Saturday, February 02, 2013

79 කොහෙන් ගියත් මෙහෙන් එපැයි යන්න!

අපේ බ්ලොග් කරුවෙක් වාසය කරන ගමක කතා ටිකක් තමා අද කියන්න යන්නේ.මේ ගමේ මිනිස්සු ඉස්සර ටිකක් නොදියුණු නූගත් පිරිසක්.දැන් නම් එහෙම නැහැ දැන් රටේ අනිත් මිනිස්සු වගේම මෙයාලත් බොහොම උගත් දියුණු කොටසක්.

කතෝලික පල්ලි වල මංගල්ලෙට කොඩි ගහක් උස්සනවා කොඩි ගහ උස්සලා ඉඹුල් කිරිබත් එහෙමත් බෙදනවා.මේ ගමෙත් ඔන්න ඉස්සර කාලේ දවසක පල්ලියේ කොඩි ගහ උස්සනවලු.හොඳට හයිය හත්තිය තියෙන මිනිස්සු කඹ වලින් අදිනවා කොඩි ගහ.ගහත් ටික ටික කෙලින් වෙනවා.ඔහොම කොඩි ගහ කෙලින් වෙද්දී මේ ගමේ බලන් හිටපු මිනිස්සු ටික අත්පුඩි ගහන්න ගත්තා.මිනිස්සු අත්පුඩි ගහද්දි කොඩිය ඇද ඇද හිටපු කට්ටියත් කඹ ටික අත ඇරලා අත්පුඩි ගහන්න ගත්තලු.ඉතින් කොඩි ගහ ආපහු බලන් ඉන්න මිනිස්සුන්ගෙම ඔලුවලට පත බෑවුනා කියලා තමා ආරංචි.

ඔය ගමේම ඉස්සර තරඟයක් තියෙනවලු හඳට ගල් ගැසීම කියලා.මේකෙදි කරන්නේ හොඳට හඳ පායලා තියෙන දවස් වලට ගමේ තරුණයෝ,පිරිමි ගල් කෑලි අරගෙන ගමේ තියෙන පුවක්,පොල් වගේ උස ගස් වලට නැගලා අර ගෙනාපු ගල් වලින් හඳට ගහනවලු.ගහලා ඉවර වෙලා සමහරු කියනවලු මන් ගහපු ගල නම් වැදුනා කියලා.

ඔහොම දවසකුත් රෑ පානේ හඳට ගල් ගහලා ගෙවල් වලට යන්න කියලා පිටත් වුනු ගමේ තරුණයෝ දෙන්නෙක් කතා වේවි ආවලු තරඟය ගැන.ඔහොම එද්දී මගදී අමුතු වස්තුවක් දැක්කලු.

මචන් මේ.... හඳේ කෑල්ලක්ද කොහෙද!!

ඔව් බන් මාත් හිතන්නේ මේ හඳේ කෑල්ලක් කියලා තමා.අපි අල්ලලා බලමුද? අනිකත් අහනවලු.

හා අල්ලලා බලමු.ඔන්න දැන් එකෙක් අමුතු වස්තුව ස්පර්ශ කරනවා.

මේක පරිප්පු හැලියක් වගේ මෙලෙක් බන්.

නැහැ!!! අපි කාලත් බලමුද?.හඳ රහ ඇති බන්.

හා හා කමු.ඔන්න දෙන්නා පොඩ්ඩ පොඩ්ඩ අතට අරන් කනවා.

තුහ්.. මෙලෝ රහක් නැහැ බන්.මට පේන්නේ මේක පොළොවට වැටිලා ගොඩක් වෙලා.වැටුන වෙලේම කෑවා නම් රස ඇති දැන් පිලුන් වෙලාද කොහෙද අපි යන් බන් යන්න.

හඳ එලියට දිලිසි දිලිසි තිබ්බ ගොම බෙට්ටකුත් කාලා තමා ඔය විදියට කොලුවෝ දෙන්නා ගෙදර ගිහින් තියෙන්නේ.

ඔය ගමේම ඉස්සර ටිකක් චන්ඩි ගති තියෙන බේබද්දෙක් හිටියලු.මිනිහගේ නම සුනිල්.

ඔන්න දවසක් මිනිහා මීගමු ගිහින් එද්දී ගෙනාවලු පණ පිටින් කකුළුවෝ වගයක්.කකුළුවෝ ටික අඹුවට දීලා සුනිල් ගියාලු ලාවට ටිකක් රත් වෙන්න කියලා හිතාගෙන.

ගියෙත් නිකන් නෙවේ ගෑණිට සැර කරලා ගියේ
මම එද්දී කකුළුවෝ ටික හොඳට හදලා තියහන් හොඳට මිරිස් ටිකක් එහෙම දාලා.යි කියලා.

දන්නවනේ ඔය ගමේ හැටියට ගෑණුත් කොහොම ඇතිද කියලා?සුනිල් ගියාම සුනිල්ගේ ගෑණි කුස්සියේ වැට පැත්තේ අල්ලපු ගෙදර ගෑණි එක්ක ඕපදූපයක් කියව කියව ඉඳලා ගෙට ඇවිත් බලද්දී අම්මට සිලි කකුළුවෝ ටික මල්ලේ තිබ්බ හිලකින් පැනලා ගිහින්ලු.

අනේ හොඳටම සූර් වුනු සුනිල් ගෙදර ආවේ කකුළු හොද්දේ රස බලන්න.ගෙට ගොඩවුණු ගමන් බයේ ගැහි ගැහි ගෑණි කිව්ව විස්තරෙන් සුනිල්ගේ සිහින බොඳ වෙලා ගියා.

හොඳටම මල පැන්න සුනිල් ගෑණිට හොඳටම තඩි බාලා වැටෙන් පොල්ලකුත් කඩන් සයිකලේ නැගලා යන්න ගියාලු.ගෑණි දැන් බලන් ඉන්නවලු ඉන්නවලු සුනිල් නැහැලු.කේන්තියට ගිහින් කෝච්චියට බෙල්ල තිබ්බාවත්ද කියලා බයවුණු සුනිල්ගේ අඹුව සිද්දිය සුනිල්ගේ මල්ලි කෙනෙක්ට කිව්වලු.

අනේ මලයත් ටාර් ගාලා මිනිහගේ සයිකලෙත් අරන් ගියාලු සුනිල්ව හොයන්න.කසිප්පු පොට් වලයි සුනිල්ගේ යාලුවන්ගේ ගෙවල් වලයි හොයලා සුනිල්ගේ මලයා හිස් අතින්ම එද්දී දැක්කලු ජා ඇළ හන්දියේ පාරක් අයිනේ සුනිල් පොල්ලකුත් තියන් ඉන්නවා.

අයියේ මොකෑ බන් උඹ මෙතන කොරන්නේ?අක්ක අරහේ බොලා නැතුව වැළපෙනවා.බොලා මෙහෙ කිසි වගක් නැතුව පොල්ලක් තියන් ඉන්නවා.

අනේ පලයන් බන් මලේ යන්න ඔය **ති තමා කකුළුවෝ ටිකත් යැව්වේ.මම මේ ඉන්නේ කකුළුවෝ ටික එනකම්.උන් කොහෙන් ආවත් මීගමුවට යන්න මේ හන්දිය පාස් කරන්නම එපැයි බොල.ආදේන්කෝ ඕකුන් කුඩු කරනවා ඕකුන්ව මම!!.

!@#$%^&*()_+
_________________________________________________________________________________
මේ කතා විවිධ විදිහට ඔයාලා අහලත් ඇති මේවා කටින් කට යද්දී සමහරවිට පොඩි පොඩි වෙනස් කම් වෙලා වෙන වෙන වර්ශනුත් හැදිලා ඇති.කාටවත් අපහාසයක් කරන්න හිතලා නම් නෙවේ ලිව්වේ උපහාසය සඳහා පමණි!


79 comments:

  1. අන්තිම කතාව නම් පස්ටයි ඈ ..

    ReplyDelete
    Replies
    1. කකුළු කතාව!
      තැන්ක්ස් මචෝ

      Delete
  2. හිනා කනවා කථාව.කකුළුවෝ ටික ආවද දන්නේ නැ නේද?
    මනසින් දිවියට ගොඩ වඳින්න(සරල බව සහ තදබල උනන්දුව)

    ReplyDelete
    Replies
    1. ලොල්
      සුනිල්ගෙන් අහලා කියන්නම්.

      Delete
  3. Replies
    1. ලොල්
      හුඟ කාලෙකින් නේද මේ පැත්තේ?.

      Delete
  4. චමියා ගේ ගමද????

    ReplyDelete
  5. නිසානයගේ ගමලු ඕක ඈ...

    ReplyDelete
    Replies
    1. මං තුමා රාගම බන්.රාගම මිනිස්සු හෙන නුවනක්කාරයිලු

      Delete
  6. අහිංසක බ්ලොග් කරුවන්ට බඩ නොගසනු.....

    අයි බන් අර හොරු එනවට පපඩම් දාපු එක, ලන්තැරුම වෙලේ ඔබපු එක., කොස් ගහ කරත්තෙට කපපු එක.. ඒවත් කියහන්කො....

    ReplyDelete
    Replies
    1. O_o හෑ? මම දන්නේ ඔතනින් කොස් ගහ කරත්තෙට කපපු සීන් එක විතරයි:(

      බඩ නොගසනු කිව්වේ?

      Delete
    2. බඩ නෙමෙයි මඩ මඩ...

      ඇයි බන් පපඩම් දාපු එක දන්නැද්ද ? ගමේ එකාගෙන්ම අහලා බලපන්කො..

      Delete
  7. ""හඳ එලියට දිලිසි දිලිසි තිබ්බ ගොම බෙට්ටකුත් කාලා තමා ඔය විදියට කොලුවෝ දෙන්නා ගෙදර ගිහින් තියෙන්නේ.""
    ෂුවර්ද? හික්ස්

    ReplyDelete
    Replies
    1. ෂුවර් ෂුවර් මචෝ! :)

      Delete
  8. Umbath blogger raajaya kachal wechcha welawe mama wage mada gahanawa ne.. hodai ban unta nene uththra denna

    ReplyDelete
    Replies
    1. මොනවද බන් උඹ කියවන්නේ? කව්ද කාටද මඩ ගැහුවේ?

      Delete
  9. මේ ඔකකොම උඹලාගේ ගමේ කතාද :D ඇත්ත කියපං....

    ReplyDelete
  10. අන්තිම කතාව නම් අහල නැති පස්ට එකක්ය. අනෙක්ව නම් උඹ අමුවෙන්ම අනුභව කර රස හලා ඇත

    ReplyDelete
    Replies
    1. ලොල්
      අද සිංහලෙන් කොටලා තියෙන්නේ?.

      Delete
  11. කකුළුවො එනකම් හුඟක් වෙලා හිටියද?

    ReplyDelete
  12. හොකෑස්
    මරු කතා සෙට් එක මතන්

    ReplyDelete
  13. තුම්පනේ විත්ති කියලා පොතක් හරි කතා සීරීස් එකක් හරි තියෙනවා ඔය වගේ. නිශාන් කිව්වා වගේ මිනිස්සු ඕවයෙ එක එක වර්ෂන් හදාගන්නවා.

    ReplyDelete
    Replies
    1. ඔව් කටින් කටට යද්දී නම් ගම් වෙනස් වෙනවා!

      Delete
  14. මට මතක විදියට චමියත් ඔය කතා ටික ලියල තිබුනා. දෙන්න එක ගමේ නේද ? අටමත් එක්කම.

    ReplyDelete
    Replies
    1. ඔව් ඔව් තුන්දෙනාම එහෙ තමා.. :-)

      Delete
    2. අඩෝ අපිනං බටගම නෙමෙයි, ජාඇල ජාඇල කිව්වට මූත් බටගම තමා

      Delete
    3. මම නම් උපන්දා සිට රාගම මේ අදාළ ගම රාගම නෙවේ.

      Delete
  15. හඳට පොලු ගැසූ මිනිසුන් සිටින්නේ මොරවක් කොරළේය,ඒ කතාව මොරවක් කෝරලේ උන්ට මඩ ගැසීමට ගෙතු කතාවකි.

    ReplyDelete
    Replies
    1. මාත් කියන්න ආවෙ ඒක බං, උඹත් ඉතිං මාතර පොර නිසා දන්නවනේ. අපේ පන්තියෙත් හිටියා ඒ පැත්තෙන් ආපු එකෙක්, අපිත් ඌට විහිලුවට කියන්නෙ ‘‘බොලා ඉතිං හඳටත් ගල් ගහපු උන්නේ‘‘ කියල.

      Delete
    2. අනේ මන්දා නම් ගම් වෙනස් වුනාට එකම කතා.

      Delete
  16. ගම තුම්පනේද නිශාන්?

    අපි ශ්‍රී ලංකා නිවුස්

    ReplyDelete
    Replies
    1. නැහැ මම රාගම මම මේ කතාවලින් කිව්වේ මගේ ගම ගැන නෙවේ.ස්තුතියි කොමෙන්ටුවට!

      Delete
  17. කකුළු කතාව නම් නියමයි නිශාන්..මීගමු යන පාරෙද රාගම යන පාරෙද දන්නෙ නෑ සුනිල් පොල්ල තියන් බලන් උන්නේ...හි හි හී

    ReplyDelete
    Replies
    1. නු ඔය ඉදලා තියෙන්නේ කදාන හන්දියේ. නිෂානයා ඒ කතන්දර ටික මීට වඩා රහට ලියන්ඩ තිබ්බා

      Delete
    2. @ලිහිණි
      නැහැ වෙන්නප්පු යන පාරේ :P

      @අටම්
      සුනිල් හිටියේ රිලවුල්ල හන්දියේ එත් එහෙම කිව්වම දුර පලාත්වල අය දන්නේ නැති නිසයි ජා ඇල කිව්වේ.අනේ මට පුළුවන් විදියට තමා ඉතින් ලිව්වේ.

      Delete
  18. අර ගොම කාපු කතාවේ තව එකක් තියනවා. දිය යට ගිහින් මී කඩපු සීන් එකක්..
    අන්තිම කතාව තමයි වැඩියෙන්ම හොඳ. :)

    ReplyDelete
    Replies
    1. මාර කතා සෙට් එකක් බන් තියෙන්නේ.
      අන්තිම කතාව වැඩිය ප්‍රසිද්ද නැහැ.

      Delete
  19. මේ කතා සෙට් එක එන්නේ හල්පේ රස කතා ගොන්නටයි.. තව තියනවා මේකේ කොටස් ගිරේ හොයපු හැටි එහෙම..

    ReplyDelete
    Replies
    1. මම අහලා තියෙන ගම එකක්.එතකොට තව කට්ටියක් කියනවා ඒ තුම්පනෙලු නලින් අයියා කියනවා හල්පෙලු.එහෙම තමා ඕව කටින් කට යද්දී ගම් නම් වෙනස් වෙනවා.

      Delete
  20. කොහෙන් ආවත් මෙතනින් එපෑයි මීගමුවට යන්න.. අයියා තාමත් මග රැකන්ද දන්නේ නෑ.. :D

    ReplyDelete
    Replies
    1. වෙල්කම් කුමාරි
      අද නේද ඉස්සෙල්ලම මේ පැත්තේ ආවේ? දිගටම එන්න

      Delete
  21. අඩෝ ආතල් කතාව......සුනිල් විතරක් නෙමේ අපේ උන්දෙලත් පොඩ්ඩක් වැඩි උනාම ඔය වගේ ආතල් දෙනවා.........

    ReplyDelete
  22. ආතල් කෝටියයි.මේ පැත්තෙත් ඔය වගේ කතා රාසියයි. කොඩි ගහේ කතාවක් නම් දන්නෙ නෑ.

    ReplyDelete
  23. ගෙට්ටුවේ ඉතුරු වෙච්ච පපඩම් මල්ල ෆෝයු චමියා ගෙදර ගෙනිච්චා,උන්ගේ වතුර මෝටරයත් හොරු ගලවලා කියුවා,

    ReplyDelete
    Replies
    1. මෙන්නෝ පපඩම් හොරු.....!!!
      :)

      ඒ පැත්තේ හොරු නම් මොකක් හරි ආතල් සීන් එකකුත් ඇති,

      Delete
  24. සුනිල තාම කකුළුවො එනකල් බලාගෙන ඉන්නව ඇති.

    ReplyDelete
    Replies
    1. රෑ වෙනකම් ඉඳලා යන්න ඇති කළුවර නිසා උන් අද එන්නේ නැතිව හෙට එයි කියලා ;)

      Delete
  25. හෙහ් හෙහ්... හෙනං කකුළුවො මීගමු යන්නෙ මීගමුපාරෙන්මයි.

    ReplyDelete
    Replies
    1. නැතුව නුවර පාරේ යන්නැයි :D

      Delete
  26. අප්පා... පජාතයි ඕයි! :)

    සුභ වේවා!!! රාජ සම්පත් ලැබේවා!!!

    ReplyDelete
  27. ගමනම් චමියාගේ ගම වෙන්න ඕනෙලු. ඔයවගේ කතා ඇහෙන්නේ ඒ පැත්තෙන් විතරලු

    ReplyDelete
    Replies
    1. ගම අයිතිකාරයා නම් හරිලු :)

      Delete
  28. ලංකාවේ විවිධ පලාත්වල තිබෙන ගම සම්බන්ධ කරලා මේ කතා මාලාවක් තියනවා. මම අහලා ට්ජින්නේ කෑගල්ල දිස්ත්‍රික්කයේ ගමකට හදපු කතාව. එකේ කියන්නේ අර යාළුවො දෙන්නා ගමනක් ගිහි රෑ ආපහු එන ගමන් හිතුවලු පොලු වලින් දමලා ගහලා අඹ, කජු, වගේ දේවල් කඩන විදිහට හඳ කඩන්න. ඉතින් මේ දෙන්නා පොලු ගහනකොටම හඬ වලාකුලකින් වැහුනලු. දෙන්නා හිතුවේ හඬ වැටුනා කියලා. එතන තිබුන ඇලේ හඳේ ඡායාව දැකලා දෙන්නා හිතුවා හඳ ඇලට වැටිලා කියලා. දෙන්නා පැනලා හඳ කෑලි හෙව්වා. ඒ වෙලාවේ ඇලේ උඩහ ප්‍රදේශයේ පුද්ගලයෙක් ඇල වැසිකිලිය ලෙස පාවිච්චි කර තිබුනා. අර දෙන්නා ඇහිඳගත් හඳ කෑලි කාලා, ඉඹලා අර නිගමන වලට ආවා. එක යාලුවෙක් ඇහුවා ඒ වුනාට බං මෙච්චර ඇඹුල් මොකද කියලා. අනික් යාලුවා කිව්වලු ඇයි බං අපි අර ගොරක ගහෙන් කඩාගත්ත පොලු නේ ගැහුවේ. ගොරක ඇඹුලයිනේ කියලා.

    අසමි දකිමි සොයමි ලියන විචාරක

    ReplyDelete
    Replies
    1. ඔය කතාව මමත් අහලා තියෙනවා එත් මේ ගමේ කියලා අහලා නැති නිසා ගමේ කතාවම ලිව්වා.ස්තුතියි විචාරක මහත්මයා.

      Delete
  29. අය්යෝ කනව මම දැන් බොස්ගෙන් ඔෆිස් එකේ හිනා වෙන්න ගිහින්....

    ReplyDelete
    Replies
    1. මූට් කරලා හිනා වෙන්න :D

      Delete
  30. මේ කතා සෙට් එක කියනව තුම්පනේට කියලත්. තව අජිත් පැරකුම් ලගෙ ගම් පැත්තට කියනව කියලත් තියෙනව.

    මෙන්න මම දන්න සෙට් එක.

    1. හඳට පොළු ගැසීම ( ඔය පොළු ගහද්දි හඳ වළාවකින් වැහුනම මුන් හොයන්න ගත්තලු. පස්සෙ බිම තියෙන ගොම් බෙට්ටක් කළුවරෙ හඳ කියල හිතල කනකොට ඇඹල ඇයි කියල ඇහුවම එකෙක් කිව්වලු, ගොරක පොළුනෙ ගැහුවෙ, ඒ නිසා වෙටැ කියල )

    2. කකළුවො මීගමු යනතුරු බලාන සිටීම.

    3. පපඩම් දමා හොරු ඇල්ලීම.

    4. ලන්තෑරුම වතුරට දැමීම.

    5. කොස්ගහ කරත්තෙට කපපු හැටි.

    6. කොස් ගස කර ගහ උඩට වැටෙයි කිවූ විට කර ඇල්ලීම

    7. මඟුල්බතට ගන්න ගෝනා මඩේ එබීම

    8.පුවක් ගසේ පන්දම බැඳිම
    තව තිබ්බ, ඒත් මතකෙට එන්නෙ නෑ.

    ReplyDelete
    Replies
    1. බටගම කතා කියනවා තුම්පනේ කතා කියනවා තව හල්පේ කතා කියලත් කියනවා.ඔය කෝක වුනත් එකම කතා සෙට් :)

      Delete
  31. අම්මපා බොලව් හොයාගන්න කතා ඇ,, අර කකුළු කතාව නම් එළ..!! හික්ස්,, ඒ වෙලාවේ මටත් ඉන්න තිබ්බා නම් අර මනුස්සයා කකුළුවො ටික එනකම් බලන් ඉන්න හැටි බලන්න..

    ReplyDelete
    Replies
    1. කීය වෙනකම් ඉන්න වෙයිද දන්නේ නැහැ පාරේ :D

      Delete
  32. පස්ටයි ඈ...
    මේවා මැණික්පුරේ කථා කියලයි අහලා තීන්නේ...

    ReplyDelete
    Replies
    1. ගම කීයක් මේ කතා අයිතිකරගන්න හදනවද :)
      ස්තුතියි සහෝ කොමන්ට් එකට!!

      Delete
  33. බං අර හදේ පලුව ...කතාවෙ, මුං පොලුවලින් ගැහැව්වලු..එතකොට හඳ වලාකුලකට වැහුනම හිතුවලු වැ‍ටුන කියල. කාල බලල ඇඹුලයි කිව්වලු..
    ඇයි බං අපි හඳට ගැහැව්වෙ ගොරක ගහෙන් කපාගත්ත පොලු කිව්වලු.
    ඒත් කාල තියෙන්නෙ ගොම නොවේ..මිනිස්***ලු

    ඈය්ය නේ..!!!

    ReplyDelete
    Replies
    1. හපොයි වීයා ඒක කිව්ව කැත :)

      Delete
  34. ඉකෙයියා විලි ලැජ්ජයි ඕයි තැනකට ගීන් ගමේ නම කියන්ඩ බෑ හැබැයි මේවා ආතලා මුත්තලා කාලේ වුනු දේවල් නේ දැන් ඉන්න වුන් අලි කපටි ලගින් ගියොත් ඇහැකුත් නෑ

    ReplyDelete

හිතට දැනුන පුංචි දේ හරි කියලා යන්න ඒක මට ශක්තියක්.යාලුවනේ ඔයාලට බ්ලොගර් ප්‍රොෆයිල් එකක් තියෙනවා නම් වෙලාවක් තියෙනවා නම් තවමත් ෆලෝ කරලා නැත්තම් ෆලෝ පාරකුත් දාලා යන ලෙස ඉල්ලා සිටිනවා!