Saturday, August 27, 2011

11 බූතෙක්ද? නැත්තම්?...විශ්ලේශනයක් දෙන්නකෝ

අද මේ ලිපියෙන් මන් ඔයාලගෙන් අදහස් බළාපොරොත්තු වෙනවා.මේකයි සීන් එක.අපේ ගෙවල් ගාව ඉන්නවා ඇමැති කෙනෙක් පස්සෙන් ගිහින් කටු ලෙව කන ජාතියෙ පොරක්.මෙයාට දුවලා දෙන්නෙක් ඉන්නවා එක්කෙනෙක්ට 21යි අනිත් එක්කෙනාට 18යි.(මරු වයසවල් නේද).


                                       මේ මනුස්සයා ටිකක් ඔලුව ඉදුම්මාවාගෙන ඉන්නෙ ඇමති අදුරන නිසා.මන් දැන් අවුරුදු 3කට විතර කලින් ගලක් ගැහැව්වා උන්ගෙ අබ ගහට ඒක දඩාස් ගාල වැදුනෙ ජනේලට.මන් ක්ෂ්නික හැන්ගුනා කොහෙද මේ බූතයා මාව දැකලානේ.පහුවදා උදේ අපේ ගේ ඉස්සරහට ඇවිත් මූ මට අම්බානක බනිනවා.ලැජ්ජාවේ බෑ.අපේ අම්මා කිව්වා මන් මූ ගැන බලාගන්නම් ඔයා යන්නකො කියලා ඌට කිව්වා.කොහෙද මේ බූතයා කිව්වා නොවැ මන් ගල් ගැහැව්වෙ උන්ගෙ දුවලාට කියලා.මන් නෑම කිව්වා(ඒක ඉතින් ඇත්තනේ)අහල පහල කට්ටියත් ඌට කිව්වා මන් හොද ලමයෙක් මන් එහෙම කරන්නෙ නෑ කියලා.ඒකෙන් මට ටිකක් සැනසීමක් ලැබුනා.මොකෝ කට්ටිය මගෙ පැත්තට කතා කරානේ.


                                              දැන් බහින්නම් කතාවට ඕක සිද්ද වෙලා දැන් අවුරුදු 3කුත් වෙලා.ඒත් මේ බුවා නම් අපි එක්ක තරහයි වෙන පොඩි සීන් එහෙකට.මූ ගමේ මිනිහෙකුත් නෙවේ පිට ගමකින් ආපු කෙනෙක්.ඉතින් අපේ ගමේ ගොඩක් අය මෙයා එක්ක තරාහයි.ඇමතිගේ කටු කන නිසා එකෙක් දෙන්නෙක් මුට පක්ෂයි.මේ ලගකදි උදේ මෙගොල්ලන්ගෙ ගෙදරට කව්ද ගල් ගහනවලු.ගෑණි එලියට බැහලා කෑ ගහනවා මිනිහා ගෙදර නැති වෙලෙ කව්ද ය්කො ගල් ගහන්නෙ කියලා.මන් ඩිම් වුනා මොකෝ මුන් අපි එක්කත් තරහයි.දැන් කිව්වොත් මන් ගැහැව්ව කියලා.ගෑණිගේ කෑ ගැහිල්ලට සෙනග පිරුනෙ ක්ෂනිකයෙනි.

                                දැන් මන් වැට අයිනට ගිහින් බැලුවා ටක ටකස් කියලා ආයෙ ගල් වැටුනා කට්ටියම ඉද්දි ගල් ආපු දිහාවක් හොයන්න බෑ.ඒ ගෙදර කෙල්ලොන්ට පේන්න සමහර උන් වැඩ්ඩො වගේ ගල් එන දිහ හොයනවා.මේව කෙලින්ම එන්නෙ ගේ ඇතුලට.දැන්නම් දවල් වුනා ඒත් එන ගල් නම් අඩු වෙන්නෙම නෑ .කට්ටියට හෙන අප්සෙට් මේක.කොහෙද මන්දා ඉදලා ආපු ඇන්ටි කෙනෙක් කිව්වා මේක බුත දෝශයක් වෙන්න ඇති කවුරු හරි ගහනවා නම් මේ වෙනකොට නතර කරන්න ඕන කියලා.මිනිහා ආවට පස්සෙ අනිවා මූ මගෙත් එක්ක ගේමට එයි කියලා මන් ටිකක් බයේ හිටියේ.දැන් ගල් එන සීන් එක බූත සීන් එකක් වුනා.

                                  ඒක පිළිගන්න පුලුවන් දේවලුත් වුන එකනේ පුදුම වැඩේ.ඒ කියන්නෙ වහලට වැටෙන ගල් ශීට් එක උඩට වැටිලා ශීට් එක කැඩෙන්නෙ නැතුවම ගල ගේ ඇතුලට එනවා.හරියට අර බිත්තරෙ නොකඩා ඔම්ලට් හදනවා වගේ.කට්ටියටම හිතා ගන්න බෑ.කොහොම හරි හවස 6 වෙද්දි අන්තිම ගල් දෙකත් ආවා ඒකෙන්නම් ජනේලෙ වීදුරුවක් බිදුනා.මිනිහා නම් තාමත් ඇවිත් නෑ.
         
                           ඊට පස්සෙ ගල් ආවෙත් නෑ.කට්ටියක් කියනවා බූතයොලු සමහරු කියමව මනුස්ස බුතයො වෙන්ට ඇතිලු.අනේ මන්දා මට නම් හිතා ගන්න බෑ.මිනිහා ආවම කට්ටිය විස්තර කර කර මේක ඌට කියනවා.මන්නම් ඌ අවාට පස්සෙ ගෙට ආව.මට ඌව දිරවන්නෙත් නෑනේ.මන් හිතුවා වගේ මූ මා එක්ක ගේමට නම් ආවෙ නෑ.දැන් දවස් දෙකක් වුනා ඊට පස්සෙ නම් ගල් ආවෙ නෑ.ඔගොල්ලො මේක ගැන මොකද හිතන්නෙ?.බූත සීන් එකක්ද නැත්තම් වෙන මොකක් හරිද?

11 comments:

  1. මම නම් හිතන්නේ ඔය කේස් එකේ කොහේ හරි අස්සක මනුස්ස ප්‍රාණියෙක් ඉන්නවා

    ReplyDelete
  2. @ChammA
    අනෙ මන්දා බන් මට නම් හිතා ගන්න බෑ

    ReplyDelete
  3. සිද්ධිය ටිකක් අපැහැදිලි වගේ! අපරාදේ ඒ ගල් වැටෙන වෙලාවෙම හොඳට සෝදිසි කරන්න තිබුණෙ. මොන බූතයෝද?

    ReplyDelete
  4. ආ... ඔයාද මේ බ්ලොග් එක ලියන්නෙ?
    ඕකට කියන්නෙ අගේ ඉදන් කන කනවා කියලා.
    චුටි මාම ඔයාව හම්බවෙයි. එයා ගැන ලියල තියෙන දේවල් වලට එයාටම උත්තර දෙන්ඩ.

    ReplyDelete
  5. ගෙදර තත්වෙත් අප්සට් නම් කෙල්ලො දෙන්නගෙ වයසත් නරකයි නම් සුවර් එකටම ඔය සීන් එකට එක කෙල්ලෙක් හරි ගෑවිලා ඇති ....... ,
    ගල් ගහපු භූතයො හොයපු සෙට් එකත් වැඩේට ගෑවිලා ඇති අඩුගානෙ 1 ක් වත්

    ReplyDelete
  6. @විසිතුරු
    හ්ම් ඒකත් ඇත්ත තමා ඒත් කට්ටිය හතර වටේම සර්ච් කරානෙ බන්.

    @Ano....
    සිරාවට?.අනේ කියන්න එපා බන් ඕක.මන් බයයි.මන් අගෙ ඉදන් කන කන්න ඔයා හරකෙක්ද?

    @Sameera
    ඔය කතාවම අපේ අම්මත් කිව්වා බන්.සමහර විට එහෙමද දන්නෙ නෑ වුනේ.හිතන්න පුලුවන් කාරණාවක් ඉදිරිපත් කරාට තැන්කු මචො

    ReplyDelete
  7. කෙල්ලො දෙන්න ලස්සනයිද? ඇත්තටම උබ නෙමේ නේද ආයෙත් ගල් ගැහුවෙ? :D

    ReplyDelete
  8. අනිවාර්යෙන් උඹව අහුකරන්න උබේ හතුරෙක්වත් මේක කලා ද??

    ReplyDelete
  9. @බුවාරික්ස්
    කෙල්ලෝ දෙන්නාගෙන් පොඩි කෙල්ල නම් සුපිරි ලොකු කෙල්ලත් අව්ලක් නෑ.අම්මපා මන් නෙවෙ බොල

    @Uvindu
    මට හතුරෝ නෑ බන්

    ReplyDelete
  10. buthayawa ape diha genna ganda barida bn....mata gal bisnuss 1k karanda puluwan lesiyenma....

    ReplyDelete
  11. @ඇනෝ
    හික්ස් බූත සීන් එක දැන් නැගලා යනවා බන්.වෙලාවක ඒක ගැනත් ලියන්න ඕන.

    ReplyDelete

හිතට දැනුන පුංචි දේ හරි කියලා යන්න ඒක මට ශක්තියක්.යාලුවනේ ඔයාලට බ්ලොගර් ප්‍රොෆයිල් එකක් තියෙනවා නම් වෙලාවක් තියෙනවා නම් තවමත් ෆලෝ කරලා නැත්තම් ෆලෝ පාරකුත් දාලා යන ලෙස ඉල්ලා සිටිනවා!