Tuesday, June 12, 2012

62 geek.lk එකේ වැඩ බැරි ටාසන්ලා!

ඔයාලා දන්නවනේ අපි යමක කරද්දී අත දෙනවා වෙනුවට කකුලෙන් අදින්න නම් ඕන තරම් කට්ටිය ඉන්නවා කියලා ඒ වගේ අය අපි නැති තැන අපිට අපහාස කීරීම තමයි ටිකක් දුක.මොකද ඉන්න තැනක කිව්ව නම් කෙලින්ම උත්තර දෙනවනේ



geek.lk කියන්නේ අපි අපිට සින්ඩියට ආපු ඉල්ලීමක් මත මම දැක්ක ඔන්ලයින් හෙල්ප් කරන සයිට් එකක්.මගේ  
පරාමාර්ථය එන සෑම ඉල්ලීමක්ම ඉතා ඉක්මනින් අනුමත කිරීමයි ඒ කියන්නේ සිංඩියට ඇතුල් කරගන්න එක.ඒ නිසා එම අඩවිය මම ඇතුල් කරගත්තා.


පස්සේ දවසක මම දැක්කා කෙනෙක් මේ සයිට් එකේ දාලා තියෙනවා අපි අපිට වගේ සින්ඩියක් කොහොමද බ්ලොගර් වලම හදන්නේ කියලා.ඒක එතන දානවට වඩා කෙලින්ම මගෙන් ඇහුවා නම් මං අනිවා කියලා දෙනවා මට බැහැයි කියලා පුරුද්දක් නැති නිසා.ඒත් එතන වැඩර්ලා වෙන්න හදන ට්‍රික්ස්ලංකා කියලා කෙනෙක් අති පණ්ඩිත විදියට අපි අපි‍ට සින්ඩිය පහත් කරලා කතා කරලා තියෙනවා.එයා කියලා තියෙන්නේ අපි අපිට සින්ඩියට සින්ඩියක් කියන්න බැහැ ඒක බ්ලොග් රෝලක් කියලා.


ඒත් මම ඒ මහත්මයාට කියන්න කැමතියි බ්ලොග් රෝලක් කියන්නේ අපේ බ්ලොග් අඩවියක අපි උදව්වක් වශයෙන් හෝ අපි කියවන්න කැමති බ්ලොග් වල ලිපි බ්ලොගර්ලගෙම ගැජට් එහෙකින් ගෙන්න ගන්න එක බව එතකොට සින්ඩියක් කියන්නේ බ්ලොග් රැසක්ම කියවීමේ අරමුණින් එන කෙනෙක්ට කැමති සිරස්තල සහිත බ්ලොග් බලලා කැමති එකක් කියවන්න පුලුවන් සහ උදව් කරන අඩවියකට බව.


ට්‍රික්ස් ලංකා මහත්මයා කියන්නේ එන ඉල්ලීම් වලට මම ෆලෝ කරලා ඒවා බ්ලොග් රෝලට දාගන්නවා කියලා ඒක ටිකක් වැරදියි.බ්ලොග් රෝලට දානවා නම් තමා ඒත් හැම එකක්ම ෆලෝ කරන්න වුවමනා නැහැ.බ්ලොග් රෝල් ගැජට් එකට ෆීඩ් එන ඕනෑම ලිපිනයක් ඇතුල් කරන්න පුළුවන්.ඉතින් නොදන්නා දේවල් ගැන තමා වැඩර් කෙනෙකු ලෙස පෙන්වන්න මොන බොරුව හරි දානවා.පුලුවන් නම් අලුත් දෙයක් කරන්න අනිත් අයගේ දේවල් විවේචනය නොකර 


එතන අපි අපි‍ට සින්ඩිය අලුත් දෙයක් බවත් එවැනි දේකට හිනා වෙන එක හරි නැහැ කියලා   කොමන්ට් දාලා තිබ්බ HT99 සහ Dharshana කියන දෙන්නටම මාගේ ප්‍රණාමය පළ කරනවා.


මම විසින් හදලා තියෙන දෙයක් හරි මගේ බ්ලොග් එකේ තියෙන ගැජට් වේවා විජට් වේවා වෙන අයගෙන් අහන්න එපා මගෙන්ම අහන්න මම කියලා දෙන්නම්.


අපි අපිට සින්ඩිය හදලා තියෙන්නේ බ්ලොගර්ලා දෙන ටෙම්ප්ලේට් එහෙකම තමා හැබැයි පොඩ්ඩක් HTML කෝඩ් වෙනස් කරලා.එකේ පෝස්ට් පලවෙන්නේ නැහැ පෝස්ට් පළවෙන්න තියෙන ස්ක්‍රිප්ට් එක සම්පූර්නෙන්ම ඩිලීට් කරලා තියෙන්නේ.HTML එඩිට් කරලා </b:section> එකේ තියෙන කෝඩ් එකක් අයින් කිරීම මඟිනුයි මෙය කරන්න පුළුවන්.ට්‍රික්ස් ලංකාගෙන් මං ඉල්ලන්නේ  තමනුත් වැඩ දන්නවා කියලා පෙන්වන්න කලින් තමන් දන්න දේ විතරක් කියලා දෙන්න කියලා.නැතුව අනිත් අයගේ නිර්මාණ හෑල්ලු නොකර තමන්ම සවුත්තු වෙන්න එපා කියලා


මම මේකෙන් Geek.lk එකට මුකුත් කියන්නේ නැහැ මම කිව්වේ ට්‍රික්ස් ලංකා වෙතට පමණයි.

62 comments:

  1. කොහෙන්වත් හොස්ටින්ග් ගන්නවත් බැරුව නිකං බ්ලොග්ස්පොට් එකක බ්ලොග් රෝලක් ගහගෙන ඒකට සිංඩියක් කියලා කියාගෙන ඉදලා කවුරු හරි ඒකට ෆීඩ් බෑක් එකක් දුන්නාම ඒකට බ්ලොග් පෝස්ට් එකක් දාලා පොර වෙන්න දන එකෙන් පේනවා කවුද වැඩ බැරි ටාසන්ලා කියලා
    නිකං නයට කහින්නේ නැතුව හිටපන් පොඩි එකෝ

    ReplyDelete
    Replies
    1. සල්ලි වියදම් කරගෙන හොස්ටින් අරගෙන ඕක කරන්න මට බඩේ අමාරුව නැහැ.ඒක
      ගැන මම ලියපු ලිපියෙන්ම මම ඒක කියලා තියෙනවා.මට නිකන් පොරක් වෙන්න ඕන නැහැ උබලා වගේ කේවට්ටයන්ට.මම කොහොමත් පොරක් නෙවේ.
      උබලා වගේ දෙකයි පනහේ ආඩම්බර කාරයෝ නෙමේ මේ බ්ලොග් අවකාශේ ඉන්නේ ඒකයි හැමදාම අපි අපිට එකට ඉල්ලීම එන්නේ.උබලට බලන් ඉන්න බැරි නම් අහක බලන් ඉදහන් නයට කහින්නේ නැතුව.මම කාටවත් නයට කැස්සේ නැහැ උබ වගේ.මම කතා කරේ මගේ දෙයක් ගැන.නැතුව උබ වගේ එක එක උන්ට _ක දුන්නේ නැහැ.

      Delete
    2. පොඩ්ඩක් කතා කරන්න ඉගෙනගනින් නිශාන් උබ බ්ලොග් එකක් කරා කියලා, සිංඩියක් කියලා බ්ලොග් රෝලක් කරා කියල සිරාවටම උබ නිකං ඔලුව උදුම්මගෙන ඉන්නේ ලොක්කා කියලා හිතාගෙන, මම දැකලා තියෙනව උබේ fb කතා කරන හැටි උනත්, හිතං ඉන්නේ ලෝකෙම ඉන්න පොර කියලා, උඩ කමෙන්ට් එකෙනුත් ඒකම පේනවා, මටත් කියන්න තියෙන්නේ සචිත් කිව්වා වගේ උඩ නොයා ඉදපන් කියලා නිකං

      Delete
    3. හොදයි මම වැරදියි හැමෝටම සොරි

      Delete
  2. Geek.lk එක කිව්වට බං මෙකෙ චාටර් වැඩ කරලා තියෙන්නේ TricksLanka.com එකානේ.

    ෆේස්බුක් පේජ් වල චාටර් වෙවී කට්ට කනවට වඩා මම ගීක් එකෙන් ගොඩක් ප්‍රයෝජන ගන්නවා.

    උබලාගේ පෞද්ගලික කෝන්තර නිසා අහක තියෙන වෙබ් සයිට් චාටර් කරන එක නම් ගොඩක් වැරදී.

    ReplyDelete
  3. ගගන් ගන්ඩ එපා බන්.. තමන්ට වැඩක් බැරි උනාට අනුන් කරන දේවල් විවේචනය කරන්න කට්ටිය ඕනා තරම්.

    අර ෆ්‍රෙඩී සිල්වා සිංදුවකුත් කියලා තියෙන්නෙ ඔය ගැන..

    බල්ලොත් එක්ක බෑ...

    ReplyDelete
  4. ඔව්ව ඔහො තමා බං. ගනං ගන්න එපා. වැඩක් කරන / කරන්න උත්සාහ කරන මිනිහට තමා ප්‍රශ්න ඇතිවෙන්නෙ. ඒ ගැන හිතල සතුටු වෙයන්. කවුරු මොනව කිව්වත් ඇඟේ ඇනෙනවය. කියවල ඇති වුණාම උන්ම නවත්වන්නෙ නැතෑ. තමන් කරන දේ හිතට එකඟව කරනවනම්, ඒ වැඩෙන් හිතට සතුටක් ලැබෙනව නම් එච්චරයි. අපි බ්ලොග් කියවන්නෙ, ලියන්නෙ හිතේ සතුට වෙනුවෙන්. ඒත් බ්ලොග් අවකාශෙට එන සමහරුන්ගෙ සතුට තියෙන්නෙ කවුරුහරි එක්ක වලියක් ඇද ගන්න එකේ. අපි අකමැති නම් එතනින් ඉවත් වෙන එක තමා හොඳම දේ, ඒ වැඩේට අපහාස කරනවටවඩා. මේ මිනිස්සු කවද තේරුම් ගනීද මන්ද?

    ReplyDelete
  5. අපිත් අවා LED CFL www.dinumadushan.tk

    ReplyDelete
    Replies
    1. මෙන්න ඇඩ් එකකූත් දාලා, හෙහ් ..හෙහ්

      Delete
  6. අපිත් අවා LED CFL www.dinumadushan.tk

    ReplyDelete
  7. අපි අපිට නම් - අපි අපේ නම්
    කාටවත් ඇයි වේදනා
    නගන්නේ බොරු චෝදනා
    හරි සචිත් උඹට ඕනෙ පොර වෙන්නද???
    මොකක්ද බන් අපේ එකෙක් මොනවා හරි කලාමයි තොපිත් විවේචනේ කරන්නේ
    බලන් ඉන්ඩම බැරි නම් ගිහින් නිදා ගනින්

    ReplyDelete
  8. සින්ඩියද බ්ලොග් රෝලද කියන නමට වඩා බ්ලොග් කරණය වෙනුවෙන් යමක් කරන්න උඹ දරන උත්සාහය ගැනයි කථා කරන්න ඕනි , ඕවා ගනන් ගන්න එපා .

    අතිරේක - රයිට් ක්ලික් බ්ලොක් කරන එක තේරුමක් නැති වැඩක් , ඒකෙන් පාඨකය අපහසුතාවයට පත්වෙනවා විතරයි , බ්‍රව්සර් එකේ බොත්තමක් ඔබපු ගමන් ඕනි දෙයක් කොපි කරගන්න පුලුවන්

    ReplyDelete
  9. හෑ?????
    අපි අපට නම්-අපි අපේ නම්
    කාටවත් ඇයි වේදනා-නගන්නේ බොරු චෝදනා

    හරි සචිත් උබට ඕනෙ වැඩා වෙන්නද මෙතන?? හරි උබ වැඩා
    මොකක්ද බන් අපේම එකෙක් දෙයක් කළාමයි තොපිත් ඇද හොයන්නෙ
    හිරිකිතයි, ලැජ්ජයි
    බලන් ඉන්ඩ බැරිනම් ගිහින් බුදිය ගනින් :p

    ReplyDelete
  10. ලංකාවේ මිනිස්සුන්ට සේවයක් කරනවා නම් බැනුම් අහන්න පුලුවන් වෙන්න ඕනේ කියලා ධර්මපාලතුමා කියලා තියෙනවා.

    ReplyDelete
    Replies
    1. හ්ම්ම්.. එකගයි!

      Delete
  11. Triks Lanka කියන පුද්ගලයා එතන මහා පහත් විදියට කතා කරලා තියෙන්නේ. ‍එයාට කියලා දෙකයි පනහි එකතුව.කොම් කියලා සිංඩියක් තියෙනවා කියලා. එයා කියන්නේ "අපි අපි වගේ සිංඩි නොබලා" එයාගේ කවුරුවත් නොබලන සිංඩිය බලන්න එන්න කියලා. Triks Lanka කියන පුද්ගලයා අර එයාගේ එකතුව.කොම් කියන සිංඩියට බ්ලොග් ඇතුල් කරන්නේ බලෙන් අවසර නැතිව. ඉතින් මගේ බ්ලොග් ඇතුල් කරන් තිබුනා. ඉතින් කොහොමද මිනිස්සු බලන්නේ, එයා මගේ බ්ලොග් එක අන්තිමේ ඉවත් කරලා. මගේ සිංඩිය ගැන මගේ බ්ලොග් එකේ මම ලිපි ලියනවනේ එතකොට එයාගේ Hits අඩුවෙනවා කියලා.

    ReplyDelete
    Replies
    1. උද්දච්චකම ඔලුවට ගැහුවම ඔහොම දේවල් වෙනවා ඇති බං.

      Delete
    2. නදුන් මහත්මයා ඔබතුමා මෙතන බබා පාට් දාන්න එපා.ඔබතුමාගේ පරණ කෙරුවාව අපිට මතකයි..

      Delete
    3. අනේ වරෙන්කෝ නදුන් බබෝ කිරි ටිකක් පොවලා හුරතල් කරන්න

      උබත් කරපුවා අපිට හොදට මතකයි හරිද

      Delete
  12. ලගදි තාක්ෂනික බ්ලොග් ලියන්න ආව අයට Facebook වලි බයිනවා කියලත් අරංචි Triks Lanka කාරයා. මෙයා මානසික ලෙඩෙක්

    ReplyDelete
  13. මොකක්ද මලයො අපි අපිට එකෙයි අනික් සින්ඩිවලයි වෙනස

    ReplyDelete
    Replies
    1. ඩොමේන් එක බ්ලොග්ස්පොට් නිසා

      Delete
  14. නිකමෙක් ගිය උඩ

    ReplyDelete
    Replies
    1. ඇයි ඒ කොල්ල යමක් කරනකොට අමාරුද?

      Delete
  15. අනේ මට ඔව්ව තේරෙන්නේ නෑ බං .. අපි අපිට සිංඩිය හරි බ්ලොග් රෝල හරි මොකක් හරි හරහා අපේ බ්ලොග් වලට කට්ටිය ආපු බව ට්‍රැෆික් සොර්සස් වල පෙන්නනවා..

    ඒකට උබට තෑන්ක්ස් වේවා

    ReplyDelete
    Replies
    1. මටත් ඔය සෙතේම තමා බං

      Delete
  16. අනේ ඔව් මල්ලී එන එක්කෙනාගේ කතා වලට වඩා ඔයා අපිට කළ උදව්ව අපිට වටිනවා...

    ReplyDelete
  17. අයියෝ...බල්ලෙක් බිරැවට කන්දක් පහත් වෙන්නේ නෑ නේ.... ගනන් ගන්න එපා අයියෝ...

    ReplyDelete
  18. Geek.lk සිංඩි වලට එකතු කරලා අපේ ලිපි ඉක්මනින් පහලට යනවා. සිංඩි වල ඇඩ්මින් වරු මේ පිලබදව දැනුවත් උනානම් හොදයි. අනික ඔය Geek.lk කියන්නේ Techkatha.com වලට වඩා හද්ද චාටර් එකේ උදව් කරන අයට වඩා වැඩි උදව් නොකර බලන් ඉන්න අය.

    ReplyDelete
    Replies
    1. Geek.lk සහ Techkatha.com කියන්නේ ක්ෂේත්‍ර දෙකක්....

      මෙතනදී කතා කරලා තියෙන්නේ වෙනත් වෙබ් අඩවියක වෙනත් කෙනෙක් ගැන. ඔයා ලංකාවෙ මිනිස්සුන්ගෙ ගතිය පෙන්නන්ද කොහෙම වෙබ් එකේ අඩුපාඩු කියවනවා. අනේ මන්ද බං ලංකාවෙ එව්න්ගේ තියෙන්නේ පුදුම කුහක කමක්.

      මම නං ගීක් වෙබ් එකෙන් ඔන තරම් දේවල් ඉගෙන ගෙන තියෙනවා.

      Delete
    2. අර ෆේස්බුක් එකේ හෙල්පිං ගෘප් ජනප්‍රිය වෙනකොට ඉරිසියාකාර මිනිස්සු ඔහොම කිය කිය ඇවිදිනවා මම දැක්කා. මෙයත් අන්න එයින් කෙනෙක්. නිවැරදිම වචනේ තමයි කුහක මිනිහෙක්

      Delete
    3. @Andare ammage radda Techkatha.com kiyana eka maha katha sathek okata ona hits wadi karagena Techkatha.com ekata hoda ads tikak ganna :) oya mala ura gana nam mathaka karanna epa !!! okawa mata penna ba ... salli witharai uta one, maha loku talk thiyanne e unata u danna dayak na kohen hari script ekak cpy karan uge ekak wage hu thiyagena ge wate duwana nariyek !!!

      -ajith-

      Delete
  19. ඔය ටික්ස් ලංකා කාරයා ප්‍රසිද්ද වෙන්න හිතන් ලගදි බ්ලොග් ලියන්ට ආව මල්ලියෙකුට බැනලා ලිපියක් ලියලා තිබුනා. එයාගේ ලිපියක් කොපි කලා කියලා ර්‍රලග පාර එහෙම උනොත් නඩු දානවා කියලා. බලන් යනකොට මෙයා ගනන් කාරයෙක්. යන්න එපා ඔය වගේ මිනිස්සුනේ සිංඩිකේටර් බලන්නවත්.

    ReplyDelete
  20. මට වැඩිය තේරුනේ නෑ ...
    ආයෙම පාරක් කියවලා බලන්නෝන !!

    ReplyDelete
  21. ගනං ගන්න එපා බං. විවේචනය කලා කියල වැඩක් නෑ. අනිත් කාර‍ණාව බ්ලොග් අවකාශයේ සක්‍රීයව ඉන්න කෙනෙකුට මිසක් සින්ඩියක් ගෙනියන්න වෙන කෙනෙකුට අමාරුයි.

    ReplyDelete
  22. ඕවා ගනන් ගන්න එපා.. ලංකා කාරයා බොරුවට ලොකු කම් කියෙව්වට දන්නා උන් දන්නවා .. කවුරූ කොහොම කිව්වත් අපි අපිට සින්ඩිය දැන් යම් තත්වයක තියෙනවා.. අදාල කාරණය කෙරෙනවනම් . සල්ලි ගෙවලා ඩොමේන් එකක් ගන්න ඕනේ නැහැ . ඩොමේන් එක බලලා අඩවියක් උසස් පහත් කරනවානම් . එක මෝඩ කමක් ..

    ජය...

    ReplyDelete
  23. අනේ මන්ද බං මාත් ඔය සිංඩි. බිංඩි වල රෙජ් වෙලා ඉන්නවා. ඒ පැත්ත පලාතෙ ගියෙ නැහැ ඊට පස්සේ.

    අනේ කෝමද බං ඒව හදන්නේ. ඒවයේ ඔටෝ පෝස්ට් වෙනව නේද අපේ පෝස්ටු ?

    ReplyDelete
    Replies
    1. හදන්න නම් එක එක විදියට පුළුවන් බං සල්ලි තියෙනවා නම් වියදම් කරන්න සුපිරියටම කරන්න පුළුවන් සල්ලි නැත්තම් පොඩ්ඩක් හිතලා කරොත් මං වගෙත් කරන්න පුළුවන්.

      උබලා ලියන පෝස්ට් rss ෆීඩ් මඟින් උබලා ලිපියක් ලියලා විනාඩි 10ක් විතර යද්දී (සමහර විට ඊටත් කලින්) ඒකට එනවා නිකන්ම.

      Delete
  24. මමනම් ඔය සීන් දන්නේ නැහැනේ ...

    ReplyDelete
  25. වැඩිපුර කෑ ගහන්නේ වැඩ බැරි ටාසන්ලා තමයි මඩියෝ. අපි නොසැලී ඉන්න ඕනේ. එතකොට උන්ගේ කටවල් සහ *^&$*%( ඉබේම වැහෙනවා

    ReplyDelete
  26. Techkatha.com kiyana eka maha katha sathek okata ona hits wadi karagena Techkatha.com ekata hoda ads tikak ganna :) oya mala ura gana nam mathaka karanna epa !!! okawa mata penna ba ... salli witharai uta one, maha loku talk thiyanne e unata u danna dayak na kohen hari script ekak cpy karan uge ekak wage huu thiyagena ge wate duwana nariyek !!!

    ubala nam waradilawath okata ads denna epa danna ewuntath kiyahalla :) oyaka sakwithita wada anthai :) uge paththata comment karana post dana hama ekatama u hodata gewanawa, nathnam marana tharajana ekai okata 99% dena thamath awadanne !!!!

    -ajith-

    ReplyDelete
  27. පුලුවන්නම් අනිත් සින්ඩි නොබලා අපි අපිට සින්ඩියෙන් බ්ලොග් කියෝන උන් 10ක් එකතු කරලා පෙන්නපන්. මෝඩ ගොන්පාට්නෙ බං. සිංහල බ්ලොග් කියවනයි, ලාංකීය සිතුවිලි, කොත්තු බලනවා මිසක් උඹේ එව්වා කවුද බලන්නේ. හිට්ස් එකක් හරි ලැබෙයි කියලා බ්ලොග් රෙජිස්ටර් කරන ගොබිලො නම් ඇති. උබේ වැඩේ සර්ථක නෑ. ඒත් උත්සාහය අගය කරනවා. අලුත් දෙයක් කරපන්. තවත් එක සින්ඩියකට වඩා දෙයක් කරපන්. මොනාහරි ක්‍රියේටිව් දෙයක් කරපන්.

    උඹට බැන්න කැනහිලාත් වැරදියි. ඒත් මෙහෙම පෝස්ට් එකක් දැම්ම එකත් වැරදියි. මෙතන තනිකර උඹේ පම්පෝරියනෙ ගහලා තියෙන්නෙ. බනින එකෙක්ට බනින්න කියලා කටවහන් ඉන්න තිබුනා.

    ප/ලි/ ඇනෝ ආවෙ උඹේ යාලුවෙක් නිසා.

    ReplyDelete
    Replies
    1. ඔයා මගේ යාලුවෙක් වුනාට බ්ලොග් යාලුවෙක් නම් වෙන්න බැහැ.ඔයාට බ්ලොග් එකක් තියෙනවා නම් ගිහිල්ලා ඔයාගේ බ්ලොග් එකේ ට්‍රැෆික් සෝස් බලලා ඇවිල්ලා ආයේ කොමන්ට් කරන්න.

      Delete
    2. මගෙ නම් ට්‍රැෆික් සෝස් වල ඔය කියන එකෙන් එකෙක්වත් ඇවිල්ලා නෑ

      1st Facebook
      2st කොත්තු
      3nd ලාංකීය

      ඉතිරි ටික අන්තිමට බැලුවත් නෑ

      Delete
    3. එහෙනම් ඔයාගේ බ්ලොග් එක මගේ සිංඩියේ නැහැ මොකද අපි අපිට එකේ තියෙන හැම බ්ලොග් එකක්ම මම කියවනවා ඒක නිසා එකක් හරි තියෙන්න ඕන.

      Delete
  28. මට සින්ඩි ගැන කිසිම දැනුමක් නැහැ ඒ නිසා මොකුත් කියන්නෙ නැහැ....
    මේ බ්ලොග් ලෝකෙ කෙනෙක් මොනා හරි කලාම තව අය ඒකට අකුල් හෙලන්නෙ,හෙලා දකින්නෙ,මඩ ගහන්නෙ මොන වගේ වින්දනයක් ලාබයක් ලබා ගන්නද?

    ReplyDelete
  29. අනේ මං ඔව්වායේ වැඩ කෑලිගැන නං දන්නැ.හැබැයි මට කියන්ඩ කරැණු දෙකක් දන්නවා.

    මගේ අටම්පහුර අපීඅපීට එකට දාන්ඩ කියලා ඉල්ලලා ටීක වේලාවකින් මම ඒ පැත්තට ගිහිල්ලා බැලුවා, යකෝ මෙන්න දාලා. මම ලීපි 34ක් දැනට ලියලා තියනවා සමහරක් මම ඉල්ලපු එව්වායේ තාම අටම්පහුර දාලා නෑ.

    මම අළුත් ලිපියක් දැම්මහම බලනවා එකින් එකට ගිහිල්ලා ඒක වැටිලද කියලා,දාන පරක්කූවට අපි අපිට එකට ලිපිය වැටිලා.

    දන්නැති හින්දයි අහන්නේ අපේ ගෙවල් වලට පොඩීඑකාගේ ගෙවල් ලගහින්දද දන්නැ නේ.
    ( දැන් කියහල්ලා අන්න අරැ ගමේ කමට -ක දුන්නා කියලා )

    එහෙම නැ හරිද ඔය පොඩී එකා රාගම එකෙක් කියලා මම දැනගත්තේ අපි අපිට කින්ඩීයට ( සොරී සීන්ඩීයට ) අටම්පහුර දාලා සෑහෙන දවසකට පස්සේ

    අනේ මල්ලී මටත් ඔවිවායෙන් එකක් අටවලා දීයන්කො.

    * මම ගොඩක් කාලයක් බ්ලොග් බලපු නිහඩ පාඨයෙක් කමෙන්ට් එකක තියන වටීනාකම මට ඒ දවස්වල නොතේරැන හන්දා කවදාවත් කමෙන්ට් එකක් දැම්මේ නැ, පස්සේ ලියන්ඩ ඔන කියලා හිතූනා, අන්තර්ජංජාලේ උන්ගෙන්ම අහගන තමයි අටම්පහුරත් අටවගත්තේ, මම නූගත් බාසුන්නෑහේ කෙනෙක් උනත් මම උඹලට වඩා ජීවත් වේලා තියන එකටවත් සලකලා එකඑකා එක්ක මරාගන්ඩ එපා බං මචංලා *

    * මම හවසට හීනියට දෙකක් දාගන මෙව්වා බලන්ඩ එන්නේ පපුවටත් මොනවාහරි දාගන, ඔලුවටත් මොනවා හරි දාගන, පොඩී ෆන් එකකූත් අරගන කූණුහරප කතාවක් දෙකක් ලියලා උඹලටත් ෆන් එකක් දීලා බුදීයා ගන්ඩ මිසක් උඹලා සරම උස්සගෙන කෙලගන්නවා බලන්ඩ නෙමෙයි *

    සැර වැඩීද මන්දා

    ReplyDelete
  30. මම තමා ගැටලුව ඉදිරිපත් කලේ.අයියේ මම දැනං හිටියේ නෑ ඒක කරන්නේ ඔයා කියලා. දන්නනම් මම කෙලින්ම ඔයාගෙන් තමා අහන්නේ. ඔයාට තෑන්කූ ඒ හදපු හැටි පැහැදිලි කලාට. තරහක් නැත්තම් මට රික්වෙස්ට් එකක් දාන්න.

    http://www.facebook.com/greatestipman

    ReplyDelete
  31. අපි අපිට එකට මමත් හිනා වෙන්නේ නෑ. මම බ්ලොග් රෝලක් කියලානම් කොහෙත්ම විස්වාස කලේ නෑ. එයාගේ නම ට්‍රික්ස් ලංකා නෙවේ. බුද්දික

    ReplyDelete
    Replies
    1. හරි දැන් මෙතන කිසි ප්‍රශ්නයක් නැහැ ට්‍රික්ස් ලංකා ගීක්‌ එකේම කියලා තිබ්බා මගේ හිත රිදෙන්න නෙමේ එහෙම කිව්වේ ඒ එයාගේ අදහස කියලා.ඒත් සමහර ඇනෝලට තමා දැන් ගොඩක් අමාරු වෙලා තියෙන්නේ.ඇනෝලගේ ප්‍රශ්න හැරෙන්න දැන් මෙතන ප්‍රශ්නයක් නැහැ

      Delete
    2. එහෙනම් ඇනෝ ඩිසබල් කරපන්කෝ එහෙනම්

      Delete
    3. මොන ප්‍රශ්නයක් ආවත් මම එහෙම කරන්නේ නැහැ නැත්තම් ඔබලා වගේ කට්ටියට ඒක ලොකු අසාධාරණයක් අදහස් ප්‍රකාශ කිරීමට.

      Delete
  32. ඇත්තටම මේ ගැන ලොකුවට හෝ පුංචියටවත් මම දන්නෙ නෑ බ්ලොග් වලට අළුත් නිසා..සින්ඩියක් හෝ රෝලක් මොකක් වුණත් මටත් ඒක ගොඩක් වටින තැනක් වුණා..ඇත්තටම වටින තැනක් මට අපි අපිට ඒක නිසා ගොඩක් අය මගේ බ්ලොග් එක පැත්තෙ ඇවිත් යනවා...

    කවුරු මොනව කීවත් තමන් හරිනම් එච්චරයි..ආත්ම විශ්වාසයක් තියෙනවනම් එච්චරයි..
    ජය වේවා...

    ReplyDelete
  33. මමත් මේ ගැන මොකුත් දන්නේ නෑ..නමුත් අපි අපිට සින්ඩිය නම් මටත් ගොඩක් වටින තැනක්..කවුරු මොනවා කිව්වත් අයියගේ නිර්මාණය වටින පිරිසකුත් ඉන්නවනේ..මම හිතන්නේ අයියට ඒ ශක්තියම ඇතිවෙයි තවත් ඉදිරියට යන්න....

    ReplyDelete
  34. විවේචන කියන දේවල් ඔහොම තමයි.. ක්‍රමේ මොකක් උනත් බ්ලොග් වෙනුවෙන් කරන සේවයයි වැදගත්.. මම මේක දැන් දැක්කේ.. මත් රෙජිස්ටර් වෙන්නම්...

    ReplyDelete
  35. ඔවුන්ට මොංගල් බං.... ගනන් ගන්න එපා..

    සුභ වේවා!!! රාජ සම්පත් ලැබේවා!!!

    ReplyDelete
  36. මමත් හිතන්නේ මේක සින්ඩියක් වුනත් රෝලක් වුනත් කරන්න උත්සහ කරන වැඩේ හොඩයි කියලා මමනම් දැකලා තියනවා. ඔහොම තමයි සමහර expertලත් කරන දෙයක් නැ වෙන කෙනෙක් කරද්දි talk දෙන එක තමයි කරන්නේ. ඕවා ගනන් ගන්න එපා මචන්

    ReplyDelete
  37. මමත් ඇත්තටම ඔය කියනො වගේ සින්ඩියක් හැදුවා. ඒක ඒතරම් ජනප්‍රිය උනේ නෑ. ඇබැයි අපි අපිට කියන එක නම් ජනප්‍රියයි. Geek එකට අරක දාපු එකා ඒකේ ජප්‍රියතාව තවත් වැඩි කරලයි තියෙන්නේ. ඒක නිසා ඌට පින් දීපන්. හැබැයි ඉතින් කාට හරි හරි කාගේ හරි සින්ඩියයට හරි බ්ලොග් එකකට හරි බනින එකනම් වැරදියි. වැරදි දෙයක් ලිවුවොත් නම් ඉතින් බනින්නම වෙනවා.

    ReplyDelete
  38. ඔය කිව්ව පොස්ට් එක දැන් එතැන නැහැ. ඔයාගේ ලින්ක් එකට අනුව.
    ඕවා ගණන් ගන්න එපා! විවේචනවලට නොසැලී මුහුණදෙන්න.
    ඉදිරියටත් අපි-අපිට පවත්වගෙන යන්න තවත් යාවත්කාලීන කරමින්.

    ReplyDelete
  39. මේකයි නිශාන් තමන් දෙයක් දන්නේ නැතිනම් අහගන්න එක ලැජ්ජාවට කාරණයක් නෙවෙයි. මමත් මේ බ්ලොග් ගැන දන්නේ ගොඩක් අඩුවෙන් මමත් අලුත්. නමුත් වෙනකෙනේක්ගේ දෙයකට අපහස කිරීම අනුමත කරන්න බැහැ ඔය ඉහත සඳහන් පුද්ගලයා මොනවා කිව්වත්. ඔයාගේ දේවල් අගය කරන කොටසකුත් ඉන්නවනේ ඒ නිසා බල්ලෝ බිරුවට කඳු පාත් වෙන්නේ නෑ කියන කියමන මතක තියාගෙන වැඩ කරන්න ජය ශ්‍රී!

    ReplyDelete
  40. මචන් කොහම හරි කමක් නෑ ඔය උබ හදල තියනවා වගේ blog reader එකක් හදන විදිය කියාදීපන්

    ReplyDelete

හිතට දැනුන පුංචි දේ හරි කියලා යන්න ඒක මට ශක්තියක්.යාලුවනේ ඔයාලට බ්ලොගර් ප්‍රොෆයිල් එකක් තියෙනවා නම් වෙලාවක් තියෙනවා නම් තවමත් ෆලෝ කරලා නැත්තම් ෆලෝ පාරකුත් දාලා යන ලෙස ඉල්ලා සිටිනවා!