Monday, April 23, 2012

28 අමතක නොවන බයිසිකල් රයිඩ් එක


අපේ ගෙවල් පිටිපස්සේ තියෙනවා වාහන නොයන අඩි 20ක් විතර පළල පාරක්,මං ඊයේ උදේ අපේ කුස්සියේ පැත්තේ එලියට 
වෙලා තේ එකක් බිබී ඉන්නකොට මං දැක්කා පිටිපස්සේ පාරේ ගේක ඉන්න අක්කා(වයස 37ක් විතර) කෙනෙක් බයිසිකලයක් 
පදින්න පුරුදු වෙනවා.මට ඕක දැක්කම මතක් වුනේ ටැමිල් ෆිල්ම් එකක සිංදුවක් ඒකෙත් නිළිය ඔන්න ඔහොම බයිසිකලේ පැද පැද 
සින්දුව කිය කිය තමා හිටියේ.





ඔය පාරේ කෙලවරේම ගෙදර නංගි කෙනෙක් ඉන්නවා අනේ ඉතින් මේ කෙල්ලටත් හරි විසේ,විසේ කිව්වේ දාංගලේ තාම පොඩි 
එකෙක් වගේ තමා.මං දැක්කා අර අක්කාගෙන් බයිසිකලේ ඉල්ලන් නංගිත් වටයක් පදිනවා,අක්කා කෙනෙක් වගේ නෙවේ නංගි 
කෙනෙක් බයිසිකලයක් පදිද්දී පොඩ්ඩක් ඔලුව දාලා බලන්න එපැයි.ඉතින් මාත් පොඩ්ඩක් ඔලුව දාලා බලලා පිටිපස්සේ ගේට්ටුවත් 
ඇරගෙන පාරට බැස්සා.එවෙලේ නංගි මගේ ගාවින් ගියා යන්තං වගේ මා දිහා හොර ලුක් එකක් දාගෙන පොඩි හිනා පොඩ්ඩකුත් එක්ක,
මාත් ඉතින් මල් වගේ ලපටි නොවුනට ගල් වගේ රළු වුනාට අක්කාගෙන් බයිසිකලේ වටයක් ඉල්ලුවා හරියට පොඩි එකෙක් යාලුවගෙන් 
හොටු පිහිදන්න ලේන්සුව ඉල්ලනවා වගේ

අක්කේ මටත් වටයක් දෙනවකො!


අක්කා මට බැහැ කියන්නේ නැහැ කියලා මං දන්නවනේ.ඔන්න නංගි බයිසිකලේ ගෙනල්ලා දුන්නම මං අරන් පැද්දා ඔය පාරේ, 
පලවෙනි වටේ ගිහින් දෙවෙනි වටේදී පොඩි වීල් පාරක් දාගෙන,තව තව පොඩි වැඩ කීපයක් දැම්මා නංගිටත් පේන්න එක්ක
ඔහොම ඔහොම වට ගහලා නංගි ගාවට ගිහින් අඩගැහුවා වටයක් දාන් යන්න නංගිත් එක පයින් කැමති වුනානේ.
මට මාරම හැපී ඉදලා ඉදලවත් ස්වීප් ටිකට් එහෙකින් 20ක් ඇදුනා වගේ,


මං ඉතින් නංගිවත් දාගෙන බයිසිකලේ ගියේ හරියට රොෂාන් රණවන පූජා උමාෂන්කර්ව දාගෙන අර ''ජිවිතේ හරි සුන්දරයි'' සින්දුවේ
වගේ ඔහොම ගිහින් අපේ ගේ ගාවින් යද්දී මෙන්න බොලේ අපේ අම්මා කුස්සියේ ඉදන් මං දිහා බලන් ඉන්නවා 
මහින්දව දැක්ක සරත් ෆොන්සේකා වගේ.මං අම්මා දිහා බැලුවේ සරත් ෆොන්සේකාව දැක්ක මහින්ද වගේ හරියට වැරද්දක්
කරපු එකෙක් වගේ,ඊට පස්සේ මං අම්මා දිහා බලාගෙන මගේ සුදු දසන් පෙන්වලා හිනා වුනා ඉහි..හිහි ගාලා සිග්නල් ඇඩ් එහෙක
රගපාන නළුවෙක් වගේ. 


එහෙම හිනා වේගෙන වැඩි දුර යන්න හම්බුනේ නැහැ දඩොස් ගාලා සද්දයක් ඇහුනා නංගියි මායි බිම සයිකලේ අපේ ඇග උඩ 
හරියට ගිරිපුර වැසියෝ එකේ ගල්පාත කාර් එක හප්පගත්තා වගේ.නංගි ආ.......ව් කියලා කෑගැහුවා අක්කා දුවන් ඇවිත් අනේ 
මගේ සයිකලේ කියලා සයිකලේ උස්සලා අරන් මොකක්ද නට් එකක් අල්ලාගෙන කරනවා නංගි අමාරුවෙන් නැගිටලා වැලමිට 
අතගගා ගියා පව් ඈ,උඩ පැනලා කැච් එකක් අල්ලපු ප්‍රදීප් රංගන වගේ මං බිම එහෙමම ටික වෙලාවක්  හිටියා ඉන්ඩ ඉන්ඩ ආසයි
ඒත් කස්ටිය බලනවනේ ලැජ්ජයි වගේ.මාත් දනගහලා වැටක් අල්ලන් කෙලින් වුනා හරියට ඩෝප් වෙලා වැටිච්ච බේබද්දෙක් වගේ
මං සුදු ඇදුම් අදින්නේ තද වෙන්ඩම නිල් දාලා ඒත් කලිසමෙත් මඩ "සුදු කලිසමේ ඇයි මඩ ගෑවුනේ දැන්නම් ඉතින් අම්මා බනියි" 
ඒත් අම්මා බැන්නේ තියා ඒ ගැන මුකුත් අහුවෙවත් නැහැ


කෝම හරි හවස මගේ යාලු ෆිට් අයියා කෙනෙක් මට කතා කරා උන්ගේ මාමා කෙනෙක්ගේ ගෙදර පාටියකට යන්න මාත් ඉතින් ගියා
 ඒ මාමාව මං ටිකක් දන්නවා මොකද ඒ යකා අපේ ගෙවල් පැත්තේ එනවනේ,ඒ මාමගේ ගෙදරත් ඉන්නවා නංගිලා දෙන්නෙක් නංගි 
කිව්වට එක්කෙනක් අක්කා කෙනෙක්ද කොහෙද අනේ ඉතින් මට මොකටද  අක්කා වුනත් නංගි වුනත් ඒත් මං නිකන් හෙන ඩීසන් පොර 
වගේ හිටියේ කට්ටිය වීදුරුවලට වක් කරගද්දී මං ඩීසන්ම විදියට පැය බාගෙකට වතාවක් පොඩ්ඩ පොඩ්ඩ තමා දාගෙන බිව්වේ හරියට අරක්කු 
නෙවේ තිත්ත බෙහෙත් බොනවා වගේ සහ මීට කලින් කටේ තියලා නැහැ වගේ.අරුන් ටික හෙන කතාව මං ඉතින් අලුතෙන් ආපු එකානේ
මං මොනවා කතා කරන්නද මං උන්ගේ කතා අහගෙන බොරුවට හිනා පාරක් දාගෙන හිටියා බන්දුල ගුණවර්ධන වගේ


එතැන හිටියා තව මං දන්න එකෙක් මූ එක පාරට මගෙන් අහපි නිශාන් අද කෙල්ලෙක් බයිසිකලේ දාගෙන ගිහින් වැටුනලු නෙහ් කියලා
සික් අර නංගිලාටත් ඇහිලා එක පාරට ඉරෝෂයි නිරෝෂයි වගේ හැක හැක හැක හිකිස්‌  ගාලා හෙන හිනාවක් දැම්මා,මං එවෙලේ 
ලැජ්ජාවේ ඇඹරුනේ හරියට අනර්කලී වගේ.බෙබේ සෙට් එක හිනා වුනේ හරියට යාල්දේවි කෝච්චියේ ගැලවුණු පෙට්ටි දෙක ආයේ
කට්ටිය එකතු වෙලා එකතු කරා වගේ මං අනර්කලී වගේ ඉදලා ගීතා කුමාරසිංහ වගේ උන් දිහා රවලා බැලුවා


රෑ වෙලා අපි එහෙන් ආවා ගෙදර, මං ගෙදර ඇවිත් අර ගෝල්ඩ් ෆිෂ් වගේ අල්ලපු ගෙදර අක්කාගේ අත නම් අත ගෑවේ නැහැ.මං 
අම්මට කතා කරා අම්මේ බලන්නකෝ අම්මේ අර උපුලා මගෙන් අරම ඇහුවනේ,අම්මා ආහ් ඔව් ඔව් උදේ මං දැක්කා
 *******ලාගේ(අර නංගිගේ තාත්තගේ නම ඈ) ගෙදර උදේ උපුල් මලයා ඇවිත් ඉන්නවා.


මූ එහෙනම් එහෙමයි ඒක දැනගෙන තියෙන්නේ කියලා මං දැනගත්තා,හිතට පොඩි බයකුත් ආව *******
අංකල් මට ටි 56කින් වෙඩි තියයිද මන්දා කියලා මොකද පොර ආමි එකේනේ.එවෙලේ මං හිතට ගත්තා ආයේ කෙල්ලෙක්ව 
බයිසිකලේ දාගෙන යද්දී අම්මා නෙවේ දෙවියෝ පාරේ හිටියත් හිනා වෙන්නේ නැතුව ඉස්සරහා බලාගෙන යනවා කියලා.

28 comments:

  1. මලේ මලු බං..

    ReplyDelete
    Replies
    1. ලොල් තැන්කු තැන්කු වෙල්කම් ඈ

      Delete
  2. නියමායි මතන් එල එල

    ReplyDelete
  3. හපොයි!!! මදෑ වැටිලා බේරුනා.. :-)

    ReplyDelete
    Replies
    1. ඊට වඩා වෙන්න දෙයක් තිබ්බද?
      හෑ?

      Delete
  4. හරියට බයිසිකලේ පදින්න බැරි එකෙක්ද බං උඹ? ඉල්ලගෙන කාඩ් කුඩුකරගන්නව කියන්නෙ ඕකට.

    ReplyDelete
    Replies
    1. අම්මා දිහා බලන් ගිය හන්දනේ බන් වැටුනේ නැත්තන් මං වැටෙන්නේ නැහැ කරුමේ තමා සික්

      Delete
  5. නියමයිනේ බන් මගේ තරහකාරියෙකුත් ඉන්නවා බයිසිකලේ වටයක් පදහන්කෝ එයාව දාගෙන

    SHaNAka

    ReplyDelete
    Replies
    1. අනිවා අනිවා මාත් හරි ආසයි තරහාකාරියෝ දාගෙන බයිසිකල් පදින්න :)

      Delete
  6. ඔය පැද්දිල්ල ඔතනින් නවත්තන්ඩ එපා.. වැටෙන්ඩ වැටෙන්ඩ නැගිටින්ඩ ඕනා..

    ReplyDelete
    Replies
    1. පිස්සුද බන් මං දිගටම පදිනවා :D

      Delete
  7. වගේ කීයක් වගේ ලියල තියෙනව වගේ ද?

    ReplyDelete
  8. නව යොවුන් කතාවට පසුබිමින් දේශපාලන කතාවකුත් යනවනෙ.

    වීල් කරන්න පුලුවන් එකා රෝද දෙකෙන් යද්දි වැ‍ටුන එකනෙ වැඩේ!!

    henryblogwalker the Dude

    ReplyDelete
    Replies
    1. අම්මා දිහා බලන් යද්දී රෝදේ ගලක් උඩින් ගිහින් නොවැ වැටිලා තියෙන්නේ. :)

      Delete
  9. දැන්වත් ඉගෙනගත්ත නම් මදෑ... ;)

    ReplyDelete
    Replies
    1. :D ඕවා හොද පාඩම් නේ?

      Delete
  10. ඇති ඔයිං ගියා...!!,

    ReplyDelete
    Replies
    1. හොම්බ කට කඩාගන්නේ නැතුව නෙහ්හ්? :D

      Delete
  11. අඩේ මූ කතාව අස්සේ මටත් මඩක් ගහලා නේද...

    මං බලපු ෆිල්ම් එකක කෙල්ල කියනවා, කොල්ලගේ ඇඟ උඩ වැටුනම "සොෆ්ට් ලෑන්ඩින්" කියලා... නංගි උඹට කොහොමද කිව්වේ...?

    ReplyDelete
    Replies
    1. මඩක් ගැහුවේ නැහැ බන් සිරා කතාව කිව්වේ :D

      නංගි මුකුත් කිව්වේ නැති එකයි අවුල නිකන්ම ගියානේ.:/

      Delete
  12. හිටගෙන නංගිගෙ පිටට හේත්තු වෙලා පැද්දෙ නැතැයි.. :)

    ReplyDelete
    Replies
    1. :D වල් ඒවාමයි මතක් කරන්නේ

      Delete
  13. නිශාන්ගේ අර්‍මමා හරි හොද අර්‍මමාකෙනෙක්

    ReplyDelete
    Replies
    1. අම්මගේ තරම මං දනී ලොල්
      අටම්පහුර පැත්තෙත් ගොහින් ආවේ සහෝ.දිගටම ලියන්න ජය වේවා

      Delete
  14. හොද වැඩේ බොට ... මනමාල කන් කොරන්න යනවට කෙල්ලෝ එක්ක... හිකිස්

    ReplyDelete
    Replies
    1. :O නැහැ බන් මං සහෝදර ප්‍රේමයටනේ බයිසිකලේ දාන් ගියේ නංගිව :)

      Delete

හිතට දැනුන පුංචි දේ හරි කියලා යන්න ඒක මට ශක්තියක්.යාලුවනේ ඔයාලට බ්ලොගර් ප්‍රොෆයිල් එකක් තියෙනවා නම් වෙලාවක් තියෙනවා නම් තවමත් ෆලෝ කරලා නැත්තම් ෆලෝ පාරකුත් දාලා යන ලෙස ඉල්ලා සිටිනවා!