Sunday, April 01, 2012

28 තාක්ෂණයෙන් දියුණු වුන මගේ ආදරේ!!


මගේ හදවත නමැති හාඩ් ඩිස්ක් එකෙන් එයාව අන්ඉන්ස්ටෝල් කලත් සෙටප් ෆයිල් එක (මතකය) මොනවා කරත් ඩිලීට් කරන්න බැරි වුනා.මොන මොන සොෆ්ට්වෙයාර් බාවිතා කරත්  AVG අන්ලොකර් වැඩසටහනෙන් ට්‍රයි කරත් ඒක ඩිලීට් කරන්න බැරි වුනා.අන්තිමේ
මං ඔන්න ඔහේ ඕක හදවත නමැති හාඩ් ඩිස්කයේ කොහේහරි මුල්ලක තිබ්බදෙන් කියලා මගේ වැඩක් කරගෙන හිටියා.ඒත් කරුමෙට මේ සෙටප් ෆයිල් එක සමහර වැඩසටහන් ක්‍රියාත්මක කරද්දී බාධාවක් වුනා.මොන වැඩේ කරද්දීත් මේකේ මෙගා බයිට් ගාන නිසා වෙන වැඩසටහන් වලට ඉඩත් මදි වුනා.ටික ටික හාඩ් එක සවුත්තු වෙනවා අයියෝ සල්ලි අපරාදේ හොදට තිබ්බා හාඩ් එක කියලා හිතුවත් දැන් ඉතින් මොනවා කරන්නද?පුළුවන් කලක් පාවිච්චි කරලා අහක දාන්න තමා වෙන්නේ.අපේ ලව් එක රන් වෙන්නත් විශේස වැඩසටහනක් ඕන වුනා හරියට ඕන ෆෝමැට් එකක් ගැලපෙන VLC මීඩියා ප්ලේයර් එක වගේ.සමහර කාරණා අවීරා එක වගේ අපේ ලව් එක ස්ලෝ කරා ඒකෙන් එයාටත් මටත් ලව් එක එපාවුනා.
සමහර විට මේක හාඩ් එකෙන් අයින් කරන්න මේ හා සමානම හොද සෙටප් ෆයිල් එකක් කවදාහරි හම්බෙන්නත් ඉඩතියෙනවා දෛවය අනුව තමා ඉතින් හැමදේම.


එයාගේ හදවත නමැති හාඩ් ඩිස්කයේ මාව දැක්ක දවස් වල එයා ඩවුන්ලෝඩ් කරගෙන ඉන්ස්ටෝල් කරගෙන හොදට වැඩ ගත්තා හරියට සී ක්ලීනර් වැඩසටහනෙන් වගේ.ඒ කාලේ එයාගේ රෙජිස්ට්රි එරර්ස් ෆික්ස් කරගත්තා.තව හාඩ් ඩිස්කයේ ඉඩ හදාගත්තා අනවශ්‍ය ෆෝල්ඩර් අයින් කරගත්තා.අනවශ්‍ය වැඩසටහන් අන්ඉන්ස්ටෝල් කරගත්තා.එකී මෙකි නොකී වැඩ ගොඩක් කරගත්තා.


ඒත් චපල කම ඔප්පු කරමින් ඇය ඇයගේ හදවත නමැති හාඩ් ඩිස්කයේන් මාව අන් ඉන්ස්ටෝල් කරලා සෙටප් ෆයිල් එකත් ලේසියෙන්ම ඩිලීට් කරා.මං හිතුවා මං නැතුව එයාට ගොඩාක් පාලුයි පාඩුයි කියලා හික් මටත් කොම්පියුටර් වැඩසටහනකට වගේ කව්රු හරි අණ කලොත් මිසක් හිතන්න මොලයක් නැහැ වගේ මගේ අදහස් වැරදුනා.ඒ එයා මට වඩා ගොඩක් පහසුකම්(යහන වාහන,සල්ලි බාගේ) තියෙන ඇඩ්වාන්ස් සිස්ටම් කෙයාර් ප්‍රෝ එකක් ඉන්ස්ටෝල් කරගෙන මටත් වඩා වැඩගත්තා. දැන් එයා මාව පාවිච්චි කරනවාටත් වඩා සතුටෙන්!! මොකද මට වඩා සැප ඒකෙන් ගන්න නිසා ඒත් මට දුක ඇඩ්වාන්ස් සිස්ටම් කෙයාර් ප්‍රෝ එකටත් වඩා හොද වැඩසටහනක් හම්බුනොත් ඒකට කරන්නෙත් මට කරපු දේම නේද කියලා.


ගිය මාසේ පළවෙනිදා ලිව්වේ බුදි මතත් නිදි මතත් අතර වෙනස.

28 comments:

  1. හ්ම්ම් අනේ මන්දා. හිතෙනවා කෙල්ලන්ගේ හිත්වලට වඩා කොල්ලන්ගේ හිත් ලාමකයි කියලා.

    (කාලෙකින් මේ පැත්තේ ආවේ. අළුත් ඇදුම මරු)

    ReplyDelete
    Replies
    1. හම්මෝ උබව දකින්න තියෙන ආසාව.අලුත් ඇදුම දැන් ටිකක් පරණයි බං :)
      කොල්ලෝ කොහොමත් ලාමකයි තමා බං අපේ ගාව කෙල්ලන්ගේ වගේ අපේම ඉරිසියාව ලෝබකම නැහැනේ. :)

      Delete
  2. ෆුල් ෆෝමැට් එකක් දීල පැත්තකට වෙලා හිටු :))

    ReplyDelete
    Replies
    1. හාඩ් එකනම් ෆුල් ෆෝමැට් කෙරුවහැකි එතකොට ඉතින් මටත් මැරිලා ඉපදෙන්න තමා බන් වෙන්නේ :D

      Delete
  3. ආ කොම්පීතර ලවු එකක්... පෝමැත් කොලන්න තමා වෙන්නෙ

    ReplyDelete
  4. ආ කොම්පීතර ලවු එකක්... පෝමැත් කොලන්න තමා වෙන්නෙ

    ReplyDelete
    Replies
    1. ආ දෙපාරක්ම කියලනේ.සෑමාට කියපු දේම තමා කියන්න වෙන්නේ හිහි.

      Delete
  5. මේකට තවත් ලැජ්ජා නෑනෙ,,, තවත් කම්පියුටර් ගැනමයි කතාව...

    ReplyDelete
    Replies
    1. :P ප්‍රියතම සබ්ජෙක්ට් එකනේ බං

      Delete
  6. තියෙන හාඩ් එක විසික් කරල අලුත් හාඩ් එකක් ගනින්...

    ReplyDelete
    Replies
    1. කෝමෙයි බං ඒක කරන්නේ?

      Delete
  7. කොහොම හරි ඩිලීට් කරලම දාපන් මල්ලියෙ ඔය පරන ප්‍රෝග්‍රෑම් පස්සට හරියට කරද දෙනවා !

    ReplyDelete
    Replies
    1. අනිවා අනිවා අයියා ෆෝමැට් කරන්න බැරි වුනත් මොකක් හරි සොෆ්ටෙයා එකක් හොයාගෙන මේක ඩිලීට් කරනවා මං :)

      Delete
  8. ලෝක ස්වභාවය කියලා හිත හදාගනින්

    ReplyDelete
    Replies
    1. චතුරංග වෙල්කම් ආ
      ඔව් නේද බං? බලමු බලමු

      Delete
  9. හ්ම්ම්..ඒ වගේ ප්‍රොග්‍රෑම් එකක් නම් වැඩක් වෙන්නැහැ මල්ලියෙ..දැන්ම ලෙඩ දුන්න එක හොන්දයි..ඩිලීට් කරලම දාන්න.. :(

    ReplyDelete
    Replies
    1. වැඩක් නැහැ තමා අක්කේ කොහොම හරි ඩිලීට් කරන්න ඕන.

      Delete
  10. මොන මගුලක්ද බන් මේ.. මට නිකන් හොල්මන් වගේ මේක කියවලා..

    ReplyDelete
    Replies
    1. :O උබ මේ දවස් වල ලියන්නේ හොල්මන් කතා නිසාද දන්නේ නැහැ එහෙම වුනේ? :P

      Delete
  11. ඔන්න ඕකට ටෝටල් අන්ඉන්ස්ටෝලර් දාලා සෙටප් එක අයින් කරලා දාන්න... :D

    ReplyDelete
    Replies
    1. ගෝල්ඩ් ෆිෂ් මාළුවා
      අන් ඉන්ස්ටෝල් කරලා බං තියෙන්නේ සෙටප් ෆයිල් එකයි ඩිලීට් කරගන්න බැරි :)

      Delete
  12. සිස්ටම් ඉමේජ් එකක් අරං තියාගන්න..ඕනේ වෙලාවට රීස්ටෝ කරගන්න....

    ReplyDelete
    Replies
    1. දැන් පමා වැඩිනේ සහෝ :(

      Delete
  13. ඔහොම කම්පීතර කීයක් තියෙනවද අපි නොදන්නව උනාට...

    ReplyDelete
    Replies
    1. ඔයාට තියෙන්නෙත් එහෙම එකක් වගේ. :)

      Delete
  14. USB Hard Disk එකක් ගහමු. අවුලක් උන ගමන් ගලවල දාන එකනෙ. motherboard එකටත් අවුලක් නෑ

    ReplyDelete
    Replies
    1. ඔක්කොම මෙමරියත් එක්ක කව්රු හරි ඕක ගලවන් ගියොත් කොච්චර දුක් විඳින්න වෙනවද ඊට පස්සේ? :)

      Delete

හිතට දැනුන පුංචි දේ හරි කියලා යන්න ඒක මට ශක්තියක්.යාලුවනේ ඔයාලට බ්ලොගර් ප්‍රොෆයිල් එකක් තියෙනවා නම් වෙලාවක් තියෙනවා නම් තවමත් ෆලෝ කරලා නැත්තම් ෆලෝ පාරකුත් දාලා යන ලෙස ඉල්ලා සිටිනවා!