Tuesday, April 17, 2012

23 හොදම බඩ,හොදම තට්ටය,හොදම හිනාව,හොදම බොරුව

මේක පරණ කතාවක් අවුරුදු කාලෙක වෙච්ච දෙයක් නිසා ලියන්න හිතුනා.අපේ  කොළබ ඉන්න එක පත්තර මාධ්‍ය වේදියෙක්  අවුරුදු නිවාඩුවට මිනිහගේ ගමට ගියාලු.ගමත් ටිකක් පිටිසර ඈත ගමක්ලු,



මේ ගමේ කස්ටිය සංවිධානය කරලා තිබුනලු අවුරුදු උත්සවයක්.මේක ටිකක් ලොකුවට කරන්න තමාලු සංවිධායක මණ්ඩලේ අධිස්ඨානේ.ඉතින් ගමේ ඡන්දෙන් පත්වුණ ඒ පළාතේ ප්‍රධාන අමාත්‍යවරයාව ගෙන්නන්න කට්ටිය සැලසුම් කරාලු.ගමෙන් තේරුණා වුනාට දින්නට පස්සේ ආයේ ගමක් තිබ්බද කියලවත් බලන්නේ නැති පොරක් තමාලු මේ අමාත්‍යවරයාත්.ඒත් ඉතින් මේ වගේ වැඩකට නෑවිත් බැහැනේ.ආයේ ඡන්දයක් එද්දී මූනූ පොඩ්ඩ ගමේ මිනිස්සුන්ට මතක තියෙන්න මොනවා හරි කරන්න ඕන නිසා අමාත්‍යතුමාත් කැමති වුනාලු.


මුලින් කිව්ව මාධ්‍යවෙදියාට ආරාධනාවක් හම්බ වුනාලු මේ අවුරුදු උත්සවය විනිශ්චය කරන්න.කොළබ ඉදන් ආපු පොරක් හින්දත් අනික මෑන් යමක් කමක් දන්න උගතෙක් නිසාත් ගමේ මිනිස්සු අවුරුදු උත්සවය විනිශ්චය කරන්න එන්නමයි කියලා මෑන්ට කිව්වලු


මේ වගේ දේකට බැහැ කියන්න බැරි හින්දත් අකමැත්තක් නැති හින්දත් අපේ මාධ්‍යවේදියා වැඩේට කැමති වුනාලු.


ඔන්න දැන් අවුරුදු උත්සවය පටන් ගන්න දිනයත් ආවලු ඒත් අපේ මාධ්‍යවේදී තුමාට පොඩි වැඩක් හින්දා පොල්තෙල් පහන පත්තු කරන වෙලාවත් පහුවුනාට පස්සේ තමාලු එන්න වුනේ.මෙයා යද්දී සංවිධානේ කට්ටියත් මග බලාගෙන ඉන්නවලු.ඒ පොල්තෙල් පහන පත්තු කරන්න දෙන්න නෙවේ තරග විනිශ්චය කරන්න දෙන්න.මොකද වෙන එකෙක්ට එන්න කියලත් නැහැනේ.


මේ වෙනකොට අමාත්‍ය තුමා සහ ආරාධිත අමුත්තෝ පොල්තෙල් පහන පත්තු කරලා ඉවරයිනේ.ඒක නිසා මාධ්‍යවේදී තුමාට අමාත්‍ය තුමාව දකින්න ලැබිලා නැහැ.


වැඩේ ජයටම කෙරීගෙන යනවලු,මාධ්‍ය වේදී තුමා දැක්කලු මේ අවුරුදු උත්සවයේ ගොඩක් දක්ෂකම් තියෙන කෙනෙක්ව,මොන දේ කරත් මෑන්ට හිත යන්නේ අර මිනිහා දිහාටමලු


කොහොම හරි එනවුන්ස් කරන එකා ඒ මිනිහට කියන නම අහගෙන අපේ මාධ්‍යවේදී තුමත් විනිශ්චය අගේට කරන් ගිහින්.




දැන් හවස් වෙලා අවුරුදු උත්සවේ ඉවර වෙන්න තෑගී බෙදා දීමේ උත්සවය තියන්නලු යන්නේ.


සංවිධායකවරු අපේ විනිශ්චය කාරයට වේදිකාවට එන්න කිව්වලු ජයග්‍රාහකයොන්ගේ නම් කියලා තෑගී දෙන්න


විනිශ්චය කාර තුමත් වේදිකාවට නැගලා මයික් එක අල්ලං කතාවක් කරලූ


මං කොළබ හිටියට හැමදාමත් හිතින් ඉන්නේ මේ ගමේ මෙහෙ වගේ එහෙ සිරියාවක් නැහැ අනික මේ ගම්වල ගොඩක් දක්ෂයෝ ඉන්නවා.බලන්න අද තරග කිහිපයක්ම දිනලා එකම තරග කරුවෙක්.විශ්වාස කරන්න මං වෙන කිසිම අවුරුදු උත්සවයක මෙහෙම කෙනෙක්ව දැකලා නැහැ.ඔයාල සතුටු වෙන්න ඕන අපේ ගමේ මෙහෙම දක්ෂයෙක් ඉන්න එක,

  • හොදම බඩ
  • හොදම තට්ටය
  • හොදම හිනාව
  • හොදම බොරුව        
මේ තරග 4ම  ජයග්‍රහණය කරලා තියෙන්නේ එක්කෙනෙක් 
 ඒ තමයි   ********   **********


අපේ විනිශ්චය කාර තුමා නම කියපු ගමන් වේදිකාවෙන් පල්ලෙහා බලන් හිටපු මිනිස්සු සමහරක් දෙනා කට අල්ලන් හිනා වෙනවලු,තවත් කට්ටියක් විනිශ්චය කාර තුමා දිහා කන්න වගේ බලන් ඉන්නවලු.


මෑන්ට හිතුනලු මොකක් හරි අවුලක් ඇති කියලා ඒක නිසා මෑන් වේදිකාවේ හිටපු සංවිධායක බුවෙක්ගෙ කනට කරලා ඇහුවලු  ඇයි මල්ලි මොකක් හරි අවුලක්ද? මොකද මේ කට්ටියක් හිනාවෙන්නේ තව කට්ටියක් රවන් ඉන්නේ කියලා


සංවිධායක බුවා කිව්වලු 
විනාශයි මහත්තයා ඔයා කිව්වේ අපේ ඇමති තුමාගේ නමනේ කියලා
!@#$%^&*()



23 comments:

  1. එල එල මොනවා වුනත් අවසාන එකටනම් දෙන්ඩම ඕනි :ඩී

    ReplyDelete
    Replies
    1. ඔක්කොම ඇමතිවරු බලන් ගියාම බොරු කාරයෝ නෙහ් :)
      තෑන්ක්ස් මචන් මේ පැත්තේ ආවට.

      Delete
  2. නිවැරදි විනිෂ්චයක් දීලා තියෙනවා.. ඊට පස්සේ විනිෂ්චයකාරයා යහතින් හිටියද දන්නේ නෑ.. :)

    ReplyDelete
    Replies
    1. ඌ තාම නම් ඉන්නවා මං දන්න විදියට,මොනා වුනත් ඉස්සර සුදු වෑන් සෙල්ලම් නෑනේ අයියා.

      Delete
  3. ඕක ඉතින් ඕන ම ගමක අවුරුදු උත්සවයට සහභාගී වන දේශපාලනඥයා ට ලැබෙනවා නේ!නියම විනිශ්චයක්!

    ReplyDelete
    Replies
    1. හැම ගමේම එහෙමද මචෝ?.හෑ ඒකනම් මං දැනන් හිටියේ නැහැ.

      Delete
  4. හික්ස්..සාධාරනම විනිශ්චයක්...!!

    ReplyDelete
    Replies
    1. විනිශ්චය කාරයට සල්ලි දෙන්න ඕන හරිනම් ලොල්,

      Delete
  5. අනේ ඇමතිතුමාට පොලව පලාගෙන යන්න හිතෙන්න ඇති.

    ReplyDelete
    Replies
    1. පිස්සුද මචෝ අපේ රටේ ඇමතිවරුන්ට ලැජ්ජාවක් කියලා එකක් තියෙනවද :)

      Delete
  6. හිකිස්.....අර විනිෂ්චයකාලය ඊට පත්තෙ ගෙඩල ගියෙ සුඩු වෑන් එකකින් වෙන්ටැ....;)

    ReplyDelete
    Replies
    1. හිකිස්‌ නැහැ නැහැ ඉස්සර ඇමති වරු විනය ගරුක පුද්ගලයෝනේ ගෙදර යන්න දීලා පස්සෙයි සලකලා බලන්නේ හි

      Delete
  7. Replies
    1. පාර්ලිමේන්තුවේද? ලොල්

      Delete
  8. ලොකුම බඩ හා ලොකුම බොරුව ගැලපෙනවා :)

    ReplyDelete
  9. නියම විනිශයක් .....ලංකාවේ බොහොමයක් ඇමැතිවරුනට හොදම බඩ සහ හොදම බොරුවට හිමි තෑග්ග හම්බ වෙන්න ඕන.....ඇමතිතුමාට විලි ලැජ්ජාවේ සන්තෝසේ බැරුව යන්ද ඇති...හි හි ....

    ReplyDelete
    Replies
    1. පිස්සුද බන් ඕකුන්ට කොහෙද ලැජ්ජාවක් :)

      Delete
  10. ඔව් ඕකුන්ගෙ කඳයි බඩයි විතරයි මොළේ නැහැ.. එහෙම වුනානම් ලංකාවට මෙහෙම වෙයිද ?

    ReplyDelete
    Replies
    1. :( අපේ කරුමේ තමා බන්

      Delete
  11. හොදම බොරැව නම් ඉතින් කොහොමත් එයාලටනේ.....

    ReplyDelete
  12. හිකිස්‌ එල කතාව...ඇමතියෙක් වෙන්න තියෙන්න ඕනෙත් ඔය සුදුසු කන් ටිකම තමයි

    ReplyDelete
  13. "hondama winishchaya" neda malli

    ReplyDelete

හිතට දැනුන පුංචි දේ හරි කියලා යන්න ඒක මට ශක්තියක්.යාලුවනේ ඔයාලට බ්ලොගර් ප්‍රොෆයිල් එකක් තියෙනවා නම් වෙලාවක් තියෙනවා නම් තවමත් ෆලෝ කරලා නැත්තම් ෆලෝ පාරකුත් දාලා යන ලෙස ඉල්ලා සිටිනවා!