උඹ තමයි මේක කඩන්න ඇත්තේ,ඒ මදිවට කඩලා ඉවර වෙලා මෙතන නැහැ කියලමයි කියන්නේ
අනේ නැහැ තාත්තේ මම නෙවෙයි ඕක කැඩුවේ මාත් හවස තමයි දැක්කේ කරාමේ කැඩිලා වතුර ගිහින්
මම කැඩුවේ නැහැ මම කැඩුවේ නැහැ මම කැඩුවේ නැහැ ඕකම තමා තොටත් කියන්න තියෙන්නෙම,තොට මොකද මම එපෑ දවස තිස්සෙම සුක්කානම කරකෝලා කීය හරි හොයන් ඇවිත් ඕවායේ බිල් ගෙවන්නේ.
රියදුරු රස්සාව කරපු පියල් තම බිරිඳ සුජානි වෙනත් මිනිසෙකු සමඟ තවත් දීගෙක ගිය කල
අවුරුදු හතරක්වත් නොමැති පුංචි පුතුව තනිව උස් මහත් කළේ ය.මෙලෙස අවුරුදු 5ක් පමණ ගෙවී ගියත් තවමත් සුජානි පිලිබඳ මතකයෙන් සහ කොලු පැටියෙකුව තනියම හදාගද්දී ඇති වුනු පීඩාත් මත හවසට ගෙදරට ඒමට හුරුවූයේ බීමත්වය.
පියල්ගේ පුතු සමීරද උදේට තාත්තා ලක ලෑස්ති කොට පාසලට ගොස් හැරලුවායින් පසු දහවලට නිවසට එන්නේ තනිවය.ගෙදර පැමිණි පසු පියල් විසින් සකස් කර යන බතයි පරිප්පුවයි කා අහල පහල කොල්ලෝ කුරුට්ටෝ හා සෙල්ලමට යන සමීරද ගෙදරට එන්නේ හවස හය පමණ වන විටදීය.සුපුරුදු ජීවන රටාවේ තවත් එක් දිනකදී සමීර නිවසට එන විට ගෙදර වතුර කරාමයක් කැඩී ටැංකියේ තිබු වතුර සියල්ලම අපතේ ගොස් තිබුනේ ය.එදින පියල් පැමිණි පසු වූ දෙබසකි ඉහලින් දැක්වුණේ.
අනේ නැහැ තාත්තේ සත්තකින්ම මම කැඩුවේ නැහැ තාත්තේ ඕක මාව විශ්වාස කරන්නකෝ..සමීර ඇඩුම්බර පැවසුවේ ය.
තවමත් නැහැ කියලමයි නේද කියන්නේ හිටපන්කෝ තොට පියල් ආවේග ශීලීව ඉන පටිය ගලවා සමීරට පහර දෙන්නට විය.
සමීර වේදනාවෙන් බෙරිහන් දෙමින් තමා නිර්දෝෂී යැයි පැවසුවද කනකට ගත්තේ පියල් නොව.ඔහු කේන්තිය නිවෙනකන්ම දිගට හරහට සමීරට පහර දුන්නේය.හෙතෙම පොඩි එකාට පහර දී හති වැටුණු පසු තරහෙන් පුපුර පුපුරා මිදුලට ගොස් වාහනය පණගන්වා දුන්නෙන් මුදාහල ඊය මෙන් කඩාගෙන හනික ටවුම වෙත ගියේ තවත් මධුවිත ටිකක් තොල ගා කේන්තිය නිවා ගැනීමට විය හැක.
තැබෑරුම වෙත ගිය පසු ඔහුගේ මිතුරෙකු වන සමරේව පියල්ට මුණ ගැසුනේය.
පියල් දවල් මම උඹලගේ ගෙදර ගියා මචං
ආහ් සමරේ ඒ මොකටද මචං?
අද උඹලගේ ගෙවල් පාරෙන් මම හයර් එකක් ගියා බඩු ටික බාලා එද්දී උඹලගේ ගෙවල් කිට්ටුවදීම වාහනේ ඕවහීට් වෙලා නැවතුනා බං.මම උඹලගේ ගෙදරට ගියා වතුර එකක් ගන්න ගෙදර නම් කව්රුත් හිටියේ නැහැ මම වතුර එකක් අරන් ආවා.
වතුර එකක් අරන් ආවා? උඹ වතුර ගත්තේ තාප්පේ අයිනේ ටැප් එකෙන්ද?
ඔව් බං ඒකෙන් තමා
ආහ් මගේ අතින් ටැප් එක වහන්න ගිහින් ගැලවුණා මම ඒක හදිසියට ඒක එහෙමම ඔබලා ආවා බං උඹ හෙට පොඩ්ඩක් ඒක හදපන් නැත්තම් ආයේ ගැලවෙයි.
ආයේ ගැලවෙන්න දෙයක් නැහැ බං මම යනවා මට පොඩි වැඩක් තියෙනවා.
ආපු ගමන් යන්නේ මොකෝ බං උඹ මොනවත් බිව්වෙවත් නැහැ නේද?
සමරේ එසේ ඇසුවත් එය නෑසුණු ගාණට තැබෑරුමෙන් පිටත් වී හනිකට ගෙදර පැමිණි පියල් වහා සමීරව සොයා ගෙට ගියේ ය.වෙනදට පියල් පැමිණෙන විට සමීර සිටියේ ටීවී බලමින් සාලයේ ය එහෙත් අද ටීවී එක දමා නැත.පියල් සමීර සොයා සමීරගේ කාමරය වෙත ගියද සමීර කාමරයේත් නොසිටියේය.පියල් කුස්සිය වෙත ගොස් බැලුවේය.සමීර එහිද නොසිටියේය.පියල් නිකමට මෙන් බත් මුට්ටිය ඇර බැලුවේය සමීර කාලත් නොමැති බව ඔහුට වැටහුනේය.ඔහුගේ ශරීරය සීතල විය ඉහින් කනින් දාඩිය ද දැමීමට ගත්තේය.හේ නිකමට මෙන් නාන කාමරය වෙත එබී බැලුවේය සමීර ටැප් එකක් බදාගෙන නානකාමරයේ කොනක නින්දක වැටි සිටියේය.පියල් ඔහු ලඟට ගොස් ඔහුව වඩාගැනීමට තැත් කිරීමේදී ඉන පටියෙන් පහරවල් වැඩි නිල් පාට වී තිබු තැන් දැක ඔහුගේ ඇසට කඳුළු ඉනුවේය.ඉනු කඳුලක් ඔහුටත් නොදැනී කම්මුල දිගේ ගලාවිත් සමීරගේ මුහුණට වැටුණි.
නින්දෙන් අවදි වුනු සමීර පියල් දැක බොහොම බැගෑපත්ව අතේ තිබු කරාමය පෙන්වා
තාත්තේ මං මේක කොහොම හරි හදලා දෙන්නම් තාත්තේ මට ගහන්න එපා තාත්තේ..
ගොඩක් ප්‍රශ්නවලට මුල හරියට තේරුම් ගන්නේ නැති එක
ReplyDeleteඕනෑම දෙයක් කරන්න කලින් හොඳට හොයලා බලලා හිතලා මතලා කරන්න ඕන නැත්තම් අපිමයි අන්තිමට තැලෙන්නේ.
Deleteහ්ම්ම්ම්ම්ම්......
ReplyDeleteදිග හුස්මක් හැරියා වගෙයි තේරුනේ
Deleteක්ෂණික කෝප්පය කියන්නෙ ඔන්න ඔය එකට තමයි.. මටත් තියනවා.. ක්ෂණික කෝප්පය නෙවෙයි හරියටම කිව්වොත් ඒක මෝඩකම..
ReplyDelete\\ක්ෂණික කෝප්පය කියන්නෙ ඔන්න ඔය එකට තමයි.. මටත් තියනවා.. ක්ෂණික කෝප්පය නෙවෙයි හරියටම කිව්වොත් ඒක මෝඩකම..//
Deleteකෝප්පය? ක්ෂණික කෝපි කෝප්පයක් ගැනද සහෝදරි මේ සඳහන් කරේ?
සංවේදි කතාවක් බං...
ReplyDeleteජය !
ස්තුතියි සෑමා
Deleteඇයි බං උඹ මේ වගේ දුක හිතෙන කතාවක් ලිව්වෙ. ඇත්ත, කරුණු කාරනා හරියට හොයන්නෙ නැතුව මිනිස්සු හදිසි කෝපය නිසා කොච්චර විනාශයක් කරගන්නවද?
ReplyDeleteමේ දවස්වල වැඩිය ලියන්නෙ නැත්තෙ දැං ජොබ් එක නිසා කාර්යබහුල වෙලා ද?
මේ වගේ කතාවක් ලියන්න හේතු වුන හේතුව නම් මම දන්නේ නැහැ හැබැයි මීට පස්සේ මම වැඩිපුරම ලියන්නේ මේ වගේ ලිපි සහෝ.
Deleteමම දැන් ජොබ් එක කරන්නේ නැහැ
// මීට පස්සේ මම වැඩිපුරම ලියන්නේ මේ වගේ ලිපි //
Deleteඇයි මල්ලි උඹ දුකෙන්ද ඉන්නෙ. ඇයි උඹ ජොබ් එක අතෑරියෙ. හැමෝටම ප්‍රශ්න තියෙනව යාළුව, ඒව ගැන වැඩිය හිතන්න එපා. උඹට ගැලපෙන ජීවනෝපායක් හදා ගන්න එක උඹටම තමයි කරන්න පුළුවන්. හැමදේම ඉක්මනින් යහපත් වෙන්න කියල මම නැවතත් ප්‍රාර්ථනා කරනව.
අනේ බං දුක හිතෙන ඒව වැඩිය ලියන්න එපා, ඔය ඉඳල හිටල ලිව්වට කමක් නෑ.
නැහැ නැහැ දුකෙන් නෙවේ ඒත් මට හිතුනා එහෙම කතා ටිකක් ලියන්න :)
Deleteහොද ආදර්ශයක් හැමෝටම ලස්සන ලිපියක්... කහපාට අකුරු පේනවා අඩුයි නිශාන්
ReplyDeleteස්තුතියි සහෝ
Deleteමම අකුරු පාට වෙනස් කරා
සංවේදී සිද්ධියක්. කරටිය කැඩෙන්න බීල එන තාත්තල ඉන්න සමහර ගෙවල් වල ඔය වගේ දේවල් ඇත්තටම දකින්න පුළුවන්. වෙනස් කතාවක්...
ReplyDeleteඔව් මචෝ ඒකනම් ඇත්ත
Deleteඅනේ මලේ අදමයි මම මේ පැත්තට ආවේ.මේ කතාවනම් සිරාවටම බොක්කටම වැදුනා.දැන් හැමදාම එනවා.
ReplyDeleteමම නම් ඒ පැත්තේ ඇවිත් තියෙනවා අයියා දිගටම එන්න මේ පැත්තේ.
Deleteහ්ම්ම්ම්ම්ම්...
ReplyDeleteහොයන්නෙ බලන්නෙ නැතුව වැඩ කරාම ඕම වෙනවා...
පවු පොඩි එකා..
ගොඩක් උන්ගේ අතින් වෙන වැරද්දක්නේ බං ඕක
Deleteඔය විදියට කතාව ඉවර කරපු එක හොඳයි. කතාව මීටවඩා දරුනු නොකර
ReplyDeleteහ්ම්ම් මීට වඩා දරුණු කරන එක හරි නැහැ කියලා හිතුනා.එතකොට කතා රසයත් නැති වෙන්න ඉඩ තියෙනවා.
Deleteකිසි දෙයක් හොයලා බලන්නේ නැතිව වැඩ කරන්න ගියාම ඔහොම දේවල් වෙනවා මචන්. ඒ දේ තේරුම් අරන් ආපහු හැරිලා බලද්දී පරක්කු වැඩියි. එළ පොස්ටුව..
ReplyDeleteඇයි ජොබ අතහැරියේ? උඩ කමෙන්ට් එකක තියෙනවා දැක්කා?
හ්ම් ඇත්ත බං උඹේ කතාව
Deleteජොබ අත්හැරියේ අර පෝස්ට් එකට වැටුණු කොමන්ට් සලකා බලා බං.
හුඟ දෙනෙක් හොයානොබලා වැඩ කරන්නෙ.. අන්තිමේ ඒකත් වෙනකෙනෙක්ගෙ පිටින් යවන්න හදන්නෙ..
ReplyDeleteහ්ම්ම් ඇත්ත බං ගොඩක් අය කිසිම දෙයක් තේරුම් ගන්නේ නැහැ පස්සේ තේරුනත් සද්ද නැතුව ඉන්නවා.
Deleteසුපිරියට ලියලා තියනවා,මරේ මරු
ReplyDeleteමමත් ඔහොම නිරපරාදේ ගූටි කාලා තියනවා
ගුටි කනවට වඩා රිදෙනවා හිතට
Deletewenada wagema me kathawath hodata liyala tiyenawa ayya.......
ReplyDeleteබොරුවට නේද නැඟී කියන්නේ?
Deleteහ්ම්ම් කමක් නැහැ කොහොම හරි කමක් නැහැ ස්තුතියි.
ane ne ayya mama kiwwe aththatamai.me kathawa godak hithata wadena widiyata ayya liyala tiyenawa......
Deletewadakne wadakne mama boruwata meka kiwwa kiyala kiwwane..... :(
ආහ් සොරි සොරි මම නිකමට එහෙම කිව්වේ දැන් හොඳ ළමයා වගේ නාඩා ඉන්න :)
Deleteමේ කතාව කියවගෙන යනකොට අඟුරු වලින් වාහනේ ලියපු ළමයගේ කතාව මතක් උනා.
ReplyDeleteසංවේදි කතාවක් !!!
මං ඒක දන්නේ නැහැනේ?.
Deleteඉවසලා කල්පනා කරල බලලා තීරන ගන්න ඔනි අයියේ .. ඒක මම දැනගත්තෙ මේ ලගදි .. එල කතාව
ReplyDeleteමමත් ඒක දැනගෙන ගොඩක් කල් බං ඒත් අපිට කිට්ටු අය ඕක තේරුම් ගන්නේ නැහැ.
Deleteහ්ම්ම්ම් එකනං ඇත්ත ....
Deleteදුක හිතෙන කථාවක් බං....
ReplyDeleteඅර මධුරංගයා කියන අගුරු වලින් වාහනේ ඇදපු කතාව තමයි මටත් මතක් උනේ... ඒකත් හරිම සංවේදී කථාවක්..
__ජය __
මං ඒ කතාව අහලා නැහැ බං
Deleteayyoo...godak ayata wenne oka thamayi..therenakota kochchiya gihin..
ReplyDeleteසහතික ඇත්ත යතාර්ථය වැටහෙද්දී සමහරු ගොඩක් පරක්කුයි.
Deleteඅඩේ..කදුළු එනවා බං ඇහි බැමට...සිරා කතාව ඕයි!
ReplyDeleteතෑන්ක්ස් මචෝ.
Delete
ReplyDeleteඅර පොඩි එකා සිය දිවි නසා ගත්තා හරි ගෙදරින් පැනලා ගිහින් මොනවා හරි වුනා හරි කියලා ඉවර නොකරපු එකට ස්තුතියි, නිශාන්
henryblogwalker (මට භිතෙන හැටි) the Dude (HeyDude)
:) ඒක සුළු දෙයක්.
Deleteමමක් හිතුවෙ කොළුවා ඔලුව හැරුනු අතේ යන්න ඇති කියලා.....
ReplyDeleteතාත්තයි පුතයි දෙන්නම පව්...!
තාත්තා ගැහැව්ව පලියට ඔලුව හැරුණ අතේ යන උන් දැන් අඩුයි
Deleteඇස්වලට කඳුලු ආව බන්.. සුපිරියි..
ReplyDeleteමම දවසක් පුතාට වැරැද්දකට ඉරටුවකින් ගහලා මම සෑහෙන්න විඳෙව්වා බන්.. බෙල්ට් එකකින් ගහනවා කියලා හිතද්දිත් ඇඟ කිලිපොලා යනවා..
ස්තුතියි සෙන්නා අයියා
Deleteමම දන්නවා සංවේදී අයටයි ළමයින්ට ආදරේ පියාලටයි එහෙම දේවල් කරන්න අමාරුයි කියලා.
නියම කතාවක් නිශාන්.. ඉක්මන් තීරණ ගත්තම වෙන්නේ මේ වගේ දේවල්.. ලස්සනට ලියලා..
ReplyDeleteහ්ම්ම් ඔව් සහෝ
Deleteස්තුතියි කොමන්ට් එකට
අනේ මන්ද........
ReplyDeleteඅකුරුවලට කොච්චර දෙයක් කරන්න පුලුවන්ද..
කඳුළු පිරුනා නිශාන්.. :(
මාරම විදිහට ලියල තියනවා..
මෙය නිර්මාණයක් නම් ඇත්තටම අපූරුයි..මොකද අත්දැකීම් තමයි ගොඩක් අපිට කඳුළු උනන්න තරම් ලියන්න පුළුවන් වෙන්නේ..
මැවිලා පෙනුනා කතාව..
ජයෙන් ජය!
අත්දැකීමක් නම් නෙවේ මොකද මට තාත්තෙකුත් නැහැ,මම පියල් කියලා එකෙක්ව අදුරන්නෙත් නැහැ
Deleteආයෙත් සැරයක් කියෙව්වා බං දුක හිතෙනවා වගේම හිතට වැඩෙන විදියට ලියලා තියෙනවා හොද නිර්මාණයක්..
ReplyDeleteතෑන්ක්ස් මචෝ දෙවෙනි පාරටත් කොමන්ටුවක් දැම්මට
Deleteමේකට මොකක් කියන්නද මන්දා බං....සිරාවට බොක්කටම වැදුනා...
ReplyDeleteබොක්කටම වැදුනා නම් එච්චරයි බං
Deleteසංවේදී කථාවක් බන්..හ්ම්......
ReplyDeleteඇත්තටම හොද නිර්මාණයක්
ස්තුතියි මචෝ කොමන්ටුවට
Deleteලොකු ම හේතුව බීම ද මන්දා...
ReplyDeleteසමහර දේවල් වලට හේතු හොයන්න අමාරුයි ලහිරු
Deleteකතාව කියවන්න කලින් මම කමෙන්ට්ස් බැලුව.... ඇයි අනේ මාව ඇඩෙව්වෙ!! මගේ නිකන් ඇග හීතල වෙලා ගියා....
ReplyDeleteනෑ මේක බීම හින්ද නෙවෙයි @ලහිරු...... මේක තනිකම හින්ද වුණ දෙයක්.... අවසාන වශයෙන් කිවුවොත් මට පේන්නෙ පියල් හොද තාත්ත කෙනෙක්!!
ජය!!
මං හිතුවට වඩා සංවේදී කට්ටිය අපි අතරේ ඉන්නවා
Deleteමේකෙන් මමත් දෙයක් ඉගනගත්ත. මමත් ටිකෙන් ටික මගෙත් තියෙන්නාවූ ක්ෂණික කෝපය අතහරින්න හිතාගත්ත. තැන්ක්ස් මලේ. කොහේ හිටියත් මොන දේ කලත් කරන දේ හරියට කරන්න හදවතින් හැඟීමෙන් යුතුව කරන්න කවදාවත් වරදින්නේ නැහැ. ජයෙන් ජය!
ReplyDeleteහ්ම්ම් ඇත්ත කෝප වෙන සුළු කෙනෙක්ට වඩා කූල් එකේ ඉන්න අයට තමා ගොඩක් කට්ටිය කැමති
Deleteස්තුතියි අයියා
ක්ෂණික කෝපය පටන්ගන්නෙ මෝඩකමෙන් අවසන් වෙන්නෙ සිත්තැවුලෙන්. වෙනස් විදියක කතාවක්. බොහොම ආසාවෙන් කියෙව්ව.
ReplyDeleteබොහොම ස්තුතියි රාජ් සහෝ
Deleteවදින්න ගහලා තියෙන්නේ.. මගේ ඔය ගතිය තිබ්බා ඒත් දැන් එහෙම නෑ. දැන් කේන්ති ගන්න එක පාලනය කරනවා. තරහා නොගෙන ඉන්නමයි බලන්නේ.
ReplyDeleteතමන්ගේ වරදක් හදාගන්න පුළුවන් කියන්නේ ලොකු දෙයක්
Deleteඒ වගේ අයට තමා මිනිස්සුත් කැමති.තීරණය ඔබ සතුයි ඔබ ප්‍රියජනක පුද්ගලයෙක් වෙනවද එහෙම නැත්තන් අප්‍රිය ජනක පුද්ගලයෙක් වෙනවද කියන එක
Deleteකඳුළු ආවේ නැ කිව්වොත් ඒක බොරුවක්.. හිතට හොඳටම දැණුනා. මට තව කතාවක් මතක් වුනා ඔය වගේම..
ReplyDeleteතාත්තා කාර් එක හොදන ගමන් දකිනවා පුතා කාර් එක පිටි පස්ස හූරනවා. ඒක දැකපු තාත්තට හොඳටම කේන්ති ගිහින් ළමයාගේ ඇඟිලි වලට ගහනවා වාහන වල ඇණ ගලවන්න තියෙන මිටියකින්. ඒකෙන් ළමයගේ ඇඟිලි වලට හොඳටම තුවාල වෙනවා.. තාත්තා පස්සේ කාර් එක පිටි පස්සේ ලමයා කුරුටු ගෑවේ මොනාවද කියලා බලනවා. ඒකේ තියෙන්නේ "මම තාත්තාට ගොඩාක් ආදරෙයි" කියලා.. ඒත් එතකොට පරක්කු වැඩියි.
ඔය කතාව වෙන්න ඇති උඩ මධුරංග අයියා කියලා තිබ්බේ ඔය වගේ වෙළඳ දැන්වීමක් වගේ එකක් මම ටීවී එකේ දැකලා තිබ්බා.
Deleteමට ඕක දැක්කම මතක් උනේ මුගටිය මරලා දාපු බමුණාගේ කතාව.
ReplyDeleteඅපි කොච්චර නම් දේවල් කරනවද පොඩ්ඩක් හොයල බලන්නේ නැතුව.....?
ඒත් එහෙම හොයද්දි වෙන්න ඕන දේ වෙලා ඉවරයි. හේතුව තම ඉවසන්න පුරුදු වෙලා නැති කම හා තමාගේ මතය වඩා නිවැරදියි සිතීම.. (සුදාගේ පඬි ටෝක් )
එහෙමයි සුදා මල්ලි වහන්ස :)
Deleteඑල මිත්‍රයා
ReplyDeleteජය
තෑන්ක්ස් මචෝ
Deleteසීරියස් දුක හිතෙනවා මචන්
ReplyDeleteකමෙන්ට් කරන්න හිටියේ ෆොන් එකෙන් බලපු වෙලාවේ අද සිංහලෙන්ම කමෙන්ට් කරන්න හිතලා නිකන් හිටියා
ස්තුතියි මචං දෙවෙනිපාරටත් ඇවිත් කොමන්ට් කරලා ගියාට
Deleteඅනියම් සම්බන්දතා, බීමත්කම මේ ඔක්කොම වැඩිහිටියන්ගෙ වැරදි. අසරණ වෙන්නෙ පොඩි උන්.
ReplyDeleteසමහර දේවල් වලට හේතු හොයන්න අමාරුයි සහෝ
Deleteඅන්තිම දෙබසට පට්ටෙට දුක හිතුනා මචන්
ReplyDeleteදෙමව්පියෝ තමන් හැමතිස්සෙම හරි කියල ළමයින් කියන දේවල් කනකට නොගෙන ඉන්න ගියාම ඔහොම වෙනවා
ඔව් බං අපි වුනත් කාට හරි බනින්න කලින් හොඳට හොයලා බලන්න ඕන
Deleteඅන්තිම හරියෙදි ඇස්වලට කඳුලුත් ආව මල්ලි.
ReplyDeleteඑහෙනම් මම සාර්ථකයි අක්කා
Deleteඅනේ මටත් කදුලු ආවා ගොයියෝ...ඒ පොඩි එකා මම කියලා හිතාගෙනයි මම කථාව කියෙව්වෙ...මේ වගේ තාත්තා කියන වචනෙට අවමන් කරන තිරිසන් තාත්තලා ඕනෑ තරම් මේ සමාජයෙ ඉන්නවා... අනේ උන්ට දැන්වත් ඇස් ඇරෙනවා නම්....
ReplyDeleteතමන්ගේ දුවවම දූෂණය කරන පව් කාරයෝ ඉන්න රටක් ඒත් ඒ අතර තම ළමයින් වෙනුවෙන් පණ දෙන්න වුනත් ලෑස්ති තාත්තලා ඉන්නවා
Deleteමමයි ,හාමිනෙයි බොහොම ආසාවෙන් එකතුකරපු වටිනා වීදුරු බඩු ටිකක් තිබුණ. දවසක් අවුරුදු 6 වුන පුතා කොස්සක් අරන් යද්දී මේකෙ රාක්කෙක වැදිලා සෑහෙන බඩුටිකක් කුඩුවෙලා.මම ගෙදර ගිහින් මේකව හොයනකොට කතා නෑ. කාමරයට යනකොට වැදගෙන කියනවා "තාත්තේ මට ගහන්න කමක් නෑ, මම තරහ නෑ මගෙ අතින් කොස්ස වැදුන " (මම සාමාන්‍යයෙන් තරහට ළමයින්ට ගහන්නෙ නෑ) මුව සනසල තිබ්බ.රෑ හිමිහිට මගෙ ලගට ඇවිදින් කියනව " මම මකුළුවෙක් එළවන්ඩ කොස්ස අරන් ගියේ, නංගි හරි බයයි මකුළුවො එනවට".
ReplyDeleteපොස්ට් එක කියවද්දී ඇස් තෙත් උනහම ඇතිවුන මතකයක්
ඔයා ආදරණීය පියෙක් ඒ ගැන හිතලා සතුටු වෙන්න පුළුවන්
Deleteක්ෂණික කෝපය හරිම නරකයි. මගෙ තියෙන ලොකුම වැරැද්දත් ඒක . කොහොම හරි ඒක හදාගන්න ඕනා
ReplyDeleteමම ප්‍රාර්ථනා කරනවා ඔයාට ඒක කරගන්න පුළුවන් වේවා කියලා.මම නම් දැන් කූල් එකේ ඉන්න පුරුදු වෙලා ඉන්නේ
Deleteමම පරක්කු උනා මලේ සොරි වෙන්ඩ ඕන. ඇත්තටම උඹ ලෙසටම ලියනවා. එල..!
ReplyDeleteපරක්කු වෙලා හරි ආවනේ අයියා ඒ ඇති.
Deleteමටත් කේන්තිය නිසා නැති වෙච්ච දේවල් වලට වඩා කට්ටියගේ හිත රිදවලා තියනවා මාරු කතාව බන් පට්ට
ReplyDeleteඅපේ අම්මත් කේන්ති ගියාම කියන දේවල් එයාවත් දන්නේ නැහැ.
Deleteප්‍රමාද වෙලා තමයි ආවේ නිශාන්. ඒත් මේ කතාව කියවද්දී ඇස් වලින් කඳුළු එන්න කලින් හිතින් කඳුළු ගංගාවක් ගලල ඉවරයි. මෙතන ඉන්න තාත්තට ඉඳුරාම වෙනස් තාත්තා කෙනෙක් මම. මගේ ලැප් එකට දුව අතින් වතුර ගියා. මම ඒක හදන විදියක් ගැන හිතුව මිසක් එයාට වචනයක් වත් කිව්වේ නෑ. දවස් කීපයක් යද්දී ඒක හැදෙන පාටක් නැති වෙනකොට කෙල්ල එයාගේ පර්ස් එක අරන් මගේ ගාවට ඇවිත් කියනවා මේකේ තියෙන සල්ලි වලින් හදන්න කියල. දඬුවමට වඩා දෙයක් කරන්න පුළුවන් ඒ විදියට.
ReplyDeleteඒ කතාවත් ඇත්තටම මට හිතට වැදුනා.
Deleteකතාව හිතට වැදුනා එකෙන්ම ...සුපිරි ..!!!
ReplyDeleteතෑන්ක්ස් සහෝ :)
Deleteමේ ලෝකේ ගොඩක් දෙනෙක් ඉන්නේ ඔහොම අගක් මුලක් හොයන්නේ නැතුව බෙරිහන් දෙන අයනේ නේද?
ReplyDeleteඇත්තෙන්ම ඔව්
Deleteලස්සනයි මල්ලි...
ReplyDeleteඇත්ත කතාවක්ද????
මගේ පොඩ්ඩා කොහොමත් ලස්සනට ලියන්න දන්නවනේ...
ඇත්ත කතාවක් නෙමේ අක්කා.
Deleteකෝ ඉඳලා හිටලා නේ එන්නේ,
ඉක්මන් තීරණ ගන්න එකේ ආනිශංස තේරුනේ ඊයෙ පෙරේදනේ...
ReplyDeleteපස්සේ පසු තැවිලි වෙලා ගිය දේ අයේ ගන්නය..
පස්ට පෝස්‍ටුව ඈ...
ඒක ඇත්ත මාමේ
Deleteකොමෙන්ටුවට ස්තුතියි.
නියම කතාව මචං...ඇත්තටම හිතට වදිනවා ගොඩාක්.......
ReplyDeleteතෑන්ක්ස් මචන්
Delete