Monday, July 18, 2011

12 online කේන්දරේ හදාගන්න (බණ්ඩාර මාමාගෙන්)

ඔන්න නිකමා ආවා කේන්දරේ නැති අයට කේන්දරේ හදා ගන්න ලේසි ක්‍රමයක් අරන්.tittle එක දැක්කම කස්ටිය ගොඩක් අය දන්නවාත් ඇති මේ මොකක්ද කියලා.එත් දන්නෙ නැති අයට කියලා දෙන්නම්කො
.නිකමා කතෝලිකයෙක් ඉතින් ඔය ලග්න,කෙන්දර වගෙ දේවල් නිකමාගෙ අම්මා විශ්වාස කරෙ  නැහැ.නිකමා ආශ්‍රය කරෙ ගොඩක් බුධ්ධාගමේ යාලුවන්ව.ඉතින් මේ යාලුවො ලග්න ගැන බලද්දි නිකමාත් අම්මාගෙන් ඇහුවා අම්මේ මගේ ලග්නෙ මොකක්ද කියලා අම්මත් මේක දන්නෙ නැහැ එත් පොඩි කාලෙ කව්ද එකෙක් කියලා තියෙනවා නිකමා මීන කාරෙක් කියලා.ඉතින් අම්මා කිව්වා නිකමාගෙ ලග්නෙ මීන කියලා.
                               නිකමා දැන් හැමොටම කියනවා මගේ ලග්නෙ මීනනේ කියලා.ඔහොම ටික ටික නිකමා ලොකු වෙද්දි ලග්න පලාපල බලන්න ඇබ්බැහි වුනා.එත්  කවදාවත් හරි පලා පලයක් දැක්කෙ නැහැ.ඉතින් නිකමා යාලුවන්ට කියනවා ඕව බොරු බන් කෝ කවදාවත් මට ඕවා ඉශ්ට වෙලා නෑනේ කියලා.ඔහොම ඔහොම කාලෙ යද්දි නිකමා දැක්කා සාශ්තර කියන බන්ඩාර මාමාව(මාමා හරි ප්‍රසිද්දයිනෙ.ඇයි සාශ්තර කියලා හිරෙත් ගියේ).
                          ඉතින් නිකමා බාන්ඩාර මාමාව හම්බුන වෙලාවක එයාගෙ කෙන්දරෙ ගැන ඇහුවා.බන්ඩාර මාමා කිව්වා පුතේ මගෙ වෙබ් සයිට් එකට ගිහින් කේන්දරෙ හද ගනින් කියලා.නිකමාත් දුවලා ගිහින් මාමාගේ සයිට් කෑල්ල බැලුවා එහෙන් මෙහෙන් කරකෝලා අන්තිමට මාමාගේ සයිට් එකෙන් අතෑරියේ බුකියට.මෙන්න බොලේ එකේ වැඩ කෑල්ලක් තියෙනවා කේන්දරේ හදාගන්න.ඉතින් උපන් තොරතුරු ටික අම්මාගෙන් අහාගෙන නිකමා කේන්දරේ හදනවා

                                    දැන් මෙන්න බොලේ එක පාරටම කේන්දර කෑල්ලක් වැටුනා මෙන්න බොලේ එකේ නිකමාගෙ ලග්නෙත් වැටුනා ඒ මීනා නම් නෙවේ අලුත් එකක් මිතුන මාරයි නේ?.නිකමා අම්මාටත් අඩගහලා මේක පෙන්නුවා.අම්මා කියනවා අපෝ ඔය මොකක් හරි ජිල්මාට් එකක් වෙන්ඩ ඇති කියලා ලොල්.නිකමා කිව්වා නෑ අම්මේ මේ බන්ඩාර මාමාගෙ වැඩ කෑල්ලක්ය කියලා.ඉතින් අම්මත් මෙක පිලි අරන්(ඕන් මාලු පිලි එහෙම නොවේ ලොල්).

                               ඉතින් නිකමාට නිකමට වගෙ හිතිලා මෙක එයා වගෙ තාම කේන්දරෙ හදාගත්ත නැති අයට පෙන්වන්න.එහෙම හිතලා බ්ලොග් එකටත් මේ ලියන ගමන්ලු.දැන් නිකමාට අමුතුම feeling  එකක් මොකෝ පොඩි කාලෙ ඉදන්ම හිටපු මීනා තමාගෙ නෙවෙ තාමගෙ මිතුන කියලා.ඔගොල්ලන්ටත් එහෙම වුනා නම් තෙරේයි.

මෙන්න ලින්කුව apps.facebook.com/slhoroscope
පොඩි comment  කෑල්ලක් දාලම ගිහින් කේන්දරේ හදාගන්නකො එහෙනම්.

12 comments:

  1. හොඳයි!හොඳයි!

    ReplyDelete
  2. @නදීර සඳරුවන් ලියනගේ
    මොනාද හොද?.කොමන්ටුවට තැන්කු

    ReplyDelete
  3. අනේ බං මං බුකියෙ ඉන්න දවස් වල ඔය ඇප් එක දැක්කෙ නැ නෙව.ඕක බලන්න යන්න ආයෙත් එකවුන්ට් එක ඇක්ටිව් කරගන්න බැ.අපරාදෙ...
    නම නිකමා උනාට බ්ලොග් එකනම් හොඳට කරනව නේ..
    මචන්,දකුණු පැත්තෙ සයිඩ්බාර් එකේ පිට පැනපු ටික හදපන්.ගැජට් කැලි අඩු කරන්න බලපන්.කල් යද්දි තව තවත් වැඩි වේවි.එහෙව් එකේ දැන්මම මෙච්චර අටවගන්න එපා කියල තමා කියන්න තියෙන්නෙ.

    ReplyDelete
  4. ඕව් බ්න් බුකියේත් හොද හොද වැඩ තියෙනවා.උබ කියන නිසාම මන් ගැජට් කෑලි අඩු කරනවා ප්‍රවීනයො කියන එවා අහන්නත් එපැයි.

    ReplyDelete
  5. එහෙම නෙවේ බං...
    ගුරුන්ටත් අකුරු වරදින කාලෙ අපි කවුද?
    මං කිව්වෙ මට දැනුන,හොඳයි කියල හිතුන දේ.උඹ හිතල බලල බ්ලොග් එක ලස්සනට කරපන්.ජය මචං

    ReplyDelete
  6. එහෙම කියන්න එපා බන්.උබලාට බ්ලොග් ගැන අපිට වඩා අත්දැකීම් තියෙනවා.මන් ඒක හොදටම දන්නවා.උබ පෙන්වලා දුන්න නිසානෙ මන් මගේ බ්ලොග් එක වෙන කෙනෙක්ගෙ ඇහෙන් දැක්කේ.ඒ විතරක් නෙවේ මන් බ්ලොග් එක වෙනස් කරා.අලුත් අයට අත දෙනවා කිව්වට කවෘත් එහෙම නෑ බන්.උබ වගේ දෙතුන් දෙනයි අපිට මේ ගැන කියලා දෙන්නේ.

    ReplyDelete
  7. එහෙම නැ බං.අනිත් එවුන් මේ ගැන දන්නෙ නැතුව ඇති.බ්ලොගිය සින්ඩි වලට දැම්ම ද?
    මචං මම බ්ලොග් ලියන්න එන කාලෙ මෙහෙමවත් අත දෙන්න කට්ටිය හිටියෙ නැ.අවුලක් නැ.මට පුලු පුලුවන් වෙලාවට මේ පැත්තෙ එන්නම් බලල යන්න.

    ReplyDelete
  8. ඕව් බන් සින්ඩි දෙකකට දැම්මා.ඒ දෙකෙන් තමා මන් බ්ලොග් එකට කට්ටිය ගෙන්වගන්නේ.බොහොම ස්තූතියි බන් මගෙ බ්ලොගියෙ උබ දාපු හැම කොමෙන්ට් එකකටම.එකෙන් මට තවත් ශක්තියක් හිතට එනවා බ්ලොගිය කරන්න.

    ReplyDelete
  9. නියමයි නිකමෝ!!!!
    කේන්දර හදන්න දැන් වැඩිවෙලාවක් යන් නෑනේ!!

    ReplyDelete
  10. @Uvindu
    ඕව් බන් ජන්ජාලෙන් ලෝකේම අතේ කියන්නෙ නිකන් ඈ?

    ReplyDelete
  11. මගේ උපන් වෙලාව වත් මම දන්නේ නෑ නේ...

    ReplyDelete
    Replies
    1. අයියෝ මචන් අම්මගෙන් අහලා දැනගනින්කෝ.

      Delete

හිතට දැනුන පුංචි දේ හරි කියලා යන්න ඒක මට ශක්තියක්.යාලුවනේ ඔයාලට බ්ලොගර් ප්‍රොෆයිල් එකක් තියෙනවා නම් වෙලාවක් තියෙනවා නම් තවමත් ෆලෝ කරලා නැත්තම් ෆලෝ පාරකුත් දාලා යන ලෙස ඉල්ලා සිටිනවා!