Monday, November 21, 2011

12 ජීවීතේට බෑදීම් වෑඩි වුනාමද? බෑදීම් නෑති වුනාමද දුක වෑඩි වෙන්නේ?

ජීවිතේ අපි කෑමති දේවල් අපි මවන සිහින අපිට ලෑබෙනවා නම් ඉශ්ට වෙනවා නම් අපි කොච්චර වාසනාවන්තයෝද නේද?

ඒත් එකක් දෙකක් හෑර සමහරක් ඒවා කවදාවත් ඉශ්ට වෙන්නේ නෑ.එහෙම වුනාම අපි කොච්චර මානසිකව වෑටෙනවාද?.ඒත් සමහරු කියනවා ඕක තමා ජිවිතේ කියලා. ඒත් ජිවිතේ මේක නම් කාටද ජීවත් වෙන්න ආස හිතෙන්නේ?.


තවත් සමහරු කියනවා අපිට මේ ලෝකේදි ලබා ගන්න බෑරි දේවල් නෑ කියලා.ඒත් මන් අහන්නේ අපිට මොනවද මේ ජිවිතේදි ලබා ගන්න පුළුවන් කියලා?.හිතන පතන දේවල් ඉටු නොවුනාම තියෙන දෙයින්වත් සතුටු වුනා නම් හොදයි නේද?.ඒත් හිතන පතන දේවල් කෙසේ වෙතත් තියෙන දෙයින් සතුටු වෙන්නත් දෙයක් තියෙන්න එපෑයි?.එහෙම දේවලුත් නෑත්තම් ජීවත් වෙලා මොකටද නේද?.ඊට වඩා ඈත්තටම හොදයි මෑරෙන එක.

ඕව් කිසිම අරමුනක් නෑතිව ජීවත් වෙනවාට වෑඩිය හොදයි මෑරෙන එක.බෑදීම් ගොඩක් ලන්වුනාම ජිවිතේට දුක වෑඩියි කියලා කතාවකුත් තියෙනවා ඒත් සමහර බෑදීම් ලබා ගන්න බෑරි වුනාම හිතට කොච්චර දුකද නේද?.මටත් අද මන් ගොඩක් කල් බළාපොරොත්තුවෙන් හිටපු බෑදීමක් නෑතිව ගියා.මන් ඒ බෑදීම ලබා ගන්න නොයෙකුත් කෑපවීම් කරා ඒත් ඒ ඔක්කොම නිකන්ම නිකන් පුස්සක් බවට පත්වුනා හරියටම මේ මන් වගේ.මට දෑන් කිසිම අරමුණක් නෑ.

12 comments:

  1. තව මාස දෙකක් ගතකරලා ආපසු හැරිලා බලන්න සහෝදරයා.අද දැනෙන හිස්බව කොහේද කියල හොයාගන්න බැරිවේවි

    ReplyDelete
  2. @ඇනෝ සහෝ
    කාලයත් එක්ක හෑමදේම වෙනස් වෙන එක නම් සහතික ඇත්ත.ඒත් නැති වෙච්ච දේවල් කවදාවත්ම ලබාගන්න බැහැ නේද?.කොහොම වුනත් මන් ස්තූති වන්ත වෙනවා.වචනයක් හරි කියලා ගිය එක ගැන.

    ReplyDelete
  3. යකඩෝ.. බුට්‌ 1ක් කාපු ගමන් මුට සසර කලකිරිලනේ.ඔහොමනම් බැ කොල්ලෝ... ප්‍රථම ප්‍රේමයද ???

    බැදීම් කියන්නේ දුකට කියන තවත් නමක් බං. බෞද්ධ දර්ශනය පැත්තෙන් හොයලා බැලුවොත් උබට හුගක් දේවල් දැනගන්න පුළුවන් වෙයි.

    ReplyDelete
  4. නිකමා සහෝදරයා,නැතිවුන දේ නම් නැවත ලැබෙන්න උනත් පුළුවන් ඒවගේම ගඟේ මුහුදේ ගියා වගේ වෙන්නත් පුළුවන්.මම මේවා කිවේ අවට ගියාටම නෙවේ මට නැතිවුන දේ තරම් නැතිවුන මිනිහෙක් හොයාගන්න සැහෙන්න අමාරු වේවි.අවුරුදු 25 දී මට සදහටම ඇවිදින්න බැරිවෙනවා.දෙපා වෙනුවට එතනට රෝද පුටුවක් ආදේශ වෙනවා.ඒ සමගම ඉමහත් ආදරයෙන් කල රැකියාවට නැවතීමේ තිත තියෙවෙනවා. නයා අරිනවා නෙවේ මනා පෙනුමට තිබුන සරීර කුඩුව ඇද ගහල විකෘති වෙනවා.ඔය අතරේ මේ ලෝකේ මා තරම් පොරක් නැහැ කියල දිව්රා කියපු මගේ ලාබාල සුන්දර පෙම්වතිය මා අතහැර ගියා.මිතුරන් හෙමිහිට අතහැර ගියා.අවසානයේදී ඉතිරිවුණේ මගේ මවත් සහෝදරයත් පමණයි.මම දන්නේ නැහැ තවත් නැතිවෙලා තියෙන දේවල් මොනවාද කියල.එත් කියන්න ඕනේ මගේ ආත්ම විස්වාශය තවමත් මා අතහැර නොගිය බව ඒවගේම කුඩා කල පටන් තිබුන ඕනෑම සුළු දෙකින් වුවද සතුටු වීමේ සොභාවයද තවම මා තුල තියෙනවා.මම අබාධිතයෙක් වුනත් හොඳ පොත් කියවනවා,ෆිල්ම් බලනවා. වැලත් ඇතුළුව.සතියකට වරක් ගෙදර නිෂ්පාදනය කරගත් ඇල්කොහොල් ටිකක් පානය කරනවා.කොහොමද මගේ ජීවිතය. මාව ආදර්ශයට අරන් ඔය නැතිවුන දේ ගැන හිතන එක කල් දාල සතුටින් ජීවිතය මුහුණ දෙන්න බලන්න.

    ReplyDelete
  5. @ඇනෝ: සහෝදරයා.. මං ඔයාට ගරු කරනවා.ජය!

    ReplyDelete
  6. @kc
    මචන් මන් අවුරුදු 15 ඉදන් ලව් කරපු කෙල්ල දැන් වෙන කොල්ලෙක්ව කසාද බදින්න යනවා බන්.ඒකයි දරාගන්න බැරි.මන් හිතන් හිටියේ එයා තමයි මගේ මුලු ජීවිතේම කියල.ඒ ජීවිතේම නැති වුනානේ බන් දැන්.

    @ඇනෝ සහෝ
    අයියේ ඔයා නම් සිරාවටම පට්ටයි ඈ.ඔයාව ආදර්ශෙට ගන්න වටිනවා එකෙන්ම

    ReplyDelete
  7. ගණන් ගන්න එපා බං.අපිත් තාම තනිකඩ.පාඩුවේ බ්ලොග් එක කරගෙන ඉන්න.
    මෙන්න මේ සින්දුව කියන්නකෝ
    "හිදීවි කොතැනක හෝ හිමි කාරයා උපන් ඔබේ නමින්"

    ReplyDelete
  8. @නදීර
    හ්ම්ම් ඕව් බන් දැන් මොනා කරන්නද?.ඔය සින්දුවවත් ගහගෙන ඉන්නවා.එදා ඉදන්ම මේ පැත්තේ ඇවිත් කොමෙන්ට් එකක් හරි දාලා එකට නම් මන් ගොඩක් ස්තූති වන්ත වෙනවා මචන්.

    ReplyDelete
  9. උඹට විතරක් නෙවෙයි සහෝදරයා ගොඩක් දෙනෙකුට වරදින තැනක් තමා ඔතන.ලෝකයේ ලොකු ලොකු සම්මාන දිනුවත් ආදරය දිනාගන්න බැරි වුන මිනිස්සු ඕන තරම් ඉන්නවා සහෝදරයා.මටත් ආදරයේ අත්දැකීම් තියෙනවා.මාත් සැලුනු අවස්ථා ඕන තරම් තිබුනා.නමුත් දැන් ඒ සියල්ල අමතක කර ඉගෙනීමට වැඩිතැන දීගෙනයි ඉන්නේ.ඇයගේ අතගන්න ඔබට බැරි උනත් ඔබගේ අතගන්න ඇයට වඩා හොද කෙනෙක් ඔබට ලැබෙන බව සිත්හි තබාගන්න.ඇනෝ සහෝදරයා අපිට ලොකු ආදර්ශයක්.

    ReplyDelete
    Replies
    1. බලන් ගියාම හැමෝටම ඔය සිද්දිය තම නේහ්???.අනේ මන්දා සහෝ කාලයට ඉඩ දෙමුකෝ මටත් දන ඕක එච්චර ගානක් නැහැ.

      Delete
  10. කාලයට සහ නිහැඬියාවට ඉඩ දීම සුදුසුම විසඳුමයි.... ඒවායේ විරුද්ධ දේවල් වෙන ඉක්මන් කම සහ කෑ ගෑසීම කරලා ප්‍රශ්න විසඳන්න බැහැනේ...... නිශ්චලව හිටියා නම් විසඳුම ඔයා තුළින්ම එනවා. අත් දුටුයි :D

    ReplyDelete
    Replies
    1. හැමදේම කාලයට දීලා තමා සහෝ තියෙන්නේ.

      Delete

හිතට දැනුන පුංචි දේ හරි කියලා යන්න ඒක මට ශක්තියක්.යාලුවනේ ඔයාලට බ්ලොගර් ප්‍රොෆයිල් එකක් තියෙනවා නම් වෙලාවක් තියෙනවා නම් තවමත් ෆලෝ කරලා නැත්තම් ෆලෝ පාරකුත් දාලා යන ලෙස ඉල්ලා සිටිනවා!