Monday, June 11, 2012

74 කොටු නොපැන්න වැට මාර වැට!

සමහර මිනිස්සු කොටු පනින්නේ වැට වල් වලින් ඒ වැට පනින මිනිස්සු අහුවුනොත් ගෙදර මිනිහා උන්ට ගහන්න පොල්ලක් කඩාගන්නෙත් වැටකින්.ඒ අතරේ සමහරු අම්බානක ලෙස වලි දාගන්නේ වැටවල් නිසා තවත් සමහරු වැටවල් ඇවිද්දවන්නේ අල්ලපු ගෙදර අය ගෙදර නැති වෙලාවට.ඒ වගේ නොයෙක් දෙනා අතරේ මං වගේ වැට වල් ගැන ලියන එකෙක් දෙන්නෙකුත් ඉන්නවා.



ඒත් මම ලියන්නේ වැටක්  ගැන හිතුන දුකක් හැබෑටම කුනුහබ්බයක් වගේ තමා මොකද වැටවල් ගැන දුකක් හිතුනේ වැටක් ඇවිද්දවන්න බැරි වෙලාවත්ද කියලා සමහරක් අයට හිතෙයි.ඒත් එහෙම දේකුත් නෙමේ වෙලා තියෙන්නේ.


අපේ මතකයන් අතරට ගොඩක් ලංවෙච්ච දේවල් ඈත් වෙද්දී සමහර අය අඩනවා බ්ලොග් කාරිනියක් නම් බ්ලොග් එකේ නිසදෙසක් ලියනවා තවත් සමහරු ඒ මතකයන් අමතක කරන්න බැරුව ඒක මත්තෙම නැහෙනවා.ඒත් මම අද කරන්නේ එහෙම නැති වෙන දෙයක් ගැන පොඩි සටහනක් ලියනවා විතරයි.


මම දැන් ඉන්න ගෙදරට පදිංචියට ආවේ 2000 අවුරුද්දේ,අපි ගෙදරට ආපු දවස් වල අල්ලපු වත්තත් අපේ වත්තත් අතර වෙන්වීම පෙනෙන්න අපේ තාත්තා ගැහුවා වැටක් ගිනි සීරියා නොහොත් වැට මාර වලින් වැටක්.පොඩි පොඩි අතු ටිකක් ගෙනත් හිටෙව්වා හරි කෙලින් පේලියට.ඒවා යා කරලා හරස් අතටත් බැන්දා වැට මාර අතුම තියලා.


කාලයක් යද්දී ඔය අතු දළු දාලා ඉහලට ආවේ පොළොවට මුල් ඇදලා එයාලත් පදිංචියට අලුත් ගේකට ආවා වගේ.ඔය කාලේ මට අවුරුදු 8ක් විතර ඇති.


මට අවුරුදු 10ක් විතර වෙද්දී ඔය වැටේ වැට මාර ගස් හොදට පැලවෙලා පොළොවට තදින් හයි වෙලා තිබ්බේ.මම ෂර්ලොක් හෝම්ස් පොත් කියවලා එක එක රහස් පරීක්ෂක වැඩ කරෙත් ඔය ගස් අස්සෙම තමා.ඕවයේ අතු වැවෙන්න වැවෙන්න අපේ තාත්තා අතු කැපුවා.ඒත් අතු වැවිලා තියෙද්දී ගේ පිළිකන්නට හොද හෙවනක් දුන්නා ඔය ගස් ටික.


මට අවුරුදු 12ක් විතර වෙද්දී ඔය අත්තකින්ම කපා ගත්තා වයි අකුරේ හැඩේට තිබ්බ අත්තකින් තමා මං කැටපොලු හදාගත්තේ.ඔය ගස් උඩම නැගලා පාරේ යන කොල්ලන්ට පුංචි ගල් වලින් විදලා ගහේම එල්ලිලා ඉන්නවා හැංගිලා.දවසක් පාරේ ගිය අන්කල් කාරෙක්ට මම විසින් විදපු ගලක් වැදිලා මට නඩු ගොඩකුත් වැටුනා.


ඊට පස්සේ මට අවුරුදු 14ක් විතර වෙද්දී ඔය ගස් වල මගේ නමයි හාට් එකකුයි තව කාගේ හරි නමකුත් ලියවෙන්න ගත්තා.ඒවා ඉතින් වන් මෑන් ෂෝ විතරයි.නිතර නිතර දකින ගෑනු ළමයා යාලු වෙයි කියලා තමා ඒ දවස් වල හිතෙන්නේ.කාලෙන් කාලෙට එක එක නම්.


ඒත් හැමදාම මගේ නමයි හාට් එකකුයි නම් තිබ්බා ස්ථීරෙන්ම අනිත් නම් තමා මාරු වුනේ නිතරම දැනටත් මගේ නමයි හාට් එකකුයි තාමත් සමහර ගස් වල කඳන් වල යන්තම් වගේ තියෙනවා අනිත් ඒවා නම් නිතර නිතර හූරලා නිසා දැන් පේන්න නැහැ.ඒත් අදට වුනත් මගේ නමයි හාට් එකටයි පස්සේ ලියන්න නමක් නැහැ.


මට වයස 16ක් විතර වෙද්දී යාළුවො එක්ක හොරෙන් සිගරට් බීලා පුරුද්දට ගිහින් ගෙදරදීත් අම්මට හොරෙන් ගේ පිළිකන්නට ගිහින් ඔය ගස් වල හෙවනට වෙලා පොතකුත් අරන් ගිහින් යන්තම් හමන හුළගේ පොත කියවනවා වගේ සිගරට් බොනවා.මම පුංචි කාලේ ඉදන්ම ඔය ගස් අස්සේ ඉන්න නිසා අම්මට මං ගැන හොයන්න තරම් දෙයක් තිබ්බේ නැහැ ඔය ගස් අස්සේ.


හැබැයි මම සිගරට් බොන්න විතරක් නෙවේ හිතට මොකක් හරි අමුතු සිතුවිලි පහල  වුනාමත් ඔය ගස් අස්සට ගිහින් කලින් කිව්වා වගේ යන්තම් හමන සුළගේ ගහකට හේත්තු වෙලා කල්පනා කර කර ඉන්නවා සමහරක් වෙලාවට පැය ගණන් ඉන්නවා.අම්මා බැන්නමත් මම ඔය වැඩේම කරනවා අම්මා ඒකත් දන්නවා.


ඊට පස්සේ වයස 18ක් විතර වෙද්දී මං ඔය ගස් වලට ඈත් වුනා මොකද මම ෆිල්ම් වලට ඇබ්බැහි වුනා.ක්‍රිකට් මැච් වලට ලොල් වුනා කොම්පියුටර් එක නිසා වෙලාව නැති වුනා වගේ දේවල් නිසා.ගෙදර ඉන්න වෙලාවට මට කරන්න ගොඩක් දේවල් තිබ්බා ඒක නිසා ගස් අස්සට වෙලා ඉන්න මට වෙලාවක් තිබ්බේ නැහැ.


අතු වැවෙන්න වැවෙන්න ඒවා කපන එක දැන් මට බාර වෙලා නිසා ඒවා කපන්න මාස තුනකට හතරකට පාරක් තමා ඔය ගස් අස්සට යැවෙන්නේ.ඒ යන වෙලාවට මට අර පරණ අතීතය මතක් වෙනවා.අනේ මගේ ළමාවිය වැඩියෙන්ම ගෙවුනේ මෙතන නේද කියලා හිතිච්ච වෙලා ඕන තරම් තිබුනා.


ඒත් ටිකින් ටික නාගරියකරණය වෙන අපේ රටේ කොන්ක්‍රීට්කරණය නිසා මගේ ළමා වියේ මතකයන් රැගත් මේ වැටද  එහෙම්පිටින්ම මරලා දාන්නයි දැන් අල්ලපු ගෙදර කට්ටිය සූදානම්.වැට ගලවලා එතනට සිමෙන්ති ගල් වලින් තාප්පයක් ගහන්නයි හදන්නේ.එහෙම කරාම මං ඔය ගස් අස්සේ කරපු රහස් පරීක්ෂක වැඩයි,කැටපොලු වලින් කොල්ලන්ට විදපු ඒවයි,මං වන් මෑන් ෂෝ නිසා ගස් වල එක එක ඒවා කොටපු දේවලුයි,හොරෙන් සිගරට් බීපු ඒවයි,පොත් කියවපු ඒවයි,අම්මා බැන්නම ඔතන හොරෙන් අඩපු ඒවයි,පොත් කියවපු ඒවයි ඔක්කොම මතකයන් නැති වෙනවා.


ඉස්සර ගේ පිළිකන්නේ තිබ්බ සිසිලස,කොයි වෙලාවක ගියත් යන්තම් හමන සුළග,ගෙදරට වැටෙන හෙවන මේ ඔක්කොමත් තාප්පය එද්දිම නැති වෙනවා.ඒත් ඒක කවදාවත් වළක්වන්නත් බැහැ.
මේ වගේ දේවල් නිසා මට ටිකක් දුක හිතුනා මම අනිත් අයට වඩා සංවේදී නිසා වෙන්න ඇති ඒත් මේ ටික මං කාටවත් කිව්වේ නැහැ අඩුම තරමේ අම්මටවත්.අම්මට කොහොමද කියන්නේ මගේ වන් මෑන් ෂෝ ගැනයි හොරෙන් සිගරට් බීපුවා ගැනයි? 


ඒක නිසා මට දැනුන දේ මං මෙහෙම අකුරු කරේ මගේ හිත නිදහස් කරගන්න.


මේ ගස් ආස්සේ මං ආසම පලතුරු ගහක් තියෙනවා ඒ තමා කටු ආත්ත නොහොත් අනෝදා


ගෙඩියකුත් ඔය තියෙන්නේ දිලිසි දිලිසි මං ෆොටෝ එක ගත්ත වෙලේ.ඒත් මේකටත් බඩු හරි තාප්පේ ගහද්දි.

74 comments:

  1. අපරාදේ නං තමයි.. ඒත් උබේ මානුශීය ඉල්ලීම් ටික ඉදිරිපත් කරල අර මිනිස්සුන්ට කිව්වනම් වැට ගහන්න එපා කියල.. උන් උබව අල්ලලා වැටට තියල ගැට ගහල ගෙදර අයටකියනව බොට පිස්සු කියලා...

    මේ අතන කලේ අර කියපු වැඩ විතරමද... වෙනමොකුත් කලේම් නැද්ද හා.....
    මට නිකං මොකද්දෝ වැඩක අඩුවක් දැනෙනවා දැනෙනවා වගේ

    ReplyDelete
    Replies
    1. ඒ මිනිස්සු දන්නවා බන් මට පිස්සු කියලා :)

      ඔව් ඔව් එතන ඒවා විතරයි කරේ වෙන මුකුත් නැහැ
      උබලගේ වල් හිත් :D

      Delete
  2. අනෝදා ගෙඩියනං දැකලා පුරුදුද මන්දා... :-)

    සුභ වේවා!! රාජ සම්පත් ලැබේවා!!!

    ReplyDelete
    Replies
    1. කෝකටත් මං ඕක අදම කඩලා ගෙයින් තියනවා :)

      Delete
  3. ලස්සනට උඹ ලියලා තියනවා. මටත් පේනඩ බැරි වැඩක් තමා ගස් කපන එක. මමත් හිතන් ඉන්නෙ අපේ වැට අයිනෙ ඔය වගේ වන වගාවක් දාන්න.

    ඉතින් බන් අල්ලපු ගෙදර උන්ට කියපන්කො උන්ගේ පැත්තෙන් තාප්පෙ ගහගන්ඩ කියලා උබලෑ වත්තෙ තියන ගස් කපන්නැතුව. උඹලට ඕකට විරුද්ද වෙන්ඩ විදිහක් නැද්ද ?

    ගස් කපන උන් බංග වේවා !!!

    ReplyDelete
    Replies
    1. උන් එක්ක කතා කරලා වැඩක් නැහැ බන් උන් හෙන මරුමුස්ලා.උන්ට ඕන තාප්ප ගහගෙන වට කරගෙන ඉන්න.එකම මායිම නිසා උන්ට එහායින් තාප්පේ ගහන්න කියන්නත් බැහැනේ :(..

      Delete
  4. සම්පූර්ණ ඇත්ත සහෝ..,ඔයවගේ දේවල් සංවේදී හිතකට ටිකක් දරාගන්න අමාරුයි තමයි...තමන්ගේ ජීවන සුවඳත් එක්ක ඒකාත්මික වුන දේවල්නෙ.
    අපිට කොහේ ගිහින් ආවත් තමන්ගෙ කාමරයට වැදිල නිදාගැනිල්ල තරම් සුවයක් කොහිද..?.මේකත් ඒවගේ...!!!

    ReplyDelete
    Replies
    1. ඔයාට තේරුනා සහෝ
      ඒක තමා ඇත්ත,නැත්තම් මටත් ඕක ගානක් නැහැ..

      Delete
  5. බොහොම ලස්සන මතකයක් අවධිකරල තියෙන්නෙ. මොනව කරන්නද! එක එක්කෙනාගෙ කැමැත්තනේ. ගස්ටික කපලා දාල තාප්පයක් බැන්ද කියල අමුතුවෙන් සෙතක් වෙනවද.යනකොට මේව අරගෙන යනවද. ඕන නං රස්නෙ ටිකක් වැඩි වේවි. ගස්වල අගය මම හොඳට දන්නව. අපේ ගෙදර ගස් තියනව පුදුම විදියට. අම්ම නං කැමති නෑ මිදුල අතුගාන්න අමාරු නිසා. ඒත් රස්නෙ පලාතක ඉන්න අපිට ගස්වලින් ලැබෙන කූල් ගතිය මිල කරන්න බෑ.

    ReplyDelete
    Replies
    1. එක එක මිනිස්සු එක එක විදිහයි තමා නැත්තම් ඔය ගස් ටිකෙන් ඒ මිනිස්සුන්ටත් හෙවනක් ලැබෙනවා ඒත් එයාලට ඕන වට කරගෙන ඉන්න.අපිට ඒකට මුකුත් කියන්නත් බැහැ.

      Delete
  6. මිනිසුන්ට ගස් වල අගේ දැනෙන්නෑ තව. ජය වෙවා ඔන්න.
    යාලුවා ඔයාගේ Profile එක බලන්න බෑ (profile Not Available කියලා වැටෙනවා)(කමෙන්ට් එකක් ක්ලික් කරලා යද්දී) පොඩ්ඩක් ඒක බලන්න. ඔයා Block කරලනම් අවුලක් නෑ.

    ReplyDelete
    Replies
    1. දැනුත් එහෙමද බලන්න සහෝ?.

      Delete
  7. මමත් ගස්වලින් ලැබෙන හෙවනට සිසිලසට හරිම කැමතියි. ගස් කපලදාන එවුවො මටත් පේන්න බෑ. ගහක කොළයක අගය දන්නෙ නැති එවුන් පොළොවෙ පය ගහල ජීවත් වෙනවුන් නෙවෙයි.

    ReplyDelete
    Replies
    1. සහතික ඇත්ත මචෝ අපරාදේ අවුරුදු 12ක් පරණ ගස් :(

      Delete
  8. මමත් කැමතිම නැති වැඩක් අයියේ ඔය ගස් කපන එකට නම්..ඒ වුනාට මිනිස්සුන්ගේ මොළගෙඩි වලට තේරෙන්නෙම නෑනේ ගස්කපන එක නරක වැඩක් කියලා..අයියට නම් තියෙන්නේ ඇත්තටම ලස්සන සුන්දර මතකයක් තමයි ගස් ටිකත් එක්ක..ඒ වුනත් ඉතින් මොනවා කරන්නද..? දුක් වෙන්න එපා ගස් නැතිවුනත් මතකය ලග තියනවනේ....

    ReplyDelete
    Replies
    1. ඔව් නංගි කිසි කෙනෙක් කැමති නැහැ ගස් කපනවට ඒත් අනේ මන්දා

      Delete
  9. Anoda Nam Math Kanna Asai Ane..:)

    Thawamath Namata Eha Paththen Liyanna Akurak Naha Kiwwane..Ithin Hadissi Wenna Epa.. Akurak Dagaththahama Akath Karadarai Welawakata :)

    ReplyDelete
    Replies
    1. ඔය අනෝදා ගෙදිය් ඉදුනම ඕන්නම් ඔයාටත් කෑල්ලක් දෙන්නම් :)

      අකුරු ගැන ගොඩක් දේවල් දන්නවා වගේ :)

      Delete
  10. පොඩි කාලෙ මතකයන් සෑහෙන සුන්දරයි නේද?මටත් තියෙනවා ඔය වගේ මතකයන් ගොඩක්. ඒත් දැන් ඉන්නෙ ඒ මතකයන් වලින් ගොඩක් ඈත.කරන්න දෙයක් නෑ මල්ලි ලෝක ස්වභාවය කියලා හිත හදා ගන්නවා ඇරෙන්න.

    ReplyDelete
    Replies
    1. ඔව් අක්කා ආයේ පොඩි කාලෙට යන්නත් බැහැනේ :(

      Delete
  11. ඒ කියන්නේ නිශානුත් සිමෙන්ති වලට මැදි වෙන්න හදන්නේ... කමක් නෑ බං... ඉඩ තියෙනවා නම් ටිකක් උස යන ගහක් දෙකක් වත්ත ඈතුලේ හිටිව ගනින්. නැත්තං තාප්පේ දිගේ වැල් වවල තවත් තිබුනට වැඩිය පට්ට විදියට උඹට හැංගෙන්න තැනක් හදාගන්නත් ක්‍රම ගොඩයි...

    කල්පනා කරලා බලපං... ඕනේ තරම් ක්‍රම තියෙනවා තාප්පේ වහලා ආයෙම අර ගස් වල සිසිල විඳින්න...

    ReplyDelete
    Replies
    1. ඔව් බන් තව අඹ ගස් නම් තියෙනවා වත්තේ ඒත් මගේ මතකේ....

      බලමුකෝ තාප්පේ ගැහුවම මොනවා හරි කරන්න.

      Delete
  12. ඔය කටු අනෝදා වෙන්ට ඕනෑ... නෝමල් ආනෝදා ගෙඩියෙ කටු නෑ වගෙයි මතක..

    මොනවා උනත් සංවේදි ලියමනක්... කියවන හැමෝවම පුංචි කාලෙට අරගෙන ගියා එක විනාඩියකට... හරිම ලස්සනයි

    ReplyDelete
    Replies
    1. ඔව් සහෝ ඔය කටු ආත්ත තමා

      බොහොම ස්තුතියි ලියමන ගැන සඳහන් කරාට

      Delete
  13. ගස සහ ළමයා කතාව දන්නවද ???

    ReplyDelete
    Replies
    1. හ්ම්ම් කතා කිහිපයක්ම අහලා තියෙනවා මචන් ඔයා කියන්නේ කොයි එකද?
      කියන්නකෝ බලන්න

      Delete
    2. මෙන්න මේක ගැන

      http://www.youtube.com/watch?v=A6DlzpVIjnA

      Delete
  14. අනෝද නන් කන්නත් බෑ ,., මේ අයියේ කෝකටත් එහා ගෙදර උදවියට චන්ඩි පාට් එකක්වත් දාල කියන්න ,.,අඩෝ වැට කැපුවොත් තෝව කපනව කියල,.ලැතකොට කපන්නේ නැතිවෙයි මගේ හිතේ ,.,. මේ අනෝද ගෙඩිය කිලෝ කීයද බන්

    ReplyDelete
    Replies
    1. මං එහෙම කියන්න ගිහින් උන් මාව කැපුවොත් එහෙම ?

      අනෝදා ගෙඩියේ බර තාම කිරුවේ නැහැ කිරලා කියන්නම් :)

      Delete
  15. කොටු නොපැන්න වැට මාර වැට!

    ReplyDelete
    Replies
    1. කොටු පැනීමක් ගැන හිතාගෙන නේද ආවේ? :)

      Delete
  16. ලෝකය වෙනස් වෙනවා... ඒක තමයි හැටි... මොනව කරන්නද නේද? මටත් ඔහොම හිතුනා අපේ ඉස්කෝලෙ ලග බස් ස්ටෑන්ඩ් එක කඩලා අළුත් එක හදද්දි... ඔක්කොම වෙනස් වෙන ලෝකෙ ඕක මොකක්ද කියලා හිත හදා ගත්තා...

    ReplyDelete
    Replies
    1. මට සමානම සිතුවිල්ලක් ඇති වෙලා තියෙන්නේ ඔබට පමණයි වගේ.
      ඔව් සහෝ අපිට කරන්න දේකුත් නැහැනේ

      Delete
  17. ලස්සනට ලියල තියනව නිශාන්. ඇත්තටම අපි පුංචි කාලෙ දේවල් වලට අපි කොයි තරම් නම් ආදරේද. මට තවමත් අමතක කරන්න බෑ, මම පුංචි කාලෙ හිටිය අම්පාරෙ ගෙදර ලඟ තිබුණ එරමිණියා, කරඹ ගස්. තවමත් මට ඒ රස මතකයි.තවමත්, කොහෙ හරි යනකොට නිකම් හරි හිතුණොත් ඒ පැත්තෙ ඒ ගස් තියෙන්න පුළුවන් කියලා , මම කොහොම හරි ඒවා හොයා ගන්න බලනවා.
    2000න් පස්සෙ ඉපදුන ළමයින් ට අපිට තරම් මේ වගේ දේවල් හිතට දැනෙනවාද කියලත් සැකයක් තියනවා.

    ReplyDelete
    Replies
    1. ලස්සනට ලියලා තියෙනවා කිව්ව එකට ස්තුතියි සහෝදරි.
      ඇත්තටම තවත් ඉස්සරහට මේ වගේ දේවල් කියවන්න ලබෙනේනෙත් බ්ලොග් වලින් විතරක් වෙන්න පුළුවන්.

      Delete
  18. බොලව්,,, ගස් ටික තියාන තාප්පේ ගහන්න බැරිද???

    ReplyDelete
    Replies
    1. බැහැනේ එකම මායිමේ නිසා වැට ගලවන්නේ නැතුව එහායින් තාප්පේ බදින්න බැහැ.එහෙම බදිනවා නම් උන්ට සල්ලි දෙන්න වෙයි ඉඩමෙන් කෑල්ලක් අරගෙන

      Delete
  19. This comment has been removed by the author.

    ReplyDelete
  20. ඔය නමටයි හාට් එකයි එක්ක ගහන්න තව අකුරක් ලැබේවා.
    ඉතින් නිශාන්, මට තේරෙනවා ඔයා කියන දේ හොඳට. ඔය වැටවල් තාප්ප සම්බන්ධව ලංකාවෙදි හුඟක් පරෙස්සම් වෙන්න ඕනෙ. වැටක් තාප්පයක් නොගහපු වරදට මම පුදුමාකාර අමාරුවක වැටිලා උසාවිත් යන්න වුනා එක පාරක්. ඒ නිසා දැන් හොඳක් නොපෙනුනත් ඔය තාප්පෙ ගහපුදෙන්. ඒක අනාගතයට හොඳයි. අත්දැකීමෙන් කියන්නෙ.

    අනික ඔයාට පුලුවන් තාප්පෙ ගැහුවට පස්සෙ ඔයාගෙ පැත්තෙන් ආයෙම ඔය ජාතියෙ ගස් ටිකක් හිටවන්න පුලුවන්. ඔය ගස් ජාතිය වැවෙනවා වේගයෙන්.
    අනෝදා මගෙ ප්‍රියතම කෑමක්. කූල් කරලා කන්නයි මම වැඩියෙම ආසා.

    ඒ ගහත් බේරාගන්න විදියක් තියෙනවා. ගහ වටේ ගැඹුරට කානුවක් කපන්න ඕනෙ මුල පස් ඉතුරුවෙන්න. ඊට පස්සෙ ඔතන්න තෙත ගෝනි අර මුල පස් කුට්ටියත් එක්ක ලොකුවට . ගෝනි ඈ, පොලිසැක් නෙවෙයි. ඒක දැම්මම කලෑකි. ඊට පස්සෙ තව යටට හාරලා මුලත් වෙන් කරලා යට පැත්තටත් ගෝනිය ඔතන්න ඕනෙ. එතකොට ලොකු පස් කුට්ටියක් නොකැඩී ගහ මුල ඉතුරු වෙනවා. තාප්පෙ හැදුවට පස්සෙ වෙන තැනකට trasfer කරන එකයි තියෙන්නෙ, හෙමීහිට.

    හැබැයි පු‍තෝ මේක කොන්ද කැඩෙන වැඩක්. ඊට ලේසියි කියලා හිතෙයි අර අඩු අකුර හොයාගන්න එක. නැත්නම් කඩෙන් ගෙනත් අනෝදා කන එක. කම්මැලියන්ට නොවේ.
    henryblogwalker the Dude

    ReplyDelete
    Replies
    1. අනාගතේදී ප්‍රශ්න වෙයි කිව්වේ ඉඩම් නඩු වගේ දේවල් නේද?
      ඔව් තාප්පේ ගහන්න දෙන එක හොදයි තමා.

      අම්මෝ ඔය ගහ බේරගන්නවට වඩා හොදයි කිව්වත් වගේ කඩෙන් ගෙනල්ලා කනවා :D

      Delete
  21. මාත් ඒ දවස්වල මගේ නමයි කාගේ හරි නමකුයි එකතු කිරීමේ ළකුණකුයි දාගෙන කොහේ හරි ලියනවා. ආහ්... අර බුලත් කොලේට ඊතලයකුත් විදලා කොහේ හරි ඇඳගන්නවා !!!

    ReplyDelete
  22. වැට ගලවල බැංකුවෙ දාපන්

    ReplyDelete
  23. අපේ ජිවිතයේ බැදීම් ගහකොළ එක්කත් තියෙනවා කියන්න මිට වඩා නිදසුන් මොකටද ?

    ReplyDelete
  24. වැට මාර..

    අවුරුදු 14 සීන් එක මට වෙලා නැහැ හොදේ..

    තාප්ප ගැහිල්ල හොදයි දැන් කාලෙ හැටියට. අනේ මන්ද බං. වෙනස් කරන්න බැරි දේවල් තියෙනවා කියනවනේ.

    ReplyDelete
    Replies
    1. 14 සීන් එක හැර අනිත් ඒවා කරලා තියෙනවා සෑමත්?
      හ්ම්ම් ඔව් බන් වෙනස් කරන්න බැහැ තමා යම් යම් දේවල්.

      Delete
  25. කාලය වෙනස් වෙද්දි ගොඩක් දේවල් වලට සමු දෙන්න වෙනවා.. අපි පොඩි කාලේ සෙල්ලම් කරපු තැන් දැන් හොයා ගන්නත් නෑ.. එහෙම එකේ මේ වෙනකන් මලයගේ මතක ඉතුරු උන එකත් ලොකු දෙයක්.. ඒත් ඉතින්.....

    ReplyDelete
    Replies
    1. ඒත් ඉතින් ඒකත් දැන් සමුගන්නවනේ නේද? :(

      Delete
  26. වැටක් තියන තැනකට තාප්පයක් ගහන කොට කරන විදිහ තමයි.තාප්පේ ගහන එකාගේ පැත්තෙන් අත්තිවාරම් කානුව කපන එක.තාප්පය ඒඅත්ති වාරමේ කොනට කරලා බදින එක. එතකොට කාටවත් අගතියක් වෙන්නැ. ඒක තමයි සාමාන්‍ය සම්ප්‍රදාය අනිකාගේ වත්තේ අගලක්වත් ගන්න බැ කානුව කපන්න. එහෙම නිවැරදි ක්‍රමයට කලොත් ඔයාගේ ගස්වලට හානියක් නැ.ගැලවෙන්නේ ඒ පැත්තට තියන මුල්ටික වීතරයි.එහෙම කලාට ගස් මැරෙන් නැ.කරනා සියලුම ඉදිකරිම් තම සීමාව තූල සිදුකිරිම තමයි නිවැරදි ක්‍රමය.කතාකරලා බලන්න එයාල ඒක නොදන්නවා නෙමෙයි.

    ReplyDelete
    Replies
    1. එහෙමවත් කරලා බලන්න ඕන අයියා

      Delete
  27. ජීවිතයේ කඩඉම් එක්ක සම්බන්ධ වුනු දෙයක්...බලන්ගියාම ඒ වැට ඔයා ගැන ගොඩක් දේ දන්නවා නේද? යාලුවෙක් වගේ....හරිම සංවේදී බව දැනෙන්නේ.... ලස්සනට ලියලා තියෙනවා මල්ලී...කියවන කොට දුක හිතුනා........

    මම නම් සුළගට එරෙහි තාප්ප වලට කැමතිම නෑ...ඒත් මල්ලි ලෝකෙ වෙනස් වෙන්නේ අපි කැමති විදියට නෙමෙයිනේ...

    ReplyDelete
    Replies
    1. ඒ වැටේ ගසුත් ලොකු වුනේ මා එක්කමනේ අක්කා.

      අපි කැමති විදියට මුකුත්ම වෙන්නේ නැහැ තමා :(

      Delete
  28. ලෝකෙ වෙනස් වෙද්දි අපිටත් වෙනස් වෙන්නම ඕනි එහෙමයි කියල ලෝකෙ වෙනස් වෙන්න ඕනි ගහකොළ සතා සිව්පාවන් විනාශ කරන් නෙමෙයි මේක කවුරුත් තේරුම් ගන්නෙ නැති එකයි ප්‍රශ්නෙ.

    ඒ වුනත් ඔයාගෙ ආදරණීය වැට නැතිවුණත් ලියාගන්න බැරිව ඉතුරු වුන නමනම් ඉක්මනට ලැබේවා කියල මම ප්‍රාර්ථනා කරනවා...ලැබුණ දවසට වැට නැති වුනත් තාප්පෙ හරි ලියල දාන්න.අම්මටත් එතකොට හන්ගන්න දෙයක් නෑනෙ..

    ReplyDelete
    Replies
    1. හිහි තාප්පේ ඒවා ලිව්වොත් නම් අම්මා විතරක් නෙමේ ඔක්කොම අය දකියි ගෙදරට එන :)

      Delete
  29. අම්මෝ..අර අනෝද ගෙඩිය දැකල මගෙ කටට කෙලත් ඉනුවා..තව අර චුට්ටන් අනෝද වගයක් තියෙන්නෙ..ඒවත් මරු....ඔය වැටමාර කියන ගස් වල නේද අර රෝසපාට පොකුරු පොකුරු මල් පිපෙන්නෙ?

    ReplyDelete
    Replies
    1. චුට්ටං අනෝද?
      කෝ මං දැක්කෙත් නෑනේ ඒවා..

      හෑ නැහැ වැට මාර කියන්නේ ගිනිසීරියා ගස් වලට.මේවා ගොඩාක් ලොකු වුනාම ඇල්බීසියා කියලත් කියනවා.මේවා වල මල් එන්නේ නැහැ මේවා ගදයි.

      Delete
    2. මෙන්න මු බොරු කියනවා ඕවගේ මල් පිපෙනවා දම් පාටය් අපේ ගෙදර තියනවා

      Delete
    3. එහෙනම් වෙන මොනවා හරි වෙන්න ඇති බං ගිනිසීරියා ගස් වල කොහෙද මල්?

      Delete
  30. වැට පනින කථාව දැක්කම ආවෙ කුණුහරපයක් බලන්න.මගෙ කැත හිත.

    ReplyDelete
  31. ඔයා විතරක් නෙවේ සහෝ හැමදාම එන අය හැරෙන්න අලුත් අය එන්නේ එහෙම හිතාගෙන තමා :)

    ReplyDelete
  32. Mulinma heart ekata eha peththen liyanna namak hambawewaaa kiyala pathanawa.....

    Oowa ohoma thamai api kamathi hama deyakma hamadama thiyenne nane ..wenas wenawa kalayath ekka...dukai thamai eth Hitha hadaganna ...

    wetimara wala rosa pata malak pipenawa bohoma kalathurakin ... Ow ..e mal puuja kalama usa yanawa kiyalath man ahala thiyanawa :)

    ReplyDelete
    Replies
    1. ප්‍රාර්ථනාවට බෙහෙවින් ස්තුතියි සහෝ. :)

      ඇත්තද ඒ කතාව? මට උස ගැන නම් ප්‍රශ්නයක් නැහැ ඒත් රෝස පාට මල් ආවොත් පූජා කරලා බලන්න ඕන.

      Delete
  33. ලංකාවේ ගහකොළ වල වටිනාකම ලංකාවේ මිනිස්සුන්ට තේරෙන්නේ නෑ මේ ගිනිගෙන දැවෙන මරුකතරේ අවුරුදු 20 ගතකරන මම ලංකාවට යන මාසෙනුත් විඳින්නේ පුදුමාකාර සතුටක් ලංකාවේ මිනිස්සුන්ට ලංකාවේ දේවල් අගේ නැති හැටියක් අම්මප

    ReplyDelete
    Replies
    1. සහතික ඇත්ත කතාව මහත්තයෝ!

      Delete
    2. ආ මේ ඇනො කෙනෙක් කියල තියෙනේ මමත් පුජා කරලා බලන්න ඕනේ

      Delete
    3. ඒ කියන්නේ මේකා කොටයි :)

      Delete
  34. ඇත්ත......ඇත්ත.., ඔයාගේ ජීවන අත්දැකීම් ගොඩාක් ඔය කියන වැටත් එක්ක සම්බන්ද බව, මමටත් මම පැංචා සන්දියේ ඔය වගේ වැටක් ගැන සුන්දර මතකයන් තියෙනවා.හැබැයි මේ වේනකොට ඒ වැටට එහා පැත්තෙ මනුස්සයා ඒ ගස්කොලං තිබුන වැට ගලවලා උස කොන්ක්‍රිට් තාප්පයක් බැදලා. මගේ මහගෙවල් තියෙන්නෙත් සබරගමුවේ පලාතේ ටිකක් උශ්නාධික පැත්තක. (දැං මං රැකියාව නිසා කොළඹ)ඉතිං අර ගස්වැට තිබුන කාලේ ඊට එහායින් තිබුණු කුඹුරැ යායෙන් ආපේ වත්තට සුළං එහෙම හොදටම හැමුවා. (මොකද අනිත් පැති විවිධ හේතු නිසා ඇහිරිලා තිබුණේ.) දැං ඉතිං ඒ මොනවත් නෑ...හරියට ටැංකියක ඉන්නව වගේ..මොනව කරන්නද සහෝ...අපිට සාමාජීය හෙතූන් මත නාගරීකරනය වේන්න වේනවනේ...අර කිව්වත් වගේ ඔයා ඔය තාප්පෙ බැන්දට පස්සෙ ඔයාලගේ පැත්තෙන් තාප්පෙට වැල් යවන්න.....
    .................ජය,
    ආහ් නියම පොස්ට් එක සහෝ, ඔයා ෆුල් ඉමොෂන්ලි ලියල තියෙනවා.. මාව නිකම්ම පුංචි කාලේට ගියා.

    ReplyDelete
    Replies
    1. මගේ ළමා කාලයට සම්බන්ධ වෙච්ච දෙයක්නේ සහෝ.මට තාමත් දුකයි වැට ගැන ඒත් තාම තාප්පය ගැහුවේ නැහැ ඒක නිසා වැට තාම තියෙනවා.කිව්වත් වගේ තාප්පේ ගැහුවම අපිත් නිකන් ටැංකියක ජීවත් වෙනවා වගේ තමා.

      ස්තුතියි සහයෝගයට

      Delete
  35. පොඩි වරදක් තියනවා ,ගිරිසිලියා වල කරුවෙන් කැටපෝල හදන්න බෑ .

    ReplyDelete
  36. පොඩි වරදක් තියනවා ,ගිරිසිලියා වල කරුවෙන් කැටපෝල හදන්න බෑ .

    ReplyDelete
    Replies
    1. මොකද බැරි? මම හදලා තියෙනවනේ!

      Delete

හිතට දැනුන පුංචි දේ හරි කියලා යන්න ඒක මට ශක්තියක්.යාලුවනේ ඔයාලට බ්ලොගර් ප්‍රොෆයිල් එකක් තියෙනවා නම් වෙලාවක් තියෙනවා නම් තවමත් ෆලෝ කරලා නැත්තම් ෆලෝ පාරකුත් දාලා යන ලෙස ඉල්ලා සිටිනවා!