Thursday, December 22, 2011

10 ලංකාවේ හැටියි ඇමරිකාවේ හැටියි.

හෝම් අ ලෝන් චිත්‍රපටිය බලලා තියෙනවද?.එක මං මේ ලියන දවසෙත් උදේ ටීවී එකේ ගියා.එකේ කතාව අනුව පොඩි එකෙක්ව ගෙදර අමතක වෙලා පවුලේ කස්ටිය දුර ගමනක් යනවා.ගෙදර කට්ටිය එනකන් පොඩි එකා හොරුන්ගෙන් ගේ බේරගන්න කරන හාස්‍ය රසයක් සහිත වීර ක්‍රියා රැසක් තමා පෙන්වන්නේ.හරි දැන් කතාවට බහිමුකො.
මේකේ තම දරුවාව මතක් වෙලා මව කෙසේ හෝ නැවත ගෙදරට පැමිණෙන්න ගන්න උත්සාහය අසාර්ථක වෙනවා.ඒත් ඇයට කරුණාවන්ත මිනිසුන් පිරිසක් උදව් කරනවා.ඒ ගුවන් යානා නොමැති නිසා ඔවුන් ඔවුන්ගේ ප්‍රයෝජනය සදහා කුලියට ගත් වෑන් රියේ එම මවවත් ඇයගේ නිවසටම ගෙනැවිත් ඇරලවයි.

ඒ ඇමෙරිකාවෙය එහෙත් ලංකාවේ තත්වය මෙසේය.

එම චිත්‍රපටියම සිංහලෙන් ගොඩ නැගුණේ "මම බය නෑ ශ්‍යාමා" නමින්ය.එහි ඇත්තෙත් හෝම් අ ලෝන් චිත්‍රපටියේ තේමාවමය.වෙනසකට ඇත්තේ ඉන්ග්ලිෂ් චිත්‍රපටියේ කතා නායකයා කොල්ලෙක්ය සිංහල එකේ පුංචි කෙල්ලක්ය.
මෙහිත් ඇයගේ මව කලබල වී ගුවන් තොටුපලේ කලබල කරද්දී ඇයටත් මිනිසුන් පිරිසක් උදව කිරීමට ඉදිරිපත් වෙති.
එතනදී තමා ලංකාවේ හැටි හොදහැටි කතාවට නැගෙන්නේ එනම් එම මිනිසුන් පිරිස මගක්‌ හරියදී ඇයට අතවර කිරීමට ගන්න උත්සහාය නිසාය.මොකද මේක ලංකාවනේ.සිංහල චිත්‍රපටියේ අධ්‍යක්ෂක ලංකාවේ කෙනෙකි ඉතින් ඔහු ලංකාවේ මිනිසුන් ගැන දන්නා නිසා එසේ ගොඩ නගන්නට ඇත.ඔන්න සදාචාරයක් නැති ඇමෙරිකාවේ හැටියි සංස්කෘතියක් ඇති ලංකාවේ හැටියි :D

10 comments:

  1. @නිසුපා
    හික්ස් මොකෝ අක්ස්?

    ReplyDelete
  2. ඒ කතාව නම් ඇත්ත මචං...

    ReplyDelete
  3. මම ඔය දෙකම බැලුවා.අලුත් වැඩක් කරනවාට වඩා ලේසිනේ කොප්ප ගහන එක.

    ReplyDelete
  4. @ඇනෝ
    ඔව් බං හිහි ස්තුතියි හොදේ මේ පැත්තේ ආවාට

    @නදීර
    කොප්ප ගහලවත් සාර්ථක වැඩක් කරගන්න බෑනේ බං අපේ උන්ට.

    ReplyDelete
  5. කතාව නම් ඇත්ත සහෝ... :)

    ReplyDelete

හිතට දැනුන පුංචි දේ හරි කියලා යන්න ඒක මට ශක්තියක්.යාලුවනේ ඔයාලට බ්ලොගර් ප්‍රොෆයිල් එකක් තියෙනවා නම් වෙලාවක් තියෙනවා නම් තවමත් ෆලෝ කරලා නැත්තම් ෆලෝ පාරකුත් දාලා යන ලෙස ඉල්ලා සිටිනවා!