Sunday, August 07, 2011

10 ගුණපාල speaking....... (කඩ්ඩ දාන නිසා අපහසුතාවයට පත්කීරිම)

අද කියන්න ආවේ ටිකක් ගොන් වගේ පෙනුනට අන්තිමට චූටිම චූටි පනිවිඩයක් දෙන ලිපියක්.   ඔගොල්ලො හැමොම දන්නවනේ මේක ලන්කාව.ගොඩක් ඉන්නෙ සින්හල පුරවැසියොනේ.සමහර අය හොදට උගත් අය ඒ වගේම ටික උගත් කමින් අඩු ගම්බද පළාත් වල අයත් අනිවා ඉන්නවා.ඒ පැති වල තරුණ අය නම් දියුනුයි.එත් ගමේ නගරෙ කියලා නෑ තාමත් ගොඩක් අයට කඩ්ඩ තේරෙන්නෙ නෑනෙ.ඒක ගැන තමා මේ කියන්න යන්නේ.
                                      ඊයෙ පෙරේදා දේවාගෙ ලිපියක් තිබ්බනෙ කඩ්ඩ ගැන.මෙතනින් බලන්න  (දැන්ම බලන්න එපා පස්සේ බලන්න.නැත්තන් මගේ කතාව කියවන්න බැරි වෙනවානෙ) ඒ වගේම කුරුං ගුරුං සහෝත් මට පොඩි ගැම්මක් දුන්නා ලිපියක් ලියන්න.මන් ගොඩක් ස්තූති වන්ත වෙනවා එයාට.

                             සන්ටෙල් CDMA පෝන් ආපු දවස් මතකද?.ලන්කා බෙල් CDMA  ආපු දවස් වලමයි සන්ටෙල් CDMA එක ආවෙත් (2005 අවුරුද්දේ).ඒ දවස් වල අපිට දැන් තරන්වත් එච්චර වත්කමක් නෑ.ඒක නිසා ලෑන්ඩ් පෝන් එකක් අපෙ ගෙදර තිබ්බේ නෑ.අම්මා ගාව තිබ්බෙත් ගඩොල් බාගෙ හෑන්ඩ්
පෝන් එකක්.මට දැන් ආසාවේ බෑ මේකක් අපේ ගෙදට්ට ගේනකන්.මන් කෝම හරි අම්මට කියලා මේකක් ගේන්න සලස්ස ගත්තා.අම්මා බෝම අමාරුවෙන් 12900ක් හොයන් පෝන් එක ගෙනාවා.දැන් ඉතින් අපිටත් ලැන්ඩ් පෝන් එකක් තියෙනවා මරු නේහ්?.ඔහොම ඔහොම කල් යද්දි අම්මට බිල ගෙවන්න සමහර මාස වලදි පරක්කු වුනා.
                                                                      ඒ ඉතින් අම්මගේ පඩිය ලැබෙන්න පරක්කු වුනොත් තමා.අම්මා වැඩට ගියාම එද්දි හවස් වෙනවා.ඉස්කෝලෙ ඇරිලා ආවම මන් තනියෙන් තමා ඉන්නෙ(ඔය තනියෙන් ඉන්න වෙලාවට මන් නරක වැඩ එහෙම කරලා නැ හොදේ).සන්ටෙල් එකට බිල ගෙවන්න පරක්කු වුනාම එගොල්ලො කෝල් කරලා කියනවා නියමිත දිනේට කලින්  pay නොකලොත් line එක disconnect කරනව කියලා                  
                                         මේගොල්ලො කතා කරද්දි කඩ්ඩ වනනවා.මන් සෙකන්ඩ් වෙයි හිහ්.මාත් ඒ දවස් වල එච්චර කඩ්ඩ දන්නෙ නෑ එත් ඔය වගේ වචන තේරෙනවා.හැම මාසෙම ගෙවන්න තියෙන දිනෙට කලින් දැන් මේගොල්ලො  කෝල් කරනවා.කෝල් ගන්න හැම වෙලේම මන් තමයි ආන්ස කරන්නේ.මට දැන් මේකට හෙන මල.මෙයලා අරගෙන අහන්නෙ ඉස්සෙල්ලම අපෙ අම්මගේ නම කියලා ඉන්නවද අහනවා.මන් ඉතින් නෑ කියනවා(ඇත්තට හොදේ).ඊට පස්සෙ එගොල්ලො කියන්නෙ අර මන් කලින් කිව්ව දේවල්ම තමා නියමිත දිනේට කලින්  pay නොකළොත් line එක disconnect  කරනව කියලා                        
                                                  මටත් දැන් මේක එපා වෙලා මුන් හැම මාසෙම වේළාසන කෝල් කරනවනේ.අනිත් එක මේගොල්ලො කඩ්ඩ වනන එකත් මට පෙන්නන්න බෑ(ඇයිද මන්ද).මන් ඉස්කෝලෙදි දවසක්(2006) කැළනියෙ අද්්යාපන කාර්්යලයෙන් සර් කෙනෙක් ආවා අපිට ඕ/ල් ගැන පෙර දැනුවත් කිරීමක් කොරන්ට(මුහුද හත්ගව්වක් තියල අමුඩේ ගහනව වගේ,හික් අපි එතකොට 9 වසරෙ)
                                                   
                                එයා අපිට මාර දැනුවත් කිරීමක් කොරේ හික්.මට අදටත් මතකයි එදා ඒ සර් කිව්වා ඉන්ග්‍රීසි දන්නෙ නැත්තන් පොර වෙන්න හිතාගෙන නොදන්න ඉන්ග්‍රීසි දාන්න  ගිහින් චා වෙන්න එපා කියලා.ඒක මගේ හිතට හොදට වැදුනා.ඔන්න එදා හවසත් අර විදියට කෝල් එක එනවා.මාත් රිසිවරය ඉස්සුවා.

මම  :හෙලෝ

සන්ටෙල් එකෙන් :හෙලෝ goodevining  සර් මන්  සන්ටෙල් එකෙන්  ______                                                                  
(සුකුමාළ තරුන අක්කා කෙනෙක්ගේ කට හඩක්)

මම :(කට හඩ ටිකක් වෙනස් කරලා) ඕව් කියන්න නෝනා කාටද කතා කරන්න ඕන?.

සන්ටෙල් එකෙන් :ආ  සමන්ති miss ඉන්නවද?

මම : නැනේ නෝනා සමන්ති නෝනා වැඩට ගිහින්නේ

සන්ටෙල් එකෙන් :ආහ්... එතකොට..මේ කව්ද කතා කරන්නේ?

මම : සමන්ති නෝනලගේ ගෙදර වැඩ කරන්න නෙව මන් මෙහේ ඉන්නේ



සන්ටෙල් එකෙන්  :ඔබ තුමාගෙ නම මොකක්ද?

මම :ගුණපාල

සන්ටෙල් එකෙන්  :ගුණපාල එහෙනම් නෝනා ආවම කියන්න මේ මාසෙ 27ට කලින් bill එක pay  නොකලොත් line  එක disconnect  කරනවා කියලා

මම :හා නෝනා මන් කියන්නම් ඒත් මොකක්ද ඔයැ පේ එක කියන්නේ

සන්ටෙල් එකෙන්  :(පොඩි හිනා හඩක් සමග)පේ එක කියන්නෙ බිල ගෙවන එකටනේ

මම :ආහ් ඇත්තද නෝනා එතකොට මොකක්ද ඔය ලයින් එකක් කොනෙක්ට් කොරනවද මොකක්ද එකක් කීවේ?

සන්ටෙල් එකෙන් : ලයින් එක ඩිස් කනෙක්ට් කරනවා කිව්වෙ සම්බන්දධතාවය විසන්දි කරනවා කියලා

මම  :ඈ...අපි අතර එහෙම මුකුත් සම්බන්ධයක් නැහැ නොවැ නෝනේ?

සන්ටෙල් එකෙන්  : (ලැජ්ජාවෙන් වගේ) අහ්....ගුණපාල සමන්ති මිස් ආවම කියන්නකො සන්ටෙල් එකෙන් කෝල් එකක් ආව කියලා.(දඩස් ගාලා සද්දෙකුත් එක්ක ලයින් එක විසන්ධි වුනාම එන සද්දෙ ආවා)
                                          ඉතින් මන් මේ කියන්න හැදුවේ මේ වගේ කඩ්ඩ දාල කතා කෙරුවම අපෙ ගම් වල දුප්පත් මිනිස්සු කොහොමද මේවා තේරුම් ගන්නේ?.මේක ලන්කාව ඇමෙරිකාවනෙ නෙවේ.අපේ මිනිස්සුත් තේරුනේ නැතත් ලැජ්ජාවට ඔව්,හා කියලා ඉන්නවා මිසක් මොකක්ද මේ කිව්වෙ කියලා නොදැන වැඩෙ හරියට කරගන්න බැරිව දුක් විදින වෙලා තියෙනවා නේද? මන් මේ කිව්වෙ එක සමාගමක් ගැන විතරයි.ඒත් ලන්කාවේ ගොඩක් ආයතන වල මෙහෙම නේද ෆෝන් එකෙන් කතා කරන්නේ?.සන්වර්ධනය දැවන්තව සිද්ද වෙද්දි මේ දේවල් ගැනත් කවුරුම හරි හොයලා බැලුවනම් නරකද?
             

(මන් මේක ලිව්වෙ කාවවත් අපහසුතාවයට පත් කරන්න නෙවෙ.මන් එදා කරපු විහිලුව නිසා ඒ අක්කා ආයෙ ඒ විදියට කඩ්ඩ දදා කතා කරන එක නැවැත්තුවද දන්නේ නෑ.එහෙම වුනානම් හොදයි)

10 comments:

  1. හිකිස්... මාර වැඩේ තමයි නිකමා මලයත් කරල තියෙන්නේ. හී හී...
    ඇත්ත තමයි, අපේ රටේ කොච්චර මිනිස්සු ඉන්නවද ගම් වල ඉන්ග්‍රීසි දන්නේ නැති, ඒ වගේ අයටත් තේරෙන්න එක්ක සින්හලෙන්ම සේවා සපයනවා නම් තමයි හොඳ..

    ReplyDelete
  2. @ප්‍රාර්ථනා
    ඕව් අක්කා ඒක තමයි මන් මේ ලිපියෙන් කියන්න හැදුවේ.තැන්කු හොදේ මේ පැත්තේ ආවට

    ReplyDelete
  3. nice work brother.

    ReplyDelete
  4. @anonymous
    තෑන්ක්ස් සහෝ මේ පැත්තේ ඇවිත් කොමෙන්ට් එහෙකුත් දාලා ගියාට.

    ReplyDelete
  5. ‍‍මොනවා වුනත් ඇත්ත කාථාව..එහෙම දේවල් තමා ඔය වගේ කට්ටියට කරන්න ඕනේ...

    ReplyDelete
  6. @anonymaus
    ලොල්ය තැන්කු මචො මේ පැත්තේ ආවාට

    ReplyDelete
  7. ඔහොම කඩු බස්සන්න යන පොරවල්වලට බැස්සිලා යන්න ඔහොම තමා රිටන් එක දෙන්න ඕනේ. එළකිරි වැඩේ :))

    ReplyDelete
  8. @හසිත
    එල තෑන්ක්ස් මචං මේ පැත්තේ ආවට

    ReplyDelete
  9. රජකඩුවට වඩා ගෙදර කුස්සියෙ තියන මන්නේ හොදයි .. :D

    ReplyDelete
    Replies
    1. අන්න නියම කතාව ඈ.

      Delete

හිතට දැනුන පුංචි දේ හරි කියලා යන්න ඒක මට ශක්තියක්.යාලුවනේ ඔයාලට බ්ලොගර් ප්‍රොෆයිල් එකක් තියෙනවා නම් වෙලාවක් තියෙනවා නම් තවමත් ෆලෝ කරලා නැත්තම් ෆලෝ පාරකුත් දාලා යන ලෙස ඉල්ලා සිටිනවා!