.පැය බාගේකටත් වැඩිය ගියා.ඔන්න ඔය වෙලාවේදී නන්දෙ මාමගේ පුතා ඔතනින් ගියා.මම එයාට සීන් එක කිව්වම ඌ කියාපි.

උඹලා දෙන්නා මාර ඩයල් දෙකක්නේ.කලින් මගෙන් අහන්න එපැයි, මුන් දෙන්නා හයේ ඉඳන් ඔය ඉත්තට ගගහා ඉන්නේ බන් ටැබා ගහලා.

එවෙලේ 8:30ට විතර ඇති.ඒ කොල්ලෝ දෙන්නා ටැබා කියන මත් වෙන පෙති ජාතියක් ගහලා තමා එහෙම ඉඳලා තියෙන්නේ.පස්සේ බොහොම අමාරුවෙන් උන් දෙන්නව පැත්තකට එක්කන් ගිහින් වාඩි කරවලා තිබ්බා.

දෙවෙනි කතාව වුනේ මම අඳුරන අයියා කෙනෙක්ගේ ගෙයක් හදන්න ගිහින්.මටත් අඩ ගැහුවා අත් උදව්වට!.

අපි ඒ අයියට කියමුකෝ නිලන්ත කියලා නිලන්ත අයියගේ යාලුවෙක් තමා බාස්.මිනිහා බණ්ඩාර.නිලන්ත අයියට වඩා අවුරුදු දහයක් විතර වැඩිමල්.අප කියන්නේ බණ්ඩාර මාමා කියලා.ඔය නිලන්ත අයියගේ අම්මා මැගිලින් ආච්චි බණ්ඩාර මාමා එක්ක ටිකක් තරහයි ඒ වෙන මොකටවත් නෙවේ ඒ කාලේ බංඩාර මාමා නිලන්ත අයියව බොන්න එක්කන් ගිහින් පුරුදු කරා කියලා තමා.

වැඩේ දවසෙත් හවසට අනිවා දෙන්නා බොනවා කියලා දන්න නිසා මැගිලින් ආච්චි වැඩි කැමැත්තකින් නෙවේ හිටියේ දෙන්නා දැනට වුනත් එකතු වෙනවට.නිලන්ත අයියා මම ඉන්න නිසා බඩු ගේන්න එහෙට මෙහෙට ගියා බණ්ඩාර මාමා වැඩ.මම තමයි අත්උදව් කාරය.මට තියෙන්නේ බදාම ටික,ගල් ටික බණ්ඩාර මාමා ලඟට ඇදලා දෙන්න.බණ්ඩාර මාමා ගිනි කසයා වගේ වැඩ.මැගිලින් ආච්චි වැඩ කරන තැනින් එහෙට යනවා මෙහෙට යනවා හොරෙන් බල බල ඒත් වචනයක්වත් කතා නැහැ.

බණ්ඩාර මාමා මට ඇහෙන් පෙන්නනවා මැගිලින් ආච්චිව.ගඩොල් වලින් තමා බිත්තිය බැන්දේ ඉතින් සමහර තැන්වලට ගඩොල් බාග කඩලා තමා බණ්ඩාර මාමා ගත්තේ.එක පාරක් ගඩොල් කඩද්දි මැගිලින් ආච්චි දැකලා බණ්ඩාර මාමට බනින්න ගත්තා.

ඈ බොල තොපිලා බාස්ලද? නිලන්ත ණයට සල්ලි හොයන් ඔය ගඩොල් ගෙනාවේ තෝ මෙතන කිසි වගේ වගක් නැතුව ගඩොල් කඩනවනේ.මම නිලන්තට කිව්වා එක එක මක බාස්ලට වැඩ නොදී හොඳ බාසෙක් හොයා ගන්න කියලා.කොහේද උනුත් අපි කියන ඒවා අහන්නේ නැහැනේ.කඩන්නේ නැහැ එක ගඩොලක් ආයේ!!

මට මැරෙන්න හිනා බණ්ඩාර මාමා තරහෙන් පුපුර පුපුර මටත් රවනවා.පස්සේ නිලන්ත අයියව කෝල් කරලා ගෙන්නන කම් අපිට ගල් කඩන්න තහනම් නිසා පැත්තකට වෙලා වාඩි වෙලා ඉන්න වුනා.

මේක තුන්වෙනි කතාව
මේ කතාව මට තාම හිතාගන්න බැහැ මොකක්ද මේකේ තේරුම කියලා ඒත් මම එවෙලේ සද්ද නැතුව හිටියේ මිනි මැරුමක් තරම් දුරදිග යන්න පුළුවන් ප්‍රශ්නයක් නිසා.

අපේ ගෙවල් කිට්ටුව ඉන්නවා ප්‍රසන්න කියලා අයියා කෙනෙක්.අම්මගේ බිස්නස් වැඩකට මට මිනිහා එක්ක බියගමට යන්න වුනා මිනිහත් එක්ක මිනිහගේ බයික් එකේ.අපි බියගමටත් ගිහින් වැඩෙත් කරන් එද්දී කඩවතදී අපිට හම්බ වුනා ප්‍රසන්න අයියගේ යාලුවෙක් රාජිත කියලා.රාජිත ඉන්නේ ප්‍රසන්න අයියගේ අල්ලපු ගෙදර හැබැයි රාජිත අයියා නේවි එකේ.මාසෙකට දෙහෙකට සැරයක් විතරයි ගෙදර එන්නේ.රාජිත අයියගේ ගෙදර ඉන්නේ එයාගේ වයිෆුයි අම්මයි විතරයි.

අල්ලපු ගෙදර වුනාට මොකද රාජිත අයියට නිවාඩු අඩු නිසා කාලෙකින් දෙන්න හම්බවෙලා නැහැ.මා එක්ක නම් කොහොමත් හිතවත් නැහැ රාජිත අයියා.මේ පාර නිවාඩුවට ගෙදර යන ගමන් තමයි අපිට හම්බ වුනේ.

ඉතින් මේ දෙන්නා ආගිය තොරතුරු කතා කරලා යන්ද ඇහුවා සෙට් වෙන්න.ප්‍රසන්න අයියා මට කිව්වා හදිසියක් නැත්තම්එනවද ඇහුවා.මාත් ඉතින් වෙලා තියෙන හින්දා යන දේවාලෙක යන් කිව්වා.ඊට පස්සේ ඒ හරියේ තියෙන අකුරු දෙකේ රෙස්ටුරන්ට් එහෙකට අපි තුන්දෙනා ගියා.බියර් බෝතල් තුනක් ඇනවුම් කරත් මම බොන්න බැහැයි කිව්වම දෙකක් ගෙනල්ලා දෙන්නා දැන් පරණ කතා අලුත් කතා,අම්බානක කතා.

මම කෝක් මෙගා එකක් ගෙනත් අරුන් දෙන්නගේ බයිට් වලට වැඩේ දුන්නා.රාජිත අයියාහෙන මොරාල් පොර.යාලුවට සෙකන්ඩ් නොවෙන්න වග බලාගෙන ඕඩර් කරෙත් ඒ රෙස්ටුරන්ට් එකේ ගණන් වැඩිම කෑම බීම.බියර් බෝතල් දෙක හතරක් වුනා ඒ දෙක ඉවර වෙලා තවත් දෙකක් ගෙනාව.ඉස්සෝ ඩෙවල් ප්ලේට් හතරකට විතර මම වග කිව්වා.

දැන් හයවෙනි බෝතලේත් ටේබල් එක උඩ,දෙන්නට දැන්නම් වෙරි මේ අතරේ රාජිත අයියා ෆෝම් වෙලා බ්‍රැන්ඩි බාගෙකුත් ඕඩර් කරා.මට හිතුන දැන්නම් එන පොට හරියන්නේ නැහැ වගේ කියලා.ඉතින් මම ප්‍රසන්නයට කිව්වා දැන් ගියොත් හොඳයි කියලා කොහෙද මේ යකා කියනවා

අනේ මල්ලි තව ටිකකින් යන් ආයේ කවදා මුන්ව හම්බ වෙයිද දන්නේ නැහැනේ??.

මම ඉතින් තණකොළ උගුරේ හිරවුණු ගොනා වගේ දැන් ගැලවෙන්න බැරුව මුන් දෙන්නා දිහා බලන් ඉන්නවා.බ්‍රැන්ඩි බාගෙන් බාගෙකුත් ඉවර වේගෙන එන්නේ.දැන් රාජිතය අඬනවා.

මචන් මට හෙන අප්සට් බන්.මේ ලඟදි දවසක මම අපේ ලොක්කෙක්ගේ වැඩකට එලියට ආවා ඒ ගමන් මම වැලිසර කෑම්ප් එකට ඇවිත් යාලුවෙක්ගෙ බයික් එකකුත් ඉල්ලන් රෑගෙදර ආවා.එවෙලේ අපේ දිනූශා(රාජිත අයියගේ පවුල) හරියට කලබල වුනා මාව දැකලා.පව් බන් එකී(අඬමින්) එකී හිතන්න ඇති මම ඒකිව සැක කරන නිසා එවෙලේ හදිසියේ නොකියම ගෙදර ආවා කියලා.

දැන් තමයි හොඳම හරිය මම අර උඩ කිව්වේ මට හිතාගන්න බැහැයි කියපු කතාව.

අඬන රාජිත දිහා බලන් හිටපු ප්‍රසන්න අයියා
ඔව් බන් මම එදා ඇඳ යට හිටියේ!!

රාජිතට වචනේ මීටර් වුනේ නැහැ තවත් මොනවද මන්දා කියව කියව හිටියා.හොඳ සිහියෙන් හිටපු මට මේ කතාව තාම හිතාගන්න බැහැ ප්‍රසන්නයා කිව්වේ මොන ඇඳ ගැනද කියලා.මම සද්ද නැතුව හිටියා.මොකෝ ඕක විහිලුවට හරි ඇදලා අරුන් දෙන්නා මරාගත්තොත් අන්තිමට මටත් සාක්කි දෙන්න පොලිසි ගානේ යන්න වෙනවා.පස්සේ තවත් බාගයක් ඕඩර් කරන්න හදද්දී මම බොහොම අමාරුවෙන් දෙන්නව එලියට අරන් ආවේ.

රාජිතයව ත්‍රී වීල් එහෙක දාලා ගෙදර යවලා ප්‍රසන්නයවත් දාගෙන මම හොර පාරවල් වලින් ගෙදර ආවා.





116 comments:

  1. හිකිස්...

    එකම ඉත්තට පැය ගණන් ගහන වුන් ඉන්නව බං මල ගෙවල් වල..

    ReplyDelete
    Replies
    1. එත් මල් ගහන උන්ම තමා බන් :)

      Delete
  2. ඔයා හොද මළගෙවල් වලටම තමයි

    ReplyDelete
  3. This comment has been removed by the author.

    ReplyDelete
  4. අඩේ අර ගොඩොල්කඩන සීන් එක නම් පට්ට. අපරාදෙ ජාතික ධනය :P

    ReplyDelete
    Replies
    1. එකනේ බන් කියන්නේ ගඩොල් කියන්නේ නිකන්ද? :D

      Delete
  5. හොඳ වෙලාවට පුටේ ඇඳ අවුස්සන්න ගියෙ නැත්තෙ.එහෙම උනා නම් ගමකට කාලා එන්න වෙන්නෙ ආමි එකෙ එකාගෙන්

    ReplyDelete
    Replies
    1. හැක් හැක් නිදි මරලම එපා වෙලා තියෙන්නේ.ආමි නෙවෙ ඌ නේවි

      Delete
  6. ඇත්තනෙ මැගිලින් ආච්චිගෙ කතාව..ඔච්චර සල්ලි දීලා ගෙනාපු ගඩොල් කඩලා හරි යනවද..හි හි හී

    ReplyDelete
    Replies
    1. ඒකනේ මුන් මක බාස්ලා :D

      Delete
  7. උඹටත් මාර අත්දැකීම්නේ තියෙන්නෙ.

    අර ඇඳ යට සීන් එක හැබෑවටම උඹ උගෙන් ඊට පස්සෙවත් ඇහුවෙ නැත්ද? හැබැයි මම නම් දැන් බොන එවුන් ඉන්න පළාතකවත් ඉන්න කැමති නෑ බං. සිගරට් දුමයි, ගඳයි, උන්ගෙ විකාරයි මොන අපායක්ද බං.

    ReplyDelete
    Replies
    1. ඒකනේ මටමයි වෙන්නේ :)
      හ්ම්ම් ඒකනම් ඇත්ත තමයි සිගරට් ගද තමා ඉවසන්න බැරි!

      Delete
  8. අනියම් ප්‍රේම වෘතාන්ත නම් කොච්චර තියේද බන් ..
    ඈ සතුටින්ද ? | It hurts me  
    මොනවා උනත් වැරදි වැඩ ඈ ...

    ReplyDelete
    Replies
    1. ඔව් දැන් කාලේ හැටියට ඒක ඇත්ත වෙන්නත් පුලුවන්

      Delete
  9. අර ආච්චි මාරයි නේ බං. බිත්තියක් බඳිනවා දැකලම නැද්ද කලින් :D

    අර අන්තිම කතාව ප්‍රසන්න විහිළුවට ද බං කිව්වේ. හොඳ වෙලාවට දෙන්නටම වෙරි වෙලා හිටියේ. නැත්නම් උඹට තව නයිටක් අදින්න තිබුන.

    ReplyDelete
    Replies
    1. ආච්චි එදාමද කොහේද තමා ගඩොලින් බිත්තියක් බන්දිනව දැකලා තියෙන්නේ.අපෝ කතා කරන්න එපා බන් නයිටවල් එපා වෙලා තියෙන්නේ.

      Delete
  10. කතා තුනම ෆස්ටය.... ඔය කියන ප්‍රසන්න යි, රාජිතයි දෙන්නාගේ ගෙවල් එක ළඟ කිව්වා නේද... :ඩී

    ReplyDelete
    Replies
    1. යා බන් උන් දෙන්නා එක ලග ගෙවල් වල ඉන්නේ :)

      Delete
  11. ඇඳයට කතාව අහල අංඥකොරොස් උනානම් බොටත් තිබුනෙ බාගයක් ගහන්නනෙ.

    මල ගෙවල් වල ගිහිල්ල තොපි කැරම් ගගහ ඉන්නෙ ඔය මල්පැල එහෙම ඉන්නවද කියල ඇහැ දාල බැලුවෙ නැද්ද..? නෙද්දකින් ඒ උනාට අඬන එකමයි වැඩේ..කවුරුවත් බලන්නෑකියල.
    ඉල්ලන්දාරි උනාම වයසට ගැලපෙන වැඩ එපාය කරන්න.

    ටොප්කතා ටික බං.!

    ReplyDelete
    Replies
    1. මූට තේරෙන්නෙ නෑ කියන දේ..

      Delete
    2. චීත්ත මල් පැල යකෝ.............මල් නොවේ..!

      Delete
    3. @වී අයියා
      හ්ම්ම් මම දැන් බොන්නේ නැහැ නැත්තම් එදත් ගහනවා අරුන් දෙන්නට මදි වෙන්න :).

      මල් පැලයක් තිබ්බා කොහේද අපිට චෑන්ස් නෑනේ ඒක වටේ බබරෙක් කැරකෙනවා දැක්කා.

      @හරී
      හරි හරි බන් මල් ගැන කියද්දි වෙන වෙන මලුත් මතක් වෙනවානේ :)

      Delete
  12. මරු සිද්ධි ටික! ඇඳ යට රිංගපු කතාව දුර දිග ගියානම් චන්දන කිව්වා වගේ උබට තව නයිටක් ගහන්ඩ තිබුනා. :P

    ReplyDelete
    Replies
    1. ඕව් බන් ඒත් නයිට් ගහලා එපා වෙලා තියෙන්නේ මෙ දවස් වල :)

      Delete
  13. අනිත් එකා කියන දේවල් නොතේරෙන්න කොයි තරම් නම් වෙරි ඇතිද? අනේ මන්දා මේ මිනිස්සු,... මලයා මේක පොඩ්ඩක් බැලුවනම්...
    http://nadiniabenayaka.blogspot.ae/2013/03/3.html

    ReplyDelete
    Replies
    1. හ්ම්ම් දෙන්නට නන්නා වෙන්න වැදිලා තිබ්බෙ.හිටුකෝ බලන්න එන්නම්!

      Delete
  14. අපිනම් අපේ ගමේ කිසිම අවමංගල්‍ය නිවසක කාඩ් ගහන්න, කැරම් ගහන්න, දාම් අදින්න, (බූරුවා ගැහුවොත් එවෙලේම පොලීසියට අල්ලලා දෙනවා ගමේම පදිංචි පොලිස් නිලධාරීන් විසින්) ඉඩ දෙන්නේ නැහැ. අවමංගල්‍ය නිවසක් කියන්නේ ක්‍රීඩාගාරයක් හෝ බූරුවා පොලක් හෝ මත්පැන් හලක් නෙවෙයි. මේ පාහර සිරිත් වහාම තුරන් කලයුතුයි. ඊළඟ පරපුර මේ විනාශයෙන් වලක්වාගත යුතුයි. අවමංගල්‍ය නිවසක තිබිය යුතු පරිසරය නැවත ගොඩනැගිය යුතුයි. මේ ක්‍රමය ඇතිකළේ අපේ ගමේ හාමුදුරුවෝ සහ පොදුජන සංවිධාන එකමුතුවෙන්. බීලා කියවන එවුන්වත් අවමංගල්‍ය නිවසෙන් එලවනවා. ඒ නිවසේ වගකිවයුතු උන් බීලා නම් ඔවුන්ව ඉවත්කර කාන්තා පක්ෂයට මුල් තැන දෙනවා.

    ReplyDelete
    Replies
    1. හෑ ඔය කොයි ගමේද අයියා? මෙ අහල ගම් හතක තියා බස්නාහිර පාලතෙවත් ඔහොම මල ගෙවල් නැතුව ඇති!

      Delete
    2. අපේ ගෙවල් පැත්තෙත් බොහෝ දුරට ඔය කියන විදියට තමයි නිශාන්.. කැරම් ගැහිලි, බූරැවා ගැහිලි නැහැ.... බොන උන්ට ඉතිං තැන නොතැන නෑ නේ... බීලා මළ ගෙදර පැත්තේ එන්නෙ නැතුව ඉන්නවා අහල පහල ගෙදරකට වෙලා... හැබැයි කවුරුවත් එළවන්නේ නම් නෑ ඉතිං.. හොඳ නැනේ මළ ගෙදර අයට..

      මාත් කැමතියි ඔය ඇනෝ කියලා තියෙන විදියට වෙනවනම්... වැඩි දෙනෙක් මල ගෙවල් වල නිදි මරන්න එන්නේ කසිප්පු හරි අරක්කු හරි බලාගෙන.. ඒක නම් මහ ජරාම වැඩක්..

      Delete
    3. අපේ පැත්තේ නම් එහෙම නැහැ.අනේ මන්දා

      Delete
    4. බොන එකනම් දන්නෙ නෑ. කාඩ් පාරක් ගහන එකනම් අපිත් කරනවා. එහෙම එකක්වත් නැතුව රෑ 8 විතර ඉඳලා උදේ 5-6 විතර වෙනකම් ඉන්න අමාරුයි. හුඟක් අය ඉතින් මලගෙවල් වලට යනව කියන්නේ ගිහින් පැයක් විතර ඉඳලා එන එකටනේ. එහෙම අයට නම් ඉතින් ඔය සෙල්ලං අදාල නෑ තමා. ඇනෝගෙ ගමේ නයිට ගහන අය උදේ වෙනකම් මොකද කරන්නෙ මචන්?

      Delete
    5. බොන එකනම් මෙහෙත් කෙරෙනවා හැබැයි මල ගෙදර නෙවේ.කොහේ හරි බීලා මල ගෙදරට ඇවිත් කයිවාරු කෙළ කෙළ ඉන්නවා.කැරම්,දාම්, වගේම නැගලම යන්නේ කාඩ් කුට්ටම තමා.ඕවා නැත්තන් ඇහැරලා ඉන්නේ කොහොමද එලි වෙනකම්!

      Delete
  15. ප්‍රසන්න අය්යා ජෝක් එකක් කරාද? නැත්නම් ඌත් වෙරි මතේ කියලා දැම්මද?

    මොනා වුනත් එල කතා ටික..

    ReplyDelete
    Replies
    1. මන් හිතන්නේ නැහැ ප්‍රසන්නයා එවේලේ ජෝක් කරා කියලා බන්.

      Delete
  16. ලොල් සීන් එක බං :D උබ මළගෙදරට සීනි එම ගෙනිච්චෙ නැද්ද :3

    ReplyDelete
    Replies
    1. නැහැ බන් අපි සීනි ගෙනියන්නෙ දානේ ගෙවල් වලට විතරනේ :)

      Delete
    2. ඒ මමනෙ කියන්නෙ අරං පලයං :D

      Delete
    3. සීනි විතරක් ඇත්ද බන් :P

      Delete
  17. ඕවා බලලා හැදියන්..

    ReplyDelete
    Replies
    1. ඇඳන් යට රිංගන්නද?.

      Delete
  18. නියම කතා තුනක් නිශාන් මලයා.

    ReplyDelete
    Replies
    1. තෑන්ක්ස් සුදීක අයියා

      Delete
  19. කතා තුනම පස්ට මචෝ.
    පලවෙනි දෙකට ඇඩෙනව, තුන් වෙනි එකට මැරෙනව :p

    ReplyDelete
    Replies
    1. ඇඩුවට කමක් නැහැ මැරෙන්නේ නැතුව මට බැහැ තවත් නයිට් අදින්න :)

      Delete
  20. අනේ තොපි එහෙම ආයේ ගල් කඩන්නේ නෑ ඔන්න!

    ReplyDelete
  21. මෙහෙම හිනා වෙලා ලෙඩක් හෑදෙයිද මන්ද.. :ඩී

    ReplyDelete
    Replies
    1. හිනා වුනාට ලෙඩ හැදෙන්නේ නැහැ සහෝ.:)
      හිනා වෙලා ඉන්න එක සෞඛ්‍යයට හොඳයි

      Delete
  22. ආආආආ කොහොමද යාළුවා ඔයා තැන තැන ඇනෝලට බැන බැන ගියා අපි තැන්තැන්වල රෙනවා කියල නේද මොකද කියන්නේ මෙතනත්...........

    ReplyDelete
    Replies
    1. රෙන්න ඕන නම් රෙන්න

      තැන තැන රෙන එක ඔයාගේ පුරුද්දක් නම්!!

      Delete
    2. ඊයා අනේ.. චීඃ කක්කි ඇනෝවෙක්.. නේද මෙයා.. හප්පා මුගෙ ගඳ
      ගලි බවුසරයක්!

      Delete
  23. මට තේරුනෙත් නැහැනේ.... පැහැදිලි කිරමක් ප්ලීස්

    ReplyDelete
    Replies
    1. :O
      උඹ තාම එච්චර පොඩි එකෙක්ද? කොමන්ට් ටික කියවලා බලපන් :)

      Delete
  24. මැගිලින් නිශාන්....

    ReplyDelete
    Replies
    1. අබිලිං නිශාන්.. හි හි

      Delete
    2. තොපිලා දෙන්නව කොටියම කාපිය /:)

      Delete
  25. මළ ගෙවල්, දානේ ගෙවල් නම් කතා සාගර නේද නිශාන්.. හි හි

    ReplyDelete
    Replies
    1. ඒකනේ මටමයි සෙට් වෙන්නෙත් :)

      Delete
  26. තව දින්ගෙන් අරුන් දෙන්නගේ මල ගෙදරත් නයිට් ගහන්නයි වෙන්නේ. :D

    ReplyDelete
    Replies
    1. වෙලාවට මම කට පියන් හිටියේ නැත්තම් ඒ රෙස්ටුරන්ට් එක කුඩු වෙනකම් උන් දෙන්නා ගහගන්නවා :D

      Delete
  27. වැරදිලා වත් අරූ කියපු එක මීටර් උනා නම් ඉතින් තවත් නයිටක් තමා...

    ReplyDelete
    Replies
    1. මුග්ධයා පළමු වතාව නේද මේ පැත්තේ ආවේ?.
      දිගටම එන්න ආ.

      ඔව් තව පොඩ්ඩෙන් මට සාක්කි දෙන්න පොලිසි ගානෙත් යන්න වෙනවා :)

      Delete
  28. ඔන්න සිත්තමී අක්කත් කාලෙකින් ආවා මේ පැත්තේ........නියම කථා ටික....හිනා .......එකම ඉත්තට ට්‍රයි කරපු එකනම් පිස්සුවක් නේ......එයාලගෙ පැත්තෙ ඔය වගේ එය වැඩියි කියලනම් දන්නවා.......හික්ස්

    ReplyDelete
    Replies
    1. අලේ අක්කියාව දැක්ක කල්.එකම ඉත්තට අපිත් ගහනවා වෙලාවකට හැබැයි ටැබා ගහලා නෙවේ කම්මැලි කමට :)

      ඇඩෝව් අපේ පැත්තේ උන්ට මොකුත් කියලා අහුවෙන්න එපා ඈ.අර ඔයාගේ වෙන්ඩ හබියත් මේ පැත්තේ :P

      Delete
    2. අඩේ සිත්තමි අක්කේ ඇයි අක්කි ඔයාගේ බ්ලොග් එක බ්ලොක් කරල. අපිට යන්න බැරි වෙන්න

      Delete
  29. ප්‍රසන්න කාරයා අසල්වැසියාට ප්‍රේම කොරන්න යන්න ඇති.
    ඒකත් මාරයි :D :D

    ReplyDelete
    Replies
    1. අසල්වැසියාගේ බිරිඳට ප්‍රේම කරන්න යන එකනේ අවුල :D

      Delete
  30. ටැබා ගහපු උන් පරාටා කනවා දැකලා තියෙන්වද...?

    ReplyDelete
    Replies
    1. මොකක් හරි ජෝගි සීන් එකක් ඇති එතනත් :)

      Delete
  31. නිශාන් මල්ලි ඒ ආච්චි හරි බන්. මේ ටික කිවලා බලපං එතකොට තේරෙයි.

    මම අපේ ගෙදර හදන දවස් වලත් ඔහොම් දෙයක් උනා. ගඩොල් ලොරියක් ගෙනල්ල ඒ ටික බැඳලා ඉවර වෙනකොට ලොරි බාගයක් විතර ගඩොල් බාග. බාස් කාරය කියන්නේ මහත්තයව රවට්ටලා මුන් කැඩුන ගඩොල් දෙනවා කියලා. දවසක් මම නිවාඩු දාලා වැඩේ බල හිටියා. ගඩොල් ගෙනාවා බානකොට ඔක්කොම් චෙක් කළා කැඩුන ගඩොල් නැහැ. දැන් බාස්කාරයා බිත්ති බඳිනවා. ගඩොල් බාගක් ඕන උන ගමන් හොඳ ගඩොලක් ගන්නවා මේසන් හැන්දෙන් ගහලා කඩලා කොටසක් අරන් අනික් කොටස අර ගඩොල් ගේ ඊවා තියෙන ගොඩට විසි කරනවා. ටිකක් වෙලා බලං හිටියා මූ කරන්නේ ම ඒ වැඩේ. මට යකා නැග්ගා. හොඳවයින් කුණු හබ්බ දෙකක් කියලා බසට බැන්නා. ආයේ ගඩොල් බාගයක් ඕනේ උනොත් බෝග ගොඩින් ගනින් එහෙම නොකලොත් දැන්මම උඹව එලවනවා කිවා. එයින් පස්සේ ගඩොල් බාගේ ගොඩත් ඉවර උනා.

    ඔය බාස් යක්කුන්ට කවදාවත් කැඩුන ගඩොලකට ඇත යන්නේ නැහැ. හැම වෙලේම හොඳ එකක් අරන් තමයි කඩන්නේ. මොකද උන්ගේ සල්ලි නෙවේනේ

    ඒ ආච්චි හරි නිශාන්.

    ReplyDelete
    Replies
    1. ඔයා කියන විදියට නම් ඔයා සාධාරණයි උන් මක බාස්ලානේ.ඒත් බණ්ඩාර මාමා යාළුවගේ වැඩේ නිසා බොහොම අරපිරිමැස්මෙන් වැඩේ කරේ.මොකද මම සාක්කි! බිම වැටුන සිමෙන්ති ටික වුනත් ආයේ අර ගත්තා.බණ්ඩාර මාමා එහෙම අනවශ්‍ය විදියට ගඩොල් කැඩුවේ නැහැ :)

      Delete
    2. ගොඩක් උන් එහෙම තමා නිෂාන්

      Delete
    3. Dude:

      නිශාන්, මමත් අයිලාස් එක්ක එකඟ වෙනවා. මගේ බාස් කතා කියෙව්වා නම් ඔයාට මතක ඇති, එයාලා මොන තරම් මගේ දේවල් විනාශ කලත්, එයාලගේ බඩු වලට මොකුත් වුනොත් කම්පාවෙන හැටි.

      බොහොමයක් බාස්ලා හරිම නාස්තිකාරයි. මිනිස්සු ගෙවල් හදන්නෙ සල්ලි තියෙනවට නෙවෙයි. අනාගතේ උගස් තියලා ලෝන් අරගෙන. බාස්ලා තමන්ගෙ ගෙවල් හදනකොට ඔහොම හැසිරෙන්නෙ නෑ. අරපරිස්සමයි, ලෝබ කමයි දෙකයි.

      ගඩොල් කැඩිල්ල ගැන කිව්වොත්, බාග ගඩොල් කොච්චර තිබ්බත්, ඒකට අත යන්නෙ නෑ. හැන්ද අරන් හොඳ ගඩොලක් කඩලා තමයි බාගෙ හදා ගන්නෙ. පස්සෙ බාග ගඩොල් කන්දක් ඉතුරු වෙනවා. පස්සෙ කියනවා මහත්තයා ගඩොල් ඉවරයි කියලා.

      නිශාන් ගෙයක් හදනකොට බලන්නකො, බාස්ලව මරාගෙන කන්න හිතෙන්නෙ නැද්ද කියලා.

      Delete
    4. ඔව් ගොඩක් උන් නම් එහෙම තමා

      Delete
  32. අප්පච්චියේ පවුල් අවුල් වෙලා මරා ගනන් කේස් එකක උඹ සාක්කි කාරයක් වෙන්න ගිහින් නූලෙන් බේරිලා. කොල්ලෝ ඔය දෙන්නවම මඟ ඇරලා හිටින්. එදා මරා ගත්තේ නැතුවට හෙට අනිද්දට වෙන්න ඇහැකි. ඒක නිසා සූදානම් සරීරේ කියලා උඹ පැත්තකට වෙයන්.

    අහ් ගඩොල් කඩන සීන් එක නම් සිරා ඈ . . .

    කැරම් සාහ් පෙති . . හෆොයි . .

    ReplyDelete
    Replies
    1. හික්ස් ඔව් අයියා තව පොඩ්ඩෙන් මටත් පොලිසි ගානෙයි උසාවි ගානෙයි යන්න වෙනවා.කොහොමත් මට ඔය රාජිතයව නම් වැඩිය සෙට් වෙන්නේ නැහැ.

      මේ පැත්තේ පලවෙනි පාරට නේද ආවේ? තෑන්ක්ස් අයියා

      Delete
  33. අපරාදෙනෙ ගඩොල් කඩන්නෙ. පොර‍නුවට කියල බාගෙ ඒව හදාගත්තනං ඉවරයිනෙ.

    අඩෝ ප්‍රසන්නල ඇඳ යට ඉන්නෑ හරිය. :D

    ReplyDelete
    Replies
    1. බාගේ ඒවා හදන්නේ නැහැ මිනිස්සු ගල් බාග ඉල්ලලා බොන නිසා :D

      ප්‍රසන්නලා ඉන්නේ ඇඳ උඩ.ඒත් ගෙදර මනුස්සයා ආවම තම ඇඳ යටට යන්නේ :D

      Delete
    2. හෑඃ ඒක නම් හරිම අප්‍රසන්නයි නේද ප්රසන්නයියේ

      Delete
  34. ගඩොල් කඩන සීන් එක නම් මරු. :D

    ReplyDelete
    Replies
    1. හික් හික් ස්තුතියි සහෝ

      Delete
  35. මේ නිෂානයෝ උඹ එහෙම පුරුදුවෙනවා නෙමේ ටැබා ගහන්න.

    ReplyDelete
    Replies
    1. අපෝ නැහැ අපි දැහැමින් සෙමින් ජීවත් වෙන කොල්ලොනේ :)

      Delete
  36. තෝත් ඇඳන් පල්ලෙ රිංඟනව එහෙම නෙවෙයි ටැබා ගහල...

    ReplyDelete
    Replies
    1. උඹට කියන්න තියෙන්නෙත් උඩ නලින් අයියට කියපු එකමයි :)

      Delete
  37. ටැබා ගහලා ගඩොල් කඩලා ඇඳන් යට රිගගගෙන.....
    හි හි.. මරු කතා සෙට් එක බන්...

    ReplyDelete
    Replies
    1. උඹ තමා ඕවා කොම්බයින් කරපු පළමු එකා :)

      Delete
  38. අපොයි.... හොද වෙලාවට රාජිතට කිව්ව එක මීටර් වුනේ නැත්තේ.... නැත්තන් නිශාන්ටත් සොරිම තමා.....

    ReplyDelete
    Replies
    1. මට මක්කක් වෙන්නැයි?? උන් දෙන්නනේ මරාගත්තා නම් මරාගන්නේ.මම එහෙනම් දුවනවා :D

      Delete
  39. අඩේ නිශාන්. උඹයි මායි එකතු වෙලා අරූව බ්ලැක් මේල් කරමුද?

    ReplyDelete
    Replies
    1. එල වැඩේ අනිවා සෙට් වෙමු එහෙනම් :D

      Delete
  40. මචං, ඊයක් එව්වා බලහන්.

    ReplyDelete
    Replies
    1. අලේ තැන්කු බොසා උඹ නම් දෙයියෙක්.

      Delete
  41. අනියම් කියලා අපි හෙලා දැක්කට එතන දෙන්නගෙන් එක්කෙනෙක් හරි අවංකව ආදරේ කරනවා ඇති කියලා මට හිතුනෙ මොකද මන්දා ...හ්ම්...

    ReplyDelete
    Replies
    1. පිරිමි අය නම් ඉතින් ගොඩක් වෙලාවට අවංකයි තමා.
      :)

      Delete
  42. අපරාදේ උඹට තව මල ගෙවල් දෙකක් මිස් උනාද මන්දා ;) ;)

    ReplyDelete
    Replies
    1. ඔව් බන් අපරාදේ නේද :)

      Delete
  43. හැකා...ස් ඇඩෙනවා ඕයි :)

    සුභ වේවා!!! රාජ සම්පත් ලැබේවා!!!

    ReplyDelete
  44. අර මළගෙදර එක විතරයි තේරුණේ,,හක්,,ඒක එල හලෝ.. :D

    ReplyDelete
    Replies
    1. තෝ නම් අලිම අලි මැට්ටියෙක් /:)

      Delete
  45. 1 මරුය
    2 පට්ටය
    3 ලොල් ඇ.....

    ReplyDelete
  46. නිශාන් මගෙ කමෙන්ට් එක මිසිංනෙ. අර අයිලාස්ගෙ එක යටින් දැම්මෙ.

    ReplyDelete
    Replies
    1. ඔන්න පබ්ලිෂ් කරා.

      Delete
  47. නිලන්ත අයියගෙ අම්ම මැගිලින් නැන්ද නොවී ආච්චි උනේ කොහොමද

    ReplyDelete
    Replies
    1. නිලන්ත අයිය මට වඩා අවුරුදු 10ක් විතර වැඩිමල්.එයාගේ අම්මා වුනාට මට ආච්චි.

      Delete
  48. 3 මාර යාලු කමක් නේද? අපිට නෑ නේ ඒ වගේ යාලුවෝ
    ඇයි අරයා ඇද යට හිටියේ ඇද උඩම හිටියා නම් ඉවර නේ..

    ReplyDelete
    Replies
    1. එහෙනම් එදාම මිනීමැරුම වෙලා ඉවරයි :D

      Delete
  49. එල එල එල. අරූ ඇඳ යට ඉද්දි, උඹ හිටියෙ කොහෙද මචං ?

    ReplyDelete
    Replies
    1. ඕව මතක් කරන්න ගිහින් ආයේ ප්‍රශ්න ඇති කරගන්න ඕන නැහැනේ :D

      Delete

හිතට දැනුන පුංචි දේ හරි කියලා යන්න ඒක මට ශක්තියක්.යාලුවනේ ඔයාලට බ්ලොගර් ප්‍රොෆයිල් එකක් තියෙනවා නම් වෙලාවක් තියෙනවා නම් තවමත් ෆලෝ කරලා නැත්තම් ෆලෝ පාරකුත් දාලා යන ලෙස ඉල්ලා සිටිනවා!