Sunday, May 05, 2013

102 වැස්ස!

පෙනහැල්ල පිරෙන්න දුම ඇදලා දුම් ගුලි ඔහේ යන්න දුන්නේ සීතලට ගැහෙන දෙතොල් අතරින්.එළියේ තාමත් චුරු චුරුව

තාප්පේ කඩමු නැත්තම් තවත් යට වෙනවා!

අපේ අල්ලපු ගෙදර ඉන්නේ සුමනා නැන්දලා අපේ ගෙවල් පිටිපස්සේ තවත් ගෙවල් පේලියක් තියෙනවා අපේ ගෙවල් පේළියයි පිටිපස්සේ ගෙවල් පේළියයි අතරේ පොඩි පාරක් තියෙනවා.ඉස්සර ඉඳන්ම වැස්සට එකතු වෙන වතුර පාර ගලාගෙන ගියේ සුමනා නැන්දලාගේ ඉඩමෙන්.එත් දැන් එයාලා තාප්පයක් බැඳලා.ඒකෙන් පොඩි වැස්සටත් වතුර පිරිලා පිටි පස්සේ පාර යට වෙනවා.ලොකු වැස්සක් ආවම පිටි පස්සේ ගෙවල් වලට වතුරත් දානවා.


ඔය සිද්දිය නිසා පිටි පස්සේ ගෙවල් වල රසික අයියයි සේනා අයියයි සුමනා නැන්දලා එක්ක කාලයක් තිස්සේ හිත් අමනාපයෙන් ඉන්නේ.අද උදේ වැස්සට පාරේ වතුර පිරිලා පිටි පස්සේ ගෙවල් ඔක්කොම යට වුනා.අපේ වත්තටත් වතුර ඇවිත් මුළු කුස්සියම යට වුනා.අම්මත් ගෙදර නැහැ මම තනියෙන් වතුර එන තැන් වහලා කුස්සියේ වතුර අස් කරා.

රසික අයියයි සේනා අයියයි කානුවක් කපා ගන්නේ නැතුව හැමදාම කරේ ප්‍රාදේශීය සබා ගානෙයි ග්‍රාම සේවක ගාවටයි දුවපු එක විතරයි.අදත් වතුර අස්සෙන් ඒ දෙන්නා එහෙට මෙහෙට දුවනවා සබාපති ගාවටයි ලේකම් ගාවටයි.

සුමනා නැන්දත් ලේසියෙන් ගේම අතාරින්නෙ නැහැ.ග්‍රාම සේවක එක්කත් එකට එක කියලා තමන්ගේ වත්තෙන් වතුර යන්න දුන්නේ නැහැ!

වැස්සේ තෙමිගෙන මම වතුර එන තැන් වහද්දි රසික අයියා මට කතා කරලා

මල්ලි තාප්පේ කඩමු නැත්තම් තවත් යට වෙනවා!


සුමනේ නැන්දලගෙයි රසික අයියලගෙයි ප්‍රශ්නෙට මම කවදාවත් අත දැම්මේ නැහැ.මම මගේ පාඩුවේ වතුර අස් කරලා උදේ ලාල් මාමලාගේ කඩෙන් ගෙනාපු සිගරට් තුනෙන් අන්තිම එකත් පත්තු කරන් ජනේලයෙන් සුමනේ නැන්දලගේ වත්ත දිහා බලන් හිටියේ.

වැස්ස අඩු වුන ගමන් රසික අයියයි සේනා අයියයි ත්‍රී විල් එකක් අරන් ප්‍රාදේශීය සබාවට දිව්වේ වතුර බහින්න කලින් නිලධාරීන්ට පෙන්වන්න හිතාගෙන වෙන්න ඇති.පැයකට විතර පස්සේ එයාලා ආවා ආයෙත් වහිනවා.කොහොම හරි රසික අයියලා අන්තිමේදී දින්නා.ප්‍රාදේශීය සබාවේ ලේකම් ඔතනට ආවා.රසික අයියා සිද්දිය ඩබල් කරලා කියලා කොහොම හරි සුමනා නැන්දලාව වැරදි කාරයෝ කරා.

අන්තිමේදී ලේකම් කිව්වේ වතුර බහින තැන් එහෙම වහන්න බැහැයි කියලා.ලේකම් තුමා බලන් ඉද්දීම තාප්පේ සිදුරු කරන්න කියලා කිව්ව නිසා රසික අයියා වැස්සේ තෙමිගෙනම තාප්පේ යටින් හිල් කරා.ටික වෙලාවකින් තාප්පේ අත්තිවාරමේ ගල් ගලවාගෙන වතුර පාර සුමනා නැන්දාලගේ වත්ත දිගේ පහලට යන්න ගත්තා.ඒත් එක්කම පාරේ පිරිලා තිබ්බ වතුර කඳත් එක්කම රසික අයියාලගේ ගෙවල් වල තිබ්බ වතුර ටිකත් ටික ටික බැහැලා යන්න පටන් ගත්තා.අපේ වත්තටත් වැට අස්සෙන් පෙරී පෙරී තිබ්බ වතුර පාර අඩුවෙලා එහෙමම නැති වෙලා ගියා.

රසික අයියට ගොඩක් සතුටුයි සුමනේ නැන්දා නම් හුල්ලනවා!.

මම කුඩේ අරන් පාරට බැස්සේ ලාල් මාමලාගේ කඩේට යන්න.සාක්කුවට අත දාල සීයේ කොලයක් අරන් ලාල් මාමගේ පවුලට දීලා

"නැන්දේ මට සිගරට් දෙකක් දෙන්න"

"මොකද පුතේ අරහේ වෙන්නේ?"

කඩේට එන අයව කතාවට අල්ලගන්න වගේම ගමේ ඕපදූප සියල්ල දැනගන්න ලාල් මාමගේ පවුල රුසියා!

"සුමනේ නැන්දලාගේ තාප්පේ කැඩුවා නැන්දේ!"

"අනේ අම්මපා අරුන්ටත් නින්ද ගියේ නැහැනේ ඔය ගෑණිගේ වත්තෙන්ම වතුර ටික යවනකම්"

නැන්දා කම්මුලට අත තියන් විස්සෝප වෙනවා!

"මම යනවා නැන්දේ ගෙදරත් කව්රුත් නැහැ!"

ආයෙත් වැස්ස වැඩි කරා ඒත් දැන් නම් හිතේ කරදරයක් නැහැ.වතුර ටික තාප්පේ හිලෙන් බැහැලා යන නිසා.සීතල වැස්සේ කෝපි එකක් හදන් බීලා තවත් සිගරට් එකක් පත්තු කරන් කල්පනා සයුරේ ගිලිලා ඉද්දි යාන්තම් නිදි මතකුත් දැනෙනවා.ඇහැ පියවිලා හෝරා දෙකක් විතර යන්න ඇති ඇහැරෙද්දි!

තාමත් වහිනවා වැස්සේ සද්දේ අතරින් සුමනේ නැන්දලාගේ ගෙවල් පැත්තෙන් මහා කලබලේක සද්දයක් !

ඇඳේ ඉඳගෙනම ඔලුව  උස්සලා ජනේලෙන් සුමනේ නැන්දලාගේ ගේ පැත්ත බැලුවා.

සුමනේ නැන්දලාගේ මුළු ඉඩමම යට වෙලා.ගෙයිත් වතුර පිරිලා සුමනේ නැන්දා එලියට බැහැලා වැස්සේ තෙමි තෙමි  අහස දිහා බලන් මොනවද කියවනවා පිස්සියක් වගේ.
~~~~~~~~~~~~~~~~~~~~~~~~~~
නිමි!


___________________________________________________________________________________සීතලට හිතෙන එව්වා අකුරු වලට හැරුනම එච්චර රසයක් නැහැ!





102 comments:

  1. උඹ දැන් සිගරටුත් බොනවද ? විහින් කාලකණ්නි වෙන්න එපා බන්..

    ReplyDelete
    Replies
    1. සීතලට හිතුන එව්වා කිව්වම ආයෙත් අහනවනේ :D

      Delete
    2. ඒක මිසක්... :)

      Delete
    3. සිරාවටම.. නවත්තාපන් බන් අයියා. නිකන් මෝඩ වෙන්න එපා

      menna මේක පොඩ්ඩකට බලන්න :p



      http://goo.gl/XXtgc

      Delete
    4. :P දැන්නම් ඉතින් බොන්නම වෙයි වගේ!

      Delete
    5. ග්ර්ර්ර්ර්ර්ර්ර්ර්ර්ර්ර්ර්ර්ර්ර්ර්ර්ර්ර්ර්ර්ර්ර්ර්ර්

      "මන් නම් නිදහස් .. පවු ජෝන් තවම සිගරට් බොනවා"

      Delete
    6. මාර වැස්සක් නෙව බොල

      Delete
    7. ආයිත් අහලා!

      Delete
  2. ආහ මේක කෙටිකතාවක් වගේ දිග එකක් ද ? :D එල එල ...

    සුමන අක්ක ලගේ තාප්පේ අනිත් පැත්තෙනුත් කඩන්න වෙලා :D

    ReplyDelete
    Replies
    1. උඹේ නමේ දිග!

      තාප්පේ අනිත් පැත්ත? මූ වගේ වලෙක්! :D

      Delete
    2. කවුද යකෝ වලා ??? :p

      මම කිව්වේ අක්කලාගේ ඉඩමට වතුර ආවට පිට වෙන්න තැනක් නැහැනේ කියල :ප්

      Delete
    3. ඔව් ඔව් ඉන්කමින් විතරයි අවුට්ගොයින් නැහැ :P

      Delete
  3. හිටපිය පොඩි එකා මට අම්මව හම්බෙනකං. අම්මා කොහෙට හරි ගිය ගමන් බොනවා නේද සිකරට්.යකෝ අපේ පව්කාරකං බලලාවත් හැදියං

    ReplyDelete
    Replies
    1. සීතලේට හිතුන එකක් බොල මේක.ඇත්ත සීන් එකක් නෙවේ

      හෆෝයි!!

      Delete
  4. පව් බොලව් සුමනා නැන්දා,, ඇ මේ බොල සිගරට් බොන්න එපා,, :/

    ReplyDelete
    Replies
    1. කව්ද යකෝ සිගරට් බිව්වේ? ග්ර්ර්ර්ර්ර්ර්ර්ර්ර්ර්ර් :3

      Delete
  5. සීතලට එන අදහස් නම් මරු නේ

    ReplyDelete
  6. මෙන්න මෙව්වටයි නිර්මාන කියන්නේ

    ReplyDelete
    Replies
    1. :) ඒ කියන්නේ ටිකක් හොඳයි කියලනේ?

      Delete
  7. මදැයි කොලා.!! :)

    මට හිතුනා උඹට සුමනා නැන්දගේ ගේ යට වුනු එකේ කතාව ලියන්න පුළුවන් වෙයි වාගේ. මේකේ දෙවෙනි කොටස විදිහට. නිකං හිතල බලපං..

    වැස්සේ හීතලත් එකතු වෙලා ඔය තියන්නේ ලස්සනට.. එල..!!

    ReplyDelete
    Replies
    1. දෙවෙනි කොටසක් නැහැ බන් මේ වගේ නිර්මාණ කෙට් කතා විතරයි කොටස් කතා නෙවේ.මම කොටස් කතා ලියන්නෙත් නැහැ බන් අනික කියවන්න කැමතිත් නැහැ :) එකම එක කොටස් කතාවයි මම ලිව්වේ "කාර් හොරා" ඒකට තරුණ වයසේ අය නම් කැමති වුනා.වයස අය නම් ඩිස්ලයික්!

      Delete
    2. එකෙන් මාත් තරුණ වුණා. බොහොම ස්තුතියි.

      Delete
    3. සන්තෝෂයි සුදීක අයියා :)

      Delete
  8. සුමනා අක්කට නරක වුනු, නිශානයට හොඳ වුනු වැස්ස. එළනේ

    ReplyDelete
    Replies
    1. වැස්සත් ඕනාවට වඩා වැස්සම එපා වෙනවා :)

      Delete
  9. නිශාන්ට සීතලට හිතුනට මේව ඇත්ත කතා...මේ වැහි කාලෙ ඕයවගෙ සිද්දි කොච්චර වෙනවද.තනිකර වැ‍රැද්ද ප්‍රදේශයේ පලාත්පාලන ආයතනය. කිසිම හොයාබැලිලක් නැතිව ඉඩම් කැබලි කරන්න දෙනව තමන්ගෙ හෙන්චයියන්ට. පාරෙ කානු නැහැ. නියමිත පලල නෑහැ. මංසංදියක හැරවුම් නෑහැ..

    අන්තිමට අහල පහල මිනිස්සු කාකොටාගන්නව.

    අපේ මිනිස්සුත් වැරදියි..දන්න කියන කෙනෙක්ගෙන් අහල බලා .,දැනුවත්ව ඉඩම් ගන්න ඕනි. නැත්නම් මේ ප්‍රශ්ණ අනිවා එනව.

    ඕය සිගරට් නැතිව කතා ලියන්න බැරිද..........හරියට ඉස්සර චිත්‍රපටි වගේ....උන්ටනම් ඒවට ගෙව්ව.

    ReplyDelete
    Replies
    1. මේ සිද්දිය නිර්මාණයක් හැබැයි කතාවට පාදක වුනේ ඇත්ත සීන් එකක්.මෙතන නම් වැරැද්ද එකමුතු කමක් නැති එක අපේ මිනිස්සුන්ගේ.ඒක වෙනම ලොකු කතාවක් අයියා.

      Delete
    2. හැමෝටම කිව්වෙ හිතුන එකක් කියලා දැන් එනව මෙතන ඇත්ත එකක් කියන්න...........ඒ කියන්නෙ මෙයා සිගරට් බොනවා.............

      හරියන් නෑ වී අයියේ පොඩිඑකා කියල බෑ දෙන්න ඕනි ගුටි

      Delete
    3. අතින් කෑලි දාලා තමයි නිර්මාණ බිහිවෙන්නේ.හෙහ් හෙහ් හේ :)

      Delete
  10. සිගරට් බොන්න එපා යකෝ.

    ReplyDelete
    Replies
    1. බිව්වේ නැහැ අෆ්ෆා :/ මේක නිර්මාණයක්!

      Delete
  11. අනවසර ඉඳිකිරීම්, සැලසුමක් නැති සංවර්ධනේ, ජාතික ආදායම නැංවීමට දායක වීම පිළිබඳ අපේ ප්‍රමාණය... සමාවන්න ප්‍රණාමය...!!!

    ReplyDelete
    Replies
    1. වැස්සේ ඉඳන් ස්වභාවික අස්වභාවික හැමදේකටම දේශ පාලනේ බලපානවා නේද මාතලන් අයියා!

      Delete
  12. හීතලේ හිතෙන ඒවා රහ නැත්තෙමත් නෑ බොල....

    ReplyDelete
    Replies
    1. උඹේ ඇනෝ ඇතුළු ඇනෝලට නම් මේවා හෙන ගූ ගොඩවල් අයියන්ඩි!

      Delete
  13. සීතල සිතුවිලි කියන්නේ මෙව්වට වෙන්නැති. සිගරට් ඇඩ් එක තමා නරක

    ReplyDelete
    Replies
    1. සිගරට් ඇඩ් එක කලාවක් :)

      Delete
    2. නරක දේවල් මල්ලියෝ කලාවක් වෙන්නෙ නෑ විනාසයක්ම විතරයි මතක තියාගන්න

      Delete
    3. හයියූ මට වෙච්චි දේ!!

      Delete
  14. හීතලේ හිතුනට මොකද බොල මේක නියමෙට තියෙනව.
    ඔය විදියට වතුර යන තැං අපිට ඕන හැටියට වහන්න බෑ තමයි.

    'ඇඳේ ඉඳගෙනම ඔලුව උස්සලා ජනේලෙන් සුමනේ නැන්දලාගේ ගේ පැත්ත බැලුවා'
    ඒ වෙලාවෙ සුමනේ නැන්නගෙ දුව ගෙදර ඉන්නවද කියල නේද බැලුවෙ. :D

    ReplyDelete
    Replies
    1. ඔව් සුමනා නැන්දගේ දුව හෙන හැඩකාරි නාන්නේ නැති එක තමා අවුලකට තියෙන්නේ :D

      Delete
  15. වත්තෙ වතුර පාරට ගියොත් නඩු දානවා පොලීසියෙන්. එතකොට පාරෙ වතුර වත්තට ගියාට ප්‍රශ්ණයක් නෑ?

    ReplyDelete
    Replies
    1. නැහැ සර් මෙහෙමනේ ඔප්පු නැති ඉඩම් වල වතුර බහින පාරක් තියෙනවා නම් ඒවා හිතුමතේ වහන්න බැහැ.එක්කෝ වරිපනම් ගෙවන්න හදාගෙන ඉදිකිරීම් කරන්න අවසර ගන්න ඕන.නැත්තම් ආණ්ඩුවේ සොක්කන්ගේ, දේශ පාලුවන්ගේ බලපෑම් වලට යටත් වෙන්න වෙනවා!

      Delete
  16. sitalata bona nati sigreat?????
    ela..niyamai..
    Jayawewa

    ReplyDelete
    Replies
    1. සීතලට තමයි ඕවා බොන්න ඕන :)

      ස්තුතියි සහෝ!

      Delete
  17. තෝ මොකද බූරුවෝ සිගරට් බොන්නේ !
    උබට බොන්න වෙන දෙයක් තිබ්බෙම නැද්ද ? ඇටයා !

    ReplyDelete
    Replies
    1. බීඩි වගයක් තිබ්බා සීයාගේ.ඒවාට වඩා සිගරට් හොඳයි කියලා හිතුනා නිසා බිව්වා අයියේ :)

      Delete
    2. අත පහත දාලා අහන ප්‍රශ්නයට විතරක් උත්තරේ දීපං !
      වෙන විකාර ඕන නෑ !
      කපයා !

      Delete
    3. අත පහත දාලා? අහපු ප්‍රශ්නෙට තමා මම උත්තරේ දුන්නේ!

      Delete
  18. සිගරට් බීපං...බීල මැරියන්..

    සුමනේ (අඩේ මේ පිරිමියෙක්ගේ නමක්නේ) අක්ක පව් බං..උඹ ඇඳට වෙලා හිටියා ඒ මිනිස්සුන්ගේ බඩු අදින්නවත් සප් එකක් නොදී ??

    ReplyDelete
    Replies
    1. ඔව් බන් මැරෙන්නේවත් නැහැනේ!

      සුමනේ වුනාටා හරි නම සුමනා බන්.ඒ වැස්සේ තෙමි තෙමි පලයන්කෝ! මට විසේ කියලා හිතුවද?

      Delete
  19. නින්ද ගියාම මුකුත් හිතෙන්නේ නැද්ද බන්...??:P

    ReplyDelete
    Replies
    1. හිතෙනවා බන් එක එක එව්වා.ඒවා කියන්න මට ලැජ්ජයි ලැජ්ජයි වගේ :)

      Delete
  20. ඊට පස්සෙ සුමන නැන්දා උඹලගෙ ගෙදර ආවා.
    වැස්සට තෙමිල නිසා ඇදුම් ඇඟට ඇලිලා.
    නැන්දා උනත් එච්චර වයසක් පේන්නෙ නෑ තාම තරුණ පාටයි.

    ඊට ටික වෙලාවකට පස්සෙ වැස්ස තව වැඩිවුනා,
    හුලඟ සැරවැඩි නිසා ලයිටුත් ගිහින්.


    මෙහෙටත් වහිනො.
    :-D

    ReplyDelete
    Replies
    1. ඉතින් කැඳ බොන්නද මෙහේ ආවේ ?

      Delete
    2. ජේසන්
      වැල කතා සයිට් කියවනවා හොඳටම වැඩියි වගේ සහෝ :D

      Delete
  21. කිව්වට තරහා වෙන්න එපා.
    අද පෝස්ට් එකත් චොර !
    හරි හමන් වැදගත් දෙයක් ලියහන්කෝ !

    ReplyDelete
    Replies
    1. හයියෝ!!
      කොහොමද මම මේ ඇනෝව සතුටු කරන්නේ? :-?

      Delete
    2. චුට්ටක් ඉස්සරහට නැමෙන්නකෝ....

      Delete
    3. සිකේ ඔයා කොලු කාරයෙක්ද? අපෝ අප්පිරියයි ඈ පජාතයි!

      Delete
    4. එච්චර අප්පිරියාවක් හිතන්න ඕන නෑ කොල්ලෝ. උබට තියෙන්නේ බිත්තිය අල්ලගෙන ඇස් පියාගෙන ඉස්සරහට චුට්ටක් නැමෙන එක විතරයි. සරල ප්ලෑනක් !!!

      Delete
    5. ඔයාගේ මානසිකත්වය නම් අන්තිම පහත් සහෝ

      Delete
  22. හපෝ නිශාන් සිගරට් බොන එක ගැනනෙ ලියල තියෙන්නෙ.

    ඕක නවත්තල දාන්න. එච්චර හොඳ වැඩක් නෙවෙයිනෙ.

    කොහොම උනත් අර නැන්දට වෙච්ච දේ නම් පව්.

    ReplyDelete
    Replies
    1. නිර්මාණයක් පමණි!
      ග්ර්ර්ර්ර්ර්ර්ර්ර්ර්ර්ර්ර්ර්

      Delete
  23. පහත් තැනින් යයි ගලා ජලේ...අන්න ඒ පාඩම තමයි මේ පෝස්ටුවෙන් ගන්න තියෙන්නෙ...එහෙම නේද මලයො...

    ReplyDelete
    Replies
    1. අපිට නොකියම රට ගියා නෙහ්?

      Delete
  24. මම හිතුව ඇත්තටම තෝත් යට වෙල කියල .ඔය පැත්තෙ ඇලක්ද? වෙලක්ද? උතුරනව නේ ?

    ජය!

    ReplyDelete
    Replies
    1. මේ පැත්ත යට වුනේ නැහැ දළුපිටිය නම් යටවෙලා.එහෙ කොහොමත් වෙලනේ!

      Delete
  25. මම ඉතින් සිගරට් බොන්ඩ එපා කියන්නෑ...මොකද උඹට ඒක බීගන්න බෑ කියලා මට ෂුවර් :)

    සුභ වේවා!!! රාජ සම්පත් ලැබේවා!!!

    ReplyDelete
    Replies
    1. මන් උඹට කියන්නේ නැහැ ඉතින් :/

      Delete
  26. මුලින් කියවනකොට හිතුනේ ඇත්තටම වෙච්ච දෙයක් කියලා. ඒත් පස්සේ තේරුණා නිර්මාණයක් කියලා. හොඳ නිර්මාණයක් මල්ලි. බලපාන් කට්ටිය උඹට තියෙන ආදරේ. කී දෙනෙක් කෑ ගැහුවද සිගරට් බොන්න එපා කියලා. ඒ වගේම තමයි එහෙම කියන්න හේතුව වුනේ, උඹ මේක ලියලා තියෙන තාත්වික කම. කී දෙනෙක් ඇන්දද බලපන්? මේක ඇත්තටම හොඳ කෙටි කතාවක්. පත්ත්ටරයකට දැම්ම නම්. මෙතන ඉන්න අයියලා හිතන්නේ උඹ ලියන ඒවා ඔක්කොම උඹට වෙච්ච ඒවා කියලනේ.

    ReplyDelete
    Replies
    1. ඔව් අයියා කට්ටිය මට මාර විදියට බනිනවා සිගරට් බොනවා කියලා :)
      ඒත් සුදික අයියා කියලා තියෙන දේවල් ඇත්ත නම් මට ඇත්තටම සතුටුයි!

      Delete
    2. කෝ අර ඩොස් ගේම් එක ?
      ඒක ලැබෙනකන් අපි බලන් ඉන්නේ. නිශාන් උබටත් ඕන නම් ඩොස් ගේම් එක ඉල්ලගෙන ප්ලේ කරලා බලහන්.

      Delete
  27. ඇත්තටම උබ හොදට ලියල තියෙනව.... සිගරට් නම් බොන්න එපා කොල්ලෝ.... විහින් විනාස වෙන්න එපා....

    ReplyDelete
    Replies
    1. හ්ම්ම් එකඟයි කතාවට! :)

      Delete
  28. Comment post eka gana nami..Cigarette bona epa.//////
    Jayawewa.

    ReplyDelete
    Replies
    1. :) හ්ම්ම් ඕකේ සහෝදරයා!

      Delete
  29. දගයෝ රහක් ඇත්ද නැද්ද නෙමෙයි වැඩේ නිර්මාණයක්නම් සාර්ථකද නැද්ද කියන එකයි ඒ කියන්නේ ගන්නම දෙයක් නැත්නම් අසාර්ථකයි ගන්න දෙයක් තියෙනවනම් සාර්ථකයි...........

    ගන්න දෙයක් නැතුවම නෙමෙයි ඒ කියන්නෙ සාර්ථකයි..................

    නමුත් ඔයා සිගරට් බොන එකනම් එච්චර හොද නෑ..................පොඩි කොලුවෙක්නේ තාම

    ReplyDelete
    Replies
    1. ඔයා කියන දේ අහන්නේ නැතුව කොහොමද ඔයා මගේ අක්කනේ!
      ඒත් මගේ අක්කට පොඩි වැරදීමක් :) මං සිගරට් බිව්වේ නැහැ බොල ග්ර්ර්

      Delete
  30. මේ බොන්නේ නැත්නම් මොන එහෙකටද සිගරට් කතා දාන්නේ???

    ReplyDelete
    Replies
    1. නිකන් කට්ටියව පොඩ්ඩක් ෆෝම් කරවලා බැනුමක් දෙකක් අහගන්ට,තව පොර කියලා පෙන්වන්නත් එක්ක :D

      Delete
    2. බොරු ආඩම්බරකම් ... පුහ් ..... :p

      Delete
    3. කාගේද කාගේද?

      Delete
  31. සිගරට් බොන එක අවුලක් නෑ බං . ඒකෙත් අමුතු ආතල් එකක් තියෙනවා ............. වැඩි සීනී ප්ලේන්ටියකුත් එක්ක වැස්ස වෙලාවට හීන් පොදේකට තෙමෙන ගමන් ට්‍රයි කරලා බලපං

    ReplyDelete
    Replies
    1. උඹ විතරයි සිගරට් බීම ගැන අවුලක් නැතිව කමන්ට් කරපු එකම එකා :)
      බලමු උඹ කිව්ව එකත් කරලම :)

      Delete
    2. මඩිස්සලේ නිශාන් :

      උබ මොන උත්තට ද සිගරට් බොන්නේ ? ඈ බොල කපයෝ තොට බොන්න වෙන දෙයක් තිඋනෙම නැද්ද උක්කන්නෝ !
      තෝ දැන්ම හිටන් සිගරට් බීලා තෝ බැන්ද කාලෙට ගෑනිට උක්කන්න මට කතා කරහන් !
      තරහට නෙමේ කපයෝ කියන්නේ ! උබට තියෙන ඇගෑලුම් කමටයි මේවා කියන්නේ !
      කැමති නම් පිලිගනින් නැත්නම් උක්කාපං !

      Delete
    3. හරි හරි පිළිගන්නම්.

      Delete
  32. ... ..

    ඔයා ඇත්තටම සිගරට් බොනවද නැද්ද කියන්නනම් දන්නෙ නැහැ... ඒත් මතක තියාගන්න... ඔයාට ඔයාට ආදරේ කරන්න බැරිනම්... අඩුමගානෙ අම්මගැන හිතලවත් ඔය බීම නවත්තනව... කවදහරි දවසක ඕකෙන් ඔයාගෙ අම්මයි ඔයාගෙ වයිෆ්,ඔයාගෙ දරුවො තමා විඳවන්නෙ.... තේරුම්ගන්න බලනව මෝඩයෝ.....
    ගර්..................

    ReplyDelete
    Replies
    1. වයිෆ්? දරුවෝ? O_o බය හිතෙන කතා කියන්නෙපා!
      :D

      Delete
    2. ජීවිතේ අපි කවදාවත් තනිවෙන්නෙත් නෑ එහෙම ඉන්නත් බෑ....මට ඔයාට හැමෝටම කවදමහරිද දවසක අපිට හිමි කෙනාව හම්බවෙනව...:)

      Delete
    3. "අපි" ගොඩට මම අයිති නැහැ ඒකට ඔයා ඇතුලත් ඇති!
      මමනම් බඳින්නේ නැහැ මැරෙනකන්ම තනියම ඉන්නවා!

      Delete
  33. අඩේ මල්ලියා සිගරට් බොන්න ගත්තේ කවද ඉඳලද බොල?

    ReplyDelete
    Replies
    1. අද ඉඳලා! මේ දැන් ඉඳලා ග්ර්ර්

      Delete
  34. උඹටත් සීතලට මාර කතානේ හිතෙන්නෙ, තව පොඩ්ඩෙන් උඹ හීතලට මිනී මරනවා.

    ඒ උනාට මට නම් හීතලට තියා හීනෙන්වත් මම සිගරට් බොනව, ඩ්‍රින්ක්ස් ගන්නව වගේ ඒව පේන්නෙ නෑ බං. මගේ හිතන එකේ අවුලක් තියෙනවද මංදා.

    ReplyDelete
    Replies
    1. අවුලක් නේන්නම් :D

      Delete
  35. නිර්මාණය නම් ලස්සනයි මල්ලියෝ... මාත් මුලින් හිතුවේ ඇත්ත කතාවක් කියල.ඒත් කමෙන්ට් කියෝනකොට තේරුනා නිර්මාණයක් කියලා.... ඒත් අනේ සිගරට් සම්බන්ධ වෙච්ච එක තමා හොද නැත්තේ....

    ReplyDelete
    Replies
    1. දැන් ඔය හොලිවුඩ් බොලිවුඩ් ෆිල්ම් වලත් සිගරට් බොනවා පෙන්නනේ අනේ!

      Delete
    2. හරි හරි... දැන් ඔය ටුබැකෝ එකෙන් උඹට කීයක් ගෙව්වද?

      Delete
    3. ඩොලර් වලින් ගෙව්වේ සුපියල් පහක්!

      Delete
  36. මේ කතාව නම් ඇත්තටම හොඳයි

    ReplyDelete
    Replies
    1. ස්තුතියි සහෝදරි :)

      Delete

හිතට දැනුන පුංචි දේ හරි කියලා යන්න ඒක මට ශක්තියක්.යාලුවනේ ඔයාලට බ්ලොගර් ප්‍රොෆයිල් එකක් තියෙනවා නම් වෙලාවක් තියෙනවා නම් තවමත් ෆලෝ කරලා නැත්තම් ෆලෝ පාරකුත් දාලා යන ලෙස ඉල්ලා සිටිනවා!