Wednesday, June 15, 2011

8 system restore

system restore ගැන ඔයාලා දන්නවා කියලා මං අනිවා දන්නවා(විශේෂයෙන් බ්ලොගි අයියලා). එත් දන්නෙ නැති බ්ලොග් කියවන්න එන ගොඩක් අය ඉන්නවා.එගොල්ලන්ට තමා ඕන් මං මේක ලියන්නෙ.

                        හිතන්නකො ඔයාගේ කොම්පීතරෙ සුපිරියටම තියෙනවා කියලා.කිසිම ලෙඩක් දුකක් නැතුව නියමෙටම තියෙනවා නම් ඔයා start  කරලා help & support ක්ලික් කරලා එන මෙනු එකෙ තියෙනවා  system restore  කියන එක අන්න ඒක ඔයා ක්ලික් කරන්න.දැන් එයි system retore now කියලා සහ  creat new restore point කියලා
                    

                                     දැන් ඔයා කරන්න ඕන creat new restore point  එක ක්ලික් කරලා මොකක් හරි නමක් දෙන එක.එච්චරයි කරන්න තියෙන්නෙ. කවදා හරි දවසක ඔයාගෙ කොම්පීතරෙ ලෙඩක් ආවොත් හරි වයිරස් එකක් හරි ආවොත්(ගොඩක් අය කරන්නෙ ලොකු වයිරස් එකක් අවොත් format කරන එකනෙ.එත් ඊට කලින් මේක කරලා බලන්න )අන්න එදාට restore  කරන්න එතකොට එයි restore point එකක් දෙන්න  කියලා.අන්න එතකොට ඔයා එදා හදපු point එක  දෙන්න.එතකොට කොම්පීතරෙ සම්පූර්නෙන්ම ඔයා එදා point එක හදපු වෙලෙ තිබ්බ විදියටම එයි.(සැළකිය යුතුයි;restore point එක හදපු දිනෙන් පසු install  කරන softwares මැකෙනවා.ඒත් ඉතින් කොම්පීතරෙ හදාගන්න ඕන්නම් අනිවා කරන්න වෙනවමනේ)                   
                              හිතන්නකො නිකන් හරි වුවමනාවක් නැතුව ඔයාගෙ අතින් restore වුනා කියලා.එතකොට මොකද කරන්නෙ?.ආයෙ restore  කරන්න කලින් තිබ්බ විදියටම ගන්න ඕන්නම් start >help & support>undo changes to your computer with system restore කරන්න එතකොට restore කරන්න කලින් තිබ්බ විදියටම කොම්පීතරෙ එනවා.
                                                සමහර වයිරස් ආවම කොම්පීතරෙ බූට් එකෙන් පස්සෙ off වෙනවා.එතකොට කොහොමද දෙයියනෙ restore නෙමේ start  කරගන්නෙත් නෙහ්?        
                           ඒකට කරන්න තියෙන්නෙ කොම්පීතරෙ  on කරලා බූට් වෙන්න කලින් F8 ඔබ ඔබ ඉන්න එක.එතකොට බූට් නොවී වෙනත්  window එකක් එයි. එකේ තියෙනවා ගොඩක් option වගයක්.දන්නෙ නැතුව ඒවා ඔබන්න යන්න එපා.safe mode කියන එක විතරක් ක්ලික් කරන්න.safe mode එකෙන් බූට් වෙලා start කරගන්න පුලුවන්.

8 comments:

  1. මේක නම් කට්ටියට වටිනව නියමෙටම..

    ReplyDelete
  2. @සාතන්
    තැන්ක් යු මචන්

    ReplyDelete
  3. ඔය දේවල් ගැන මගේ දැනුම අල්පයි.මටනං මේ ලිපිය හුගාක් වටිනවා..ස්තූතියි මල්ලි.

    ReplyDelete
  4. @මාරයාගේ හෝරාව
    නොදන්නා කෙනෙක් මේකෙන් ගන්න පුලුවන් දෙයක් ගත්තා නම් මට ඒ ඇති අයියා.තැන්කු හොදේ මේ පැත්තට ආවට.

    ReplyDelete
  5. මේක මාර වටින ලිපියක් නේ. ස්තුතියි මලේ.

    ReplyDelete
  6. @මධුරංග
    ස්තුතියි සහෝ කොමෙන්ට් ටිකක් දැම්මට.

    ReplyDelete
  7. ඕන්න මමත් මඩිස්සලේ අවුස්සලා බලන්න ආව :D

    තවම බැලුවේ මේ පෝස්ට් එක විතරයි... ඉතිරි එවත් හිමින් සැරේ කියවන්නම් කො

    ReplyDelete
    Replies
    1. ඔහ් මගේ පරණම පෝස්ටුවක් :)

      Delete

හිතට දැනුන පුංචි දේ හරි කියලා යන්න ඒක මට ශක්තියක්.යාලුවනේ ඔයාලට බ්ලොගර් ප්‍රොෆයිල් එකක් තියෙනවා නම් වෙලාවක් තියෙනවා නම් තවමත් ෆලෝ කරලා නැත්තම් ෆලෝ පාරකුත් දාලා යන ලෙස ඉල්ලා සිටිනවා!