Monday, December 24, 2012

85 නත්තලට කලින්!

තව පැය කිහිපයකින් නත්තල.පොඩි කාලේ නම් නත්තල ලං වෙද්දී ෆුල් ආතල් ඉස්කෝලත් නිවාඩුනේ.ඉතින්  
දවල් වෙනකම් නිදියලා ඇති තරම් සෙල්ලම් කරනවා.අම්මා අලුත් ඇඳුම් අරන් දෙනවා රතිඤ්ඤා අරන් දෙනවා සෙල්ලම් බඩු හම්බ වෙනවා.

ඒත් දැන් නත්තල ආවම එපා වෙනවා මට නම් පිස්සු හැදිලා තියෙන්නේ.ගෙවල් අස් කරන්නයි,මකුළු දැල් කඩන්නයි,තීන්ත ගාන්නයි,හැමදේම දැන් මට පැටවිලා :).අවුරුද්දට සැරයයි වුනාට හොඳ ගණන්.අද දවසට එක හුස්මට වැඩ ගොඩක් කරා ඒ මදිවට අම්මට නත්තල් ගහකුත් හදන්න ඕන වෙලා.ඔන්න ඒකත් හැදුවා.


ඊට පස්සේ ටවුන් ගිහින් හෙට ගෙවල් වලට බෙදන්නයි,ගෙදරට එන යට සංග්‍රහා කරන්නයි කෑම බීම ගත්තා.ඕවා උස්සගෙන කඩයෙන් කඩයට යද්දී එපා වෙනවා.අනික සෙනග පිරිලා මේ දවස් වල ටවුන් එකෙත්.අද ගෙනාව කේක් කිලෝ 2යි.ආනමාලු කැනකුයි,මස් වර්ග,තව ඔය එක එක උයන බඩු.

ඕවා උස්සන් එන්න ඕනෙත් මමමයි.ඇඳුම් ගද්දීත් ඔය වගේම තමයි හැබැයි ඇඳුම් ගන්න නම් මේ පාර වේලාසන ගියා15,16 වගේ.වේලාසන යද්දී සෙනග අඩුයි කඩවල් වල.ඒ ඇවිත් ආපහු ගේ මොප් කරලා රෑට පල්ලි යන්න ඇඳුම් ලැස්ති කරලා තමා මෙතන වාඩි වුනේ පොඩ්ඩක් විවේකයක් ගන්න කියලා.හෆ්ෆා ඇඟට නම් ටිකක් අමාරුයි අද :).

එකොළහා මාරට පල්ලි යන්නත් තියෙනවා ඇවිත් රතිඤ්ඤා පත්තු කරන්නත් තියෙනවා.ඊට පස්සේ හතර ගාතේ දිග ඇරගෙන නිදිය ගන්නවා.ආයේ හෙට උදේ පාන්දරම නැගිටලා අම්මා හදන කිරිබත්,ගෙනාපු කේක්,බිස්කට්,කෙසෙල් ගෙවල් වලට බෙදන්නත් ඕන.අපේ ගමේ කතෝලික අය අඩුයි ඒක නිසා අඳුරන හැම බෞද්ධ ගේකටම කෑම පිඟන් යවනවා.ඕවා වලට රිටන් එන්නේ සිංහල අවුරුද්දට තමයි,අෆ්ෆා කැවුම්,කොකිස්,කිරිබත් පිඟන් එනවා අපි කෑම බෙදන හැම ගේකින්ම.අපිට තියෙන්නේ එන ඒවා කාලා බීලා ආතල් එකේ ඉන්න :).

හෙට දවල්ටත් විශේෂ කෑම ගෙදරට එන අයටයි අපිට කන්නයි.

හෙට ගෙවල් 25ක් 30ක් විතර තියෙනවා කෑම බෙදන්න ඔය සේරටම මම තමයි කෑම පිඟන් උස්සන් යන්න ඕන.ඕකත් එපා වෙන කෝස් එකක් අෆ්ෆා.අම්මත් වැඩ දැනුත් මොනාද කරනවා කුස්සියේ.එයා කෑම හදන වැඩ ලැස්ති කරනවා.මේ පාර අම්මා දාපු බිබික්කන් එකනම් මරු.පැණි බේරෙනවා අඩියෙන් අඩියට කජු කෑලි.පෝරණු කාරය පොඩ්ඩක් වැඩියෙන් පුච්චලා වැටි කරවෙලා.ඒවා කපලා අයින් කරා.අනේ මොන ඩයට් ද ඒවා නම් මගේ බඩේ.අප්පා පට්ට රහයි.

ඊට පස්සේ වයින් එක.අනේ මට නම් එකේ සුවඳ අල්ලන්නේ නැහැ තාම පල් වෙනවා පෙරුවෙත් නැහැ.ඕකත් හෙට පෙරයි සමහරවිට.මම නම් ඒකට එච්චරම ආස නැහැ ඒත් අහල පහල උන් ඉන්නවා ඕක බොන්න බලාගෙන.ඔය මොනවා වෙතත් හෙට අනිද්දට ,මට නම් බොන්න හම්බ වෙනවා.හැමදාම නැහැනේ කියලා මේ පාරත් බොන්න ඕන කරටි කැඩෙන්න :).එක පාරක් එකෙක් එක්ක බෝතලයක් බීලා ඩොක් ගාලා වැටුනා තූ පාරක් දාන්න ගිහින් එද්දී පුටු ගොඩකුත් පෙරළගෙන :).

මේ පාර නම් පුටු අරවා මේවා කලින්ම අයින් කරලා තියනවා බීලා ඇවිදියි කියලා හිතන තැන්වලින්.දැන් එහෙනම් මම නවතිනවා හෙට නැත්තම් අනිද්දා තමා ආයේ මේ පැත්තේ එන්නේ.එහෙනම් සුභ රැයක්.

ඒ වගේම ප්‍රීතිය දනවන සුභම සුභ නත්තලක් වේවා කියා මගේ බ්ලොග් සහෘදයන් සියලු දෙනාටම පතනවා!.පාටි එහෙම සෙට් වුනොත් ඔන්න වැඩිය බොන්නේ නැහැ හරිද? :).


85 comments:

  1. සුබම සුම නත්තලක් වේවා මල්ලයා,ඔයාටයි ගෙදර අයටයි..

    //මේ පාර නම් පුටු අරවා මේවා කලින්ම අයින් කරලා තියනවා බීලා ඇවිදියි කියලා හිතන තැන්වලින්// හනේ...වැදියන් බිත්තියකවත් හයියෙන්..ඩෝප් යන්නම.. :P

    ReplyDelete
    Replies
    1. ^-^ අපාරදෙනේ එතකොට බිව්ව ඒවා එහෙම ඩෝප් ගියොත්?.මරු පැතුම නත්තල් දවසේ හිහි

      Delete
    2. මම එක වීම ගැන සතුටුයි.. ඉහත මල්ලයා = මල්ලියා ලෙස නිවැරදි විය යුතුයි..

      Delete
    3. ඔය අහුවෙන්නේ හොරෙ..
      කාටද දැන් ඩෝප්? :D

      Delete
    4. :/ මම වතුර බීලා ඉන්නෙ බරටම ඈ.. වයින් නෙවෙ..

      Delete
    5. මට නම් ෂුවර් නැහැ :)

      Delete
  2. සුභ නත්තලක් මඩියෝ එහෙනම්
    පාටි නම් අවතාර්ට ලොවෙත් ඇත.මතට තිත තිබ්බ නිසා වෙරිවෙන්නේ නැත

    ReplyDelete
    Replies
    1. ඈ අවතාර් එල කොල්ලෙක්නේ.
      එල මචන් :)

      Delete
  3. ප්‍රීතිමත් සුබ නත්තලක් වේවා නිශාන් ....

    ReplyDelete
  4. සුභ නත්තලක් වේවා මචන් .

    ReplyDelete
  5. ප්‍රීතිමත්ම ප්‍රීති සුබ නත්තලක් වේවා මචං!

    ReplyDelete
    Replies
    1. ස්තුතියි මචෝ
      එසේම වේවා!

      Delete
  6. සුභ නත්තලක් කොල්ලෝ......

    ///අපේ ගමේ කතෝලික අය අඩුයි ඒක නිසා අඳුරන හැම බෞද්ධ ගේකටම කෑම පිඟන් යවනවා.ඕවා වලට රිටන් එන්නේ සිංහල අවුරුද්දට තමයි,අෆ්ෆා කැවුම්,කොකිස්,කිරිබත් පිඟන් එනවා අපි කෑම බෙදන හැම ගේකින්ම.අපිට තියෙන්නේ එන ඒවා කාලා බීලා ආතල් එකේ ඉන්න :).///

    මෙන්න මේ කෑල්ලට තමයි මං වැඩියම ආස.....

    ReplyDelete
    Replies
    1. තෑන්ක්ස් අක්කා
      ඒ කියන්නේ හිරුවත් කැමති එහෙම ඉන්න නෙහ්?

      Delete
    2. මටත් සිරාවට වැදුන බං ඒ ටික. පොඩි කාලේ අවුරුද්දට ගෙයක් ගෙයක් ගානේ ගිය හැටි මතක් උනා.

      Delete
    3. ඔක්කොම එකයි බලද්දී :)

      Delete
  7. පෝස්ට් එක කියෙව්වේ නෑ මචං.. හෙට අනිවා කියවන්නම්. රෝලේ මේක අප්ඩේට් වෙලා තියනවා දැකල...,

    "සතුට පිරී ඉතිරෙන සුබම සුබ නත්තලක් වේවා..!!" කියල උඹට සුබ පතලා යන්නමයි මේ හදිසියේ ආවේ.

    ReplyDelete
    Replies
    1. අවුලක් නැහැ මචෝ
      උඹටත් එසේම වේවා!

      Delete
    2. ඔන්න දැන් තමයි මේක කියෙව්වේ. අපිට කිට්ටුවක නත්තල් ගන්න අය නෑ මචං. ඉතින් කිතුනු ගෙවල් වල එහෙම නත්තලට කරන්නේ මොනවද කියල දැන ගන්නේ මෙහෙම එකක් කියවල තමයි. ජේසුස් වහන්සේගේ උපත සැමරීම හැරුණු කොට අසල්වාසීන් සමග සුහදතාවය වර්ධනය කර ගන්නත් මේ උත්සවය හේතු වෙනවා කියල මට හිතෙනවා.
      මොකක්ද බං වයින් පෙරනවා කියන්නේ.. ගෙදරම හදා ගන්නවා ද..?.
      අහල පහලක හිටිය නම් නත්තල් පාටියත් කාලා උඹවත් කන්න එන්න තිබුනා.. :D

      Delete
    3. ඔව් මචෝ වයින් පෙරනවා කියන්නේ ගෙදරම හදන එකට තමා ඉන්ටර්නැෂනල් රෙසිපි වලට :).
      ඒකඅමාරු දෙයක් නෙවෙයි එත් හරියට පදම ගන්න ඕන දවස් ගානක් පල් කරලා පළතුරු.අහලක පහලක හිටියා නම් මටත් බොන්න එකෙක් සෙට් කරගන්න තිබ්බා එකෙන්ම :)

      Delete
  8. සාමය සතුට පිරි සුබ නත්තලක් වේවා !

    දැං එහෙනම් පල්ලි යන්ඩ ලෑස්ති වෙයන් මලේ :)

    ReplyDelete
    Replies
    1. එසේම වේවා! අයියණ්ඩි
      පල්ලි ගියා :)

      Delete
  9. සුබ නත්තලක් වේවා !!!! නිශාන් ඇතුළු පවුලේ සැමට. ලොව සාමය රජ වේවා !!! අසල්වසියොත් එක්ක සහජීවනය තමයි නත්තලේ නියම අරුත විය යුත්තේ.

    ReplyDelete
    Replies
    1. එසේම වේවා! සුදීක අයියා

      Delete
  10. සුභ නත්තලක් වේවා මචෝ!!!!!!! !

    ReplyDelete
  11. සුභම සුභ නත්තලක් වේවා ඔයාටත්.ලග පාතකවත් හිටියනම් මෙයාලගේ අපිටත් දවල් කෑමයි උදේ කෑමයි ශේප් කර ගන්න තිබුනා හෙට..අපරාදේ..

    ReplyDelete
    Replies
    1. ඒකනේ :)
      (හොඳ වෙලාවට ලඟපාත නොවුනේ) හික්ස්

      Delete
  12. //මේ පාරත් බොන්න ඕන කරටි කැඩෙන්න // තිත තියල තියෙන හින්දා අපි බොන එව්වට කරටි කැඩෙනව තියා. කිසිම වෙනසක් වෙන් නෑ.

    සිංහල අවුරුද්දට කැවුම්,කොකිස්,කිරිබත් පුරෝපු කෑම පිඟානක් එවන්නම්කෝ. එක්කො එන්නකො අපේ දිහා.

    මඩී අයියගෙ 100 වෙනි ලිපිය නේද මේ ?

    සුබ නත්තලක් වේවා

    ReplyDelete
    Replies
    1. අඩේ තෑන්ක්ස් මචෝ ආරාධනාවට :)
      නැහැ බන් මේ 127 වෙනි පෝස්ට් එක.මේ අවුරුද්දට 100යි :)

      Delete
  13. සුබ නත්තලක් වේවා !

    බොලා දුකටයි සතුටටයි 2ටම බොනවද ?

    ReplyDelete
    Replies
    1. අනිවා දුකට බිව්වම දුක අඩු වෙනවා සතුටට බිව්වම සතුට වැඩි වෙනවා :)

      Delete
  14. සුබ නත්තලක් වේවා.. සහෝ
    ..

    ReplyDelete
    Replies
    1. එසේම වේවා! මලයෝ :)

      Delete
  15. උඹ නත්තල සමරන එකෙක් කියල දැන් දන්නෙ...සුභ නත්තලක් වේවා..!

    //හැමදාම නැහැනේ කියලා මේ පාරත් බොන්න ඕන කරටි කැඩෙන්න :).එක පාරක් එකෙක් එක්ක බෝතලයක් බීලා ඩොක් ගාලා වැටුනා තූ පාරක් දාන්න ගිහින් එද්දී පුටු ගොඩකුත් පෙරළගෙන :).//
    මේකනං මරු බං..හිකිස්

    ReplyDelete
    Replies
    1. මම කතෝලිකයා කියලා අයියා අදද දන්නේ? :)
      :)

      Delete
  16. සුබ නත්තලක් මල්ලි ඔබටත් පවුලේ සැමටත්

    ReplyDelete
    Replies
    1. එසේම වේවා! නලින් අයියා

      Delete
  17. සිරි සුභ නත්තලක් වේවා....!!!
    හැමදාම නත්තල් වේවා....!!!

    ReplyDelete
    Replies
    1. එසේම වේවා! මාතලන් අයියා

      Delete
  18. සුභ නත්තලක් වේවා!

    ReplyDelete
    Replies
    1. එසේම වේවා! රාජ් අයියා

      Delete
  19. සුභ නත්තලක් මචං.

    ReplyDelete
  20. නිශාන්ටයි පවුලෙ හැමෝටමයි සුබම සුබ නත්තලක් !

    ඔහොම තමා බන්, ගෙදර ඉන්න කොල්ල උනාම උඹ තමයි ගෙදර වැඩ ටික කරන්න ඕන. ඔය කෑම පිඟන් බෙදන වැඩේ මමත් අහල තියෙනව අපේ නංගිලගෙන්, එයාලත් ඉන්නෙ කඳානෙ. නත්තල සමරන අය එදාට එයාලට කෑම පිඟානක් ගෙනත් දෙනව, සිංහල අවුරුදු දවසට එයාල අර ගෙවල් හැම එකකටම කෑම පිඟන් යවනව. මම හිතන්නෙ ඒක හොඳ වැඩක්, එක ගමේ ඉන්නකොට සාමයෙන් සමඟියෙන් සහජීවනයෙන් ඉන්න එපෑයැ.

    ReplyDelete
    Replies
    1. එසේම වේවා! අයියා
      හැම නත්තල් කාරයන්ටම එක වගේ තමා :)

      Delete
  21. සුබම සුබ නත්තලක් වේවා නිශාන් අයියේ..! හයියෝ ඔයාලගේ ගෙවල් ළඟ පාතකවත් හිටියනම්.. :/ :D

    ReplyDelete
    Replies
    1. ඒකනේ වෙලාවට නොහිටියේ :)

      Delete
  22. සුභම සුභ නත්තලක් වේවා

    ReplyDelete
  23. සුභ නත්තලක් වේවා..!

    බොන එක පහුවදාට තියාගන්

    ReplyDelete
    Replies
    1. එසේම වේවා! :)
      ඒ කියන්නේ හෙටද?

      Delete
  24. සුභම සුභ නත්තලක් අම්මටයි ඔයාටයි දෙන්නටම මලේ උඹ වැඩිය එහෙම බොන්න එපා බොල තාම පොඩි ඒකා නේද? බොන්න තියෙන ඒවා අරන් තියන්න මම ලංකාවට ආව කාලෙක බොන්න (එහෙමයි වැඩිහිටියන්ට සංග්‍රහ කොරන්නේ) එල එල පුටු ටික පරිස්සමෙන් කරන දෙයක්. :)

    ReplyDelete
    Replies
    1. අයියා එද්දී මේ පාර ගෙනාපුවායේ හිස් බෝතල් ටිකත් විකුනලා එකෙනුත් ආයේ ගෙනල්ලා බිව්වහැකි :)

      Delete
  25. athi yanthan hadala. Suba naththalak macho. Ammata kiyapan kema piganak mehetath ewanna kiyala.

    ReplyDelete
    Replies
    1. :) උඹ නිසාම තමයි වැඩ අස්සෙත් ඒක හැදුවේ.උඹ කොහෙද ඉන්නේ?

      Delete
  26. අපිටත් කෑම පිගානක් එවන්නෝ...
    සුභ නත්තලක් ඈ.. (සුට්ටක් පරක්කු උනා එන්න..)

    ReplyDelete
    Replies
    1. එවන්නම් එවන්නම් :)

      Delete
  27. සුභම සුභ නත්තලක් වේවා මල්ලි...!

    අපිට නත්තල් නැති වුනාට, නත්තල් පාර්ටියක් තිබ්බා....කාලා බිලා (බිම හොදේ) ජොලියේ ඉදලා ආවා.... :)

    ReplyDelete
    Replies
    1. පාටියකට ගියාද? :) සුභ පැතුම් එහෙනම්

      Delete
  28. නිශාන් අයියේ ඔන්න මමත් ආවා මේ පැත්තේ. එහෙනම් සුභම සුභ නත්තලක් වේවා!
    හා පැංචිගේ ලෝකය

    ReplyDelete
    Replies
    1. අලේ හා පැන්චියෙකුත් ඇවිත් :)
      ස්තුතියි දිගටම එන්න ඕන හරිද?

      Delete
  29. සුබම සුබ නත්තලක් වේවා නිශාන් මල්ලිට..

    //මේ පාර අම්මා දාපු බිබික්කන් එකනම් මරු.පැණි බේරෙනවා අඩියෙන් අඩියට කජු කෑලි//
    මෙන්න මේවා ටිකක් එවුවොත් ඇති..

    ReplyDelete
    Replies
    1. ඊයේ පෙරේතයෝ දෙන්නෙක් ඇවිත් කෑවා ඔක්කොම බෝම අමාරුවෙන් කෑලි දෙකතුනක් හංගගත්තා.දෙන්න නම් පුළුවන් එත් කෝමෙයි?. :)

      Delete
  30. අඩේ දවසක් පරක්කු උනාට කමක් නෑ‍.. අම්මටයි උඹටයි දෙන්නටම සාමය සතුට පිරි සුභම සුභ නත්තලක් වේවා..

    අඩෝ, බිබික්කන් කන්න මාත් මාරම ආසයි බන්.. මාර රහයි නේද..

    ReplyDelete
    Replies
    1. තෑන්ක්ස් මචෝ!
      පට්ට රහයි බොල ඒත් මම කලින් නම් එච්චර ආසාවක් තිබ්බේ නැහැ බිබික්කම් වලට :)

      Delete
  31. happy christmas nishan ayya.......... :)

    samawenna wish karanna late unata ayya.

    apooo........danmamabonawada nishan ayya.oya tama podine ayye...

    ReplyDelete
    Replies
    1. තෑන්ක්ස් නංගි ලේට් වුනාට අවුලක් නැහැ.

      නත්තල් හැමදාම නැහැනේ ඒක නිසා ඉඳලා හිටලා ඉතින් දන්නේ නැද්ද :)

      Delete
  32. සුභ නත්තලක් වේවා!

    ReplyDelete
  33. මට නම් අලුත් අවුරුද්දට ගෙදර තීන්ත ගාන එක, අම්ම එක්ක පොලේ යන එක, ගෙවල් වලට කෑම බෙදන එක තරම් ආතල් වැඩක් ලොවෙත් තව නෑ. කොච්චර මහන්සි වුනත් පට්ටම ආසයි මමනම්. //‍ෙ‍໦ පාර අ໦මා දාපු ໤໤ක්කන් එකන໦ මරැ.පැຒ ‍ෙ‍໣‍ෙරනවා අຌ‍ෙයන් අຌයට කජු කෑලි.‍// අඩෝ බිබික්කමක් අඩියක් ලොකුයිද බං ?

    ReplyDelete
    Replies
    1. උඹ ආස ඇත්තේ ඕවා කරන්න චාන්ස් එක හම්බවෙන්නේ නැති නිසා වෙන්න ඇති :).බිබික්කම දාපු තැටිය පත සයිස් බොල :)

      Delete
  34. I was аble to find good adνice fгom youг cοntent.


    Alsο visit my pagе - hair removal solution
    Also visit my weblog neck hair removal

    ReplyDelete
  35. සුභ නත්තලක් යාලු !පරක්කු වෙලා හරි ඕන් මමත් සුභ පැතුවා :)

    ReplyDelete
  36. නත්තල් පහුවෙලා දැක්කෙ ඒත් කමක් නෑ... සුභ නත්තලක් වේවා !

    ReplyDelete
    Replies
    1. අවුලක් නැහැ අයියා :)

      Delete

  37. හපොයෝ හොදටම පරක්කු වෙලානේ බොල දකිද්දී ..

    ලබන්නා වූ අලුත් අවුරුද්ද ඔබ සැමට වාසනාවන්ත වේවායි එක සිතින් ප්‍රාර්ථනා කරමි.
    ඉදිරි වසරේදී ඔබගේ සියලු බලාපොරොත්තු ඉටු වන , සියලු සිහින මල්ඵල ගැන්වෙන , පැහැබර අනාගතයකට නව මන්මාවත් විවර වන , සතුට සාමය පිරි ජීවිතයකට සුබ පතමි.
    එදිනෙදා ජීවිතයේ ඔබේත් මගෙත් අද්දැකීම්.: Merry Christmas and Happy New Year Greetings 2013!

    ReplyDelete
  38. ඒ උඹලගේ අම්ම උයන කෑම නම් පට්ටය් මචෝ.... කොච්චර කෑවත් ඇති වෙන්නේ නෑ....

    ReplyDelete

හිතට දැනුන පුංචි දේ හරි කියලා යන්න ඒක මට ශක්තියක්.යාලුවනේ ඔයාලට බ්ලොගර් ප්‍රොෆයිල් එකක් තියෙනවා නම් වෙලාවක් තියෙනවා නම් තවමත් ෆලෝ කරලා නැත්තම් ෆලෝ පාරකුත් දාලා යන ලෙස ඉල්ලා සිටිනවා!